බි‍්‍රතාන්‍යයේ අර්බුදකාරී මැතිවරනය සහ කම්කරු පන්තිය මුහුනදෙන කර්තව්‍යයන්

Britain’s crisis election and the tasks facing the working class

2017 ජූනි 7

බි‍්‍රතාන්‍ය හෙට දින මැතිවරනයට යන්නේ අන්කවරදාටත් වඩා වෙනස් මැතිවරන උද්ඝෝෂනයක් අවසන් කරමිනි. කොන්සර්වැටිව් පක්ෂයට ලැබෙතැයි පෙර දකිනු ලැබූ දැවැන්ත ඡන්ද ප‍්‍රමානය සති කිහිපයක කාලයක් තුලදී පහත වැටුනු බහුතරයකට, කිසිවෙක්ට බහුතර බලය නොලැබෙන පාර්ලිමේන්තුවකට හෝ ලේබර් ජයග‍්‍රහනයකට පවා ඉඩ සලසා ඇත.

කෲර ත‍්‍රස්ත ප‍්‍රහාර දෙක ජීවිත දුසිම් ගනනක් බිලි ගත් අතර විශාල සංඛ්‍යාවක් අංගවිකල තත්වයට පත් විය. විශාල සංඛ්‍යාවක් ආයුධ සන්නද්ධ පොලීසිය වීදි සංචාරය කරති. රහසිගත හදිසි පියවරන් ලෙස වැදගත් මූලෝපායික ස්ථානවලට හමුදාව යැවීය.

අගමැති තෙරේසා මේ, තමන් සේවය කරන මූල්‍ය කතිපයාධිපතියන්ට සහ හමුදා-ඔත්තු සේවා තන්ත‍්‍රයට ඊලග මැතිවරනය තෙක් වසර දෙකක් ඉවසිය නොහැකි යයි තීරනය කල නිසාත් ඔව්හු ප‍්‍රධාන දේශපාලන සහ සමාජ කම්පනයන්ට මැදිවී ඇති නිසාත්, ඇය හදිසි මැතිවරනය කැඳවීය. පැහැදිලි වන්නේ ඔවුන්ට යන්තම් මාස දෙකක් පමනක් ඉවසිය හැකි බවය.

මේ බලාපොරොත්තු වී සිටියේ තත්වූ පරිද්දෙන් පාර්ලිමේන්තු ආඥාදායක්තවය පිහිටුවා ගැනීමටත්, කප්පාදු වැඩ පිලිවෙල තීව‍්‍ර කිරීමටත් සිරියාව සහ අනෙකුත් ස්ථානවල හමුදා මැදිහත් වීම කි‍්‍රයාත්මක කිරීම සඳහාත් ලේබර් පක්ෂය තුල අභ්‍යන්තර කාකොටා ගැනීම සහ ජෙරමි කෝබින්ට එරෙහි මෘග මාධ්‍ය උද්ඝෝෂනය යොදා ගැනීමටය. ඒ වෙනුවට මැතිවරන උද්ඝෝෂනය පෙන්නුම් කර ඇත්තේ ටෝරීන් පෙනීසිටින දේට එරෙහිව, කම්කරුවන් හා තරුන ජනයා කෙරෙන් උතුරා යන කෝපයයි. මෙම කම්කරුවෝත්, තරුන ජනයාත් කෝබින්ටත්, කප්පාදු වැඩ පිලිවෙල අවසන් කිරීමේ ඔහුගේ පොරොන්දුවටත් සහය පලකර ඇත.

ත‍්‍රස්ත සාහසිකකම් තම වාසියට හරවා ගැනීමට මේ විසින් දරන ලද පිලිකුල් සහගත ප‍්‍රයත්නය ඇගේ මුහුන ඉදිරියේ පුපුරා ගියේ ය. මැන්චෙස්ටර් බෝම්බකරු වූ සල්මන් අබෙදි ත් අවම තරමින් ලන්ඩන් ඝාතකයින් තිදෙනාගෙන් දෙදෙනෙකුවත් එම්අයි5 බුද්ධිඅංශය සහ පොලීසිය දැන සිටි බව පිලිබඳ ඇති ඉතා ප‍්‍රබල සාක්ෂි සනාථ කරන්නේ ලිබියාව, ඉරාකය සහ සිරියාව තුල ඇමරිකාව, බි‍්‍රතාන්‍ය සමග පෙලගැසී සිදු කරන යුද්ධවල ආදේශකයින් වශයෙන් භාවිතා කිරීමට ඉස්ලාම්වාදීන් විශාල සංඛ්‍යාවක් සම්පත් ලෙස ආරක්ෂා කෙරෙන බවයි.

තම අනාගතය පරදුවට තැබූ “හාඩ් බ්‍රෙක්සිට්” තර්ජන ඒ වෙනුවට සිදුකර ඇත්තේ මහා ව්‍යාපාරිකයන්ගෙත්, සිටි ඔෆ් ලන්ඩන්හිත් දැවැන්ත පදාසයක් විසින් ඇය හුදකලා කර දැමීමය. යුරෝපීය සංගමය සමග පශ්චාත්-බ්‍රෙක්සිට් වෙලඳ ගනුදෙනු සියයට 40 කින් සහ විදේශීය ආයෝජන සියයට 20 කින් කඩා වැටිය හැකිය යන තක්සේරුව මූල්‍ය ඛේදවාචකයක් පිලිබඳව අනතුරු අඟවා ඇත.

ට‍්‍රම්ප් පරිපාලනය මත පදනම් වීගෙන ජර්මනියේත්, ප‍්‍රන්සයේත් අනෙකුත් යුරෝපීය සංගමයේ රටවලත් අත් ඇඹරවීමට ගත් ඇගේ සැලැස්ම අතේ පත්තු වී ඇත. ට්‍රම්ප්ගේ “ඇමරිකාව පලමුව” යන තර්ජනවලට ජර්මනියේ ඇන්ජලා මර්කල්ගේ ප‍්‍රතිචාරය වූයේ ඇමරිකාව සහ පශ්චාත් බ්‍රෙක්සිට් බි‍්‍රතාන්‍ය තවදුරටත් විශ්වාස කල නොහැකි සගයන් ලෙස ප‍්‍රකාශ කිරීමයි. ඇමරිකාව සහ යුරෝපය අතර වැඩි දියුනුවෙමින් පවතින භූගෝලීය ආතතීන් ඉදිරියේ, ඇමරිකානු හමුදා සහ ආර්ථික ශක්තිය මත වාරුවෙමින් තම බලපෑම වැඩිකර ගැනීමේ බි‍්‍රතාන්‍යයේ සමස්ත විදේශීය ප‍්‍රතිපත්ති මූලෝපාය බිඳ වැටී ඇත.

කෙසේවෙතත්, කටුක සත්‍ය වන්නේ මේ ගේ කප්පාදු යුදවාදී සහ යුද්ධ ප‍්‍රතිපත්තිවලට එරෙහි අව්‍යාජ විකල්පයක් කෝබින් විසින් මෙහෙයවන ලේබර් ආන්ඩුවකට නොමැති වීමයි.

දශලක්ෂ ගනන් කම්කරුවන්ට ටෝරීන් ඉවත් කිරීමට අවශ්‍ය වන හෙයින් ඔව්හු ජාතික සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීමත් අවම වැටුප් මට්ටම් ඉහල දැමීමත් නව නිවාස තැනීමත් ගැන කෝබින් දී ඇති පොරාන්දු ඉටු කරන්නේ යැයි විශ්වාස කරමින් බ්ලෙයාර්වාදීන් ඉදිරියේ කෝබින් නිරන්තරයෙන් පසුබැසීම ගැන සමාව දීමට සූදානම් ව සිටිති. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයේ හමුදාමය න්‍යාය පත‍්‍රයට ගැලපෙන අවම සමාජ ප‍්‍රතිසංස්කරන ගලප්පා ගැනීමේ ප‍්‍රයත්නයේ තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සාක්ෂාත් කල නොහැක්කකි.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමේ පටන් ලෝක ධනවාදය එහි ගැඹුරුතම අර්බුදයට පල්ලම් බසිමින් සිටින විට බි‍්‍රතාන්‍යය ආර්ථිකව, දේශපාලනිකව සහ සාමාජීයව අස්ථාවර වෙමින් පවතී. ඒම ගැඹුරුතම අර්බුදය 20 වන සියවසේ පලමු අර්ධය හා බැඳුනු ෆැසිස්ට්වාදයේ සන්ත‍්‍රාසයත් යුද්ධයත් නැවතත් නිර්මානය කරමින් තිබේ. වෙලඳ යුද්ධය හා හමුදා ගැටුම් වල කොන්දේසි තුල බි‍්‍රතාන්‍යයේ “භූගෝලීය තරඟකාරිත්වය” සහතික කිරීමේ ප‍්‍රයත්නය රැකියා, වැටුප් සහ අත්‍යවශ්‍ය සේවාවන්වල විනාශයේ ඉහල දැමීමක් ඉල්ලා සිටියි.

මෙය මගින් කම්කරු පන්තිය සහ සුපිරි-ධනපතියන් අතර පරතරය සමාජ පිපිරීමක් ඇති කරන මට්ටමට ගැඹුරු වෙමින් පවතී. කතිපයාධිපතියන් සහ කම්කරුවන් අතර පවතින අවශ්‍යතාවන්හි ගැටුම් “සාධාරනත්වය ...... සුලුතරයකට නොව බහුතරයක් සඳහා” යන කෝබින්ගේ ආයාචනය මගින් සම්මුති ගැසිය නොහැකි තරමට ම තියුනු වී ඇත. වඩා නිවැරදි ලෙස කිවහොත් “ව්‍යාපාර සහ වෘත්තීය සිමිති සමග හවුලේ වැඩ කරන” ආන්ඩුව මගින් “කාර්මික දේශානුරාගයේ” ආකෘතියක් නිර්මානය කරන ලේබර්වරුන්ගේ ජාතික ප‍්‍රතිපත්තිය කම්කරුවන්ගේ රැකියා සහ ඔවුන්ගේ ජීවන තත්වයන්ගේ වියදමෙන් මේ විසින් සිදු කරගෙන යන වෙලඳ යුද්ධයේ න්‍යායපත‍්‍රයට කම්කරුවන් යටත් කිරීමේ මාවතකි.

වාම දිශාවට ලේබර් පක්ෂය තල්ලු කිරීමේ එල්ලය සහිතව ඊට ගලාගෙන පැමිනි සිය දහස් සංඛ්‍යාත ජනයාට පින්සිදුවන්ට කෝබින් පක්ෂ නායක්තවයට තෝරාපත්වූ දා සිට වසර දෙකක් පමන ගෙවී ගොස් ඇත. ඒ වෙනුවට, සිදු වී ඇත්තේ කෝබින් දකුනට පැද්දී යාමයි.

තමන් ඉවත් කිරීම සඳහා මාන බැලූ දක්ෂිනාංශික මන්තී‍්‍රවරුන් පලවා හැරීමට තම විරුද්ධත්වය පෑමත්, සිරියාවට එරෙහි හමුදාමය කි‍්‍රයාවන් සඳහා නිදහස් ඡන්දයට එකඟවීමත් සහ ට‍්‍රයිඩන්ට් තාප න්‍යෂ්ටික ආයුධ අලුත් කිරීමත්, සහ ඊලඟට මෙම පසුබැසීම් සියල්ලම තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට ඇතුලු කිරීම මගින් පෙන්නුම් කෙරෙන්නේ තම නායක්තවය යටතේ ලේබර් ආන්ඩුවක් කුමන කර්තව්‍යයක් ඉෂ්ට කරයි ද යන්නය.

මැන්චෙස්ටර් සහ ලන්ඩන් ත‍්‍රස්ත ප‍්‍රහාරවලට එරෙහි කෝබින්ගේ ප‍්‍රතිචාරය පිලිබඳව දැඩි අනතුරු ඇඟවීමක් උකහා ගත යුතුය.

කොන්සවේටිව් පක්ෂය ප‍්‍රහාර භාවිතා කරමින් මැතිවරනය ජයග‍්‍රහනය කිරීමට ප‍්‍රයත්න දරන්නේ කෝබින් ත‍්‍රස්තවාදයට මෘදු බවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් හුවාදක්වමින් තමන්ගේ ප‍්‍රයත්නය ශක්තිමත් කිරීම මගින් ය. මෙම චෝදනා සඳහා පදනම් වී ඇත්තේ නැටෝව විවේචනය කරමින් එල්ල කල ඔහුගේ පෙර ප‍්‍රකාශයත් සහ තමන් විසින් තාපන්‍යෂ්ටික ආයුධ භාවිතා කිරීමට අනුමැතිය දීම පැහැදිලිව ප‍්‍රකාශ කිරීමට ප‍්‍රතික්ෂේප කිරීමත් ය. කොන්සවේට්වරුන් ජුනි 8 ට පසුව රාජ්‍ය මර්දනය සඳහා තියුනු මාරුවීමකට සූදානම් වෙමින් සිටිති.

අන්තර්ජාල වාරනය සහ රාජ්‍ය අංශය තුල “ත‍්‍රස්තවාදය” සඳහා “සුරක්ෂිත අවකාශයන්” ඉවත් කිරීමේ පොලිස්කාර කි‍්‍රයාවන් ඇතුලු, “ත‍්‍රස්තවාදයට එරෙහි සටන” සඳහා මේ ගේ කරුනු හතරේ මූලෝපාය භාවිතා වන්නේ වැඩ වර්ජන අයිතිය තව දුරටත් සීමා කිරීම සඳහා පවතින පියවරන් සමග එකපෙලට යමින් දේශපාලන විරුද්ධත්වය වෙත කඩා පැනීමටය. ඇයගේ පහත ප‍්‍රකාශනය මගින් එහි ආඥාදායක හරය මූර්තිමත් කරයි; “මානව අයිතීන් පිලිබඳ නීති එය ත‍්‍රස්තයට එරෙහි සටන නතර කරන්නේ නම්, එය කිරීම සඳහා එම නීති අපි වෙනස් කරන්නෙමු” යන්නයි.

ලන්ඩන් ප‍්‍රහාර පිලිබඳ ඇගේ කථාව ඇය ඉරාකය සහ සිරියාවට එරෙහි හමුදා ප‍්‍රහාර වැඩි කිරීමේ තම පොරොන්දු ස්ථිර කිරීමට ද භාවිතා කලාය.

මේවා පිලිබඳව කෝබින් මුනිවත රකියි. ත‍්‍රස්ත ප‍්‍රහාර පිටුපස ඇත්තේ මැදපෙරදිග තුල බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයේ සාපරාධී මැදිහත්වීම් පෙරලා පත්තු වීම යන්න පැහැදිලි කරනවා වෙනුවට, ඔහු, ත‍්‍රස්තවාදයට එරෙහි සටනේ දී “කලහැකි ඕනෑම දෙයක්” කිරීමට තමන්ගේ ඇති සූදානම ප‍්‍රකාශයට පත් කරන අතර, ඔහු පොලීසියේ සංඛ්‍යාව අඩු කිරීම ගැන මේ හෙලා දැකීම තෝරාගෙන ඇත.

මේ ආකාරයට, ඔහු තමන්ව පිහිටුවා ගන්නේ සමාජ වෙනසේ අපේක්ෂකයා ලෙස නොව, නීතිය සහ පර්යාසෙහි අපේක්ෂකයා ලෙසිනි. තමන්ගේ ආන්ඩුවක් පිලිබඳව කෙසේවත් බිය විය යුතු නැත යන පාලක පන්තියට ඔහු ප‍්‍රදානය කරන පොරොන්දු පත‍්‍රයේ අර්ථය වන්නේ ලේබර් ආන්ඩුවක් බලයට පැමිනීම කෙසේවෙතත් තම ව්‍යාජ “වාමාංශික” භාෂාව මගින් යන්තම් මැතිවරන උද්ඝෝෂනය තුලදී තම ජාම බේරාගත් බවයි.

බි‍්‍රතාන්‍යයේ ව්‍යාජ වාම කන්ඩායම් කෝබින් තනි පුද්ගලයකු ලෙස දක්වමින් ඔහු ගැන ඇති ජනපි‍්‍රය මිත්‍යාවන් ගසාකමින් ලේබර් පක්ෂය කෙරෙහි කම්කරුවන්ගේ ඇති අවිශ්වාසය ජය ගැනීමට ප‍්‍රයත්න දරා ඇත. සමාජවාදී කම්කරු පක්ෂය මෙසේ ලියයි. “ලේබර් පක්ෂය දකුනට තල්ලු කිරීමට නැවත නැවතත් ප‍්‍රයත්න දැරූ අයට අපි සහය නොදෙමු. එහෙත්, කෝබින්ට සහය දැක්වීමේ එකම මාවත වන්නේ සියලු ලේබර් අපේක්ෂකයන්ට ඡන්දය දීමයි.” ලේබර් පක්ෂය ගැන කිසිදු සඳහනක් කිරීම මගහරින සමාජවාදී පක්ෂය “කෝබින් විසින් මෙහෙයවනු ලබන ආන්ඩුවකට” කැඳවුම් කරයි.

සිද්ධීන් සනාථකර ඇත්තේ නව නායකයකු පත් කිරීම මගින් ලේබර් පක්ෂය වෙනස් කල නොහැකි වීම බව සමාජවාදී සමානතා පක්ෂයේ අවධාරනය යි. අද පවතින ලේබර් පක්ෂය, ටෝනි බ්ලයාර් සහ ගෝඩන් බ‍්‍රවුන් යටතේ පැවැති සේමය.

ජුනි මස 8දා ප‍්‍රතිපලය කෙසේ වුවද, සමාජ සහ දේශපාලන ප‍්‍රතිගාමිත්වයේ මතුවීමටත්, උග‍්‍රවෙමින් පවතින යුද තර්ජනයටත් එරෙහි ජීවිතය සහ මරනය අතර සටනකට ලෝකය පුරා සිටින තම සහෝදර සහෝදරියන් මෙන් බි‍්‍රතාන්‍ය කම්කරු පන්තිය මුහුන දෙයි. එකම ඉදිරි මාවත ලෙස ඇත්තේ නව විප්ලවවාදී සමාජවාදී සහ ජාත්‍යන්තර ඉදිරිදර්ශනයක් සම්මත කිරීමයි. ඉතාමත් වැඩිදියුනු කම්කරුවන් සහ තරුනයන් ඉදිරියේ පවතින කර්තව්‍යය වන්නේ සසපට බැඳෙමින් එය කම්කරු පන්තියේ නව නායක්තවය ලෙස ගොඩ නැගීමයි.

කි‍්‍රස් මාස්ඩන්

Share this article: