නිව් යෝර්ක් ටයිම්ස් ගූගල් වාරනය සහ අපලේඛනය පිලිබඳ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ චෝදනාව වාර්තා කරයි

The New York Times reports World Socialist Web Site charge of Google censorship and blacklisting

ඇන්ඩෙ‍්‍ර ඩැමොන් විසිනි, 2017 ඔක්තෝබර් 2

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ අනෙකුත් වාමාංශික හා යුද-විරෝධී වෙබ් අඩවි සම්බන්ධ ගූගල් වාරනය හා අපලේඛනය සැප්තැම්බර් 27 වැනිදා නිව් යෝක් ටයිම්ස් විසින් ප‍්‍රසිද්ධ කෙරුනු දීර්ඝ ලිපියක විෂය විය. “ගූගල් ට‍්‍රැෆික් පොලිස් කාරයෙක් බවට පත්වෙයි” යන සිරස්තලය සහිත එම ලිපිය මුද්‍රිත සංස්කරනයේ ව්‍යාපාරික පිටුවේ මුල් තැනක් දී පල කෙරුනු අතර පුවත්පතේ වෙබ් අඩවිය.ද එය පල කලේය.

තාක්ෂනය සම්බන්ධ ප‍්‍රශ්න ගැන විශේෂඥයෙකු වන, ටයිම්ස් වාර්තාකරු ඩයිසුකේ වකබයාෂි විසින් ලියන ලද ලිපිය ඇරඹෙන්නේ මෙසේය: “ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කතෘමන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත්, අපේ‍්‍රල් මාසයේ තම අඩවියේ පිවිසුම්වල වැටීමක් දුටුවේය. මුලින් ඔහු එය සටහන් කරගත්තේ, ජනාධිපති ට‍්‍රම්ප් සම්බන්ධ ප‍්‍රවෘත්ති පිලිබඳ තෙහෙට්ටුව හෝ දේශපාලනික විඥානයේ මාරුවක් ලෙසය.”

“එහෙත් සංඛ්‍යාවන් හාරා අවුස්සා බැලූ විට, ඔහුට ඊට වැඩි යමක් තේරුම් ගිය බව නොර්ත් මහතා පැවසීය. වෙබ් අඩවියට කෙරෙන ගවේශනාත්මක පිවිසුම් යලි යොමු කිරීම ගූගල් විසින් අත්හිටුවා තිබුනි. කලෙක පුද්ගලයන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ආකර්ෂනය කෙරුනු ප‍්‍රමුඛ සෙවුම් පද දැන් හිස්ව දිස්වන බව ඔහු සොයා ගත්තේ ය.”

“මෙය අහම්බයක් නො වන” බවත් “යම් ආකාරයක දැනුවත් මැදිහත්වීමක්” බවත් නොර්ත් සඳහන් කලේය.

නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාවේ මුල් පිටුව

ගූගල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියාට හා තවත් මූලික විධායක නිලධාරීන් කීපදෙනෙකුට නෝර්ත් යැවූ විවෘත ලිපිය අගෝස්තු 25 වැනිදා ප‍්‍රසිද්ධ කිරීමෙන් දින කිහිපයකට පසු වකබයාෂි මහතා මුලින්ම ලෝසවෙඅ ඇමතීය. ගවේෂන ප‍්‍රතිපල වලින් ලෝසවෙඅ හා අනෙකුත් වාමාංශික අඩවි ඉවත් කර තැබීමට ගූගල් උත්සාහ දරමින් සිටින බව සනාථ කෙරෙන විස්තීරන දත්ත ඇතුලත් ලිපිය, වාරනය හා අපලේඛන ගත කිරීම නතර කරන ලෙස ඉල්ලා සිටියේ ය.

අන්ත දක්ෂිනාංශික වෙබ් අඩවිවලට ප‍්‍රවේශවීම ගූගල් විසින් අවහිර කර තිබූ බවට ටයිම්ස් පුවත්පත වාර්තා පල කර ඇති නමුදු, වකබයාෂි මහතාගේ ලිපිය, වාමාංශික වෙබ් අඩවි සම්බන්ධ සංගත වාරනය පිලිබඳව එක්සත් ජනපද සංස්ථාපිත මාධ්‍ය තුල පලවූ පලමු වැදගත් වාර්තාවයි.

පසුගිය අපේ‍්‍රල් මාසයේ දී ගූගල් තම ගවේෂන ඇල්ගොරිතමයට (පරිගනක විද්‍යාවේ දී ගැටලූ විසඳීම සඳහා යොදා ගැනෙන නීති පද්ධතියක්) කල වෙනස්කම් නිවේදනය කිරීමේ තැන් සිට, වාමාංශික, යුද-විරෝධී, මෙන්ම ප‍්‍රගතිශීලී වෙබ් අඩවි 13ක ගවේෂන පිවිසුම් සියයට 55කින් පහල බැස ඇති බව ලෝසවෙඅ අධ්‍යයනය මගින් සොයා ගෙන ඇත.

වකබයාෂි සමඟ නෝර්ත්ගේ ආරම්භක සාකච්ඡාවෙන් පසුව, ගූගල් හරහා එන ගවේෂන පිවිසුම්වල නාටකාකාර වැටීම, ගවේෂන ප‍්‍රතිඵල තුල ලෝසවෙඅ විසින් පලකරන ලිපිවලට ලැබුන ප‍්‍රමුඛස්ථානය පහලයාමට හේතු වන්නේය යන සිය ප‍්‍රකාශයට අනුබල දෙන පුලුල් දත්ත සමුදායක්, ලෝසවෙඅ විසින් ටයිම්ස් වාර්තාකරුට සපයන ලදී.

ලිපිය ප‍්‍රසිද්ධ කිරීමට මදකට පෙර සැප්තැම්බර් අග, වකබයාෂී නෝර්ත් සමග දෙවැනි සම්මුඛ සාකච්ඡාවක්ද පැවත්වීය.

එම ලිපිය ලෝසවෙඅ තොරතුරු නිවරදි ලෙස වාර්තා කලේය.

“අපේ‍්‍රල් මස මැදදී, ධනවාදය එදිරිව සමාජවාදය පිලිබඳ ගූගල් ගවේෂනයක්, එහි පලමු ප‍්‍රතිඵල පිටුව මතට අඩවියේ සම්බන්ධතාවන්ගෙන් එකක් ගෙන ආ නමුත් අගෝස්තු වන විට එම ගවේෂනයටම, කිසිම සම්බන්ධතාවක් ගූගල් හි පෙන්නුම් නොකලේය. අපේ‍්‍රල් මාසයේදී අඩවියට පුද්ගලයන් නැවත යොමු කර තිබූ ප‍්‍රමුඛ ගවේෂන පද 150න් 145ක් දැන් තම සම්බන්ධතාවන් පෙන්නුම් නොකරයි.”

වකබයාෂි සමග ඔහු කල සම්මුඛ සාකච්ඡාවේදී ලෝසවෙඅ විශ්ලේෂනයට, සාධක මත පදනම් වූ ප‍්‍රතිචාරයක් දක්වන ලෙස ගූගල් සමාගමට පවසන මෙන් නොර්ත් ටයිම්ස් වාර්තාකරුගෙන් ඉල්ලීය.

“ඔවුන් එය කරමින් සිටින්නේ කෙසේ දැයි ඔවුන්ගෙන් ඇසිය යුතු” බවත් “ඔවුන් අප (ගූගල්) කිසිවක් කරන්නේ නැතැයි පවසන්නේ නම්, එය සරලවම විශ්වාස කල හැකි නොවේ” යැයි නෝර්ත් කරන ප‍්‍රකාශයත් ටයිම්ස් පුවත්පත උපුටා දක්වයි.

ටයිම්ස් වාර්තාකරු ගූගල් ආයතනයෙන් ප‍්‍රතිචාරයක් ලබා ගැනීමට උත්සාහ කල නමුත් පලක් වී නැත. “ගූගල් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ගැන අදහස් දැක්වීම ප‍්‍රතික්ෂේප කලේයැයි” ලිපිය වාර්තා කලේය.

ගූගල් ආයතනයේ පරිපූර්න නිහඬියාව වරද පිලිගැනීමකට සමානය.

ගූගල් ගවේෂනයන් සංස්ථාපිතයේ වෙබ් අඩවිවලට පක්ෂපාතිත්වයක් දක්වන බවට විවෘත ලිපිය කරන චෝදනාව ද වකබයාෂිගේ ලිපියෙහි සඳහන් විය.

“පිවිසුම්වල පහත වැටීම, ගූගල් විසින් නිව් යෝක් ටයිම්ස් ද ඇතුලු ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සංවිධාන වෙතට, අන්තර්ජාල පරිශීලනය කරන්නන් යොමු කිරීමේ ප‍්‍රතිඵලය බව නොර්ත් මහතා තර්ක කලේය. වාමාංශික, ප‍්‍රගතිශීලී, සමාජවාදී හෝ ඔල්ටර්නෙට් හා කොන්සොර්ටියම් නිව්ස් වැනි යුද විරෝධී ප‍්‍රකාශන ඇතුලත් විවිධාකාර අඩවිවල ගවේෂන පිවිසුම් යලි යොමු කිරීම්ද අපේ‍්‍රල් මාසයේ සිට වැටී ඇති බව ලෝසවෙඅ ප‍්‍රකාශ කලේය.”

ඔහු ලිපිය සඳහා ගවේෂනය කරමින් සිටි මාසය තුල, ගූගල් වාරනය පිලිබඳ ප‍්‍රකාශය නිෂ්ප‍්‍රභ කෙරෙන සාක්ෂි නැති බව වකබයාෂි මහතා පැහදිලිවම සොයාගත්තේය. ඊට විපරීත ලෙස ඔහුගේම පර්යේෂන, ලෝසවෙඅ සොයා ගැනීම් සඳහා සහායක් විය.

උදාහරන වසයෙන්, ලෝසවෙඅ වෙතට යොමුවූ ගවේෂන යන්ත‍්‍ර පිවිසුම් පහල ගිය අතර, නො-සෙවුම් පිවිසුම් ඉහල ගිය බව නිව් යෝක් ටයිම්ස් සොයා ගත්තේය.

“මා ඕනෑම ආකාරයක වාරනයට විරුද්ධයි.” නොර්ත් ටයිම්ස් පුවත්පතට පැවසීය. “තමන්ට කියවීමට අවශ්‍ය කුමක්ද යන්න තෝරා ගැනීම ජනතාවට භාරය. එය ලෝක සමාජවාදී වෙබ් අඩවියට කෙරෙන පිවිසුම් වලින් නතර නොවනු ඇත. එය පුලූල් වීමටත් පැතිරීමටත් පටන් ගන්නවා ඇත.”

ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා වෙනත් වාමාංශික වෙබ් අඩවි වාරනය හා අපලේඛනය කිරීමේ ගූගල් උත්සාහය පිලිබඳ මෙම වාර්තාව ටයිම්ස් පුවත්පත විසින් ප‍්‍රසිද්ධ කිරීම වැදගත් දේශපාලන වර්ධනයකි.

ටයිම්ස් ලිපියට ප‍්‍රතිචාර වසයෙන්, ඬේවිඞ් නෝර්ත් පහත සඳහන් ප‍්‍රකාශය නිකුත් කලේය.

“ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි ගූගල් ප‍්‍රහාරය පිලිබඳ ලෝසවෙඅ හෙලිදරව් කිරීම් පුලුල්ව හදාරනු ලැබෙන අතර සැලකිය යුතු බලපෑමකින් යුක්තය. ටයිම්ස් පුවත්පතේ පලවුනු ලිපිය මාසයක් තිස්සේ සූදානම් වූවකි. පුවත්පතේම පර්යේෂනය තහවුරු කලේ, ලෝසවෙඅ කෙරෙන පිවිසුම් නාටකාකාර ලෙස වැටී ඇති බවයි. ටයිම්ස් පත‍්‍රය අපගේ චෝදනාවට පිලිතුරු දෙන ලෙස පැවසූ විට ගූගල්, එහි වාර්තාකරුට අවහිර කිරීමට පියවර ගත්තේය. ලෝසවෙඅ චෝදනා නිෂ්ප‍්‍රභ කිරීමට ගූගල් සමත් වුයේ නම්, එය වකබයාශි මහතාට සාක්ෂි සම්පාදනය කරනු ඇත. ගූගල් එසේ කිරීමට අසමත් වූයේ, අපේ චෝදනා සත්‍ය වන බැවිනි. ගූගල් අන්තර්ජාලය වාරනය කිරීමේ කුමන්ත‍්‍රනයක නියලී සිටී.”

“ගූගල් උත්සාහය අසාර්ථක වනු ඇත. මුලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ප‍්‍රහාරයට ලක්වන බවට අවබෝධය වේගයෙන් වැඩෙමින් තිබේ. සිය නාමය, ගවේෂන වංචාකිරීම හා භාෂනයේ නිදහස සහ විවේචනාත්මක චින්තනය මර්දනය කිරීමට සමාන පදයක් වනවාත් සමඟ ගූගල් තමන්වම අපකීර්තියට පත්කර ගනියි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙම සටනින් පසුබසින්නේ හෝ ඉවත් වන්නේ නැත. ආන්ඩුව හා සංගත පාලිත වාරනයට එරෙහි අපගේ සටන දිගටම සහාය දිනා ගනු ඇතැයි අපට විශ්වාසය.”

Share this article: