ගුගල් වාරනයට එරෙහිව ලෝසවෙඅ පෙත්සමට තුන් දහසකට අධික සංඛ්‍යාවක් අත්සන් කරති

Over three thousand sign WSWS petition against Google censorship

අයිසැක් ෆින් විසිනි, 2017 සැප්තැම්බර් 1

ගූගල් විසින් සමාජවාදී, යුද විරෝධී, හා ප‍්‍රගතිශීලි වෙබ් අඩවි වලට වාරනය ක් පැනවීමට විරුද්ධව අගෝස්තු 14 දා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කල පෙත්සමට මේ වනවිට 3,000කට අධික සංඛ්‍යාවක් අත්සන්කොට ඇත. දහසකට වැඩි සංඛ්‍යාවක් අත්සන් කර ඇත්තේ පසුගිය දින 10 තුලය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප), සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ගූගල් විසින් ලෝසවෙඅ වාරනය කිරීම ගැන කම්කරුවන් හා ශිෂ්‍යයන් දැනුවත් කිරීම සඳහා ඇමෙරිකාව පුරා වැඩපල සහ සරසවි තුල මැදිහත් වී තිබේ.

බොහෝ කම්කරුවෝ සහ ශිෂ්‍යයෝ අප්‍රේල් මාසයේ පටන් ගූගල් සෙවිලි තුලින් ලෝසවෙඅ බැහැර කිරීමට ගූගල් තාක්ෂන යෝධයා විසින් අටවා තිබෙන, දැනට ගූගල් සෙවිලි හරහා ලොසවෙඅ කරා එලඹීම තුනෙන් දෙකකට වැඩියෙන් පහත දමා තිබෙන, වාරනය ගැන සිය දැඩි කෝපය ප‍්‍රකාශ කලෝ ය.

මේ සතියේ සමාජවාදී සමානතා පක්ෂයේ මැදිහත්වීමට, වැඩ වර්ජනයේ නිරත ස්පෙක්ට‍්‍රම් කම්කරුවන්ගේ පිකට් උද්ඝෝෂනය තුල උනුසුම් ප‍්‍රතිචාරයක් ලැබුනි. මාස 5 කට වැඩි කාලයක් තිස්සේ වැඩ වර්ජනය කර සිටින 1,800 කට අධික ස්පෙක්ට‍්‍රම් කම්කරුවන් අතර, එම වැඩ වර්ජනය මෙන්ම විද්‍යුත් සන්නිවේදන කම්කරුවන් මුහුනදී සිටින සේවා තත්වයන් පිලිබඳව නිතිපතා වාර්තා සපයන කරන එකම පුවත් මාධ්‍යය ලෙස ලෝසවෙඅ තහවුරුව පවතී.

බොහෝ කම්කරුවන් ලෝසවෙඅ වාරනය කිරීමට සිය විරුද්ධත්වය ප‍්‍රකාශ කර සිටි අතර, දුසිම් ගානක් දෙනා එතනදීම පෙත්සමට අත්සන් කලෝය.

එක පැයක් ඇතුලත 41 දෙනෙක් ශිෂ්‍යයෝ චිකාගෝ හි ඉලිනොයිස් සරසවියේ දී පෙත්සමට අත්සන් කලහ. ඉන් එක ශිෂ්‍යයෙක් මෙසේ කී ය “සිදුවෙමින් පවතින්නේ කුමක් ද යන්න ගැන දැනගන්නට මිනිසුන්ට නොලැබේ නම් එය භායනකයි. චාලට්විල්හිදී මෙන් ඔවුහු සැබවින්ම සිදුවන දෙය ගැන සියල්ලම වසං කිරීමට උත්සාහ කරති. වර්ගවාදය සහ සුදු -ආධිපත්‍යවාදය වැනි- සිදුවෙමින් පවත්නා දේ පිලිබඳව, ඒවාට එරෙහිව නැගි සිටීමට, ඒවා ගැන අප දැනගත යුතු ය. මම ගූගල් එකට වෛර කරමි.” තවෙකෙක් කිවේ මෙයයි: “ඔවුන් මෙසේ කරන එක මට පුදුමයක් නොවේ. හැම දෙයක්ම පාලනය කිරීමට ඔවුහු උත්සාහ කරති.”

මිචිගන් ප‍්‍රාන්තයේ ඩිට්‍රොයිට්හි වෙයින් රාජ්‍ය සරසවියේ ද කැලිෆෝනියාවේ සන් දියේගෝ සරසවියේ ද ශිෂ්‍යයෝ සමාජ දිනයේ දී සසජාසි සාහිත්‍ය මේස වලට පැමින පෙත්සමට අත්සන් තැබූ හ.

අන්තර්ජාල පෙත්සම අත්සන්කල බොහෝ දෙනා ලෝසවෙඅට සහයෝගය ප‍්‍රකාශ කරමින්, වාරනයට සහ ප‍්‍රජා තන්ත‍්‍ර අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයට එරෙහිව සමාජවාදී උද්ඝෝෂනයට සහාය පල කලහ.

ශිෂ්‍යාවක් වන ශීලා,“මෙය පුලුල් ලෙස දායක වන ලෙස මම හැම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටිමි. හැම කෙනෙකුටම සත්‍යය අසන්නට ලැබීම සහතික කිරීමට නම්, ගූගල්ද, මිලිටරිය සහ චර-බුද්ධිඅංශ ද නිදහස් චින්තනය සහ කථනය මැඩ පැවැත්වීමට දරන උත්සාහයට එරෙහිව ප‍්‍රතිප‍්‍රහාරය දියත් කිරීම අවශ්‍යයෙන්ම කල යුතු වේ! ලෝසවෙඅ ට එරෙහි දේශපාලන වාරනය එපා!”

කැනඩාවේ ඔන්ටරියෝ නගරයේ ඩෙරික් මෙසේ පවසයි: “මම නිදහස, යුක්තිය සහ සමානතාව ගැන විශ්වාස කරමි. මාධ්‍ය තුලින් සමාජවාදී අදහස් වාරනය කිරීම වනාහි අතීතයේ ඒකාධිපතියන් විසින් කරන ලද ක්‍රියාවක් සහ අපරාධයකි.

“ගූගල් ක්‍රියා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ය. ඔවුන් දකින්නේ අන්තර්ජාලය ඔවුන්ගේම පුද්ගලික දේපලය කියා ය. කියන්නේ කුමක් ද, එය කියන්නේ කවුරුන්ද යන්න පාලනය කිරීමට ඔවුන්ට උවමනා වී ඇත.”

එඩින්බරෝ සිට සොෆි මෙසේ ලියයි: “අන්තර්ජාලයේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය ගැන තොරතුරු ලබා ගැනීමට තිබෙන හොඳම මූලාශ‍්‍රය නම් ලෝසවෙඅ යි.... පැහැදිලිවම ගූගල්, එක්සත් ජනපදයේ ආන්ඩුව සමග එකතුවී, ඇමරිකාවේ සහ යුරෝපයේ මහජනතාව තුල පමනක් නොව මුලු ලෝකය පුරාම ඇමරිකානු යකඩ සපත්තුවට පෑගී සිටිනා පීඩිත ජාතින් අතර ද වැඩෙමින් පවත්නා පන්ති-විඥානයට බියපත්ව සිටි.”

ග්‍රීසියේ සිට පැරිස් මෙසේ ලියා එවී ය: “ලෝක සමාජවාදී වෙබ් අඩවිය ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරය සහ ලෝකය පුරා පීඩිත ජනතාවගේ අරගලය සඳහා අර්ථභාරී තොරතුරු මූලාශ‍්‍රයකි. වාරනය භංග වේ වා.!”

බැල්ටිමෝර් සිට ඇඩම් මෙසේ ලිවීය, “දැන් ගුගල් වැඩකරන ජනයාගේ තිත්තම හතුරන්ගෙන් එකෙකි. කම්කරුවන් විසින් සමස්ත ධනේශ්වර ආර්ථිකය මෙන්ම ගුගල් ද සියතට ගෙන තමන්ගේ අවශ්‍යතා උදෙසා යොදා ගත යුතු වේ. ආර්ථිකය පැවතිය යුත්තේ ගුගල් ගේ ගැරිල්ලෙන් සහ පුද්ගලික තොරතුරු අලෙවියෙන් බඩකට පුරවා ගන්නා මිලියන පතියන් හා බිලියන පතියන් අත නොවේ.”

ඔහියෝ ප‍්‍රාන්තයේ ක්ලිව්ලන්ඩ්හි පීටර් මෙසේ කීය: “කුමන තොරතුරු සත්‍යද කුමක් ව්‍යාජ ද කියා තීන්දු කිරීම පරිගනක කලන සූත‍්‍රයක් මගින් සිදු කරගත හැක්කක් නොවේ; එය මහජනයා අතේ තිබිය යුතු අයිතියකි. ගුගල් වැනි සමාගම් සත්‍යය හා අසත්‍ය ය තීන්දු කිරීමේ කාර්යය තමන්ගේ අතට ගැනීමට උත්සාහ කරනවිට ඔවුහු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වලකපා, තමන්ට මහජන සහයෝගය ලබාගැනීමේ සකල අයිතියම නැති කරගනිති.”

ඉන්දියාවේ මෝනා මෙසේ කීවාය: “නිදහස් කතනය ට, චින්තනයට, සහ වාරනයක් නැතිව තොරතුරු ලැබීමේ මූලික අයිතියට ගුගල් එල්ල කරන ප‍්‍රහාරය අවසන් කරනු! නිදහස් ප‍්‍රකාශනය වනාහි සියලු අයිතිවාසිකම්වලින් අතිමූලික එකය” යි ඉලිනොයි ප‍්‍රාන්තයේ ස්ටීවන් ප‍්‍රකාශ කලේ ය. “එයින් තොරව, අන් සියල්ල තර්ජනයට ලක්වේ. එයයි ජනපීඩක ඒකාධිපතිත්වය.”

ඇමරිකා එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තරවද දහස් ගනන් කම්කරුවන් දක්වා තිබෙන සහාය වනාහි යුද්ධයට, අසමානතාවට, සහ වාරනයට පවත්නා අති මහත් විරුද්ධත්වයේ ප‍්‍රකාශනයකි. ලෝසවෙඅ සියලු පාඨකයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම ව්‍යායාමය තුල දේශපාලනිකව ක්‍රියාත්මක වන ලෙස ය. පෙත්සමට අත්සන් කරන්න, තමන් හා එක්ව වැඩකරන්නන්, මිත‍්‍රයින් අතර සහ සමාජ මාධ්‍ය මගින් එය බෙදාහරින්න.

Share this article: