අන්තර්ජාල වාරනයට එරෙහි ප්‍රතිරෝධය සංවිධානය කිරීම

ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2018 ජනවාරි 16දා,, පුලිට්සර් සම්මානලාභී මාධ්‍යවේදී ක්‍රිස් හෙජස් හා ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘමන්ඬලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් සම්බන්ධවන, අන්තර්ජාල වාරනය පිලිබඳ සජීවී වීඩියෝ සාකච්ඡාවක් අන්තර්ජාලය තුලින් විකාශනය කරයි. ලෝසවෙඅ මාධ්‍යවේදී අන්ද්‍රෙ ඩිමොන් එය මෙහෙයවනු ඇත. සාකච්ඡාවේදී අන්තර්ජාල වාරනයේ හා අන්තර්ජාල මධ්‍යස්ථ භාවය අහෝසි කිරීමට දරන උත්සාහයේ දේශපාලන සන්දර්භය විමසා බලනු ලබයි. එසේම "සාවද්‍ය තොරතුරු" යන කඩතුරාව යටතේ අදහස් පලකිරීමේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන දේශපාලන මූලෝපායන් ද සාකච්ඡා කරනු ඇත. එසේම හෙජස් හා නෝර්ත් අන්තර්ජාලය ඔස්සේ යොමු කෙරෙන පාඨක ප්‍රශ්න වලට ද පිලිතුරු සපයනු ඇත.

සාකච්ඡාව ලෝසවෙඅ විසින් යූටියුබ් හා මුහුනු පොත (ෆේස් බුක්) ඔස්සේ, නැඟෙනහිර වේලාවෙන් 2018 ජනවාරි 16දා සවස 7.00ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් 17 වන බදාදා උදෑසන 5.30ට) සජීවීව විකාශනය කරනු ලබයි. එය ලන්ඩනයේ මධ්‍යම රාත්‍රියේදී ද මොස්කෝවේදී උදෑසන 3.00ට ද බර්ලිනයේදී හිමිදිරියේ 1.00ට ද ජනවාරි 17දා උදෑසන 11.00ට සිඩ්නි නගරයේදී ද නැරඹිය හැකිය. මෙහි ක්ලික් කරන්න, කාලවේලා පරිවර්තනය සඳහාමෙහි ක්ලික් කරන්න).

Share this article: