ට‍්‍රම්ප් ආගාමික කම්කරුවන්ට එරෙහිව යුද්ධය ආරම්භ කරයි

Trump launches war against immigrant workers

2017 ජනවාරි 26

ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් බදාදා ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දී (ඩීඑච්එස්) අත්සන් කරන ලද විධායක ආඥාවන් දෙක ආගාමිකයන්ට පමනක් නොව කම්කරුවන්ට ද එරෙහිව වෙයි.

ට‍්‍රම්ප් සිය ජනාධිපති තරග ව්‍යායාමයේ දී නිමක් නැතිව අලෙවි කල, මෙක්සිකෝ (එක්සත් ජන්පද) දේශ සීමාවේ ”පවුර” බැඳීම ට ද අවසර ලියවිලි නොමැතිව රටට අතුලුවීම අපරාධයක් බවට පත් කිරීම උග‍්‍ර කිරීම ද ප‍්‍රධාන ආඥාවෙන් නියම කරන ලදී.

මේ පියවර වල ඉලක්කය ”සියල්ලට ප‍්‍රථම ඇමරිකාව” යන්නේ නාමයෙන්, පරභීතිකාව ද ආගාමික-විරෝධී ස්වෝත්තමවාදය ද උග‍්‍ර කොට මුලු මහත් කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ට සහ සමාජ තත්වයන්ට එරෙහිව මහා පරිමාන ප‍්‍රහාරයක් එල්ල කිරීම සහ සංගත වලට හා මූල්‍ය කතිපයධිකාරය අතට ධනය පවරා දීම වේගවත් කිරීම යි.

දේශ සීමාව සේනා සන්නද්ධ කිරීම ද ආගාමික කම්කරුවන් දඩයම් කිරීම තව තවත් උග‍්‍ර කිරීම ද යුක්ති සහගත කරමින් දේශසීමා මුර භටයින්ද ආගමන සහ තීරු බදු සේවාවන් ද අමතා ට‍්‍රම්ප් කල මේ කතාවේ පැහැදිලිවම තිබුනේ ෆැසිස්ටික කුනුරහකි.

”පාලනයකින් තොර” දේශසීමාවක් පවතින බවක් මවා පෑ ට‍්‍රම්ප්, දේශසීමා සහ ආගමන සංස්ථා අමතමින් ”ඔබේ නිලධාරීන්ට තම රාජකාරිය කරගන්නට ඉඩ අහුරා තිබුනු කල් වැඩි ය”යි කියාසිටියේ ය. එවන් තත්වයක් තවදුරටත් නොපවතිනු ඇති යයි කී ඔහු මෙසේ පැවසී ය, ”මෙතැන් පටන් ඔබ කලයුත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නීති දැඩි ව ක‍්‍රියාත්මක කිරීම ය. ඒවා දැඩිවම ක‍්‍රියාත්මක කෙරනු ඇත.”

ට‍්‍රම්ප් ඩීඑච්එස් ආයතනය කරා එලඹීමට පෙරාතුව ඔහුගේ නියෝජිත සීන් ස්පයිසර් ”(අලුත්) පාලනාධිකාරය: ”යලිත් වරක් බලයයි වගකීමයි දේශසීමාවට අත්කරදෙනු ඇතැ”යි කි යා තිබුනි. ට‍්‍රම්ප්ගේ ස්වරය එම ප‍්‍රකාශය ප‍්‍රතිරාව නැංවීය.

ආගාමිකයන් කෙරේ මෘග බැවින් ද නීතියක් නැති කමින් ද නම් දරාපු මෙම ආයතනයන් ට පාලනාධිකාරය, දැනුම් දෙන්නේ ‘දැන් ඉතින් ඔක්කොම සීමා බන්ධන ඉවර කොට ඇති’ ය කියා ය. තව දුරටත් ට‍්‍රම්ප් ගේ විධායක අනාඥා නියම කරන්නේ මෙම හමුදා පොලිස් බල ඇනි විශාල වශයෙන් පුලුල් කිරීමටය. දැනටම රටේ විශාලතම පොලිස් ආයතනය වන දේශසීමා මුර බලකායට තවත් 5,000ක් එකතු කිරීමට යනු ලැබේ. ආගමන සහ තීරුබදු නිලධාරීන් ගනන ට තවත් 10,000ක් එකතු කෙරේ. මෙය වනාහි සිය මැතිවරන ව්‍යායාමයේ දී ට‍්‍රම්ප් සපථ කල පරිදි ”විශේෂ පිටුවහල් කාරක කාර්ය සාධක බලකායක්” සඳහා පදනම දැමීමකි.

මේ ආයතනයන් හි මුල්තැන් ගන්නේ ට‍්‍රම්ප් ගේ අලුතෙන් සම්මත කරගත් ස්වදේශ ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මැරයින් කෝප්ස් ජෙනරාල් ජෝන් කෙලී ය. මොහු මීට කලින්, ලතින් ඇමරිකාවේ සියලු පෙන්ටගන් මෙහෙයුම් බලාකියා ගත් එක්සත් ජනපද දකුනු ආඥා බලඛන්ඩයේ ප‍්‍රධාන ධුරය දැරුවේ ය. කෙලී පත් කර ගැනීම සලකුනු කරන්නේ දේශසීමා තවදුරටත් මිලිටරිකරනය කිරීමත් එක්සත් ජනපදය තුලම ලියවිලි - නැති ආගාමික කම්කරුවන් දඩයම් කිරීමත් ය.

අලුත් ජනාධිපති විසින් ආගාමික පිලිවෙතේ වෙනස් කර තිබෙන එක ආකාරයක් නම්, ආගාමික ආයතනයන් ගේ පුරුද්දක් වන සමහර ලියවිලි නැති ආගාමිකයන් ”අල්ලාගෙන නඩු දමන තෙක් මුදා හැරීමේ” භාවිතය ඉවර කර දැමීමයි. එවන්, කොන්දේසි සහගත මුදාහැරීම් අවසන් කිරීමට නම් දැනටම 40,000ක් සිරකර සිටින ආගාමික සිර කඳවුරු බෙහෙවින් පුලුල් කිරීම අවශ්‍ය වේ.

විධායක ආඥාව අනුව ඩීඑච්එස් ආයතනය අලුත් සිරකඳවුරු නිර්මානය කල යුතු ය. ඒවා ට පවුල් පිටින්ද, මධ්‍යම ඇමරිකාවේ ප‍්‍රචන්ඩතා වලින් බේරීමට පලා එන තනි ලමයින් ද ඇතුලු කරනු ඇත.

ඇත්ත වශයෙන් දේශසීමා පැනීම පසුගිය අවුරුදු 40 තුල අඩුම මට්ටමට වැටී ඇති අතර, මැක්සිකෝවෙන් පැමිනියවුන් අතරෙන් වසරක් පාසා ආපසු යන සංඛ්‍යාව, රට තුලට එන සංඛ්‍යාව ඉක්මවන තතු තුල, දේශ සීමාවේ දැවැන්ත ලෙස උග‍්‍ර කෙරෙන මෙම මර්දනය යුක්තියුක්ත කිරීම සඳහා, ට‍්‍රම්ප් උත්සාහ කරන්නේ ආගාමිකයන්, ප‍්‍රධාන වශයෙන් ම මෙක්සිකෝවෙන් එන්නන්, අපරාධකාරයන් යයි නම්කොට සිය වර්ගවාදී වැඩසටහන උග‍්‍ර කිරීමට ය.

මේ අරමුන සහිතව ”රිමෙම්බ‍්‍රන්ස් ප්‍රොජෙක්ට්” නමැති අන්ත ආගාමික විරෝධී කන්ඩායම අලුත් විධායක ආඥා පැනවීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා ඩීඑච්එස් ආයතනය වෙත ට කැඳවා ගන්නා ලදී. ධවල වර්ගවාදී සහ අනෙකුත් අන්ත-දක්ෂිනාංශික කන්ඩායම්වලට සම්බන්ධ මෙම සංවිධානය යෙදී සිටින්නේ ආගාමිකයන් යක්ෂයන් යයි පින්තාරු කොට දක්වීම සඳහා ලියවිලි රහිත ආගාමිකයන් විසින් මරනයට පත් කරන ලදැයි කියන ඇමරිකානු පුරවැසියන් සුලු ගනනක් ගසා කෑම සඳහා කැපවීමය.

මෙසේ මරනු ලැබී යයි කියනලද අයගේ නෑයින් ට නැගී සිටින ලෙස කියා සිටි ට‍්‍රම්ප් ඔවුන්ට අත්පොලසන් දෙන ලෙස එක් රැස්ව සිටි නිලධාරීන් ඇනවිය. ”නීති-විරෝධී ආගාමික අපරාධ වලට ගොදුරුවුවන්ට ආධාරදෙන” විශේෂ කාර්යාලයක් පිහිටුවන ලෙස ඔහුගේ ප‍්‍රථම විධායක ආඥාව නිර්දේශ කරයි.

ට‍්‍රම්ප් ගේ දෙවන විධායක ආඥාව නියම කර සිටින්නේ ඊනියා ”අභයදායී (ආගාමිකයන් කෙරේ ලිහිලක් දක්වන) නගර” වලට මධ්‍යම ආන්ඩු මුදල් ආධාර කපාහරිමින් පලිගැනීමය. මෙහි අරමුන වන්නේ ආගාමිකයන් මර්දනය කරන ලෙස තම තමන් ගේ පොලිසි වලට නියම කොට ප‍්‍රහාරයට එක්වන ලෙස ප‍්‍රාදේශීය ආන්ඩුවලට බලකිරීමය.

ට‍්‍රම්ප් ගේ පිලිවෙතේ මධ්‍ය අංගය වූ එක්සත් ජනපදය සහ මෙක්සිකෝව අතර ඉදිකිරීමට යන තාප්පයට යන වියදම ඩොලර් බිලියන10 සිට 25 ක් දක්වා යයි ගනන් බැලේ. පවත්නා අරමුදල් හරවා ගෙන තාප්පය ගොඩනැගීම ඇරඹිය යුතු යයි විධායක නියෝගයක් නිකුත් කර ඇති ට‍්‍රම්ප් මෙක්සිකෝව එහි ගාස්තුවට කරගැසිය යුතු බව යලි යලිත් බලකර සිටි.

”දකුනු දේශ සීමාවේ සුවිසල් භෞතික ප‍්‍රාකාරයක්” ගොඩ නගා ගැනීමට ට‍්‍රම්ප් කරන නියමය පදනම්ව ඇත්තේ ජනාධිපති තරගයේ ට‍්‍රම්ප් ගේ ඩිමොක‍්‍රටික් පාක්ෂික තරඟ කාරිය වූ එවකට සෙනෙට් මන්ත‍්‍රි හිලරි ක්ලින්ටන් ගේ ද සහායෙන් සම්මත කෙරුනු 2006 ”ආරක්ෂක වැට පිලිබඳ පනත” මතය. ඒ අතර ඔබාමා පාලනාධිකාරය විසින් රටින් පිට කර දැමුනු ආගාමිකයන් මිලියන 3කි; එය එතෙක් සියලු එක්සත් ජනපද ජනාධිපතිවරුන්ගේ ඓක්‍යය ඉක්මවයි.

මෙක්සිකෝ ජනාධිපති එන්රිකේ පෙන්‍යී නියේතෝ, ඊලඟ සතියේ දී ධවල මන්දිරය සමග සාකච්චාවක් සඳහා පැමිනීම සුදානම් කිරීම පිනිස මෙක්සිකෝවේ විදේශ ඇමති ලුවිස් විදගරේ, එරට මුදල් ඇමති ද සමග වොෂින්ටන් නුවරට පැමිනියේ දේශ සීමා බාධක පවුර අනුමත කරමින් ද ආගාමික-විරෝධී මර්දනය උග‍්‍රකරමින් ද විධායක නියෝග නිකුත් වූ දිනයේ මය. මෙම දින නියමය ද, බාධක පවුර සඳහා වියදමට කර ගැසිය යුතුය යන ට‍්‍රම්ප්ගේ බලකිරීම ද, සමග නියේතෝගේ ගමන නවතා දැමිය යුතු යැයි මෙක්සිකෝව තුල බලවත් විරෝධයක් ජනිතව ඇත.

දේශ සීමාවේ අලුත් බාධකයක් ඇටවීම ද ට‍්‍රම්ප්ගේ ආරක්ෂනවාදී තර්ජන ද ඇමරිකානු නිෂ්පාදකයන් මෙක්සිකෝවේ නිෂ්පාදන ආයෝජන නැවැත්විය යුතුය යන බලකිරීම ද උදව් වනු ඇත්තේ දේශසීමාවේ දෙපැත්තේම ආර්ථික අර්බුදය උග‍්‍ර කොට මෙක්සිකෝවේ පෙට‍්‍රල් මිල ඉහල දැමීමත් සමග ලඟදි පුපුරාගිය සමාජ අසහනය තව දුරටත් උග‍්‍ර කොට දැමීමටය.

වඩාත් ප‍්‍රතිගාමී ආගමන නියමයන් මේ සතියේ එන බව අපේක්ෂිත ය: ට‍්‍රම්ප් විසින් යෝජිතව ඇති, මුස්ලිම් භක්තිකයන් ඇමරිකාවට ඇතුලුවීම වැලැක්වීමේ යෝජනාව ”ත‍්‍රස්තවදයට නැඹුරු ය”යි නම්කර ඇති ඇෆ්ඝනිස්ථානය, සිරියාව, ඉරාකය, සහ සෝමාලියාව ඇතුලු රටවල් වල ජනයා ඇමරිකා එක්සත් ජනපදයට නීත්‍යානුකූලව ඇතුලු වීම වලක්වනු ඇත.

ආගාමිකයන්ට එරෙහිව උග‍්‍ර කෙරුනු මර්දනය වනාහි රාජ්‍යයේ ඒකාධිපති බලතල ශක්තිමත් කිරීමට ගෙනයන වඩාත් පුලුල් වැඩ කටයුත්තක කොටසකි. ආගාමික විරෝධී විධායක නියමයන් ඉදිරියට දැමීමට සැරසෙන ගමන්ම ට‍්‍රම්ප් ”ගින්දර එක්ක සටන් කිරීම ට” තමා ”වෝටර්බෝඩින්” වධය යලිත් පටන් ගැනීමට පක්ෂ බව කියාසිටියේ ය. මේ අතර පැතිරයන ප‍්‍රවෘත්ති අනුව තවත් මෙබඳු විධායක නියමයන් පිලිබඳ වාර්තා, සීඅයිඒ සංවිධානයේ බ්ලැක් සයිට් (සීඅයිඒ සංවිධානය මගින් නීතිවිරෝධී සතුරු සටන්කරුවන් යයි නම් කරන්නන් රඳවා තැබීම ට ලෝකය පුරා පවාත්වාගෙන යන කඳවුරු - Wikipedia) යලිත් විවෘතකර පවත්වා ගෙනයාම ට ද හමුදා ක්ෂේත‍්‍ර අත්පොතේ වධ දීම් පිලිබඳ සීමා යලි සලකා බැලීමට ද, කෙටුම්පත් සැලසුම් සැකසෙමින් පවතී.

ආගාමික කම්කරුවන්ට එරෙහි ව ලිහා හරිනු ලබන පොලිස් රාජ්‍ය විධික‍්‍රම අන්තිමේ දී මුලු මහත් කම්කරු පන්තියටම එරෙහිව කඩාපාත් කෙරෙනු ඇත. ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ද සමාජ තත්වයන්ද රැක ගැනීමේ අරගලය ඉදිරියට ගෙනයා හැක්කේ ආගාමික කම්කරුවන් මෙන්ම එක්සත් ජනපදය තුල උපන් කම්කරුවන් ද තම පොදු සතුරා වන ධනේශ්වර පද්ධතියට එරෙහි එක්සත් ජනපද හා මැක්සිකානු කම්කරුවන්ගේ අරගල වලදී දේශ සීමා හරහා ඒකාබද්ධ වීම මගින්ම පමනි.

එක්සත් ජනපදයේ ද ලෝකය පුරාම ද කම්කරුවන්, ආගාමික කම්කරුවන් ද සරනාගතයන් ද ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් විය යුතු ය; තමන් තෝරාගන්න ඕනෑම රටක් තුල නීතිමය සහ දේශපාලන අයිතිය භුක්තිවිඳිමින් ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කර ගැනීමට සටන් වැදිය යුතුව ඇත.

බිල් වෑන් ඕකන්

Share this article: