මැන්චෙස්ටර් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය ආන්ඩුව හමුදාව යොදවයි

UK government deploys military following Manchester suicide bombing

2017 මැයි 24

පසුගිය රාත්‍රියේ ත‍්‍රස්ත තර්ජන මට්ටම එහි ඉහලම මට්ටම වන “තීරනාත්මක” මට්ටම දක්වා එසෙව්වේය. අගමැතිනිය තෙරේසා මේ මැන්චෙස්ටර් ඇරීනා හි ඇරිආනා ග‍්‍රැන්ඩේ ගේ සංගීත සංදර්ශනය පැවැත්වූ රාත්‍රියේ සිදු වූ මාරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් ඉක්බිත්තේ තවත් ප‍්‍රහාර ආසන්නව සිදුවිය හැකිය යන්න ප‍්‍රකාශ කලාය.

ප‍්‍රධාන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා හමුදා භටයින් 5000 දක්වා යොදවමින් පවතී. මේ තමන් හිටපු අගමැති ඩේවිඩ් කැමරන් යටතේ නිවාස ලේකම්වරිය ලෙස සිටි සමයේ 2015 දී රහසිගතව කුමන්ත‍්‍රනය කරන ලද “ඔපරේෂන් ටෙම්පරර්” මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. පසුව සැලසුම මාධ්‍යවලට නිකුත් කරන ලදී

දැන් ජුනි මස 8 දින මහා මැතිවරනය තුවක්කු කටේ තර්ජනය මැද පැවැත්වීමට නියමිතය.

මැන්චෙස්ටර් බෝම්බ පිපිරුම භයංකාර අපරාධයකි. විසිදෙහැවිරිදි බෝම්බකරු සල්මන් රමදාන් අබෙදි තමන්ට ගොදුරු වූවන්ට උපරිම හානියක් කිරීම සඳහා තම බෝම්බය ඇන මුරිච්චි සහ බෝල්ට් ඇනවලින් අසුරා නිම කර තිබින. මෙමගින් 22දෙනකු මරනයට ගොදුරු වූ අතර සමහරෙකුට බරපතල ලෙස ද 120 ක් තුවාල වලට ලක් විය. ගායිකා ග‍්‍රැනඩේට ප‍්‍රධාන කොටම තරුන ප්‍රේක්ෂකත්වයක් ආකර්ශනය වී ඇතැයි යන කාරනාවේදී ලමුන් 12 මරනයට පත් විය. මොවුන් අතරෙහි යන්තම් අට වියැති සැෆි රෝස් රූසොස් වූ මෙතෙක් නම් කෙරුනු වඩාත්ම ලාබාල ලමයා විය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ආන්ඩුව විසින් ගෙන ඇති මෙතෙක් නොවූ විරූ වර්ගයේ පියවර මධ්‍යයේ දී මෙම ම්ලේච්ඡක්‍රියාව විසින් ජනිත කර ඇති ශෝකය සහ කේන්තිය මගින් වඩාත් අවශ්‍ය කෙරෙන්නේ අපගේ විවේචනාත්මක ආකල්පය ආරක්ෂා කර ගැනීමයි. පෙරාතුව, නිතර සිදු වූවා සේම, මෑතම ත‍්‍රස්ත බෝම්බ ප‍්‍රහාරය භාවිතා කරනු ඇත්තේ පෙර වැටහීමේ ගැඹුර සහ රජයේ ක්‍රියාශීලී මැදිහත් වීම පවා පිලිබඳ ප‍්‍රශ්න මතු කරන දක්ෂිනාංශික දේශපාලන න්‍යාය පත‍්‍රයක් වැඩි දියුනු කිරීමට ය.

දකුනු මැන්චෙස්ටර්හි වටපිටාවේ පිහිටි තමන් වාසය කල ෆැලෝෆීඩ් හි සන්නද්ධ පොලීසියේ කඩාපැනීම් ද ඉවත් කිරීම් ද සහ පාලිත පුපුරුවා හැරීම් වලින් අනතුරුව අඟහරුවාදා හවස අබෙදිගේ නම ප‍්‍රසිද්ධ කෙරින. ඔහුව ආරක්ෂක අංශ හඳුනාගෙන සිටි බවට දැනටමත් තහවුරු වූ නමුත් ඔහු තර්ජනයක් බව සිතූ පරිදි නොසලකා හරින ලදී.

ඛේදවාචකය වලක්වා ගැනීම සඳහා කිසිවක් කල නොහැකි වූවා යන පැහැදිලි කිරීමක් කරන මේ ආකාරයේ ඇඟ බේරාගන්නා සුලු පිලිතුරු ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැක. මෙම ක්ෂමාවම පෙර සිදු වූ බොහෝමයක් සිද්ධිවලදීද මතු කරන ලදී -එනම් පුද්ගලයින් 130 කට මරු කැඳවූ පැරීසිය හරහා බටක්ලාන් සංගීත ශාලාව සහ අනෙකුත් ස්ථාන වලට ඉතාමත් නින්දිතව 2015 නොවැම්බර් මස එල්ල කරන ලද ඉස්ලාම්වාදී ප‍්‍රහාර වූහ. අනතුරුව පැරිස් බෝම්බකරු සහ බ‍්‍රසල්හි ගුවන්තොටුපොල සහ උමං මාර්ග වෙත 2016 මාර්තු එල්ල කරන ලද මරාගෙන මැරෙන ප‍්‍රහාරවල අපරාධකරුවන් අතර පවතින සබඳතා සහ පොලීසිය මොවුන් හඳුනන බවත් මාධ්‍ය හෙලිදරව් කරන ලදී.

මෙම සතියේ ය, උපහාසාත්මක සඟරාවක් වන චාර්ලි හෙබ්දො සඟරාවට එරෙහි 2015 ජනවාරි ප‍්‍රහාරයට ඔත්තුකරු ක්ලෝඩ් හර්මන්ට් ප‍්‍රන්ස ආන්ඩුව සම්බන්ධ කලේ. 2005 ජුලි 7 දින බ්‍රිතාන්‍යයේ සිදු වූ වඩාත්ම මරනීය ත‍්‍රස්ත ප‍්‍රහාරයේ අපරාධකරුවන් පොලීසිය දැන සිටි අතර ආරක්ෂක අංශ ඔවුන්ට පැහැදිලිවම ආරක්ෂාව සැපයූහ.

මෙවැනි එලිදරව් කිරීම් වලට පසුවත් තත්වය නොපැහැදිලිව පවතින අතර කරුනු නිසි පරිදි කිසිසේත්ම පරීක්ෂනයට ලක් කර නැත. අදාල කන්ඩායම් ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් විසින් නිර්මානය කර ඇති හෙයින් මෙම තත්වය එම බලවතුන්ගේ විදේශීය ආක‍්‍රමනකාරී අවශ්‍යතා ඉටු කර ගැනීමටත් “ත‍්‍රස්තවාදයට එරෙහි සටනේ” නාමයෙන් තම රට අභ්‍යන්තරයෙහි ක්‍රියාත්මක කරවන්නාවූ මර්දනකාරී පියවර නීති යුක්ත කිරීමට පාවිච්චි කිරීම පුදුමයක් නොවේ.

1991 සෝවියට් සංගමය දියකර හැරීමේ පටන් නිමක් නැති අධිරාජ්‍යවාදී යුද්ධ මාලාවක අතුරු-නිෂ්පාදනයක් වූ ඉස්ලාමීය ත‍්‍රස්ත කන්ඩායම්වල ආරම්භය, 2003 දී ඉරාකය ආක‍්‍රමනය කිරීමත් සමග අනුක‍්‍රමයෙන් වැඩි විය. ඇෆ්ඝනිස්ථානය, ඉරාකය සහ දැන් සිරියාව සපයා ඇති සරුබිමෙන් උත්පාදනය වන උග‍්‍ර වෛරය මත පෝෂනය වන ඉස්ලාම්වාදීන්, අනතුරුව මෙම වෛරය එවැනි ගැඹුරු ප‍්‍රතිගාමී දිශාවකට අවමංගත කෙරෙයි.

මෙම කන්ඩායම් පසුව සතුරන් ලෙස දැකීමට පෙරාතුව නිතරම සැලකුනේ සගයන් වශයෙනි. ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්අයිඑස්) මරාගෙන මැරෙන ඇන බෝම්බ වගකීම බාරගති. මෙහි මුල් පවතින්නේ 2003 දී ඇමරිකානු-බ්‍රිතාන්‍ය ඉරාකය ආක‍්‍රමනය කිරීම තුලය. සදාම් හුසේන් පෙරලා දැමීමෙන් පසුව බිහිවූ සුන්නිවරුන්ගේ නැගිටීමෙහි ඵලයක් ලෙස අයිඑස්අයිඑස් උපත ලද්දේය. එය ඉස්ලාමීය මිලීෂියා කල්ලි වලට ආධාර ලබාදීමත් ආයුධ සන්නද්ධ කිරීමත් මගින් බෂාර්-අල් අසාද් තන්ත‍්‍රය අස්ථාවර කර පෙරලීමේ ඇමරිකාව මෙහෙයවන ප‍්‍රයත්නයට පින්සිදු වන්න 2010 දී සිරියාවට මාරු විය.

ගඩාෆි තන්ත‍්‍රයට එරෙහි වූ ලිබියානු සරනාගතයින් වූ අබෙදිගේ දෙමව්පියෝ වාර්තා වන ආකාරයට ගඩාෆි පෙරලා දමා, ඔහුගේ ම්ලේච්ඡ ඝාතනයෙන් පසුව යලි ලිබියාවට සංක‍්‍රමනය කලහ. එහි යලි තන්ත‍්‍ර මාරුව අල්කයිඩා ඇතුලු ඉස්ලාමීය කල්ලි සමග අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සන්ධානය මගින් බලමුලු ගැන්විනි.

මෙම යුද්ධ තුලදී බ්‍රිතාන්‍යයේ ඉස්ලාමීය ත‍්‍රස්ත සංවිධානවල අනුගාමිකයින් සමග සබඳතා ඇති කර ගත් අතර ඔවුන් ගැන ගැඹුරු දැනුවත්කමක් MI5 සහ MI6 ආරක්ෂක සේවාවන් සතු වූහ.

රාජ්‍ය සාපරාධීත්වයේ මෙම වාර්තාව අභියස මැයි 22 සිද්ධීන් පිලිබඳ නිල විස්තර කිරීම් ගැන කිසිවක් මතුපිට තලයේ පිලිගත යුතු නැත. කෙසේ වෙතත්, මෙම ප‍්‍රහාරය කුමන අරමුනක් සඳහා භාවිතා කරනු ලබන්නේද යන්න අවබෝධ කර ගැනීමට ආන්ඩුවේ සෘජු මැදිහත්වීමක් පිලිබඳව ඔප්පු කිරීමට අවශ්‍ය නොවේ.

සඳුදා, මේ සහ ඇයගේ අභාවයට ගිය ආන්ඩුව දේශපාලන අර්බුදයක ගොදුරු වී සිටියේ ය. ලේබර් පක්ෂයේ ජෙරම් කෝබින් සමග සැසඳීමේ දී “ශක්තිමත් සහ ස්ථාවර” නායකයකු වීමේ තම කියාපෑම මත ජුනි 8 දින පැවැත්වීමට නියමිත හදිසි මහ මැතිවරනයේ හරි මැද තැබීමට ඇය ප‍්‍රයත්න දැරුවාය. කෝබින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස හෙලා දකින ලදී. එහෙත් සමාජ ආරක්ෂාවන් සඳහා ගෙවීමට තම නිවෙස් විකුනා දැමීමට විශ‍්‍රාමිකයන්ට බල කිරීමේ ඇයගේ සැලසුමට එල්ල වූ මහජන පිලිකුල හේතුවෙන් ඇගේ එම කියාපෑම අවමංගත විය.

මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් අනතුරුව, සියලුම මැතිවරන උදඝෝෂන අවලංගු කරමින් අදටත් අත්හිටුවා ඇති අතර, ජාතික ආරක්ෂාවේ මුර දේවතාව යයි කියනු ලබන අනභියෝගී මේ හට පමනක් කථා කිරීමට දොර විවෘත වී ඇත. රූපර්ට් මර්ඩොක්ගේ සන් පුවත්පත නිර්භයව වාර්තා කලේ බෝම්බ දැමීම “මෙම මැතිවරනයේ හරිමැදටත් ඉදිරියටත් ත‍්‍රස්තය දමා ඇත. එය මෙම රට මෙහෙයවීමට බලාපොරොත්තු වන අයගේ චරිතයට ආලෝකයක් විහිදුවයි.” පුවත් පත මේ විස්තර කලේ “ප‍්‍රතිචාරය දැක්වීමට අත්දැකීම් සහිත සහ අධිකාරිය සහිත හිටපු-නිවාස ලේකම්වරිය ලෙස” ය කෝබින් නම් කලේ වශයෙනි.

මෙම වර්දනයන්ගෙන් මතු වූ අනතුරු ත‍්‍රස්තවාදී ගැටලුවලට “අවසාන විසඳුම” ක් සඳහා ඩේලි මේල් පුවත්පතේ තීරු ලේඛකයකු වන කැතී හොප්කින්ස් ගේ කැඳවුම අවධාරනය කරයි. මෙම යෙදුම හොලොකොස්ටය විස්තර කිරීම සඳහා නාසිවාදීන් විසින් අප කීර්තිමත් ලෙස භාවිතා කලහ. ටෙලිග‍්‍රාෆ් පුවත්පතේ තීරු ලිපිකරු ඇලිසන් පර්සන් ට්වීට් පනිවිඩයක් මගින් “ප‍්‍රන්සයේ ඇති සේ අපට ද හදිසි තත්වයක් අවශ්‍යයයි. අපගේ දරුවන් ආරක්ෂා කිරීම සඳහා දැන් අපට දසදහස් ගනනක් ත‍්‍රස්ත සැකකරුවන්ගේ රඳවා තැබීම අවශ්‍යවෙයි.”

බ්‍රිතාන්‍යයේ සිද්ධීන් 2015 සිට හදිසි තත්වය බල පැවැත්වෙන ප‍්‍රන්සයේ ක්‍රියාත්මක වෙමින් පවතින රටාව අනුවයමින් සිටියි. චන්ද පොලවල පොලිස් සහ හමුදාවන් 50,000 ඉක්මවා රඳවා තබමින් තුවක්කු කට ඉදිරියේ ජනාධිපතිවරනය පවත්වා යන්තම් මාසයක් පමනි. ඉදිරිපත් කර ඇති හේතුව වූයේ අයිඑස්අයිඑස් වෙනුවෙන් ක්‍රියාත්මක වනවා යයි කියනු ලබන වෘත්තීය අපරාධකරුවකු වූ කරීම් චුර්ෆි විසින් පොලිස් නිලධරයකු ඝාතනය කලා යන්නයි. චුර්ෆි ගැන ආරක්ෂක සහ බුද්ධි අංශ හොඳින් දැන සිටි අතර ඔහුගේ මරනය ප‍්‍රහාරය නිදහසේ කරගෙන යාමට ඉඩ හැර තිබින.

සමාන්තරයන් සිත්ගන්නා සුලුයි. එම ප‍්‍රහාරය සිදු වූයේ සිරියාව මත අප්‍රේල් මස 17 දින ඇමරිකාව විසින් එල්ල කරන ලද ගුවන් ප‍්‍රහාරවලට එරෙහි මතු වෙමින් ආ යුද-විරෝධී මානසිකත්වයේ වාසිය “වාම” අපේක්ෂක ජින්-ලූක් මෙලන්ෂොන් ලබාගත් තතු යටතේ ය. උත්සන්න වූ දේශපාලනික උමතුව ඉදිරියේ මෙලන්ෂොන්ගේ වැඳවැටීම යොදවනු ලැබුවේ “ත‍්‍රස්ත විරෝධය” කෙරෙහි නිල විවාදය යලි අවධානය යොමු කිරීමටය. මෙය දක්ෂිනාංශික අපේක්ෂක එම්මානුවෙල් මැක්‍රොං සහ නව-ෆැසිස්ට්වාදී මරී ල පෙන් අවසාන තරඟයට යාම දක්වා ආධාර කලේ ය.

බ්‍රිතාන්‍ය තුල රට අභ්‍යන්තර මර්දන වැඩි දියුනු වීම දක්වා ඇති මාරුව ගැට ගැසී ඇත්තේ නව සහ ලේවැකි අධිරාජ්‍යවාදී අපරාධ පවා සූදානමක් සමග ය. මැන්චෙස්ටර් ප‍්‍රහාරය ඊස්රායලයේ සිටි ඩොනඩ් ට‍්‍රම්ප්ට මැරවර කථාවක් පැවැත්වීමට වාසානාව උදා කලේය. ඔහු ඉල්ලා සිටියේ “ත‍්‍රස්තවාදීන් සහ අන්තවාදීන් සහ ඔවුන්ට ආධාර සහ සැප පහසුව” ලබා දෙන්නන් “අපගේ සමාජයෙන් සදහටම පලවා හැරිය යුතු” බව ය.

මෙහි ප‍්‍රායෝගික අර්ථය වන්නේ සුන්නි ත‍්‍රස්තවාදී ව්‍යාපාර සව්දි අරාබිය, කටාරය සහ අනෙකුත් අනුග‍්‍රාහක රටවල් වල සන්ධානය සමග සිරියාවට එරෙහි යුද්ධය දිගටම ගෙනයාමයි. අසාද්ට එරෙහි හමුදා ක්‍රියාවන් සඳහා සහය සඳහා පාර්ලිමේන්තුව තුල ඡන්දය දැමීම අලුතෙන් පත්වන කොන්සර්වේටිව් ආන්ඩුවේ ප‍්‍රථම ක්‍රියාව ලෙස පොරොන්දු දෙමින් මේ මෙම සැලසුම් වල කර වටක් ගිලී සිටින්නීය.

තමන්ගේ ප‍්‍රථම නේටෝ සහභාගිත්වය ලෙස ට‍්‍රම්ප් විසින් ඇමතීමට නියමිත බ‍්‍රසල්ස් නුවර පැවැත්වෙන නේටෝ සමුලුවට මේ බ‍්‍රහස්පතින්දා සංචාරය කරයි. ඇමරිකානු ජනාධිපති දැනටමත් ත‍්‍රස්තයට එරෙහි ඇමරිකාව මෙහෙයවන ක්‍රියාවන් සහ වැඩි වූ හමුදා සඳහා වියදම් යුරෝපියානු බලවතුන්ගෙන් ඉල්ලා සිටියි. ෂියයිට් ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊස්රායලය මෙහෙයවන ප‍්‍රාදේශීය සුන්නි සන්ධානයක් සඳහා සහයෝගයට බලය යෙදීමේ ස්වර්නමය අවස්ථාවක් දැන් ඔහුට පහල වී ඇත.

ක්‍රිස් මාස්ඩන්

Share this article: