කම්කරු මාවත අලුත් ප‍්‍රකාශන

රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන් ද?

1 වෙලුම: පෙබරවාරි විප්ලවය හා බොල්ශෙවික් මූලෝපායේ වර්ධනය

2017 ඔක්තෝබර් 7

කම්කරු මාවත ප‍්‍රකාශකයින්, රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන් ද? 1 වෙලුම: පෙබරවාරි විප්ලවය හා බොල්ශෙවික් මූලෝපායේ වර්ධනය කෘතිය එලිදක්වා ඇති බව සතුටින් නිවේදනය කරයි. එය මේරිං පොත් ප‍්‍රකාශකයින් විසින් පලකරන ලද Why Study the Russian Revolution? Volume I: The February Revolution and the Development of Bolshevik Strategy කෘතියේ සිංහල පරිවර්තනයයි. පොත කම්කරු මාවත ප‍්‍රකාශකයින්ගෙන් මිලට ගත හැක.

1917 පෙබරවාරි හා ඔක්තෝබර් අතර කාලයේ රුසියාව, අනුස්මරනීය විප්ලව දෙකකින් සොලවාලීය. පලමුවැන්න, වසර 300 වැඩි කාලයක් රට පාලනය කල රොමානොව් පරමාධිකාරය පෙරලා දැමීමයි. දෙවැන්න, ධනේශ්වර තාවකාලික ආන්ඩුව බලයෙන් පහකර, ඉතිහාසයේ ප‍්‍රථම සමාජවාදී කම්කරු රාජ්‍යය පිහිටුවීමයි.

රුසියානු විප්ලවයෙන් සියක් වසරක් ඉක්ම යද්දී 1917 සිදුවීම්, ඒවායේ ප‍්‍රතිවිපාක හා ඒවායේ පාඩම්, දැවෙන සමකාලීන අදාලත්වයකින් යුක්තය.

විප්ලවවාදී අරගලය අභිප්‍රේරනය කල, අධිරාජ්‍යවාදී යුද්ධය, සමාජ අසමානතාව, දේශපාලන මර්දනය වැනි සියලු ප‍්‍රධාන ඓතිහාසික ප‍්‍රශ්න, වර්තමානයේ ද දැවෙන ප‍්‍රශ්න බවට පත්ව ඇත.

මෙම වෙලුමට රුසියානු විප්ලවයේ ශත සංවත්සරය නිමිතිකොටගෙන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකයින් විසින් පවත්වන ලද දේශන අඩංගුවේ. “රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන් ද?” යන පලමු දේශනය පවත්වමින් ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, විප්ලවයේ සුවිශේෂී ස්වභාවය හා එහි කල් පවතින වැදගත්කම පෙන්වා දුන්නේය.

අනෙකුත් දේශන, රුසියාවේ 1905 විප්ලවය, 1 ලෝක යුද්ධයට තුඩුදුන් හේතු හා එහි ප‍්‍රතිවිපාක, පෙබරවාරි විප්ලවය හා 1917 අප්‍රල් මාසයේ ලෙනින් පෙට්‍රොග‍්‍රෑඩයට යලි පැමිනීමේ බලපෑම ආවරනය කලේය. එසේම මේ වෙලුමට, විප්ලවවාදී න්‍යාය හා ඓතිහාසික මුසාකරනය පිලිබඳ අමතර වැදගත් දේශන හා රචනා අඩංගුවේ.

ලෝක ඉතිහාසයේ අතිශයින්ම අනුස්මරනීය සිදුවීමේ පාඩම් හා අවස්ථා, ලොව පුරා කම්කරුවන් ද තරුනයින් ද විසින් අධ්‍යයනය කල යුතුය. පලමු දේශනයේද ඩේවිඩ් නෝර්ත් මෙසේ පැවසීය:

“ධනවාදයේ රාමුව තුල විසඳිය හැකි එකදු සමාජ ප‍්‍රශ්නයක්වත් ඇත්තේ නැත. සත්තකින්ම ධනේශ්වර ක‍්‍රමයේ ද අධිරාජ්‍යවාදී භූ-දේශපාලනය විසින් පදනම සැපයෙන ජාතික රාජ්‍ය පර්යායේ ද තර්කනය අනිවාර්යයෙන්ම මෙහෙය වෙන්නේ, ගෝලීය යුද්ධයකටය. මෙවර නම් එවැන්නක් කෙරෙනු ඇත්තේ න්‍යෂ්ටික ආයුධ වලිනි. ලෝකය මේ මහා ව්‍යසනයට ඇද වැටීම වැලැක්විය හැක්කේ, විප්ලවය යලි පනගැන්වීම තුලින්ම පමනි. සියල්ලටත් වඩා රුසියානු විප්ලවය හැදෑරීම අත්‍යවශ්‍ය වනුයේ එබැවිනි.” (51 පිටුව)

රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන් ද? 1 වෙලුම, අදම කම්කරු මාවත ප‍්‍රකාශකයින් වෙතින් ලබාගන්න!

Share this article: