හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ජාත්‍යන්තර කම්කරු පන්ති සහයෝගිතාවයේ ඓතිහාසික දිනය වන, මැයි දිනය සමරනු පිනිස, අප්‍රේල් 30 වන ඉරිදා, ජාත්‍යන්තර අන්තර්ජාල රැලියක් පවත්වනු ඇත. මෙම රැලිය එදින ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.30ට wsws.org/mayday සබැඳිය හරහා විකාශනය කෙරෙනු ඇත.

ලොව වටා හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රමුඛ නියෝජිතයෝ රැලිය අමතනු ඇත. ඔවුහු යුද්ධයට, ආඥාදායකත්වයට හා ධනපති ක්‍රමයට එරෙහිව කම්කරු පන්තිය එකමුතු කිරීමේ අරගලය පිලිබඳව කතා කරනු ඇත.