ට‍්‍රම්ප් විරෝධී වෙබ් අඩවිය පිලිබඳ දත්ත රජයට බාරදෙන ලෙස ඞී‍්‍රම්හොස්ට් සමාගමට නියම කෙරේ: දේශපාලන විසම්මතිය සාපරාධීකරනය කිරීම

DreamHost ordered to hand over data on anti-Trump website: The criminalization of political dissent

2017 අගෝස්තු 26

පසුගිය ජනවාරියේ ඩොනඩ් ට‍්‍රම්ප් ජනාධිපති ලෙස ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට එරෙහිව විරෝධතා සංවිධානය කල disruptj20.org නම් වෙබ් අඩවියට අදාල දත්ත සම්භාරයක් රජයට බාරදෙන ලෙස ඩ්‍රීම්හොස්ට් වේබ් [හොස්ටින්ග්] සමාගමට නියමකරමින් ගිය බ‍්‍රහස්පතින්දා කොලොම්බියා දිස්ත්‍රික්කයේ ඉහල උසාවි විනිසකරු දුන් තීන්දුව අදහස් ප‍්‍රකාශනයේ නිදහසට එරෙහි නපුරු ප‍්‍රහාරයකි.

ආන්ඩුවේ ඉල්ලීම මුලින්ම ප‍්‍රසිද්ධියට පත්වූයේ disruptj20.org සංවිධානය පිලිබඳ සකල දත්තයන්ම, මිලියන 1.3 ක අගන්තුකයන්ගේ ලැයිස්තුද අයි.පී ලිපිනයන් ද, එම පුද්ගලයින් හඳුනා ගැනීමට හැකි වන පරිදි, රජයට බාරදෙන ලෙස ඉල්ලමින් තමන්ට නිකුත් වී ඇති වරෙන්තුවක් ඩ්‍රීම්හොස්ට් සමාගම, විසින් අගෝස්තු 14 දා, එලිදරව් කරනලද කල්හි ය. එම වරෙන්තුව එම වෙබ් අඩවිය නිර්මානය කිරීමට සහභාගී වූවන්ගේ ඊමේල්, ඡායාරුප සහ ඔවුන් පිලිබඳ වෙනත් දත්ත ද ඉල්ලා සිටියේ ය.

අධිකරන දෙපාර්තමේන්තුවේ නියෝගය ප‍්‍රසිද්ධව එලිදරව් කල පසු, ආන්ඩුව සිය ඉල්ලීම “පැහැදිලි” කරමින් කියා සිටියේ සෘජු ලිපිනය අනවශ්‍ය බවත් ඩ්‍රීම්හොස්ට් විසින් එම ගිනුමට අදාලව ඒකරාශී කැරුනු “සියලු වාර්තා සහ වෙනත් තොරතුරු, සියලූ ලිපිගොනු, දත්තසංග‍්‍රහ, සහ ඒවා පිලිබඳ වාර්තා” අවශ්‍ය බවත් ය.

ක්ලින්ටන් විසින් පත් කරන ලද රොබට් මාටින් නමැති විනිසකරු, මෙම වරෙන්තුව අනුමත කර ඇත; ඔහු ඒ පිලිබඳව පුහු සහතිකයක් දෙමින් ප‍්‍රකාශ කර ඇත්තේ මෙම දත්ත පරික්ෂා කිරීමට ආන්ඩුව යොදාගත් ක‍්‍රම උසාවිය පරීක්ෂාව යටතේ සිදු කල යුතු බවය.

ඩ්‍රීම්හොස්ට්, වෙබ් අඩවි මිලියන 1.5 ක ට සේවය කරන ඩ්‍රීම්හොස්ට් නමැති පුද්ගලික වෙබි අඩවිය, මෙම ආඥාව ආනුව ක්‍රියාකිරීමට එකඟව, විනිසකරුගේ තින්දුව “පෞද්ගලික නිදහස” ලද ජයග‍්‍රහනයක් යයි හුවාදක්වමින් තොරතුරු සැපයීම අරඹා ඇත. මීටත් වඩා සත්‍යයෙන් දුරස්ථ දෙයක් ඇත්තේ නැත. සමාගමේ නීතීඥයා වූ, රේමන්ඩ් අගහයින් උසාවියේදී බ‍්‍රහස්පතින්දා ප‍්‍රකාශ කල පරිදී, ආන්ඩුව විසින් බලකරනු ලැබ දැන් ලබාගෙන තිබෙන තොරතුරු “මතධාරී කන්ඩායමක සාමාජික ලයිස්තුව ලබාගැනීම හා සමානය.”

ආන්ඩුවේ ඉල්ලීම, අනුග‍්‍රාහකයින් ට අනුව “පොදු වරෙන්තුවකි”, එනම් නිශ්චිත අපරාධයක් හෝ පුද්ගලයෙකුට අසම්බන්ධිත, පෘථුල තොරතුරු ඉල්ලා සිටීමකි. එවන් වරෙන්ත්තු බ්‍රිතාන්‍යයේ නීති විරෝධී කරන ලද්දේ 18 වන ශත වර්ෂයේදීය. ඒවා එක්සත් ජනපද ව්‍යවස්ථාවේ හතරවන සංශෝධනයේ ඇති, ”අයුක්තිසහගත සෙවිලි සහ අල්ලාගැනීම” තහනම් කරන අතර, සියලු වරෙන්තු “සසම්භාවී හේතු ... විශේෂයෙන්ම සෙවියයුතු තැන විස්තර කරන අල්ලා ගතයුතු පුද්ගලයන්, සහ දේවල් විස්තර කරන” ඒවා විය යුතුය.

ආන්ඩුව දැන් මේ මගින් විරෝධතා සහ වෙනත් විපාක්ෂික ක්‍රියාකාරකම් සංවිධානය කරන වෙබ් අඩවියක්, (බොහෝවිට පොලිස් ප‍්‍රකෝපකාරින්ගේ වැඩ වල ප‍්‍රතිඵල යොදා ගෙන) විරෝධී මත දැරීම අපරාධයක් යයි හංවඩු ගසා එය පිලිබඳව ද මේ වැනි තොරතුරු ඉල්ලා සිටීමට පූර්වාදර්ශයක් තහවුරු කරගෙන ඇත.

කොලරාඩෝ දිස්ත්‍රික් උසාවියේ තීන්දුව එන්නේ පාලක පන්තිය ජාත්‍යන්තරව දේශපාලන විරෝධය පාගා නීතිවිරෝධි කර දැමීමට එ්කාබද්ධ ප‍්‍රයත්නයක් ගෙනයමින් ඉන්න සන්දර්භයක් තුල ය. සිකුරාදා, ජර්මානු ආන්ඩුව ජර්මනියේ ඉන්ඩිමිඩියා නැමති වෙබ් අඩවිය, එරට තුල ජූලි මස ජි 20 සම්මේලනය සමයේ හැම්බර්ග් නුවර විරෝධතා සංවිධානය කිරීමට උපස්තම්භක වී යයි එය වසා දමමින් අත්‍යසාමාන්‍ය පියවරක් ගත්තේ ය.

ජී 20 සමුලුවෙන් ඉක්බිති සතිවලදී, “ප්‍රචන්ඩ පෙලපාලි පිලිබඳ ආන්ඩුවේ චෝදනා තරයේ නිෂ්ප‍්‍රභාව ගොස් තිබේ. ඇත්ත වශයෙන්, මේ කියන චෝදනා වනාහි ජර්මනියේ දේශපාලන සංස්ථාපිතයේ සියලු කාන්ඩ වල සහයෝගයන් ‘වාම අන්තවාදීන්’ට එරෙහිව පොලිස් කැරැල්ලක් සඳහා පාවිච්චි කර ගැනුනු ඒවා ය.

අත්තනෝමතික පාලනයකට උචිතවූ ප‍්‍රකාශයක් නිකුත් කල, ජර්මානු අභ්‍යන්තර ඇමති තෝමස් ඩි මන්සියර් ප‍්‍රකාශකර සිටියේ එම වෙබ් අඩවිය “වෙනස් අදහස් සහ රටෙහි නියෝජකයන්ට එරෙහිව වෛරය වපුරන” නිසා - එනම්, එය රටේ ආන්ඩුවට විරුද්ධව දේශපාලන විරෝධත්වය දේශනා කරන නිසා, එය වසාදැමීමට සිදුවූ බවකි.

එක්සත් ජනපදයේ දී, කොලරාඩෝ උසාවියේ තීන්දුවේ දුරදිග යන ගම්‍යය සංගත මාධ්‍ය වලද දේශපාලන සංස්ථාපිතයේ ද කිසිදු වාර්තාවක් හෝ අටුවාවක් නැති තතු සමග තියුනු ලෙස විලක්ෂනය වේ. ප‍්‍රධාන ඩිමොක‍්‍රටිකයන් කිසිවෙකු තීන්දුවට ඒරෙහි ප‍්‍රකාශ නිකුත් කර නැත.

මෙම තීන්දුව පිලිබඳ අල්ප වූ අටුවා වලින් එකක් සිකුරාදා වොෂින්ටන් පෝස්ට් පුවත් පතේ කතුවැකියක් ලෙස පලවිය: “උග‍්‍රකතා අදහනු එපා: අධිකරන අංශය ට‍්‍රම්ප් විරෝධය මැඩලන්නට යන්නේ නැත.” චෝදක නිලධාරීන් කරන්නේ “බර පතල පොදු සාමය උල්ලංඝනයක් ගැන සෙවීමක් ය”යි කියමින් ආන්ඩුවේ තර්කය පිලිගනිමින් සෙවීම් යුක්තිසහගත කරන වොෂිංටන් පොස්ට් පුවත් පත, උග‍්‍ර පරික්ෂනයක් නියම කල මුල් උසාවි ආඥාව පවා විවේචනය කරන්නේ යන්තමිනි. “ආන්ඩුවේ නඩුව පැහැදිලි කල පසු” “අතිශයින් ශක්තිමත් වී ඇතැ”යි පොස්ට් තර්ක කරයි.

කතුවැකිය අවසන් කෙරෙන්නේ ආන්ඩුව ඉල්ලා සිටින ජාතියේ සෙවිලි සංස්ථාපනය කරන ලෙස ඉල්ලීමකිනි: “මෙය (උසාවිය විසින් දැනට අනුමත කර තිබෙන පිලිවෙල) පැහැදිලි මාර්ග නීතියක් බවට පත්කරගත හැක්කේ කෙසේද යන්න උසාවිය සහ කොංග‍්‍රසය විසින් දැන් සලකා බැලිය යුතු වේ.”

ට‍්‍රම්ප් පාලනාධිකාරය කම්කරු පන්තියේ අයිතීන්ට බරපතල තර්ජනයක් නියෝජනය කරන අතර, ඇමරිකා එක්සත් ජනපදයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන රූපයන්ගේ දිගුකාලීන බිඳවැටීම කොතරම් දුරට උග‍්‍රවී ඇත්දැයි කිවහොත්, දැන් එලඹ ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පිලිබඳ සුපැහැදිලි සහ තුච්ඡ උල්ලංඝනයන් පවා, විරෝධය පසෙක තිබියේවා විවරනයක් හෝ පැන නංවන්නේ නැති තත්වයකි.

ට්‍රම්ප්ව පත්කරගැනීමෙන් පසු ද නිල“විවාදයේ” කොතනක හෝ බුද්ධි-චර සේවාවන්හි යෝධ වැඩී ඒම වත් අවුරුදු හතරකට පෙර එඩ්වර්ඩ් ස්නෝඩන් විසින් එලිදරව් කැරුනු ජාතික ආරක්ෂක එජන්සියේ නීති විරෝධී හා ව්‍යවස්තා විරෝධී දේශීය ඔත්තු බැලීම වත් පිලිබඳ කුමන සාකච්ඡාවක් වත් සිදුකර නැත. ඩ්‍රීම්හොස්ට් නඩුවේදී ඒක්සත් ජනපද අධිකරන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති ඉල්ලීම් වනාහි ඔබාමා පාලනාධිකාරය විසින් සහය දී පුලුල් කරනලද චර ඔත්තු සේවාවේ කේන්ද්‍රීය අරමුන පිලිබඳ ප‍්‍රකාශනයකි: එම අරමුන නම්: රට තුල වැඩෙන විරෝධය මැඩලීමයි.

ට‍්‍රම්ප් බලයට පත්ව ගතව ඇති සත්මස ඇතුලත, ඩිමොක‍්‍රටික් පක්ෂයද මාධ්‍ය ද උත්සාහ කර ඇත්තේ ඔහුගේ පාලනධිකාරයේ සැබෑ ස්වභාවය ද සමාජ පදනම ද එනම් මහසංගත සහ මූල්‍ය කතිපයාධිකාරයේ ආන්ඩුවක් , විදේශවල දී යුද්ධය සහ ඇමරිකා එක්සත් ජනපදයතුල සමාජ ප‍්‍රතිවිප්ලවය යොදා පුලුල් කිරීමේ වැඩ සටහන සහිත ආන්ඩුවක්, බව වසන් කිරීමටය. ට‍්‍රම්ප් පිලිබඳ ඔවුන්ගේ විවේචනය යොමුවී ඇත්තේ විදේශ පිලිවෙත පිලිබඳ මත භේදයන් ට ය, මිලිටරියේද බුද්ධි අංශ වලද කොටස් සමග ඝට්ටන වීම ගැන ය ඔවුන් ඔහුව හෙලාදකින්නේ.

සති දෙකකට පෙර චාලට්විල්හි නව-නාසි ප‍්‍රචන්ඩත්වයට ඉක්බිත්තේ ඩිමොක‍්‍රටිකයෝ, වඩාත් දැඩිව යුද හමුදාවේද මුල්‍ය වංශාධිපතියේද සෘජු බලපෑම ට යටත් කොට තැබෙන පරිදි ට‍්‍රම්ප් පාලනාධිකාරය ප‍්‍රතිව්‍යුහගත කර ගැනීමට ආධාර කරති.

ට‍්‍රම්ප්ගේ ක්‍රියා එල්ලවී ඇත්තේ දේශපාලන විරෝධතා ප‍්‍රකාශ කරන්නන්ට එරෙහිව වන අතර, තව දුරටත් එය අන්තර්ජාල සමාගම් වල උද්ඝෝෂනය සමග පූර්න වශයෙන්ම ඒ්කාබද්ධව හා ඩිමොක‍්‍රටික් පක්ෂයේ හා ඊට සම්බන්ධ මාධ්‍යවල සහය ඇතිව “ව්‍යාජ ප‍්‍රවෘත්ති” වලට එරෙහිව කරන සටනක මුවාවෙන්, පුලුල්ම අන්තර්ජාල වාරනයක් උදෙසා ක‍්‍රියාත්මක වෙයි. මේවා අතුරෙන් වඩාත් ප‍්‍රමුඛ වන්නේ අන්තර්ජාල සෙවිලි වල ප‍්‍රතිඵල විකෘත කිරීමටද වාමාංශික වෙබ් අඩවි, විශේෂයෙන් ම ලෝක සමාජවාදී වෙබ් අඩවියවලකා, තහන්චි කිරීම ට ගූගල් ගන්න වැඩ පිලිවෙලයි.

ඇමරිකා එක්සත් ජනපදය තුලද ජාත්‍යන්තරවද පාලක ප‍්‍රභූවේ අවශ්‍යතාවලට බලගතුම තර්ජනය නම් දේශපාලන වශයෙන් ස්වාධීනවූ, සහ සංවිධිත සමාජවාදී වැඩ පිලිවෙලකින් සන්නද්ධවූ කම්කරු පන්තියකි. රාජ්‍යයේ මර්දක ක්‍රියා යොමුවී ඇත්තේ එවැන් ව්‍යාපාරයක් නිර්මානය කිරීම වලකා පූර්වභංග කර දැමීමට ය.

ජෝසප් කිෂෝර්

Share this article: