බුරුමයේ අවුන්ග් සාන් සුකී සහ මානව හිමි කම් අධිරාජ්‍යවාදයෙහි ප්‍රෝඩාව

Burma’s Aung San Suu Kyi and the fraud of human rights imperialism

2017 සැප්තැම්බර් 14

රඛින් හි බටහිර ප‍්‍රාන්තයේ බුරුම හමුදාවේ ප‍්‍රචන්ඩ කඩා පැනීම හේතුවෙන් පලායමින් සිටින සිය දහස් සංඛ්‍යාත රෝහින්ගියා මුස්ලිම්වරුන්ගේ ඛේදවාචකය එලිදරව් කරන්නේ, එක්සත් ජනපදය සහ එහි සහකරුවන් ද බුරුමයේ ඔවුන්ගේ ප‍්‍රධාන දේශපාලන සම්පත වන අවුන්ග් සාන් සූ කී මගින් ක්‍රියාවට නංවන ලද මානව හිමි කම් අධිරාජ්‍යවාදයෙහි ප්‍රෝඩාව.

හමුදා මෙහෙයුම්වල මුර්ගත්වය සහ පරිමාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුලත් සහ සූ කී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිමූර්තියක් වශයෙන් ආක‍්‍රමනශීලි ව ඔජවැඩවූවන්ගේත් මහත් කුහක දොම්නස පෑමට හේතුවූ සිද්ධියක් වී ඇත. මෙහෙයුම් සිදු වන ප‍්‍රදේශවලට මාධ්‍ය සහ මානව හිතවාදී ඒජන්සිවලට පිවිසීමට බාධා කිරීම් තිබිය දී ම බුරුම හමුදාව ක‍්‍රමානුකූලව ගම්බිම් ගිනි තබන බවටත් ඇසින් දුටු සාක්ෂිවලට අනුව හමුදා භටයින් විසින් සිවිල් ජනතාවට වෙඩි තබන බවටත් සැලකිය යුතු බහුල ලෙස සාක්ෂි පවතී.

රඛින් ප‍්‍රාන්තයේ සිදුවෙමින් තිබෙන සිද්ධිය ඊයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රධාන ලේකම් ඇන්ටෝනියෝ ගුටරස් විස්තර කලේ “වාර්ගික පවිත‍්‍රකරනය” ලෙස ය. ඔහු පැවසුවේ “රෝහින්ගියා ජනයාගෙන් තුනෙන් එක් පංගුවකට රටෙන් පලා යාමට සිදු වුවහොත්, මෙය විස්තර කිරීමට තවත් හොඳ වචනයක් තිබිය හැකි ද?” ඉක්මවා යන ප‍්‍රචන්ඩත්වයේ වාර්තා ගැන උත්සුකය පිලිබඳ ප‍්‍රකාශයක් නිකුත් කල එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය “තත්වයේ උග‍්‍ර බව අඩු කිරීම”ටත්, සිවිල් ප‍්‍රජාව ආරක්ෂා කිරීමට සහ සරනාගත ප‍්‍රශ්නය විසඳීමටත් පියවර ගැනීම සඳහා ආයාචනා කලේ ය.

පසුගිය සතියේ හමුදාව මෙල්ල කිරීමට තම බලපෑම යොදන ලෙස සූ කී ට ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර ආයාචනා සමූහයට බ්‍රිතාන්‍ය විදේශීය ඇමති බෝරිස් ජොන්සන් එකතු විය. “අපගේ යුගයේ ප‍්‍රබෝධය ඇති කරන චරිතවලින් කෙනෙකු ලෙස නිවැරදි ව අවුන් සාන් සූ කී සලකනු ලැබුව ද අහෝ: රෝහින්ගියාවරුන්ට දක්වන සැලකිල්ල නිසා බුරුමයේ කීර්තිනාමය කැලැල් වෙමින් පවතී.” යනුවෙන් ඔහු ප‍්‍රකාශ කලේ ය.

හමුදාවේ මෙම වාර්ගික පවිත‍්‍රකරනය දශකයකට පෙරාතුව සුකී බුරුම ජුන්ටාවේ නිවාස අඩස්සිය තුල සිටින විට සිදු වූවා නම් ප‍්‍රතිචාරය වෙනස් වන්නට තිබින. එසේවූවා නම් බුරුමය බටහිර අධිරාජ්‍යවාදය විසින් “තක්කඩි රාජ්‍යය”ක් ලෙස ඝෝෂාකාරි ලෙස හෙලා දැකීමට ලක් වනු ඇති අතර මානව අයිතීන් උල්ලංඝනය පිලිබඳ දීර්ඝ ඉතිහාසය හෙලා දැක උග‍්‍ර රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සම්බාධක පැනවීම සඳහා පවා ක්‍රියාත්මක වනු ඇත.

බුරුමය තුල හමුදාව සිදු කරන මෑතම සහාසික අපරාධ ගැන දැන් වොෂින්ටනය සැර බාල කරමින් සිටින්නේ ඇයි? ලෝකය පුරා සිදු වූ වා සේ ම එක්සත් ජනපදයට බුරුමය තුල මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වැඩි දියුනු කිරීමට සොච්චමක හෝ උනන්දුවක් කිසි දිනක තිබී නැත. බුරුම හමුදා ආඥාදායකත්වය ගැන තම ආකල්පය සෑම විටම තීන්දු කෙරුනේ ආර්ථික සහ මූලෝපායික අවශ්‍යතාවන් මගිනි. එනම් විශේෂයෙන් ම චීනය සමග ජුන්ටාවේ සමීප සබඳතාවලට එරෙහි වොෂින්ටනයේ වෛරය මගිනි.

ආසියානු පැසිෆික් කලාපය තුල චීනයට එරෙහිව තම “ආසියාවට හැරීම” කඩිමුඩියේ ක්‍රියාවට නැංවීමට ඔබාමා පරිපාලනය ආරම්භ කරනවාත් සමග, රට තුල උග‍්‍ර ආර්ථික සහ සමාජ අර්බුදයකට මුහුන දුන් බුරුම ජුන්ටාව, 2011 දී බීජිනයෙන් ඈත් වීමට ත් සූ කී සහ ඇයගේ නැෂනල් ලීග් ෆො ඩිමොක‍්‍රසි (එන්එල්ඩී) සඳහා දේශපාලන භූමිකාවක් සෙවීමටත් තම කැමැත්ත සංඥා කලේ ය.

මෙය හරියට ම විදුලි ස්විචයක් දැම්මා මෙනි. සැබවින් ම එක් රැයකින් බුරුමය එක්සත් ජනපදය සහ ජාත්‍යන්තර මාධ්‍යවල සහාසික රාජ්‍යය ලෙස නො වන නමුත් “වර්ධනය වෙමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්” ලෙස නම් කරන ලදී. 2012 දී කුලුගැන්වුනු ජනාධිපති බරක් ඔබාමාගේ සංචාරය තුල ඉහලපෙලේ ඇමරිකානු බලධරයෝ කන්ඩායමක් පොදි බැඳගෙන පැමිනියහ. සම්බාධක ක‍්‍රමානුකූලව ඉවත් කෙරුනු අතර ආයෝජන සහ ආධාර සඳහා තැරැව්කාරකම් කරමින් ජුන්ටාව සඳහා කරක්ගසන තානාපති කෙනෙකු බවට සුකී පත් විය.

2016 දී සුපරීක්ෂාකාරීව පරිපාලිත මැතිවරනයකින් එන් එල් ඩීයේ ජයග‍්‍රහනය කිරීම සහ සූ කී යථා ලෙස ම ආන්ඩුවේ නායකයා ලෙස පත් කරනු ලැබීම සංස්ථාපිතයේ මාධ්‍යයන්, මධ්‍යම පන්තික ලිබරලුන් සහ විවිධ ව්‍යාජ වාම සංවිධාන විසින් සාර්වත්‍රික ව උත්කර්ෂයට නැංවූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මල්පල ගැන්වීමක් වශයෙනි. ඇත්තෙන්ම අධිපතිත්වයේ සිටින්නේ හමුදාවයි: පාර්ලිමේන්තු ආසනවලින් කාර්තුවකට පමන නිලධාරින් පත් කල එය ආරක්ෂක, නිවාස කටයුතු සහ දේශසීමා කටයුතුවල කැබිනට් තනතුරු වැනි තීරනාත්මක තනතුරු සඳහා දැනට සේවයේ නියුතු ජෙනරාල්වරු පත් කෙරින.

සූ කී සහ එන් එල් ඩී ය මෙම ප‍්‍රයෝගය ඔස්සේ ගමන් කලහ. මක් නිසාදයත් ඔවුන්ගේ මූලික උත්සුකය වූයේ කෙදිනකවත් කුමන ආකාරයකට හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කිරීම නො වීය. වඩා නිවැරදිව පවසතොත් එන් එල් ඩී ය නියෝජනය කරන්නේ මිලිටරි ජුන්ටාව යටතේ තම ආර්ථික අවශ්‍යතාවන් යටපත් කරනු ලැබූ බුරුම ධනපති පන්තියේ කන්ඩායම් ය. බටහිර අධිරාජ්‍යවාදීන් සමග එකට පෙල ගැසීමත් සමග ඔවුහු ආයෝජනවලට රට විවෘත කිරීමට මාන බැලූහ.

තවදුරටත් සුකී ඇතුලුව එන් එල් ඩී ය හමුදාව මෙන් ම ආගමික සහ ජනවාර්ගික බෙදීම් වැපිරීමට යලි යලිත් භාවිත කරන ලද බුරුම බෞද්ධ අධිපතිවාදයේ ප‍්‍රතිතිගාමී දෘෂ්ටිවාදය තුල ද සිර වී ඇත. බුරුමය තුල ආර්ථික උත්පාතයක් ගැන පැවැති බලාපොරොත්තු බොඳවීමත් සමග, එන් එල් ඩී යේ බැකිම සමග, හමුදාව රට තුල ගැටලුවලට මුස්ලිම් රොහින්ගියාවරුන් දඩමීමා කර ගනිමින් දීර්ඝ කාලයක් පුරා ඔවුන්ට එරෙහිව ප‍්‍රචන්ඩත්වය වර්ධනය කර ඇත.

සූ කී සහ එන් එල් ඩී ය බංගලාදේශයේ සිට පැමිනි “අනවසර සංක‍්‍රමනිකයන්” යයි හංවඩු ගසන ලද රොහින්ගියා සුලු ජාතීන්ගේ මූලික අයිතීන් නැතිකම ගැන ආමන්ත‍්‍රනය කිරීමට කිසිදු පියවරක් ගෙන නැත. බොහෝ අවස්ථාවල දී බුරුමය තුල ඔවුහු පරම්පරා ගනනාවක් ජීවත් වී තිබුන ද ඔවුන්ට පුරවැසි අයිතිය නැති අතර එමනිසා සමාජ සුභසාධක සේවාවන් සඳහා අයිතීන් හෝ ප‍්‍රවේශයන් ද නැත.

සූ කී විවෘතව ම “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය ” නාමයෙන් යුක්ති සහගත කරන ලද හමුදාවේ ජනවාර්ගික පවිත්‍රකරන වැඩපිලිවෙත් ද හමුදාවේ ප‍්‍රචන්ඩත්වයට එරෙහි ප‍්‍රතිචාරයක් ලෙස මතු වී ඇති රොහින්ගියා මිලිෂියාව මර්දනය කිරීමේ අවශ්‍යතාවය ද ආරක්ෂා කර ඇත. පසුගිය සතියේ තුර්කි ජනාධිපතිගේ විවේචනයෙන් පසු ව සුකී “ත‍්‍රස්තවාදීන්ගේ අවශ්‍යතා උත්කර්ෂයට නංවීමේ අරමුනෙන්” ගැටලු නිර්මානය කරන්නාවූ “ව්‍යාජ ප‍්‍රවෘත්ති ඡායාරූප වලට” සහ “වැරදි තොරතුරුවල දැවැන්ත පාවෙන අයිස් කුට්ටියට” දෝෂරෝපනය කලා ය.

බුරුමයේ සිද්ධීන් වනාහි අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා “මානව අයිතීන්” කුහක ලෙස යොදා ගැනීම පිලිබඳ පැහැදිලි නිදසුනකි. එහෙත් මෙය හුදු එකක් පමනි. නොයෙක් විට, “මානව අයිතීන්” මත නායකයින් සහ රාජ්‍යයන් යක්ෂයකු මෙන් මවා පෙන්වීම නීති විරෝධී ආක‍්‍රමනකාරී යුද්ධ සහ තන්ත‍්‍ර මාරුකිරීමේ මෙහෙයුම්වල ව්‍යාජ ආවරනයක් ලෙස භාවිතා කෙරෙයි. විවිධ ලිබරලුන් සහ ව්‍යාජ වාම කන්ඩායම්වල පිටු බලය ලත් එක්සත් ජනපදය සහ එහි සගයන් බලශක්තියෙන් ආඪ්‍ය මැද පෙරදිග මූලෝපායික කලාප මත තම ඇමරිකානු ආධිපත්‍ය පවත්වා ගැනීම සඳහා මිලියන සංඛ්‍යාත ජනතාවකට මරු කැඳවමින් ඉරාකය, ලිබියාව සහ සිරියාව විනාශ කර ඇත.

බුරුමයේ තත්වය අවධාරනය කරන්නේ ලියොන් ට්‍රොට්ස්කි විසින් ශත වර්ෂයකට පෙරාතුව තම නොනවතින විප්ලවයේ න්‍යාය මගින් අවධාරනය කරන ලදුව සහ 1917 රුසියානු විප්ලවය මගින් ද තහවුරු කල මූලික නිගමනයන් වෙයි: එනම් බුරුමය වැනි අධිරාජ්‍යවාදයේ අධිකාරය යටතේ කල් පසු වී ධනවාදී සංවර්ධනයට පාත‍්‍ර වූ ධනපති රටවල කුමන හෝ කන්ඩායමකට මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට ඇති ඓන්ද්‍රීය නො හැකියාව යි. මෙම කර්තව්‍යය ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා කෙරෙන අරගලයෙන් වෙන් නො කල හැකි කොටසක් ලෙස බලය ගැනීම සඳහා විප්ලවවාදී ව්‍යාපාරයේ නායකත්වයේ සටන ලෙස කම්කරු පන්තියට පැවරී ඇත.

පීටර් සිමන්ඩ්ස්

Share this article: