ඇෆ්ඝනිස්ථානය පිලිබඳව ට‍්‍රම්ප් කල කථාව: මිලිටරිය අධිකාරය අතට ගනී

Trump’s speech on Afghanistan: The military in command

2017 අගෝස්තු 23

ගිය සඳුදා සැන්දෑවේ ජාතික වශයෙන් රුපවාහිනී දේශනයකදී හෙලි කරන ලද, ඇෆ්ඝනිස්ථානය තුල ට‍්‍රම්ප්ගේ අලුත් ප‍්‍රතිපත්තිය වනාහි, 2001 ඔක්තෝබරයේ දී බුෂ් පාලනාධිකාරය විසින් එරට ඇමරිකානු ආක‍්‍රමනය දියත් කරනාලද තැන් පටන් සංයත තක්සේරු අනුව වුව 175,000ක් ජනයා මරාදමමින්, මිලියන ගනන් ජනයා නිවාස වලින් අවතැන් කර දැමුනු දේශයකට එරෙහිව නිමක්නැති, අසීමිත ප‍්‍රචන්ඩ යුද්ධය දිගින් දිගටම කරගෙන යන බව දැනුම් දීමකි.

බුෂ් ද ඔබාමා ද දැන් ට‍්‍රම්ප් ද යටතේ එක්සත් ජනපදයේ මිලිටරිය ඇෆ්ඝනිස්ථානය තුල ගනන් නැති කෲරක‍්‍රියා ද යුද අපරාධ ද සිදුකර ඇත. 2001 මසාර්-අල් ෂරිෆ්හි දී තලිබාන් සිරකරුවන් 800ක් මරාදැමීම ද , 2002 දී කකරාක් හි දී මංගල්‍ය උත්සවයකට සහභාගි වෙමින් සිටි ජනයා 48ක් මරාදැමීම ද , 2015 දී කුන්දුස් නගරයේ ඩොක්ටර්ස් විතවුට් බෝඩර්ස් (දේශසීමා නැති වෛද්‍යවරු) වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවකයන් සහ රෝගීන් 42ක් ඝාතනය කිරීම ද , මේ පසුගිය අපේ‍්‍රල් මාසයේ නෂ්ගර් දිස්ත‍්‍රික්කය තුලට එම්ඕඒබී (මැසිව් ඔර්ඩිනන්ස් එයාර් බ්ලාස්ට්) නැමති, ඇමරිකානු යුදඅවි ගබඩාවේ ලොකුම න්‍යෂ්ටික නොවන ආයුධය හෙලීම ද මීට අයත් ය.

ට‍්‍රම්ප් එක්සත් ජනපද හමුදා අධිපතියන්ට අභිමතයක් කිරීමට ඕනෑ තරම් හමුදා භටයන් සහ සම්පත් ලබා දෙන බවට කල්තබාම සහතික වී ඇති තතු තුල මෙම ප‍්‍රචන්ඩත්වය යසරඟ ට උග‍්‍ර කෙරෙනු ඇත. ට‍්‍රම්ප් පොරොන්දුවූයේ ඕනෑ ප‍්‍රතිරෝධයක් පරාජය කිරීමට “උවමනාවන ආයුධ” පමනක් නොවේ; “සටනේදී කැමති පරිදි ක‍්‍රියා කිරීමේ අවසරය” ලබා දීමටද ඔහු පොරොන්දු විය. “සතුරාට විරුද්ධව මුලුමනින්ම සහ වහවහා සටන් කිරීමෙන් ආරක්ෂක ලේකම් ද ක්ෂේත‍්‍රයේ අනදෙන නිලධාරීන්ද වලක්වන” යුදක‍්‍රියා පිලිබඳ සියලූ සීමාවන් ඉවත් කර දැමීමට ට‍්‍රම්ප් පොරොන්දු විය.

මින් අදහස් වන්නේ, ඇෆ්ඝන් ජනයා දැනටම ගිල්වනු ලැබ ඇති ලේ ගංගාව, මොවුන් සිදු කරන්නට යන දෙය හා සම කරනකල බින්දු මාත‍්‍රයක් සේ පෙනී යනු ඇති බවය.

කෙසේ වෙතත් ට‍්‍රම්ප්ගේ කතාව හුදෙක් ඇෆ්ඝනිස්ථානය පිලිබඳව පමනක් වූයේ නැත. එය, සැබැවින්ම ලෝකයට එරෙහි යුද්ධ ප‍්‍රකාශ කිරීමක් විය. පකිස්ථානයට තර්ජනය කල ට‍්‍රම්ප්, ඉන්දියාව හා පකිස්ථානය අතරද ඉන්දියාව සහ චීනය අතරද උග‍්‍ර වන ඝට්ටනය මැද්දේ විවෘතව ඉන්දියාවේ පැත්ත ගත්තේ ය. වඩාත් පුලුල් ඇෆ්ඝන් යුද්ධයකට නේටෝ රටවල් තවත් භටයන් සැපැයිය යුතුය යන ට‍්‍රම්ප්ගේ බලකිරීම එක්සත් ජනපදය ද එයට යුරෝපයේ ඉන්නා නාමමාත‍්‍ර මිත‍්‍රයන් ද අතර පවත්නා ආතතිය පිලිබිඹු කලේ ය.

ට‍්‍රම්ප් කතාව කලේ, උතුරු කොරියාවට එරෙහිව පූර්වභංග ප‍්‍රහාරයක් කිරීම පිලිබඳව ට‍්‍රම්ප් පාලනාධිකාරය තුල විවාදයක් පවත්නා තතු තුල ය. සැලසුම් කෙරෙමින් පවත්නේ කුමක්ද යන්න පිලිබඳ නපුරු ඇඟවීමක් ලෙස, ට‍්‍රම්ප් ප‍්‍රකාශ කලේ ඔහුගේ පාලනාධිකාරය යටතේ “ඔබගේ යුදහමුදාවට ඩොලර් බිලියන ගනන් වෙනදාට වැඩියෙන් වියදම් කෙරෙමින් පවතින අතර, න්‍යෂ්ටික අවි රාශියද මිසයිල ආරක්ෂාවද උදෙසා කෙරෙන දැවැන්ත වියදම් ද එයට ඇතුලත් ය” යනුවෙනි.

මේ සකල ගෝරනාඩුවට පිටුපස්සෙන්, ට‍්‍රම්ප්ගේ කථාව පුරා පැතිර තිබුනේ දිරිසුන් බවේද බියේ ද මිශ‍්‍රනයකි. ඇමරිකානු පාලක පන්තිය හැරෙන හැරෙන හැම පැත්තක ම එයට දකින්නට ලැබෙන්නේ වත්මන් හෝ අනාගත සතුරන් ය. ඇමරිකානු අධිරාජ්‍යවාදයට තමන්ගේ කඳුගැසෙන ආර්ථික, සමාජ සහ භූදේශපාලනාත්මක ප‍්‍රශ්න විසඳා ගැනීමේ එකම මග නම්, තව තවත් බෝම්බ හෙලීම සහා තව තවත් ජනයා ඝාතනය කිරීමය යන්නෙහි දැවැන්ත ව්‍යාකූලත්වයක් පවතියි.

සෝවියට් සංගමය විසුරුවා ලූ තැන් පටන් ගතව ඇති 25ස් වර්ෂයක අනන්ත යුද්ධයේ ගමන්මග පුරාම (මැද පෙරදිග, උතුරු අප‍්‍රිකාව හරහා හා ඉන් ඔබ්බෙහි) මෙම මෙහෙය විසින් ම, ඇමරිකානු පාලක පන්තිය ව්‍යසනයෙන් ව්‍යසනයට ඇද දමා ඇත. පිට පිට ආ අමරිකානු ආන්ඩු වල ට ලේවැකි දාමරිකය මගින් පාලනය පිහිටුවාගත නුහුනු ඇෆ්ඝනිස්ථානය මීට ඇතුලත් වේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය, එන්නෙ’න්නම වැඩිවැඩියෙන් රුසියාව, චීනය හා ජර්මනිය වැනි වඩාත් ලොකු තරඟකරුවන් කෙරෙහි යොමුවෙමින් සිටි.

පාලක පන්තිය තියුනු ලෙස දැනුවත්ව සිටින කාරනය නම් එය මුහුන දෙන සතුරන්ගේ දරුනුම සතුරා ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදය තුල බවය: ඒ ඇමරිකානු කම්කරු පන්තියයි.

ට‍්‍රම්ප් ගේ කතාව වඩාත් කැපී පෙනෙන්නේ ජනාධිපති-යුද්ධ හමුදා ඒකාධිපතිත්වයක තත්වයක් එමගින් තහවුරු කිරීම නිසාය. සැලසුම් කරන දෙය කුමක් ද යන්න, භටයින් කී දෙනකු යවනවාද යන්න, ඔවුන් කොතෙක් කලක් සටන් බිම සිටිත් ද යන්න පිලිබඳ මොනම දෙයක්වත් ඇමරිකානු ජනයාට කියනු නැති බව ජනාධිපති වරයා තහවුරු කලේ ය. සකල තීන්දු කොන්ග‍්‍රස් මාන්ඩලික අධීක්ෂනය හෝ අනුමැතිය පිලිබඳ ව්‍යාජයකින් පවා තොරව මිලිටරිය විසින් ගැනෙනු ඇත. ට‍්‍රම්ප් තම කතාව කලේ ඇමරිකන් ජනයාට නොව, නිල යුද ඇඳුම් වලින් සජ්ජිත යුද්ධ විනයට නතු කෙරුනු ශ‍්‍රාවකයකට ය.

ට‍්‍රම්ප් කතාවේ ඉතාම අපූරු කොටස් ආවේ මුලදී ය. භේදභින්න රටක් පාලනය කරගැනීම සඳහා අත්‍යාවශ්‍ය බලවේගය හැටියට ඔහු යුද හමුදාව ට ස්තෝත‍්‍ර ගයනා කලේ ය. යුද හමුදාව වනාහි “පරමව හා පූර්නව ඒකාබද්ධ වූ උපකරනයකි” යි ට‍්‍රම්ප් කියා සිටියේ ය. “ජාතියක් හැටියට අප බොහෝවිට අමතක කරන දෙය සොල්දාදුවා වටහාගනී” යයි ඔහු කීවේ ය. පිටරටවල අපේ යුද්ධ කිරීමට අප යවන තරුන මිනිසුන් සහ ගැහැනුන් ආපසු සියරටට එන විට. ඔවුන්ට ලැබිය යුතු බුහුමන වන්නේ තම රට තමන් සමගම යුද්ධකරගන්නා රටක් ලෙස නොපැවතීමය.”

මෙම ප‍්‍රකාශවල ආසන්න සන්දර්භය වූයේ චාලොට්ස්විල් හි සිද්ධීන්ය. යුද හමුදාව “වර්ගය, ජනවර්ගය, ආගම, සහ වර්නය යන මේ සියල්ල ඉක්මවන්නේ ය” යන ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශය බොහෝදුරට යොදාගත්තේ චාර්ලොට්ස්විල් ෆැසිස්ට් ප‍්‍රහාරය පිලිබඳ හමුදාවේ ඉහල නිලධාරීන් ගේ බොරු ප‍්‍රජාතන්ත‍්‍රවාදී වචනය.” නව-නාසීන් කෙරේ ට‍්‍රම්ප් එලිපිටම දැක්වූ අනුකම්පාව, එක්සත් ජනපද මහ සංගත ප‍්‍රභූවේ අවශ්‍යතා වෙනුවෙන් කරන ආක‍්‍රමනකාරී යුද්ධ වඩාත් හොඳින් කරගෙනයාම සඳහා ඒවා ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ සහ ‘නිදහස’ සඳහා කරන යුද්ධ යයි තමන් දිගටම කරගෙන යන බොරු ප‍්‍රචාරය ට බාධාකරීයයි, එහි ප‍්‍රති විපාක පිලිබඳව නොසතුටු වූ හමුදා නිලධාරීහු ට‍්‍රම්ප්ගේ එම ප‍්‍රකාශවලින් දුරස්ථ විය යුතුයයි කල්පනා කරති.

ට‍්‍රම්ප් ගේ ප‍්‍රකාශවලට ගැඹුරින්ම නපුරු ගම්‍යයන් පවතී. එම ප‍්‍රකාශ මිලිටරිය චිත‍්‍රනය කර දක්වන්නේ එය බෙදුනු රටක් එකතු කරන්නාවූ ව්‍යූහය, හා විනය රකින - එනම් මර්දනයේ බලවේගයක් ලෙස ය. අමරිකා එක්සත් ජනපදය තුල නැගෙන සමාජ සහ දේශපාලන ඝට්ටනයන් මැද කෙරෙන ට‍්‍රම්ප්ගේ කතාව වනාහි විදේශයන් තුල යුද්ධ කිරීම සඳහා පමනක් නොව දේශය තුල පර්යාය රැුකගැනීමේ දී ද යුද හමුදාවේ කේන්ද‍්‍රීය භුමිකාව නිවේදනය කිරීමකි.

ට‍්‍රම්ප් පාලනයේ ආරම්භයේ පටන්ම විශ‍්‍රාමික ජනරාල් ජේම්ස් මැටිස් ආරක්ෂක ලේකම් ලෙස, දැනට ක‍්‍රියාත්මක සේවයේ සිටින ජනරාල් එච්. ආර්. මැක්මාස්ටර් ජාතික ආරක්ෂක උපදේශක ලෙස, විශ‍්‍රාමික ජනරාල් ජෝන් කෙලී අභ්‍යන්තර ආරක්ෂක ලේකම් ලෙස හා දැන් ධවල මන්දිර ප‍්‍රධානියා ලෙස, මිලිටරිය, රාජ්‍ය යන්ත‍්‍රයේ බොහෝ කොටසක පාලනය සියතට ගෙන සිටි.

එසේ වුවද ට‍්‍රම්ප් පාලනාධිකාරය වනාහි යටින් පවාත්නා රෝගයක ලක්ෂනයක් මිස නිධානය නොවේ. නිමක් නැති යුද්ධය ද දශක හතරක සමාජ ප‍්‍රති විප්ලවය ද ඇමරිකා එක්සත් ජනපදයේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනයේ පදනම් මාරක ලෙස ඛාදනය කර තිබේ. ප‍්‍රධාන හමුදානායකයෝ රජුන් තනන්නන් ලෙස වැඩ කරති. මුල්‍ය වංශාධිපතිය සමග කිට්ටුවර ම සම්බන්ධතා ගොඩ නගාගෙන ඉන්නා ඔවුහු මාධ්‍යවල ද දේශ පාලන සංස්ථාපිතයේද සාකල්‍ය ප‍්‍රසංශාව ලබති. සමාජ අසහනය පිලිබඳ භීතිකාවෙන් ත‍්‍රස්තව ඉන්නා පාලක පන්තිය සිය සන්නද්ධ බලකා වල, එනම්, බුද්ධිචර අංශවල සහයලත් යුද්ධ හමුදාව සහ පොලිසිය දෙසට හැරෙති.

මිලිටරියේ බලපෑමට විරුද්ධ වීම වෙනුවට ඩිමොක‍්‍රටික් පක්ෂය තුල ඉන්නා ට‍්‍රම්ප්ගේ විවේචකයන් කලේ ට‍්‍රම්ප් පාලනාධිකාරය ස්ථාවර කොට ඔබාමා පාලනාධිකාරයේ, රුසියාවට මුහුන දීමේ පිලවෙත ඉදිරියට ගෙනයමින් එය උග‍්‍රකොට වර්ධනය කිරීමට ට‍්‍රම්ප් පාලනයට බලකිරීම සඳහා උදව් සොයා කෙලී, මැට්ටිස් සහ මැක්මාස්ටර් වෙතට හැරී ගැනීමය. කෙලී සහ මැට්ටිස් ඉල්ලා අස්විය යුතුයි ගිය සති අන්තයේ දී විමසන ලද කල්හි ඔබමා පාලනයේ ස්වදේශ ආරක්ෂක ලේකම් ජේ. ජොන්සන් ඔවුන්ගේ පොදු හැඟීම මෙසේ ප‍්‍රකාශ කලේ ය: “කිසිසේත් ම නැත, නැවේ ගමන්මග නිවැරදි කිරීම සඳහා අපට ජෝන් කෙලී, ජිම් මැට්ටිස්, එච්.ආර්. මැක්මාස්ටර් වැන්නවුන් උවමනාය.”

ගිය සතියේ ට‍්‍රම්ප්ගේ ෆැසිස්ට් තාලයේ ප‍්‍රධාන මූලෝපායඥ ස්ටීවන් බැනන් ඉවත් කිරීමෙන් මුදුන්පත් වූ වොෂිංටනය ඇතුලත දේශපාලන යුද්ධයේ ප‍්‍රතිඵලය වී ඈත්තේ ට‍්‍රම්ප් පාලනාධිකාරය මත මිලිටරියේ සහ වෝල්වීදියේ ඍජු ආධිපත්‍යය තහවුරු වීමය. ගිය සඳුදා ට‍්‍රම්ප් කල කථාව වනාහි මෙම දේශපාලන බලවේග මාරුව තුල ට‍්‍රම්ප්ගේම භූමිකාව පිලිගැනීමකි.

ට‍්‍රම්ප් සමග වූ ඝට්ටනයේදී ඩිමොක‍්‍රටිකයෝ ද ඔවුන්ගේ දේශපාලන හවුල් කරුවෝ ද අවමංකාරක ප‍්‍රශ්න මාලාවක් මගින්, ඇමරිකා එක්සත් ජනපදය වනාහි අශමනිය වාර්ගික භේදයන් මාලාවකින් ඉරිතලා ගිය රටක් ය යන උග‍්‍රලෙස විකෘත කෙරුනු සිත්තමක් හරහා, සමාජ අසමානතාව, දිලිඳුකම, යුද්ධය , සහ කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර සහ සමාජ අයිතීන්ට පෙර නුවුවිරු ඝෝර ම තර්ජනය වන මිලිටරි -කාර්මික- මූල්‍ය සංකීර්නයේ පෙර නුවූ විරු වර්ධනය යන කේන්ද්‍රීය ප‍්‍රශ්න සියල්ලම වලලා දමන්නට උත්සාහ කලෝ ය.

මිලිටරි ප‍්‍රචන්ඩත්වය පිලිබඳ ට‍්‍රම්ප් ගේ ප‍්‍රගාමීව උග‍්‍ර කෙරෙන කැපවීගැනීම ට ප‍්‍රතිවිරෝධී ලෙස නව යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතුව ඇත. අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය මුල්බැස්විය යුත්තේ, පාලක පන්තියේ සියලු සංවිධාන සහ සංස්ථාවලටද ඔවුන් විසින් ආරක්ෂා කරනු ලබන ධනේශ්වර පර්යායටද එරෙහිව ජාත්‍යන්තර පදනමක බලමුලු ගැන්වුනු කම්කරු පන්තිය තුලය.

ජෝශප් කිෂෝර්

Share this article: