ශ‍්‍රී ලංකාවේ සසප/සසජාතශි රුසියානු විප්ලවයේ ශත සංවත්සරය සැමරීමට ප‍්‍රසිද්ධ රැස්වීම් මාලාවක් පවත්වයි

2017 නොවැම්බර් 21

ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය රුසියානු විප්ලවයේ ශත සංවත්සරය සැමරීම පිනිස ප‍්‍රසිද්ධ රැස්වීම් මාලාවක් පවත්වයි. මෙම රැස්වීම් මාලාවේ තවත් රැස්වීමක් ගාල්ල නගර සභා ක‍්‍රීඩාංගන රැස්වීම් ශාලාවේදි දෙසැම්බර් 16 දා පස්වරු 3.00ට පැවැත්වෙනු ඇත.

රුසියානු කම්කරු පන්තියට ධනවාදය පෙරලා දමා දේශපාලන බලය සියතට ගෙන සමාජය සමාජවාදී පිලිවෙත් මත ප‍්‍රතිසංවිධානය කිරීමට ගාමකය සැපයූ කොන්දේසි යලි ඉස්මත්තට පැමින තිබේ. අධිරාජ්‍යවාදී යුද්ධය සහ ගෝලීය යුද ගැටුමක තර්ජනය දරිද්‍රතාව ඇදහිය නොහැකි මට්ටමේ සමාජ අසමානතාව සහ සෑම රටකම ආන්ඩු ආඥාදායක පාලන ක‍්‍රම දෙසට හැරීම අද ලෝක තත්වය මත ආධිපත්‍යය දරයි. ධනවාදයටද කාලකන්නිකම හා ම්ලේච්ජත්වය සහිත අනාගතයක් පමනක්ම ලබා දෙන සමාජ පර්යායටද එරෙහිව කම්කරුවන් අතර විරුද්ධත්වය වැඩෙන කොන්දේසි යටතේ සෑම තැනකම මහා සමාජ අරගලය දවසේ න්‍යාය පත‍්‍රයට ඇතුලත්ව තිබේ.

කම්කරුවන් හා තරුන ජනයා තමන් මුහුන දෙන බොහෝ ගැටලු වලට විසඳුමක් සොයන තතු තුල ගැඹුරු වන අර්බුදය සමාජවාදය සහ රුසියානු විප්ලවය පිලිබඳ වැඩෙන උනන්දුවක් ජනිත කර ඇත. මෙම කොන්දේසි යටතේ ඔක්තෝබර් විප්ලවයේ ඓතිහාසික පාඩම් දැවෙන සමකාලීන අදාලත්වයක් අත්පත් කර ගනී. විප්ලවය පැන නැගි වෛෂයික කොන්දේසි මොනවාද, අන් සියල්ලටත් වඩා එය දේශපාලනිකව හා න්‍යායිකව සූදානම් කෙරුනේ කෙසේද යන වග අධ්‍යයනය කිරීම කම්කරු පන්තියට අවශ්‍යය. එලඹෙන විප්ලවවාදී අරගල සඳහා කම්කරු පන්තිය දේශපාලනිකව සන්නද්ධ කල හැක්කේ එමගින් පමනි.

සිය ජාත්‍යන්තර සගයන් මෙන්ම ශ‍්‍රී ලංකාවේ ව්‍යාජ වාම සංවිධානද මෙම දැවැන්ත ඓතිහාසික අත්දැකීම්වලට නිග‍්‍රහ කරන අතර ඒවායේ දේශපාලන පාඩම් පිලිබඳව මොනම සොයා බැලීමක් හෝ වැලැක්වීමට උත්සාහ කරයි.

නිදසුනක් ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සෝවියට් සංගමය බිඳ විසිරවීමෙන් පසුව ධනපති කවයන් තුල බල පැවැත්වූ දැන් පුලුල් ලෙස අපකීර්තියට පත්ව ඇති විජයෝත්තමවාදය ප‍්‍රතිරාවය කරමින් ඔක්තෝබර් විප්ලවය “අසාර්ථක අත්හදා බැලීමක්” ලෙස ඉදිරිපත් කර තිබේ. එමෙන්ම ව්‍යාජ වම්මු යුද්ධය කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දමන ධනපති පක්ෂ වලට කම්කරුවන් ගැටගසන “පුලුල් පෙරමුනක” අවශ්‍යතාව තොරොම්බල් කරනු පිනිස 1917 විප්ලවවාදී නැගිටීම පිලිබඳ කම්කරුවන් හා තරුනයන් අතර වැඩෙන උනන්දුව ගසා කෑමේ ප‍්‍රයත්නයකද නිරතව සිටිති. මෙහිදී ඔවුන් තොරොම්බල් කරන සංකල්පයන්ට එරෙහිවය ව්ලැඩිමිර් ලෙනින්, ලියොන් ට්‍රොට්ස්කි හා බොල්ශෙවික් පක්ෂය සටන් වැදුනේ.

ඔක්තෝබර් විප්ලවය සිදු කිරීමේදී පාදක වුනු දේශපාලන ඉදිරි දර්ශනයන් සමාලෝචනය හා ඒවා ආරක්ෂා කරනු ඇත්තේ සසප /සසජාතශි රැස්වීම් මගින්ම පමනි. ජාතික අවස්ථාවාදයේ සෑම රූපාකාරයකටම එරෙහි අඛන්ඩ අරගලයක් හරහා ධනේශ්වරයේ සියලු කොටස්වලින් කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීන කර ගැනීමේ ක්ෂමා විරහිත අරගලය ජාත්‍යන්තර සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් විස්තාරනය කිරීම සහ ලියොන් ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත් කරන ලද නොනවතින විප්ලව න්‍යාය මෙයට ඇතුලත්වේ.

කම්කරුවන්ගෙන් තරුනයන්ගෙන් බුද්ධිමතුන්ගෙන් හා ලෝක සමාජවාදි වෙබ් අඩවියේ පාඨකයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ගාල්ල නගර සභා ක‍්‍රිඩාංගන රැස්වීම් ශාලාවේදී දෙසැම්බර් 16 දින සවස 3.00 ට පැවැත්වෙන රැස්වීමට පැමින 21 සියවසේ අරගල සඳහා සූදානම් වනු පිනිස 20 වන සියවසේ ශ්‍රේෂ්ඨතම සිද්ධිය පිලිබඳ සාකච්ජාවට සහභාගි වන ලෙසයි.

ස්ථානය: ගාල්ල නගර සභා ක‍්‍රිඩාංගන රැස්වීම් ශාලාව

දිනය: දෙසැම්බර් 16

වේලාව: සවස 3ට

Share this article: