කටාර් රාජ්‍යයට එරෙහි සෞදි ප‍්‍රහාරය හා භූ දේශපාලනික ගැටුම්වල ගෝලීය තීව‍්‍රතාව

The Saudi offensive against Qatar and the global intensification of geopolitical conflict

2017 ජූනි 6

ඊජිප්තුවේ සහ එහි සමීපතම ගල්ෆ් රාජ්‍ය සගයන්ගේ පිටුබලය සහිතව, සෞදි අරාබිය, බලශක්තියෙන් පොහොසත් කුඩා අසල්වැසි කටාර් රාජ්‍යයට විරුද්ධ ව රාජ්‍ය තාන්ත‍්‍රික හා ආර්ථික ප‍්‍රහාරයක් දියත් කර ඇත. මෙම ප‍්‍රහාරයේ ඉලක්කය ව ඇත්තේ ඉරානයට එරෙහි සෞදියේ යුදවාදී ස්ථාවරය සහ ඊජිප්තු මිලිටරි තන්ත‍්‍රයට නොමඳ සහාය ලබා දීම ද ඇතුලත් සිය කොල්ලකාරී ප‍්‍රතිපත්තිවලට සම්පූර්නයෙන්ම අනුගත වන ලෙසට එමිරේටයට බල කිරීම ය.

පසුගිය මාසයේ රියාද් බලා ගිය, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්, සෞදි ඒකාධිපතිත්වයට වොෂින්ටනයේ සහය ගිරිය පුප්පා දක්වමින් ඉරානයට එරෙහිව සුන්නි-අරාබි හමුදා සභාගයක් ඇටවීමේ සැලැස්ම ලබා දුන්නේය.

මෙම සහයෝගය, බොහෝ බටහිර ප‍්‍රවෘත්ති වාර්තා පවා පිලිගනු ලැබ තිබුනේ සෞදි - කටාර් ගැටුමක් දෙසට සෞදි අරාබියට “දිරි දීමක්” ලෙස ය. ඊයේ, යටින් ගෙන යන යුද්ධය නවතා දැමිය යුතු බව දන්වමින්, සවුදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන්, හා යේමනය කටාර් රාජ්‍යයට එරෙහිව පියවර මාලාවක් නිවේදනය කලේ ය.

ඔවුන් මීට ඇතුලත් කොට ඇත්තේ: සියලු රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා, කටාරය සමග පැවති සංචාරක හා ආර්ථික සබඳතා සිඳ දැමීම, කටාර් ගුවන් යානා, ඔවුන්ගේ ගුවන් අවකාශය භාවිතා කිරීමේ අයිතිය ඇතුලුව සියලු කටාර් ගුවන් පථ හා ගුවන් ගමන් ප‍්‍රතික්ෂේප කිරීම, කටාරයේ සියලු යාත‍්‍රාවලට සිය වරායයන් වසා දැමීම; හා කටාර් මත පදනම් අල්-ජසීරා සියලු ගුවන් විදුලි විකාශන වසා දැමීම යි.

සෞදි අරාබිය හා එහි ආසන්නතම ගල්ෆ් රාජ්‍ය සගයන් විසින් කටාරයේ දේශසීමා වසා දැමීම මෙන් ම ඔවුන්ගේ රටවල දැනට සියලු කටාර් පුරවැසියන්ට සති දෙකක් තුල පිටත් වන ලෙස නියෝග කිරීම ද මේ අතර වේ.

මෙම පියවරයන් එමිරේටයේ ආර්ථිකය කැලැත්තීමේ තර්ජනය මතු කර ඇත. තම එකම භූමි-දේශ සීමාව සෞදි අරාබිය සමග පවතින අර්ධද්වීපික රාජ්‍යයක් ලෙස, කටාරය සෞදි අරාබියේ සිට එන නැව්ගත ආහාර තොග මත දැඩි ලෙස විශ්වාසය තබා සිටියි. කටාර් හි ජීවත් වන මිලියන 2.3 ක් ජනයා අතුරින් සියයට 80 ක් පුරවැසි නොවන විදේශ කම්කරුවන් වන අතර මාධ්‍ය ආයතන වාර්තා කරන්නේ දෝහා හි සුපිරි වෙලඳසැල්වල දිගු පෝලිම් ගැසී තමන්ගේ රාක්ක හා ශීතකරන පුරවා ගැනීමට පොර බදන බවයි.

2014 දී, ඊජිප්තුවේ මැතිවරනයෙන් තේරී පත් වූ ජනාධිපතිවූ මුස්ලිම් සහෝදරත්ව නායක මොහමඩ් මොර්සි බලයෙන් පහ කල මිලිටරි කුමන්ත‍්‍රනයට එමිරේටය දැක්වූ විරුද්ධත්වය රියාදය අමනාප කල නිසා සෞදිය සහ ඔවුන්ගේ මිත‍්‍ර රාජ්‍ය කිහිපයක් කටාර් සමග රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා අත්හිටුවන ලදී.

කටාර් ආර්ථිකයයේ හුස්ම හිර කිරීමට තර්ජනය කෙරෙන ආර්ථික බාධකයක් වීමට සෞදියේ බර යෙදීම මගින් මොනවට විදහා පාන්නේ, වත්මන් ආරවුල ගුනාත්මකව වෙනස් ස්වාභාවයක් අත් කර ගෙන ඇති බව ය.

කටාරය, තම “භාරකාරත්වය” යටතට එනම්, තමන්ට ගැති රාජ්‍යයක තත්වයට පත් කිරීමට සෞදි අරාබිය උත්සාහ දරමින් සිටින බවට එය චෝදනා කරන්නේ හේතුවක් නැතිව නොවේ.

සෞදිය, කටාරයට චෝදනා කරන්නේ, ඔවුන් ඉරානය සම්බන්ධයෙන් දිගටම කරගෙන යන්නා සේ ම “ත‍්‍රස්තවාදය”ට සහය දක්වන බව ය. ඔවුන්, එය බහරේන්හි රාජකීය පවුලේ විරුද්ධ පාර්ශ්වයට, යේමනයේ සවුදි විරෝධී හවුති කැරලිකරුවන්ට, සහ සවුදි අරාබියේ විශාල වශයෙන් ෂියා මුස්ලිම්වරු සිටින අල්-ක්වටිෆ් කලාපයේ සෞදි පාලනයට විරුද්ධ පාර්ශ්වයට සහය දෙන බවට චෝදනා කර සිටී. කටාර් රජය දැඩි ලෙස මේ ප‍්‍රකාශ ප‍්‍රතික්ෂේප කර තිබේ.

රියාදය, මෙම එමිරේටය (කටාරය) සිරියාවේ අයිසිස් සමග සාමග්ගියෙන් සිටින බවට චෝදනා කර ඇත. සත්‍ය කරුන වන්නේ රාජධානි දෙකේ ම පාලක පවුල් එක්සත් ජනපදය සිරියාව තුල පාලන තන්ත‍්‍රය වෙනස් කිරීම සඳහා ගෙන ගිය යුද්ධයේ දී මූල්‍යමය උපකාර කිරීම, අයිසිස් සමග එක්ව සිටි බොහෝ අය ද ඇතුලු ව විවිධ ප‍්‍රතිගාමී ඉස්ලාමීය බලවේග සංවිධානය කිරීම හා සන්නද්ධ කිරීමේ දී ප‍්‍රධාන භූමිකාවක් ඉටු කල බව ය.

සෞදියේ වැඩි ප‍්‍රමුඛතාවය සහිත අරමුන වන්නේ කලාපීය ආනුභාවය සඳහා එහි ප‍්‍රධාන ප‍්‍රතිවාදියා ලෙස සලකනු ලබන ඉරානයෙන්, කටාරය ඈත් කර ගැනීමට බලපෑම් කිරීමයි.

කටාරය දකුනු සමක පර්සියානු බොක්කේ දැවැන්ත ස්වාභාවික ගෑස් ක්ෂේත‍්‍රයේ සම සංවර්ධනය ඇතුලුු, ඉරානය සමග පුලුල් ආර්ථික සබඳතා වර්ධනය කර තිබේ. ඊයේ, එය දොට්ට දමන තෙක්, කටාර් රාජ්‍යය, රියාදය විසින් පිහිටුවන ලද ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීම සඳහා යයි මතුපිටින් පෙන්වන ලද නමුත්, වඩ වඩාත් විවෘතව ප‍්‍රධාන වශයෙන් ෂියා ඉරානය මත යුද්ධය දියත් කිරීම සඳහා සුන්නි අරාබි සන්ධානයක හැඩය ගත් ජාත්‍යන්තර සභාගය වන ඉස්ලාමීය මිලිටරි සන්ධානයේ පසුබට සාමාජිකයෙකු ව සිටියේ ය.

පසුගිය සති අන්තයේ දී, කටාරය සෞදිය සැනසීමට ගත් ප‍්‍රයත්නයක දී, ඉරානය හා සබඳතා ඇති බවට වාර්තා වූ පලස්තීන ඉස්ලාමීය කන්ඩායමක් වන හමාස්හි නායකයින් රැසකට රට හැර යාමට නියෝග කල බව වාර්තා විය. එහෙත් සෞදිය මීට සලකන්නේ කුඩා වැඩි හා ප‍්‍රමාද වැඩි ප‍්‍රතිචාර ලෙසය.

ඉදිරි දින හෝ සති තුල දී, සෞදිය මිලිටරිමය පියවර මගින් කටාර් රාජ්‍යයට තර්ජනය කල හැකිය යන්න බැහැර කල නොහැකිව තිබේ. ඔවුන් මේ වන විටත්, එක්සත් ජනපදයේ සැපයුම් සහය සහිතව, යේමනයේ යුද්ධයක නිරත ව, ඉතිහාසයේ වෙන කවරදාකටත් වඩා පුලුල් මානුෂීය ව්‍යසනයකට මග පෑදු අතර, 2011 දී ඔවුහු බහරේන්හි ඒකාධිපති පාලන තන්ත‍්‍රය පෙරලා දැමීමට නැගී ආ මහජන රැල්ල වැලැක්වීම සඳහා මිලිටරිමය මැදිහත්වීමකට නායකත්වය දුන්හ.

ඊස්රායලය, කටාර් රාජ්‍යයට එරෙහි සෞදි ප‍්‍රහාරය උනුසුම් ලෙස පිලිගෙන ඇත්තේ, එමගින් ටෙහෙරානය දුර්වල වනු ඇතැයි ගනන් බලමිනි. සෞදිය මෙන් ම, සියොන්වාදී සංස්ථාපිතය ද ඉරානය දෙස බලන්නේ එහි ප‍්‍රධාන උපාය මාර්ගික ප‍්‍රතිවාදීයා ලෙස ය.

ට‍්‍රම්ප් හා ඔහුගේ පරිපාලන ප‍්‍රධානින් වන ජෙනරාල්වරුන්ගේ කල්ලිය වොෂින්ටනයට ඉරානයට එරෙහිව පවතින මතභේදයන් නැවත නැවතත් පැහැදිලි කර ඇත; ඉරාන න්‍යෂ්ටික ගිවිසුම පිලිබඳව එක්සත් ජනපදයේ දේශපාලන සංස්ථාපිතය තුල බරපතල වෙනස්කම් පැවතිය ද, ඩිමොක‍්‍රටිකයෝ, රිපබ්ලිකානුවන්ට නොදෙවෙනිව ඇමරිකාව ටෙහෙරානයට එරෙහිව පුලුල් ආර්ථික සම්බාධක දිගින් දිගටම ක‍්‍රියාත්මක කිරීමට සහ මිලිටරිමය ලෙස තර්ජනය කිරීමට සහාය දක්වති.

එමගින් කියවෙන්නේ රියාදය කටාරයට එරෙහිව ඇවිස්සීම දිරිමත් කිරීම හැර වෙනත් දෙයක් වොෂින්ටනයට අවශ්‍ය නැත යන්න ය.

ඇෆ්ගනිස්ථානය, ඉරාකය හා සිරියාව තුල එක්සත් ජනපද යුද්ධ සඳහා සහ ඉරානයට එරෙහි යුද සැලසුම් සඳහා නියමු කුටිය වන කටාරය එක්සත් ජනපද මධ්‍යම අනදෙන මූලස්ථානය මෙන් ම කේන්ද්‍රීය හමුදා නැවතුම් ප‍්‍රදේශයක් වේ. සවුදියේ කටාර් විරෝධී කන්ඩායමේ කොටසක් වන බහරේනය අනෙක් අතින් එක්සත් ජනපද පස්වන නාවික සේනාංකයේ නිවස්නය වේ.

නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රය චෝදනා කර ඇත්තේ, වොෂින්ටනයේ ගල්ෆ් මිතුරන් අතර තීව‍්‍ර වන ගැටුම්, “එක්සත් ජනපද මිලිටරිය සඳහා නැවුම් අනෙප්ක්ෂිත සංකූලතාවක් පිරිනමා ඇති,” බවයි.

සෞදිය, එක්සත් ජනපදයේ පිටුබලය ලබන ඊජිප්තුවේ මිලිටරි තන්ත‍්‍රයයේ සහාය ඇතිව, මැද පෙරදිග ජනතාවට තර්ජනය කරමින් දක්වන යුද්ධ හා හරඹ සංදර්ශනයන් වොෂින්ටනයෙන් ස්වාධීන ලෙස රඟ දැක්වුන ද ඒ්වා පමනක් නොව සෞදි තන්ත‍්‍රයේ වැඩෙන ආක‍්‍රමනකාරීත්වය ඇමරිකාවේ මූලික වගකීමෙන් බැහැර කල නොහැකි ය.

ඒ වෙනුවට, කටාර් රාජ්‍යයට එරෙහි සෞදි ප‍්‍රහාරය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සාහසික සහ ගිනි අවුලුවන සුලු භූමිකාවේ සඵල අනතුරු ඇඟවීමක් ලෙස සේවය කල මනා ය. තම පරිහානිගත ආර්ථික බලය ආක‍්‍රමනයන් සහ යුද්ධය මගින් හිලව්කිරීමේ එහි මෙහෙයුමේ දී, තමන්ගේ ම ප‍්‍රතිගාමී අවශ්‍යතා හඹා යන්නාවූ, සෑම වර්ගයකම දක්ෂිනාංශිකයන්, අර්බුද ග‍්‍රස්ත තන්ත‍්‍ර සන්නද්ධ හා “දිරිමත්” කරනු ලබයි. මීට හුදු පැවැත්ම ගැන තකන්නන්, තමන්ගේ සතුරන්ට කඩා පැනීමට හැක්කන් ඇතුලු ය. අර්බූදයක් ප‍්‍රකෝපිත කිරීමකින් වහාම එක්සත් ජනපදය සහ අනෙකුත් ලෝක බලවතුන් අවි අමෝරා ගන්නා මිලිටරි ගැටුමක් තුලට ඇදෙනු ඇත.

කටාර් හා සෞදි අරාබිය අතර හදිසි ගැටුමක් පුපුරන සුලු භූ-දේශපාලනික ආතතීන්ට තුඩු දෙනු ඇති අතර එම ප‍්‍රදේශය හරහා ඇදෙන පටලැවිල්ල ප‍්‍රධාන අධිරාජ්‍යවාදී හා මහා බලවතුන් අතර ගැටුම් අවුලවනු ඇතැයි යන්න, අඩුවෙන් සැලකිය යුතු නොවේ.

යථාර්ථය වන්නේ: 1991 සිට වොෂින්ටනය මැද පෙරදිග දියත් කරගෙන යන කොල්ලකාරී යුද්ධ මාලාව තවත් මිලියන ගනනක් ඝාතනය කෙරෙන, මිලියන ගනනාවක් සරනාගතභාවයට ඇද දමන, මුලු මහත් සමාජය ම සුනු විසුනු කරන, යුද්ධය සහ විනාශයකට වෙන කවරදාකටත් වඩා වැඩි ප‍්‍රදේශ ගිලගනිමින් තිබෙන බව ය. ඔවුන්ගේ සමුච්චිත බලපෑම පලමුවන ලෝක යුද්ධය අවසානයේ කලාපය මත ප‍්‍රන්ස හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ බලපෑමෙන් පවත්වාගෙන ගිය රාජ්‍ය පද්ධතිය ස්ථිර ලෙස බිඳ වැටීම හා මැද පෙරදිග යලි බෙදීමක් සඳහා වන නව ගැටුමක් හට ගැනීමේ අන්තරායට හේතු වනු ඇත.

සිරියාව තුල වර්ධනයන් වඩාත් පැහැදිලිව අනාවරනය කරන්නේ මැද පෙරදිග නැවත කොටස් කිරීම දැනටමත් ආරම්භ වී ඇති බවය. අයිසිස්ට එරෙහිව නාමිකව ඒකාබද්ධ අරගලයක් ගෙන යන අතර, සිරියාවේ යුද්ධය තුලට ඇදගෙන ඇති එක්සත් ජනපදය, රුසියාව, ප‍්‍රන්සය, ජර්මනිය, ඉරානය, තුර්කිය, සවුදි අරාබිය හා ඊස්රායලය ඇතුලු මහා බලවතුන් සහ කලාපීය බලයන් (ඒ එක් එක් බලයන්) ඔවුන්ගේ ම මූලෝපායික අවශ්‍යතා හඹා යමින් සිටී. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, රුසියාවට හා ඉරානයට එරෙහිව සිය මිලිටරි-මූලෝපායික ප‍්‍රහාරය එල්ල කිරීමේ දී සිරියාව එහි ප‍්‍රධාන යුද පෙරමුන වී තිබේ.

එය හුදෙක් සිරියාව මත පමනක් නොව, සමස්ත කලාපය ම අවුලවා ඇත. ලෝකයේ ඉතාම වැදගත් තෙල් නිෂ්පාදනය කරන කලාපය ලෙස මැද පෙරදිගට අත්වන ආර්ථික වැදගත්කම, හා යුරෝපය, ආසියාව හා අප‍්‍රිකාව අතර එකිනෙකට සවි කෙරෙන සව්වක් ලෙස එහි තීරනාත්මක භූගෝලීය පිහිටීම, අධිරාජ්‍යවාදී හා මහා බලවතුන් සියල්ලන්ට ස්වකීය අවශ්‍යතා තහවුරු කර ගැනීමට මැදිහත් වන ලෙස වඩ වඩාත් බල කෙරී ඇත.

ඇමරිකා එක්සත් ජනපදය පැත්තෙන් තම ලෝක මූලෝපායික ප‍්‍රිස්මය හරහා ඉරානයට එරෙහි සිය තල්ලුව දැක ගනී: චීනය යුරේසියානු ආර්ථික කොරිඩෝර සංවර්ධනය කිරීමේ එහි සැලසුම් හරහා ඉරානය සමග මූලෝපායික හවුලක් ගොඩනගා ගැනීම වැලැක්වීම සඳහා වන අවශ්‍යතාව ද; ඉරානයේ වෙලඳ හා තෙල්වල වාසිය ඇමරිකානු සංගත අභිබවා යුරෝපීය ප‍්‍රාග්ධනය මගින් අත්කර ගැනීම වැලැක්වීමේ අවශ්‍යතාව ද අන්තර්ගත ය.

ට්‍රොට්ස්කි පසුගිය සියවසේ දෙවන අධිරාජ්‍යවාදී ලෝක යුද්ධය නැග එන කාලය තුල පැහැදිලි කල පරිදි, මහා බලවතුන්ගේ යුද සිතියම් සඳහා එකම විකල්පය වන්නේ, පන්ති අරගලයේ සිතියම වේ. ස්වභාවික සම්පත්, වෙලඳපොලවල් හා මූලෝපායික වාසි සඳහා ප‍්‍රතිවාදී අධිරාජ්‍යවාදී පාලක ප‍්‍රභූව අවුලවන අරගලයට එරෙහි එකම පිලිතුර යුද්ධයට එරෙහිව සහ යල්පැන ගිය ධනේශ්වර සමාජ පර්යායට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමයි.

කීත් ජෝන්ස්

Share this article: