අධිරාජ්‍යවාදී ආක‍්‍රමනයේ තර්කනය : උතුරු කොරියාවට එරෙහි
ඇමරිකා එක්සත් ජනපදයේ තර්ජන මහා ගෝලීය විනාශයක් අත්කර දෙයි ද ?

The logic of imperialist aggression: Will US threats against North Korea yield a global catastrophe?

2017 සැප්තැම්බර් 6

ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ ඔහුගේ ප‍්‍රධාන උපදේශකයන් උතුරු කොරියාව ට විරුද්ධව එල්ල කරන නිමක් නැති ඉවබව රහිත ප‍්‍රකෝපකාරී තර්ජන වැල විසින් මුලු ලෝකයම න්‍යෂ්ටික යුද්ධයේ ද මානව ජීවිතය වැනසී යාමේ ද මුවවිටට ඇදදමනු ඇති බවට ද භීතියක් ලොව පුරා දල්වා ඇත.

මෙතෙක් කවර කලෙකවත් ලෝකයට දකින්නට ලැබී නැති “ගින්දර සහ විනාශය” ලිහා හැරීමට එක්සත් ජනපද ජනාධිපතිවරයා කල ප‍්‍රකාශයට පසුව ඔහුගේ ජාතික ආරක්ෂක උදේශක ජනරාල් එච්. ආර්. මැක්මාස්ටර් වොෂිංටනය “පුර්ව නිවාරක” යුද්ධයක් දියත් කිරීමට තමන් සුදානම්ව ඉන්නා බව ප‍්‍රකාශ කලේ ය. මෙවන් යුද්ධ නීති විරෝධී යයි දෙවන ලෝක යුද්ධයට පසුව පැවැත්වුනුු නුරෙම්බර්ග් යුද අපරාධ නඩුවේ දී තින්දු කරන ලදී.

ට‍්‍රම්ප්ගේ ආරක්ෂක ලේකම් ජනරාල් “මෑඩ් ඩෝග්” මැටිස් ගිය ඉරිදා කියාසිටියේ “ඒ රට, එනම් උතුරු කොරියාව මුලුමනින්ම වනසා දැමීම සඳහා පෙන්ටගනයට “විකල්ප ගනනාවක් තිබෙන අතර ඒ එකිනෙකක් පිලිබඳව ට‍්‍රම්ප්ට කරුනු ඉදිරි පත් කරමින් සිටිනා බව ය.”

වඩාත් මෑත දී, ගිය සඳුදා එක්සත් ජාතීන්ගේ මන්ඩලයේ ඇමරිකානු තානාපති, නික් හැලී ආරක්ෂක මන්ඩලයේ දී කී පරිදි උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් “යුද්ධය ඉල්ලා සිටියි”. සාමය පස්සේ යාම” ගැන දකුනු කොරියානු ආන්ඩුව ට දොස් කියන ජනාධිපති ට‍්‍රම්ප් කතාබහ සඳහා කාලය ඉවර වී ඇතැයි නැවත නැවතත් කරන ප‍්‍රකාශ මෙයට එකතු වී ඇත.

න්‍යෂ්ටික ගිනිමැලයක් අවුලුවාලීමට කෙරෙන මේ සෑම තර්ජනයක් සමග එන්නෙන්නම උග‍්‍රව ඉස්මතු කරනු ලබන ප‍්‍රශ්නය නම් තම රනකාමී ඝෝෂාව සැබෑ කොට යුද්ධයට යාමට වොෂිංටනය සුදානම් ද? යන්නයි. තර්ජනයන්මද ඒවා හුදෙක් කයිවාරු නොවන බවට තහවුරු කිරීමේ අධිෂ්ඨානය ද - විභව න්‍යෂ්ටික යුද්ධයක් කරා තල්ලු කරන ගාමක බලයක් බවට පත් වෙයි.

ට‍්‍රම්ප් පාලනාධිකාරයේ ද, ඇමරිකා එක්සත් ජනපද (ඇඑජ) ඉහල යුද නිලධරයේ ද, එරට රාජ්‍ය තන්ත‍්‍රයේ සහ පාලක කතිපයාධිකරයේ බලවත් කොටස් අතර ද විශ්වාස සත්‍යයක් ලෙස පිලිගනු ලබන කරුනක් නම් ඔබාමා පාලනාධිකාරය යටතේ ඇමරිකානු අධිරාජ්‍යවාදය තම විශ්වාසනීයත්වයට ලෝක පරිමාන හානියක් සිදුකරගත් බවයි. මෙය ගොනුවී ඇත්තේ සිරියාවට එරෙහි යුද්ධයක් සඳහා තමා නියම කල රතු ඉර ක්‍රියාවට දැමීමට ඔහු ට නොහැකි වීම තුල ය. වොෂිංටනය මේ “හානිය” මකා ගැනීම සඳහා විශදවම උම්මත්තක විකල්පයක් ලෙස කොරියානු අර්ධද්වීපයේ යුද්ධයක් තෝරා ගත්තා වන්නට හොඳටම ඉඩ ඇත.

අඟහරුවාදා කොටස් වෙලඳපොලේ මිල පහත යමින් රන් මිල අවුරුද්දේ පහලම මට්ටමට ඇද වැටීම නිසැකව පෙන්නුම් කලේ එක්සත් ජනපදයේ පාලක කවයන් මෙය සැබෑ අනතුරක් ලෙස දැකගනු ලබන බව ය. යුද්ධ තර්ජනය වනාහි හුදෙක් ධවල මන්දිරය අරක්ගත් ෆැසිස්ටික බිලියනපතියාගේ යුදකාමී ට්වීට් පනිවුඩ පිලිබඳ ප‍්‍රශ්නයක් නොවේ.

යුද්ධයට විරුද්ධව කතාකර ඇත්තේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ මොන ප‍්‍රමුඛ නායකයාද ? කොරියනු අර්ධද්වීපයේ පූර්න පරිමාන යුද්ධයක විපාක පිලිබඳව සලකා බැලීමට ප‍්‍රසිද්ධ පරීක්ෂනයක් කැඳවූයේ කවදා ද ? යුද්ධ ප‍්‍රචාරයේ අතකොලුවක් වන මහ සංගත මාධ්‍ය මෙම ඝට්ට්නය ඉදිරිපත් කරන්නේ එයට පුලුල් ඓතිහාසික සහ භු දේශපාලන සන්දර්භයක් නොමැති ලෙස සහ අලුත්ම කොරියානු මිසයිලයට හෝ බෝම්බ පිරික්සුමට පෙර සිදුවූ කවර දෙයකට හෝ සම්බන්ධයක් නොමැති ලෙසිනි.

මිලියන 3 ක් කොරියානුවන්ගේ, ඉන් වැඩි දෙනා උතූරේ ජීවත්වූ අයගේ, ජීවිත විනාශ කලා වූ ද , රටේ හැම නගරයක්ම දුම්දමන අලු දූවිලි බවට පත් කලා වූ ද, මෙයට අවුරුදු 65 කට පෙර ඇමරිකාව සිදුකල යුද්ධය පිලිබඳව මතක ඇති මනුෂ්‍යයන් තවමත් කොරියාවේ ඉන්න බව යමෙකු සිතනු නැති තරම්ය. එවන් ජනකායකට “ගින්දර සහ භීෂනය සිහි කරන තර්ජනය හුදෙක් උග‍්‍ර වාචික අත්‍යන්තයක් නො වේ. එදා මෙදා’තුර, ඇමරිකා එක්සත් ජන පදය උතුරු කොරියාවේ දේශසීමා වේ යෝධ යුද බලයක් පවත්වා ගෙනගොස් ඇත./ ඒ සමගම එරටට නිරතුරුවම න්‍යෂ්ටික ප‍්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර ඇත. සන්නද්ධ බෝම්බර්, සබ්මැරින සහ යුද නැව්වලින් එරට වටකර ඇත.

ගත වූ ශත වර්ෂ කාලේ ඇමරිකාව කල සෑම ආක‍්‍රමනික යුද්ධයකදී මෙන් ම, උතුරු කොරියාවට විරුද්ධව කරනු ලබන යුද්ධයේ දී ද කල්තබාම උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් ‘උමතුය’ යන චෝදනාව වගා කරනු ලබේ. ඉරාකය, ඇෆ්ඝනිස්තානය, ලිබියාව, සහ වෙනත් තැන්වල පැවති යුද්ධ වලදී ව්‍යාජ හේතුවක් නිර්මානය කරගන්නා ලද්දේ එක්සත් ජනපදයේ වෙඩි බලයෙන්ම පමනක් වලක්වාලිය හැකිවන, ‘මහ විනාශකාරි ආයුධ’ හෝ ත‍්‍රස්තවාදී කි‍්‍රයා හෝ වෙනත් ඉමහත් විනාශයක්, සිදු කෙරෙමින් පවතින්නේ ය යන මිථ්‍යාව යොදාගෙනය. උතුරු කොරියාවේ න්‍යෂ්ටික ප‍්‍රශ්නය ද මීට වඩා වෙනස් වන්නේ නැත.

මොවුන් කිසිවිටෙකත් පැහැදිලි නොකරන්නේ උතුරු කොරියාව අත න්‍යෂ්ටික අවි තිබීම එක්සත් ජනපදයට මාරක තර්ජ්නයක් වන්නේ මන්ද, ඊස්රායලය, පකිස්ථානය, ඉන්දියාව, වැනි රට වලට ඒවා තනා ගැනීමට ඉඩ දී තිබෙන්නේ මන්ද, මෙයින් සමහර රටවලට න්‍යෂ්ටික අවි තනා ගැනීමට එක්සත් ජනපදයම ආධාර කලේ මන්ද යනාදී කරුනු ය. දෙදෙනාම එක්සත් ජනපදයේ මිත‍්‍රයන් සේ පෙනෙන පකිස්ථානය සහ ඉන්දියාව අතර න්‍යෂ්ටික ඝට්ටනයක තර්ජනය, කොරියානු අර්ධද්වීපයේ පවත්නා තත්වයට වඩා අනතුරුදායක වන බව සහේතුක ව කිව හැකි වේ.

උත්සන්නවන යුද අර්බුදය ‘ඇමරිකා වේ නිෂ්පාදනය කරන ලදී යන සලකු දරා සිටී. වොෂිංටනය විසින් මීට කලින් කරන ලද ආක‍්‍රමනකාරී යුද්ධයන් දැන් උතුරු කොරියානු නායකත්වයේ හැසිරීම ට කෙලින්ම බලපායි. වොෂිංටනය සන්තෝෂ කිරීමට තමන්ගේ ආයුධ වැඩසටහන් අතහැර දැමු පසු, අන්තිමේදී වොෂින්ටනය තමන්ගේ රටවල් ආක‍්‍රමනය කල හැටි සහ එම රටවල් තමා ඉදිරිපිටම විනාශ කර දැමූ සැටි දුටු සහ ඔවුන්මත් ඝාතනය කෙරුනු, ඉරාකයේ හුසේන් ගේ ද ලිබියාවේ ගඩාෆි ගේ ඉරනම දැක ගත්පසු න්‍යෂ්ටික හැකියාවක් වර්ධනය කරගැනීමට උතුරු කොරියානු නායකත්වයට පවත්නා අධිෂ්ඨානය කිසිසේත්ම ‘උමතු’ දෙයක් නො වේ. උතුරු කොරියානු නායකත්වය උමතු නැත. ඔවුන් වැරැදි ගනන් බැලීමක නිරතව සිටී. එනම් සිය අරමුනු ඉටු කරගැනීම උදෙසා, න්‍යෂ්ටික යුද්ධයට කලින් දමාගෙන තිබුනු සීමාවන් පවා ඉවත් කොට දැමීමට සූදානම්ව සිටින ඇමරිකානු අධිරාජ්‍යවාදයේ උම්මත්තක භාවයයි.

එක්සත් ජනපදයේ අරමුනු යොමු වනුයේ උතුරු කොරියාවනම් දිලිඳු සහ හුදෙකලා වූ රටේ ආන්ඩුව ගෙනයන පිලිවෙත්වලට එරෙහිව නොවේ; උතුරු කොරියාවේ දේශ සීමාවේ පවත්නා චීනය සහ රුසියාව යන න්‍යෂ්ටික වශයෙන් සන්නද්ධ දෙරට යූරේසියානු භුමි ස්කන්ධය මත ද සමස්ත ග‍්‍රහලෝකය මතද සිය ආධිපත්‍යය පතුරුවා ලීමට ප‍්‍රධාන බාධකය ලෙස වොෂිංටනය සලකයි. උතුරු කොරියායවට එරෙහි යුද්ධයක තර්ජනය කරන අතරේ වොෂිංටනය චීනයට එරෙහිව දකුනු චීන මුහුදේ ‘නාවුක ගමන් නිදහස’ යන ප‍්‍රකෝපකරනය උග‍්‍ර කරයි. ඒ අතරම රුසියාවට එරෙහි ව බෝල්ටික් ප‍්‍රදේශයේ ප‍්‍රකෝපකාරී යුද බලමුලූ ගැන්වීමක් සිදු කරමින් සිටි. අවුරුදු 65 කට පෙර යුද්ධය මෙන්ම කොරියානු අර්ධද්වීපයේ අලූත් යුද්ධයක් චීනය හා රුසියාවද ඇදගැනෙන න්‍යෂ්ටික තුන්වැනි ලෝක යුද්ධයක තර්ජනය ඉස්මතු කරයි.

උතුරු කොරියාවට විරුද්ධ ව සාම්ප‍්‍රදායික ආයුධ මගින් කෙරෙන යුද්ධයකින් අත්පත් වියහැකි හොඳම විකල්ප විපාක තත්වය ලෙස ගනන බැලෙන්නේ ලක්ෂ ගනනක නොවේනම් දසදහස් ගනනක ජනයා මරනයට පත්වීමයි. ඒ අතර න්‍යෂ්ටික අවි මගින් කරනු ලබන යුද්ධයක් මෙම ග‍්‍රහලෝකය තුල මිනිස් ජීවිත දස මිලියන ගනනක හෝ සිය මිලියන ගනක විනාශයද විභව වශයෙන් මුලූ ග‍්‍රහලෝකයේම සකල ජීවීන් නැතිභංග කර දැමීමේද හැකියාව දරා සිටී.

උතුරු කොරියවට එරෙහිව ඇමරිකාව කරන ‘පුර්වභංග යුද්ධයක්’ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ”විශ්වසනීයභාවය” යලි තහවුරු කරනවා වෙනුවට ඇත්ත වශයෙන්ම සිදු කරනු ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය ‘හිට්ලර්ගේ ජර්මනියේ කරනලද අපරාධ වලින් පසු ව මෙතෙක් සිදු නොකරන ලද තරම් දරුනු ආපරධ වල ලෝකය පුරාම පිලිකුලට භාජනයවු වසල රාජ්‍යයක් බවට පත්වීමයි. මෙම අපරාධවලට චුදිත එක්සත් ජනපද දේශපාලන නායකයන්ට විදේශයන්හි වරෙන්තු නිකුත් කෙරන තතු පැනනැගී සිය රටින් එලියට යානොහැකි තත්වයක් උද්ගතවනු ඇත.

එවන් යුද්ධයකින් ලිහා හැරෙන දේශපාලන, ආර්ථික සහ සත්තකින්ම සදාචාරමය ප‍්‍රතිවිපාක විසින් පෙරනුවූ විරු පරිමාන අභ්‍යන්තර අර්බුදයක් පැන නැගී, ඇමරිකා එක්සත් ජනපදයේ මුලු පැවැත්මම ප‍්‍රශ්නයට භාජනය කරනු ඇත.

අවසන් විග‍්‍රහයේදී , වත්මන් යුද අනතුර වනාහි, ඇමෙරිකා එක්සත් ජනපදය තුල සමස්ත දේශපාලන පද්ධතියේ අසමර්ථභාවයේ ප‍්‍රති විපාකයකි. ඇමෙරිකානු දේශපාලන සංස්කෘතියේ රෝගී- වසංගත භාවය ට‍්‍රම්ප් නම් ඔක්කාරක මිනිහා තුල නිරූපනය වන වා විය හැකිය, නමුදු එම තත්වයේ ගැඹුරු මුල් ඇමරිකා එක්සත් ජනපදයේ ද ගෝලීය ධනවාදයේ ද අර්බුදය තුල මුල් ඇද තිබේ. එය දේශපාලන පක්ෂ දෙකම ද , මාධ්‍ය ද, ධනේශ්වර රාජ්‍යයේ සෑම සංස්ථාවක්මද මුලු පාලක ප‍්‍රභූවද අර්බුදයේ ගිල්වා තිබේ

සෝවියට් සංගම්ය විසුරුවා හැරීම ට පසුව එලඹුනු සියවස් කාල තුලදී එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තමන්ගේ භූගෝලීය හානිය ජයගැනීමට උත්සාහ කලේ නිමක් නැති සහ අසාර්ථක ආක‍්‍රමනික යුද්ධ මගිනි. එම යුද්ධ මිලියන සංඛ්‍යාත ජනකායක් කපා කොටා මරා, විතැන්කොට දමා ඇත.

පිටරටවල කරනලද යුද්ධයන් ප‍්‍රගාමීව උග‍්‍රවන්නා වූ සමාජ අසමනතාව ද ජීවන තත්වයන් සහ කම්කරු පන්තියේ අයිතින්ට එල්ල කරන ලද ප‍්‍රහාරය ද සමග අතිනත් ගත්තේ ය. ආසියාව ව්‍යසනකාරක යුද්ධයකට ඇද වැටෙමින් පවත්නා මේ ඉවබව නැති විදේශ පිලිවෙත එහි ප‍්‍රතිබිම්බය අත්කරගත්තේ අමෙරිකානු පාලක පන්තියට හරිකේන් හාර්වි කුනාටුව බඳු ව්‍යසනයනට ප‍්‍රතිකාර තිබියේවා අඩු ගනනේ ඊට සුදානම් වීමටවත් නොහැකි තත්වයක් උද්ගත කරමිනි. මෙයට හේතුව වනුයේ මූල්‍ය වංශාධිපතින් අතලොස්සක් ආඪ්‍ය කිරීමට දැවන්ත සමාජ ධනයක් පොම්ප කර තිබීම යි.

න්‍යෂ්ටික යුද්ධය කරා ධාවනය බිහි කරන එම අර්බුදයම කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල සඳහා වෛෂයික පදනම් ද සකස් කර දෙමින් පවතී. ලෝක යුද්ධය කරා ධාවනයේ උග‍්‍ර මට්ටමද, කම්කරු පන්තියේ පුලුල් කොටස් තුල මෙම තර්ජනය පිලිබඳව පවත්නා සවිඥානක භාවය ද අතර පරතරය ජය ගත යුතුව ඇත, එක්සත් ජනපදය තුල ද ජාත්‍යන්තරවද සමාජවාදය සඳහා සටන් වදින කම්කරු පන්තියේ දේශපාලනික වශයෙන් දැනුවත් හා ස්වාධීන මැදිහත් වීමකින් පමනක්ම ගෝලීය පරිමාන විනාශයක් වලක්වාගත හැකි වනු ඇත.

බිල් වෑන් ඕකන්

Share this article: