සමාජවාදී සමානතා පක්ෂය [එක්සත් ජනපදය] පස්වන ජාතික සමුලුව පවත්වයි

Socialist Equality Party (US) holds Fifth National Congress

2018 අගෝස්තු 3

සමාජවාදී සමානතා පක්ෂය ගිනිකොනදිග මිචිගන්හිදී ජුලි 22-27 දිනවල, සිය පස්වන ජාතික සමුලුව පැවැත්විය. එහිදී ප්‍රධාන සම්මේලන යෝජනාව, “පන්ති අරගලයේ නැගීම සහ සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ” දැඩි සාකච්චාවකට භාජනය විය. කෙටුම්පත් ලියවිල්ලේ විවිධ කොටස් සංශෝධනය කොට සැකසීම හා පැහැදිලි කිරීමේ යෝජනාද ඇතුලත් ව දින හතරක සාකච්ඡාවකින් පසුව යෝජනාව ඒකමතිකව සම්මත කර ගන්නා ලදී.

ජුලියන් අසාන්ජ් මර්දනය කිරීම හෙලාදකිමින්, ඔහුගේ නිදහස දිනාගැනීම සඳහා ජාත්‍යන්තර උද්ඝෝෂනයක් සඳහා කැඳවුම් කරන යෝජනාවක් ද සම්මේලනය විසින් සම්මත කරගන්නා ලදී.

සම්මේලනය සසපයේ නව ජාතික කමිටුවක් ද තෝරා පත්කරගත් අතර, පක්ෂයේ ජාතික සභාපති ලෙස ඩේවිඩ් නොර්ත් යලි පත්කරගත්තේ ය. නව ජාතික කමිටුව පක්ෂයේ ජාතික ලේකම් ලෙස ජෝසප් කිෂෝර් ද, උප ජාතික ලේකම් ලෙස ලෝරන්ස් පොටර් ද ලෝක සමාජවාදී වෙබ් අඩවියේ එක්සත් ජනපද කර්තෘ ලෙස බැරී ග්‍රේ ද තෝරා පත් කරගති.

2016 දී පවත්වන ලද සිවුවන ජාතික සම්මේලනයට ඉක්බිති සමයේ එක්සත් ජනපදයේ සියලු ප්‍රදේශ වලින් ම නව සාමාජිකයන් සලකියයුතු සංඛ්‍යාවක් පක්ෂය ට බැදී ඇති බව සම්මේලනය තුල දැකගත හැකි විය. තෝරා පත් කරගත් නව ජාතික කමිටුවට ගිය පස් වසර තුල පක්ෂයට එකතු වූ නව සාමාජිකයන් ගනනාවක් ද අයත් වෙති.

සම්මේලනයට සහභාගී වුවන් අතර හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහෝදර සමාජවාදී සමානතා පක්ෂවල නියෝජිත කන්ඩායම් ද දකුනු ඇමරිකාවෙන් සහ මධ්‍යම ඇමරිකාවෙන් පැමිනි ජාත්‍යන්තර කමිටුවේ ආධාර කරුවෝ ද වූහ.

සම්මේලනයට පැමිනි නියෝජිතයෝ එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර දේශපාලන තත්වය සමාලෝචනය කල අතර පසුගිය දෙවසර තුල කම්කරු පන්තියේ හා පක්ෂයේ අත්දැකීම් ද සසප කර්තව්‍යයන් ද පිලිබඳ පෘථුල සාකච්ඡාවකට සහභාගි වූ හ. ගුරුවරුන්ගේ වැඩවර්ජන සහ එක්සත් ජනපදයේ පන්ති අරගලයේ වැඩී ඒම පිලිබඳව වෙන වෙනම වාර්තා ඉදිරිපත් විය. අන්තර්ජාල වාරනයට එරෙහි සසප අරගලය, ජුලියන් අසාන්ජ් මර්දනයට ලක්කිරීම ට එරෙහි ජාත්‍යන්තර කමිටුවේ ව්‍යායාමය, ට්‍රම්ප් පාලනය ආගමනික කම්කරුවන්ට එරෙහිව එල්ල කරන ප්‍රහාරය, සහ මී ටූ ව්‍යායාමයේ දක්ෂිනාංශික ස්වභාවය සහ ව්‍යාජ වමේ දේශපාලනය පිලිබඳ වාර්තා ද ඉදිරිපත් කරන ලද අතර ඒවා එකිනෙකක් සාකච්ඡාවට භාජන කරන ලදී.

සම්මේලනය සම්මත කල ප්‍රධාන යෝජනාව ලෝක ධනේශ්වරයේ අති මහත් අර්බුදය අවධාරනය කලේය. යෝජනාව ඇරඹෙන්නේ:

ලෝක ධනේශ්වර පර්යාය ඇතුලුවී සිටින්නේ උග්‍ර සමාජ සහ දේශපාලන අර්බුදයේ සමයකට ය; ඇදවැටෙන ජීවන තත්වයන් ද ධනයේ ආන්තික සංකේන්ද්‍රනය ද උග්‍රවන්නාවූ පන්ති ඝට්ටනයද කාලාන්තරයක් පැවතගෙන එන දේශපාලන සංස්ථා අපකීර්තියට පත්වීම ද එය පෙන්වා දුන්නේය. ධනවාදය ආවේනිකවම අසාධාරනයයි ද ආර්ථික පර්යායේ අති මූලික වෙනස්කම් අත්‍යාවශ්‍ය යයි ද යන වැඩෙන වැටහීමක් කම්කරු පන්ති ය ද තරුනයන් ද අතර වර්ධනය වෙමින් පවතී.

මෙම තේමාව විස්තාරනය කල ඩේවිඩ් නෝර්ත් සම්මේලනය පැවැත්වෙමින් තිබුනු අත්‍යසාමාන්‍ය තත්වයන් සමාලෝචනය කලේ ය. ජාත්‍යන්තර සන්ධානයන් බිඳවැටීම, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පුපුරා හැලීම්, ප්‍රධාන ධනේශ්වර රටවල උග්‍ර මිලිටරීකරනය, රජයේ ඉහලම මට්ටම් තුල බිහිසුනු ඝට්ටන, පාලක පන්ති ය ආඥාදායකත්වය කරා යොමුවීම හා අන්තර්ජාලය වාරනය කිරීම ද සමාජ අසමානත්වයේ ආන්තික නැගීම ද ඊට ඇතුලත්වේ.

එක්සත් ජනපද පාලක පන්ති යේ සෑම කන්ඩායමකම අන්ත ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය අවධාරනය කරමින් නෝර්ත් මෙසේ කීය.

ට්‍රම්ප් සහ ඔහුගේ ඩිමොක්‍රටික් පාක්ෂික ප්‍රතිවාදීන් අතර ප්‍රගාඪ දේශපාලන බෙත්මක් පවතී යයි සිතීම අන්ත බොලඳ සිතිවිල්ලකි. ‘ඔවුනතර වඩා නරක’ කවුදැයි නිර්නය කිරීමට උත්සාහ කිරීම හරියට සපාකනු ලැබීමට ඔබ වඩා කැමති නයෙකු විසින් ද වෙලාගත් පිඹුරෙකු විසින් ද යන්න තෝරා ගන්නට යාමක් වැනි ය. ට්‍රම්ප් ට වඩා නරක එකෙක් නැති යයි කෙනෙකුට එක මොහොතක සිතිය හැකිය. එහෙත්, කෙනෙකු ඩිමොක්‍රටික් පාක්ෂික සෙනට් මන්ත්‍රී මාර්ක් වෝනර් රුසියවට එරෙහි යුද්ධයක තර්ජනය එල්ල කරන විට, ඩිමොක්‍රටික් පාක්ෂික මන්ත්‍රීවරුන් ‘යු එස් ඒ, යු එස් ඒ’ යයි මොර දෙනු ද දකින කල්හි වඩා සීලාචාර ට්‍රම්ප් යයි කෙනෙකුට පෙනී යයි.

නෝර්ත්ගේ වර්තාව ද, ප්‍රධාන සම්මේලන යෝජනාව ද පිලිබඳ සාකච්ඡාවේ කේන්ද්‍රීය තේමාවක් වුයේ, 1938 සැප්තැම්බරයේ දී එහි ප්‍රථම සම්මේලනය පැවැත්වූ, ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලද හතරවන ජාත්‍යන්තරයේ 80 වන සංවත්සරයයි. සම්මේලනයට කල බොහෝ ප්‍රතිපදාන සාකච්චාවට භාජනය කලේ හතරවන ජාත්‍යන්තරය විසින් එහි සමස්ත ඉතිහාසය තුල රක්නා ලද උරුමය සහ පලල් කම්කරු සහ තරුන කොටස් තුල වර්ධනය වෙමින් පවත්නා විඥානය ද අතර පවත්නා සම්බන්ධතාවයයි.

“2018 මුදුනේ සිට බලන කල්හි 1938 දී හතරවන ජාත්‍යන්තරය පදනම්කරගත්තාවූ ද 1953 දී ජාත්‍යන්තර කමිටුව පිහිටුවීමේ දී නිකුත් කරන ලද විවෘත සන්දේශය මගින් ආරක්ෂා කරනු ලැබුවාවූ ද ඓතිහාසික විශ්ලේෂනය, මුලධර්ම සහ ක්‍රියාමාර්ගය යන සියල්ල ඓතිහාසික වර්ධනයේ සමස්ත ගමන්මග මගින් සනාථ කර තිබේ ය යන්න පිලිබඳ මොනම සැකයක් හෝ ඇත්තේ නැත.”

නොර්ත් සිය වාර්තාව තුල දී ඓතිහාසික විඥානය සහ සමාජවාදී විඥානය අතර සම්බන්ධතාවය පැහැදිලි කලේ ය. අතීත අරගලයන් යලි හැදෑරීම සෑම විටම, මාක්ස්වාදීන්ට ඉදිරියේ එන අරගල උදෙසා සාරභුත සුදානම්වීමකි.

ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛා කම්කරුවන්ගේ අරගලයන් තුලට ඈතුලු කරන්නේ හුදෙක් සටන් පාඨ හා ඉල්ලීම් මාලාවක් පමනක් නොවේ. ඒවා සැලකියයුතු වැදගත් කමක් දරයි. එහෙත් ඒවා පමනක් කම්කරු පන්ති යට උගන්වාගෙන, සමාජවාදී විප්ලවය ඉෂ්ටකර ගැනීම ට අවශ්‍ය මට්ටමට එහි දේශපාලන විඤ්ඤානය ඔසොවා ලීමට සෑහෙන්නේ නැත. මූලෝපායක් වර්ධනය කරගැනීම උදෙසා අර්බුදය ද එය විසින් තමන්ට මුහුන දීමට සිදුකරන කර්තව්‍යයන්ද වටහා ගැනීමට නම් කම්කරු පන්තිය තමන් ජීවත්වන ඓතිහාසික යුගයේ ස්වභාවය වටහාගත යුතු වේ, එතකුදුනොව, විප්ලවවාදී මූලෝපායක් ද, ඊට උචිත උපායන් ද ග්‍රහනය කරගැනීම සඳහා කම්කරු පන්ති ය ගිය සියවසේ ප්‍රමුඛ දේශපාලන සිද්ධීන් හා විප්ලවීය අරගල ගැන සැහෙන දැනුමක් අත් කරගත යුතු වේ.

අවසන් වසයෙන් කම්කරු පන්ති ය තමන්ගේ අවශ්‍යතා නියෝජනය කරන සංවිධාන හා ප්‍රවනතාවන් තක්සේරු කර ගැනීමට ඒවායේ ඉතිහාසය, දේශපාලන පරම්පරාව සහ පෙර කල ඒවා විසින් කරන ලද අරගල තුලදී ඉෂ්ට කල භුමිකාව වටහාගත යුතු වේ.

කම්කරු -පන්තියේ ජාත්‍යන්තර. මහා සමාජවාදී ව්‍යාපාරයයක් වර්ධනය කෙරෙනු ඇත්තේ සසපයේ සහ ජාත්‍යන්තර කමිටුවේ ක්‍රියාකාරිත්වය මගින්ය යන කාරනය ප්‍රධාන යෝජනාව විසින් අවධාරනය කෙරේ. සාකච්ඡාව තුලදී, සහභාගී වූ බොහෝ දෙනා යෝජනාවේ යට දැක්වෙන කොටස ගෙනහැර දැක්වූහ:

එම ඓතිහාසික සන්දර්භය තුල, වෛෂයික අර්බුදයේ ප්‍රතිඵලය තීන්දු කිරීමේ දී විප්ලවවාදී පක්ෂයම අත්‍යන්ත සාධකයක් වන්නේ ය. විප්ලවීය පක්ෂයේ ක්‍රියාකාරිත්වයේ බලපෑම සැලකිල්ලට නොගන්නා, වෛෂයික තත්වය පිලිබඳ ඇගයීමක් සහ දේශපාලන ශක්‍යතාවන් පිලිබඳ තක්සේරුවක්, මාක්ස්වාදයට සාකල්‍යයෙන් ම ආගන්තුකය. මාක්ස්වාදී විප්ලවවාදී පක්ෂය හුදෙක් සිද්ධීන් පිලිබඳ නිරික්ෂනයට සීමා වන්නේ නැත. පක්ෂය තමන් විසින් විශ්ලේෂනය කරනු ලබන සිද්ධීන්ට සහභාගී වන්නේ ද වෙයි. එය කම්කරු පන්තියේ බලය සහ සමාජවාදය සඳහා අරගලයට නායකත්වය සැපයීම මගින් ලෝකය පරිවර්තනය කිරීමට යත්න දරන්නේ ය.

සසපයේ කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ කම්කරු පන්තිය තුල ස්වාධීන විප්ලවවාදී සහ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමයි. මේ සඳහා ඉහල -මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටස්වල සමාජ අවශ්‍යතාවන් නියෝජනය කරන ඩිමොක්‍රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමරිකා, ඉන්ටනැෂනල් සෝෂලිස්ට් ඕගනයිසේෂන් වැනි කන්ඩායම් ද ඇතුලු ව්‍යාජ වමේ දේශපාලනයට එරෙහි අරගලයක් අවශ්‍ය කෙරේ. ඒ සඳහා අවශ්‍ය තවත් දෙයක් නම් මහා සංගත කලමනාකාරින්ගේ හා රාජ්‍යයේ ඒජන්තයන් වන වෘත්තීය සමිති වලට එරෙහි අරගලයයි.

සම්මේලනයේදී ප්‍රධාන යෝජනාවේ පෘථුල සාකච්ඡාවට ලක්වූ වැදගත් කොටසක් නම් “පන්ති අරගලයේ තර්කනය සහ ජෙනරල් ස්ට්‍රයිකය යි. පෙර නුදුටුවිරු පරිමාවක සමාජ අරගල පුපුරා යාම ඇමරිකා එක්සත් ජනපදය තුල මුලුමනින්ම නොවැලැක්විය හැකි වේ, ‘ක්ෂනික ප්‍රශ්නය කුමක් වුවත්, තැන කුමක් වුවත්,’ ඒවා වේගයෙන් මිලියන සංඛ්‍යාත කම්කරුවන් අරගලයට ඇදගනු ඇත”. එය තව දුරටත් මෙසේ ද කියයි, “කම්කරු පන්තියේ ඓතිහාසික අත්දැකීම ගත් කල මේ සමාජ අරගලයන් ගේ සහභාගිත්වයේ තාර්කික ප්‍රතිඵලය ජෙනරල් ස්ට්‍රයිකයක් වනු ඇති අතර එමගින් දේශපාලන බලය පිලිබඳ ප්‍රශ්නය ඉස්මතු කරනු ඇත.

මෙවන් අරගලයක් සඳහා සුදානම් වීමට නම් කම්කරු පන්ති ය, වැඩපල කමිටු සහ අසල්වැසි කමිටු වල අන්තර් සම්බන්ධිත ජාලයක් ගොඩනගාගත යුතු ය” යි යෝජනාව කියා සිටි. එම අවශ්‍යතාව පැන නඟින්නේ, කම්කරු විරෝධී වෘත්තීය සමිති පිලිබඳව කම්කරුවන්ම ලබා ඇති අත්දැකීම් තුලින්ය. සම්මේලනයට ඉදිරිපත් කරන ලද එක් ප්‍රධාන වර්තාවකදී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කම්කරු වාර්තා අංශයේ කර්තෘ ජෙරී වයිට්, ගතවූ අවුරුද්දේ අත්දැකීම සවිස්තරව සමාලෝචනය කලේ ය. මෙයට වෘත්තීය සමිතිවලට ප්‍රතිවිරුද්ධව වර්ධනය වූ එක්සත් ජනපදයේ ගුරුවරුන්ගේ වැඩවර්ජන මාලාව ද ඇතුලත් විය.

පක්ෂය මුහුනදී සිටින දැවැන්ත කර්තව්‍යයන් පිලිබඳ දැනුවත් බව විසින් සමේලනය පන ගැන්වෙන බව සසප ජාතික ලේකම් ජෝසප් කිෂෝර් කියා සිටියේ ය. ‘පාලක පන්ති ය ගමන් කරමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහිව උග්‍ර ප්‍රහාර එල්ල කිරීමට ය. එයට අන්තර්ජාල වාරනය හා වසා දැමීම ද ඇතුලත් වේ. අන් සියල්ලටත් වඩා මෙම ප්‍රහාර වල ඉලක්කය වන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය යි. කතිපයාධිපත්‍යය කරන්නේ සිය දේශපාලන ආකෘතින් - සමාජ අසමානතාවයේ නොදැරිය හැකි හා නොඉවසියහැකි මට්ටම් ද ලෝක යුද්ධ සුදානම ද - ධනේශ්වර සමාජයේ වත්මන් තත්වයට උචිතවන පරිදි උග්‍ර කිරීමයි.

ඔහු මෙය ද අවධාරනය කලේ ය. ලෝකය පුරාම කම්කරු ජනතාවගේ අවශ්‍යතාවයන් සමග සසපයේ සහ ජාත්‍යන්තර කමිටුවේ මූලධර්ම සහ ඉතිහාසය සම්පාත වෙමින් ඒවා ට ප්‍රකාශනයක් අත්කර දෙන බව වටහාගැනීම හේතු කොට ගෙන සම්මේලනය විප්ලවීය සුභවාදයකින් ප්‍රානවත් ව පවතී. සසපය කම්කරු පන්ති අරගලයන්හි නායකත්වය ලෙස ඉස්මතුවනු ඇති බවත් සසපය ධනේශ්වර පර්යායට එරෙහිව සටන් කිරීමට මාවතක් සොයමින් ඉන්නා කම්කරුවන් සහ තරුනයින් ට්‍රොට්ස්කිවාදයේ ධජයට දිනාගනු ඇති බවත් මට නිසැකය.

Share this article: