මනුවෙල් නොරිඒගා සහ ඇමරිකානු මිලිටරිවාදය

Manuel Noriega and US militarism

2017 මැයි 31

පැනමාවේ හිටපු හමුදා බලවතා සහ ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවාවේ (සීඅයිඒ) හි දීර්ඝ කාලීන “සම්පතක්” වූ මනුවෙල් නොරිඒගා පැනමානු රෝහලක් තුල මොලයේ ශල්‍ය කර්මයකින් පසු සඳුදා රාති‍්‍රයේ මිය ගියේ ය.

1968 හමුදා කුමන්ත‍්‍රනයකින් බලයට පැමිනි ජෙනරාල් ඔමාර් තොරීසො නම් හිටපු හමුදා නායකයාගේ සැක සහිත මරනයෙන් පසුව නොරිඒගා තත්වාකාරෙයන්ම රාජ්‍ය නායකයා වශයෙන් පැනමාව පාලනය කලේය. තොරීසො දුගී ජනතාව සඳහා සමාජ ආධාර වැඩ සටහන් ආරම්භ කර තිබුනු අතර පැනමා ඇලේ ස්වෛරීත්වය නැවත භාර දෙන ලෙස බල කර තිබිනි. මෙය 1977 ගිවිසුමක කාටර් පරිපාලනය සමග සාකච්ඡා කල අතර මෙයට රිපබ්ලිකන් පක්ෂය උග‍්‍ර ලෙස එරෙහි විය. තොරීසොගේ මරනයට හේතුව ලෙස පුලුල්ව විශ්වාස කරන ලද්දේ සීඅයිඒ සංවිධානය මගින් සපයන ලදුව නොරීඒගා හවුල් කරගෙන අටවන ලද බෝම්බයක් මගින් යනුවෙනි.

“ඔපරේෂන් ජස්ට් කෝස්” නමින් වොෂින්ටනය විසින් පටබඳින ලද 1989 දී ඇමරිකාව දියත් කල ආක‍්‍රමනයක් මගින් නොරීඒගා බලයෙන් නෙරපා හරින ලදී. මත්ද්‍රව්‍ය ජාවාරම්, අනෙකුත් ජාවාරම් සහ මර්දනය යන චෝදනා මත, ඔහු පසුගිය තම ජීවිතයේ වසර 27 ක් සිර අඩස්සියේ ජීවත් වීමට නියමිත විය, එනම් පලමුව ඇමරිකාවේත්, පසුව ප‍්‍රන්සයේත් සහ අවසානව පැනමාවේත් වශයෙනි.

හිටපු පැනමා පාලකයාගේ මරනය පිලිබඳව ඇමරිකානු සංගත මාධ්‍යය තුල හිමි වූයේ අඩු අවධානයකි. ආසන්නව දශක තුනක් ගෙවීයාමත් සමග ඔහු පෙරලා දැමීමේ වොෂින්ටනයේ මැදිහත්වීම වටා පැවැති ගැටලු පොදු මහජන මතකයෙන් මැකී ගොස් ඇත.

කෙසේ වෙතත්, වග විභාග කිරීමට ලක්විය යුතු “ඔපරේෂන් ජස්ට් කෝස්” වටා සිදු වූ සිද්ධීන් විසින් ජනිත කරන ලද රටාව ලොව වටා ස්ථිරසාරව ඉහලයමින් පැවති ඇමරිකානු යුද්ධ සහ හමුදා මැදිහත් වීම් මාලාවක යලි යලිත් සිදුවිය.

මෙම යුගයේදී, පැනමා ආක‍්‍රමනය වනාහි වියට්නාම් යුද්ධය අවසන් වූවායින් පසුව ඇමරිකානු හමුදාව විසින් දියත් කරන ලද විශාලතම මෙහෙයුම විය. මෙම ආක‍්‍රමනයේ දී 26,000 ක පමන ඇමරිකානු හමුදාවන් සහභාගි වූහ. ඇමරිකාව විසින් වාඩිලා ගෙන තිබූ පැනමා ඇල සහිත කලාපයේ ඒ වන විටත් ස්ථානගත කර තිබූ අඩකටත් වඩා වන මෙම හමුදාව පහකට එකක් වශයෙන් සමස්ථ පැනමානු හමුදාව ඉක්ම වූහ. පැනමානු හමුදා මූලස්ථානය වටා පැවැති එල් චොරියියො මුඩුක්කු සහිත නාගරික දිස්ති‍්‍රක්කයට එරෙහි මුදා හරින ලද “ෂොක් ඇන්ඞ් අවෙ” මෙහෙයුම එහි මුල් කාලයේදී දහස් සංඛ්‍යාත සාමාන්‍ය පැනමානු ජනයා මරනයටත්, තුවාලවලටත් ගොදුරු කලේය.

ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්ගේ පරිපාලනය සඳහන් කලේ ඇමරිකානු හමුදා භටයකු මරා දැමුවායින් පසුව, ඇමරිකානු ජීවිත ආරක්ෂා කිරීම සඳහා මෙම ආක‍්‍රමනය සිදු කල බවයි. මෙම භටයා පැනමානු හමුදා මුරපොලක් තුලින් තම වාහනය නොනවත්වා ගමන් කරවමින් සිට ඇත. ඇත්ත වශයෙන්ම, මෙම සිද්ධිය වොෂින්ටනය විසින් මාස ගනනාවක් පුරා මාන බලමින් සිටි මෙහෙයුමක් සඳහා කඩතුරාවක් විය.

පැනමානු ආක‍්‍රමනය ආරම්භ වී දින දෙකකට පසුව ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂයේ පෙර ගමන්කරු වූ වර්කර්ස් ලීගයේ දේශපාලන කමිටුව ඇමරිකානු මැදිහත් වීම අධිරාජ්‍යවාදී ප‍්‍රකෝපකරනයක් ලෙස හෙලා දකිමින් ප‍්‍රකාශයක් නිකුත් කරන ලදී.

මෙම ප‍්‍රකාශය සඳහන් කලේ, “පැනමාවට එරෙහි ප‍්‍රහාරය පෙන්නුම් කරන්නේ, හමුදා බලයන් වෙත ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වැඩිවෙමින් පැවති නැඹුරුව” යි. එය තවදුරටත් සඳහන් කලේ “ශක්තියේ සංඥාවකට වඩා හමුදා බලයන් වෙත නැඹුරුව ප‍්‍රකාශ කරන්නේ ඇමරිකානු ධනවාදයේ දුබලතාවයත් සහ අර්බුදයත් ය. මූල්‍ය පද්ධතිය කඩා වැටීමට මුහුන දෙන්නා වූත් ඉහල යන වෙලඳ සහ අය වැය හිඟයකට මුහුන දෙන්නා වූත් වඩා කාර්යක්ෂම අධිරාජ්‍යවාදී තරඟකරුවන් ගේ විශේෂයෙන් ම ජපානයේ සහ බටහිර ජර්මනියේ තරඟයට මුහුන දෙන්නා වූත් ඇමරිකන් අධිරාජ්‍යවාදය ලතින් ඇමරිකාවේ රටවල් මත පවත්වා ගෙන යන ආධිපත්‍යය තවදුරටත් පවත්වා ගෙන යෑමට නො හැකි හෙයින් එය බලහත්කාරයෙන් පැටවීමට උත්සාහ කරයි.”

“තමන්ගේ පිලිකන්න” ලෙස වොෂින්ටනය විසින් සලකාගෙන සිටි ප‍්‍රදේශයක යුරෝපීය සහ ජපාන ආයෝජනවල වැඩිවෙමින් පවතින බලපෑම ග‍්‍රහනය කරමින් ප‍්‍රකාශනය තව දුරටත් සඳහන් කලේ “ඇමරිකාව මස් පිඩු නටවමින් සිටින්නේ හුදු නොරිඒගා පලවා හැරීමට පමනක් නොව තමන් ආර්ථිකව පසුබා සිටියද තමන්ට තවමත් තීරනාත්මක හමුදාමය වාසිය ඇති නිසා යුරෝපයේ සහ ආසියාවේ තම මූලික ආර්ථික ප‍්‍රතිමල්ලවයන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කිරීම සඳහාත් ය” යනුවෙනි.

“ආර්ථික දුබලතාවය සහ හමුදා ශක්තියේ සංයෝජනය වනාහි පුපුරන සුලූ මිශ‍්‍රනයකි. එහෙත් දීර්ඝ කාලීනව, පලමු සාධකය වඩාත් තීරනාත්මක වන අතර, ඇමරිකානු හමුදා ශක්තිය භාවිතයේ වැඩිවෙමින් පවතින මදාවිකාරබවේ අනිවාර්ය අර්ථය වන්නේ, අති දැවැන්ත විනාශයකට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ධාවනයයි.”

පැනමා ආක‍්‍රමනය සිදු වූයේ බර්ලින් තාප්පය බිඳ වැටී යන්තම් මසකට පසුවත්, පලමු ගල්ෆ් යුද්ධය ආරම්භ වී වසරකුත් සුලූ කාලයකට පසුවත් ය. මෙම ගල්ෆ් යුද්ධය තුල දී ඇමරිකානු අධිරාජ්‍යවාදය හමුදා ඉතිහාසය තුල අති තීව‍්‍රතාවයකින් ඉරාකයට බෝම්බ හෙලන ලදී. මොස්කව් ස්ටැලින්වාදී නිලධරය විසින් ධනවාදය පුනස්ථාපනය කිරීම, මගින් නිරාවරනය වූ අවස්ථාව ඩැහැ ගනිමින් හමුදා ප‍්‍රකෝපකරනයන් මාර්ගයෙන් ඇමරිකාව තම භූගෝලීය ආධිපත්‍ය පැතිරවීමට අධිශ්ඨානවත් වීය.

මහජන විරෝධතා සහ රට තුල සමාජ අරගල කොන්දේසි යටතේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජයේ උරුමය මකා දමමින්, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් පසුව පැවසූ පරිදි, ඇමරිකානු පාලක සංස්ථාපිතය් අභිලාෂය වූයේ “වියට්නාම් සින්ඩ්‍රෝමය (සහලක්ෂනය) පලවා හැරීමයි.”

පැනමාව තුල මිලිටරි ආක‍්‍රමනය සහ අවශ්‍යයෙන්ම විය යුතු ඇමරිකානු හමුදා ජයග‍්‍රහනයන්හි අර්ථය වූයේ මධ්‍යම ඇමරිකාවේ ඇමරිකානු-පිටුබලය සහිත ලේ වැකි යුද්ධ වල සිට ලෙබනනයෙන් ඇමරිකානු මැරයින් භටයින් පලවා හැරීම වූ ජාත්‍යන්තර පරාජයන් මාලාවක් යලි ආපස්සට හැරවීමයි. එය, ඉතිහාසයේ විශාලතම එක් දින වෙලඳපොල කඩා වැටීම වූ 1987 වසරේ “කලු සඳුදා” ව ඇතුලු දේශීය ආර්ථික සහ සමාජ අර්බුද වලින් අවමංගත කිරීම සඳහා ද සේවය කලේ ය.

මහා පරිමානයෙන් ගත් කල, පැනමානු ඒක පාර්ශවීය යුද්ධය දියත් කෙරුනේ තෙල් වලින් අඪ්‍ය මැද පෙරදිග ඇමරිකානු අධිරා්‍යවාදයේ ප‍්‍රථම මහා යුද්ධය සඳහා පූර්ව රංගනයත් ලෙසිනි. එය තම ආයුධ ද, අනදීමේ සහ පරිපාලන පද්ධතීන් ද, තම හමුදාවන්ගේ ලේ හැලීම් ද, සීමිත ලෙස වුව පරීක්ෂා කිරීමේ මාධ්‍යයක් පෙන්ටගනයට සැපයීය.

නොරීඒගා පාපතරයකු ලෙස යක්ෂාවේෂ කිරීම මත පදනම්ව තනා ගත් කාර්ය රටාව පැනමා ප‍්‍රහාරය සඳහා යොදාගත් අතර එය ඉන් අනතුරුව සිදු කෙරුනු නොයෙකුත් එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීම් ඇමරිකානු මහජනයාට විකිනීම සඳහා යොදා ගැනිනි.

පැනමානු ජෙනරාල්වරයා දූෂිත සහ මර්දනකාරී තන්ත‍්‍රයක නායකත්වය ඉසිලූ බවට සැකයක් නැත. එහෙත්, වොෂින්ටනය, හමුදා ආධාර සහ උපදේශකයින් මගින් පිටුබලය සැපයූ අනෙකුත් මධ්‍යම ඇමරිකානු රාජ්‍යවල නායකයින් සමග සැසඳීමේදී නොරීඒගාගේ දූෂන අඩු ය. ගුවතමාලාවේත්, එල් සැල්වදෝරයේත් ඝාතක කන්ඩායම් සහිත ඒකාධිපතිත්වයන්ට ගොදුරු වූවන් සිය දහස් සංඛ්‍යාත විය.

තවදුරටත් සලකා බලන කල පෙනී යන්නේ, නොරීඒගා කලායැයි කියාපාන අපරාධ සී අයිඒ සංවිධානය සමග සමීප සබඳතා හරහා සිදු වූ බවයි. ආක‍්‍රමනයට වසර දෙකකට පෙරාතුව ජීවිතක්ෂයට පත් වූ සී අයිඒ සංවිධානයේ අධ්‍යක්ෂක විලියම් කේසි පැනමානු පාලකයා පිලිබඳව පැවසූ වේ, “ඔහු මගේ කොල්ලා” යනුවෙනි.

තම සහෝදර ශිෂ්‍යයන් පිලිබඳ ඔත්තු සම්පාදනය කරමින්, තම පාසැල් වියේ සිටම නොරිඒගා ඇමරිකානු ඔත්තු සේවාවන් සමග හවුල් වී ඇත. වාර්තාගත අන්දමට වසරකට ඇ.ඩො. 200,000 ලබමින් ඔහු ලතින් ඇමරිකාව තුල ඉහලම මුදල ලැබූ සී. අයි. ඒ “සම්පත” බවට ස්ථාවරව පත් විය. පැනමානු හමුදා බුද්ධි අංශවල මුදුනේ සිටි ඔහු, පසුව රටෙහි බලවතා ලෙස, මධ්‍යම ඇමරිකාවේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප‍්‍රතිවිප්ලවවාදී යුද්ධ වලට ආධාර කරමින්, කොලොම්බියාවේ ප‍්‍රබල මත්ද්‍රව්‍ය කාටල වලට මෙන්ම කියුබාවේ කස්ත්‍රො ආන්ඩුවට ප‍්‍රනාලිය (conduit) සැලසුවේ ය.

ඔහු ගුවන් මගින් ඇමරිකාවට ගෙන්වා ගනිමින් මියාමි නුවර මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් ජාවාරම් ගැන චෝදනා මත නඩු විභාග කල විට, නොරිඒගා සී.අයි.ඒ. සමග සමීපව හවුල් වී තමන්ගේ යයි කියාපාන අපරාධයන් කල බවට සනාථ කරන ලිය කියවිලි තමන්ගේ ආරක්ෂාවට හඳුන්වා දීමට තැත් කලේය. එවැනි ලියකියවිලි සාක්ෂි සඳහා අවසර දීම මගින් ඇමරිකාවේ ආරක්ෂාව සම්මුති ගසනු ඇති බවත් “ජූරි සභාව ව්‍යාකූල වනු ඇති” බවත් යන ආන්ඩුවේ තර්කය සමග උසාවිය එකඟවීය.

සත්‍ය වශයෙන් ඇමරිකානු බුද්ධි අංශ සේවාවන් සහ ධවල මන්දිරය ඊනියා ඉරාන-කොන්ට‍්‍රා සිද්ධිය තුල නොරිඒගාගෙ මත්ද්‍රව්‍ය ජාවාරම් සබඳතා භාවිතා කල අතර, නිකරගුවාවට ප‍්‍රහාර එල්ල කල කොන්ට‍්‍රා කුලී භටයන්ට මුදල් ආධාරදීමේත් ආයුධ සන්නද්ධ කිරීමේත් රහසිගත මාධ්‍යයක් සැපයීම සඳහා කොලොම්බියානු කොකේන් රහසිගතව ගෙනයාමේ ජාවාරාම් ධවල මන්දිරය සහ සී අයි ඒ සංවිධානය අධීක්ෂනය කලේය.

එවක හිටපු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් ගේ කුහකකමේ උපරිමත්වය නොරිඒගා “මත්ද්‍රව්‍ය රජකු” සහ “ඝාතකයකු” ලෙස අපහාස කිරීමයි. 1970 දශකයේ හිටපු සී අයි ඒ අධ්‍යක්ෂක ලෙස, නොරිඒගා මුන ගැසීම සඳහා සංචාරය කර තිබුනු ඔහු නොරිඒගාට ලබා දුන් ගෙවීම් චෙක්පත් වල අවසාන වගකීම දැරිය යුතුය.

නොරිඒගා ට එරෙහි ප‍්‍රචාරය එක් යුද්ධයකට පසු තවත් යුද්ධයක් තුල දෝංකාර දුන්නේ සෝමාලි “යුද්ධ අධිපති” මොහොමඩ් ෆාරා හසන් අයිඩිඩ් භූතයකු බවට පත් කිරීමේ සිට සර්බියාවේ ස්ලොබොඩාන් මිලොසොවික් සහ ඉරාකයේ සදාම් හුසේන් නවීන ලෝකයේ “හිට්ලර්” යනුවෙන් ලේබල් ගැසීමත්, ලිබියාවේ මුඅම්මර් ගඩාෆි සහ සිරියාවේ බෂාර් අල්-අසාද් යුද අපරාධකරුවන් ලෙස අපහාස කිරීම දක්වාත් ය. නොරිඒගා මෙන් ම ඔව්හු සියලු දෙනාම පෙරාතුව වොෂින්ටනයේ අනුග‍්‍රහය ලබමින් එහි හවුල්කරුවෝ වූහ.

යුද්ධ ප‍්‍රශ්නය පිලිබඳව කිසියම් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විවාදයක් නැතිකම සහ සංගත පරිපාලිත මාධ්‍ය ජාලය මගින් තීරානාත්මක ආවරනයක් නැතිකම සම්බන්ධයෙන් ගත්කල පැනමාව නව රටාවක් සපයයි. ඇමරිකානු හමුදා යැවීමට පෙර යුද්ධ ප‍්‍රකාශ කිරීම පිලිබඳ ඡන්ද විමසීම කෙසේ වෙතත් ඇමරිකානු මහ ජනතාව දැනුවත් කිරීමක් හෝ කොන්ග්සය තුල විවාදයක් හෝ නොවීය. එක්සත් ජනපද වාර්තාකරුවන් හට අනිවාර්ය ආක‍්‍රමනය පිලිබඳ සැපයූනු හෝඩුවාව රහසක් ලෙස තබා ගන්නා ලෙසත් පෙන්ටගනයේ ක‍්‍රියාන්විතය පුරා යටහත් පහත්ව “එකතුවී” සිටින ලෙසත් පැවසිනි.

අවසාන වශයෙන්, පැනමානු යුද්ධයේ වාර්තාව පසුගිය වසර 16 පුරා වොෂින්ටනය විසින් ගෙනයන ලද හමුදා ප‍්‍රකෝපකරනය සඳහා ඉදිරිපත් කරන ලද යුක්ති සහගත කිරීමට ව්‍යාජයක් සපයයි; එනම් ඊනියා “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” යි. ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන්ට ආරෝපනය කරන ලද කුමන හෝ කි‍්‍රයාවකට පෙරාතුව, ඇමරිකානු මිලිටරිවාදය විසින් භාවිතා කරන ලද උපායයන් සහ ක‍්‍රමවේදයන් 1989 වන විටත් පැවතුනි. මේවා එවිට පීඩිත මධ්‍යම ඇමරිකානු අර්ධ-කොලනියක් යටත් කිරීමට භාවිතා කරනු ලදුව, අනතුරුව යුද්ධ සහ ප‍්‍රකෝපකරන මාර්ගයෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූගෝලීය ආධිපත්‍ය පැතිරවීමේ ධාවනය තුලදී යලි යලිත් යොදවන ලදී.

බිල්වෑන් ඕකන්

<

Share this article: