සමාජවාදී සමානතා පක්ෂයේ ඉදිරි දර්ශන සහ කර්තව්‍යයෝ

Perspectives and Tasks of the Socialist Equality Party

2016 අගෝස්තු 24

සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) සිය හතරවන ජාතික සම්මේලනය ඩිට්රොයිට් නගරයේ දී ජුලි 31 සිට අගෝස්තු 5 දක්වා පැවැත්විය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන නමැති ප‍්‍රකාශය ඒකමතිකව අනුමතකල සම්මේලනය, තවත් යෝජනා තුනක් ද සම්මත කලේය. ඒවා නම්: “සමාජවාදී සමානතා පක්ෂයේ ඉදිරි දර්ශන සහ කර්තව්‍යයෝ,” “එක්සත් ජනපදයේ සහ ලතින් ඇමරිකාවේ කම්කරු පන්තියේ එක්සත්කම සඳහා” සහ “සමාජවාදය සඳහා අරගලය සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයේ කර්තව්‍යයෝ,” යන යෝජනා ය.

1. සෝවියට් සංගමයේ බිඳවැටීමෙන් විසිපස් වසරකට පසු, ලෝක ධනවාදී පද්ධතිය ආර්ථික, සමාජික සහ දේශපාලන අර්බුදයන්ගෙන් දෙදරුම්කා ඇත. 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීම ධනවාදයේ තීරනාත්මක විජයග‍්‍රහනය සේ ද “ඉතිහාසයේ අවසානය” සේ ද හුවාදක්වන ලදී. එහෙත් සියවස් කාලකට පසුව ලෝක ආර්ථිකය, ප‍්‍රතිඝතිතා විසින් ඉරාදමනු ලැබ ඇත. අධිරාජ්‍යවාදී බලවත්තු මානව වර්ගයා තවත් ලෝක යුද්ධයක පාතාලයට ඇදගෙන යමින් සිටිති. සෑම ප‍්‍රමුඛ ධනේශ්වර රටක් තුලම, ප‍්‍රජාතන්ත‍්‍ර පාලන ක‍්‍රම ප‍්‍රහාරයට ලක්ව පවත්නා අතර දක්ෂිනාංශික ජාතිකවාදී සහ ෆැසිස්ට්වාදී බලවේග ඉස්මත්තට එමින් පවතී. භූගෝලය පුරාම පන්ති අරගලය පුනර් ජීවනය වෙමින් පවතී.

2. 1930ස් ගනන්වල මහා අවපාතයෙන් මොබ දරුනුම ගෝලීය ආර්ථික අර්බුදය පුපුරුවා හල 2008 මූල්‍ය උනුවීයාමෙන් පසුව වසර අටක් ගත වී තිබේ. බැංකු පද්ධතියේ බිඳ වැටීමක් නවතා ගෙන, වෝල්වීදිය තුල මහා ධනවතුන් ආයෝජනය කර තිබෙන යෝධ පෞද්ගලික වස්තු සම්භාරය දියවී යාම වලක්වා ගැනීමේ උවමනාවෙන් වියරු වූ ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් (මහ) බංකුව ඒ සඳහා “ප‍්‍රමානාත්මක ලිහිල්කිරීමේ” වැඩපිලිවෙල හෙවත් ඉතිහාසයේ පෙර නුවූ පරිමාන පොලී අනුපාතික පහත දැමීමක් හා සමග මූල්‍ය වෙලඳ පොලවලට ඩොලර් ට්‍රිලියන ගනන් ධනය පොම්ප කිරීමේ පිලිවෙතක් යොදාගත්තේ ය. ආන්ඩුවේ මෙම පිලිවෙත් විසින් කොටස් වෙලඳපොල නව වාර්තාගත මට්ටමකට ඉහල නංවා ඇති නමුත් මූල්‍යකරන ව්‍යවසායේ ක්ෂේත‍්‍රයෙන් පිටස්තර “සැබෑ” ආර්ථිකය එකතැන පල්වෙමින් පවතියිි. ඒ අතර භූගෝලය පුරාම වැඩ කරන ජනතාවගේ පලල් ස්ථරවල ජීවන මට්ටම් දිගින් දිගටම පහත වැටෙමින් පවතී.

3. භූ දේශපාලන ආතතීන්, පලමුවන සහ දෙවන ලෝක යුද්ධයන්ට පෙර පැවති තත්වයන්ට සමානව පවතියි. 1990-91 ඇමරිකාවේ පලමු ඉරාක ආක‍්‍රමනයෙන් ඇරඹු යුද්ධයේ ප‍්‍රථම විසිපස් වසර ඔඩු දුවා ඇත්තේ න්‍යෂ්ටික අවි ද යොදාගෙන ලෝකාධිපත්‍යය උදෙසා කරන තුන්වන ලෝක යුද්ධය පුපුරා යාම දෙසට ය. වොෂිංටනයේ “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” මහා ව්‍යසනයක් බවට පත්ව තිබේ. මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ සම්පූර්න ජනසමාජ වනසා දැමීම විසින් දෙවන ලෝක යුද්ධයට පසුව පැනනැගි දරුනුම ගෝලීය සරනාගත අර්බුදය නිර්මානය කර තිබේ. නැටෝව “රුසියානු ආක‍්‍රමනය” හෙලා දක්නා ගමන්ම නැගෙනහිර යුරෝපය දැවැන්ත ලෙස සන්නද්ධ කරයි. ඔබාමා පාලනාධිකාරයේ “ආසියාව ට හැරීම” විසින් ඉන්දියාව හා ඕස්ට්‍රේලියාවේ පටන් ජපානය දක්වා මුලුමහත් ප‍්‍රදේශයම එක්සත් ජනපදය සහ චීනය අතර වර්ධනය වන්නාවූ ඝට්ටනයට ඇද දමා තිබේ. ජර්මනිය යලි මිලිටරීකරනය වෙමින් යුරෝපීය බලවතෙකු ලෙස සිය තැන අවධාරනය කරයි.

4. පාලක පන්තිය සිය අවශ්‍යතා තහවුරු කරගනිමින් ගෝලීය ආර්ථිකය පරිපාලනය කිරීමට උපයෝගී කරගත් ජාතික - රාජ්‍ය පද්ධතියේ ව්‍යූහයෝ සුජාත භාවය පිලිබඳ දරුනු අර්බුදයකට මුහුන දී සිටිති. එක්සත් රාජධානිය යුරෝපිය සංගමය හැරයාමට ගත් තීන්දුව ද එක්සත් රාජධානිය ම බිඳවැටීමේ හැකියාව ද එක් හෝ ප‍්‍රමුඛ පක්ෂයකට බහුතර ආන්ඩුවක් පිහිටුවාගැනීමට අවශ්‍ය රාමුව සම්පාදනය කරගැනීමට ඉඩක් නොසැලසූ ඕස්ට්‍රේලියාවේ මැතිවරනය ද ලෝකය පුරා අන්ත-දක්ෂිනාංශික බලවේගයන් හිස එසවීම ද බ‍්‍රසීලයේ සහ වෙනිසියුලාවේ ගැඹුරු දේශපාලන අර්බුදය ද නැටෝ සංවිධානයේ සාමාජික රටක් වන තුර්කියේ අසාර්ථක මිලිටරි කුමන්ත‍්‍රනය ද යන මේ සියල්ල තහවුරු කරන්නේ, ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර පාලන තන්ත‍්‍ර සහ පාලන ආකෘතීන් ගේ බිඳවැටීමය.

5. ධනේශ්වර පාලනයේ ගෝලීය අර්බුදය 2016 එක්සත් ජනපද ජනාධිපතිවරනය තුල අති සුවිශේෂ තියුනු භාවයකින් ප‍්‍රකාශිතව පවතියි. පාලක පන්තියේ ප‍්‍රධාන පක්ෂ දෙකම දේශපාලන ස්මරනහානි ව්‍යාධියේ උග‍්‍ර රෝග ලක්ෂන පෙන්නුම් කරති. රිපබ්ලිකන් පක්ෂය ඉදිරිපත්කර ඇත්තේ ඩොනල්ඩ් ට‍්‍රම්ප් නැමති ෆැසිස්ට් වර්ගයේ අන්තවාදියෙ කි. කැසිනෝ ගනනාවක්ම බංකොලොත් කර ඇති හෙතෙම, එම කුප‍්‍රකට ජාවාරම් හපන් කම් මැ යොදාගෙන “ඇමරිකාව තවත් වරක් ශ්‍රේෂ්ඨත්වය කරා” ගෙන යාමට දිව්රයි. ඩිමොක‍්‍රටික් පක්ෂය විසින් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් කර ඇති හිලරි ක්ලින්ටන්ගේ සුදුසු කම, ඇමරිකාවේ මුලු දේශපාලන ඉතිහාසයේ වැඩිම ගනනක් සෝලිවල පැටලී ගැලවී ගොස් තිබෙන දේශපාලන චරිතය වීම යි. දශක හතරකට වැඩි කාලයක් පුරා පැතිරගිය දේශපාලන චර්යාවකින් පසුව, ඩොලර් මිලියන ගනනක් හිමිකර ගෙන සිටින හිලරි ක්ලින්ටන්, මිලිටරි බුද්ධි අංශයේද වෝල් වීදියේ මූල්‍ය ජාවාරම් ද අතර සන්ධානයේ ප‍්‍රතිමූර්තියකි. ජනාධිපතිවරනයේ ප‍්‍රතිඵලය කුමක් වුවත් බලයට එනු ඇත්තේ, ගැඹුරු වන ආර්ථික හා සමාජ අර්බුදයක් අරක් ගත් ජන අනුමැතියකින් තොර, විදේශයන්හිදී තියුනු ලෙස යුද්ධය පෙරටු කර ගත් ප‍්‍රතිගාමී ආන්ඩුවකි.

6. තමා සමාජවාදියෙකැයි කියාගත්, සිය ඡන්ද ව්‍යායාමය “ප‍්‍රකෝටි පති පන්තියට” එරෙහිව “දේශපාලන විප්ලවයක්” කැඳවීමයයි කියා සිටි, වර්මන්ට් නගරයේ සෙනෙට් මන්ත්‍රී බර්නි සෑන්ඩර්ස් ට පුලුල් ජන සහයෝගයක් ලැබීම වනාහි, කම්කරුවන් සහ තරුනයන් ගේ වාමාංශික, ධනේශ්වර විරෝධී දේශපාලන රැඩිකලීකරනයක ප‍්‍රාරම්භක ප‍්‍රකාශනය යි; එය ද්වි-පක්ෂ ක‍්‍රමය තුල රඳවා තැබීම සෑන්ඩර්ස්ටමත් කල හැක්කක් නොවේ. ඇමරිකා එක්සත් ජනපදය සම්ප‍්‍රාප්ත වෙමින් සිටින්නේ, උග‍්‍ර පන්ති අරගලයේ කාල පරිච්ඡේදයකට ය. අනෙක් අතට එය විසින් ඇමරිකානු කම්කරු පන්තිය, ධනේශ්වර පන්තියට සහ එහි රාජ්‍ය යන්ත‍්‍රයට එරෙහි දැනුවත් පන්ති අරගලයක මාවතට යොමු කෙරනු ඇත.

7. ලෝක ධනේශ්වර පද්ධතියේ ඓතිහාසික අර්බුදයෙන් ගොඩයාමට සාමකාමී මාවතක් ඇත්තේ නැත. එය විසඳෙනු ඇත්තේ දෙකින් එකක් මගින් පමනි. එක්කෝ පාලක පන්තිය යුද්ධය, ඒකාධිපතිත්වය හා ලෝක ජන සංහතිය දරුනු දුගී භාවයට ඇද දමා තමන් සඳහා අලුත් සමතුලිතයක් හදා ගනු ඇත. එසේ නොවේ නම්, කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස මෙහෙයවී ගනිමින් ජාත්‍යන්තරව එක්සත්ව, ධනවාදය ලෝක පරිමානව පෙරලා දමා, ගෝලීය පරිමාන සහේතුක සැලැස්මක් සහ සමාජ සමානත්වය මත, ගෝලීය සමාජවාදී සමාජයක් පිහිටුවා ගත යුතුව තිබේ.

8. අධිරාජ්‍යවාදී යුද්ධය ද, ඒකාධිපතිවාදය ද උදෙසා ගාමකය සපයන්නා වූ මෙම අර්බුදය ම සමාජ විප්ලවය උදෙසා ප්‍රේරනය ද සම්පාදනය කරනු ඇත. ඇමරිකානු යුදවාදයට ද වැටුප්, රැකියා හා පොදු අධ්‍යාපනය විනාශ කිරීමට ද පොදුකාර්ය පිරිවැය බිඳවැටීමට ද ගොඩගැසෙන ශිෂ්‍ය නය සහ ඉහල නගින ටියුෂන් ගාස්තු වලට ද පොලිස් ප‍්‍රචන්ඩත්වයට ද එරෙහි මහජන විරෝධය, සමාජවාදය සඳහා සමස්ත කම්කරු පන්තියේ පොදු දේශපාලන අරගලයක් තුල ඒකාබද්ධ කල යුතුව තිබේ. සමාජවාදී සමානතා පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සුරැකීම උදෙසා ද යුදවාදයට එරෙහිව ද සමාජවාදය උදෙසා ද කම්කරු පන්තියේ කේන්ද්‍රීය සහ නායක භූමිකාව ඒකායනව, සකල ආකාර මධ්‍යම පන්තික, ව්‍යාජ-වාම දේශපාලනයට එරෙහිව, ආරක්ෂා කරයි. මානව වර්ගයාගේ ඉරනම පිලිබඳ තීරනාත්මක මූලෝපායික ප‍්‍රශ්නය වනාහි, ඇමරිකා එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තර පරිමානව කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමයි.

ලෝක ධනවාදයේ අර්බුදය සහ ඇමරිකා එක්සත් ජනපදයේ පන්ති සම්බන්ධතා ප‍්‍රතිව්‍යූහගත වීම

9. ඇමරිකාවේ ෆෙඩරල් රිසව් මහ බැංකුව සහ ලෝකයේ වෙනත් මහ බැංකු ගෙනයන පිලිවෙත්වල ප‍්‍රධාන විපාකය නම්, මූල්‍ය සමපේක්ෂනයේ පරිමාව ඉමහත්ව පුලුල් කොට, මහසංගත ප‍්‍රභූවේ ධනය තියුනු ලෙස ඉහල දමා, ඉතිහාසයේ පෙර නුවූ විරූ උග‍්‍ර මට්ටමක සමාජ අසමානතාව තහවුරු කර ලීමය. නය වෙලඳ පොලට පොම්ප කර ඇති යෝධ මුදල් සම්භාරය, එක්සත් ජනපදයේ කොටස් වෙලඳපොල වාර්තාගත ඉහල මට්ටම් වලට නංවා ඇති අතර යුරෝපයේ බැඳුම්කර ප‍්‍රතිලාභ වාර්තා ගත පහත මට්ටමකට ඇද දමා තිබේ. ඉහල යන වත්කම් මිල විසින් පුම්බනු ලැබ සිටින බිලියන පතියන් 62ක්, ලෝක ජනගහනයෙන් දිලිඳු -අඩ හෙවත් බිලියන 3.5 ක ජනයාට සමාන ධනයක් අත්පත් කරගෙන සිටිති.

10. ඒ අතර ලෝක ආර්ථිකය අවපාතයේ ගිලී පවතී. ප‍්‍රධාන පෙලේ ආර්ථිකඥයෝ ගෝලීයව “සම්පතිත ආර්ථික පසුබැස්මක හා දිගට ඇදෙන පල්වීමක” සමයක් එනු ඇති බවට අනතුරු අඟවති. ලෝක වෙලඳාම 2008ට පෙර සමයට වඩා බෙහෙවින් පහත වැටී, —මූල්‍ය යුද්ධ, සහ වෙලඳ බාධක පැනවීම ද ඇතුලු —දෙවන ලෝක යුද්ධයට පෙර සමයේ පැවති ආකාර ආර්ථික ජාතිකවාදයේ යුගයක් කරා තත්වය මාරු වෙමින් පවතී.

11. චීනයේ වේගවත් වර්ධනය මගින් ගෝලීය පරිහානිය ටික කාලයකට වසන් කර තැබීමේ හැකියාව අවසානයකට පත්ව ඇත. 2008 බිඳවැටීමෙන් ඉක්බිත්තේ ආන්ඩුවේ වියදම් සහ නය මගින් මුදල් විද පුම්බනු ලැබූ දේපල බුබුලේ හුලං බහිනවාත් සමග චීනයේ ආර්ථික වර්ධන වේගය සියයට 4.1 දක්වා කඩා වැටී තිබේ. චීනයේ පසු බැසීම ගෝලීය බලපෑමක් ඇති කරයි. එය අපනයන මත රැඳෙන රටවල වෙලඳ භාන්ඩ මිල බිඳ දමා, ආර්ථික අර්බුදයක් ඇති කිරීමට හේතු විය. මහා අවපාතයෙන් පසුව ඇති වූ දරුනුම අර්බුදයට බ‍්‍රසීලය හසු වී ඇත. වෙනිසියුලාව උග‍්‍ර උද්ධමනයේ සහ දරුනු දිලිඳු බවේ ගැලී පවතී. රුසියානු ආර්ථිකය 2015 දී සියයට 3.7කින් හැකිලිනි. ඉන්දියානු අපනයන දරුනු ලෙස පහතවැටී තිබේ. දකුනු අප්‍රිකාවේ ආර්ථිකය 2016 මුල් තුන්මස තුලදී දී සියයට 1.2කින් හැකිලුනි.

12. යුරෝපය සම්බන්ධයෙන් ගතහොත්, එහි දෙවන විශාල ආර්ථිකය වන බ්‍රිතාන්‍යය යුරෝපීය සංගමයෙන් ඉවත් වීම වනාහි, යුරෝපීය “එක්සත්කම” පිලිබඳ මුලුමහත් සැලැස්ම ම අලලා ගත් වඩා පෘථුල අර්බුදයක කොටසකි. යූරෝ මුදල සිය මුදල ලෙස භාවිතා කරන රටවලින් සමන්විත යූරෝ කලාපයේ ආර්ථික වර්ධන වේගය මේ අවුරුද්දේ සියයට 1.6 ක වෙතැයි බලාපොරොත්තු වන අතර එය ඊලඟ අවුරුද්ද සඳහා තක්සේරුව සියයට 1.4 ක් පමනි. බ්‍රික්සිට් තීන්දුව සාමග බ්‍රිතාන්‍යයේ නිවාස බුබුල බිඳවැටී තිබේ; මූල්‍ය රෝගය බෝවීමෙන් මුලු මහාද්වීපයම වෙලාගත් බැංකු අර්බුදයක් පිලිබඳ භීතිය අවුලුවා තිබේ. බ්‍රික්සිට් අර්බුදය එන්නේ පොදු, මහාද්වීප පරිමාන ආර්ථික ව්‍යාධියක මැද්දෑවේ ය. ග්‍රීසිය, පෘතුගාලය, සහ ස්පාඤ්ඤය, බැංකු කරුවන් විසින් ජනතාව මත කටුක කප්පාදු පැටවීම මගින් ජනනය කෙරුනු දරුනු අවපාතයකට ඇද වැටී ඇත. ඉතාලියේ රාජ්‍ය නය උතුරා ගොස් ඇති අතර දල දේශීය නිෂ්පාදිතය 2008ට අනුපාතිකව සියයට 8 කින් හැකිලී තිබේ.

13. ඇමරිකා එක්සත් ජනපදය තුල,“තත්වය අගේට පවතින්නේය” යන ඔබමාගේ කයිවාරුව වනාහි රැවටිල්ලකි. ඇමරිකානු ආර්ථිකය එකතැන ලගින අතර නිමක් නැති විරැකියාව සහ ජනයාගෙන් අති මහත් බහුතරයකගේ ජීවන තත්වයන් කඩා වැටී ඇත. මේ අවුරුද්දේ ඉතිරි කොටසේ දී ද ඊලඟ මුලු අවුරුද්දේම ද ආර්ථික වර්ධනය පවතින්නේ සියයට 2 මට්ටමක ය; එය වනාහි කලින් ඇතිවූ පසුබැසීම් වලට ඉක්බිති එලඹුනු මට්ටම් වලට වඩා අතිශයින් පහත් මට්ටමකි. මෙම නිගමනය පවා පදනම් වන්නේ, ඇමරිකානු ආර්ථිකය ලෝකයේ සෙසු රටවල ආර්ථික පසුබෑමේ බලපෑමට හසුව නැතයි යන උපකල්පනය මත ය. එක්සත් ජනපදයේ පවුල්වල මධ්‍යන්‍ය ආදායම 2000 වසරින් මෙපිට සියයට 7කින් පහත වැටී ඇත; එ පමනක් නොව ආදායමින් කම්කරු පන්තියේ පංගුව 66 සිට 61 දක්වා වැටී තිබේ.

14. ලෝක ආර්ථිකයේ වර්තමාන තත්වය තහවුරු කරන්නේ, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව එකල්හි ම පෙන්වා දුන් පරිදි, 2007 - 08 අර්බුදය සාංසිද්ධික බිඳවැටීමක් නොවන බවත්, එය ලෝක ධනවාදයේ ගෝලීය ව්‍යූහයේම බිඳවැටීම සලකුනු කරන බවත් ය. එක්සත් ජනපදයේ අවමුඛ උකස් හා බැඳුනු, කසල වත්කම් වෙලඳපල බිඳවැටීමෙන් ඇවිලවුනු 2008 අර්බුදය හෙලිදරව් කලේ, ධනවාදී පර්යායේ, විශේෂයෙන්ම ඇමරිකානු ධනවාදයේ දූෂිත සහ පරපෝෂිත ස්වභාවය යි.

15. එයට පෙර දශක තුනක කාලය දැක ගත්තේ, මූල්‍ය කරනය හා බැඳුනු සමාජ අසමානතාවයේ පෙර නුවූ විරූ වර්ධනයකි. එක්සත් ජනපදයේ ධනකුවේර මූල්‍ය සහ සංගත ප‍්‍රභූව විසින් පුදුමාකාර ධන සම්භාරයක් ගොඩගසා ගැනීම සිදුකරන ලද්දේ, නිෂ්පාදන සන්තතියෙන් වඩ වඩාත් වියෝවීගෙනය. ඒ වෙනුවට එය ඇත්ත වශයෙන්ම බැඳී පැවැත්තේ, වත්කම් වෙලඳපලවල ද අනවරත සමපේක්ෂනයේ ද පරිපූර්න සාපරාධිත්වය ද සමග ය.

16. මූල්‍යකරන ප‍්‍රපංචය එක්සත් ජනපදයේ සමාජ සහ දේශපාලන සම්බන්ධතා කෙරේ සැලකියයුතු අර්ථභාරී විපාක දරා සිටියි. ඇමරිකානු පාලක පන්තිය වංශාධිපතිත්වයක සකල ගති ලක්ෂන දරා සිටි: පිටරටවල් වල පමනක් නොව තම රටතුලද මහජන මතය ප‍්‍රජාතන්ත‍්‍ර ආකෘතින් සහ නීතියේ පාලනය කෙරේ දැක්වෙන තුච්ඡ පිලිකුල එහි ආවේනික ලක්ෂනයකි. දේශපාලන පද්ධතිය ද මාධ්‍ය ද පාලනය කරනු ලබන්නේ මූල්‍ය වංශාධිපතිය විසිනි. දේශපාලකයන් පාලක පන්තිය නියෝජනය කරනවා පමනක් නොවේ; ඔවුහු වඩ වඩාත් තමන් ම බිලියන පතියන් බවට පත්වී සිටිති. පාලක ප‍්‍රභූව සිය දේපල ද ආසක්තයන් ද රැකගැනීමට පොලිස් රාජ්‍ය යන්ත‍්‍රනය ද දැවැන්ත දේශීය ඔත්තු යාන්ත‍්‍රනයක් ද ගොඩ නගාගෙන සිටියි.

17. කෙසේ වෙතත් මූල්‍යකරනයට හැරීම, ඇමරිකානු සහ ලෝක ආර්ථිකයේ වඩාත් ගැඹුරු සහ දිගුකාලීන අර්බුදයක් තුල මුල්බැස ගෙන තිබේ. 1960 තරම් ඈත දීම පශ්චාත් - දෙවන ලෝක යුද්ධ සමයේ ගොඩනැගුනු ආර්ථික උත්පාතයේ රාමුව බිඳවැටෙමින් පවත්නා බව ට ලකුනු පහල වී තිබුනි. යුරෝපයේ සහ ජපානයේ ආර්ථික පුනරුත්ථාපනය ද සමග සිදුවූයේ, පශ්චාත් යුද කාලීන ලෝක පද්ධතිය පදනම් කොට පැවති, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික ආධිපත්‍යය ඛාදනය වීමයි. 1960 ගනන් මැද වන විට එක්සත් ජනපද කාර්මික නිෂ්පාදනයේ ලාභ අනුපාතිකය බරපතල ලෙස ඇදවැටෙමින් ද 1970 ගනන් වන විට, සියලු ප‍්‍රමුඛ ධනපති රටවල ආර්ථික වර්ධනය එක තැන පල්වීමට ද පටන් ගෙන තිබුනි. 1967 සිට 1975 දක්වා කාලය තුල, ලෝකය පුරාම කම්කරු පන්තියේ සටන්කාමිත්වයේ නැගීමක් දක්නට ලැබුනි.

18. ඇමරිකානු පාලක පන්තිය මෙම ප‍්‍රවනතාවයන්ට ප‍්‍රතිචාර දැක්වූයේ, කම්කරු පන්තියට එරෙහිව ප‍්‍රති ප‍්‍රහාරයක් මගිනි. 1979 දී ජිමී කාටර් ගේ ඩිමොක‍්‍රටික් පක්ෂ පාලනාධිකාරය, පෝල් වොල්කර් ෆෙඩරල් රිසර්ව් (ඇමරිකානු මහ) බැංකුවේ පාලකයා ලෙස පත් කිරීම මගින් මෙම ප‍්‍රහාරය දියත් කලේය. පොලී අනුපාතික තියුනු ලෙස ඉස්සූ වොල්කර්, එමගින් උග‍්‍ර අවපාතයක් පැනනංවා විරැකියාව ඉහල දැමීය. 1981 දී බලයට පත් රීගන් ජනාධිපති වරයා රාජ්‍ය අධිකාරය සහ මහසංගත මෙහෙයවා ගෙන, ඒඑෆ්එල් - සීඅයි ඕ වෘත්තීය සමිති වල ආධාරයෙන් වැඩ වර්ජන බිඳීමේ ප‍්‍රහාරයක් දියත් කලේය. සම්පූර්න කර්මාන්ත අංශයන් ම පාහේ වසා දමනු ලැබිනි. රැකියා දස ලක්ෂ ගනනක් අතුගා දමනලදී. 1950 ගනන්වල සියයට 7-9 තරමේ පැවති කාර්මික නිෂ්පාදනයේ වේගය 1980 ගනන් වන විට සියයට 2-3 දක්වා වැටුනි.

19. ඇමරිකා එක්සත් ජනපදය තුල කාර්මික නිෂ්පාදනයේ ඛාදනය මූල්‍යකරන ව්‍යවසායේ නැගීමත් සමග සෘජුව සම්බන්ධවී පැවැත්තේය. පාලක පන්තිය ධනය ගොඩගසාගත් ප‍්‍රධාන මාර්ගය වූයේ මූල්‍ය සමපේක්ෂනය යි. 1980 දී මහ සංගතවල ලාභවලින් මූල්‍ය කරන ව්‍යවසාය අත්කරගත් පංගුව සියයට හයක් විය; එය 2005 වනවිට සියයට 40 දක්වා ඉහල නැගුනි. මූල්‍ය කරනය, රක්ෂනය, සහ දේපල ජාවාරම් අංශ විසින් ජනනය කෙරුනු දලදේශීය නිෂ්පාදිතයේ පංගුව, 1970 ගනන් වලදී සියයට 30ස් ගනනක මට්ටමේ පැවතිනි. 2000 වනවිට සියයට 70 දක්වා ඉහල නැගුනු එය 2010 වනවිට සියයට 90 දක්වා ම වැඩිවී ගියේය. 1990 ගනන් වල ඇතිවූ කොටස් වෙලඳපල උත්පාතයට, ඇමරිකානු ෆෙඩරල් රිසව් (මහ) බැංකුව අඩු පොලී සහිත නය දීම මගින් කොන්දේසි සකසා දුනි.

20. මෙම ආර්ථික ප‍්‍රතිවර්තනයෝ ගෝලීය සන්තතීන් සමග සම්බන්ධිතව පැවතුනහ. මහා සංගත ඉහල ලාභ මට්ටම් සඳහා ලාභ අමුද්‍රව්‍ය සහ ශ‍්‍රම වෙලඳපොලවල් සොයා භූගෝලය සිසාරා ගියේය. ගෝලීය ශ‍්‍රම විභජනයක් ඇති කොට, කෙලින්ම ගෝලීය වෙලඳ පොලට අලෙවිකිරීම ට සමාගම් වලට ඉඩ සලසා දෙන්නාවූ විප්ලව කාරක ප‍්‍රවර්ධනයක්, ප‍්‍රවාහන හා සංනිවේදන ක්ෂේත‍්‍රයන් තුල පැනනැගුනි. නිෂ්පාදනයේ ගෝලීයකරනය ද යෝධ ජත්‍යන්තර සංගත වල නැගීමට ද මේ මගින් කොන්දේසි සැකසුනි. සෝවියට් සංගමය විසුරුවාලීම ද චීනය තුල ධනේශ්වර සම්බන්ධතා යලි තහවුරු කිරීම ද මගින් ගෝලීය ශ‍්‍රම තටාකයට කම්කරුවන් බිලියන දෙකක් එකතු කර දී තිබේ.

21. මූල්‍ය සමපේක්ෂනයේ යෝධ වෙලඳ පොල ප‍්‍රගාමීව ගෝලීකෘතවන මෙම ආර්ථිකය මුදුනේ පවති. 2008 අර්බුදය වනාහි ලෝක ආර්ථිකය අවුරුදු දහයක් ඇතුලත මූල්‍ය බුබුලු පුපුරායම නිසා දෙදරාගිය තුන්වන වතාව යි. මෙයට පෙර මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, දකුනු කොරියාව සහ පිලිපීනය අලලාගත්, 1997-98 දකුනු ආසියානු මූල්‍ය අර්බුදය, ලෝකය ගෝලීය මූල්‍ය දහනයක මුවවිටටම ගෙන ආවේ ය. ඉන් ඉක්බිතිව 2000 වසරේ, ඩොට්කොම් බුබුල පුපුරා යාමත් එන්රොන් සමාගම බංකොලොත් වීමත් සමග වෙලඳපොල සමපේක්ෂනයට බැඳුනු දූෂන සෝලි රැල්ලක් ඇති විය. මුලින් ආ මෙම අර්බුද තුලදී මෙන්ම 2008 අර්බුදයේ දී ද එක්සත් ජනපද ෆෙඩරල් රිසව් බැංකුව ඇතුලු ලෝකයේ අනෙකුත් ප‍්‍රධාන රටවල මහ බැංකු යොදාගත් පිලියම වූයේ, පොලී අනුපාතික හෙලා ලෝක වෙලඳපොල තුලට මුදල් ගලා ඒමට සැලැස්වීම ය. මින් සිදුවී ඇත්තේ, අලුතින් තවතවත් වත්කම් බුබුලු ඇති කොට වඩ වඩාත් විනාශකාරී මූල්‍ය කඩාවැටීම් වලට දොර විවර කිරීමය.

22. පලමුවන ලෝක යුද්ධය සහ රුසියානු විප්ලවයට ඉක්බිතිව 1921 දී, ලියොන් ට්‍රොට්ස්කි පෙන්නුම් කල දැවැන්ත නය කන්දරාවක් ගොඩගැසීම පිලිබඳ තත්වය, වත්මන් තත්වයන්ට සමාන්තර වේ. පශ්චාත් යුද කාලීන යුරෝපීය රටවල් දිලිඳු බවට ඇද වැටී පැවතුනු තතු තුල උතුරාගිය බැංකු නෝට්ටු සහ රාජ්‍ය බැඳුම්කර, අවසාන විග‍්‍රහයේදී ලාභය කෙරේ හිමිකමකි නියෝජනය කලේ. ඒ (යුද්ධයේදී) “විනාශ කෙරුනු දේ පිලිබඳ සිහි කැඳවුමකි..., අවසාන විග‍්‍රහයේ දී උපයා ගතහැක්ක පිලිබඳ අපේක්ෂාවකි.” මෙම මූල්‍ය ප‍්‍රාග්ධනය “සමස්ත සමාජයේ ම. සමස්ත ආර්ථිකයේ ම, හැඩගැස්ම විකෘත කර දමයි. සමාජය වඩ වඩාත් දිලිඳු බවට ඇදවැටෙත්ම, එය මෙම ව්‍යාජ ප‍්‍රාග්ධනයේ කැඩපත තුලින් දිස්වන්නේ වඩ වඩාත් පොහොසත් වීමක් ලෙසය.” [කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ තුන්වන සම්මේලනයට ට්‍රොට්ස්කි කල කතාව, To the Masses: Proceedings of the Third Congress of the Communist International ජනතාව දෙසට හැරෙනු: කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ තුන්වන සම්මේලනයේ වාර්තාව, 108-09 පිටු ]

23. අද ද එසේම මේ ව්‍යාජ ප‍්‍රාග්ධනයේ දැවැන්ත අතිරික්තයට එක්කෝ කම්කරු පන්තියෙන් වඩ වඩාත් වැඩි ලාභයක් උකහා ගැනීම මගින් පොලී ගෙවිය යුතුය. එසේ නැතිනම් පොදු හා රාජ්‍ය වත්කම් අහෝසි කර දැමුව ද අධිරාජ්‍යවාදී මංකොල්ලය ද මගින් විනාශකර දැමිය යුතු ය.

ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ තුන්වන ලෝක යුද්ධය කරා ධාවනය

24. අර්බුදයෙන් ගොඩ ඒම ට ඇමරිකානු පාලක පන්තිය දරන උත්සාහය තුලින් එය දුවවන්නේ, එක් අතකින් ශ‍්‍රමයේ ප‍්‍රගාමීව ඉහල යන පංගුවක් උදුරා ගැනීම සඳහා කම්කරු පන්තියට පහර දීම උග‍්‍ර කිරීමට ද අනෙක් අතට, පිටරටවල දී වඩ වඩාත් උග‍්‍රවන මිලිටරි ප‍්‍රචන්ඩත්වය කරා හැරීමට ද වේ. නිෂ්පාදනයේ ගෝලීකරනය විසින් සිදු කරනු ලබන්නේ, ජාත්‍යන්තර ඝට්ටනය අඩු කරනු වෙනුවට, ලෝක ආර්ථිකය සහ ජාතික රාජ්‍යය අතර මූලික ප‍්‍රතිඝතිතා තව තවත් උග‍්‍ර කිරීමය.

25. අවුරුදු 25කට පෙර සෝවියට් සංගමය විසුරුවා හැරීම එක්සත් ජනපද අධිරාජ්‍යවාදී මූලෝපායඥයින් විසින් වටහා ගනු ලැබුවේ, සෝවියට් සංගමයේ මිලිටරි බලයට හෝ සමාජවාදී විප්ලවයේ අවතාරයට හෝ මුහුන නොදී, ඇමරිකානු ධනපති පන්තියේ ආසක්තයන් ට අනුව මුලුමහත් භූ තලයම ප‍්‍රතිව්‍යූහකරනය කර ගැනීමේ ලා අවස්ථාවක් ලෙස ය. ප‍්‍රථම බුෂ් පාලනාධිකාරය ”නව ලෝක පර්යායක්” ප‍්‍රකාශයට පත් කලේ ය. එක්සත් ජනපද ආසක්තයන්ට මොනයම්ම ප‍්‍රාදේශීය හෝ ගෝලීය අභියෝගයක් පැනනැගීම වැලැක්වීම සඳහා සැලසුම් පෙන්ටගනය විසින් සකස් කර ගන්නා ලදී. ඉන්පසු 1990-91 එලඹි ගල්ෆ් යුද්ධය ට ඉක්බිති ක්ලින්ටන් පාලනය යටතේ, තහංචි පනවමින් ඉරාකයට විටින් විට බෝම්බ දැමීම දශකයක් තිස්සේ කරගෙන යන ලද අතර ම සෝමාලියාව, හයිටිය, සුඩානය සහ ඇෆ්ඝනිස්ථානය යුද ආක‍්‍රමනයට හසු කරගනු ලැබූ අතර, ඉක්බිතිව 1999යේ දී සර්බියාවට විරුද්ධව මෘග ”මානව හිමිකම්” යුද්ධය දියත් කරන ලදී.

26. 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයන්ගෙන් ඉක්බිති, දෙවන බුෂ් පාලනාධිකාරය විසින්, ”21වන සියවසේ යුද්ධ” යයි නම් කරන ලද ප‍්‍රහාර මාලව 2001 ශරදයේ ඇෆ්ඝනිස්ථානය ආක‍්‍රමනය කිරීමත් සමග දියත් කරන ලදී. ”ත‍්‍රස්ත විරෝධී යුද්ධයේ” රාමුව යටතේ බුෂ් පාලනාධිකාරය, දෙවන ඇෆ්ඝන් යුද්ධය ට ඉක්බිතිව, 2003 දී ඉරාකය ආක‍්‍රමනය කලේ ය. ප‍්‍රථම වරට රට එක පිට ජනාධිපති වාර දෙකක් පුරා යුද්ධයේ පැටලවූ ඇමරිකානු ජනාධිපතිවරයා වන ඔබාමා, ලිබියාව, යේමනය, හා පකිස්ථානයට බෝම්බ දැමීම ද සිරියාව තුල සීඅයිඒ සහාය ලත්, සිවිල් යුද්ධය ද ඇමරිකානු මිලිටරි ආක‍්‍රමන ලැයිස්තුවට එක් කලේ ය.

27. මේ මුලූුකාල පරාසය පුරාම ඇමරිකානු පාලක පන්තිය වඩ වඩාත් ප‍්‍රචන්ඩ ආකාරයෙන් වර්ධනය කරගත්තේ, ලේ වැකි යුද්ධයේ නිශ්චිත මූලෝපායක් ය. A Quarter Century of War: The US Drive for Global Hegemony, 1990-2016 (සියවස් කාලක යුද්ධය: ගෝලීය ආධිපත්‍යය උදෙසා එක්සත් ජනපද ධාවනය 1990-2016) නම් ජාත්‍යන්තර කමිටු කෘතියේ පෙරවදනෙහි සඳහන් වන පරිදි:

එක්සත් ජනපදය විසින් උසිගැන්වුනු යුද්ධයන් පිරී ගිය ශතවර්ෂ කාලක සමය අධ්‍යයනය කල යුත්තේ අන්තර් සම්බන්ධිත සිද්ධි දාමයක් ලෙසය. ගෝලීය ආධිපත්‍යය සඳහා එක්සත් ජනපද ධාවනයේ මූලෝපායික තර්කනය, මැදපෙරදිග සහ අප්‍රිකාවේ නව-විජිත කරන මෙහෙයුම් වලින් ඔබ්බට විහිදී යයි. නොනැවතී කරගෙන යන ප‍්‍රාදේශීය යුද්ධ වනාහි, රුසියාවට සහ චීනයට එරෙහිව ඝට්ටනය සඳහා එක්සත් ජනපදය වේගයෙන් උත්සන්න කරගෙන යන ප‍්‍රයත්නයක සංරචක අංගයන් ය.

1990-91 සිද්ධීන්ගේ සාරභූත අර්ථභාරය ප‍්‍රකාශිතව ඇත්තේ, භූ-මූලෝපායික වැදගත් කමක් දරන්නාවූ යුරේසියානු භූ ස්කන්ධය මත පාලනය තහවුරු කරගැනීම සඳහා ඇමරිකාව දරන්නාවූ ව්‍යායාමයේ ප්‍රිස්මය තුලින් ය. එහෙත් රුසියාව සහ චීනය සමග ඝට්ටනයේ හදවතේ පවත්නා වූ එක්සත් ජනපදයේ ලෝකාධිපත්‍යය උදෙසා දැරෙන ව්‍යායාමය ඉදිරියට ගෙනවුත් ඇති කරුනක් නම්, එක්සත් ජනපදයේම වර්තමාන අධිරාජ්‍යවාදී සගයන් —වඩාත්ම අර්ථභාරව විභව ප‍්‍රතිමල්ලයා වන— ජර්මනිය ඇතුලත්ව වත්මන්හි අප‍්‍රකට එහෙත් පුපුරායනසුලු විභවයකින් යුතු වූ අන්තර් අධිරාජ්‍යවාදී ආතතීන්ය. විසිවන සියවසේ ලෝක යුද්ධ දෙකම වැරදි අවබෝධයක විපාකයන් නොවේ. අතීතය වනාහි පූර්විකාවයි. 1990-91 දීම ජාත්‍යන්තර කමිටුව පෙර දුටු පරිදි, ලෝකාධිපත්‍යය සඳහා ඇමරිකානු ධාවනය විසින්, දැනට යටගැසී පවත්නා අන්තර් අධිරාජ්‍යවාදී එදිරිවාදිකම් යලිදු දල්වනු ලැබ තිබේ.

28. න්‍යෂ්ටික අවි යොදාගන්නා තුන්වන ලෝක යුද්ධයක් වනාහි හුදෙක් න්‍යායික හැකියාවක් පමනක් නොවේ. එය වනාහි න්‍යෂ්ටික අවිගබඩා සහිත ප‍්‍රධාන බලවතුන් අතර උග‍්‍රවන්නාවූ ඝට්ටනයන් තුලින් පැනනගින ක්ෂනික ප‍්‍රායෝගික අන්තරායකි. මැයි මාසයේදී, ද යුනියන් ඔෆ් කොන්සර්න්ඞ් සයන්ටිස්ට්ස් (සංවේදී විද්‍යාඥයන්ගේ සංගමය) “චීනය සමග න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනය: සන්තාපකාරී නොතකාහැරීමක්.” යන මැයින් වාර්තාවක් නිකුත් කලේ ය.

එය මෙසේ අනතුරු ඇඟවීය:

අවුරුද්දේ 365 දිනකම පැය විසි හතර පුරා, ඇමරිකා එක්සත් ජනපදයේ ද චීන මහජන සමූහාන්ඩුවේ ද ආන්ඩු නිමග්නව සිටින්නේ, වේගයෙන් උග‍්‍රවන්නාවූද සාවද්‍ය තීන්දු කිහිපයකින් න්‍යෂ්ටික ප‍්‍රහාර හුවමාරුවක් දක්වා උග‍්‍ර වියහැකි වූ ද තත්වයක ය. නො පෑහෙන ගනන් බැලීම්, යුද්ධයකට අවස්ථාව මෙන්ම, එහිදී න්‍යෂ්ටික අවි යොදාගැනීමේ ඉඩකඩ ද වැඩි කල හැකි ය. සාවද්‍ය සංනිවේදනයක් හෝ සාවද්‍ය වැටහීමක් මගින් නිර්මානය විය හැක්කේ, ආන්ඩු දෙකටම පාලනය කල නොහැකි ගැටුමකි.

29. මිලිටරි සැලසුම්කරුවෝ යුහුසුලුව න්‍යෂ්ටික යුද අවි පාවිච්චිය මූලෝපායීකරනය කිරීමේ නියැලිව සිටිති. ඔබාමා පාලනාධිකාරය ඩොලර් ට්‍රිලියනයක න්‍යෂ්ටික අවි නවීකරන වැඩ සටහනක් දියත් කරයි. සටන් බිම් වල යෙදිය හැකි ලෙස සැලසුම් කෙරුනු අඩු-බල නවමාදිලියක න්‍යෂ්ටික අවි ද එයට ඇතුලත් වේ. ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ද පෙන්ටගනය සහ රාජ්‍ය බුද්ධි අංශයේ ද ප‍්‍රමුඛ චින්තන පර්ෂදයක් වන මූලෝපායික සහ ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රය [the Center for Strategic and International Studies] ප‍්‍රසිද්ධ කල වාර්තාවක් තර්ක කලේ, “ගෝලීය සුපිරි බලවතුන් දෙදෙනා අතර ‘ත‍්‍රස්තයේ තුලනය’ වෙනස් වීම ද සමග න්‍යෂ්ටික අවි යොදාගැනීමේ ඉඩකඩ ද බෙහෙවින් වෙනස් වී ඇති බවකි.” මෙහි ප‍්‍රතිපලය වශයෙන් “දෙවන න්‍යෂ්ටික යුගය” සමග බැඳී ඉස්මතුව පවත්නේ, “න්‍යෂ්ටික අවියක් කල්තබාම නැතිනම් සටනක් තුලදීම, සුසංවෘතව යොදාගත හැක්කේ කෙසේ ද යන්න යි.”

30. එක්සත් රාජධානිය, ජර්මනිය, ප‍්‍රන්සය, ඉතාලිය, ජපානයේ පටන් කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය දක්වා අධිරාජ්‍ය බලවත්තු හැමෝ ම උත්සාහ කරමින් සිටින්නේ, ලෝකය අලුතින් කුට්ටි කර ගැනීමේදී තමන්ගේ පංගුව සුරක්ෂිත කර ගැනීමටය. විසි වන සියවසේ ලෝක යුද්ධ දෙකක ප‍්‍රමුඛ හේතුවක් වූ, ඇමරිකා එක්සත් ජනපදය (යුරෝපය කුමන තනි බලවතෙකුට වුව නතු වීම ගැන එක්සත් ජනපදය බිය වේ) සහ ජර්මනිය අතර ඓතිහාසික ප‍්‍රතිඝතිතාව, යලිත් වරක් හිස ඔසොවමින් ඇත. ජර්මානු විදේශ ඇමති ෆ‍්‍රෑන්ක් වෝල්ටර් ස්ටේන්මියර් ගිය ජූනියේ දී ඉදිරිපත් කල ජර්මනිය යලිත් වරක් “යුරෝපීය බලවතෙකු බවට පත්වීමේ” දල පිලිවෙත් සටහන අනුව, “සිය රටේ විදෙස් පිලිවෙත ශතවර්ෂ භාගයක් පුරා මෙහෙයවා ලූ මූලධර්මයන් අලුතෙන් නිර්වචනය කරගැනීමට” ජර්මනියට සිදුවනු ඇත. එක්සත් ජනපදයට කෙලින්ම අභියෝග කල ස්ටේන්මියර් මෙසේ අවධාරනය කලේය: “ඒක කේන්ද්‍රීය ලෝකයක් පිලිබඳ මිත්‍යාව වියැකී ගොස් තිබේ. ... අපගේ ඓතිහාසික අත් දැකීම විසින් මොනයම්මැ හෝ ජාතික සුවිශේෂතාවාදයක් පිලිබඳ විශ්වාසයක් වුව ආහෝසි කර දමනු ලැබ ඇත.”

31. යුද්ධය කරා ගමන, අධිකාරවාදය සමග අවියෝජනීය ලෙස බැඳී ඇත. ඇමරිකානු පාලක පන්තිය හා ඒ අනුව යමින් ලෝකයේ ප‍්‍රධාන ධනපති රටවල් සියල්ලේම පාහේ පාලක පන්තීන්, “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” යන සටන් පාඨය යටතේ, සමස්ත ලෝකයේම ජනකාය පිලිබඳව නීති විරෝධී ලෙස ඔත්තු බලන අති-පුලුල් යුද්ධ-බුද්ධි තන්ත‍්‍රයක් පිහිටුවාගෙන සිටියි. එක්සත් ජනපදය තුල ඩොලර් මිලියන ගනනක වියදමින් නවීන යුද අවි වලින් සන්නද්ධකොට පැරා මිලිටරි බලකායක් බවට පරිවර්තනය කෙරුනු, පොලිස් බල ඇනි හැම අවුරුද්දකම දහසකට වැඩි ගනනක් සිවිල් වැසියන් මරා දමයි. 2016 ජනාධිපතිවරනයෙන් ඉක්බිතිව, යුද්ධය පුලුල් කිරීමේ සැලසුම් සමග, මූල්‍ය වංශාධිපතිත්වයේ පිලිවෙත් වලට එරෙහි සකල විපක්ෂයටම එරෙහි අභ්‍යන්තර මර්දනය අනිවාර්යයෙන්ම උග‍්‍ර කෙරෙනු ඇත.

ලෝක පරිමාන පන්ති අරගලය හිස එසවීම

32. නිෂ්පාදනයේ ගෝලීකරනය, ජාතික රාජ්‍යයන් අතර ඝට්ටනය උග‍්‍ර කර ඇතිවා පමනක් නොවේ. එය ජාත්‍යන්තර කම්කරු පන්තියේ පරිමාව ද ඉමහත් ලෙස වර්ධනය කර ඇත. මැකෙන්සි ගෝලීය ආයතනයේ මෑත වාර්තාවක් අනුව, 1980-2010 අතරතුර ලෝකයේ වැඩකරන ශ‍්‍රම බලකාය බිලියන 1.2කින්, එනම් දල වශයෙන් බිලියන 2.9 කරා ඉහල නැගී ඇත. ”සංවර්ධනය වන ආර්ථිකයන්හි” ගොවිපලවල සිට කම්හල් කරා සිදුව ඇති යෝධ මාරුව සහ ගොවිපල වලින් පිටත රැකියා 1980 දී පැවති 54 ප‍්‍රතිශතයේ සිට දැන් සමස්ත ගෝලීය රැකියා නියුක්තියෙන්, සියයට 70 දක්වා ඉහල නැග තිබේ.

33. භූගෝල පරිමානවම කම්කරු පන්තිය මත ආර්ථික අර්බුදයේ බලපෑම විනාශකාරී ලෙස උග‍්‍ර වී තිබේ: වැටෙන වැටුප්, සමාජ සහන වනසා දැමීම, සහ මහා විරැකියාව එහි විපාකයව පවතී. ජාත්‍යන්තර කම්කරු සංවිධානය ට අනුව 2015 දී ගෝලීය විරැකියාව, මිලියන 197.1 විය; එය වනාහි අර්බුදයට පෙර පැවතියාට වඩා මිලියන් 25ක වැඩි වීමකි. මේ වසර තුල එය තවත් මිලියන 2.3න් ද ලබන වසර වන විට මිලියන 1.1න් ද ඉහල යනු ඇත. රැකියා නොසොයන, එහෙත් වැඩකරන වයසේ පුද්ගලයින් සංඛ්‍යාව 2015 දී බිලියන 2 දක්වා, එනම් මිලියන 26 කින් ඉහල නැග තිබේ. මිලියන 75 ක් තරම් තරුනයෝ විරැකියාවට වැටී සිටිති. එය වැඩිහිටියන් අතර විරැකියාව මෙන් තුන් ගුනයකටත් වඩා වැඩිය. නරක අතට හැරෙන ආර්ථික අර්බුදය ද සමග මෙම සාධක සැලකිල්ලට ගත් ජාත්‍යන්තර කම්කරු සංවිධානය (අයිඑල් ඕ) අනතුරු හඟවා ඇත්තේ, “සමාජ අසහනය තවතවත් උග‍්‍ර වීමේ තර්ජනයක් මතුව ඇති බවය.”

34. ලෝක තත්වයේ අතිශයින්ම අර්ථභාරී ලක්ෂන වලින් එකක් නම්, පන්ති අරගලය ජාත්‍යන්තරව යලි පන ගසා ඒමයි. මෙම වර්ෂයේදී, ප‍්‍රතිගාමී, “ත‍්‍රස්ත විරෝධී යුද්ධයේ” නාමයෙන් පනවන ලද එහෙත් සැබවින්ම පාලක පන්තියේ ප‍්‍රතිපත්ති වලට එරෙහි සකල විරෝධයම මර්දනය කරන්නාවූ, කම්කරු විරෝධී නීති වලට එරෙහිව ප‍්‍රන්සයේ සහ බෙල්ජියමේ මහා පෙලපාලි පැනනැගුනි. මදුරෝ ආන්ඩුවට එරෙහි ආහාර කැරලි ද විවිධ විරෝධතා ද වෙනිසියුලාව සොලොවා තිබේ. මෙක්සිකෝවේ ගුරුවරුන් ද ඇතුලු කම්කරු කොටස් පොදු අධ්‍යාපනයට එල්ලවන ප‍්‍රහාර වලට එරෙහිව වැඩවර්ජන අරඹා ඇත. ග්‍රීසියේ කම්කරුවෝ ව්‍යාජ වාම සිරිසා පක්ෂය විසින් පටවන ලද කප්පාදු පිලිවෙත් වලට එරෙහි මහා වැඩවර්ජන ගනනාවක් සිදු කර ඇත.

35. ගිය දෙවසර තුල චීනයේ කම්කරුවන්ගේ ස්ට‍්‍රයික් සහ විරෝධතා වැඩි වී තිබේ. චයිනා ලේබර් බුලටින් ප‍්‍රකාශනය අනුව, 2011-13 අතර වැඩවර්ජන හා විරෝධතා 1,200ක් සිදුවී තිබේ. 2014 දී 1300 ඉක්මවූ මෙවන් සිද්ධීන් ගනන 2015 දී 2,700ක් ඉක්ම විය. 2016 පෙබරවාරි වනවිට 800 ක් වූ එය — 4,800ක වාර්ෂික අනුපාතයකට නැගී තිබුනි.

36. ඇමරිකා එක්සත් ජනපදය තුල මෙම වසරේ පැනනැගි වෙරිසන් කම්හලේ කම්කරුවන් 39,000 ක ගේ වැඩ වර්ජනය ද පසුගිය ශරදයේ දී පාවාදුන් සම්මුතීන්ට එරෙහිව කරන ලද මෝටර් රථ කම්කරු වැඩවර්ජනය සහ 2015 මුලදී තෙල් පිරිපහදු කම්කරුවන්ගේ අරගලය සිදු විය. මෙම වසරේදී, ඩිට්රොයිට්, ඇට්ලන්ටා, කොම්ප්ටන් කැලිෆෝනියා යනාදී ප‍්‍රදේශවල ගුරුවරු පාසල් ජරාවට යාම, සංගතවලට පවරාදීම සහ වැටුප් හා පහසුකම් කප්පාදුව ට එරෙහිව විරෝධතාවල යෙදුනි. ෆ්ලින්ට් නිවැසියන්ගේ විරෝධතා, නගරයේ ජලය විෂවීම කෙරෙහි ජාතික අවධානය දිනාගති.

37. එක්සත් ජනපදය තුල වැඩ වර්ජන සහ ලොකවුට් නිසා නැතිවූ මිනිස් දින ගනන් හිලව්, නැගෙන පන්ති අරගල රැල්ල අවධාරනය කරයි. 2013 දී නැති වූ මිනිස් දින 200,000ක් විය; 2014 දී මෙම සංඛ්‍යාව 290, 000කට නැගුනි. 2015දී එය 740,000ක් විය. ඒ ප‍්‍රධානකොටම තෙල් නිෂ්පාදන කම්කරු වැඩවර්ජනය හා ඇලිගනි ටෙක්නොලොජීස්හි වානේ කම්කරුවන් දිගින් දිගටම දොට්ට දමා තිබීම නිසාය. 2016 ප‍්‍රථම භාගයේ දී පමනක් වැඩ වර්ජන නිසා නැතිවූ දින සංඛ්‍යාව, මිලියන දෙකක් කරා ඉහල නැගුනි. ප‍්‍රධාන වශයෙන්ම මෙයට හේතුව වූයේ වෙරිසන්හි දින 54 වර්ජනය යි.

38. පාලක පන්තිය වඩාත්ම සසල කරන කාරනය නම් —ශ‍්‍රම කොන්ත‍්‍රාත් කරුවන් සහ සංගත පාලකයන්ගේ ද රාජ්‍යයේ ද උපකරන ලෙස වැඩකරන— වෘත්තීය සමිති කම්කරු පන්තිය මත පවත්වාගෙනයන ග‍්‍රහනය බිඳී යමින් තිබීමය. වෘත්තීය සමිතිය පාලකයන්ට දුන් සහන වලට ගිය වසරේ මෝටර් රථ කම්කරුවන් දැක්වූ මහත් විරෝධය ද ඩිට්රොයිට් නගරයේ ගුරුවරුන්ගේ හදිසි වැඩවර්ජන ද නැගෙනහිර වෙරලබඩ ඌබර් රියැදුරන්ගේ වර්ජන ද මේ අතර විය. ඒ සියල්ලටත් වඩා කම්කරුවන් අතර බර්නි සෑන්ඩර්ස්ගේ මැතිවරන ව්‍යායාමය ලද පුලුල් සහායෙන් එලි දරව් කෙරුනු පරිදි, විශේෂයෙන්ම තරුනයින් අතර පැතිර පවත්නා ධනපති විරෝධී හැඟීම ධනපති පාලක පන්තිය බිය වද්දා තිබේ.

39. පන්ති අරගලය ප‍්‍රගාමීව අන්තර්ගතයෙන් පමනක් නොව රූපයෙන්ද ගෝලීකෘත වෙමින් පවතී. 1988 දී ජාත්‍යන්තර කමිටුව (ජා.ක) මෙසේ ලිවීය: “හරයාත්මකව ජාත්‍යනතර වන පන්ති අරගලය ජාතික වන්නේ එහි රූපයෙන් පමනකැ යි යන්න මාක්ස්වාදයේ චිරකාලීන ප‍්‍රස්තුතයකි. කෙසේ වතුදු ධනවාදී වර්ධනයේ නව අංග ලක්ෂන අනුව පන්ති අරගලයේ රූපය පවා ජාත්‍යන්තර ස්වභාවයක් ගත යුතු වේ. කම්කරු පන්තියේ වඩාත් ප‍්‍රාරම්භක අරගල වලදී පවා, ජාත්‍යන්තර පරිමානයකින් ඒවා සම්බන්ධීකරනයේ අවශ්‍යතාව පැන නගියි.” ජාතික පක්ෂයන්ගේ ද වෘත්තීය සමිති වල ද ප‍්‍රතිවර්තනය පිලිබඳව ජාත්‍යන්තර කමිටුව විසින් කරනු ලැබ ඇති මෙම ඇගයීමේ නිවැරදිකම තහවුරු වෙමින් පවතී. සෑම රටකම කම්කරු පන්ති අරගලයේ වර්ධනය විසින් ඉස්මතු කරනු ලබන්නේ, කම්කරු පන්තිය ජාත්‍යන්තර වශයෙන් ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය යි.

40. පාලක පන්තිය, නිෂ්පාදනයේ ගෝලීකරනයට සහ පන්ති අරගලයේ ප‍්‍රත්‍යාගමනයට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ, ජාතිකවාදයේ අත්‍යන්තම රූපයන් පනගස්සා ගැනීමෙනි. “ජාතිකවාදය බෝවෙන ස්ථාන වනාහි, අනාගතයේ භයංකර ඝට්ටනයන් නිර්මානය කරන්නාවූ රසායනාගාරයන්ය. අධිරාජ්‍යවාදය බඩගිනි කොටියෙකු සේ තමන්ගේ ම ජාතික ගුහාව තුල ලැගගෙන අලුත් භයංකර පිම්මකට ශක්තිය ගොනුකර ගනිමින් සිටී.” [Leon Trotsky, Nationalism and Economic Life - ලියොන් ට්‍රොට්ස්කි: ජාතිකවාදය සහ ආර්ථික ජීවිතය] හරියටම මෙය සිදුවෙමින් පවතින්නේ, ගෝලීයව එකාග්‍රිත ධනවාදය තුලින් පැන නගින ප‍්‍රතිඝතිතා, අසාමාන්‍ය තීක්ෂන භාවයක් අත්කරගනිමින්, අධිරාජ්‍යවාදී යුද්ධයට ආධාරය ලෙස ජාතිකවාදී වියරුව අවුලුවා ගැනීමට හැකි හැම දෙයක්ම කිරීමට වෙහෙසෙන තතු තුලය.

41. සම්ප‍්‍රදායික “වම” ගැඹුරින්ම සම්මුතිගතව සිටින්නේය යන කරුන සිය වාසිය සඳහා යොදාගැනීමට, ඔස්ට්‍රියාවේ නව-ෆැසිස්ට් ෆ්‍රීඩම් පක්ෂය, ප‍්‍රන්සයේ මැරීන් ලේ පෙන්, බ්‍රිතාන්‍යයේ යූකේ ඉන්ඩිපෙන්ඩන්ස් පක්ෂය, ජර්මනිය සඳහා විකල්පය සහ එක්සත් ජනපදයේ ඩොනඩ් ට‍්‍රම්ප් යන මේ සියල්ලෝම යත්න දරමින් සිටිති. මෙම බලවේගයන් දෙසට හැරීම පෙන්නුම් කරන්නේ ශක්තියක් නොව දුබල කමයි. තමන් සෑම පැත්තෙන්ම වටවී තිබෙන බව පාලක ප‍්‍රභූවට පෙනෙයි. ඔවුන් උත්සාහ කරන්නේ, උග‍්‍ර දක්ෂිනාංශික බලවේගයන් රැස්කොට, කම්කරු පන්තියේ දේශපාලන රැඩිකලීකරනය පෙරලොප් කර, සමාජ විරෝධතා වඩාත් මෘග ලෙස සහ ප‍්‍රචන්ඩ ලෙස මැඩ පැවැත්වීම සඳහා තත්වය සකසා ගැනීමටය.

ඇමරිකා එක්සත් ජනපදයේ සමාජ අර්බුදය

42. සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යය වන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධයට සහ සකලාකාර ජාතිකවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ මූලෝපය එක්සත් ජනපදයේ කම්කරු පන්තිය තුලට ගෙන ඒමයි. සිය ඉතිහාසය පුරාම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ඇමරිකානු කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය අවධාරනය කර ඇත. “ලෝක දේශපාලනයේ මේ නිද්‍රෝපගත යෝධයා” නිදිගැට හරිමින් සිටියි.

43. ඇමරිකානු ධනවාදයේ අර්බුදය ද ඇමරිකානු ධනපති පන්තිය විසින් දශක ගනනාවක් තිස්සේ සිදු කරන ලද සමාජ ප‍්‍රති-විප්ලවය ද 1930ස් ගනන් වල මහා අවපාතය ට පෙර වර්ෂවල ඇති කරන ලද තත්වයන් හා සමාන තත්වයන් නිර්මානය කර තිබේ. 1995-96 අතර කාලයේ සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීමට සැරසෙමින් සිටි එක්සත් ජනපදයේ වර්කර්ස් ලීගය, දේශපාලන ජීවිතයේ “ආධිපත්‍යය දරන්නාවූ ලක්ෂනය” වන, “එක් අතකින් වඩ වඩාත් පුලුල් වෙමින් ඇති පෙරනුවූ විරූ ධනසම්පත් භුක්ති විඳින ජනගහනයේ ඉතා සුලු ප‍්‍රතිශතයක් ද අනෙක් අතට විවිධාකාර ආර්ථික අවදානමට හා දුප්පත්කමට ගොදුරු වූ පුලුල් වැඩකරන ජනතාව ද අතර වැඩෙන මහා අගාධය” පෙන්නුම්කලේ ය. [The Workers League and the Founding of the Socialist Equality Party ඩේවිඩ් නෝර්ත්, 1996 වර්කර්ස් ලීගය සහ සමාජවාදී සමනතා පක්ෂයේ ආරම්භය ]. පක්ෂයේ තෝරාගත් නමෙන් සමානතාව උදෙසා සටන් කිරීමේ වැදගත්කම ග‍්‍රහනය කරගත් ජාත්‍යන්තර කමිටුවේ සියලු ශාඛාවෝ සමාජවාදී සමානතා පක්ෂ නිර්මානය කලෝ ය.

44. දශක දෙකකට පෙර ගන්නා ලද මෙම තීන්දුව සාතිශය පෙරදැක්මක් බව තහවුරු වී තිබේ. එක්සත් ජනපදයේ සමාජ හා දේශපාලන ජීවිතයේ නිර්නක ලක්ෂනය වනාහි සමාජ අසමානතාවය යි. මූල්‍ය වෙලඳපොලට සීමාරහිත ලෙස මුදල් පොම්ප කිරීම මගින් රට තුල ධනවත්ම පුද්ගලයින් 400 දෙනාගේ ධනයේ, 2009 දී පැවති ඩොලර් ට්‍රිලියන 1.27 සිට පසු ගිය අවුරුද්දේ දී (2015) ඩොලර් ට්‍රිලියන 2.34 දක්වා ඉහල නැග තිබේ. එම වසර හය තුලදී රටේ පූර්නකාලීන රැකියා සංඛ්‍යාව ඇත්ත වශයෙන්ම පහත වැටී තිබේ. 2009න් පසු අලුතින් එකතුවූ සම්පූර්න රැකියා සංඛ්‍යාවම තාවකාලික, කොන්ත‍්‍රාත්, අර්ධ-කාලීන සහ වෙනත් ආකාර කෙටිකාලීන රැකියා ය.

45. ඇමරිකානු ජනගහනයේ අති මහත් බහුතරය මුහුන දෙන යථාර්තය නම්, අඩු වැටුප්, දිලිඳු බව, නයගැතිකම, සහ ආර්ථික අනාරක්ෂිත බව ය. සමස්ත ජනකායෙන් හතෙන් එක්කෙනෙක් නිල දරිද්‍රතා මට්ටමෙන් පහතට වැටී සිටියි. ලමයින් පස් දෙනෙකුට එක්කෙනෙක් මේ ගනයට වැටේ. විරැකියා අනුපාතයේ නිල වැටීම ඇත්ත වශයෙන් විරැකියාවේ සහ රැකියා අනාරක්ෂිත බවේ සැබෑ මට්ටම වසං කරයි. මෙහි විපාකය නම්, මිලියන සංඛ්‍යාත ජනයා රැකියා සොයාගැනීමේ අපේක්ෂාව අත හැර දමා සිටින අතර —ඇත්ත වශයෙන්ම ආර්ථිකයේ වඩාත් නිරවද්‍ය මිම්මක් වන— ශ‍්‍රම බලකායේ නිෂ්පාදන සහභාගිත්වය සියයට 63 ක් හෙවත් අවුරුදු 38 කින් මෙහා පහලම මට්ටමට වැටී තිබේ.

46. 2009 සිට 2014 දක්වා ඊනියා “ප‍්‍රකෘතියේ” වසර වලදී සිදු වූයේ, සැබෑ වැටුප් එක දිගට සියයට 4කින් පහත වැටීමයි. මෙම කාලය තුලදී අඩුම වැටුප් ලබන අය ගේ වැටුප් සියයට 5.7 කින් පහත වැටුනි. කලකට පෙර කම්කරු පන්තියේ සෙසු කොටස් වල වැටුප් තීන්දු කිරීමේ දී පාදකය ලෙස යොදාගන්නා ලද කාර්මික කම්කරුවන්ගේ වැටුප්, මෙම කාලය තුලදී පැයකට ඩොලර් 15.66ක් වූ අතර, සියලු රැකියාවල මධ්‍යන වැටුප ට වඩා සියට 7.7කින් පහලට වැටුනි.

47. සමහරවිට මහජනතාවගේ අතිමහත් බහුතරයේ ජීවන තත්වය පරිහානිගත වීම විෂද ලෙස ප‍්‍රකාශ වන්නේ, ජීවිතාපේක්ෂාව පහත වැටීම තුලයි; එයට හේතුවී ඇත්තේ, පමන ඉක්මවා ඖෂධ භාවිතය, අක්මාවේ ආබාධ සහ සියදිවි නසාගැනීම වැඩිවීම යි. පොහොසත්ම සියයට 1 සහ දුගීම සියයට 1 ජීවිතාපේක්ෂා වෙනස, පිරිමින් සඳහා අවුරුදු 14.6ක් ද ගැහැනුන් සඳහා අවුරුදු 10.1ක් ද වේ. ජීවිතාපේක්ෂාවේ වැටීම බෙහෙවින්ම බලපා තිබෙන්නේ සුදු කම්කරුවන්ටය. 1999 සිට 2014 දක්වා සමයේ වයස 45 සිට 54 දක්වාවූ උසස් පාසල් අධ්‍යාපනයෙන් ඔබ්බට නොගිය සුදු අයගේ මරන අනුපාතිකය, 100,000ට 134න් ඉහල ගියේ ය. මෙය ව්‍යාජ වාම කන්ඩායම් “සුදු ජාතිකයන් ද පිරිමින් ද” වරප‍්‍රසාදිතයන් ය යන ව්‍යාජ වම්මුන්ගේ මුසා බිඳ දමයි.

48. පාලක පන්තියේ මූලෝපායඥයෝ, වැඩිහිටියන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීමේ වියදම කපාහැරීම සඳහා සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතාපේක්ෂන කාලය හීන කිරීම අවශ්‍යයයි දකිති. ඔබමා පාලනාධිකාරයේ ප‍්‍රමුඛ දේශීය සේවා ආරම්භකත්වය යයි කියනු ලබන ඔබමාකෙයා ද ඇතුලු පිලිවෙත් මගින්, සෞඛ්‍ය සේවයට එල්ල කරනු ලබන ප‍්‍රහාර යොදා ගෙන ඇත්තේ, මෙම වැඩසටහන ඉක්මන් කිරීමටය. ඔබාමාගේ ඊනියා “ඇෆොර්ඩබල් කෙයාර් ඇක්ට්” (දැරිය හැකි සේවා පනත - නැමති සෞඛ්‍ය සේවා කප්පාදු පනතේ) කේන්ද්‍රීය අරමුන වන්නේ, පොදු සෞඛ්‍ය සේවා වියදම් වලින් කොම්පැනි ද රජය ද ගලවාගෙන ඒ බර වැඩකරන ජනයාගේ කරපිටට පැටවීමය. එය ඖෂධ, පරීක්ෂන, සහ වෛද්‍ය ක‍්‍රම සඳහා රාජ්‍ය සංගත වියදම් කප්පාදු කර, රෝගීන් පුද්ගලික සමාගම් වලින් හෝ ආන්ඩුව දුවවන රක්ෂන හුවමාරු වලින්, මිල වැඩි නුසුදුසු වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට ඇද දමයි.

49. විශේෂයෙන්ම තරුන ජනයාගේ තත්ත්වය උග‍්‍ර ය. ටියුෂන් ගාස්තු අහස උසට නැගීම ද වැටුප් සහ රාජ්‍ය ආධාර කැපීම ද හේතු කොටගෙන සමස්ත ශිෂ්‍ය නය බර, කම්පාකාරී ලෙස ඩොලර් ට්‍රිලියන් 1.3 ක මට්ටමට නංවා ඇත. ඇමරිකානුවන් මිලියන 40ක් ශිෂ්‍ය නය බරට කරගසා සිටිති. මධ්‍යම ආන්ඩුවෙන් ගත් ශිෂ්‍ය නය ගෙවාගත නොහැකිව නය පැහැරහැරි සංඛ්‍යාව 2014 සියයට 6 ක් වූ අතර 2015 දී එය සියයට 7 විය. එක්සත් ජනපදයේ නිවාස රහිත ශිෂ්‍ය සංඛ්‍යාව මිලියන් 1.7කට නැගී තිබේ. ගතවූ දශකය තුල දෙගුනයකින් වැඩිවීමකි. නිවාස මිල හා ගෙවල් කුලී අහස උසට ඉහල යද්දී, වැටුප් පහත වැටීම හා විරැකියාව හමුවේ ඇමරිකානුවන් මලුමහත් පරම්පරාවක්ම නිවසක් මිලට ගෙන පවුලක් ඇරඹීමට අසමත්ව සිටිති. ඇමරිකානු ඉතිහාසයේ ප‍්‍රථම වතාවට තමන්ගේ දෙමව්පියන් හා සීයලාට වඩා නරක තත්වයකට ඇද වැටුනුු ඇමරිකානුන් පරම්පරාවක් දැන් සිටිති.

50. මේ අතර වියපත් කම්කරුවෝ, තම විශ‍්‍රාම හා සෞඛ්‍ය සහන සැලසුම් කොල්ලකෑමට මුහුනපා සිටින තත්වය තුල විශ‍්‍රාම ගත නොහැකිව සිටිති. වයස 55කට වැඩි ඇමරිකානුවන්ගෙන් සියයට 30ක් පමන විශ‍්‍රාම අරමුදලකින් හෝ සම්ප‍්‍රදායික විශ‍්‍රාම සැලැස්මකින් හෝ තොරව වාසය කරති. මුදල් ඉතුරු කරගෙන සිටින වයස 55 සහ 65 අතර අයගේ සාමාන්‍ය මාසික ආදායම ඩොලර් 310 කි. එක් අධ්‍යයනයකට අනුව, වයස 25 සිට 64 දක්වා අය සමස්ථ වශයෙන් ඩොලර් ට්‍රිලියන 6.8 සිට 14 ක් දක්වා වන, ”විශ‍්‍රාම ඉතුරුකිරීම් හිඟයකට” පත්ව සිටිති. මෙහි විපාක නම් වැඩිහිටි කම්කරුවන් අතර දුප්පත්කම උග‍්‍ර වීමයි. එහෙයින් බොහෝ වැඩිහිටි කම්කරුවන්ට පනරැක ගැනීම සඳහා දිගින් දිගටම රැකියාවක යෙදීමට සිදුවී තිබේ.

51. සමාජ අර්බුදයේ මෙවන් දර්ශකයන්ට ඔබ්බෙන් සංගතයන්ගේ කොල්ලය ද අයවැය කපපාදුව ද පොදුකාර්ය පිරිවැයේ පුලුල් දිරාපත් වීමක් ද බිඳවැටීමක් ද සිදුකර තිබේ. ෆ්ලින්ට් නගරයේ වැසියන් හා ඔවුන්ගේ දරුවන් පාවිච්චි කරන ජලයට ඊයම් විෂ මිශ‍්‍රවීම පෙන්නුම් කරන්නේ, මුලු රටේම ජලසම්පාදන පද්ධතියේ ජරපත් බවයි. ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ විසින් වෘත්තීය සමිතිවල ද ආධාරය ඇතිව, පොදු පාසල්වලට අරමුදල් සම්පාදනය කපා දමා එම මුදල් වරලත් ව්‍යවසායන්ට ලබාදී තිබේ.

2016 එක්සත් ජනපද ජනාධිපතිවරනය

52. 2016 ඇමරිකානු මැතිවරනයේ ගිනියම් ස්වභාවයට යටින් පවතින්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පුපුරා යාමත් එය විසින් රට තුල කම්කරු පන්තියට එරෙහිව එල්ලකර ඇති ප‍්‍රහාරයත් ය. අන් සියල්ලටමත් වඩා සමාජ කෝපය ද විරෝධය ද ප‍්‍රකාශ කෙරෙන ප‍්‍රාථමික වටය, ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් යන දෙපක්ෂය ම තෝරාගෙන ඇති අපේක්ෂකයන් දෙදෙනාම, ඇමරිකානු පාලක පන්තියේ දූෂිත බව ද සාපරාධී බව ද, වෙනස් ආකාරවලින් පුද්ගලාරෝපනය කරයි. නොවැම්බරයේ කවුරුන් ජනාධිපති ලෙස තෝරාගත්තත්, ඈ හෝ ඔහු ලෝක යුද්ධයට හෝ සමාජ විප්ලවයට මගපාදමින් පවත්නා ප‍්‍රති ඝතිතාවන් විසඳාලීමට සමර්ථ වනු නැත.

53. ධනේශ්වර පාලනයේ අර්බුදයට යටින්, කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ පලල් රැඩිකලීකරනයක් සහ සමස්ත දේශපාලන පර්යාය කෙරේ සතුරු බවක් ප‍්‍රකාශිත වෙයි. ප‍්‍රාථමික ඡන්ද විමසීම සමයේ කරන ලද මත විචාරනයක් පෙන්නුම් කලේ, ජනයාගෙන් සියයට 58ක්ම රිපබ්ලිකානු සහ ඩිමොක‍්‍රටික් අපේක්ෂකයන් දෙදෙනා ගැනම තෘප්තිමත් නොවන බව ය. සියයට 55ක් පැවසුවේ, තමන් ස්වාධීන ජනාධිපතිවරන ව්‍යාපාරයකට මනාප බවයි. මෙයට වයස 29 ට අඩු ඡන්ද දායකයින් ගෙන් සියයට 91ක කම්පාකාරී ප‍්‍රතිශතයක් අයත් විය. ලෝක ධනවාදයේ කේන්ද්‍රයේ සිදුවූ මෙම ඡන්ද ප‍්‍රකාශනය පෙන්නුම් කලේ, දැන් තරුන ජනයා බහුතරයක් තමන් ධනවාදී යයි සිතනවාට වඩා සමාජවාදී යයි සිතන බවය. ජනගහනයෙන් වැඩි ප‍්‍රතිශතයක් විශ්වාස කරන්නේ, වෛද්‍යාධාර, ආහාර සහ නිවාස වනාහි, ආන්ඩුව විසින් සහතික කල යුතු සමාජ අයිතීන් බවය. අති මහත් බහුතරය ධනවතුන්ට වැඩි වැඩියෙන් බදු පැනවීමට පක්ෂය.

54. දශක ගනනාවක් තිස්සේ සමාජවාදී අදහස් යට ගසා තිබුනු රටක, මිලියන ගනන් මිනිසුන් ධනවාදයට එරෙහි විකල්පයක් සොයමින් සිටින බව, සෑන්ඩර්ස් ට ලැබුනු සහායෙන් පෙන්නුම් කෙරිනි. සෑන්ඩර්ස් ගේ ව්‍යායාමයේ මුල පටන්ම ම සමාජවාදී සමානතා පක්ෂය ද ලෝක සමාජවාදී වෙබ් අඩවිය (wsws) අවධාරනය කලේ, ඔහු කම්කරුවන්ට සහ තරුනයන්ට ඉදිරි මාවතක් පෙන්නුම් නොකරන බවය. 2016 පෙබරවාරි යේ නිව් හැම්ප්ෂයර් ප‍්‍රාථමික ඡන්ද විමසීමේ දී සෑන්ඩර්ස් ලද මහත් ජයග‍්‍රහනයෙන් පසු අපි මෙසේ ලියා තැබුවෙමු: “සෑන්ඩර්ස් කතා කරන්නේ කම්කරු පන්තිය වෙනුවෙන් නොවේ, ඔහු කතා කරන්නේ සමාජ විරෝධය වැඩී ඒම ගැන බියවන, එය හිරකොට තැබීම සඳහා අරඅඳින පාලක පන්තියේ ද දේශපාලන සංස්ථාපිතයේ ද කොටසක් වෙනුවෙනි.”

56. සෑන්ඩර්ස් සිය ඡන්ද ව්‍යායාමය පුරාම, යුද්ධය සහ යුදවාදය පිලිබඳව කුමන සාකච්චාවක් හෝ මගහැරි අතර, ඇෆ්ඝනිස්ථානයේ හා මැදපෙරදිග යුද්ධ, ඩ්රෝන් බෝම්බ සහ රුසියාව සමග ආක‍්‍රමනකාරී ගැටුම් ද ඇතුලු ඔබාමා පාලනාධිකාරයේ විදේශ ප‍්‍රතිපත්තියට සිය සහාය පලකලේ ය. ඔහුගේ දේශීය පිලිවෙත සීමා වී තිබුනේ, දියාරු ප‍්‍රතිසංස්කරන යෝජනා වලටය. ඔහු බැංකු හා ප‍්‍රමුඛ ව්‍යාපාර ජනසතු කිරීම් ද ඇතුලු, ධනේශ්වර පර්යායට අභියෝග කරන පිලිවෙත් ප‍්‍රතික්ෂේප කලේ ය. ට‍්‍රම්ප්ටත් කලින් ආර්ථික ජාතිකවාදී පිලිවෙතක් ඉදිරිපත් කල සෑන්ඩර්ස්, චීනය ද තවත් රටවල්ද සමග වෙලඳ ගිවිසුම්, එක්සත් ජනපදය තුල සමාජ අර්බුදයට මුල් විය යයි හෙලාදුටුවේ ය.

57. සෑන්ඩර්ස් ක්ලින්ටන්ට සහය දෙන තතු තුල, ජන විරෝධය ඩිමොක‍්‍රටික් පක්ෂය පිටුපස ගාල් කිරීම සඳහා අලුත් දේශපාලන රාමුවක් ඇටවීමට අර අඳිනු ලැබේ. සෑන්ඩර්ස්ට උනන්දුවෙන් සහාය දුන් සංවිධානයන්ගෙන් සමහරක්, මේ වනවිට හරිත පක්ෂය සහ එහි අපේක්ෂිකා ජිල් ස්ටේන් ට සහාය දීමට පටන්ගෙන ඇත. ස්ටේන් කලින් කියා තිබුනේ, සෑන්ඩර්ස් හරිත පක්ෂයෙන් ඉල්ලීමට සූදානම් නම්, ඇය ඔහුට තැනදී ඉවත්වන බවය. හරිත පක්ෂය ධනේශ්වර පක්ෂයකි; දිගුකලක් ඩිමොක‍්‍රටික් පක්ෂයේ දේශපාලන මුක්කුවක් ලෙස කටයුතු කර තිබෙන එය, රූපික වශයෙන් ස්වාධීන අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම මගින්, ඩිමොක‍්‍රටික් පක්ෂය වමට හරවාගත හැකිය යි කියා සිටියි. ජාත්‍යන්තර වශයෙන් හරිත පක්ෂ, විශේෂයෙන් ජර්මනියේ දී, කප්පාදුවට සහ යුද්ධයට සහය දී තිබේ.

58. එක්සත් ජනපද හරිත පක්ෂයේ ක්‍රියාමාර්ගය වනාහි, පරිභෝජනය අඩු කිරීමේ ආර්ථික ජාතිකවාදය සහ සුලු ප‍්‍රතිසංස්කරනයන්ගේ ප‍්‍රතිගාමී යෝජනා සමග, ”වගකිවයුතු” සංගත පිලිබඳ මිථ්‍යාව තොරොම්බල් කෙරෙන්නකි. එය නිෂ්පදානයේ පෞද්ගලික අයිතියට විරුද්ධ නැත. සංගත හා මූල්‍ය ප‍්‍රභූවේ ආසක්තයන්ට වැදගත් ලෙස අභියෝගකරන කිසිවක් යෝජනා නොකරයි.

59. සමාජවාදී සමානතා පක්ෂයේ ජෙරී වයිට් ගේ ද නයිල්ස් නීමුත් ගේ ද ජනාධිපතිවරන ව්‍යායාමය යොමු කරනු ලැබ ඇත්තේ, එක්සත් ජනපදයේ ද ලෝකය පුරා ද ඉස්මතුවෙමින් පවත්නා අරගලයන් සඳහා, කම්කරුවන් සහ තරුනයන් අතර විප්ලවවාදී නායකත්වයක් ගොඩ නැගීම දෙසටය. යුද්ධයට, සමාජ අසමානතාවයට සහ ඒකාධිපතිත්වයට එරෙහි අරගලය සඳහා ධනේශ්වර පද්ධතියට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව සංවිධානය කිරීම අවශ්‍යයයි සසප අවධාරනය කර සිටී. අපගේ මැතිවරන ව්‍යාපාරය, බැංකු සහ ප‍්‍රමුඛ සංගත ජනසතු කිරීම ද මහ සංගත හා මූල්‍ය ප‍්‍රභූවේ ධනය කම්කරු පන්තිය විසින් අත්පත් කරගැනීම ද මිලිටරි හා පොලිස්-රාජ්‍ය ඔත්තු යාන්ත‍්‍රනය අහෝසි කිරීම ද ඇතුලත් සමාජවාදී පිලිවෙත් ක්‍රියාත්මක කිරීම පිනිස කම්කරුවන් උගන්වාගැනීමට වෙහෙසෙයි. සසප කම්කරු පන්තිය අධිරාජ්‍ය යුද්ධයට එරෙහිව බලමුලු ගන්වා ගැනීමට සටන් කරනු ඇත. සසප කම්කරුවන්ට ද තරුනයින්ට ද පැහැදිලි කරන්නේ, ඔවුන් මුහුන දී සිටින ඓතිහාසික ගැටලු එකක් වත්, කම්කරු පන්තිය දේශපාලන බලය සියතට ගෙන, ලාභය සඳහා නොව සමාජමය අවශ්‍යතාවය උදෙසා ආර්ථිකය සහේතුක සැලසුම් කරනය මගින් සමස්ත ලෝක ආර්ථිකය ම ප‍්‍රතිවර්තනය කිරීමේ ඒකායන මාර්ගයෙන් හැර අන්කිසි ආකාරයකින් විසඳිය නොහැකි බවයි.

වාර්ගික-ලිංගික අනන්‍යතාවේ දක්ෂිනාංශික දේශපාලනය

60. සෑන්ඩර්ස් ලබාගත් සහායේ ප‍්‍රමානය පාලක පන්තිය භීතියට පත් කලේ සෑන්ඩර්ස්ම නිසා නොවේ. පන්ති ප‍්‍රශ්න වඩ වඩාත් උග‍්‍රව ඉදිරියට එන ආකාරය එයින් ප‍්‍රකාෂිත වූ හෙයිනි. ෆොරින් එෆෙයර්ස් සඟරාවේ මෑත කලාපයක ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා ප‍්‍රකාශ කල පරිදි, “මෙම මැතිවරනයේ සැබෑ කතාන්දරය නම්, දශක ගනනාවකට පසුව අමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය, අන්තිමේ දී ජනගහනයේ බහුතරය මුහුනදී සිටින්නාවූ අසමානත්වයේ නැගීමට ද ආර්ථික පල්වීමට ද ප‍්‍රතිචාර දක්වමින් සිටින බවය. වර්ගය, ජනවර්ගය, ලිංගිකත්වය, ලිංගික යොමුව, භූගෝලය යනාදී අනෙකුත් භේදයන් කපාගෙන ඇමරිකානු දේශපාලනයේ හදවතෙහි සමාජ පන්තිය යලි ඉස්මතු වෙමින් තිබේ.”

61. මෙම ප‍්‍රවනතාවය ආපසු හැරවීම පාලක පන්තියේ දේශපාලන නියෝජිතයන් ට මගහැරිය නොහැකි කටයුත්තකි. විෂය මාරු කල යුතු ය. සමාජ අසමානත්වයේ සිට ආපසු වර්ගය, ලිංගිකත්වය සහ ලිංගික නැමියාව කරා. මාධ්‍ය සහ ඩිමොක‍්‍රටික් පක්ෂය නානකාමර වලට බහුලිංගික ප‍්‍රවිෂ්ටය, යුද හමුදාවල බහු ලිංගික සහභාගිත්වය, සරසවිවල පවත්නේ යයි කියන ලිංගික ප‍්‍රචන්ඩත්ව වසංගතය, එක්සත් ජනපදය තුල ජන වාර්ගික පිලිමල්බව සහ ගැටුම් යලි උග‍්‍රවී ඇති බවක් පිලිබඳ කෙරෙන කතාව යනාදිය පෙරමුනට ගෙන ඇත්තේ ඒ නිසයි.

62. විශේෂයෙන්ම මාධ්‍ය හා ඩිමොක‍්‍රටික් පක්ෂය, එක්සත් ජනපදය තුල පොලිස් මිනීමැරුම් වසංගතය කෙරෙහි දක්වන්නේ නරුම ආකල්පයකි. මෙය ඉදිරිපත් කරනු ලබන්නේ පන්ති පාලනයේ උපකරනයක් ලෙස නොව, සුද්දන් අප්‍රිකා-ඇමරිකානුවන් කෙරේ දක්වන වෛරයේ ප‍්‍රතිඵලයක් ලෙසය. මාධ්‍ය පන්ඩිතයන් “සුදු ඇමරිකාව” සහ “කලු ඇමරිකාව” ඉදිරිපත් කරන්නේ එකිනෙකාට වටහාගත නොහැකි වෙන් වෙන් ජාතින් දෙකක් ලෙස ය ප‍්‍රතිගාමී වර්ගවාදීන් ලෙස ඉදිරිපත් කරනු ලබන සුදු කම්කරුවන්ගේ ආර්ථික සහ සමාජ දුක් ගැනවිලි ඉදිරිපත් කෙරෙන්නේ, තමන්ගේ “වරයේ” සහ බලයේ අතීත යුගයකට පෙරලා යාමේ ආශාවකින් පෙලෙන්නවුන් හැටියට ගෙන ය.

63. එක්සත් ජනපදය “සුදු ඇමරිකාවක්” සහ “කලු ඇමරිකාවක්” ලෙස දෙකඩව ඇතැයි ද “සුද්දන්” හා “පිරිමින්” විශේෂ වරප‍්‍රසාද විඳිතියි ද යන කියමන් සසපය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලබයි. රට වාර්ගික වෛරයෙන් පිරි ඉතිරි ඇතැයි යන කතිකාව අපි ප‍්‍රතික්ෂේප කරමු. දකුනු ප‍්‍රදේශයේ ජිම් ක්‍රෝ වර්න භේදවාදය ද උතුරේ පුලුල් වාර්ගික වෙනස්කම් ද බලපැවැත්වූ සමයෙන් පසු මේ වනවිට පොදුජන විඥානයේ ඉමහත් වර්ධනයක් ඇති වී තිබේ. එක්ව ජීවත් වෙමින් දිලිඳු බවට හා විරැකියාවට එරෙහිව දිනපතා පොදු අරගල වලට එක් වන සියලු කම්කරුවෝ මහ සංගත විසින් වැටුප්, සහ සහන වලට එල්ල කරන ප‍්‍රහාරවලට විරුද්ධ පොදු සටනට ද එක්ව මුහුන දෙන්නෝය.

64. පොලිස් ඝාතන පිලිබඳ නිශ්චිත කරුන සම්බන්ධයෙන් ගතහොත්, පොලිස් මිනීමරුම් වලින් අසමානුපාතික ප‍්‍රතිශතයක් ඇෆ්රිකන්-ඇමරිකන් අය වන අතර, සංඛ්‍යාත්මකව වැඩි ගනන සුදු අය ය. එහෙත් පොලිසිය සුදු තරුනයන් මරා දැමීම කෙරේ මාධ්‍ය එතරම් අවධානයක් දෙන්නේ නැත; එම ගනන් හිලව් ඔවුන්ගේ වර්ගවාදී කතිකාවට ගැලපෙන්නේ නැති නිසාය. ගාඩියන් පුවත් පත ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන අනුව, ජුලි මස මැද වන විට පොලිසිය විසින් මරාදමන ලද 587 දෙනෙකුගෙන් 145 ක් කලුය; 94ක් හිස්පැනික් ගනයේ ය. 292ක් සුදු අයය. සමස්ත ජනගහනයේ ප‍්‍රතිශතයකට අනුව, අප්‍රිකානු-ඇමරිකානුවන්ට සමාන ගනනක් දේශීය (රතු ඉන්දියානු) ඇමරිකානුවන් ද පොලිසිය විසින් මරා දමනු ලැබේ.

65. තව ද ඩිට්රොයිට් හා ෆ්ලින්ට් වැනි නගරවල පොලිස් ප‍්‍රචන්ඩත්වය හා සමාජ ව්‍යසනය, ප‍්‍රධානකොටම වර්ගවාදයේ ප‍්‍රතිපලයක් බව පැවසීම වඩ වඩාත් අප‍්‍රිකානු-ඇමරිකානු නගරාධිපතිවරුන්, නගර සභිකයින් හා පොලිස් ප‍්‍රධානීන්ගේ පත්වීම් මගින් බොරු කර තිබේ. පසුගිය වසර හත හමාර තුල ඇමරිකාවේ රාජ්‍ය ප‍්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ අප්‍රිකානු-ඇමරිකානු ජනාධිපතිවරයෙකි. සියලු ජනවර්ගයන්ට අයත් කම්කරුවන්ගේ ජීවන තත්වය ඉමහත් ලෙස පිරිහී යාම ද අන් කවරදාකටත් වඩා පොලිස් ප‍්‍රචන්ඩත්වය ඉහල නැගී තිබීම ද හමුවේ රට පාලනය කලේ ඔහු ය. සමහර පොලිස් ඝාතන වලදී වර්ගවාදය නිශ්චිත ක්‍රියාකලාපයක් ඉටුකර තිබීම අවිවාදිත කාරනයකි. කෙසේ වෙතත් වර්ගවාදය පවතිනතාක් දුරට, පාලක පන්තියේ ධනය ආරක්ෂා කිරීමේ මෙවලමක් ලෙස, පොලීසියේ සමාජ හා දේශපාලන ක්‍රියාකාරිත්වය එය සමග බැඳී ගනියි. එබැවින්, වර්ගවාදයට හා පොලිස් ප‍්‍රචන්ඩත්වයට එරෙහිව සටන් වැදීම, පොදු පන්ති අවශ්‍යතා මත පදනම් වූ සියලු කම්කරුවන්ගේ එක්සත් ව්‍යාපාරයක් ඉල්ලා සිටියි.

66. එක්සත් ජනපදය තුල වර්ගවාදී දේශපාලනය වනාහි, කම්කරු පන්තියේ එක් කොටසක් තවත් කොටසකට එරෙහිව පිහිටුවාලීමේ ගෝලීය මූලෝපායේ එක් කොටසකි. ඩිමොක‍්‍රටික් පක්ෂයේ අනන්‍යතා දේශපාලනය සහ ට‍්‍රම්ප්ගේ ආර්ථික ජාතිකවාදී පිලිවෙත (සෑන්ඩර්ස් ගේ ජාතිකවාදී ප‍්‍රවනතාවය මේ හා සමාන්තරව ගමන් කරයි) යන දෙකම එල්ලකොට ඇත්තේ, ජාතික, ලිංගික, සහ වාර්ගික රේඛා සියල්ල කපා ගෙන කම්කරු පන්තිය තමන්ගේ වෛෂයික අවශ්‍යතා උඩ ඒකාබද්ධවීම වලක්වා භේද කොට ලීම උදෙසාය. එහෙයින් වාර්ගික සහ අනන්‍යතා දේශපාලනයට එරෙහි අරගලය වනාහි, ජාත්‍යන්තර කම්කරු පන්තිය, අසමානත්වයේ ද යුද්ධයේ සහ ඒකාධිපතිත්වයේ ද ප‍්‍රභවය වූ ගෝලීය ධනේශ්වර පද්ධතියට එරෙහිව පොදු අරගලයක් තුල ඒකාබද්ධ කීරීමේ සසප පිලිවෙතේ සංරචක කොටසකි.

ව්‍යාජ-වමට එරෙහිව මාක්ස්වාදය

67. දශක ගනනාවක් තිස්සේ, ප‍්‍රති-මාක්ස්වාදී සංවිධානයන් විසින් වගාකොට ඇති, අද දින ධනේශ්වර පාලනයේ ස්ථාවරත්වයට කේන්ද්‍රීය ව පවත්නා වර්ගය සහ අනන්‍යතාවේ දේශපාලනය, ජාත්‍යන්තර කමිටුව විසින් “ව්‍යාජ වම” යයි නිර්වචනය කරනු ලැබ ඇත. ගත වූ වර්ෂ ගනනාව තුල අතිශය තීරනාත්මක අත්දැකීම් ගනනාවක් තුලින් ගමන් කර සිටින ජාත්‍යන්තර කම්කරු පන්තිය, ඒවා තුලින් ව්‍යාජ වමේ අධිරාජ්‍යගැති කම්කරු විරෝධී ස්වභාවය දැකගෙන තිබේ. මේවාට ඊජිප්තුවේ හොස්නි මුබාරක් ගේ ඒකාධිපතිත්වයට එරෙහිව පැනනැගි විප්ලවවාදී ව්‍යාපාරය පීලිපැන්නවීම ද ලිබියාවේ නැටෝව ගෙන ගිය යුද්ධයට දුන් සහාය ද සිරියාවේ සීඅයිඒ පිටුබලය ලත් සිවිල් යුද්ධයට දුන් සහාය ද යුක්රේනයේ දක්ෂිනාංශික බලකොල්ලයට දුන් සහාය ද ඇතුලත් වේ. අන් සියල්ලටත් වඩා ග්‍රීසියේ “සිරිසා හෙවත් රැඩිකල් වමේ සභාගය” නම් ලත් සංවිධානයේ කටයුතු මේ පිලිබඳ උදාහරනය.

68. 2015 ජනවාරි මාසයේ දී සිරිසා සංවිධානය ග්‍රීසි‍යේ බලයට පත්වූයේ, යුරෝපීය සංගමයේ (යු.සං) සහාය ලත් කප්පාදු පියවර වලට විරුද්ධ වන බවට දුන් පොරොන්දුව සහිතවය. හැම ව්‍යාජ වාම සංවිධානයක්ම, මෙය වනාහි යුරෝපිය දේශපාලනයේ ගමන්මග වෙනස් කෙරෙන ප‍්‍රතිවර්තනීය සිද්ධියක් ලෙස වර්නනය කරන ලදී. බලයට පැමින සති කිහිපයකට පසුව, පෙබරවාරියේ දී යුරෝපා සංගමයේ කප්පාදු පියවර දිගින් දිගටම කරගෙන යාමට තවත් ගිවිසුමක් අත්සන් කල ඉක්බිතිව සිරිසා ආන්ඩුව, (තමන් බලයට පත් කල) කප්පාදු වලට එරෙහි ව ජූලි ජනමත විමසුමේදී “නැත” යනුවෙන් පලවූ ඡන්දය පාගා දමමින් නව කප්පාදු වැඩසටහනක් පාර්ලිමේන්තුවේ දී සම්මත කරගති. දැන් එය කටයුතු කරමින් ඉන්නේ, මැද පෙරදිග සහ අප්‍රිකාවේ අධිරාජ්‍යවාදය විසින් නිර්මිත මහා ව්‍යසනය නිසා පලා යන සරනාගතයින් යුරෝපයට ඇතුලු වීම වලක්වන “යුරෝපා බලකොටුවක්” ගොඩනැගීමේ පෙරමුනු පොලිස් බලඇනියක් ලෙස ය. සිරිසාවේ ක්‍රියා නිශ්චිතව නියෝජනය කලේ ධනේශ්වර දේශපාලනයේ පංගුකාරයෙකු ලෙස ව්‍යාජ වම ඉෂ්ට කරන්නාවූ භූමිකාවයි. එහි ම විවිධ රූප ගත් ජාත්‍යන්තර කොටස් අතර සෝෂලිස්ට් ඕගනිසේෂන්, සෝෂලිස්ට් ඔල්ටනටිව්, එක්සත් ජනපදයේ ඔකියූපයි (වාඩිලාගනු) ව්‍යාපාරයේ නානාප‍්‍රකාර පතුරු, ස්පාඤ්ඤයේ පොදෙමොස්, ජර්මනියේ ඩයිලින්ක් සහ ප‍්‍රන්සයේ නිව් ඇන්ටි-කැපිටලිස්ට් පාටි වෙති.

69. ව්‍යාජ-වමේ දේශපාලනය සමීපව සම්බන්ධ වන්නේ සත්තාවාදය (existentialism), ෆ‍්‍රැන්න්ක්ෆර්ට් ගුරුකුලයේ පශ්චාත් නූතනවාදය, ”පශ්චාත් මාක්ස් වාදය” සහ නව-අරාජකවාදය සමගය. මෙම සනුහරයේ එක සමකාලීන නියෝජකයෙක් ඔවුන්ගේ ආස්ථානය මෙසේ සාරාංශ කලේ ය:

සාරභූතව හේතුවාදී වන්නා වූ ද දෘෂ්ටිවාදයේ සහ බලයේ අධිකාරයෙන් නිදහස් කර ගත යුතුව පවත්නා වූ ද මනුෂ්‍ය ආත්මීයය වෙනුවට, සැබවින්ම පවතින්නේ, ආශාවන් හා උග‍්‍රතා බාහුල්‍යයක් තුල විසිරගියා වූ ආත්මීයයකි; ඒ සිය අනන්‍යතාවය ගැඹුරෙන් ම විවිධ බල ව්‍යූහයන් අතර විස්තෘත වූ ආත්මීයයකි. මෙය හා බැඳී පවත්නා වූ තවත් දෙයක් නම්, රැඩිකල් දේශපාලනයේ මස්තකයෙන් පන්තිය නම් ප‍්‍රවර්ගය ඉවත් කිරීමය. කම්කරු පන්තිය තවදුරටත් අත්‍යවශ්‍ය රැඩිකල් මාතෘකාව නොවන අතර දේශපාලන අරගල තවදුරටත් මාක්ස්වාදී සූත‍්‍ර අනුව හැඳින්වෙන පරිදි, ‘පන්ති අරගල’ විසින් නිර්නිත නොවෙති. ඒ වෙනුවට බොහෝ අය පෙන්වාදී ඇත්තේ, ගතවූ දශක දෙක තුල පැනනැගි ආකාරයේ, වර්ගවාදයට එරෙහිව කලූ සහ ජනවාර්ගික සුලුතරයන්ගේ අරගල, පුරුෂාධිපතිත්වයට එරෙහි කන්තාවාදීන්ගේ අරගල, සමලිංගික-භීතිකාවට එරෙහි සමලිංග සේවින්ගේ අරගල යනාදී වශයෙන් නව රැඩිකල් දේශපාලන ආත්මීයතා පැනනැගි අයුරු ය. මෙවා වනාහි භූතල දර්ශනය වර්නවත් කල පශ්චාත් නූතන දේශපාලන “නව සමාජ ව්‍යාපාරයන් වේ.” (Saul Newman, Unstable Universalities: Poststructuralism and radical politics 2007, පි. 3)

70. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ව්‍යාජ-වම නිර්වචනය කර ඇත්තේ, “මධ්‍යම පන්තියේ වරධාරී සහ පොහොසත් ස්ථරයන්හි සමාජ-ආර්ථික ආසක්තයන් පෝෂනය කිරීම සඳහා ජනතාවාදී සටන් පාඨ පාවිච්චි කරන දේශපාලන පක්ෂ, සංවිධාන සහ න්‍යායික /දෘෂ්ටිවාදාත්මක ප‍්‍රවනතා” යනුවෙනි. ව්‍යාජ වම “ප‍්‍රති-සමාජවාදී ය. පන්ති අරගලයට සතුරුය; එය කම්කරු පන්තියේ කේන්ද්‍රීය භූමිකාව ද සමාජය ප‍්‍රගතිශීලීව ප‍්‍රතිවර්තනය කිරීම උදෙසා සමාජවාදී විප්ලවයේ ආවශ්‍යකත්වය ද ප‍්‍රතික්ෂේප කරයි.” ... “සංගත වල සහ රාජ්‍යයේ ආයතන තුල වැඩි අනුකූලත්වයක් ලබා ගනිමින් ඔවුන්, ජනගහනයේ පොහොසත්ම සියයට 10අතර වඩා වාසිදායක ලෙස ධනය බෙදාහැරීම සඳහා ‘අනන්‍යතා දේශපාලනය’ ජාතිකත්වය, ජනවර්ගය, වර්ගය, ලිංගිකත්වය සහ ලිංගික නැමියාව පෝෂනය කරයි.” ඔවුන් අධිරාජ්‍ය ගැති ය, නව-යටත්විජිත යුද මෙහෙයුම් වලට සහාය දීම සඳහා ඔවුන් ‘මානව හිමිකම්’ සටන් පාඨ යොදා ගන්නා අතර නව යටත් විජිත මෙහෙයුම් වලට සෘජුවම සහයෝගී වෙයි.” [ඩේවිඩ් නෝර්ත්, පෙරවදන, ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, පශ්චාත් නුතනවාදය සහ ව්‍යාජ-වමේ දේශපාලනය: මාක්ස්වාදී විවේචනයක්]

සමාජවාදී සමානතා පක්ෂය හා කම්කරු පන්තිය

71. කම්කරු පන්තිය ද එහි තීරනාත්මක කොටස් තුල ද දේශපාලන නායකත්වයක් ගොඩනැගීම, එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ කේන්ද්‍රීය මූලෝපායික කර්තව්‍යය වේ. ලෝක ධනවාදයේ වෛෂයික ප‍්‍රවනතා විසින් වැටුප් වලට සහ සහනාධාර වලට එල්ල කෙරෙන ප‍්‍රහාරයන් ද සමාජ අසමානතාව උග‍්‍ර වීම ද මහා රැකියා විනාශය ද පොලිස් ප‍්‍රචන්ඩය ද අධිරාජ්‍යවාදී යුද්ධය ද යනාදියට එරෙහිව අසංඛ්‍ය අරගල පැනනගී. සසපය බලය අල්ලාගෙන කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක කොටසක් ලෙස එක්සත් ජනපදය තුල කම්කරු රාජ්‍යයක් නිර්මානය කිරීමේ දේශපාලන ව්‍යාපාරයක් තුල කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ මෙම අරගලයන් ඒකාබද්ධ කල යුතු ය.

72. කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ස්ථාපිත කරගත හැක්කේ, ව්‍යාජ වමේ සිට අන්ත දකුන දක්වා ධනපති පන්තියේ සෑම දේශපාලන සංවිධානයකට ම එරෙහිව, එම පන්තියේ ස්වාධීන අවශ්‍යතා නිර්නය කර ගැනීම මගිනි. මෙය ඉල්ලා සිටින්නේ, කම්කරුවන් සහ තරුනයන්ගේ රැඩිකලීකරනය තුලට, ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයේ ඓතිහාසික අත්දැකීම ගෙන ඒම තුලිනි. එම අත්දැකීම් අන්තර්ගතව පවතින්නේ, ට්‍රොට්ස්කිවාදයේ ද සකල ආකාර ස්ටැලින්වාදය, ප‍්‍රතිසංස්කරනවාදය, සංශෝධනවාදය සහ ජාතිකවාදයට එරෙහිව එය ගෙන ගිය අරගලයේ ද ඉතිහාසය තුල ය. මෙම දේශපාලන අරගලයේ පදනම උඩ පමනි පක්ෂයට අවශ්‍ය උපායික, සහ සංවිධානාත්මක ආරම්භකත්වයන් විස්තාරනය කරගත හැකි වන්නේ.

73. මෙම සම්මේලනය පවත්වනු ලබන්නේ, 1966 දී සමාජවාදී සමානතා පක්ෂයේ පුර්වගාමියාවූ වර්කර්ස් ලීගය පිහිටුවා ශතවර්ෂ භාගයකට පසුවය. වර්කර්ස් ලීගය පිහිටුවනු ලැබුවේ, 1960 ගනන්වල දේශපාලන රැඩිකලීකරනයේ මුල් අවධියේ දී, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිව කල අරගලයේ පදනම මත ය. මාක්ස්වාදී ව්‍යාපාරයේ වර්ධනය සිදුවිය හැකිව තිබුනේ, සමාජවාදී කම්කරු පක්ෂයේ සංශෝධනවාදීන් ද ඇතුලු සකල ආකාර වාර්ගික, ජනවාර්ගික, ලිංගභේදාත්මක සහ ලිංගික ප‍්‍රවනතාමය යනාදී අසංඛ්‍ය සුලුධනේශ්වර ප‍්‍රවනතා වලට එරෙහිව අශමනීය අරගලයක් තුලින් ඇමරිකානු කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව තහවුරු කීරීම හරහා පමනි.

74. සෝෂලිස්ට් ලේබර් ලීගයේ නායක ජෙරී හීලි වර්කර්ස් ලීගයට එවූ සුබපැතුම් තුල මෙසේ සඳහන් කලේ ය:

එක්සත් ජනපදයේ කම්කරු පන්තිය වනාහි ලෝකයේ අතිශයින්ම බලගතු කම්කරු පන්තියයි. ඔබ පක්ෂය ගොඩනැගිය යුත්තේ මෙම පන්තිය තුලයි. මෙය මාක්ස්වාදයේ ප‍්‍රධාන මූලධර්මයක් වන අතර එක්සත් ජනපදය තුල පවත්නා තත්වයන්ට සුවිශේෂ තීව‍්‍රතාවයකින් යුතුව අදාල වෙයි. අපගේ යුගයේ මූලික ගැටලු විසඳනු ඇත්තේ රට පුරා විසිර තිබෙන කලු බලය හෝ දුසිම් ගනන් සාම හා සිවිල් අයිතිවාසිකම් පිලිබඳ ව්‍යාපාර විසින් නොවේ; විප්ලවවාදී පක්ෂයක් විසින් නායකත්වය දෙනු ලැබූ කම්කරු පන්තිය විසින් ය. අප සංශෝධනවාදීන්ගෙන් බිඳී වෙන්වෙන්නේ හරියටම මෙන්න මේ කාරනයේ දී ය. නීග්‍රෝ වරුන්ට හෝ මධ්‍යම පන්තික ව්‍යාපාරවලට ඔවුන්ගේම හයියෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග දෙකින් එක බේරාගත හැකිය යන අදහස අපි තරයේ ප‍්‍රතික්ෂේප කරමු. එවන් ව්‍යාපාරවලට විටින් විට යම් හෝ විවේචනාත්මක සහායක් දීමට අපට සිදු වෙතොත්, ඒ ඔවුන්ගේ දෝෂයන් පිලිබඳ අපගේ විවේචන මත පදනම් වී ගෙනය.

75. ශතවර්ෂ භාගයක් ගතව තිබෙන අද දින, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අර්බුදය එකලට වඩා සාතිශයව ම උග‍්‍ර වී තිබේ. වාර්ගවාදී -ජාතිකවාදී දේශපාලනය එකලට වඩා අතිශයින්ම ප‍්‍රතිගාමී වේ. 1966 දී වර්කර්ස් ලීගය ආරම්භ කරන අවධියේ ඇමරිකා එක්සත් ජනපදය තුල සමාජවාදීය, කොමියුනිස්ට්වාදීය, ට්‍රොට්ස්කිවාදීයයි කියා ගනිමින්, වැඩකරන ජනතාවගේ නාමයෙන් කතා කරන නානාප‍්‍රකාර දේශපාලන සංවිධාන පැවතුනි. ඒවා විවෘතව ම වර්ගය, ලිංගභේදය හා ලිංගික යොමුව වැලඳගෙන, කම්කරු පන්තිය එහි දේශපාලන ස්වාධීනතාව උදෙසා සටන් කිරීම හා එක්සත් කිරීමේ මොනම ව්‍යායාමයකට හෝ විරුද්ධව සිටිති.

76. ගිය අවුරුද්ද තුල සසපයේ ද ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ද දේශපාලන බලපෑම ඉතා අර්ථභාරී ව සහ වේගවත්ව ඉහල නංවා ලීමේ හැකියාව පෙන්නුම් කල වර්ධනයන් ගනනාවක්ම දක්නට ලැබුනි. 2015 ශරදයේ මෝටර් කම්කරුවන්ගේ අරගලය තුල දී, මහ මෝටර් රථ සමාගම් තුන සහ යුනයිටඩ් ඔටෝ වර්කර්ස් වෘත්තීය සමිතිය විසින් පටවන ලද පාවාදෙන ගිවිසුම් වලට එරෙහි කම්කරුවන්ගේ විරුද්ධත්වය මධ්‍යයේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉස්මත්තට ආවේ ය. ඔටෝ කම්කරුවන් දහස් ගනනක්, ලෝසවෙඅ පල කල ඔටෝ වර්කර්ස් නිව්ස්ලෙටර් පත‍්‍රය කියවූ අතර සහ ඔටෝ කම්කරුවන්ගේ ස්වාධීන කම්හල් කමිටු පිහිටුවන ලෙස කරන ලද කැඳවුමට අනුකූලතාව දැක්වූහ. ඉන් ඉක්බිති වෙරිසෝන් කම්කරුවන් 39,000ක ගේ අරගලය ට සසප කල මැදිහත්වීම විය. දහස් ගනන් කම්කරුවෝ ලෝසවෙඅ පරිශීලනය කලහ. සසපය සංවිධනය කල අන්තර්ජාල සාකච්ඡා වලට සිය ගනනක් සහභාගි වූ අතර, සම්පූර්න ගිවිසුම එලිවනතුරු ද ඒ පිලිබඳව කම්කරුවන්ගේ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡන්දයක් පවත්වනතුරු ද කම්කරුවන් ආපසු වැඩට යා යුතුය යන නියෝගය අස්කරගතයුතු යයි පක්ෂය දියත්කල පෙත්සමට සියගනනක් කම්කරුවෝ අත්සන් තැබූහ.

77. මෝටර් සහ විදුලි පනිවුඩ කම්කරුවන්ගේ අරගල සම්බන්ධයෙන් පක්ෂය ගත් උපායික ආරම්භකත්වයන් මුල් බැස තිබුනේ, ලෝක ධනේශ්වර ක‍්‍රමයේ අර්බුදය පිලිබඳ ව්‍යාපාරයේ විශ්ලේෂනය තුල ද පැබ්ලෝවාදයට හා අවස්ථාවාදයට එරෙහි අප එක දිගට ගෙන ගිය අරගලය තුල ද කම්කරු පන්තිය තුලට කාවදිමින් එහි හොඳම කොටස් මාක්ස්වාදී ඉදිරිදර්ශනය සඳහා දිනාගැනීමට අප ගෙනයන දීර්ඝ අරගලය තුලද වේ. විශේෂයෙන්ම , වෘත්තීය සමිතිවල පරිහානිය ද ඒවා කම්කරු විරෝධී සංවිධාන බවට පරිවර්තනය වීම ද පිලිබඳ ජාත්‍යන්තර කමිටුවේ විශ්ලේෂනය, මෙම සංවිධාන පිලිබඳව මිලියන ගනන් කම්කරුවන්ගේ අත්දැකීම් සමග අන්තර් ඡේදනය වෙමින් පවතියි.

78. සසප කම්කරු පන්තිය තුලට දිශාගත වීම වර්ධනය කොට ගැඹුරු කලයුතු වේ. ව්‍යාපාරයේ දේශපාලන බලපෑම මගින් අත්කර ගැනෙන අරුත්බර වර්ධනයන් පක්ෂයට කම්කරුවන් දිනාගැනීම හැටියට සාක්ෂාත් කරගත යුතු වේ. සසප කම්කරු පන්තියේ තීරනාත්මක කොටස් තුල ක‍්‍රමානුකූල දේශපාලන වැඩ කරගෙන යා යුතුව ඇත. එම කොටස් වලට: මෝටර් රථ, වානේ, ඉන්ධන තෙල් සහ සෙසු කාර්මික කම්කරුවන් ද; ගුරුවරුන්, රජයේ සේවකයන්ගේ; සෞඛ්‍ය සේවකයන්; විදුලි සංනිවේදන කම්කරුවන්; තාක්ෂනික සේවකයන්, සේවා නියුතු කම්කරුවන්; සහ විරැකි හා විශ‍්‍රාමික සේවකයන් ද ඇතුලත් වේ. ඇමරිකා එක්සත් ජනපදයේ කම්කරු පන්තිය කටුක අරගලයක ඉතිහාසයක් ඇති යෝධ සමාජ බල වේගයකි. එය දැනුවත් දේශපාලන බලවේගයක් බවට පරිවර්තනය කල යුතුය.

79. රටපුරා ඇති විශ්වවිද්‍යාල තුල ද උසස් විද්‍යාල තුල ද තරුන කම්කරුවන් අතර ද සමාජ සමානතාව උදෙසා ජාත්‍යන්තර තරුනයන්ගේ සහ ශිෂ්‍යයන්ගේ ව්‍යාපාරය (සසජාතශි) ගොඩනැගීමේ ලා විශේෂ අවධානයක් දියයුතුය. වඩාත් තරුන ඡන්ද දායකයන් විසින් සෑන්ඩර්ස් කෙරේ දක්වා ඇති ඉමහත් සහාය පිලිබිඹු කරන්නේ, කම්කරුවන් ගේ මුලුමහත් පරම්පරාවක් තුල පනනැග ඇති පෘථුල දේපාලන රැඩිකලී කරනයයි. වඩාත් තරුන කම්කරුවන් ගේ දැනුවත් ජීවිතය ගත කරනු ලැබ ඇත්තේ ආර්ථික අර්බුදයේ, නිරන්තර යුද්ධයේ සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් විනාශයේ කාලපරිච්ඡේදයක් තුලය. ශතවර්ෂයකින් මොබ ප‍්‍රථම වතාවට, වත්මන් තරුන පරපුරට තම දෙමාපියන් මුහුන දුන් තත්වයන්ට වඩා නරක තත්වයන් තුල ජීවත් වීමට සිදුව ඇත. සසජාතශි ව්‍යාපාරයේ වර්ධනය සසපය ගොඩනැගීමට ද එහි දේශපාලන අනුහස පැතිරීමට ද තීරක පදනමක් වනු ඇත. තරුනයින් අතර සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ ලා අපගේ සාර්ථකත්වය කෙසේ වෙතත් තීන්දුවනු ඇත්තේ, ක‍්‍රමානුකූලව සරසවි තුල පෝෂනය කරනු ලබන පස්චාත් -නූතනවාදී සහ ව්‍යාජ වාම දේශපාලනයට එරෙහිව අප කරන අරගලය මත ය.

80. මානව වර්ගයාගේ අනාගතය රැඳී පවතින්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරයක වර්ධනය ද විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳාලීම ද මතය. මෙම කර්තව්‍යය ඉදිරියට ගෙනයා හැක්කේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ සමාජවාදී සමානතා පක්ෂය විසින් ම පමනි.

Share this article: