සමාජ අසමානතාව හා ග්‍රෙන්ෆෙල් මහල් නිවාසයේ ගින්න

Social inequality and the Grenfell Tower inferno

2017 ජූනි 19

ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් මහල්නිවාසයේ ගින්න, හුදෙක් බ්‍රිතාන්‍යයේ පමනක් නොව සමස්ත ලෝකයේම සමකාලීන ධනවාදී සමාජයේ සමස්ත කුනුවීම ඉස්මත්තට ගෙන එන සිදුවීමකි.

ඔවුන් කම්කරු පන්තිය හා දිලිඳු ජනයා වීම නිසාවෙන් මිනිසුන් සියයක් පමන (අවසන් ගනන් ගැනීමේදී මෙම සංඛ්‍යාව තවත් ඉහල යා හැක) පිලිස්සී මරනයට පත් වූහ. වංවාච, සොරකම හා සමාජ මංකොල්ලකෑම මගින් මුදල් ඉපැයීම සඳහා නිමක් නැති පෙරේත ආශාව මගින් මෙහෙයවන පාලක ප‍්‍රභූවක් විසින් ලෝකයේ ධනවත්ම මිනිසුන් සමහරෙකුගේ දෑස් ඉදිරිපිට ඔවුන් ඝාතනය කර ඇත.

සමාජ අසමානතාවේ අසමනීය වර්ධනය, ඉතිහාසයේ පූර්වයෙන් දෘෂ්‍යමානවූ සියල්ල පරයා සිටී. ලන්ඩන් වැසියන්ගෙන් තුනෙක් එකකට ආසන්න සංඛ්‍යාවක් දරිද්‍රතාවේ දිවි ගෙවති. මොවුන්ගෙන් බහුතරයක් වැඩකරන ජනයා ය. ධනවතුන් හා දුප්පතුන් ඉතා සමීපව ප‍්‍රාන්ත වල දිවිගෙවන නමුත් ඔවුන් ජීවත් වන්නේ වෙනම ග‍්‍රහලෝකවල ය.

ලන්ඩන් නිවාසවල ගෝලීය සමපේක්ෂනය කෙතරම් ද යත්, කිසිදාක ඒවායේ අයිතිකරුවන් පදිංචිව නොසිටි බහුමිලියන වටිනාකමකින් යුත් “අවතාර ගෙවල්” 20,000ක් පමන ඇත. එක් නිවසක දල වටිනාකම පවුම් 675,000ක් වන අතර මිලියන සංඛ්‍යාත ජනයාට ඒවා මිලට ගැනීමේ හැකියාවක් නැත.

ග්‍රෙන්න්ෆෙල් මහල් නිවාස වැසියන් ජීවත්වූයේ එක්සත් රාජධානියේ, ටෙරස් නිවාසයක සාමාන මිල පවුම් මිලියන හතරක් පමන වන ධනවත්ම ඡන්ද කොට්ඨාශයක පිහිටි වඩාත්ම දුප්පත් පලාත්වලින් එකක මාරක උගුලක් තුල ය.

කොන්සර්වේටිව් පක්ෂයේ අධිකාරීහු ග්‍රෙන්ෆෙල් මහල් නිවාසයේ ආරක්ෂාව තිරකරනවා වෙනුවට කොට්ටාශයේ ධනවත් නිවැසියන් වෙනුවෙන් දේපලෙහි අශෝබනත්වය අවම කොට දැක්වීමටත් එයින් ඔවුන්ගේ දේපල වටිනාකම සෘනාත්මකව බලපෑමක් නොවනු ඇති බවට සහතික කිරීමටත් බාහිර ආවරනයක් යෙදූහ.

මෙම කර්තව්‍යයේ නිරතව සිටි, රයිඩන් හා හාලි ෆැසේඩ්ස් සමාගම් එම කටයුත්තට ගින්නට ඔරොත්තු නොදෙන ලාබ ඇලුමිනියම් හා පොලිතීන් පනේල සවිකලේ ය. ඒ පවුම් 5,000ක් ඉතිරි කර ගැනීම වෙනුවෙනි. ජල විදින සවිකෙරුනේ නැත.

යොදාගත් අමුද්‍රව්‍ය තහනම් කිරීමට තිබූ ඒවා බව චාන්සලර් පිලිප් හැමොන්ඩ් පිලිගත්තේ ය. තතු එසේවෙද්දී, පූර්ව ගිනිගැනීම්වලින් අනතුරුව හඳුන්වා දෙනු ලැබූ ආරක්ෂක නිර්දේශ ගනනාවක් අහෝසිකරනු ලැබුවේ හා නිවාස ආරක්ෂන රෙගුලාසි කාබාසිනියා කිරීමේ ක්‍රියාදාමයක් හරහා මෙයාකාර සාපාරාධී හැසිරීමකට පදනම නිර්මානය කලේ ටෝරි ආන්ඩුව යි.

වසර තුනකට ඉහතදී, එකල ලන්ඩන් නගරාධිපති බොරිස් ජොන්සන් ගිනි නිවන මධ්‍යස්ථාන දහයක් වසා දැමුවේ ය. මෙයින් ගිනිනිවන භටයින් 552කුගේ රැකියා ද ගිනි නිවන රථ 14ක් ද අහිමි කෙරිනි. ඔහුගේ තීන්දුව ප‍්‍රශ්න කලවුන්ට ඔහු කීවේ, “තොලොංචිවෙලා පලයවු” යනුවෙනි.

එහෙත් ග්‍රෙන්ෆෙල් කුලුනේ මනුෂ්‍ය සංහාරයට මූල හේතුව සෙවිය යුත්තේ එයටත් පූර්වයෙනි. අපරාධයට චෝදනා ලැබිය යුත්තන් අතර, බ්‍රිතාන්‍ය සමාජ කාන්තාරයක් බවටත් ලන්ඩනය ධනවතුන්ගේ කෙලිබිමක් බවටත් පරිවර්තනය කිරීමේ ක්‍රියාදාමය ඇරැඹූ මාග‍්‍රට් තැචර්; තමන් වෙනුවෙන් පවුම් මිලියන 27ක දේපල සම්පතක් ගොඩ නගන අතරේ කවුන්සිල් නිවාස මිලියනයක් විකිනීම ද ඇතුලත් කරගත් “තැචර් විප්ලවය” සමාප්තියකට ගෙන ආ ටෝනි බ්ලෙයාර්; කම්කරු පන්තිය සඳහා “කප්පාදු යුගයක්” ප‍්‍රකාශයට පත් කරන අතර තුර නගරයේ හා බ්‍රිතාන්‍යයේ අධ්‍යක්ෂ මන්ඩලවල මහුගේ මිතුරන් සඳහාත් ටෝරි පක්ෂය අරාසිටින ඉඩම් හිමියන් සඳහාත් “රෙගුලාසි ඉවත් කර දැමූ” ඩේවිඩ් කැමරන් වෙති.

මේ දුෂ්ටත්වයට යුක්තිය ඉටු කිරීමට, පහත පේලි ලියූ වත්මන් එංගල්ස්ව කැඳවමු:

ලන්ඩනය සම්බන්ධයෙන් සැබෑ වන දේ මැන්චෙස්ටර්, බර්මින්හැම්, ලීඩ්ස් හා අනෙකු විශාල නගර හැම එකක් සම්බන්ධයෙන්ම ද සැබෑ වෙයි. එක් පැත්තකින් වනචර නොතැකීම හා උග‍්‍ර මමංකාරයය; අනෙක් අතින් අඥාත සමාජ දුක්ඛය ය; නිරන්තර සමාජ යුද්ධය ද සමග සෑම මිනිසෙකුගේම නිවාසය පරසතුරන් ගෙන් වටව තිබීම, හැම තැනකම අන්‍යෝන්‍ය කොල්ල ය සහ ඊට නීතියේ අනුග‍්‍රහය. මේ සියල්ල කොතරම්ම නිර්ලජ්ජිතව, කොතරම්ම එලිපිට ප‍්‍රසිද්ධියේ කරගෙන යනු ලැබේ දැයි යි කිවහොත් අපගේ සමාජ තත්වයේ විපාක නග්නව මතුවන සැටි දකින්නා පිලිකුලන් හකිලෙනු ඇත; එවන් තතුතුල මුලු උමතු වියමනම තවමත් නොලිහීබැඳී එකට තිබීම ගැන පුදුම වීම ට සිදුව ඇත.

එය තාමත් “එක්ව රැඳී පවතින්නේ” නම් ඒ සිදුව ඇති දෑ සම්බන්ධයෙන් කැකෑරෙන වෛරයට දේශපාලන ප‍්‍රකාශනයක් සොයාගත නොහැකි නිසා පමනකි. මේ ට ඉල්ලා අස්වෙන්නැයි බලකිරීමටත් වරදට හවුල්වූවන්ට යුක්තිය ඉටුකරන ලෙසත් ඉල්ලීමටත් දහස් ගනන් වීථිවලට බටුයේ ය. අගමැති මේගේ මහජන පරීක්ෂන පොරොන්දුව තවත් යට ගැසීමක් ලෙස ඔවුහු හෙලා දැක්කහ.

ලේබර් පක්ෂයේ නායක ජෙරෙමි කෝබින් ඇගේ පරීක්ෂනයට ඔහුගේ සහය පිරිනමන බවට පිලින දෙමින් මේට විවෘත ලිපියක් නිකුත් කරන්නේ මේ තතු යටතේ ය. අපගේ “දයාබර අගමැතිනිය” වෙත ආමන්ත‍්‍රනය කල ඔහුගේ ලිපිය, ඇය පොරොන්දුවූ “සම්පූර්න හා ස්වාධීන මහජන පරීක්ෂනයට” එය “2005 පරීක්ෂන පනතේ විධිවිධානයක් යටතේ” පැවැත්වෙන්නේ නම් ඊට ලේබර් පක්ෂයේ සහය පිරිනැමූවේ ය.

මෙම පරීක්ෂනය ප්‍රෝඩාවකි. “රාජ්‍ය ක්‍රියාකාරකම් පිලිබඳ මහජන පරීක්ෂනය අවහිර කිරීමට බලය ඇති විධායකයින් විසින් පරිපාලනය කරනු ඇති හෙයින්” පනතේ විධිවිධාන යටතේ පැවැත්වෙන මොනම පරීක්ෂනයකවත් සේවය නොකරන ලෙස බ්‍රිතාන්‍ය අධිකරනයේ සියලුම සාමාජිකයන්ගෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඉල්ලා සිටියේ ය.

2009 වසරේදී කැම්බර්වෙල්හි මහල් නිවාස පද්ධතියක ඇතිවූ ගින්නට ගොදුරුවූවන් නියෝජනය කල නීතිඥවරිය වන සොපී ඛාන් “මේ මහත්මිය මේ සා ඉක්මනින් 'මහජන පරීක්ෂනයක්' කැඳවීමට තීන්දු කලේ ඇයි කියන එක ගැන මම ඉතාමත් සැලකිලිමත්. සැඟවීමට අවශ්‍යයැයි ඇය දන්නා දේ කුමක් දැ?” යි ඇය විචාරා තිබුනාය. ඒ් සමග එකඟතාව පලකරමින් එවැනි මහජන පරීක්ෂනයක් කෙරෙහි අවිස්වාසය පල කරන පෙත්සමකට දසදහස් ගනනක් අත්සන් යොදා තිබුනෝ ය.

කෝබින් මේ ගැන කිසිදු සඳහනක් කරන්නේ නැත. ඒ වෙනුවට වඩාත් නියාලු වචනවලින් ඔහු යෝජනා කරන්නේ පරීක්ෂනය ˜“සියලුම අවශ්‍ය පාඩම් උගත්බව සහතික කිරීමට ප‍්‍රමානවත් පුලුල් වපසරියක” පැතිරුන විෂය ක්ෂේත‍්‍රයක් විය යුතු බව යි.

සිද්ධිය වසන් කිරීමට ආන්ඩුව ගෙනගිය වහන්තරාව හෝ ග්‍රෙන්ෆෙල් ගින්න දක්වා මෙහෙයවුනු සිදුවීම්වලදී එහි කාර්යභාරය ඔහු කිසිවිටෙකත් වරක් හෝ හෙලා දකින්නේ නැත. ඒ වෙනුවට ඔහු විනීත ලෙස සහතික කරන්නේ, “සමාජ නිවාස හා මහජන ආරක්ෂාව පිලිබඳ ක්ෂේත‍්‍රවලදී ඔබේ ආන්ඩුවේ පිලිවෙත් හා ප‍්‍රමුඛතාවන් මගේ විවේචනය සඳහා යුක්තිසහගත ඉලක්කයන් ය” යන්න ඔහු විස්වාස කරන බව යි. ඊට නොඅඩු බයාදු ස්වභාවයකින් ඔහු ඊට මෙසේ එක් කරයි, “මෙම ඛේදවාචකය යටින් දිවෙන සත්‍යය සොයා ගැනීමේ අදිටනක් අප දෙන්නාට ඇතයි මම විස්වාස කරනවා”. අනතුරුව අගමැතිනිය සමග “කඩිනම් සාකච්ඡාවක්” සඳහා ඔහු ආයචනා කරයි.

එකම ප‍්‍රායෝගික පියවර ලෙස ඔහු යෝජනා කරන්නේ, මේ දක්වාමත් සොච්චම් පවුම් මිලියන 5ක් පමනක් සම්පාදනය කර තිබෙන “තවදුර ආධාර සැලසුම් පිලිබඳ තොරතුරු” මේ විසින් සම්පාදනය කල යුතු බව යි. ඇයට “අවමංගල්‍ය කටයුතුවල වියදම් සම්බන්ධයෙන් ත්‍යාගශීලිත්වයේ හා අනුකම්පාවේ ලීලාවක්” ප‍්‍රදර්ශනය කිරීමටත්, “එක්සත් රාජධානියෙන් පිටත සිට අවමංගල්‍ය උත්සවලට සහභාගි වන පවුල් සඳහා විධිවිධාන සැලසීමට මෙන්ම පරීක්ෂනය සඳහා සහභාගී වීමේ හැකියාව ඔවුන්ට සලසන ලෙසත්” කෝබින් ඉල්ලා සිටියි.

මෙහිදී හාස්‍යය අභිබවා යථාර්ථය ඉස්මතුවේ. යලි වතාවක් කෝබින්ට අවශ්‍යව ඇත්තේ, පාලක පන්තියට ඔවුන්ගේ හිතවාදී ආන්ඩුව බිඳවැටීමේ අද්දර වෙව්ලමින් සිටින අවස්ථාවක තමන් “යුක්තිසහගතබව” පෙන්වීමට සහ ඔහු සහ ලේබර් පක්ෂය විකල්පයක් ලෙස ඉදිරිපත් කිරීමටත් ය. පැතිරෙන මහජන වෛරයට ප‍්‍රතිචාර දක්වමින් එයට දේශපාලන මගපෙන්වීමක් දීම ගැන ඔහුට එල්ල වන චෝදනාවෙන් දෙවියන් ඔහුව මුදා ගත්තාවේ!

මෙවැනි අවස්ථාවක ඕනෑම අවංක කම්කරු නායකයෙක් කියනු ඇත්තේ කුමක් ද?

ජොන්සන්, ටෝරි කවුන්සිලයේ නායකයින් හා ග්‍රෙන්ෆෙල් කුලුන නැවත ඔපදැමීමට සම්බන්ධවූ සියලුම වැරැදිකරුවන් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කර නැත්තේ මන්දයැයි ඔහු විමසනු ඇත.

චෝදනාවට ලක්කලයුත්තන්ගේ ලැයිස්තුවක් සකස්කරනු ඇති ඔහු එය හැකිතාක් පුලුල් අයුරින් බෙදා පල කරනු ඇත.

සියල්ලටමත් ඉහලින්, ඔහු අවධාරනය කරනු ඇත්තේ සුලුතරයේ කොන්සර්වේටිව් ආන්ඩුවට පාලනය කිරීමට අයිතියක් නැති බවත් එය වහා ඉල්ලා අස්විය යුතු බවත්ය.

ධනවාදය විසින් නිර්මානය කර ඇති සමාජ දුෂ් ස්වප්නය විසඳීමට රැඩිකල් යලි බෙදාහැරීමේ පියවර සහිත සමාජවාදී වැඩපිලිවෙලක් ඔහු ඉදිරිපත් කරනු ඇත.

කෝබින් මේ කිසිවක් කර නැත. ඔහු ඉදිරියට දමා තිබෙන අවම ප‍්‍රතිසංස්කරන තීන්දු කර ඇත්තේ පවත්නා සමාජ ක‍්‍රමයේ පරාමිතීන් තුල අත්කර ගත හැකියැයි ඔහු ගනන්බලන දේවල්වලිනි; එනම්, සමාජ සාමය පවත්වා ගැනීමට අවශ්‍ය වේ යැයි පාලක පන්තිය තර්කානුකූලව බලාපොරොත්තු වන ආකාරයට මහජනයාගෙන් කොල්ලකාගත් දේ වලින් ඔවුන්ට යලි ලබාදේයැයි සිතෙන දේවල්.

සමාජයේ ධනය සාපරාධී ලෙස කොල්ලකෑම සරලවම නරක මිනිසුන් කිහිප දෙනෙකුගේ වගකීමක් නොවේ. එය, නිර්දය පන්ති සූරාකෑම මත පදනම්වූ ධනවාදී සමාජයේ තත්‍ය සාරයේම ප‍්‍රකාශනය යි. මාක්ස් අවධාරනය කල ආකාරයට, එක් ධ‍්‍රැවයක ධනය ඒකරාශී වීම, එනයින්ම අනෙක් අන්තයේ කාලකන්නිභාවය, දිලිඳුබවේ වේදනාව, වහල්භාවය, අවිද්‍යාව, ම්ලේච්ඡත්වය, මානසික ව්‍යාධිය රාශිභූත කරයි.

සමාජ අසමානතාවට හා එය නිෂ්පාදනය කරන සන්ත‍්‍රාසයන්ට එරෙහිව කරන අරගලය යනු ලාභ පද්ධතිය විප්ලවවාදී ලෙස පෙරලා දැමීම සඳහා කරන අරගලය යි.

ක්‍රිස් මාස්ඩන්

Share this article: