සිඅයි ඒ ඩිමොක්‍රටිකයෝ: දෙවන කොටස

ඒජන්තයෝ හා හමුදා ආඥාපතියෝ

The CIA Democrats- Part 2

පැට්රික් මාටින් විසිනි, මාර්තු 8

මෙය කොටස් තුනක ලිපියක දෙවන කොටසයි .පළමුවන කොටස මාර්තු 29දා පලවිය.

කොන්ග්‍රස් මන්ඩල දිස්ත්‍රික්ක 44 ක දී ඩිමොක්‍රටික නාම යෝජනා ඉදිරිපත් කර සිටින අපේක්ෂකයින් 57 දෙනා ඉදිරිපත් කරන ප්‍රධාන සුදුසුකම නම්, ඔවුන් ඉරාකයේ සහ ඇෆ්ඝනිස්ථානයේ යූද්ධවලදී සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දී නැතිනම් ඒ තුන්පලේදී ම බුද්ධි අංශය උදෙසා සේවය කර තිබෙන අවුරුදු ගනන වේ. නොවැම්බර් 6 දා මැතිවරන චන්ද පත්‍රිකාවල කාගේ නම සටහන් වන්නේ ද යන්න තීන්දු කිරීම සඳහා මාර්තු 6 දා ටෙක්සාස් වලින් අරඹා සැප්තැම්බර් මැද දක්වා පැවැත්වෙන ඩිමොක්‍රටික ප්‍රාථමිකවලට ඉදිරිපත්ව සිටින තනි ලොකුම වෘත්තික කන්ඩායම මොවුන් ය.

ඔවුන්ගේ සංඛ්‍යාවට අමතරව ඉන් සියට 40ක්ම, 57 කින් 24ක්ම ගැහැනුන් වීම යන කරුනු වලට අමතරව සැලකිල්ලට ගතයුතු තවත් කරුනු ද පවතී.

ඒජන්තයන් වුවත් තව දුරටත් රහසිගත නොවේ.

පලමුව: තමන් සීඅයිඒ හෝ මිලිටරි බුද්ධි අංශ වල සිය ක්‍රියාකලාපය එලිපිට නිවේදනය කරන අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව අතීතයේ නම්, එබඳු ක්‍රියා රහසිගතයයි සලකන ලදී. නැතිනම් මහජන ආයතනවලට පත්වීමට අපේක්ෂා කරන අයෙකුට නම් එය නුසුදුසු කමක් ලෙස සැලකුනි. අපේක්ෂකත්වය බලාපොරොත්තු වූ අය ඔත්තු සේවා අංශයට පැවති සම්බන්ධතා වසන් කරගත් අතර ඔවුන් එසේ කලයුතු යයි සී අයි ඒ සංවිධානයම “අවධාරනය කර සිටියේ ය. මෙය විශේෂයෙන්ම විශ්ලේෂන කටයුතු වල නොව ක්‍රියාත්මක මෙහෙයුම් වල යෙදී සිටි අයට තදින්ම බල පා තිබුනි. මන්දයත්, එලිදරව් වීම, ආයතනය හැරපියා යාමෙන් බොහෝ කලකට පසුව වුවද මූලාශ්‍රයන් සහ විධික්‍රම එලිදරවීමට හේතු විය හැකි යයි සලකන ලද හෙයින.

තව දුරටත් මෙය එසේ නොවේ. 2018දී නම්, රහස් ඔත්තුසේවාවේ, ඩ්‍රෝන් ඝාතන, සහ වෙනත් ඝාතන මෙහෙයුම් වලට සම්බන්ධව සිටි හෙවනැලි ලොවින් ආ අපේක්ෂක නියෝජිතයින් තමන් ගේ වාර්තා පිලිබඳව සැබවින්ම උදම් වෙති. ඉතින්, සීඅයිඒ හෝ පෙන්ටගනය මොවුන්ට බාධාවක්වී නොමැත.

අපි දැනටමත් මිචිගන්හි 8 වන දිස්ත්‍රික්කයට තරඟ කරන, බැග්ඩාඞ් නුවරදී සීඅයිඒ සංවිධානය සමග තුන් වතාවක් සේවය කල එලිසා ස්ලෝට්කින් ද දැන් ටෙක්සාස් 23 වන දිස්තික්කයෙන් තරඟ වදින ඉරාකයේ ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරී ජීනා ඔර්ටිස් ජෝන්ස් ද සමාලෝචනය කර ඇත්තෙමු. තවත් මෙවැන්නන් බොහොමයකි.

වර්ජිනියාවේ රිච්මන්ඞ්හි උප නගර වල එක දිස්ත්‍රික්කයක ඩිමොක්‍රටික් පාක්ෂික නාමයෝජනා ඉල්ලා සිටින අබිගෙල් ස්පන්බර්ගර් සිය වෙබ් අඩවියේ මුලට මෙසේ ප්‍රකාශ කරයි: “සීඅයිඒ සංවිධානයේ අවුරුදු දහයක් වැඩ කිරීමෙන් පසුව මම, ඇමරිකානුවන් සඳහා අවස්ථාව, සමානත්වය සහ ආරක්ෂාව උදෙසා සටන් කිරීමට වර්ජිනියාවේ 7වන දිස්ත්‍රික්කයෙන් කොන්ග්‍රසය සඳහා තරග වදිමි. නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරියෙකු, සීඅයි ඒ නිලධාරියෙකු සහ ස්වේච්ඡා ප්‍රජා සේවකයෙකු හැටියට මා කලින් ඉටු කර තිබෙන සේවාව ඇහුම්කන් දීමේ වටිනාකම මට උගන්වා තිබේ.” ඇත්තට ම !

අබිගෙල් ස්පන්බර්ගර්ගේ උද්ඝෝෂන වෙබ්අඩවිය

ස්පන්බර්ගර් සීඅයි ඒ සංවිධානයේ මෙහෙයුම් නිලධාරිනියක ලෙස වැඩ කලාය. ඇය රහස් ඔත්තු සොයමින්ද, දේපල සහ පුද්ගල සම්බන්ධකම් පාලනය කරමින් ද, එක්සත් ජනපදයට සේවය කිරීම උදෙසා ඉහල පෙලේ වැඩ සැලසුම් මෙහෙයවමින් ද පිටරටවල ගැවසුනාය, ජීවත් වුවාය. ඩිමොක්‍රටික් නාම යෝජනාව සඳහා ඇය හා තරඟ වැදී ඉන්නේ ඩැන් වෝඞ් නමැති මැරයින් භට හමුදාවේ වෘත්තික නියමුවෙකි. මිලිටරි-බුද්ධි අංශ අපේක්ෂකයන් ගනනාවක් අතර දුසිමකට වැඩි තරග වලින් එකකි මෙය. ජෙසී කොල්වින් මොහු මේරි ලන්ඞ් දිස්ත්‍රික්කයෙන් තරගවදි. හමුදා බද්ධි අංශයේ අවුරුදු හයක් වැඩ කර ඇත. ඊට අෆ්ඝනිස්ථානයේ මෙහෙයුම් 4ක් ද උතුරු කොරියාව සහ දකුනු කොරියාව අතර යුදමුක්ත සීමාව අද්දර අවුරුද්දක් ද ඇතුලත් වේ: සිය මැතිවරන ව්‍යාපාරයේ දැක්වෙන ජීවන චරිතයේ ඔහු මෙසේ ලියයි. “මා එක්සත් ජනපද හමුදාවේ රේන්න්ජර් කෝස් ඇක්ෂන් හි සාඩම්බර උපාධි ධරයෙක්මි. එය වනාහි යුද හමුදාවේ ප්‍රමුඛ නායකත්ව පාසලයි. මම ඊටත් වඩා ගෞරවයක් ලෙස සලකන්නේ, 75 වන රේන්ජර් රෙජමේන්තුවේ - ආර්මි රේන්ජර්ස් හි ද සේවය කර තිබීමයි. රේන්ජර්ස් නායකත්වය දෙන විශේෂ මෙහෙයුම් බලකායන් (SOF)පුරාම එවන් පන්නරයකින් යුතු පිරිමින් සහ ගැහැනුන් සමග වැඩ කරන්නට ලැබීම මගේ වාසනාවකි.”

ඔහුගේ ජීවන චරිතය මෙසේ ද කියාගෙන යයි: “රේන්ජර් භටයෙක් හැටියට ඇෆ්ඝනිස්ථානය තුල මගේ මෙහෙයුම් හතර සිදුවුයේ ඒකාබද්ධ විශේෂ කාර්ය මෙහෙයුම් බලකායක් තුල ය. තලිබාන්, අල් කයිඩා සහ වෙනත් ත්‍රස්තවාදී නායකයන් අල්ලාගෙන /මරාදැමීමේ වැඩ ලෙහෙසි කරදුන් බුද්ධි ඔත්තු කන්ඩායම් මෙහෙයවීමි. මම මාරක ඩ්‍රෝන් වැඩ පිලිවෙලක් කලමනාකරනය කලෙමි; මානව බුද්ධි මුලාශ්‍ර පවත්වාගෙන ගියෙමි. “මගේ කන්ඩායම සහ මා දිනපතා ගත් දුසිම් ගනන් තීන්දු, මගේ සහකරු රෙන්ජර්ලාට ද අපගේ ඇෆ්ඝන් සහකරුවන්ටද ඇෆ්ඝන් සිවිල් වැසියන්ට ද ජීවිතය හා මරනය සම්බන්ධ විපාක ගෙන දුනි.”

ජෙසී කොල්වින් (ඉදිරිපෙල වමේ) ඇෆ්ඝනිස්තානයයේදී සිය ඒකකයත් සමග

නිව්යෝක්හි 19 වන දිස්ත්‍රික්කයේ ඩිමොක්‍රටික නාමයෝජනා සොයන ජෙෆ්රි බීල්ස් දැන් පාසල් ගුරුවරයකි. එහෙත් ඔහු සිය වෙබ් අඩවියේ මෙසේ ලියයි: සීඅයි ඒ ඔත්තු බුද්ධි නිලධාරියෙකු ලෙස මගේ චාර්යාව අරඹීමෙන් ඉක්බිති රාජ්‍ය දෙපාර්තමේන්තුවට එක් වීමි. 2004 ඉරාකය තුලදී මගේ රටට උදව් කිරීමට කරන ලද කැඳවුමට කන් දුන් මම ඉරාක යුද්ධයේ දිගම කලක් සේවය කල එක්සත් ජනපද තානාපති වරුන්ගෙන් එකකු බවට පත් වීමි. අරාබි බස දන්නා මම ප්‍රථම රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කිරීමට අරාබි වරුන්ට බලකොට එකඟ කර ගැනීමට සමර්ථ වුනෙමි.

බිල්ස් ගේ අවාසනාවට 2017 දෙසැම්බර් 31 වනවිට ඔහුගේ ඩොලර් 174 000 අරමුදල තවත් මිලිටරි-ඔත්තු කරුවෙකු වන පැට්‍රික් රයන්ගේ අරමුදල ට වඩා ඉතා කුඩා ය. ඔහුගේ මැතිවරන වෙබ් අඩවියට අනුව ඉරාකයේ මොසුල් හි කරන ලද මෙහෙයුම් වල නියුතු සොල්දාදුවන් 1000 ක් ද නිලධාරින්ද සහිත පාබල සේනාංකයක ප්‍රධාන ඔත්තු නිලධරියා වූ පැට්‍රික් රයන් දෙසම්බර් 31 වනවිට ඩොලර් 906,000 රැස්කොට තිබුනි. හඞ්සන් වැලි දිස්ත්‍රික්කයේ දැනට වාර දෙකක්ම ඉන්නා රිපබ්ලිකනු මන්ත්‍රී ජෝන් ෆෙසො ට අභියෝග කිරීමට සැරසෙන තරග කරුවන්ගෙන් ඉතිරි දෙදෙනා, එක අයෙක් දේශපාලනික සබඳකම් සහිත නීතිඥයෙකි, අනෙකා වෛද්‍ය උපකරන නිෂ්පාදකයෙකකි.

ඉලිනොයිස් හි 13වන දිස්ත්‍රික්කයට ඉදිරිපත්ව සිටින ජොනතන් එබෙල් නාවුක ඔත්තු නිලධාරියෙකු හැටියට අවුරුදු 4 සේවය කොට තිබේ. 2003 ඉරාක ආක්‍රමනය අවස්ථාවේ ඔහු ජර්මනිය තුල ස්ටුට් ගාර්ට් හි එක්සත් ජනපදයේ යුරෝපිය ආඥා කේන්ද්‍රයේ සේවයේ නිරතව සිටියේ ය. ඔහු දැන් උර්බනා උද්ඝෝෂනයේ නියුතුව ඉලිනොඉස් සරසවියේ ආගම උගන්වයි.

ඊ ලඟට ඉන්නේ; පෙන්සිල්වේනියාවේ 5වන දිස්ත්‍රික්කයේ ඩිමොක්‍රටික් නාමයෝජනා සොයන ෂෙලී ෂොන්සි ය; ඇගේ වේබ් අඩවිය ස්ත්‍රී වාද රාවයක් නගයි.

“ෂෙලී දශකයකට වැඩි කාලයක් සීඅයි ඒ සංවිධානයේ සිට ජාතියට සේවය කලා ය. ලේකම් තනතුරකින් සිය චාර්යාව ඇරඹු ඇය ප්‍රතිබුද්ධි නිලධාරි තනතුර දක්වා ඉහලට පැමිනියාය. ෂෙලී ලතින් ඇමරිකාව, නැගෙනහිර ආසියාව, සහ එක්සත් ජනදය පුරා, විදේශ වල වැඩකල නිලධාරීන්ට ප්‍රති-ඔත්තු සපයා දුන්නාය.”

“එක්සත් ජනපදය පුරා” රහසිගත වැඩ කටයුතු පිලිබඳව කෙරෙන සඳහන අවධාරනය කරන්නේ, සීඅයි ඒ සංවිධානයට නීතියෙන් තහනම්වුව ද බුද්ධි ඔත්තු යාන්ත්‍රනය අමෙරිකානු ජනයා ගැන රහස් ඔත්තු සෙවීම දිගින් දිගටම කරගෙන යන අන්දමයි.

තවත් මැතිවරන උද්ඝෝෂන වෙබ් අඩවියක් එක්සත් ජනපද ඔත්තු යාන්ත්‍රනය රටතුල කරන මෙහෙයුම් ගැන සඳහන් කරයි. කැලිෆොර්නියාවෙ 48 වන දිස්ත්ත්‍රික්කයට ඉදිරිපත්ව සිටින ඕමාර් සිද්දීකි තමාගේ පසුබිම විස්තර කරන්නේ මෙසේ ය. “ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන් (එෆ්බීඅයි ) සංවිධානයට ජාතික ආරක්ෂාව සහ ප්‍රති-ත්‍රස්තවාදය පිලිබඳ උපදේශකයෙකු හා විමර්ශීතයෙකු ලෙස සේවය කරයි. කලින් ඔහු මධ්‍යම ඔත්තු සේවයේ (සීඅයිඒ) උපදේෂකයෙකු හා සැලසුම් කරුවෙකු ලෙස කටයුතු කර ඈත, දැනට සිද්දීකි මාහතා එෆ්බීඅයි ජාතික පුරාවැසි ඇකඩමියේ විශේෂ ව්‍යාපෘති වල අධ්‍යක්ෂක ය.

ඉරාක යුද්ධයේ ආඥාපතියෝ සහ සලසුම්කරුවෝ

බරක් ඔබාමා 2008 ඩිමොක්‍රටික නාමයෝජනාව ද ජනාධිපති වරනය ද දිනාගත්තේ, තමා බොහෝ දුරට ජෝජ් ඩබ්ලිව් බුෂ් යටතේ දියත් කරන ලද ඉරාක යුද්ධයේ විරුද්ධ වාදියෙකු ලෙස පෙනී සිටිමිනි. එහෙත් ඔහු බලයට පත් වූ වහාම බුෂ් ගේ ආරක්ෂක ලේකම්ව සිටි, හිටපු සීඅයිඒ අධ්‍යක්ෂක රොබට් ගේට්ස් එම දුරයේ ම තබා ගනිමින් ඉරක යුද්ධය තවත් තුන් වසරක් දිගට කරගෙන ගියේ ය. ඒ අනුව ඇෆ්ගනිස්ථනයේ දිග්ගැසුනු යුද්ධය තවත් උග්‍ර කලේ ය.

සිත් කාවදින කරුන වන්නේ ඩිමොක්‍රටික් නාමයෝජනා සඳහා ඉදිරිපත්ව ඉන්න මිලිටරි-බුද්ධි අපේක්ෂකයන් මෙච්චර ගානක් තමන්ගේ වෘත්ති මහිමය සහ පෞද්ගලික චාර්යාවේ පවා ඉහලම ලක්ෂ්‍යය ලෙස ඉදිරිපත් කරගන්නේ ඉරාක යුද්ධය තුල ඔවුන් ඉටු කල භුමිකාව වීමයි.

අප දැනටම අප ඉහත සඳහන්කර ඇති එලිස්සා ස්ලොට්කින් ට ඇගේ අනාගත ස්වාමි පුරුෂයා හමුවූයේ, අපාචි හෙලිකොප්ටර් ප්‍රහාරක යානයක නියමුවා ලෙස වැඩ කරමින් සිටිය දී බැග්ඩෑඞ් හි දී ය. දැන් “පිරිසුදු බලශක්ති” බහු-මිලියන පතියෙක්ව සිටින මැරයින් බලකායක කෘත හස්තයා, උතුරු කැරොලිනාවේ 9 වන දිස්ත්‍රික්කයේ ඩිමොක්‍රටික් මැතිවරන උද්ඝෝෂන කමිටුවේ ආධාරය ලබන ඩෑන් මැක්ක්‍රීඩි, තමාට ඉරාකයේ දී යේසුස් හමු වී යයි ද, යුප්‍රටීස් නදියේ ජලයෙන් බෞතීස්ම වුන බව පවා කියාපායි.

ඉරාක යුද්ධයේ කෘතහස්තයන් හා නිලධාරීන් වනාහි එක්කෝ, 21වන ශතවර්ෂයේ මහා අපරාධයක අන දීමේ වගකීම දරමින් ආමි රේන්ජර්ස් සහ නේවි සීල්ස් වැනි ඒකකවල රහසිගත මෙහෙයුම් වල යෙදෙමින් යුද්ධයේ ලේ වැකි රුදුරු ක්‍රියාවල යෙදුන අයයි. නැතහොත් පෙන්ටගනයේ සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ඉහල වගකීම් දැරු අය ය.

මැනවින් මුදල් එකතුකරගෙන සිටින අපේක්ෂකයින් පස් දෙනෙකුට විරුද්ධව වර්ජිනියාවේ 10 වන කොන්ග්‍රස් දිස්ත්‍රික්කයට තරග කරන ඩැනියල් හෙල්මෙර් හා තරග කරන අය අතර වන හිටපු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරී ඇලිසන් ෆ්‍රීඞ්මන් ගේ අරමුදල දැනටම ඩොලර් 1 මිලියන ය ඉක්මවා ඇත. ඔහු අෆ්ඝනිස්ථාන්ය සහ ඉරාකය තුල කල දෑ පිලිබඳව කියන්නේ ඉතා ටිකකි. එහෙත් යුද ඇඳුම් සහිත ඔහුගේ ඡායාරූපය තම වෙබ් අඩවියේ මුල්පිටෙහි ප්‍රදර්ශනය කරයි. රටෙහි අපේක්ෂ්කයන් අතර, විශ්‍රාම ලත් ජාතික ආරක්ෂක නිලධාරීන් වැඩිම ගනනකගේ අනුමැතිය ඇත්තේ ඔහුට ය. ඔහුට සහතික දී ඇති අය අතරට ජෙනරල් වරුන් හා අද්මිරල් වරුන් අටදෙනෙක්, සීඅයිඒ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරු දෙදෙනෙක්, -අව්රිල් හියුමස් සහ ඬේවිඞ් කොහෙන්, හිටපු ආරක්ෂක උප ලේකම් මිශේල් ෆියුමොය් ද අතුලත් වෙයි. මේ සියල්ලන්ගේ අනුමැතිය දිනා ගැනීම උදෙසා ඔහු කරන්නට ඇති හරිය සිතාගත හැකිය.

2016 දී බටහිර වර්ජිනියාවේ රාජ්‍ය සෙනෙට් මන්ත්‍රී ලෙස පත්වූ රිචඩ් ඔජෙඩා දැන් ප්‍රාන්තයේ 3වන කොන්ග්‍රස් දිස්ත්‍රික්කයෙන් ඩිමොක්‍රටික් නාම යෝජනා ඉල්ලයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාර්තා කොට ඇති පරිදි ඔජෙඩා, සිය දේපාලන චාර්යාව පදනම් කරගෙන ඇත්තේ එක්සත් ජනපද පාබල හමුදාවේ ගුවන්ගත අංශය තුල දශක දෙකක් ඉටුකල කටයුතු මත ය. ඊට ඉරාකයට සහ ඇෆ්ඝනිස්තානයට නිරතුරුව එල්ලකල ප්‍රහාරය ඇතුලත් ය. ඔහුගේ අවසන් තනතුර වුයේ බෙක්ලි හි බඳවා ගැනීම් අධ්‍යක්ෂක හැටියට කටයුතු කරමින්, බටහිර සහ වර්ජිනියාවේ තරුනයින් පෙන්ටගනයේ ගොදුරු බවට පත්වීම සඳහා ඒත්තු ගන්වා ගැනීමයි.

කානියා හි 50වන දිස්ත්‍රික්කයේ තරඟ වදින ජෝෂ් බුට්නෙර් කනිෂ්ට: අවුරුදු 23 ක් එක්සත් ජනපද නාවුක හමුදාවේ සේවය කර ඇත. එහිදී හෙතෙම සිදුකල බහුවිධ සටන් වල අලුත්ම ඒවා සිදු කරන ලද්දේ ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ය. වෘත්තියෙන් නාවුක සීල් භටයෙකු වූ එම පුද්ගලයා එම ප්‍රධාන යුද ඝාතක ඒකකය තුල තමා ඇත්තටම සිදු කල දෙය පිලිබඳව කිසිම දෙයක් කියන්නේ නැත.

මිනසෝටාවේ ප්‍රථම කොන්ග්‍රස් දිස්ත්‍රික්කයේ ඩිමොක්‍රටික් මන්ත්‍රී ටීම් වෝල්ට්ස් එම රාජ්‍යයේ ආන්ඩුකාර ධුරයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කල ඉක්බිති ඩැන් ෆ්‍රෙහාන් ඔහුගේ අනුප්‍රාතිකයා වීමට තරග වැද සිටි. ඔහුගේ චන්ද ව්‍යාපාරයේ සඳහන් චරිතාපදානය අනුව 2005 සිට 2009 දක්වා “ඉරක නිදහස් මෙහෙයුමේ දී සේවය කල ක්‍රියාත්මක සොල්දාදුවෙකු ලෙස නිල සටන් මෙහෙයුම් දෙකක නිරත විය. ඉක්බිති හේ පලමුවෙන් ධවල මන්දිර නිලධාරියෙකු ලෙස ද පසුව පෙන්ටගනයේ වැඩබලන සහකාර ආරක්ෂක ලේකම් ලෙස ද ඔබාමා පාලනාධිකාරයට එකතු විය.

නිව් ජර්සි හි 3 වන දිස්ත්‍රික්කයේ තරඟවැද ඉන්න ඇන්ඩි කිම් දැනට සිටින රිපබ්ලිකානු පාක්ෂික ටොම් මැක් ආතර්ට වඩා මුදල් රැස් කරගෙන සිටි. කිම් පෙන්ටගනයේ ඬේවිඞ් පෙට්ට්‍රියස් සහ ජෝන් ඇලන් යන ජනරාල් වරුන් ඇෆ්ඝනිස්ථානයේ ආක්‍රමනය මෙහෙයවමින් සිටයදී ඔවුන්ගේ මූලෝපායික උපදේශකයෙකු ලෙස සේවය කලේ ය. ඉක්බිති ජාතික ආරක්ෂක මන්ඩලයට බැඳී ඉරාකය සඳහා ඔබාමා ගේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කලේ ය.

මෝරා සලිවන්, නිව් හැම්ප්ෂයර් හි ඩිමොක්‍රටික් නාම යෝජනා අපේක්ෂිකාවක් වන අතර කැප්ටන් තත්වය කරා උසස්ව ඉරාක යුද්ධයේ ලෙයින් නැහැවුනු සටන් සහ රුදුරුම යුද අපරාධ සිදුවූ ෆලුජා වල යුද්ධයේ නිරත වුවා ය. ඇයත් ඔබාමා පාලනාධිකාරියේ සිවිල් පරිපාලකයෙකු ලෙස ද පෙන්ටගනයේ ද සේවයේ නිරත වුවා ය.

දැන් ඉන්න රිපබ්ලිකානු මන්ත්‍රී මයික් කොෆ්මන් ට විරුද්ධව කොලරාඩෝ දිස්ත්‍රික්කයකට තරඟ වදින ජේසන් ක්‍රෝ ඉදිරිපත් කරනුලැබ ඇත්තේ “ රෙඩ් –ටු- බ්ලූ” වැඩ සටහනේ ප්‍රමුඛ අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක අයෙකු ලෙස ය. 82 වන ගුවන්ගත සේනාංකයේ කෘතහස්තයෙකු වූ ඔහු ඉරාක ආක්‍රමනයේදී පැරෂුට් සේනාංකයක් මෙහෙය විය. හේ ඉක්බිති ආමි රේන්ජස් ට එකතුව ඇෆ්ඝනිස්ථානයේ “විශේෂ මෙහෙයුම් ක්‍රියාන්විතයේ” වාර දෙකක් සේවය කලේ ය.

මැතිව් මෝර්ගන් මුහුදුගත බලකායේ 20 අවුරුද්දක් සේවය කලේ ය. “මම එය හා නිරතුරුව විදෙස්ගත වෙමින් ජ්‍යෙෂ්ට නිලධාරී භූමිකා කිහිපයකම නිරත ව ආරක්ෂක ලේකම් ඇතුලු නානා යුද නායකයන්ට උපදෙස් දුනිමි.” ඉරාකයේ ගමන් වාර දෙකක් ද අප්‍රිකාවේ හොර්න් තුඩුව තුල ප්‍රතිත්‍රස්ත ප්‍රහාර වලට ද සහභාගී විය. මොහු දැන් මිචිගන් හි ප්‍රථම මන්ත්‍රී මන්ඩලය සඳහා, දැනට රිපබ්ලිකානු මන්ත්‍රී ජැක් බර්ග්මන් ඉන්නා ආසනයට ඩිමොක්‍රටික් පක්ෂයේ ඒකමතික අපේක්ෂක යා ය.

මතු සම්බන්ධයි

Share this article: