කැලිෆෝර්නියා ප්‍රාන්තය ගිනිගැනීම: මාරාන්තික ගිනිජාලාවන්ගේ සමාජ හා දේශපාලනික පසුබිම

California’s burning: The social and political background of the deadly infernos

2018 අගෝස්තු 1

එක පෙලට දෙවැනි මාසයේ දී ද, එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තය මරනයේ හා විනාසයේ දර්ශකයක් වන්නේ, ලැව්ගිනි ප්‍රාන්තය පුරා පැතිරීම හා දහස් ගනනක් තමන්ගේ නිවාස වලින් තල්ලු කර දැමීම සමගිනි. ජූලි මාසයේ දී පමනක්, ලැව්ගිනි පුද්ගලයන් නව දෙනෙකු මරා දැමූ අතර නිවාස දහසකට වඩා ගිනිබත් කලේ, දශදහස් ගනනකට නිවාස අතහැර පලා යෑමට බල කරමිනි.

බියකරු ඛේදවාචකයන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් තිබේ. බ්‍රහස්පතින්දා, 76වියති එඩ් බ්ලෙඩ්සෝ, 70වියති තම බිරිඳ හා පිලිවෙලින් වයස අවුරුදු 4 හා 5ක් වන එමිලි හා ජේම්ස් නැමති මිනිබිරිය හා මුනුපුරා නවතා ගියේ වෛද්‍ය වරයෙකු හමුවීමට ය. ඔහුගේ ෂස්ටා කෝරල නිවස ආසන්නයේ කැලිෆෝනියා ගින්නක් (Cal Fire) පැතිරෙමින් තිබුනත්, ඔවුහු ඉවත් වීමේ නියෝගයකට යටත් නො කෙරුනි.

තමාට ගින්න පැතිරෙනවා දැකිය හැකි බව පවසමින් තම බිරිඳගෙන් ආ තැතිගත් දුරකතන ඇමතුමෙන් පසු, බ්ලෙඞ්සෝ ආපසු දිව ආ නමුත්, වාහන තදබදය ද පැතිරෙන ගින්න ද ඔහු වලකා ලීය. නිවසට යා ගත නො හැකි වූ ඔහුට ජංගම දුරකතනය මගින් තම බිරිඳ වෙත ලඟා වීමට හැකි වුයේ, ඔවුන් තෙත බ්ලැන්කෙට්ටු යට ගුලු වී සිටින අතරතුර ගින්න ඔවුන් පසු කර යද් දී ය.

ඔවුන්ගේ ඛේදනීය මරන සෑම ස්වභාවික විනාසයක් වටා ම පැතිරෙන සමාජ විනාසයේ කොටසකි. ඒ සඳහා පරිශ්‍රය සකසන්නේ මනුෂ්‍යවර්ගයාගේ පාලනයෙන් බැහර බලවේග විසින් වන නමුත්, එය සංගත හා මූල්‍ය ප්‍රභූවේ ධන සමුච්චනයට සියල්ල යට කෙරෙන, සමාජ හා දේශපාලන පද්ධතිය සමග අන්තර්ඡේදනය වෙමින් සංයෝජනය වෙයි.

කැලිෆෝනියාවේ ගින්න උග්‍ර වන අතරතුර ම, පසු ගිය සතියේ ග්‍රීසියේ ගිනිවලින් මැරුනු සංඛයාව 91 දක්වා ඉහල ගියේ, 25දෙනෙකු තවමත් අතුරදහන් ව සිටිය දී ය. මෙම ගිනිවල ආසන්න හේතු මේ වන විටත් විභාග කෙරෙමින් තිබෙන අතර, යුරෝපා බැංකුව විසින් නියෝග කරන ලදුව, සිරිසා ආන්ඩුව විසින් ක්‍රියාත්මක කෙරෙන කප්පාදු පියවර, මෙම විශාල මරන වෙනුවෙන් දෝෂාරෝපනය ලක් කල යුතු බවට සැකයක් නොමැත. විදුලිය හා ජල සැපයුම්වල අසාර්ථකත්වයට දායක වන උපයෝගිතාවන්ගේ කප්පාදු සමග ගිනි නිවන සේවාවේ සියයට 20 කප්පාදු ඒවාට ඇතුලත් ය.

කැලිෆෝනියාවේ, දිග්ගැස්සුනු නියඟ තත්වයන් ප්‍රාන්තයේ විශාල කොටසක් වියලා දමා ඇති අතර ඉදිරියට ඇදෙමින් තිබෙන ගින්නට එමගින් විශාල ඉන්ධන ප්‍රමානයක් සැපයී ය. කැලිෆෝනියාවේ වාර්තා වන වඩාත් ම විනාසකාරී ලැව්ගින දහයෙන් හතරක් ම ඇති වී ඇත්තේ පසු ගිය මාස දහය තුල දී ය.

පසු ගිය වසරේ, කැලිෆෝනියාවේ ගිනි, පුද්ගලයන් 43කු මරා දැමූ අතර, ආසන්න වසයෙන් ගොඩනැගිලි 10,000ක් විනාස කෙරුනු අතර, මිලියන කාලක් පමන පුද්ගලයෝ ඉවත් කෙරුනි. පසු ගිය මාසයේ නිකුත් කෙරුනු විමර්ශනයක් නිගමනය කලේ ඔක්තෝබරයේ දී උතුරු කැලිෆෝනියාවේ පුද්ගලයන් 9දෙනෙකු මරා දැමූ ගිනි ගැනීම් දුසිමක් පමන ඇති වූයේ පැසිෆික් ගෑස් විදුලි සමාගම විසින් ක්‍රියාත්මක කෙරෙන විදුලි රැහන්වලිනි, එය අවධාරනය කරන්නේ ගිනි ඇති වීමට අබලන් පොදුකාර්ය පද්ධතියේ බලපෑම යි.

වඩා වැඩි වාර ගනනාවක හා තීව්‍රතාවක ගිනිවලට දායක වන සාධක අතර දේශගුනික වෙනස්කම් ද වේ. වායුගෝලීය පර්යේෂන සඳහා ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යයන පෙන්වා දෙන්නේ වැඩි වූ ගෝලීය උෂ්නත්වයන් වඩා උනුස්ම් සීත කාල ඇති කර ඇත්තේ, අයිස්කුට්ටි දිය වීමට අවශ්‍ය වන කාල ප්‍රමානය කෙටි කරමින් ද, එහි ප්‍රතිඵලයක් වසයෙන් අලුතින් ඇති වූ ජලයට වාෂ්පීකරනය වීමට අවශ්‍ය කාලය ද කෙටි කරමිනි.

ගාඩියන් පත්‍රය දේශගුලනික වෙනස්කම්වල බලපෑම “පෙනෙන හැටියට වේගවත් වනු ඇත” යි සඳහන් කල, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇන්තනී ලරෝයි වෙස්ටර්ලින්ග් උපුටා දක්ව යි. අපගේ ජීවිත කාලය තුල දී නව සාමාන්‍යයක් ඇති නොවනු ඇත. කැල් ෆයර් නමින් හැඳින්වෙන ගින්න, වේගයෙන් නිවාස විනාස කර ඇති “ගිනිකුනාටු” (firenados) ඇතුලුව “අස්වාභාවික ආකාරයන්ගෙන් හැසිරී ඇති විශාල ගිනි ගැනීම්වල එකතුවකි.”

යුරෝපය හා පෘථුවිය පුරා මේ ආකාරයේ ප්‍රවනතා ඇති වෙමින් තිබේ. සෝමි එන්පීපී, ටෙරා ඇන්ඩ් ඇක්වා (Suomi Terra and Aqua) චන්ද්‍රිකාවල දත්ත පෙන්වන්නේ පසු ගිය මාසයේ යුරෝපීය භූදර්ශනය හරිත වර්නයේ සිට දුඹූරු පැහැයට හැරෙමින් තිබෙන බව යි. එය ආර්මේනියාව, ජර්මනිය, මහා බ්‍රිතාන්‍ය, අයර්ලන්තය හා නෝර්වේ වල දීර්ගකාලීන නියඟයේ ප්‍රතිඵලයකි. අක්කර 62,000ක භූමිප්‍රදේශයක් ගිනි තබා ඇති, ආසන්න වසයෙන් ලැව් ගිනි පනහක්, ජූලි මස මැද දී ස්වීඩනයේ බුර බුරා නැගුනි.

දේශගුනික විපර්යාසයන්ගේ ප්‍රතිවිපාක පිලිබඳව විද්‍යාඥයින්ගේ වැඩිවෙන්නා වූ දරුනු අනතුරු ඇඟවීම් නොතකා, ජාතික ගැටුම්වලින් බෙදුනා වූ ද එක එක යෝධ සමාගම්වල ලාභයට යටත් වන්නා වූ ද ධනේශ්වරය ඒ ගැන කිසිවක් කිරීමට අසමත් වී සිටී.

ගිනි පැතිරීමට දායක වන්නා වූ බොහෝ සාධක මෙන් ම ඒවායේ බලපෑම අවම කිරීමේ බොහෝ පියවරයන් ද ඇත. කැලිෆෝනියාවේ වගා නො කල බිම්වල නියඟයෙන් හා කුරුමිනි ආසාධනයෙන් මැරුනු ගස් අසාමාන්‍ය විශාල සංඛ්‍යාවක්, එනම් මිලියන 129ක් තිබේ. උඩු වියනකට ලඟාවන අතිමහත් ඉන්ධන ධාරිතාව, පැන නගින ගිනි තීව්‍ර කරන අතර ඒවා පැතිරීමට ද උදව් කර යි.

නේවාසික ගොඩනැගිලි ඉදි කෙරෙන්නේ පුද්ගලික සමාගම්වලට ලාභයක් උපයා ගත හැකි තැන්වල ය. ඒවා දීර්ගකාලීන අවදානම සම්බන්ධයෙන් වගකීමක් නො ගනී. තව ද, ඉහල යන නිවාස වියදම නගරවලින් පිටත වඩා කුඩා නගර හා නියම් ගම්වල වඩා වැඩි අවදානමක් සහිත අඩු කුලී නිවාස සෙවීමට පුද්ගලයන් තල්ලු කර ඇත. කැලිෆෝනියාවේ ප්‍රජා සමූහ 1399ට වැඩි සංඛ්‍යාවක් “ඉහල ලැව්ගිනි හානි අවදානමක සිටින” බව කැල් ෆයර් වෙබ් ජාලය හඳුනා ගෙන ඇත. නමුත් මෙම ලේඛනය 1990 වර්ෂයේ සංගනනය මත සකසා ඇති අතර ප්‍රසිද්ධ කෙරී ඇත්තේ 2001 වසරේ දී ය. එය එතැන් සිට යාවත්කාලීන කෙරී නොමැත.

ඊට අමතරව, 2008 අර්ථික අර්බුදයේ සිට අයවැය කප්පාදු මාලාවකට මුහුන දී ඇති, නිත්‍ය ලෙස අඩුවෙන් අරමුදල් සැපයෙන හා අඩු සම්පත් සහිත ගිනි නිවන දෙපාර්තමේන්තුවේ බලපෑම ද තිබේ. කැලිෆෝනියා ජන ශුන්‍ය ප්‍රදේශවල ගිනි නිවන්නන්ගෙන් සම්පූර්න හතරෙන් එකක් ක්‍රියාකාරී ලෙස ගිනි නිවන අවස්ථාවේ පැයකට ඩොලර් 1ක් ද, ගිනි වැලක්වීම් වැඩ කරන විට දිනකට ඩොලර් 2ක් ද ගෙවනු ලබන බන්ධනාගාර ගත රැඳවියෝ වෙති. මොවුන්ගෙන් දෙදෙනෙක් 2017 ගින්නේ දී මිය ගියහ.

අනෙකුත් ස්වභාවික ව්‍යසනයන් පිලිබඳව මෙන් ම, ගිනි ගැනීම් වල බලපෑම සම්බන්ධයෙන් ගත් විට, ඔවුන්ගේ ජීවිත උඩියටිකුරු වී ඇති අය රක්ෂන සමාගම්වල අනුකම්පාවට තල්ලු කර දමන්නේ, ඔවුන්ට රක්ෂනාවරනයක් ඇත් නම් පවා පමනී. තම පවුල අහිමි වූ බ්ලෙඞ්සෝ රක්ෂනාවරනයක් නොමැති කුලී නිවැසියෙකි. ගින්නෙන් පසු ඔහුට ඉතුරු වූ එක ම දෙය ඔහුගේ ට්‍රක් රථය හා තම උරේ රැඳ වා ගෙන තිබූ ඇඳුම් පමනී. ඔහු සම්පූර්න අසරනභාවයට පත්වීමෙන් මිදුනේ ගෝෆන්ඞ්මී නම් සංවිධානයේ වෙබ් අඩවිය තුල පවුලේ හිතවතෙකු විසින් සැකසුනු පිටුවක් නිසාය.

එවන් විනාස ඇති කෙරෙන කොන්දේසි විසඳීමට අවශ්‍ය හදිසි පියවර ගැනීමට සම්පත් තිබේ. කැලිෆෝනියාවේ වර්තමාන හදිසි අරමුදල ඩොලර් මිලියන 442.8ක් වන අතර, ඉන් සම්පූර්න හතරෙන් එකක්, එනම් ඩොලර් මිලියන 114ක් වැය කෙරුනේ ජූලි 1වනිදා සිට ය. ඊට විපරීතව, 2018 සෑම දිනකක දී ම ඇමසන් ප්‍රධාන විධායක නිලධාරී මෙන් ම ලෝකයේ පොහොසත් ම මිනිසා වන ජෙෆ් බෙසෝස් ඊට වඩා, එනම් ඩොලර් මිලියන 510ක් උපයා ගත්තේ ය. කැලිෆෝනියාවේ කැලෑබද අක්කර මිලියන 31ක් පාලනය කරන සම්පූර්න කැල් ෆයර් අයවැය, දල වසයෙන් බෙසෝස් සතියක දී උපය යි.

සමාජවාදී හා සැලැසුම් ගත ආර්ථිකයක දී, බිලියන ගනන්වලින් මුදල් වෙන් කෙරෙනු ඇත්තේ විද්‍යාත්මක ගිනි වැලක්වීම්වලට හා ගිනි පාලනය කිරීමේ ක්‍රමවේදවලට ය. දියුනු අනතුරු ඇඟවීමේ පද්ධති හා ඉවත් කිරීමේ මාවත් ඉදිකිරීමට සම්පත් වෙන් කෙරෙනු ඇත. සෑම අයෙකුට ම ආරම්භයේ සිට ලැව්ගිනි වැලැක් වීමේ සංවර්ධන සැලැසුම් යටතේ ඉදි වෙන නවීන නිවාසවලට ප්‍රවේශය ලැබෙනු ඇත. මෙම සියලු පූර්වාරක්ෂාවන් නො සැලසීමෙන්, තම නිවාස අහිමි වූවන්ට සම්පූර්න නව නිවාස ලැබෙනු ඇත. දේශගුනික වෙනස්කම් නැවැත්වීමට හා ආපසු හැරවීමට හදිසි පියවර ගනු ඇත.

සෑම ස්වභාවික විනාසයක් ම හෙලිදරව් කරන්නේ සමාජ හා දේශපාලන යථාර්ථය යි. කැලිෆෝනියා ගිනි වියරු වෙද්දී, ට්‍රම්ප් පාලනාධිකාරිය පොහොසතුන්ට බදු කප්පාදු ලෙස බිලියන ගනන් පුද කිරීමට නව ක්‍රමවේද කුමන්ත්‍රනය කරමින් සිටී. කැලිෆෝනියා ප්‍රාන්තය පාලනය කරන ඩිමොක්‍රටිකයන් තම සියලු උත්සාහයන් යොමු කරමින් සිටින්නේ, රුසියාවට එරෙහිව ප්‍රමානවත් තරම් ආක්‍රමනකාරී නො වීම වෙනුවෙන් ට්‍රම්ප් හෙලා දකින අතර, ඩොලර් බිලියන 716ක යෝධ අයවැයකින් මිලිටරිය ශක්තිමත් කෙරෙන බව සහතික කර ගනිමිනි.

ජනගහනයේ අතිමහත් බහුතරයේ උත්සුකයන්ට උදාසීන හා හතුරු, සමස්ත දේශපාලන සංස්ථාපිතය ම, හෙලිදරව් කරන්නේ, එය මත පාලක පන්තිය මූලිකත්වය දරන ධනේශ්වර පද්ධතියේ බංකොලොත්කම හා අතාර්කිකත්වය යි.

ඩේවිඩ් බ්‍රවුන්

Share this article: