ප‍්‍රන්ස මැතිවරනය තුවක්කු කටේ

France’s election at gunpoint

2017 අප්‍රේල් 22

ප‍්‍රන්ස ජනාධිපතිවරනයේ ප‍්‍රථම වටය පවත්වනු ලබන්නේ, රාජ්‍යය හා මාධ්‍යය ඉස්ලාමික රාජ්‍යය (අයි.එස්.අයි,එස්.) වෙනුවෙන් ක‍්‍රියාකලේ යයි සැක කෙරෙන වෙඩික්කාරයෙක් සම්බන්ධවූ ශොම්ස එලිසිස් ප‍්‍රචන්ඩ සිද්ධිය පාවිච්චි කොට දේශපාලන උමතු වාතාවරනයක් නිර්මානය කිරීමට ප‍්‍රයත්නයක යෙදෙන තතු තුලය.

අප්‍රේල් (23 දා) පවත්වන ඡන්ද ස්ථාන වලට 50,000 තුවක්කු මානාගත් සොල්දාදුවන්ද පොලිස් භටයන්ද යොදනු ඇත.

වෙඩික්කාරයා යයි සැකකෙරන පුද්ගලයා පිලිබඳ කරුනු එලි වෙත් වෙත්, මෙම වෙඩි තැබීම වනාහි, මේරි ලේ පෙන් ගේ, නව - ෆැසිස්ට් [එෆ්එන්] පක්ෂයට චන්දය දීමට හරි අඩකට වැඩි සංඛ්‍යාවක් තීන්දු කර සිටින හමුදා වේ ප‍්‍රකෝපකාරී වැඩක් යයි තීන්දු නොකර සිටීම අපහසු වෙයි.

පොලිස් භටයාගේ ඝාතකයා ලෙස, වෙඩි තබා මරාදමන ලද්දේ කරීම් ශේර්ෆි නමැති ප‍්‍රන්ස පුරවැසියා ය. නමගිය අපරාධකරුවෙකු ලෙස තහවුරු ව සිටි ඔහු 2003 දී පොලිස් භටයන් දෙන්නෙකුට වෙඩි තබා මරනාසන්න කිරීමේ වරදට අවුරුදු 15 කට සිරදඬුවම් වලට නියමිතව පසුව ඇපෑලේ දී නිදහස් කර තිබුනි. අන්තිමේ දී පොලිස් භටයන් මරන්නට තුවක්කු ඉල්ලා බල කිරීමෙන් පසුවය ඔහුව යලිත් සිරභාරයට ගනු ලැබුවේ. ඔහුගෙන් එල්ලවන “අවදානමේ මට්ටම” ඉහල නැත යයි කියමින් ඔහු යලිත් මුදා හරින ලදී. ඔහු ප‍්‍රන්ස අභ්‍යන්තර පොලිසිය විසින් ලුහුබඳින ඉස්ලාමික් රාජ්‍ය (අයිඑස්) හිතෛෂියෙකු නොවූ නමුත් අඩු ගනනේ ගිය මාර්තුවේ පටන්, ඔහුගේ නඩුව පොදු නීතිය ට අදාල ත‍්‍රස්තවාදී නොවන නඩුවක් ලෙස සලකනු ලැබිනි.

ප‍්‍රන්සයේ දැඩි තුවක්කු පාලන නීති නොතකා, ආයුධ රාශියක් කොහොමහරි එකතු කර ගැනීමට ශේර්ෆි සමත් විය; උන්ඩ තුවක්කුවක්ද, ස්වයංක‍්‍රීය රයිෆලයක්ද, පිහි ගනනාවක්ද පහර එල්ල කල වෙලාවේදී ඔහු අත තිබිනි.

“වෙඩි තැබීමට පෙරදින ම, ලේ ෆිගරෝ පුවත් පත ඇතුලූ දක්ෂිනාංශික මාධ්‍ය “චන්ද ව්‍යායාමය ඉවර වනවිට එහි හරි මැද තැබිය යුත්තේ ඉස්ලාමික ත‍්‍රස්ත වාදය පිලිබඳ ප‍්‍රශ්නය”යි කියා සිටියහ. එම පුවත් පත මෙසේ ලිවීය: “මෙය තීරනාත්මක ප‍්‍රශ්නයක් නමුත් ඒ ගැන ඇති තරම් ලියා නැත.” වෙඩි තැබීමේ සිද්ධිය එකාග‍්‍රිත දේශපාලන ප‍්‍රහාරයකට සන් කලේ ය. ආරක්ෂක හමුදා පැරිස් නගර මධ්‍යයෙන් වැඩි හරිය වටකල අතර, නීතිය හා පර්යාය තර කිරීම අවශ්‍යයයි බ‍්‍රහස්පතින්දා විවාදයයේ දී කියා සිටි දක්ෂිනාංශික අපේක්ෂකයෝ ජනපතිවරනය අත්හිටවීමට පවා යෝජනා කලහ.

“ඉස්ලාමීය සර්වාධිපතිවාදය” මුලිනුපුටා දමන්නට හඬ නැගූ කොන්සර්වටිව් අපේක්ෂක ෆ‍්‍රැන්කෝ ෆිලන් ජනපති වරන ව්‍යායාමය නවතා දැමිය යුතුයයි කියාසිටියේ ය. “උසාවි වල හිතාගන්නට බැරි තරම් ලිහිල් භාවයක් තිබේ ය”යි හෙලාදුටු ලේ පෙන් බුද්ධි අංශ වාර්තා සහිත සියලු විදේශිකයන් රටින් පන්නා යුතු දැමිය යයි කියා සිටියාය. ෆියොන්, ලේ පෙන් සහ සමාජවාදී පක්ෂයේ සහය ලත් ඔන් ද මාර්ච් පක්ෂයේ එම්මානූවෙල් මැක්රෝන්, යන සියලු දෙනාම 21 දා සිය දේශපාලන මෙහෙයුම් ඇන හිටවුහ.

ප‍්‍රන්සය තුල පැනනැගෙමින් පවත්නා දේශපාලන වාතාවරනය සිත් කාවදින ලෙස පෙන්නුම් කරන සිද්ධියක් විවාදයේ දී මතු විය. ඇන්ටි-කැපිටලිස්ට් පක්ෂයේ අපේක්ෂක පිලිප් පවුටු පොලිසිය නිරායුධ ව සිටිය යුතුව ඇතැයි ප‍්‍රකාශකල අවස්ථාවේ ඔහුට තර්ජනය කල පොලිස් භටයෝ ඔහුට “සම ලිංගිකයා” යැයි අපහාස කරමින් තමන් කිසිසේත්ම අවි හරින්නේ නැති බව ප‍්‍රකාශ කලහ.

ජනපතිවරන ය අත්හිටවා ගුවන් විදුලි ධාරා මුස්ලිම් -විරෝධී ප‍්‍රචාරයන්ගෙන් පුරවාලීමට දැරෙන ප‍්‍රයත්නය අතිශය ගැඹුරු දේශපාලන අර්බුදයක් පෙන්නුම් කරයි. කප්පාදු පැටවීමේ සහ මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් තහනම් කරන හදිසි නීති පැටවීම නිසා අපකීර්තියට පත්වූ සෝෂලිස්ට් පක්ෂය ඓතිහාසික කඩා වැටීමට මුහුනදී සිටී. අප්‍රේල් 7 දා සිරියාවට එරෙහිව බොරු හේතුවක් උඩ එල්ල කරන ලද ඇමරිකානු ප‍්‍රහාරයට එරෙහිව නැග එන යුද විරෝධි හැඟීම, “අපරාජනිය ප‍්‍රන්සය” යන නමින් හැඳින්වෙන ජින් -ලූක් මෙලන්ශෝන්ගේ ව්‍යාපාරයට වාසියක් ලබා දීම ම ගැන පීඑස් සංවිධානය බිය පත්වෙයි. ඡන්දදායකයන් ගෙන් තුනෙන් එකකට වැඩි කොටස තවමත් පසුවන්නේ අවිනිශ්චිත තත්වයකය.

යුරෝපය හරහා පවත්නා පුපුරන සුලු පන්ති ආතතිය ගැන පාලක ප‍්‍රභූව දනුවත්ය. ප‍්‍රන්ස ජනයාගෙන් තුනෙන් දෙකක්ම කියන්නේ පන්ති අරගලය ජීවිතයේ දෛනික යථාර්තයක් බවයි. ඒ සමගම, තමන්ගේ ප‍්‍රමුඛ උත්සුකය වනාහි රැකියා, වැටුප් සහ සමාජ තත්වයන් මිස ත‍්‍රස්තවාදය නොවන බව චන්ද දායකයෝ කියති.

විශාල ලෙස රැකියා කැපීම, ඉයූරෝ දස බිලියන ගනන් කටෝර කප්පාදුව, යුද වියදම් ඉහල දැමීම සහ බලෙන් හමුදාවට බඳවා ගැනීම යලිත් පටන් ගැනීම - යනාදී සියල්ල පෙන්නුම් කරන්නේ පාලක පන්තිය මහජනයාගේ ඉල්ලීම් වලට මුලුමනින්ම සතුරු බව ය. අනපේක්ෂිත මැතිවරන ප‍්‍රතිඵලයක් ඉයුරෝ ට්‍රිලියන ගනනක් කඩදාසි මුදල් අතුගා දමමින්, මුල්‍ය වෙලඳපොල ප‍්‍රතිචාර දනවනු ඇතැයි භීතිය පැතිර පවති.

මැතිවරනයේ ප‍්‍රතිඵලය තවමත් අවිනිශ්චිතව පවතින තතු තුල, ප‍්‍රන්ස මුල්‍ය වංශාධිපතිය මාන බලන්නේ, මැතිවරන ව්‍යායාමයේ අන්තිම දිනයන් හි මාධ්‍ය ප‍්‍රචාරය නීතිය හා පර්යාය රකින, ප‍්‍රති-මුස්ලිම් ප‍්‍රචාරවලින් පුරවා ලීමට ය.

මූල්‍ය ප‍්‍රාග්ධනය තීරකව රැඳෙන්නේ ප‍්‍රන්සයේ “වම” යයි කියන කොටස, ශොම්ස් එලිසිස් ප‍්‍රහාරය හුදෙක් පොලිස් අත්වැරදීම් මාලාවක ප‍්‍රතිඵලයය යන නිල අර්ථකථනය පිලිගැනීමේ බියගුලු කම මතය; එනමුදු ඒ් කිසිම අත්වැරදීමක් කිසිසේත්ම විශ්වාස කල නොහැකි තරමටම විකාර සහගතය. මෙලන්චොන් මත් ඔහුගේ ට්විටර් මාධ්‍යය තුල ලෙ පෙන්, ෆිලන් හා මැක්රොන් සමග ඔහුගේ “පුද්ගලික සහයෝගිතාව” ප‍්‍රකාශයට පත් කර ඇත.

ප‍්‍රන්සයේ දැන් තත්වයේ පූර්ව ආදර්ශයක් 1979-80 ගනන්වල ඉතාලියේ දී දක්නට ලැබුනි. එම ‘ඊයම් උන්ඩ’ වර්ෂ යයි හැඳින්වෙන සමයේ දී මහජන රැඩිකලිකරනයන්ට සහ යෝධ පන්ති අරගලයන්ට රාජ්‍ය ප‍්‍රතිචාර දැන වූයේ ප‍්‍රහාරයන් සඳහා අන්ත දක්ෂිනාංශික ත‍්‍රස්තවාදීන් ඉතාලි රහස් ඔත්තු සේවාවන්ට බැඳ තබා ගනිමින් වාමාංශික කන්ඩායම් මත වරද පටවමිනි. කරබිනෙයිරි පොලිස් භටයන් තිදෙනක් ඝාතනයට ලක්වූ 1972 පෙටනෝ කාර් බෝම්බය හා 1980හි බොලොග්නා හි මධ්‍ය දුම්රියපලට බෝම්බ දැමීම මෙම ප‍්‍රහාරයන්ට ඇතුලත්ය.

මෙම ‘ආතතියේ මූලෝපායට’ සම්බන්ධවූ අන්ත දක්ෂිනාශික ත‍්‍රස්තවාදීන් ගනනාවක් අල්ලගන්න ලද හ. “මොවුන් රටතුල ආතතියක් නිර්මානය කිරීමට යත්න දැරුවේ තත්වාරක්ෂක, ප‍්‍රතිගාමී, සමාජ සහ දේශපාලන ප‍්‍රවනතා පෝෂනය කිරීමට යැ”යි ෆෙලිසේ සස්සෝන් නමැති විනිසකරුවා බීබීසීයට පැහැදිලව ම ප‍්‍රකාශ කලේ ය. “ත‍්‍රස්තවාදි යැයි උසාවිය විසින් තීන්දු කෙරුනු.” මින් එක් අයෙක්, වින්සෙනෝ වින්සිගුඑරා, ඔබ්සර්වර් පුවත්පතට මෙසේ කීය. “දේශපාලන සෙල්ලමෙන් බොහෝ ඈත්වූ සිවිල් ජනයා, ගැහැනුන්, ලමයින්, අහිංසකයන් වැනි අප නොදන්නා අය ට පහර දීමට අපට සිදුවීය. හේතුව ඉතා සරල ය. එම ප‍්‍රහාරවල අරමුන වූයේ මේ මිනිසුන්ට එනම් ඉතාලි ජනයාට සිය වැඩි ආරක්ෂාව පතා රාජ්‍යය දෙසට හැරෙන්නට සිදු කිරීමය...”

කම්කරුවන්ගේ ජිවන තත්වයන් බිඳ දැමීමට උත්සාහ කරමින් යුද්ධය සඳහා යලි අවි ගන්නට කැස කවන මූල්‍ය වංශාධිපතිය මැනවින් දන්නා කරුනක් නම් තමන් මුහුනදී සිටින්නේ ගැඹුරු මහජන ප‍්‍රතිරෝධයකට බව ය. තම බලය රැක ගැනීම සඳහා උන් නොකරන දෙයක් නැත.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: