සමාජයට එරෙහිව කතිපයාධිකාරය

The oligarchy versus society

2017 දෙසැම්බර් 28

ආසන්න වශයෙන් වසර එකසිය පනහකට පෙර කාල් මාක්ස් 19 වන සියවසෙහි විසූ ප‍්‍රන්ස ජාතික ආර්ථික විද්‍යාඥ ජොන් චාර්ල් ලෙඔනාඩ් ඩි සිස්මොන්ඩි උපුටා දක්වමින්, “නවීන සමාජය කම්කරුවන්ගේ වියදමින් ජීවත් වන අතර, රෝමානු නිර්ධන පන්තිය සමාජයේ වියදමින් ජීවත් වූහ”යි පැවසීය.

මෙය කෙදිනකටවත් වඩා අදට සත්‍ය වන්නේ දිනක් දිනක් පාසා, සතියක්, සතියක් පාසා කම්කරු පන්තිියේ වියදමින් මූල්‍ය කතිපයාධිකාරය විසින් ගොඩ ගසා ගන්නා ලද දැවැන්ත සමාජ සම්පත් පිලිබඳ වාර්තාවන් පලවන හෙයිනි.

මෙහි මෑතම වාර්තාව සිකුරාදා පලවූ බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය යි. එය පෙන්නුම් කරන්නේ, 2016 වසර අගට සාපේක්ෂව පසුගිය වසරේ, ලෝකයේ පොහොසත්ම බිලියනපතියන් 500 යේ ලාභය සියයට 23 කින් එනම්, ඩොලර් ට්‍රිලියනයකින් වැඩිවී ඇති බවයි. මෙම කන්ඩායමේ ඒකාබද්ධ ධනය ඩොලර් ටිලියන 5.3 ක් දක්වා වැඩි විය. ට්‍රිලියනයක් ලබා ගැනීම යනු පසු ගිය වසරේ වැඩිවීම මෙන් හතර ගුනයකි.

කන්ඩායමක් ලෙස ගත් කල ලෝකයේ පොහොසත්ම 500 දෙනා 2017 දී සෑම දිනකදීම තම ලාභයට ඩොලර් බිලියන් 2.7 ක් එකතු කර ගත් බව බ්ලූම්බර්ග්, සඳහන් කරයි. මෙහි අර්ථය, එක පුද්ගලයකු සෑම දිනකම ඩොලර් 5,400,000 ක් හෝ සෑම පැයකටම ඩොලර් 225,000 තම ගොඩට එකතු කර ගත් බවය. මෙය දල වශයෙන් වසරකට එක්සත් ජනපදයේ කම්කරු පන්තික පවුල් පහක ඒකාබද්ධ ආදායමට සමාන වන්නේය.

මූල්‍ය කතිපයාධිකාරීන්ගේ ධනයේ වේගවත් ප‍්‍රසාරනය, සමාජයේ අනෙකුත් අන්තයේ වර්ධනය වෙමින් පවතින සමාජ කාලකන්නි කම සමග අත්වැල් බැඳ ගනියි. එය ලෙඩ රෝග පාලනය කිරීමේ මධ්‍යස්ථානය විසින් එක දිගට වසර දෙකක් ඇමරිකාවේ ආයු කාලය පහත වැටීම පිලිබඳව මේ මාසයේ නිකුත් කල වාර්තාවක දක්වා ඇති අතර දර්ශකයන් එකිනෙකට සැසඳෙයි. මෙම වාර්තාවන් පිලිබිඹු කරන මට්ටමේ ධනය සංකේන්ද්‍රනය දැවැන්ත සමාජ ඇඟවුම් දරා සිටියි. ආර්ථික අසමානතාවයේ ගැටලුවට මුහුන දීමෙන් තොරව එකුදු සමාජ ප‍්‍රශ්නයකටවත් බැරෑරුම් විසඳුමක් සැපයිය නොහැක. මූල්‍ය කතිපයාධිකාරීන් විසින් පුද්ගලික ධනය කඳු ගසා ගැනීම, අති මූලික ගැටලු බොහෝමයක් විසඳීම සඳහා අවශ්‍ය සම්පත් හිඟයකට සමාජය ඇද දමනු ලබයි.

ලෝක දුගීකම තුරන් කිරීම සඳහා වසරකට අවශ්‍ය ඩොලර් බිලියන 34.2ක වියදම වනාහි ලෝකයේ බිලියනපතියන් විසින් ඒකාධිකාරයට නතු කරගෙන ඇති සම්පත්වලින් කුඩා කොටසක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තක්සේරු කර ඇත. ඇමසොන් සමාගමේ ප‍්‍රාරම්භකයා වන ජෙෆ් බෙසොස් පමනක් 2017 දී ඩොලර් බිලියන 34.2 ක් තම ගොඩට එකතු කර ගත්තේය.

ඇමරිකාවේ බිලියනපතියෝ 159 දෙනා පසුගිය වසරේ තම ගොඩට ඩොලර් බිලියන 315 ක් එකතු කර ගනිමින්, තමන්ගේ මුලු ශුද්ධ ආදායම ඩොලර් ට්‍රිලියන 2 ක් දක්වා වැඩි කර ගෙන ඇත. මෙය ඇමරිකානු ආන්ඩුව 2015 දී සෞඛ්‍ය පහසුකම් (ඩොලර් බිලියන 980), අධ්‍යාපනය (ඩොලර් බිලියන 70) සහ නිවාස (ඩොලර් බිලියන 63) සඳහා වියදම් කල ඩොලර් ට්‍රිලියනය මෙන් දෙගුනකි.

සුපිරි ධනවතුන්ගේ බැංකු ගිනුම් වෙත හරවා යවන මෙම දැවැන්ත මුදලට, ලොව පුරා වෙසෙන මූල්‍ය කතිපයාධිකාරීන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන හමුදා යාන්ත‍්‍රනය සඳහා සෑම වසරේම වෙන් කරන ආසන්න වියදම ඩොලර් ට්‍රිලියන 1 එක් කල විට ඇමරිකාවේ ගරාවැටෙමින් පවතින සමාජ සහ භෞතික යටිතල පහසුකම් (මාර්ග, පාලම්, රේල් පාරවල්, ) සඳහා සත්‍ය වශයෙන් කිසිවක් ඉතිරි නොවේ.

යන්තම් මෑතදී ට‍්‍රම්ප් පරිපාලනය විසින් සම්මත කරන ලද බදු පනතෙන්, 20 වන සියවස වෙත එලඹීමේදී පැවැති (Gilded Age- ස්වර්නාලේපිත යුගය: -එක්සත් ජනපදයේ 1870-98 කාල පරිච්ෙඡ්දය තුල දැවැන්තව ව්‍යාප්ත වු ආර්ථිකයක් හා හදිසි ධනකුවේර ආන්ඩුව හා සමාජයේ බලපෑම් පැන නැගීම) ඉහලම අසමානතාව ඉක්මවා, ඇමරිකාවේ සහ ලොව පුරා සමාජ අසමානාතාව තව දුරටත් ඉහල නැංවනු ඇත.

ග‍්‍රහලෝකයේ ආර්ථික ජීවිතය නීර්නය වන්නේ, තවතවත් වැඩියෙන් තමන් ධනවත් වීම සඳහා වන පාලක ප‍්‍රභූවේ ධාවනයෙනි. දක්ශිනාංෂික වේවා, නාමිකව “වාමාංශික” වේවා ධනේශ්වර ආන්ඩුවල සහ පක්ෂවල ප‍්‍රතිපත්තීන් මෙම අවශ්‍යතාවලින් ධාවනය කෙරේ. 2008 මූල්‍ය අර්බූදයෙන් පසුව ධනපති පන්තියට තම පාඩු නැවත පියවා ගැනීමටත්, තම ධනය සහ ආදායම් පංගුව වැඩි කර ගැනීමටත් උදව් වන පරිදි ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුව (ෆෙඩ්) විසින් මෙහෙයවනු ලදුව, ලොව පුරා මහා බැංකු අනුගමනය කල කෛරාටික ක්‍රියාවන් නිසා කොටස් වෙලඳ පොල පෙර නොවූ විරූ ලෙස ඉහල ගියේය. පලමුව බුෂ් යටතේත්, ඊලඟට ඔාබාමා යටතේත්, ෆෙඩරල් මහ බැංකුව, ඇප දී බැංකු ගලවා ගැනීමටත්, ඉතාමත් අඩු පොලී රේට්ටු සහ ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම යන පිලිවෙත යටතේ මුදල් අච්චු ගැසීමේ මෙහෙයුම් මාර්ගයෙනුත් මූල්‍ය වෙලඳ පොලට ට්‍රිලියන ගනන් මුදල් බෙදාහරින ලදී.

යම් සංදර්භයක පිහිටුවන්නේ නම්, පොහොසත්ම මිනිසුන් 500 විසින් පාලනය කෙරෙන ඩොලර් ට්‍රිලියන 5.3ක සමස්ත සම්පත් ප‍්‍රමානය එක්සත් රාජධානියේත් ප‍්‍රන්සයේත් ඒකාබද්ධ දල දේශීය නිෂ්පාදිතයට වඩා වැඩිය. ඇමරිකානු බිලියනපතියන් සතු ඩොලර් ට්‍රිලියන 2, ජනගහනය මිලියන 128 ක් වෙසෙන මක්සිකෝවේ දල දේශීය නිෂ්පාදනය මෙන් දෙගුනයක් තරම්ය. මෙය ආර්ජන්ටීනාව, චිලිය, සහ පේරු රාජ්‍යයන්හි ඒකාබද්ධ දල දේශීය නිෂ්පාදිතය මෙන් දෙගුනයකට වඩා වැඩිය.

වසරෙහි පමනක් ඉපයූ බෙසෝගේ ආදායම, ජැමෙයිකාව (ඩොලර් බිලියන 14), නයිගර් (ඩොලර් බිලියන 7.5) , සහ සිම්බාබ්වේ හි (ඩොලර් බිලියන 16) ඒකාබද්ධ දල දේශීය නිෂ්පාදිතයට ආසන්න වේ. එම රටවල ජනගහනය මිලියන 40කි.

ධනවාදය යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හුදෙක් හිස් කෝම්බයක් බවට පත්කරමින්, දේශපාලන පක්ෂ සහ දේශපාලකයින් තොග පිිටින් බිලිබා ගනිමින් මූල්‍ය ප‍්‍රභූව, තම නිශ්චිත සමාජ අවශ්‍යතාවන් ක්‍රියාත්මක කරයි.

සියලුම ජනතාවට පෝෂනය ද සෞඛ්‍ය පහසුකම් ද අධ්‍යාපනය ද යන අතිමූලික අවශ්‍යතා වෙනුවෙන් ප‍්‍රමානවත් සමාජ සම්පත් ධනපති ක‍්‍රමය තුලින් ලබා ගැනීම සඳහා, පවතින තත්වය ප‍්‍රතිසංස්කරනය කිරීමේ කුමන හෝ බරපතල වෑයමකට එරෙහි ප‍්‍රතිචාරය කුමක් වනු ඇත් ද?

මෙයට අනිවාර්යයෙන්ම මූල්‍ය කතිපයාධිකාරයේ දැවැන්තවූත් ඉතා ප‍්‍රබල වූත් විරෝධය එල්ල වනු ඇත. මොවුහු රාජ්‍ය බලයේ සෑම අංශයක්ම පාලනය කරන අතර, තමන්ට රිසි පරිදි භාවිතා කිරීම සඳහා උසාවි සහ දේශපාලකයන් පමනක් නොව, වඩාත් තීරනාත්මක වන පොලීසිය සහ හමුදාව පවා යොදා ගන්නවා ඇත.

සමාජ ප‍්‍රතිසංස්කරන නොහැකි වන විට, සමාජ විප්ලවය අනිවාර්ය වෙයි. මූල්‍ය කතිපයාධිකාරයේ ධනය අත්පත් කර ගැනීම අවශ්‍යය යන නිගමනය මග හැරිය නොහැක.

මෙම සම්පත් උපුටා ගැනෙන්නේ සමාජයේ සියලුම ධනය නිෂ්පාදනය කරන කම්කරු පන්තියේ සමාජ ශ‍්‍රමය තුලිනි. මෙම ඓතිහාසික කර්තව්‍යය ඉටු කල හැටි සහ ඉටු කල යුතු එකම සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තියයි. ඉතා කුඩා සුලුතරයක් අත අශිෂ්ට මට්ටමකින් ධනය ඒකරාශි වන අතර, මහ ජනතාව තුල දිලිඳුකමේත් කාලකන්නිකමේත් වර්ධනයට ඇති එකම පිලිතුර, පොදු අයිතිය මත ද නිශ්පාදන බලවේගවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය මත ද ආර්ථික ජීවිතයේ තාර්කික, සැලසුම්ගත ජාත්‍යන්තර සම්බන්ධීකරනය මත ද පාදක වූ සමාජවාදයයි.

බැරී ෙග්‍ර්

Share this article: