සෙනෙට් සභා විමසුමක දී ෆෙස්බුක් හා ගූගල් සමාගම්, පෙර නො වූ විරූ දැවන්ත වාරනයක සැලැස්ම ඉදිරිපත් කලහ

Facebook and Google outline unprecedented mass censorship at US Senate hearing

ආන්ද්රේ ඩමොන් විසිනි, 2018 ජනවාරි 18

සමාජ මාධ්‍ය සමාගම් බාධාවකින් තොරවම, එක්සත් ජනපද හා ලෝක මහජනතාවට හොරෙන්, මිලියන ගනනාවකගේ කටයුතු අධීක්ෂනය, ලුහු බැඳීම, හා අවහිර කිරීමට සමත් “අන්තර්ගත විමර්ශකයින්ගේ” හමුදාවක් සහිත, දැවන්ත වාරන සංවිධාන ව්‍යූහයක් ගොඩනගා ඇත.

ෆේස්බුක්, ට්වීටර්, හා ගූගල් සමාගමේ යූටියුබ් නියෝජිතයින් විසින් දකුනු ඩැකෝටා රිපබ්ලිකානුවකු වන ජෝන් තූන් සභාපතිත්වය දැරූ වානීජ, විද්‍යා, හා ප‍්‍රවාහනය පිලිබඳ එක්සත් ජනපද සෙනේට් කමිටුව ඉදිරියේ බදාදා පැවති කරුනු විමසීමක දී මෙම සංවිධානයේ ස්වභාවය විස්තර කරන ලදී.

විරුද්ධ පාර්ශ්වයේ දේශපාලන සංවිධානවල සන්නිවේදන වසා දැමීමට තාක්ෂන සමාගම් කුමක් කරමින් සිටන්නේ දැ යි පුනරීක්ෂනය කිරීමට විමර්ශනය කැඳවන ලදී. එය පෙන්නුම් කලේ, අන්තර්ජාලය මත පෙර නො වූ විරූ මට්ටමේ වාරනයක් හා පාලනයක් ගොඩනැගීමට, ඩෙමොක‍්‍රටික් හා රිපබ්ලිකන් යන දෙපාර්ශවයම විසින් සහාය දෙනු ලබන උද්ඝෝෂනයේ සැලකියයුතු උත්සන්න වීමකි.

බලගතු කෘතිම ඔත්තුසේවා පද්ධතිවලින් සන්නද්ධ මෙම තාක්ෂන සමාගම්, ආන්ඩුවේ ආඥාව අනුව තමන්ගේ පරිශීලකයින්ගේ සන්නිවේදන ඉවත් කිරීමට හා අවහිර කිරීමට නිදහස හිමිකර ගනිති. එය ක්‍රියාත්මක කරනු ලබන්නේ, සිලිකන් වැලී (යෝධ තාක්ෂනික සමාගම් පිහිටි ප‍්‍රදේශය) හා එක්සත් ජනපද ඔත්තු සේවා ඒජන්සිවල සීමාරහිත සන්ධානයක් ඔස්සේ ය.

යෝධ ෆේස්බුක් සමාජ මාධ්‍ය සමාගම දැනට පුද්ගලයන් 10,000ගේ ආරක්ෂක කන්ඩායමක් රැකියාවේ නිරත කර ඇති අතර ඔවුන්ගෙන් 7,500ක් “ශඛ්‍ය සහාසික අන්තර්ගතයන් තක්සේරු කරන,” බවත් “2018 අවසාන වන විට අප ආරක්ෂක කන්ඩායම දෙගුනයකටක් වඩා වැඩි කරනු ඇති” බවත් එහි ගෝලීය ප‍්‍රතිපත්ති කලමනාකරනයේ ප‍්‍රධානී මොනිකා බිකර්ට්, නීතිසම්පාදකයින් ඉදිරියේ පැවසුවා ය.

මෙම කන්ඩායමට “ත‍්‍රස්තවාදය පිටු දැකීමේ ක්ෂේත‍්‍රයේ සේවය කල, හිටපු ඔත්තුසේවා හා නීති බලධාරීන් සහ නීතිඥයින්ගෙන් සැදුම් ලත්, ත‍්‍රස්තවාදය පිටු දැකීමට කැපවුනු කන්ඩායමක්” ඇතුලත් වන්නේ ය. වෙනත් වචනවලින් පැවසුවහොත්, තාක්ෂනික සමාගම් සහ රාජ්‍ය ඔත්තුසේවා හා පොලිස් හමුදා අතර, එකක් අනෙකෙන් වෙන් කර හඳුනාගත නොහැකි තරම් සමීප සම්බන්ධකම් තිබෙන බව යි.

බිකෙල් පැවසුවේ, අන්තර්ගතයන් සලකුනු කිරීමට කෘතිම බුද්ධිය වඩ වඩාත් යොදා ගැනීම “අපගේ අභීක්ෂන පද්ධති තුල එය ස්ථානගත කිරීමට පෙර මෙම නොමනා ග‍්‍රාහකයන්ට මූනුපොතට කරුනු උත්පතනය කිරීමට ඉඩ දී” ෆේස්බුක් බලා නො සිටින බවය. වෙන කිසිවෙකුට එය දැක ගැනීමට අවස්ථාව ලැබෙන්නට පෙර, “අප ම කරුනු හඳුනා ගෙන” ෆේස්බුක් වලින් ඉවත් කරන බවට ද ඇය කයිවාරු ගැසුවා ය.

“අතිවිශිෂ්ට සංඛ්‍යාංක (ඩිජිටල්) ඇඟිලිසලකුනු” මත පදනම් ව, අසාධුලේඛන පවත්වා ගෙන යාමට දුසිමකට වඩා අනෙකුත් සමාගම් සමග ෆේස්බුක් හවුල් වී ඇතැ යි ඈ තව දුරටත් පැවසුවා ය. මෙහි අර්ථය වන්නේ වීඩියෝවක්, ප‍්‍රතිරූපයක් හෝ ලිඛිත ප‍්‍රකාශයක්, මෙම සමාගම්වලින් එකක් විසින් සලකුනු කෙරෙන්නේ නම්, එය සියලු සමාජ මාධ්‍යවලින් තහනම් කෙරෙනු ඇති බව යි. මෙම දත්ත පදනමට දැනට අන්තර්ගත කොටස් 50,000ක් පමන ඇතුලත් වන අතර එය නිරන්තරයෙන් වැඩෙමින් පවතී යයි නිලධාරීහු පැවසූහ.

වෙනත් වචනවලින් කියතොත්, තාක්ෂනික යෝධයන්, පුලුල්ව පැතිරුනු වාරන පද්ධතියක් නිර්මානය කර ඇති අතර, සීඅයිඒ, එෆ්බීඅයි හා අනෙකුත් ඔත්තුසේවා ඒජන්සි සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට පුහුන කෙරුනු යන්ත‍්‍ර, ඒවා තැපැල් කිරීමටත් පෙර කරුනු සලකුනු කිරීමට හා අවහිර කිරීමට සමත් ය.

ගූගල් සමාගම “තොරතුරු ඉවත් කිරීමට තාක්ෂනය හා මිනිසුන්ගේ මිශ‍්‍රනයක්” පාව්ච්චි කරන්නේ යැයි යූටියුබ් පොදු ප‍්‍රතිපත්ති හා ආන්ඩු සම්බන්ධකම් පිලිබඳ ගෝලීය ප‍්‍රධානී ජුනිපර් ඩවුන්ස්, ඒ ආකාරයෙන් ම කයිවාරු ගැසීය. “වෛරී කතා හා ත‍්‍රස්තවාදය වැනි කාරනා” පිලිබඳ වාරකයන්ගේ අත්දැකීම් මත පාදක ව “නඩු පැවරිය හැකි සලකුනු” සැපයීමට “විශ්වාසදායි සලකුනු කරන්නන්ගේ වැඩසටහනක්” ගැන යූටියුබ්ස් විශ්වාසය කරන බව ද ඇය පැවසීය. මෙම වචනවල සරල තේරුම වන්නේ “විශ්වාසදායි සලකුනු කරන්නන්” එක්සත් ජනපද ඔත්තුසේවා ඒජන්සිවලට සම්බන්ධ බව යි.

“යන්ත‍්‍ර පිලිබඳ ඥානය, ඔවුන් මීට පෙර ඉවත් කලාට වඩා ආසන්න වසයෙන් පස් ගුනයක් තරම් වීඩියෝ ඉවත් කිරීමට අපගේ මානව පුනරීක්ෂකයින්ට උදව් කරන” බව ඩවුන්ස් පැවසූ අතර, ගූගල් වාරන යන්ත‍්‍රය සැබවින් ම ස්වයංක්‍රීය බව ද කියා සිටියාය. මෙම වසරේ දී “අපගේ ප‍්‍රතිපත්ති උල්ලංඝනය කිරීමට ඉඩ ඇති කරුනු සොයා බැලීමට ගූගල් සමාගම හරහා පුද්ගලයන් 10,000ක්” යොද වනු ඇතැ යි ද ඈ පැවසුවා ය.

යූටියුබ් ජූනි මස සිට “ප‍්‍රචන්ඩ අන්තවාදය හේතුවෙන් වීඩියෝ දර්ශන 160,000ක් ඉවත් කල අතර නාලිකා 30,000ක් නතර කර දැමූ” බව ඩවුන්ස් පැවසුවා ය. “නීති සවිබල ගැන්වීම, ආන්ඩු” හා “රාජ්‍ය නොවන සංවිධාන” සමග සහයෝගිත්වයෙන් සමාගම “වීඩියෝ මිලියන දෙකකට වඩා පුනරීක්ෂනය කර ඇත.”

ඇය විසින් හඳුන්වනු ලබන “අව කැපෙන කතා” ප‍්‍රචාරය කිරීමෙහි ගූගල් ක්‍රියාකාරී ව නියලෙන බව ඩවුන්ස් පැවසුවා ය, එනම්, ප‍්‍රචාරක කතාන්තර ප‍්‍රචලිත කිරීම යි. “සජීවී පෙරලිකාරිත්වය කඩාකප්පල් කිරීමට ඉලක්ක ගත දැන්වීම් හා වීඩියෝ” යෙදවීම හා ගූගල් අනුමත කරන කරුනු වෙත පරිශීලකයන් “ආපසු හරවා යැවීම” වැනි ගූගල් ජිග්සෝ වැඩසටහන් ද ඈ විසින් පෙන්වා දෙන ලදී.

විමර්ශනයේ දී, හිටපු එක්සත් ජනපද හමුදා නිලධාරීයෙකු, එක්සත් ජනපදයේ ජර්මානු මාර්ෂල් අරමුදලේ අධිසමාජිකයෙකු හා සමාජ මාධ්‍ය වාරනයේ ප‍්‍රමුඛ ප‍්‍රචාරකයෙකු වන හිටපු එෆ්බීඅයි නිලධාරී ක්ලින්ට් වට්ස්ගේ සාක්ෂි ද එහිදී ඉදිරිපත් කෙරුනි.

මෙම දැවන්ත බලය යොදා ගනු ඇත්තේ කුමක් සඳහා දැ යි ඇඟ කිලිපොලා යන යුක්තිසහගත කිරීමක් සමග වට්ස් විමර්ශනය ඉදිරිපත් කලේය. “අන්වර් අව්ලාකිට සාම ගේට්ටුව හමුවෙයි” යනුවෙන් උපකල්පිත සිද්ධිදාමයක දෙබස් ඔහු ගෙනහැර දැක්වීය.

“සමාජ මාධ්‍ය තුල ඇමරිකානුවන් ලෙස පෙනී සිටින විදේශ ඔත්තු අංශයක්, එක්සත් ජනපදයේ දේශපාලන අන්තයන් එකක් හෝ දෙකම විනිවිදිමින් හා විදේශ බලවතා තෝරාගත් ඉලක්කයකට එරෙහිව ප‍්‍රචන්ඩ කටයතු සඳහා නොදැනුවත් ඇමරිකානුවෙකු බඳවා ගැනීම, අවධානයට ලක්වන ලොකුම ප‍්‍රශ්නය වීමට ඉඩ ඇතැ” යි ඔහු පවැසී ය.

මෙම සූත‍්‍රයට අනුව, වාමාංශික දේශපාලනය ඇතුලූ ඔහු “දේශපාලන අන්තවාදයන්” ලෙස නම් කරන කාරනය විදේශ මැදිහත්වීමක නිර්මිතයක් වන බැවින් රාජද්‍රෝහී ය. අන්තර්ගතයේ දී “ත්‍රස්තවාදීයා” ලෙස නිර්වචනය කෙරෙන බැවින් අපාරාධකරුවෙකි.

වට්ස් ප‍්‍රකාශ කලේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප‍්‍රතිපත්තිවලට පුලුල් ව පැතිරෙන විරුද්ධත්වය පිලිබඳ පුලුල් සේ පැතිර යන භීතිය යි. “ලෝකය පුරා වඩා නූගත් ජනයා ජංගම දුරකතන ඔස්සේ විශාල ලෙස සයිබර් අවකාශයට පිවිසීම, සමාජ මාධ්‍ය හැසිරවීමේදී, විශේෂයෙන් ම අනතුරුදායක වනු ඇත.”

18දා සාක්ෂි දීමේ ස්වභාවය පෙන්නුම් කරන්නේ, පොලිස් රූපාකාරයක පාලනයක් ස්ථාපිත කිරීම සඳහා වන පෙර සූදානම යි.

මාර්ගගත (ඔන්ලයින්) භාෂනය පාලනය කිරීමේ උත්සාහය, සමාජ විරුද්ධත්වයට දැඩි සේ බියවන පාලක ප‍්‍රභූවකගේ ව්‍යායාමයකි. වැඩෙන සමාජ අසමනාතාව හා නිරන්තර ව වැඩිවන ලෝක යුද්ධ තර්ජන මධ්‍ය යේ මහජනතාවගේ පුලුල් කන්ඩායම්, විශේෂයෙන් ම කම්කරු පන්තිය, ධනේශ්වර පද්ධතිය පිලිබඳ මුලාවෙන් වඩ වඩාත් මුදා හැරෙති. ඉදිරිපත් කිරීමට සමාජ ප‍්‍රතිසංස්කරන නොමැති පාලක ප‍්‍රභූව, සිය පාලනය නගා සිටුවීමේ එකම මාධ්‍යය ලෙස දකින්නේ වාරනය යි.

18දා විමර්ශනයේ දී ඉදිරිපත් කෙරුනු ප‍්‍රකාශයන්ගේ පුපුරනසුලූුඅන්තර්ගතය සලකා බලන විට, ඒවා මුද්‍රිත හෝ විකාශන මාධ්‍යයේ සැලකිය යුතු ආවරනයක් ලබා නො තිබීම කැපී පෙනේ.

විමර්ශනය සිදු වූයේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය එහි සභාපති ඩේවිඩ් නෝර්ත් හා මාධ්‍යවේදී ක්‍රිස් හෙජස්ගේ මූලිකත්වයෙන් “අන්තර්ජාල වාරනයට ප‍්‍රතිරෝධය සංවිධනය කිරීම” නම් තම සජීවී වෙබිනාර් අන්තර්ජාල සාකච්ඡාව ගෙන යන ලද දිනට පසු දිනයේ ය.

Share this article: