ඖෂධ සම්බන්ධ මරන අඛන්ඩ ව දෙවන වසරටත් එක්සත් ජනපදය තුල ආයු අපේක්ෂාව පහත දමයි

Drug deaths drive down US life expectancy for second year

2017 දෙසැම්බර් 22

රෝග පාලන මධ්‍යස්ථානය (සීඩීසී) විසින් දෙසැම්බර් 21දා නිකුත් කරන ලද වාර්තා දෙකක්, ඖෂධ අධිමාත‍්‍රාව හා සියදිවි නසාගැනීම් හේතුවෙන් ඇමරිකානු කම්කරු පන්තියේ ආයු අපේක්ෂාව පහත වැටෙමින් තිබෙන බව පෙන්නුම් කරයි.

අනුභූතිකව ගත් කල මෙම දත්ත පිලිබිඹු කරන්නේ, ධනවතුන් තව තවත් පොහොසත් කිරීම ඉලක්ක කරගනිමින් ප‍්‍රධාන පක්ෂ දෙක දශක ගනනක් තිස්සේ අනුගමනය කර ඇති පිලිවෙත් විසින් මිලියන ගනන් සාමාන්‍ය ජනයා මත කඩාපාත් කර තිබෙන සමාජීය ව්‍යසනය යි. සමාජ ප‍්‍රගතිය පිලිබඳ මූලික මිනුමක් වන ආයු අපේක්ෂාවේ පහත යාම ඇමරිකානු ධනවාදයේ පිරිහීමේ ඓතිහාසික සැතපුම් කනුවකි. එක්සත් ජනපදය තුල ආයු අපේක්ෂාව අඛන්ඩ ව පහත වැටුනු දෙවන වසර මෙය වන අතර එය ඒ ලෙසින් සිදු ව ඇත්තේ අර්ධ-ශතවර්ෂයකට පසු ප‍්‍රථම වරට ය.

2015 දී වසර 78.7ක් වූ ආයු අපේක්ෂාව 2016 දී වසර 78.6කට වැටුනු අතර පුරුෂයන් අතර එම වැටීම වසර 0.2ක අගයක් වෙමින් 76.3 සිට 76.1 දක්වා ඇද වැටුනි. කාන්තා ආයු අපේක්ෂාව වසර 81.1 මට්ටමේ රැඳී තිබුනේ කාන්තාවන් හා පුරුෂයින් අතර ආයු අපේක්ෂාවේ පරතරය එහි ඉහල ම අගය වාර්තා කරන තතු තුල ය.

තාක්ෂනික හා වෛද්‍යමය වර්ධනයන්ට මානව ජීවන කාලය දිගු කිරීමට පවත්නා හැකියාව ඉහල යාම නිසා හෘද රෝග, පිලිකා සහ අනෙකුත් රෝගයන් නිසා සිදු වන මරන අඩු වීම හේතුවෙන් වයස්ගත පුද්ගලයන්ගේ ආයු අපේක්ෂාව වැඩි වෙමින් තිබේ. විශේෂයෙන් ම ඔපියොයිඩ් ඇතුලු ඖෂධ අධිමාත‍්‍රාවෙන් භාවිතා කිරීම හෝ සියදිවි හානි කරගැනීම නිසා වයස අවුරුදු 44ට අඩු පුද්ගලයන් අතර මරන අනුපාතයේ නාටකාකාර ඉහල යාම විසින් ආයු අපේක්ෂාවේ පිරිහීම ජනනය කර ඇත.

2000 සිට 2016 දක්වා එක්සත් ජනපදය තුල අධිමාත‍්‍රාවෙන් භාවිතා කිරීම නිසා මරනවලට හේතු වන ඖෂධ

Muertes por Narcóticos en EUA, respectivamente: opiáceos sintéticos excepto metadona, heroína, opiáceos naturales y semisintéticos, cocaína, metanfetaminas y metadona

2016 වසරේ සිදු වූ මරන 63,000කට වගකිව යුතු ඖෂධ පමන ඉක්මවා භාවිතය, එක් වසරක් තුල සියයට 21කින් ඉහල යාමක් සීඞීසී වාර්තාව මගින් පෙන්නුම් කරයි. එය හරියට ම, කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝ, උතුරු ඩකෝටාවේ බිස්මාක් හෝ ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ ෆෝට් මයර්ස් වැනි නගරයක් සෑම වසරක ම මුලූමනින් ම විනාශ වී යාමට සමාන වේ. 2006 වසරේ සිට මේ දක්වා දල වසයෙන් පුද්ගලයින් 430,000ක් ඖෂධ අධිමාත‍්‍රාව නිසා මියගොස් ඇති අතර එම මරන සංඛ්‍යාව දෙවන ලෝක යුද්ධය තුල මරනයට පත් එක්සත් ජනපද සොල්දාදුවන් ගනනටත් වඩා අධික ය. ජීවමාන ව සිටිය යුතු මහජන හමුදාවක් වර්තමානයේ නැති වී ගොසිනි.

ඔපියොයිඩ් අධිමාත‍්‍රාවෙන් ගැනීම නිසා 2016 දී 42,249 දෙනෙක් මැරුනු අතර එය ඊට පෙර වසරට සාපේක්ෂ ව සියයට 28ක ඉහල යාමකි. හිලරි ක්ලින්ටන් වෙනුවෙන් උද්ඝෝෂනය කිරීම සඳහා “ඇමරිකාව දැනට මත් ශ්‍රේෂ්ඨ රටක්” යයි කියමින් බැරැක් ඔබාමා සංචාරයේ යෙදෙමින් සිටි සමයේ ඔපියොයිඩ් අධිමාත‍්‍රාව නිසා සෑම දිනක ම මිනිසුන් 90කට වැඩි දෙනෙක් මියයමින් සිටිය හ.

ආන්ඩුව විසින් චෝදනාවන්ට ලක්වීමෙන් වලකනු ලැබෙන සංගත දුගී ප‍්‍රදේශවලට පෙති මහා පරිමානයෙන් බෙදා හරී. උදාහරනයක් ලෙස, මියාමි-ලූකන් නමැති ඖෂධ බෙදාහරින සමාගම 2007 හා 2012 අතර සමයේ 25,000ක් දෙනා ජීවත් වන බටහිර වර්ජිනියාවේ මින්ගෝ කවුන්ටි ප‍්‍රදේශයට ඔක්සිකොඩෝන් හා හයිඩ්‍රොකොඩෝන් මාත‍්‍රා මිලියන 11ක් නැව්ගත කලේ ය.

වයස් කාන්ඩයට අනුව ඖෂධ අධි මාත‍්‍රාවෙන් භාවිතය නිසා සිදු වූ මරනවල අනුපාතය: එක්සත් ජනපදය, 1999-2016

Tasas de sobredosis por drogas por grupos etarios en Estados Unidos

ඔක්තෝබර් මාසයේ දී මිනිත්තු 60 (සික්ස්ටි මිනිට්ස්) වැඩසටහනට සහභාගි වූ ඖෂධ බලාධිකාර පරිපාලන (ඩීඊඒ) ආයතනයේ හිටපු නිලධාරියෙක් වන ජෝ රනාසිසි, ඒවායේ පතුරුවා හැරීම් නිසා බොහෝ දෙනා මරනයට පත් වන බව දැන දැන ම සමාගම් දුගී ප‍්‍රදේශවලට ඇතුලු වන්නේ ය යන්න “තහවුරු කල කරුනක්” යයි කීවේ ය. ඖෂධ සමාගම්වලට එරෙහි නෛතික පියවරනයන්, ඩොලර් මිලියන කිහිපයක නො වටිනා දඬුවම් පනවා ඇතත් එය මත් ව්‍යාපාර කිරීමේ දී දරන පිරිවැයේ කොටසක් පමනි. 2011 හා 2014 අතරතුර කාලයේ ඖෂධ බෙදාහරින්නන්ට විරුද්ධ ව ඩීඊඒ විසින් ගොනුකල නඩු ප‍්‍රමානය ඔබාමා පරිපාලනය විසින් සියයට 69.5කින් කපා හරින ලදී.

ආයු අපේක්ෂාව පහත වැටීම හා අධිමාත‍්‍රාවෙන් ඖෂධ භාවිතය, සමාජ අසමානතාව පිම්මේ ඉහල යාමේ නිෂ්පාදිතය යි. “බොහෝ සෞඛ්‍ය අධ්‍යයන අපට පෙන්වා දෙන්නේ පොහොසතුන් හා දුගීන් අතර වර්ධනය වන අගාධය බොහෝ ජනයා අනවශ්‍ය ලෙස මිය යාමට හේතුවන බව” යයි ඊසානදිග විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන ඩැනියෙල් කිම් ඊයේ රොයිටර් පුවත් සේවයට පැවසී ය.

පසුගිය වසර 40 පුරා ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ දෙක ම නිරත වෙමින් ඇත්තේ 20වන ශතවර්ෂයේ මුල් කාලයේ සමාජ අරගල හරහා කම්කරු පන්තිය දිනාගත් ජයග‍්‍රහන උදුරා ගැනීමේ දැනුවත් මූලෝපායක ය. වැටුප් කැපීමට, විශ‍්‍රාම වැටුප් අහෝසි කිරීමට, පොහොසතුන් මත බදු කප්පාදු කිරීමට හා හාම්පුතුන් විසින් සපයන සෞඛ්‍යාරක්ෂනය අහෝසි කිරීමට ද්වි-පක්ෂ ජාලයක් ක‍්‍රියා කර තිබේ.

මේ ක‍්‍රියාවලිය හරහා ඩොලර් ට්‍රිලියන ගනන් මුදල් කම්කරු පන්තියේ සිට මූල්‍ය ප‍්‍රභූවේ බැංකු ගිනුම්වලට මාරු කිරීම ආන්ඩුව විසින් කර ඇත. අද වනවිට ජනගහනයේ ඉහල සියයට 10 ධනයෙන් සියයට 77කට හිමිකම් කියයි. ධනවත් ම පුද්ගලයන් තිදෙනා රටේ ජනගහනයෙන් අඩකටත් වැඩි දෙනෙකුගේ ධනයට සමාන ධනයකට හිමිකම් කියති.

2008 මූල්‍ය අර්බුදයෙන් ඉක්බිති ව බැංකුවට මූල්‍ය ඇප තබා ගලවා ගැනීම, මෝටර් රථ කර්මාන්තයට මූල්‍ය ඇප තබා ගලවා ගැනීම් හරහා ඉතිහාසයේ නරක ම මට්ටම්වලට මෝටර් රථ කම්කරුවන්ගේ වැටුප් කපා හැරීම හා ඩිට්‍රොයිට් පරිපාලනයේ බංකොලොත් බව ප‍්‍රකාශයට පත්කිරීම ආදිය කල බැරැක් ඔබාමාගේ ඩිමොක‍්‍රටික් පරිපාලනය යටතේ සමාජ ප‍්‍රතිවිප්ලවය තීව‍්‍ර කරනු ලැබී ය. ඔබාමාකෙයා වැඩපිලිවෙල ක‍්‍රියාවට දැමීම සමගින් ඖෂධ අධිමාත‍්‍රා මරන සංඛ්‍යාව දරුනු මට්ටමට ඉහල යාම අත්වැල් බැඳගෙන තිබේ. 2006-2014 කාල පරිච්ඡේදය තුල අධිමාත‍්‍රා මරන ගනනේ 100,000කට අනුපාතිකය සියයට 3කින් ඉහල ගිය අතර ඔබාමාකෙයා ක‍්‍රියාවට දැමූ 2014 වසරේ පටන් එය වාර්ෂික ව සියයට 18කින් ඉහල යයි.

එක්සත් ජනපදයේ මිනිසුන් සියක්දහසක මරනවලින් ඔපියොයිඩ් අධිමාත‍්‍රාවෙන් භාවිතය නිසා සිදු වූ මරනවල අනුපාතිකය- 2015

Muertes relacionadas a opiáceos por cada cien mil habitantes en el 2015, respectivamente: blancos, negros, nativos americanos, hispanos o latinos, asiáticos o isleños del Pacífico

ඔපියොයිඩ් අර්බුදයේ ගොදුරු බවට පත්වූවන් සෑම කලාපයකින් ම හා සමාජ පසුබිමකින් ම පැවතෙන්නන් වන නමුත් එයින් මිය යන්නන්ගෙන් බහුතරය දුගීන් හා කම්කරු පන්තියට අයත් වන්නන් වේ. පසුගිය වසරේ සීඩීසී දත්තවලට අනුව ඉන් සියයට 90ක් ම සුදු පුද්ගලයන් වෙද්දී ඉනුත් බොහෝදෙනා පුරුෂයන් ය; අප‍්‍රිකානු ඇමරිකානුවන්ගේ අධිමාත‍්‍රා ගන්නන් මෙන් තෙගුනයක් සුදු ජාතිකයින් ගන්නා අතර ලැටිනෝ අයවලූන්ට සාපේක්ෂ ව එම සංඛ්‍යාව දෙගුනයකි. මුල් ඇමරිකානු සම්භවයක් ඇත්තන්ගේ අධිමාත‍්‍රා අනුපාතය සුදු ජාතිකයන්ගේ අනුපාතයට සමාන වේ.

මෙම යථාර්ථය බ්ලැක් ලයිව්ස් මැටර් (කලු ජීවිත ද සැලකිල්ලට ගත යුතු ය) කන්ඩායම විසින් ඉදිරියට දමන ප‍්‍රතිගාමී බොරු හා “ධවල ආධිපත්‍යය” පිලිබඳ ඔවුන්ගේ කියාපෑම්වල මෙන් ම සමාජය සංවිධානය වී තිබෙන්නේ පීතෘමූලිකත්වය හා පිරිමි ආධිපත්‍යය මත ය යනුවෙන් අවධාරනය කරන; මී ටූ (මා ගැනත් හිතන්න) කන්ඩායමේ ස්වභාවය හෙලිදරවු කරයි.

නිව් යෝක් ටයිම්ස් පත‍්‍රයේ රචකයෙක් හා වාර්ගික දේශපාලනයේ අද්වකාත් වරයෙක් වන මයිකල් එරික් ඩයිසන් ඔපියොයිඩ් අර්බුදය සුදු ජාතිකයන්ගේ වරප‍්‍රසාදිත තත්ත්වයට උදාහරනයක් බවට හැරවීම පිනිස මෑත දී උත්සාහ දැරීය. “ඔවුන්ගේ ක්ෂතීන් හා ඇබ්බැහි වීම් සම්බන්ධයෙන් ගත්කල සුදු සහෝදරයෝ හා සහෝදරියෝ නියමිත පරිදි වෛද්‍යකරනය වී ඇත. කලු හා දුඹුරු ජනයා ඒ සම්බන්ධ අංශවල දී අපරාධකරනය කරනු ලැබ තිබේ” යයි මේ වසරේ මාර්තුවේ ඔහු කීවේ ය.

මින් පිලිබිඹු වන්නේ කම්කරු පන්තිය කෙරෙහි පවතින කැකෑරෙන්නා වූ වෛරය යි. ප‍්‍රමානවත් වෛද්‍ය සේවාවන් තිබුනේ නම්, ඖෂධ අධිමාත‍්‍රා ගැනීම නිසා දසදහස් ගනනක් වාර්ෂික ව මිය නො යන්නේ ය යන්න ඩයිසන් විසින් නො තකා හරී. ආපදාවට පත්වූවන්ට උදවු කරනවා වෙනුවට, ප‍්‍රාන්ත ආන්ඩු ප‍්‍රතිචාර දක්වා ඇත්තේ, වීදිවල පොලිස් රාජකාරී කිරීමට ජාතික ආරක්ෂක බලකාය කැඳවමින් (වෙස්ට් වර්ජිනියා) හා ඔපියොයිඩ් පාවිච්චි කරන්නන්ට පනවන සිරදඬුවම් කාලය හතරගුනයකින් වැඩි කරමිනි (නිව් ජර්සි). ඒ අතර පසුගිය වසරට වඩා ඩොලර් බිලියන 80කින් මිලිටරි වියදම් ඉහල දැමීමට ප‍්‍රධාන පක්ෂ දෙක ම ඡන්දය දුන් හ.

පැවතීගෙන යන අර්බුදය ගසා කා ඖෂධ සමාගම් උපයා ඇති ඩොලර් බිලියන ගනන් අත්පත් කර ගන්නා ලෙස සමාජවාදී සමානතා පක්ෂය බල කරයි. මෙම මුදල් සහ සංගත හා මූල්‍ය වංශාධිපති කල්ලියේ පුද්ගලික වත්කම්, අර්බුදයේ බලපෑමට ලක්වූවන්ට ස්ථීර හා නිදහස් සෞඛ්‍ය රැකවරනය සම්පාදනය කිරීම සඳහා ඉතා හොඳින් පුහුනු කරන ලද වෛද්‍යවරුන්ගෙන් සමන්විත රෝහල් හා සෞඛ්‍ය සායන ජාලයක් ක්ෂනික ව පිහිටුවීම සඳහා වන හදිසි අරමුදලකට බැර කල යුතු ය.

ඖෂධවලට ඇබ්බැහි වූවන්ට හා ඒවා භාවිතා කරන්නන්ට ඒවා මත යැපී සිටීම ඇතුලු ගැටලුවලට විසඳුම් නොමිලේ ලබාගත හැකි වන පරිදි, නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඉදිකරමින් තිබෙන පුනරුත්ථාපන මධ්‍යස්ථාන ප‍්‍රසාරනය කරනු ලැබිය යුතු වේ. මෙම අර්බුදයේ බලපෑමට ඉතා ඉහලින් ම ලක්වන ප‍්‍රදේශවල අසමානතාවට හා දරිද්‍රතාවට විසඳුම් ලෙස මහා පරිමානයෙන් රැකියා හා මහජන වැඩපිලිවෙලවල් ජනනය කිරීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීම පිනිස ඩොලර් මිලියන පහට වඩා ආදායම් ලබන සියලු දෙනා මත සියයට 90ක බද්දක් පැනවිය යුතු ය.

මෙම ඉල්ලීම් ඉටුකර ගත හැක්කේ, සියලු වර්ගවල හා ජාතිකත්වයන්ට අයත් කම්කරුවන් ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ දෙකෙන් ස්වාධීන ව ධනේශ්වර පද්ධතියට එරෙහි පොදු අරගලයක් තුල ඒකාබද්ධ කිරීම ඉලක්ක කරගත් කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් පමනි.

එරික් ලන්ඩන්

Share this article: