ඉන්දියානු ආන්ඩුවේ නව විශ්වවිද්‍යාල ප‍්‍රවේශ විභාගයට සිසුන් විරුද්ධත්වය පල කරයි

Students oppose Indian government’s new university entrance exam

යුවාන් ඩාවින් සහ අරුන් කුමාර් විසිනි, 2017 ඔක්තෝබර් 11

එන්ඊඊටී අවලංගු කිරීම ඉල්ලා සිටි සිසුන් විසින් තිරුචිහි පිහිටි ප‍්‍රධාන තැපැල් කාර්යාලය අසලින් ඔක්තෝබර් 2 වන දින ආරම්භ කල පාගමන පොලිසිය විසින් අවහිර කලේය. මුහුනු ආවරනය කරගත් විරෝධතාවයේ නිරත වූ සිසුන් පසුගිය මාසයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුලුවීමේ අවස්ථාව නැති කිරීමෙන් සියදිවි නසාගත් 17 හැවිරිදි සිසුවියක වන අනිතා ෂන්මුගම්ගේ ඡායාරූපයක් ප‍්‍රදර්ශනය කලහ.

අනිතා ෂන්මුගම්

ෂන්මුගම් අරියාලුර් දිස්ත්‍රික්කයේ ඉතා දිලිඳු කම්කරු පවුලක දියනියකි. ඇය තමිල්නාඩු විශ්ව විද්‍යාල ප‍්‍රවේශ විභාගයේ දී ලකුනු 1,200 කින් 1,176 ක් ලබා ගත්ත ද ඇය එන්ඊඊටී අසමත් වූ බැවින් රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වීම වලක්වා තිබේ. ප‍්‍රාන්තයෙන් පවත්වනු ලබන 12 වන පන්තියේ සම්මත විභාගයේ දී, භෞතික විද්‍යාව හා ගනිතය සඳහා 100% ක ලකුනු ප‍්‍රතිශතයක් හිමිකරගත් අරියාලුර් දිස්ත්‍රික්කයේ එකම ශිෂ්‍යාව ඇය විය. එන්ඊඊටී හඳුන්වාදීමට පෙරාතුව වෛද්‍ය ශිෂ්‍යයකු වශයෙන් තම ගමේ පලමු පුද්ගලයා වීමට ඇයට හැකියාව තිබුනි.

සැප්තැම්බර් 1 දා ෂන්මුගම්ගේ සියදිවි නසාගැනීමෙන් පැන නැගුනු ශිෂ්‍ය විරෝධතාවලින් හඬනගා සිටියේ එන්ඊඊටී හකුලා ගන්නා ලෙසයි. විශ්ව විද්‍යාල සිසුන් ප‍්‍රාන්තයේ අගනුවර වන චෙන්නායි හා තමිල්නාඩු ප‍්‍රාන්තය පුරා කොඉම්බතූර්, තිරුවල්ලෝර්, කාන්චිපුරම්, විල්ලුපුරම්, කුද්දලෝර්, තිරුචි හා තන්ජවුර් යන ප‍්‍රදේශවල උද්ඝෝෂන පැවැත්වූ අතර පසුව උද්ඝෝෂන සඳහා ද්වීතීයික පාසල් ශිෂ්‍යයෝ ද සම්බන්ධ විය. විරෝධතාකරුවන් විසින් සමස්ත ඉන්දියානු ද්‍රවිඩ මුන්නේත‍්‍ර කසාගම් (ඒඅයිඒඩීඑම්කේ) ආන්ඩුව හා අගමැති නරේන්ද්‍ර මෝඩි ප‍්‍රමුක මධ්‍යම ආන්ඩුව ෂන්මුගම්ගේ ඛේදජනක මරනයට වගකිවයුතු යයි චෝදනා කරමින් හෙලා දුටුවෝය.

ඒඅයිඒඩීඑම්කේ ප‍්‍රමුක ප‍්‍රාන්ත ආන්ඩුව විසින් විරෝධතාවන්ට ප‍්‍රතිචාර වශයෙන් පොලීසිය යොදා සිසුන් විසුරුවා හැර තවත් සිය ගනනක් අත්අඩංගුවට ගත් අතර ඔවුන් ප‍්‍රජාශාලා තුල රඳවා තබා අවසානයේ නිදහස් කිරීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් උද්ඝෝෂන දිගටම වර්ධනය විය.

සැප්තැම්බර් 8 දා අගවිනිසුරු දීපක් මිස්රාගේ නායකත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඩුල්ල විසින් ශිෂ්‍ය විරෝධතා තහනම් කලේය. මෙයින් තමිල්නාඩු ප‍්‍රධාන ලේකම්වරයාට නීතිපති උපදෙස් ලබාදුන්නේ “තමිල්නාඩු ප‍්‍රාන්තයේ නීතිය හා සාමය බලපාන්නා වූ සාමාන්‍ය ජීවිතයට බාධා කරන ඕනෑම ‘බන්ධ්’ [වෙලඳාම සහ කර්මාන්ත සම්පූර්නයෙන්ම වසා දැමීම] විරෝධතා සම්බන්ධ ඕනෑම අයෙකු” ට එරෙහිව නීතිය බලගන්වන ලෙසයි.

ශ්‍රේෂ්ඨාධිකරනයේ මේ තහනම යටතේ තමිල්නාඩු ආන්ඩුව විසින් එන්ඊඊටී විරෝධී ශිෂ්‍ය විරෝධතාවන්ට එරෙහිව සිය ප‍්‍රහාර උත්සන්න කලේය. සැප්තැම්බර් 8 වන දින මදුරයිහි සිසුන් 81 දෙනෙකු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

ඔවුන් අතරින් සැප්තැම්බර් 12 වන දින සිසුන් 47 දෙනකු නිදහස් කරන ලදී. අනෙක් සිසුන්ට ඉන්දියානු දන්ඩ නීති සංග‍්‍රහය යටතේ නීති විරෝධී රැස්වීම, කැරලි ගැසීම, සාපරාධී කුමන්ත‍්‍රනය කිරීම සහ පහර දීම හෝ අපරාධකාරී බලය පාවිච්චි කිරීම හා රාජ්‍ය සේවකයන් තම රාජකාරිය ඉටුකිරිමෙන් වැලක්වීම යන චෝදනා එල්ල වී තිබේ.

2013 වර්ෂයේ දී එන්ඊඊටී ප‍්‍රථම වරට යෝජනා කරන අවස්ථාවේ තමිල්නාඩු, අන්ද්‍රා ප‍්‍රදේශ් සහ ගුජරාට් ඇතුලු තවත් ප‍්‍රාන්ත ආන්ඩු කීපයක් මෙන්ම විද්‍යාල වලින් ද මතු කල විරෝධතා වලට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස එන්ඊඊටී විභාගය සම්බන්ධව නීතිමය වෙනස්කම් කීපයක් සිදු කරන ලදී.

පසුගිය වසරේ ශ්‍රේෂ්ඨාධිකරනය විසින් සියලුම වෛද්‍ය පාඨමාලා සඳහා එන්ඊඊටී විභාගය අනිවාර්ය කිරීමට නියෝග කලේය. 2016 ජූලි මාසයේදී මෝඩි ආන්ඩුව විසින් ඉදිරිපත් කරන ලද, ඉන්දියානු වෛද්‍ය සභා (සංශෝධනන )පනත් කෙටුම්පත සහ දන්ත වෛද්‍යවරුන් සඳහා වන (සංශෝධන) පනත් කෙටුම්පත මගින් වෛද්‍ය සිසුන් තෝරාගැනීමේ දී එන්ඊඊටී විභාගය අනිවාර්ය කරන ලදී. ඒඅයිඒඩීඑම්කේ නායකත්වයෙන් යුත් ප‍්‍රාන්ත ආන්ඩුවේ පීඩනය යටතේ තමිල්නාඩුවේ එන්ඊඊටී ජාතික පරීක්ෂනයක් නොපවත්වන ලැබූ නමුත් එය වසරකට පමනක් සීමා විය.

ෂන්මුගම්ගේ සියදිවි නසාගැනීම තමිල්නාඩු ප‍්‍රාන්තයේ විරෝධතා පිපිරී යාමට තුඩු දුන් අතර, ඉන්දියාව පුරා එන්ඊඊටී විභාගයට විරෝධය වේගයෙන් වර්ධනය වී තිබේ.

එන්ඊඊටී පරීක්ෂනය, ඉන්දියානු ද්විතීය අධ්‍යාපනය සඳහා වන මධ්‍යම ආයතනය (සීබීඑස්ඊ) විසින් පවත්වනු ලැබේ. එය පැනවීමට පෙර, මධ්‍යම ආන්ඩුව හෝ අදාල ප‍්‍රාන්ත ආන්ඩු විසින් පවත්වනු ලබන විශ්ව විද්‍යාල ප‍්‍රවේශ විභාගයේදී උසස් ද්විතීයික අධ්‍යාපනය අවසන් කල සිසුන්ගේ කාර්ය සාධනයේ පදනම මත වෛද්‍ය උපාධිය සඳහා තෝරා ගත්තේය.

ඉන්දියානු පාසල් ඔවුන්ගේ සිසුන් එන්ඊඊටී සඳහා සූදානම් කිරීම ආරම්භ කර ඇති නමුත් එය ඉතා දුෂ්කර විභාගයක් වන අතර අමතර පුහුනුවක් මෙන්ම මිල අධික පෞද්ගලික උපකාරක පන්ති අවශ්‍ය වේ. දුප්පත් කම්කරු පන්තියේ සහ පීඩිත පවුල්වල දරුවන්ට ගාස්තු ගෙවිය නොහැකිය. එබැවින් දරිද්‍රතාවෙන් මිරිකී ඇති සිසුන් වඩාත් පීඩාවට පත්ව තිබේ.

එන්ඊඊටී විරෝධතා විසින් මතු කර ඇත්තේ, මහජන අධ්‍යාපනය සඳහා රාජ්‍ය අරමුදල් කප්පාදුවෙන් සිසුන් හා තරුනයින් අතර වැඩෙන කෝපයත් විරැකියාවත් නොසන්සුන්කමත් පිලිබඳ තවත් ප‍්‍රකාශනයකි. 1991 දී රාජ්‍ය අධ්‍යාපනය සඳහා රජයේ වියදම, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.4 සිට මේ වසරේදී සියයට 3.71 දක්වා පහත දමා ඇත.

Share this article: