සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) 50 වන සංවත්සරය

වර්ගවාදී යුද්ධයට හා බෙදුම්වාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය
තුන්වන දේශනය

2018 ජුලි 26

සමාජවාදී සමානතා පක්ෂය (සසප) එහි 50 වන සංවත්සරය සඳහා පවත්වන දේශන මාලාවේ තුන්වන දේශනය “වර්ගවාදී යුද්ධයට හා බෙදුම්වාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය” යන මාතෘකාව යටතේ අගෝස්තු 02 සවස 04.00 ට කොලඹ, බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී පවත්වනු ලබයි.

සසප හා එහි පූර්වගාමී සංවිධානය වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) අවුරුදු 50 ක ඉතිහාසයේ වැඩි කොටසක් වෙන් වූයේ කොලඹ ආන්ඩුව ගෙන ගිය දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයටත් දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊයේ) බෙදුම්වාදයටත් විරුද්ධව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත සිංහල හා දෙමල කම්කරු පන්තියේ එකමුතුව ගොඩනැගීම සඳහා ගෙන ගිය සප්‍රතිපත්තික අරගලය වෙනුවෙනි.

වසර 26 ක වර්ගවාදී යුද්ධය කම්කරු පන්තිය බෙදා වෙන් කොට කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මැඩීම සඳහා පාලක පන්තිය යොදා ගත් අතර එල්ටීටීඊයේ බෙදුම්වාදය එය තවදුරටත් පෝෂනය කලා පමනි. එල්ටීටීඊය උතුරු නැගෙනහිර පලාත් තුල වෙනම පාලනයක් තහවුරු කර ගැනීමේ එල්ලයෙන් අධිරාජ්‍යවාදීන්ගේ සහාය පැතූ අතර ම කොලඹ ආන්ඩුවල අපරාධවලට අහින්සක සිංහල කම්කරු පන්තිය මත පලිගැනීමේ ප්‍රහාර එල්ල කලේ ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) නායකත්වය යටතේ භූගෝලීයකෘත ධනවාදී ආර්ථිකය තුල ජාතිකවාදී ව්‍යාපාරවල බංකොලොත්භාවය විශ්ලේෂනය කල සසප එල්ටීටීඊයේ පරාජය පෙර දුටුවා පමනක් නොව යුද්ධයේ දී වර්ධනය කරන ලද පොලිස් රාජ්‍ය විධික්‍රම හා මර්දනකාරී නීති සමස්ථ කම්කරු පන්තියට එරෙහිව යොදා ගනු ඇති බවට අනතුරු හැඟවී ය.

එම පෙර දැකීම සනාථ කරමින් 2009 දසදහස් ගනනක ජනතාවගේ මරනය සමග එල්ටීටීඊය පරාජය වූවා පමනක් නොව දෙමල පීඩිත ජනතාවගේ මූලික ජීවන තත්වයන් මුලුමනින්ම විනාශ කරනු ලැබී ය.

අද යුද්ධය සහ ලෝක ආර්ථික අර්බූදය නිසාත් විශාල නය බරක සිර වී සිටින කොලඹ පාලක පන්තිය එහි නය බර මහජනතාව මත පටවන අතර ඊට එරෙහිව අරගලයට එන කම්කරු පීඩිත ජනතාවට විරුද්ධව මිලිටරිය සහ පොලීසිය මුදා හරී. වර්ගවාදයට හා බෙදුම්වාදයට එරෙහි සසප අරගලයේ පාඩම් වැදගත් වන්නේ මෙම තතු තුල ය.

කොලඹ, ගාල්ල, නුවර, යාපනය, කුරුනෑගල, හලාවත සහ හැටන් ඇතුලු තවත් නගරවල පැවැත්වීමට නියමිත සංවත්සර දේශනවලට සහභාගී වන ලෙස කම්කරුවන්, තරුනයන් සහ ශිෂ්‍යන්ගෙන් සසප ඉල්ලා සිටී.

දේශන මාතෘකා, දින, වේලාවන් හා ස්ථාන

1. ට්‍රොට්ස්කිවාදය සඳහා අඩ සියවසක සප්‍රතිපත්තික අරගලය

2. විප්ලවවාදී කොමියුනිස්ට් සංඟමය පිහිටුවීම

3. වර්ගවාදී යුද්ධයට හා බෙදුම්වාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය

4. ධනපති ආන්ඩු වලට විරුද්ධව සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන

5. සුලු ධනපති ජාතිකවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය

කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය

ජූනි 22 සිකුරාදා සවස 4.00

ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රය

ජූලි 12 බ්‍රහස්පතින්දා සවස 4.00

අගෝස්තු 2 බ්‍රහස්පතින්දා සවස 4.00

අගෝස්තු 16 බ්‍රහස්පතින්දා සවස 4.00

අගෝස්තු 30 බ්‍රහස්පතින්දා සවස 4.00

ගාල්ල නගර සභා ක්‍රීඩා මන්ඩපය

ජූලි 8 ඉරිදා සවස 3.00

අගෝස්තු 5 ඉරිදා සවස 3.00

අගෝස්තු 26 ඉරිදා සවස 3.00

සැප්තැම්බර් 9 ඉරිදා සවස 3.00

සැප්තැම්බර් 23 ඉරිදා සවස 3.00

මහනුවර ජනමැඳුර ශාලාව (ගුඩ්ස්ෂෙඩ් බස් නැවතුම්පල අසල)

ජූලි 03 අඟහරුවාදා සවස 4.00

ජූලි 20 අඟහරුවාදා සවස 4.00

අගෝස්තු 15 අඟහරුවාදා සවස 4.00

සැප්තැම්බර් 04 අඟහරුවාදා සවස 4.00

සැප්තැම්බර් 27 අඟහරුවාදා සවස 4.00

යාපනය, වීරසිංහම් ශාලාව

අගෝස්තු 7 අඟහරුවාදා සවස 4

සැප්තැම්බර් 11 අඟහරුවාදා සවස 4

ඔක්තෝබර් 11 බ්‍රහස්පතින්දා සවස 4

ඔක්තෝබර් 31 බදාදා සවස 4

නොවැම්බර් 15 බ්‍රහස්පතින්දා සවස 4

කුරුනෑගල, තරුන බෞද්ධ සංගම් ශාලාව

අගෝස්තු 29 බදාදා සවස 4.00

හලාවත, සමූපකාර මන්ඩල ශාලාව (මහජන බැංකුව අසල)

අගෝස්තු 21 අඟහරුවාදා සවස 4.00

හැටන්, නගර ශාලාව

අගෝස්තු 26 ඉරිදා සවස 2.00

Share this article: