ට‍්‍රම්ප්, ඉරානය සහ ලෝක ආධිපත්‍ය සඳහා එක්සත් ජනපද මෙහෙයුම

Trump, Iran and the US drive for world hegemony

2017 ඔක්තෝබර් 16

සිකුරාදා යුදකාමී සහ වංක කතාවක් කරමින් එක්සත් ජනපද (එජ) ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්, එජ ඉල්ලීම් සමග අනුකූලතාවයකින් යුතුව නැවත නොලියවෙන්නේ නම්, 2015 ඉරාන න්‍යෂ්ටික සම්මුතිය බිඳ දමන බව තරයේ කියා සිටියේය.

එම කතාව ඇමරිකානු පාලක පන්තියේ උද්දච්චභාවය සහ අපරාධකාරීත්වය විදහා දැක්වීය. “මැද පෙරදිග සහ ඉන් එපිට ගැටුම්, භීතිය සහ කැලඹීම් ව්‍යාප්ත කිරීම” සම්බන්ධයෙන් ට‍්‍රම්ප් ඉරානය හෙලා දැක්කේය. මෙසේ පවසන්නේ ඇෆ්ගනිස්තානයේ, ඉරාකයේ, ලිබියාවේ සහ සිරියාවේ මිලියන ගනනක් මිනිසුන්ගේ මරනයන්ට හේතු වෙමින් සහ තවත් මිලියන ගනනකට ඔවුන්ගේ නිවාස වලින් පලායාමට බලකරමින් ඇති මුලුමහත් සමාජයන් පිටින් වනසා දමා ඇති ආක‍්‍රමනශීලී යුද්ධයන්, පතුරුවමින්, අප‍්‍රමාන භීෂනයන්ට මැද පෙරදිග මිනිසුන් යටත් කර ඇති රටක නායකයාය.

ට‍්‍රම්ප් 1979 ඉරාන විප්ලවය හෙලා දැක්කේය, ඉරානයේ ධනපති-පූජක ආන්ඩුව ජාත්‍යන්තර වශෙයන් නීති විරෝධී රෙජිමයක් ලෙස පින්තාරු කලේය, එමෙන්ම එක්සත් ජනපදය ඉරාන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් වල ආරක්ෂකයා ලෙස ප‍්‍රතිමූර්තිමත් කලේය.

එසේ පැවසුවේ, ඡන්දයෙන් තේරී පත් වූ අගමැති මොහොමඩ් මොසාඬේ බලයෙන් පහකොට, ඉන් පසු එලඹි ශතවර්ෂ කාල පුරාවට වොෂින්ටනය විසින් බලයේ තබා ගත්, ෂාගේ කෲරතර ඒකාධිපති පාලනය ස්ථාපිත කල, කුමන්ත‍්‍රනය, 1953 දී සීඅයිඒ විසින් සංවිධානය කල බව ඉරාන ජනයාට අමතක වී ඇතුවා සේය. එමෙන්ම, ඉරානයට පහරෙදන බවට නොනවත්වා තර්ජනය කරමින්ද අට අවුරුදු ඉරාන-ඉරාක යුද්ධයේදී (1980-88) බැග්ඩෑඩයට සහය දෙමින්ද, ඔබාමා යටතේ කුලුගැන්වුනු ආර්ථික සම්බාධක දන්ඩන පනවමින්ද, පසුගිය දශක හතර පුරාවට එජ ඉරානයට එරෙහි ක්ෂමාවිරහිත උද්ඝෝෂනයක් ගෙන ගොස් ඇති බව ඉරාන ජනතාවට අමතකව ඇතුවාක් ලෙසය.

න්‍යෂ්ටික සම්මුතියේ “බොහෝ දෝෂයන්” “නිවැරදි කිරීම” සඳහා වූ තම ඉල්ලීම් සාකච්ඡාවට බඳුන් නොකරන වග ට‍්‍රම්ප් පැහැදිලිව ප‍්‍රකාශ කලේය. එජ පර්සියානු ගල්ෆ් ප‍්‍රදේශයේ යුද නැව් පෙලක් පවත්වාගෙන යාම සහ සිය සව්දි සහ ඊස්රායල මිත‍්‍රයන් තදින්ම ආයුධ සන්නද්ධ කිරීම සිදු කරන අතරතුර මෙම ප‍්‍රකාශ ටෙහෙරානය ඒකපාර්ශවීයව අවිහරනය කල යුතු බවට වන අවසාන නිවේදනයකි. සිය ස්වෛරීත්වයට කෙරෙන ස්ථීර ප‍්‍රහාරයන් පිලිගැනීම සහ සැබෑ ලෙස පරාධීන රාජ්‍යයක තත්වයට එහි ඌනනය වීම ඒවා ඉරානයෙන් ඉල්ලා සිටිනු ඇත.

ඉරාන මිලිටරි අංගනයන් සීමා රහිතව පරීක්ෂා කිරීමට ජාත්‍යන්තර පරමානු ශක්ති ඒජන්සියට ඉඩලබා දෙමින් සහ ඉරාන බැලස්ටික් මිසයිල වැඩසටහන කඩා බිඳ දමමින්, ගිවිසුමේ එකොලොස්වෙනි වසරේදී අවලංගු වීමට නියම කර ඇති ඉරානයේ සිවිල් න්‍යෂ්ටික වැඩසටහන මත දැඩි සීමාකිරීම්, ස්ථිර කිරීම ඉල්ලීම් වලට ඇතුලත් වේ.

ගෝලීය න්‍යෂ්ටික තරඟය අවුලුවමින් සහ මැද පෙරදිග සහ කොරියානු අර්ධද්වීපයේ යුද අවදානම ඉහල නංවමින්, නීතිය තම අතට ගෙන සිටින්නෙකු වීම සම්බන්ධයෙන් කෝපයෙන් යුතුව වොෂින්ටනය හෙලා දකිමින් යුරෝපියානු නායකයන් ප‍්‍රතිචාර දැක්වීය. එජ මෙම මාර්ගයේම නොනවත්වාම ඉදිරියට ගිය හොත් “එය, යුරෝපියයන් වන අපව, රුසියාව සහ චීනය සමග ඇමරිකා එක්සත් ජනපදයට එරෙහි පොදු ආස්ථානයකට මෙහෙයවනු ඇතැයි” ජර්මානු විදේශ අමාත්‍ය සිග්මාර් ගාබ්‍රියල් අනතුරු ඇඟවීය.

ඊලඟට සිදුවන දෙය පැහැදිලි නැත. ට‍්‍රම්ප්ගේ ඉහල පෙලේ උපදේශකයන් වන ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස්, රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්, සහ ජාතික ආරක්ෂා අනුශාසක එච්.ආර්. මැක්මාස්ටර් ඇතුලු එජ දේශපාලන සහ මිලිටරි ආරක්ෂක සන්ස්තාපිතයෙන් වැඩි පිරිසක් ඉරාන ගනුදෙනුව ඉවත දැමීමට එරහිව ට‍්‍රම්ප් හට උපදෙස් දී ඇත. මැටිස් සහ ඒකාබද්ධ කාර්ය මන්ඩල ප‍්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් ජෝසප් ඩන්ෆෝඞ් යන දෙදෙනාම, පසුගිය සතියේ කොන්ග‍්‍රසය ඉදිරියේ සාක්ෂි දෙමින්, ඉරානය, න්‍යෂ්ටික ගිවිසුම සමග එකඟතාවයකින් යුතුව සිටින බව පිලිගත් අතර ගිවිසුම පවත්වාගෙන යාම එක්සත් ජනපදයේ අවශ්‍යතාවයන්ට ඇතුලත් බව විස්වාස කරන්නේයැයි පැවසීය.

ඒ ඉරානය දමනය කර ගැනීමට සහ ලෝකයේ වඩාත්ම වැදගත් තෙල්-අපනයනය කරන කලාපය සහ ආසියාව, අප‍්‍රිකාව සහ යුරෝපය අතර ඇති මූලෝපායික කේන්ද්‍රය වන මැදපෙරදිග පුරා එජ ආධිපත්‍ය ආරක්ෂා කරගැනීමට ට‍්‍රම්ප්ගේ ජෙනරාල්වරුන්ට පවතින්නේ අඩු අධිෂ්ඨානයක් නිසා නොවේ.

ට‍්‍රම්ප්ගේ ඩිමොක‍්‍රටික් පක්ෂ සහ මාධ්‍ය විවේචකයන්ගේ මීට වඩා වෙනසක් නැත. එජ සහය දැක්වූ ඉස්ලාමීය බලකායන් පරාජය කිරීමට, ටෙහෙරානය ප‍්‍රධාන භූමිකාවක් රඟදැක්වූ සිරියාවෙන් පටන්ගෙන, ඉරානයට එරෙහි වඩා ආක‍්‍රමනශීලී මිලිටරි සහ රාජ්‍යතාන්ත‍්‍රික ප‍්‍රහාරයන්, නිව්යෝක් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් නිරන්තරයෙන් ඉල්ලා සිට තිබේ. “ට‍්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් අන්තරාදායක මාර්ගයකට අවතීර්නය වී ඇත,” යනුවෙන් සෙනසුරාදා පලවූ කතුවැකියක “භූ දේශපාලනික අනුවනකම” සම්බන්ධයෙන් වොෂින්ටන් පෝස්ට් ජනාධිපතිවරයාට දෝශාරෝපනය කල අතර, “ඊස්රායාලය සමග නව ගැටුමක් අවුලුවා ලීමට තර්ජනය කරමින් සිටින සිරියාව තුල ඉරානයේ මිලිටරි පැලපදියම් වීමට, මුහුන දීම සඳහා පැහැදිලි වැඩපිලිවෙලක් නොමැති වීම” සම්බන්ධයෙන් ඔහුට චෝදනා කලේය.

මෙම නොඑකඟතාවන් තියුනු වන අතරම සම්පූර්නයෙන්ම උපාය මාර්ගික වේ. ඉරානය සමග සිදුවන ඝට්ටනයක්, වොෂින්ටනයේ, චීනය සහ රුසියාවට එරහි මිලිටරි-මූලෝපායික ප‍්‍රහාරයන් දුර්වල කරනු ඇතැයිද එජ ගෝලීය බලය ප‍්‍රක්ෂේපනය කිරීමේදී, විශේෂයෙන්ම රුසියාවට එරහිව, නේටෝ හරහා ප‍්‍රධාන භූමිකාවක් නොනැවතී රඟදක්වන, ඇමරිකාවේ සම්ප‍්‍රදායික යුරෝපීය මිත‍්‍රයන් සමග ඇති සබඳතා වලට ගිනි අවුලූවනු ඇතැයිද යන පුලූල්ව පැතිරුනු භීතීන් මධ්‍යයේ, ඊලඟ එජ යුද්ධයේ සුදුසු ඉලක්කය සහ නිවැරදි කාලය පිලිබඳ ප‍්‍රශ්නය වටා ඔවුන් පරිභ‍්‍රමනය වෙයි.

ඉරාන සම්මුතිය බිඳ දැමීම සඳහා වූ ට‍්‍රම්ප්ගේ සැලැස්මට ඇති විරෝධය, ට‍්‍රම්ප් ඉවත් කිරීම සඳහා එජ ව්‍යවස්ථාවේ 25වන සංශෝධනය භාවිතා කිරීම පිලිබඳ මහජන සාකච්ඡුාවක් මට්ටමට පැමින ඇති, වොෂින්ටනයේ පෙර නොවූ විරූ දේශපාලන යුද්ධයේ සාධකයකි.

ටෙහෙරානයට එරහි නව ආර්ථික සම්බාධක පැනවීමට යුරෝපීයයන්ට බලකිරීමට, ගෝලීය බැංකු පද්ධතියේ වෝල් වීදියේ ආධිපත්‍ය සහ එජ වෙලඳපලට ඇති ප‍්‍රවේශය ප‍්‍රයෝජනයට ගැනීමට ට‍්‍රම්ප් සැලසුම් කරමින් සිටීමත් සමග, යුරෝපය සහ එජ අතර, විශේෂයෙන්ම ජර්මනිය සමග, දැනටමත් ඇති දරුනු වෙලඳ තරඟයට තවදුරටත් විස කැවීමට ඉරාන අර්බුදය තර්ජනය කරමින් සිටී. දැනටමත් යුරෝපියානු බලයන් ප‍්‍රතිප‍්‍රහාරාත්මක ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටී.

යුරෝපියානු අධිරාජ්‍යවාදීන් වොෂින්ටනයට වඩා අඩුවෙන් කොල්ලකාරී වන්නේ නැත. ඉරානයට එරහි ආර්ථික යුද්ධයේදී ඔවුන් ප‍්‍රධාන කොටස්කරුවන්ව සිටියේය. නමුත් යලි අරඹන ලද ටෙහෙරානයට එරහි එජ පරිශ‍්‍රමය, ලෝකයේ සිව්වෙනි විශාල තෙල් සංචිත සහ විශාලතම ස්වභාවික වායු සංචිත සහිත ඉරානය, ආර්ථික වශයෙන් සූරා කෑමට බිලියන ගනනින් මුදල් ආයෝජනය කරන ඔවුන්ගේ සැලසුම් වලට තර්ජනය කරයි. වැඩි දුරටත්, මැද පෙර දිගට ඔවුන්ගේ ඇති ආසන්න බව සහ මධ්‍යධරනියේ තෙල් මත ඔවුන්ගේ රඳා පැවැත්ම සැලකූ විට තවත් එජ යුද්ධයක් මගින් සිදුවන අස්ථාවරත්වයකට ඔවුන් බියය. එවැනි යුද්ධයක් ක්ෂනිකව රුසියාව සහ චීනය වැනි න්‍යෂ්ටික බලවතුන් එයට ඈඳා ගනු ඇත.

ට‍්‍රම්ප් හදිස්සිකාරයෙකු වන අතරම ඉරානය පිලිබඳ හා පුලුල් අධිරාජ්‍යවාදී මූලෝපාය පිලිබඳ ඇමරිකානු ප‍්‍රතිපත්තිය මත එජ ප‍්‍රභූවේ බෙදීම් වල ප‍්‍රභවය පවතින්නේ සෝවියට් සංගමය බිඳ විසුරවීම මධ්‍යයේ එජ ආර්ථික බලය ඛාදනය වීම වලක්වා ගැනීමට වොෂින්ටනය කල ප‍්‍රකෝපකාරී යුද දියත් කිරීම් මගින් අසමත් වීමේය.

ගෝලීය ආධිපත්‍ය හඹාගෙන යාමේදී එජ මැද පෙරදිග පොලවට සමතලා කොට ඇත. ඇමරිකානු භටයන් ඉරානයේ අසල්වැසියන් දෙදෙනෙකු වන ඇෆ්ගනිස්තානය සහ ඉරාකය ආක‍්‍රමනය කිරීමත් සමග ඉරානය එජ ආක‍්‍රමනයේ මූලික ඉලක්කයක්ව පවතී. එසේ වුවත්, දැන් රුසියාව සහ චීනය යන දෙපාර්ශවයම මැද පෙරදිග තුල ප‍්‍රධාන ආර්ථික සහ භූ-දේශපාලනික ක්‍රියාකාරීන්ව සිටින තත්වයක් තුල ලිබියාවේදී සාර්ථකව කලාක් මෙන්, සිරියානු රජය ඉවත් කිරීමට ඉස්ලාමීය කුලී හමුදාවන් ප‍්‍රයෝජනයට ගැනීමේ වොෂින්ටනයේ සැලසුම් අසාර්ථක කරමින් ඉරානය එහි ආනුභාවය ව්‍යාප්ත කිරීමට සමත්ව ඇත.

මෙම පරාජයන්ට එජ අධිරාජ්‍යවාදයේ ප‍්‍රතිචාරය වන්නේ, චීනය සහ රුසියාවෙන් පටන්ගෙන, එහි ප‍්‍රධාන සතුරන් සෘජුවම ඉලක්ක කරගනිමින් තම යුද සැලසුම් වේගවත් කිරීමයි. යුරෝපය සහ ජපානය ඔවුනගේ පැත්තෙන්, එජ එරහිව තමන්ගේ අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන් තහවුරු කර ගැනීම සඳහා ප‍්‍රචන්ඩ ලෙස නැවත ආයුධ සන්නද්ධ වෙමින් සිටී.

මානව වර්ගයා අධිරාජ්‍යවාදී බලයන් විසින් තුන්වන ලෝක යුද්ධයක් වෙතට ඇදගෙන යාමේ සැබෑ සහ වර්තමාන අර්බුදයට මුහුන දී සිටී. මෙවර එය සිදු වන්නේ න්‍යෂ්ටික අවි ආයුධ භාවිතා කරමින්ය.

කිසිදු ප‍්‍රධාන බලයක පාලක පන්තිය තුල “සාම” කන්ඩායමක් නොමැත. න්‍යෂ්ටික සමූලෝත්පාඨනයක් තුලට ඇද වැටීම නැවත්වීමට හැකි සමාජ බලවේගය වන්නේ, යුද්ධයේ, සමාජ අසමානතාවයේ සහ එකාධිපතිත්වයේ ප‍්‍රභවය වූ ධනවාදය, පැරදවීම ඉලක්ක කරගත්, සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත බලමුලුගැන්වූ ජාත්‍යන්තර කම්කරු පන්තියයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සටන් කරමින් සිටින්නේ මහජන ජාත්‍යන්තර යුදවිරෝධී සංවිධානයක් විප්ලවවාදී පදනම මත ගොඩනැගීමටය.

කීත් ජෝන්ස්

Share this article: