උතුරු කොරියාවට එරෙහි එක්සත් ජනපද තර්ජන සහ ආසියාව තුල යුද්ධයේ අනතුර

US threats against North Korea and the danger of war in Asia

2017 මාර්තු 18

ට‍්‍රම්ප් පාලනය කිසිදු ඉවබවක් නැතිව ආසියා-ශාන්තිකර ප‍්‍රදේශය තුල යුද්ධයකට පාර කපමින් සිටි. එහෙත් ඇමරිකාවේ මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතය මෙම තත්වය කෙරේ දක්වන ප‍්‍රතිචාරයෙන් තත්වය කුමක් දැයි හෝ, ප‍්‍රතිවිපාක කොතරම් නොමිනිය හැකිදැයි යන්න පිලිබඳ වැටහීමක් අත් කරගත නොහැකි වේ.

උග‍්‍ර කෙරෙන්නාවූ යුද්ධ තර්ජනයේ අලුත්ම වාචික ප‍්‍රකාශනය, දකුනු කොරියාවේ සියෝල් නුවරදී 17දා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් කල ප‍්‍රකාශයකින් මතු වීය. ඔහු මෙසේ කිවේ ය: උතුරු කොරියාව සමග දෙකින් එක බේරා ගැනීමේ දී “ඕනෑම පියවරක් ඔට්ටුය” ඔහු එසේ පැවසුවේ, උතුරු කොරියාවේ ප‍්‍රධාන සහචරයා වන චීනයේ අදට යෙදී ඇති සංචාරයට පෙරාතුවය.

“මම ඉතාම කෙලින් කියන්නේ මූලෝපායික ඉවසීමේ පිලිවෙත අහවරය.” එක්සොන් මොබිල් තෙල් සමාගමේ හිටපු ප‍්‍රධන විධායක නිලධාරියා මෙසේ කියා සිටියේ, කලින් පැවති ඔබාමා පාලනාධිකාරය උතුරු කොරියාවට එරෙහි ව යුද තර්ජනයට වඩා ආර්ථික තහංචි යොදා ගැනීමට දැක්වූ වැඩි කැමැත්ත පිලිබඳ දෝෂාරෝපනයක් ලෙස ය. මිලිටරි ප‍්‍රතිචාරයක් පිලිබඳව ඔහුගෙන් අසනු ලැබූ විට ටිලර්සන් කිවේ, “ඔවුන් තම මිලිටරි වැඩ පිළිවෙල උග‍්‍ර කොට, යුද්ධයට පිවිසිය යුතු යයි අපට සිතෙන තත්වයක් උද්ගත කළහොත් ඒ විකල්පය අප අත තිබේ.”

ටිලර්සන් ගේ තර්ජනය ප‍්‍රතිරාවය කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මෙසේ ට්වීට් කලේ ය: “උතුරු කොරියාව හැසිරෙන්නේ ඉතා නරක විදිහකට ය. ඔවුන් අවුරුදු ගනනාවක් ඇමරිකා එක්සත් එක්සත් ජනපදය එක්ක සෙල්ලම් කර ඇත. චීනය මේ පිලිබඳව අපට කිසි උදව්වක් කර නැත!”

වචන වලට කිසියම් අර්ථයක් ඇත් නම් ටිලර්සන් සහ ට‍්‍රම්ප් ගේ ප‍්‍රකාශ පෙන්නුම් කරන්නේ, එක්සත් ජනපදය “පූර්ව භංග” (කලින් පැන පහරදී මේ) යුද්ධයකට සුදානම් වෙමින් ඉන්න බවය. ඊට හේතු වසයෙන් දක්වනු ලබන්නේ, උතුරු කොරියාව ඇමරිකාවට පහරදිය හැකි තරම් දුර යන අන්තර් මහද්වීපික මිසයිලයක් හදමින් ඉන්නා බවකි.

මෙවන් යුද්ධයක භයංකර විපාක සහ ඇමරිකාවේ මාධ්‍ය එයට දක්වන ප‍්‍රතිචාරය අතර පවතින්නේ භයංකර පරතරයකි. සෙනසුරාදා සැන්දෑවේ ප‍්‍රවෘත්ති ජාල වැඩසටහන් ටිලර්සන්ගේ වැකි කෙරෙහි දැක්වූවේ ඉතා සුලු අවධානයකි. ඩිමොක‍්‍රටිකයෝ මුලුමනින්ම නිහඬව සිටි ති.

උතුරු කොරියාව ට එරෙහි ඇමෙරිකානු ප‍්‍රහාරයකින් කුමක් සිදු විය හැකි ද? අර්බුද-ග‍්‍රස්ත උතුරු කොරියානු පාලනය සියෝල් හෝ ටෝකියෝ නගරවලට මිසයිල ප‍්‍රහාර එල්ල කරාවි ද? තමන් සතු න්‍යෂ්ටික අවි එල්ල කරාවි ද? උතුරු කොරියාව ට එරෙහි යුද්ධයක් ලෝකයේ විශාලම ආර්ථිකයන් දෙක අතර ඍජු ඝට්ටනයක් ඇති කරයි ද? එනම් ඇමරිකාව හා චීනය අතර. මේවාට සහතික වශයෙන් උත්තර දිය නොහැකි නමුත් ඕනෑම තත්වයක් උද්ගත විය හැකිව තිබේ.

උතුරු කොරියාව සමග ඇමරිකානු යුද්ධයක ස්වභාවය පිළිබඳව කරන ලද සැඳහුම් අල්පයෙන් එකක් ආවේ, විශ‍්‍රාමික හමුදා මේජර් වරයෙකු හා, ටෲමන් ජාතික ආරක්ෂක ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ටයෙකු වන මයික් ලියොන්ස් ගෙනි. ද හිල් නැමති ප‍්‍රකාශනයට සිකුරාදා ලියු ලිපියක හෙතෙම මෙසේ සඳහන් කලේ ය. ”පැය ගනනක් තිස්සේ ගුවන් ප‍්‍රහාර යොදා කොරියනු අක්ෂය මුලූමනින්ම වසා දැමීමට අපට සිදුවනු ඇත. ප‍්‍රහාරය එල්ල කෙරෙනු ඇත්තේ තනිකර යුද ඉලක්කවලට පමනක් නොවේ - ලක්ෂ ගානක් සිවිල් ජීවිත ද වැනසෙනු ඇත. “පැසිෆික් කලාපය තුල එක්සත් ජනපදයේ මිතුරන්, ‘තම මිලිටරි ශක්‍යතා පිලිබඳ තක්සේරුවක් කරමින්’ දෙවන ලෝක යුද්ධයෙන් මෙපිට ලෝකය අත් නොවිඳි පරිමානයේ ව්‍යසනයක් හා ක්ෂනික ජීවිත හානි ඇතිකල හැකි මිලිටරි මෙහෙයුම් සැලසුම් සැකසිය යුතු ය”යි ලියොන්ස් ලිවීය.

ඔහු තවදුරටත් මෙසේද කීය: “හුඟක් හේතු නිසා යුද්ධය අප සලසුම් කරන ආකාරයටට ම සිද්ධ නොවනු ඇත. සියෝල් නගරයෙන් කොටසක් විනාශ කෙරෙන න්‍යෂ්ටික අවියක් මුදා හැරීමට උතුරු කොරියාව සමත් වුව හොත්, එවන් ප‍්‍රහාරයකින්ම පිලිතුරු දීමට අමරිකාවට සිදුවනු ඇත.”

වෙනත් වචන වලින් කිවහොත් දැන් (ට‍්‍රම්ප් පාලනය විසින්) සැලසුම් කෙරෙමින් තිබෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ප‍්‍රථම වතාවට න්‍යෂ්ටික අවි යොදා ගෙන කෙරෙන යුද්ධයකි.

එක්සත් ජනපදයේ ක්ෂනික අරමුනු කුමක් වුවත් ඊසානදිග ආසියාව නැමති වෙඩිබෙහෙත් ගබඩාවේ කෙරෙන කුමන යුද ක‍්‍රියාවක් වුව ද දුරගාමී ප‍්‍රති විපාකයන් ජනනය කෙරෙනු ඇත. මෑත සති වල, එක්සත් ජනපදය සහ දකුනු කොරියාව මෙම ප‍්‍රදේශය තුල මහා පරිමාන යුද අභ්‍යාසවල නිරතව ඇත. එක්සත් ජාතීන්ගේ මන්ඩලයේ උතුරු කොරියානු තානාපති වරයා “කොරියානු අර්ධද්වීපය යලිත් වරක් අඟලෙන් අඟල න්‍යෂ්ටික යුද්ධයක මුවවිටට ගමන් කරමින් තිබේ ය” යි අනතුරු ඇඟවීය. උතුරු කොරියව ජපානය පැත්තට පරීක්ෂන මිසයිල් විද තිබේ. ඇමරිකාව දකුනු කොරියාව තුල ප‍්‍රති-මිසයිල පද්ධති, ප‍්‍රතමකොටම චීනය ඉලක්කකොට අටවා තිබේ.

අඟහරුවාදා, ජපානය දකුනු චීන මුහුදට තම ලොකුම යුද නැව යැවූ අතර එය චීනයේ දැඩි විරෝධයට ලක්ව තිබේ.

මේ සතියේ මුලදී ලෝකය පුරාම උග‍්‍රවන භූ-දේශපාලන ආතතින් ගැන ඩයි ශෙයිට් නම් ජර්මන් පුවත් පත මෙසේ සඳහන් කලේ ය: “සිතාමතා හෝ අහම්බෙන් ට‍්‍රම්ප් ඉක්මනින්ම මහා යුද්ධයකට ඇද වැටීමට ඉඩ තිබේ; ඇමරිකා එක්සත් ජනපදයට හෝ වෙන කාටවත් එවන් යුද්ධයක් ජයගත හැකි ද යන්න සැක සහිතය.”

ඇමරිකානු පියවරයන්හි මදාවිකාර ස්වභාවය මගින් ඔප්පු කරනු ලබන්නේ, උග‍්‍රවන ඝට්ටනයේ මුල පවතින්නේ ආසියා-පැසිෆික් ප‍්‍රදේශයේ නොව, පෙරනුවූ විරු , අනුපම අර්බුද මාලාවකට ගොදුරුව පවත්නා ඇමරිකා එක්සත් ජනපදය තුලම බවය.

චීනයට සහ උතුරු කොරියාවට එරෙහිව වඩ වඩාත් උග‍්‍ර කරනු ලබන ප‍්‍රකෝපකාරී තර්ජන මැද්දේ ම ආසියාව තුල ඇමරිකානු සන්ධාන පර්යාය තියුනු ලෙස හැලහැප්පීමට ලක්ව තිබේ. දකුනු කොරියාවේ ජනාධිපති පාක් දෝෂභියෝගයට ලක් කිරීම දැකගන්නේ, ප‍්‍රදේශය තුල එක්සත් ජනපද ආසක්තයන්ට එල්ලවූ පහරක් ලෙස ය. මේ අතර එක්සත් ජනපදයේ වැදගත් සගයෙකු වූ පිලිපීනය එක්සත් ජනපදයේම වියදමින් චීනය පැත්තට යොමුවී ඇත.

වොෂින්ටනයේ යුරෝපිය සන්ධාන පර්යාය ඊටත් වඩා කැපී පෙනෙන පරිදි බිඳවැටෙමින් තිබේ. ටිලර්සන් චීනයට එරෙහි තර්ජන එල්ලකල දිනයේම, ට‍්‍රම්ප් හා ජර්මන් චාන්සලර් අන්ජෙලා මාර්කෙල් පැවැත්වූ පුවත් පත් සාකච්චාවකදී ඇත්ත චශයෙන්ම දෙන්නා එකිනෙකාට ආමන්ත‍්‍රනය කර ගත්තේ පිලිමලූන් ලෙසය.

ඒ සමගම ට‍්‍රම්ප් පාලනය ඉදිරිපත් කර ඇති අයවැය ලේඛනය, රාජ්‍යයේ දේශීය වියදම් සියයට 30න් කපා හරින අතර මිලිටරි වියදම ඩොලර් බිලියන 52කින් ඉහල දමයි. ධවල මන්දිරය ක‍්‍රියාත්මක කරන දිලිඳු සහ රෝගී ජනයා ගේ සෞඛ්‍ය ආධාර වියදම් කැපිල්ල මිලියන් 20ක ගේ ආධාර කපා දමනු ඇත.

මෙම පිලිිවෙත් මග පාදන්නේ, දැනටමත් පෙර නුවු විරූ සමාජ අසමානතාව විසින් රෝගී කරනු ලැබ පවත්නා එක්සත් ජනපදය තුල ම වේගවත් වන අසහනයක ටය.

දැනටමත් ට‍්‍රම්ප් පාලනයේ පිලිවෙත් වල උමතු බවේ ගති ලක්ෂනයක් පවතී; එහෙත් එය, ඇමරිකානු ධනවාදයේ ප‍්‍රතිඝතිතා තුලින්ම පැනනගින්නකි. ඇමරිකානු පලක පන්තිය රැඳී පවත්නේ නිරන්තර යුද්ධය මතය. සමාජ ආතතීන් පිටතට හරවා යැවීම සඳහා ද සිය ආර්ථික පරිහනිය තුල ඇමරිකාවේ ගෝලීය තත්වය රැකගැනීම සඳහා ද ප‍්‍රධාන යාන්ත‍්‍රනය වන්නේ එයයි.

මෙම පිලිවෙතට වගකීම ධවල මන්දිරයට සීමා වන්නේ නැත. මතභේද කුමක් වුවත් ඇමරිකාවේ දේශපාලන සංස්ථාපිතයේ සියලූ කල්ලි කන්ඩායම්, ලෝකය සිය ආධිපත්‍යයට යටත් කරගත යුතු ය යන ප‍්‍රමුඛ මූලෝපායික විධානය ගැන ඒකමතික වෙති. ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් තම පිලිවෙත පෙරා ගැනීම මගින් නියෝජනය කෙරෙන ඉහල මධ්‍යම පන්තියේ තට්ටු වල උදසීනභාවයේ ගැලී සිටිනා ව්‍යාජ වාම සංවිධාන සම්බන්ධයෙන් ගත හොත්, ඔවුන්ගේ ලේඛන කියවන විට ලෝක යුද්ධය ආසන්න ශක්‍යතාවයක් ය යන්න කිසිසේත්ම පෙන්න්නුම් නොකෙරේ.

ඉමහත්ම අන්තරාය වන්නේ, යුද්ධය උවමනා නොකරන කම්කරු පන්තිය, තත්වයේ භයංකර බව පිලිබඳව නොදැන සිටීමයි; යුද්ධය වලක්වාලීම සඳහා දේශපලන වශයෙන් සංවිධානය නොවී; එය වැලැක්වීම සඳහා රාශිභූත වී නොසිටීම යි. ඇමරිකා එක්සත් ජනපදයේ ද ලෝකය පුරාම ද කම්කරුවන්ට මහා විනාශයක් කඩාපාත් කරන්නා වූ පිලිවෙත් ම කම්කරුවන්ට පිටිපස්සෙන් හොරෙන් කි‍්‍රයාවට දමනු ලැබේ. මෙය වොෂිංටනයේ පාලක කල්ලියට වාසි ගෙන දෙයි.

ඇමරිකා එක්සත් ජනපදය තුල ද ලෝකය පුරම ද සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීම අද දින අතිශයින්ම හදිසි කර්තව්‍ය වන්නේ ය.

ඇන්ඩ්‍රෙ ඩේමන්

Share this article: