“ගූගල් ප‍්‍රධාන විධායක නිලධාරියා අප නෙරපීමට ප‍්‍රමුඛ බුද්ධි මන්ඩලයකට බලපෑම් කලා” - ඒකාධිකාර විරෝධී පර්යේෂකයෝ කියති

Antimonopoly researchers say Google CEO pressured leading think tank to fire them

ආන්ද්රේ ඩෙමොන් විසිනි , 2017 සැප්තැම්බර් 2

ගූගල් හා එහි විධායකයින්ගෙන් ඩොලර් මිලියන 21ක අරමුදල් ලබා ගෙන ඇති, වොෂින්ටනයේ බුද්ධි මන්ඩලයක් වන නව ඇමරිකානු පදනමේ (New America Foundation) පර්යේෂකයින් කන්ඩායමක්, ඔවුන් අන්තර්ජාල පිවිසුම් සමාගම විවේචනය කරමින් ප‍්‍රකාශනයක් නිකුත් කිරීමෙන් පසු, ඉන් නෙරපූ බව මෙම සතියේ ප‍්‍රකාශ කලේය.

පර්යේෂකයින්ට නායකත්වය දෙනු ලබන්නේ, පදනමේ “විවෘත වෙලඳපොල” ආරම්භකත්වයේ ප‍්‍රධානත්වය ගත්, බැරී ලින් විසිනි. ගූගල් සමාගම “භයානක ඒකාධිකාරයන්ට එරෙහිව සටන් කරන මාධ්‍යවේදීන් හා පර්යේෂකයින් වාරනය කිරීමට උත්සාහ ගනිමින් සිටින බව” ඔවුන් නිකුත් කල ප‍්‍රකාශනයක සඳහන් විය. ඉන් පසුව එම කන්ඩායම, ඒකාධිකාරයට එරෙහිව පුරවැසියෝ (Citizens Against Monopoly) නමින් තමන්ගේ ම කන්ඩායමක් ආරම්භ කර ඇත.

“නව ඇමරිකා ආයතනයේ අපගේ පර්යේෂන කන්ඩායම ගූගල් (සමාගමේ) ඒකාධිකාරී භාවිතයන් විවේචනය කල අවස්ථාවේ, ගූගල් හවුල්කාර සමාගමේ සභාපති (එරික් ෂ්මිඞ්ට්) නව ඇමරිකා ආයතනය සඳහා සපයන තම අරමුදල් කප්පාදු කිරීමට තර්ජනය කලේ ය” යි සඳුදා ඔවුන්ගේ වෙබ් අඩවියේ සටහනකින්, ප‍්‍රකාශනයේ පර්යේෂකයෝ සඳහන් කලහ. ෂ්මිඞ්ට් 2016 දක්වා නව ඇමරිකා ආයතනයේ සභාපති විය.

පර්යේෂකයින් නෙරපීම, තාක්ෂනික යෝධයා අදහස් වාරනය කිරීමට හා හැසිරවීමට උත්සාහ ගෙන ඇති සිදුවීම් ගනනාවක මෑත ම එක පමනි. ඩිමොක‍්‍රටික් පක්ෂයට සම්බන්ධ නව ඇමරිකා පදනම හා ඒකාධිකාරයන්ට එරෙහිව පුරවැසියේ නම් ආයතනවල වර්ධනයන්, මාධ්‍ය විසින් ප‍්‍රමුඛ ලෙස වාර්තා කෙරී ඇති අතර, ගූගල් වාරනයේ වඩා කැපී පෙනෙන මෙන් ම ප‍්‍රසිද්ධ කි‍්‍රයාව, එනම් පිවිසුම් ප‍්‍රතිඵල වංචා කිරීම මගින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඇතුලුව වාමාංශික වෙබ් අඩවි අපලේඛනගත කිරීම පිලිබඳ ව නිහඬ ව සිටී.

2016 මැද භාගයේ දී, ඔබාමා පාලනාධිකාරිය යටතේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කල, පි‍්‍රන්ස්ටන් විශ්වවිද්‍යාල නව ඇමරිකා සභාපතිනී මහාචාර්ය ඈන් මාරී ස්ලෝටර්, විවෘත වෙලඳපොල ආරම්භකත්වය විසින් සංවිධානය කරන ලද සමුලුවක දී සංගත යෝධයාගේ නීතියට පිටින් නො යන ලෙස ලින්ට තරවටු කලා ය. “අත්‍යන්තයෙන් ම ප‍්‍රධාන ඇතැම් කාරනා ගැන ගූගල් සමග අපගේ සම්බන්ධතා ශක්තිමත් කිරීමේ ව්‍යායාමයක අපි යෙදී සිටින්නෙමු” යයි ඈ නිව්යෝක් ටයිම්ස් පත‍්‍රයට ලබා දුන් විද්‍යුත් පනිවුඩයක සඳහන් කලාය. “අනෙකුත් අය සඳහා අරමුදල් සැපයීම ඔබ අනතුරේ හෙලන්නේ කෙසේ දැ යි සිතනු මැනවි” ඇය පැවසුවාය.

මෙම වසරේ ජූනි 27දා, සංගත විරෝධී යුරෝපා සංගම් නීති උල්ලංඝනය කිරීම හා තමාගේ ම තුලනාත්මක සාප්පු සේවාවකට අසාධාරන වාසියක් ලබා දීම මත යුරෝපා සංගමය, වාර්තාගත යුරෝ බිලියන 2.42ක දඩයක් ගූගල්ට නියම කලේ ය.

තීරනයට ප‍්‍රශංසා කරමින් එදින ම ලින් ප‍්‍රකාශනයක් නිකුත් කල අතර එය නිව් ඇමරිකා වෙබ් අඩවියේ පල කෙරුනි. ෂ්මිඞ්ට් ස්ලෝටර් ඇමතීමෙන් පසු ප‍්‍රකාශනය ඉවත් කෙරුන ද පැය කීපයක් ඇතුලත එය යලි පල කෙරුනි. පර්යේෂකයින්ගේ ප‍්‍රකාශනයට අනුව, “නව ඇමරිකා (පදනම) සඳහා වන සියලු අරමුදල් කප්පාදු කිරීමට ගූගල් නියෝජිතයෝ තර්ජනය කලහ.”

පසුව ප‍්‍රසිද්ධියට පත් කෙරුනු විද්‍යුත් තැපෑලක, “විවෘත වෙලඳපොල හා නව ඇමරිකාවට වෙන්ව යාමට කාලය පැමින ඇතැ” යි බුද්ධිමන්ඩල අධ්‍යක්ෂිකා ස්ලෝටර්, ජූනි 30වැනිදා ලින්ට පැවසීය. කන්ඩායමේ වැඩ “සමස්තයක් වශයෙන් ආයතනය අනතුරේ හෙලන” බව ඇය පවසා ඇත.

ගූගල් වඩාත් ම දේශපාලනිකව බැඳුනු එක්සත් ජනපද සංගතය බවට පත් වන අතර, මැයි හා ජූනි මාස අතරතුර පෙලඹවීම් සඳහා වාර්තාගත ඩොලර් මිලියන 6ක් වැය කර ඇත. ඔවුන්ගේ ම තොරතුරු වලට අනුව ගූගල්, 2010 දී 45ක සිට දැන් 170 දක්වා ලාභ නොලබන (සංවිධානවලට) ආධාර කරන බව නිව්යෝක් ටයිම්ස් සඳහන් කලේ ය. එයට සම්බන්ධ මුදල් වටිනාකම් ගැන තොරතුරු රහසිගතව තබාගෙන ඇති බව ද එය පවසයි.

ගවේෂන යෝධයා “මහජන මතය නමා ගැනීමටත්, බොහෝ වංචනික ක‍්‍රම වලින් ආන්ඩුවේ නායකයින් නම්මා ගැනීමටත් විශාල මුදල් ප‍්‍රමානයක් වැය කරන” බව හැසිරීම් පිලිබඳ පර්යේෂන හා තාක්ෂනය පිලිබඳ ඇමරිකානු ආයතනයේ ( American Institute for Behavioral Research and Technology) ජ්‍යෙෂ්ට පර්යේෂන මනෝවිද්‍යාඥ රොබට් එෆ්ස්ටීන් දුරකතන සම්මුඛ සාකච්ඡාවක දී ලෝසවෙඅ ට පැවසුවේ: “ඒක යි ඇත්තට ම හෙලි වෙමින් තිබෙන්නේ” යනුවෙනි.

“ඔවුන් මහජන මතය පාලනය කිරීම කවරාකාරයකටවත් නතර නො කරනු ඇතැ” යි ගූගල් කටයුතු පිලිබඳව නිරතුරු ව ලියා ඇති එෆ්ස්ටේන් තව දුරටත් පවස යි. “ඔවුන්ගේ දෘෂ්ටිකෝනයට සහාය පලකරන ලිපි ලිවීමට ඔවුන් ශාස්ත‍්‍රාලිකයන්ට ගෙවීම් කරන අතර, බොහෝ අවස්ථාවල දී මෙම ශාස්ත‍්‍රාලිකයෝ තමන් ගූගල් වෙතින් මුදල් ලබා ගන්නා බව නො පිලිගනිති.”

“මෙය දැවන්ත පරිමාවකින් මහජනයාට බලපෑම් කිරීමට ගන්නා උත්සාහක වඩා විශාල රටාවක කොටසකි. ඔවුන්ට පහත හෙලීමට අවශ්‍ය ඕනෑ ම අයෙකු ඔවුන් පහත හෙලනවා. ඔවුන්ට ඕනෑ ම ආයතනයක්, ඕනෑ ම දේශපාලඥයෙකු පහත දැමිය හැක. ඕනෑ ම දේශපාලනික බල ප‍්‍රදේශයක්, ප‍්‍රකාශනයක්, හෝ අදහසක්, ඔවුන්ට පහත හෙලිය හැක.”

පර්යේෂකයින්ගේ ප‍්‍රකාශ ගූගල් හා නව ඇමරිකා පදනම යන දෙක ම ප‍්‍රතික්ෂේප කරති. ගූගල් ප‍්‍රකාශකයෙකු ගාඩියන් පත‍්‍රයට පැවසුවේ, පර්යේෂකයින් නෙරපීම පිලිබඳ ව තාක්ෂන යෝධයාට දෝෂාරෝපනය කිරීම “කොහොමවත් සාධාරන දෙයක්” නොවන බව යි. ඇය මෙසේ ද පැවසුවා ය, “නව ඇමරිකානු පදනමේ ජූනි තැපෑලේ ප‍්‍රතිඵලයක් ලෙස, 2017 සඳහා අපගේ අරමුදල් සැපයීමේ මට්ටම වෙනස් වී නොමැති බව මට තහවුරු කල හැක, එමෙන් ම එරික් ෂ්මිඞ්ට් කිසි දා ඒ හේතුව මත අරමුදල් කප්පාදු කිරීමට තර්ජනය කර නැත.”

ස්ලෝටර් මෙසේ ප‍්‍රකාශ කලා ය, “අද නිව්යෝක් ටයිම්ස් ප‍්‍රවෘත්තිය අඟවන්නේ, විවෘත වෙලඳපොල වැඩසටහන කැපීමට ගූගල් පෙලඹී ඇත්තේ මෙම මාධ්‍ය නිවේදනය නිසා බව යි. මට පැහදිලි කිරීමට අවශ්‍ය ය: මෙම ඇඟවීම අතිශයින් ම ව්‍යාජ ය.”

කෙසේ නමුත්, දැන් නව ඇමරිකාව විසින් ම ප‍්‍රසිද්ධ කෙරී ඇති ලිපි හුවමාරුව ඇතුලූ ව පවතින සියලූම සාක්ෂි අඟවන්නේ, ගූගල් හා නව ඇමරිකාවේ ප‍්‍රකාශන, තත්වය වසං කිරීමක් බව යි.

ගූගල් සත්‍ය වශයෙන් මේ සිදුවීම ගැන බොරු කියන්නේ නම්, වාර්තාමය සාක්ෂි හමුවේ, එය වෙන කුමක් ගැන ද බොරු නොකියන්නේ?

ඒකාධිකාර විරෝධී ශාස්ත‍්‍රාලිකයින්ට එරෙහිව ගූගල් වාරනය, අපේ‍්‍රල් මස සිට ඔවුන්ගේ සෙවුම් පිවිසුම් වේගයෙන් පහත වැටෙනවා දැක ඇති වාමාංශික, ප‍්‍රගතිශීලී, හා යුද විරෝධී වෙබ් අඩවිවල සෙවුම් ප‍්‍රතිඵල ගූගල් විසින් වංචා කරනු ලබන බවට ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් කරන ලද ලේඛනගත විස්තීර්න හෙලිදරව් කිරීම් සනාථ කරයි.

කෙසේ නමුත් වාමාංශික වෙබ් අඩවි පිලිබඳ ගූගල් වාරනය, වඩා විශාල පරිමාවක වාරනයක එක් පියවරකි, සෙවුම් යෝධයා හුදෙක් එක බුද්ධි මන්ඩලයකට බලපෑම් කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා නො ව, ව්‍යවස්ථානුකූලව ආරක්ෂා කෙරුනු භාෂනයේ සම්පූර්න පරාසයම බිලියන සංඛ්‍යාවක් පුද්ගලයන්ට ලබා ගත නො හැකි තත්වයට පත් කිරීමට දරන උත්සාහයකි.

නිව්යෝක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට්, ගාඩියන් හා එමෙන් ම ඉන්ටර්සෙප්ට් යන සියල්ල විවෘත වෙලඳපොල පර්යේෂකයින් පිලිබඳ ගූගල් වාරනය සැලකියයුතු ලෙස වාර්තාගත කරමින් හා හෙලා දකිමින් වාර්තා හා ප‍්‍රකාශන පල කර ඇත. එහෙත් මෙම කිසිම ප‍්‍රවෘත්ති හොරනෑවක් ලෝසවෙඅ හෙලිදරව් කිරීම් හෝ පුලූල් ජාත්‍යන්තර සහායක් ලබා ඇති, අන්තර්ජාල වාරනයට එරෙහිව ලෝසවෙඅ විසින් දියත්කරන ලද උද්ඝෝෂනය ගැන හෝ සඳහන් කිරීමක් පවා කර නැත. 80ට වඩා වැඩි එකිකෙට වෙනස් රටවල 3,000කට වඩා වැඩි පුද්ගලයින් වාමාංශික අඩවි සම්බන්ධ ගූගල් වාරනයට එරෙහිව ලෝසවෙඅ පෙත්සමට අත්සන් කර ඇත.

මෙම කාරනය සම්බන්ධ මාධ්‍යයේ නිශ්ශබ්දතාව ලෝසවෙඅ හෙලිදරව් කිරීම් දේශපාලනිකව කොතරම් පිපිරුම් සහගත ද යන්න මෙන් ම, එය සමග මෙම සියලූ ප‍්‍රවෘත්ති හොරනෑ දේශපාලනිකව පෙල ගැසුනු, ඩෙමොක‍්‍රටික් පක්ෂයේ මූලෝපායට සමාජවාදී දෘෂ්ටිය පිලිබඳ වාරනය කොතරම් අවශ්‍ය ද යන්න පිලිබඳ සාක්ෂියකි.

Share this article: