ඇමෙරිකානු දුෂ්ඨත්වය: ටෙක්සාස් වාහන අංගනයක නවතා තිබූ ට‍්‍රක් රථයක් තුල සංක‍්‍රමනියකයන් නව දෙනෙකු හුස්ම හිරවී මරනයට පත්වේ

American nightmare: Nine immigrants suffocate to death in trailer left in Texas parking lot

2017 ජුලි 24

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍ර‍්‍රම්ප් සෙනසුරාදා වර්ජිනියාහිදී නාවුකභටයින් ආමන්ත‍්‍රනය කල කතාවකදී “ඇමෙරිකානු අභිමානය හා කීර්තිය” ගැන පාරම්බාන අතරේ ටෙක්සාස්, අන්තෝනියෝහි ඇමෙරිකානු දුෂ්ඨත්වය දිගහැරෙමින් පැවැතිනි.

පැය 24ක් තිස්සේ දොරගුලුලෑ ට‍්‍රක් රථයක ට්‍රේලරය තුල සිරවී සිටීමෙන් අනතුරුව සංක‍්‍රමනිකයන් නව දෙනෙකු මරනයට පත්ව තිබූ අතර තවත් 19 දෙනෙකු බරපතල තත්වයකට පත්ව සිටියෝ ය. ට‍්‍රක් රථය නවතා තිබුනේ, සෙල්සියස් අංශක 100ක් තරම්වූ වෝල්-මාට් රථ අංගනයක එලිමහනේ ය.

දහවල් 12.30ට පමන, ට්‍රේලරය බිඳ එලියට පැනගත හැකිවූ ට‍්‍රක් රථයේ සිරව සිටි එක් සංක‍්‍රමනිකයෙක් වෝල් මාට් කම්කරුවෙක්ගෙන් ජලය ඉල්ලුවේ ය. ජලය ලබා දුන් කම්කරුවා උදව් ඉල්ලා 911ට දුරකථන ඇමතුමක් ලබා දුනි.

අදාල ස්ථානයට පැමිනි පොලිසිය හා සංක‍්‍රමනික නිලධාරීන් එලියට පැමින සිටි සංක‍්‍රමනිකයන් රැඳවුම්භාරයට ගත්තෝ ය. තවමත් ජීවත්ව සිටි අය අල්ලා ගැනීමෙන් අනතුරුව ලමයි දෙදෙනෙකුගේ ඇතුලු මල සිරුරු අටක් ට‍්‍රක් රථයෙන් එලියට ගනු ලැබී ය. ඔවුහු මියගොස් සිටියේ, උනුසුමෙන් පීඩාවට පත්වීම නිසා හෝ විජලනය හේතුවෙන් ය. පසුදා රෝහලේදී තවත් අයෙකු මරනයට පත් විය.

ඉරිදා දින වෝල්-මාට් සාප්පුව විවෘත කර තැබිනි.

දරාගත නොහැකි උනුසුමෙන් මරනය ඔවුන් වටකර ගනින්දී පන නල බේරාගැනීමට සංක‍්‍රමනිකයන් තැත් දැරූ අපාසහගත කොන්දේසි සිතා ගත නොහැක. සැන් අන්තෝනියෝ ගිනිනිවන ප‍්‍රධානි චාල්ස් හුඩ් මාධ්‍යයට කීවේ, සංක‍්‍රමනිකයක් “ස්පර්ශ කිරීමට නොහැකි තරමට ගිනියම්ව සිටි” බව යි. ඔවුන්ගේ හෘද ස්පන්දනය මිනිත්තුවකට 130වාරයකට වඩා වැඩි ය.

ඇතම් සංක‍්‍රමනිකයන් රථඅංගනයෙන් පිටතට පැනගිය බවට වාර්තා පලවෙන අතරේ ඔවුන්ව අත්අංඩගුවට ගෙන සිරගත කිරීම සඳහා වට පිට පලාත් පීරමින් පොලිසිය හා සංක‍්‍රමනික නිලධාරීන් මිනිස් දඩයමක් දියත් කලේ ය. හෙලිකොප්ටරයක් යාබද කැලෑවලට ඉහලින් පියාසර කරමින් උදෑසනවන තෙක්ම පලාගිය අය නිරීක්ෂනයේ යෙදෙනු දැකිය හැකි විය.

එක්සත් ජනපදයේ රැඳීමට අවසර ලැබෙනු ඇත්තේ, භූමදානය සඳහා මෘත ශරීරවලට පමනි. දිවිගලවා ගත් අය රැඳවුම් කඳවුරට තල්ලු කරනු ලැබ, ඔවුන්ගේ දුක්ගැනවිල්ල විනිසුරුවරයෙක් ඉදිරියේ ඉදිරිපත් කිරීමේ අයිතිය පවා බොහෝවිට නොමැතිව ඉක්මනින්ම පිටුවහල් කර දමනු ඇත.

ආගමන හා රේගු බලාත්මක කිරීමේ (අයිසීඊ) ක්‍රියාකාරී අධ්‍යක්ෂක තෝමස් හෝමාන් පහත ප‍්‍රකාශය නිකුත් කලේ ය: “පෙරදා රාත්‍රියේ එලිමහනට ආ බිහිසුනු අපරාධය, මිනිස් ජාවාරම් ජාලය ලුහුබැඳ, අල්ලාගෙන දඬුවම් කල යුත්තේ ඇයි ද යන්න ගැන තියුනු සිහිකැඳවීමකි.... මෙම ජාල ඔවුන් ජාවාරම් කරන අය පිලිබඳ ඒවාට ඇති තකතිරු නොතැකීම යලියලිත් පෙන්වා දී ඇත.... ඔවුන්ගේ නින්දිත ලාබ සඳහාම සංකේන්ද්‍රනය කෙරුනු මෙම බිහිසුනු ක්‍රියාවන්ට ගොදුරුවන අය හා මහජනයා ආරක්ෂා කිරීමට, අයිසීඊ පිරිමින් හා ගැහැනුන් අපගේ නීති ක්‍රියාත්මක කිරීමේ කොටස්කරුවන් සමග සාඩම්බරයෙන් නැගී සිටින්නෙමු”.

මනුෂ්‍ය වර්ගයාට එරෙහි සාපරාධයන් සඳහා අනාගත නඩුවකදී මූලික ආදර්ශකයක් වසයෙන් මෙම ප‍්‍රකාශය සේවය කරනු ඇත. ඇත්ත, සිදුව ඇත්තේ බිහිසුනු අපරාධයකි චෝදක විනිසුරන් පවසනු ඇත. තවදුරටත්, ලාභය සඳහා වන ඔවුන්ගේ ධාවනයේදී අපරාධකරුවන් ඔවුන්ගේ ගොදුරුවල ජීවිත ගැන තකතිරු නොතැකීමක් ප‍්‍රදර්ශනය කරති යන්න සත්‍යයකි.

කෙසේවෙතත්, සැන් අන්තෝනියෝහි සිදුවූ දෙයට මූලිකව වගකිව යුත්තේ, “මිනිස් ජාවාරම් ජාලය” නොවේ. අයිසීඊ, රේගු හා දේශසීමා මුරසංචාරක දෙපාර්තමේන්තුව (සීබීපී) හා එක්සත් ජනපද ආන්ඩුවේ ද්විපාර්ශවීය පිලිවෙත් ය, එයට වගකිව යුත්තේ. දුසිම් ගනනක් මරා දැමූ මෑත ලන්ඩනයේ ග්රෙන්ෆෙල් ගින්න සම්බන්ධයෙන් මෙන්ම, සැන් අන්තෝනියෝ ඛේදවාචකය සමාජ සංහාරයේ සිදුවීමක් වන අතර එයට වරදකරු වන්නේ පාලක පන්තිය යි.

1990 ගනන්වලදී, ජනාධිපති බිල් ක්ලින්ටන් යටතේ ඩිමොක‍්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් “ඔපරේෂන් ගේට් කීපර්” හා “ඔපරේෂන් හෝල්ඩ් දි ලයින්” වැඩසටහන් ක්‍රියාවට දැමී ය. නාගරික මංසන්ධි කලාප මිලිටරිකරනය කිරීමත් සංක‍්‍රමනිකයන් මිනිස් වාසයෙන් තොර කාන්තාරවලට හරවා යාමට බලකිරීමත් මෙම වැඩසටහන්වල ඉලක්කය විය.

2006 වසරේදී බුෂ් පාලනය යටතේ, කොන්ග‍්‍රසය සම්මත කල සෙකියුර් ෆෙන්සස් පනත සැතපුම් සියගනනක් දිග දේශසීමා කඩොලු ඉදිකිරීමට හා දේශසීමාව තවදුරටත් මිලිටරිකරනය කිරීමට පහසුකම් සැලසුවේ ය. එකල සෙනෙට් සභිකයන්වූ ජෝශප් බඩ්න්, හිලරි ක්ලින්ටන්, බැරැක් ඔබාමා, ජෝන් මැකේන් හා චාල්ස් ෂූමර් යන අය මෙම නීතිය සම්මත කිරීමේදී “ඔව්” යනුවෙන් ඡන්දය ප‍්‍රකාශකල අය අතර වූහ. 2010 වසරේදී, දේශසීමාවට ඩ්‍රෝන් යානා කන්ඩායමක් සහ සංක‍්‍රමනිකයන් අවහිර කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂක සෙබලුන් 1500ක් දියත් කල නීතියකට ඔබාමා අත්සන් කලේ ය. මෙම පිලිවෙත්වල ප‍්‍රතිපලයක් ලෙස දේශසීමා හරහා ඇතුලුවීමට උත්සාහ කිරීමේදී දහස් ගනනක් මරනයට පත් කරන ලදි.

ඩොනල්ඩ් ට‍්‍රම්ප්, අයිසීඊ හා සීබීපීයේ “විලංගු මුදාලීමට” ඔහු දුන් පොරොන්දුව ජීවමාන කරමින් ආගමනික ආයතනවල ප‍්‍රධාන තනතුරුවලට ෆැසිස්ට්වාදී හා සුදු අන්තවාදී උපදේශකයන් බඳවා ගෙන තිබේ. ට‍්‍රම්ප් පාලනය දැනටමත් 2017 පලමු මාස හයේදී සංක‍්‍රමනිකයන් 60,000ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙය, “පිටුවහල් කරන නායකයා” වසයෙන් සංක‍්‍රමනිකයන් විසින් හැඳින්වූ ඔබාමා සිදුකලාට වඩා දලවසයෙන් සියයට 40ක පමන ප‍්‍රතිශතයකි.

සැන් අන්තෝනියෝහි ඛේදවාචකය දේශපාලන සංස්ථාපිතය විසින් ප‍්‍රායෝගිකවම නොතකා හැර තිබේ. ඩිමොක‍්‍රටික් පක්ෂයේ ප‍්‍රතිචාරය සමන්විත වන්නේ ජාවාරම්කරුවන් හෙලාදකින ප‍්‍රකාශවලිනි. “ඔවුන් ප‍්‍රවාහනය කල මිනිසුන්ගේ ජීවිත ගැන කිසිදු සැලකිල්ලක් නොපෙන්වූ සිදුවීම සඳහා වගකිවයුතු ජාවාරම්කරුවන් සර්ව නීතිප‍්‍රකාරව දන්ඩනයට ලක්කල යුතුය” යනුවෙන්, සැන් අන්තෝනියෝ නියෝජනය කරන එක්සත් ජනපද කොන්ග‍්‍රස් සභික ජොකිම් කැස්ට්‍රෝගේ ප‍්‍රකාශය ද මේවාට අයත් ය.

ඒ සා පරිමාන සංක‍්‍රමනිකයන් සංඛ්‍යාවක් එවැනි බියකරු ගමන්වල නිරතව සිටීය යන කාරනය මෙක්සිකෝවේ හා මධ්‍යම ඇමෙරිකාවේ සමාජ අර්බුදයේ ගැඹුර පිලිබඳ සාක්ෂියකි. ශතවර්ෂයක පමන අධිරාජ්‍යවාදී සූරාකෑම හා මිලිටරි මැදිහත්වීම මගින් විනාශභාග් කෙරුනු එල් සැල්වදෝර්, ග්වාතමාලා, හොන්දුරාස් හා නිකරගුවා වැනි රටවල් එක්සත් ජනපදය පිටුබලය සැපයූ ආඥාදායකත්වයන් හා ඝාතක කල්ලි මගින් ශේෂකර ගිය මුද්‍රාවන්ගෙන් කිසිදා යලි ගොඩ ආවේ නැත.

එක්සත් ජනපද නායකත්වය දුන් යුද්ධවලින් මිලියන ගනනක් මරාදමමින් තවත් බොහෝ අයට පලායාමට බලකල මැදපෙරදිගින් පලාඑන සංක‍්‍රමනිකයන් සම්බන්ධයෙන් සත්‍ය වන්නේ ද මෙය යි. දහස් ගනනක් මධ්‍යධරනී මුහුදේ ගිලී මරුමුවට පත්ව තිබේ. 2015 අගෝස්තුවලදී, මැදපෙරදිග සංක‍්‍රමනිකයන් 71 දෙනෙකු ට‍්‍රක්රථයකින් ඔස්ට්‍රියාවට සංක‍්‍රමනයවීමට තැත්කල අවස්ථාවේදී හුස්ම සිරවී මරුමුවට පත්වූහ.

දශක ගනනාවක සූරාකෑම හා යුද්ධයේ බර යටතේ ඔවුන්ගේ නිවාස අත්හැර පලායාමට බලකෙරුනු ජනයාගෙන් ලෝකය කැලඹෙමින් තිබේ. 2015 එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව ලෝක සරනාගතයින්ගේ සංඛ්‍යාව මිලියන 65.3ක් හෙවත් එක්සත් රාජධානියේ, ප‍්‍රන්සයේ හෝ ඉතාලියේ ජනගනයට වැඩි සංඛ්‍යාවකි.

සරනාගත ප‍්‍රශ්නය ධනවාදී පද්ධතියේ නිෂ්පාදිතයක් වන අතර එය ඉල්ලා සිටින්නේ සමාජවාදී විසඳුමකි. ඉතිහාසයේ කවරකලෙකවත්, දේශසීමා හරහා ප‍්‍රාග්ධනය පහසුවෙන් ගලායාම සහ ජාතික දේශසීමා හරහා මිනිසුන්ට ගමන් කිරීමේ දුෂ්කරතාව අතර ඇති ප‍්‍රතිවිරෝධතාව මේසා තියුනු වී නැත. ලෝක ආර්ථිකය, අන්තර්ජාලය, ජංගම දුරකථන හා ඒකාබද්ධ කෙරුනු සැපයුම් මාර්ග සම්ප‍්‍රාප්තවීම හරහා වේගයෙන් අන්තර්සම්බන්ධ කෙරී පවතින අතරේ, ඊනියා ප‍්‍රජාතාන්ත්‍රික රටවල පාලක පන්තීහු, ලියොන් ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි, “රේගු තාප්පයක් හා බයිනේත්තු සමුදායක් මගින්” සීග‍්‍රයෙන් ඔවුන් ආරක්ෂා කරගනිමින් සිටිති.

ජාතිකවාදී වස සමග “වාම-ගාමී” සටන්පාඨ සමාදාන කිරීමේ වෑයම් සමාජවාදීන් ප‍්‍රතික්ෂේප කරයි. කෝබින්ගේ ලේබර් පක්ෂ මැතිවරන වැඩපිලිවෙලේ සඳහන් “සංක‍්‍රමනිකයන් සාධාරන ලෙස කලමනාකරනය කිරීම” සහ 2015 ජූලි 18දා වොක්ස් සමග පැවැති සෑන්ඩර්ස්ගේ සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කල අයුරින්, දේශසීමා විවෘත කිරීම, “ඇමෙරිකාවේ සෑම අයෙක්ම දුප්පත් කරන දක්ෂිනාංශික පිලිවෙතක්” ලෙස හෙලා දකින විට එක්සත් රාජධානියේ ජෙරම් කෝබින් හා එක්සත් ජනපදයේ බර්නි සෑන්ඩර්ස් ඔවුන්ගේ ධනපති ගැති දෘෂ්ටිය හෙලිදරව් කරයි.

ලෝකය ජාතික රාජ්‍ය තුලට බෙදාතිබීමට එරෙහිවන සමාජවාදීහු, ලෝකයේ භූගෝලීය සංවිධානය, ගෝලීය ආර්ථිකයේ ජාත්‍යන්තර ස්වභාවය සමග සහජීවනයට ගෙනඒමට කැඳවුම් කරයි.

එරික් ලන්ඩන්

Share this article: