සීඅයි ඒ ඩිමොක්‍රටිකයෝ: තුන්වන කොටස

රාජ්‍ය දෙපර්තමේන්තුවේ සිට කැපිටල් හිල් කරා

The CIA Democrats- Part 3

පැට්රික් මාටින් විසිනි, මාර්තු 9

ඩිමොක්‍රටික් පක්ෂය පෙන්ටගනයේ හා සීඅයිඒ සංවිධානය සඳහා පමනක් නොව, පෙන්ටගනයේ හා සීඅයිඒහි පක්ෂය යි.

මෙය කොටස් තුනකින් පලකල ලිපියක තුන්වන කොටසයි .පළමුවන කොටස, දෙවන කොටස පිලිවෙලින් මාර්තු 29හා ජූලි 7 දින පලවිය.

යුද්ධ -බුද්ධි පසුබිමකින් එන අපේක්ෂකයෝ 2018 මැතිවරනයේ දී ඩිමොක්‍රටික කොන්ග්‍රස් මැතිවරන කමිටුව ඉලක්ක කර ගෙන සිටින කොන්ග්‍රස් මන්ඩල දිස්ත්‍රික්ක වලින් සියයට 40 කට තරඟ වැද සිටිති. ඩිමොක්‍රැටික ප්‍රාථමික ඡන්ද තුල ඉදිරිපත්ව සිටින වෘත්තික කන්ඩායම් අතුරෙන් විශාල ම එක ඔවුන් ය. ඩිමොක්‍රටික යුද්ධ -බුද්ධි අපේක්ෂකයන් ඔවුන් තරඟ වැද සිටින දිස්ත්‍රික්ක සියල්ලම ජය ගත හොත්, (මෙය සිදුවීම ට තිබෙන හැකියාව ඉතා අඩු නමුත් න්‍යායිකව සිදු නො විය හැක්කක් ද නොවේ.) එවිට, කන්ඩායමක් ලෙස, ඔවුන් නියෝජිත මන්ත්‍රී මන්ඩලය තුල සාමාජිකත්වයෙන් සියයට 10ක් වනු ඇත.

රාජ්‍ය දෙපර්තමේන්තුවේ සිට කැපිටල් හිල් කරා

යුද්ධ -බුද්ධි අපේක්ෂකයන්ගේ අවසාන ප්‍රවර්ගය සමන්විත වන්නේ ඔබාමා වර්ෂවල දී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කෘතහස්තයන් ගෙන් ය; ඔවුන්ගෙන් වැඩි දෙනෙක් හිලරි ක්ලින්ටන්ගේ සහකරුවෝ ය.

ඩිමොක්‍රැටික නාම යෝජිතයන් වන්නට ඉඩ තිබෙන අය අතුරෙන් වැඩිම අරමුදල එක්රැස් කොට ගෙන ප්‍රසිද්ධිය ලබාගෙන සිටින්නේ මේ අය යි. එන නොවැම්බරයේ දී ඩිමොක්‍රැටික රැල්ලක් ආවොත්, මින් වැඩිදෙනෙකු කොන්ග්‍රස් මන්ඩලය තුලට පැන ගනු ඇත.

හිටපු කොංග්‍රස් මන්ඩල සහායක නිලධාරි ද ක්ලින්ටන් පාලනාධිකරයේ නිලධාරියෙකු ද වූ ටොම් මලිනොව්ස්කි ප්‍රජාතන්ත්‍රය, මානව ඓතිවාසිකම් සහ කම්කරු අංශයේ උප ලේකම් ලෙස ඔබාමා පාලනාධිකරයට එක් වීමට පෙර, අවුරුදු 13ක් තිස්සේ හියුමන් රයිට්ස් වොච් කාර්යාලය මෙහෙය විය. දැනට ඉන්නා රිපබ්ලිකානු මන්ත්‍රී ලෙනාර්ඞ් ලාන්ස් ට එරෙහිව නිව් ජර්සි හත්වන කොන්ග්‍රස් දිස්ත්‍රික්කයෙන්, ඔහු ඩිමොක්‍රටික නාම යෝජනා ලබා ගැනීමට උත්සාහ කරයි.

ලෝරෙන් බේයර් ක්ලින්ටන් සහ කෙරී යන රාජ්‍ය ලේකම්වරුන් දෙදෙනාට ම ද එක්සත් ජාතීන්ගේ මන්ඩලයේ එක්සත් ජනපද නියෝජිකා සමන්තා පවර් ට ද නීති උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත. දැන් ඇය ෆ්ලොරීඩාවේ 18වන දිස්ත්‍රික්කයෙන්, ඩිමොක්‍රටික නාම යෝජනා ඉල්ලා සිටින්නීය. දැන් එම පලාතෙන් ඇයගේ ප්‍රධාන තරඟකරු ලෙස ඉදිරිපත් ව ඇත්තේ පාම් කීත් ය. මැය කලින් එක්සත් ජනපදයේ නාවුක හමුදාවේ අධිකරන නීති උපදේශක ව සිට දැන් ෆ්ලොරීඩාවේ පවර් ඇන්ඞ් ලයිට් සමාගමේ පොදු නීති උපදේශිකා ලෙස කටයුතු කරන්නීය. මේ ගැහැනු දෙදෙනාම අනන්‍යතා දේශපාලනයට අතිරේක තල්ලුවක් දෙති, බේයර් විවෘතවම සමලිංගරසික ය, කීත් අප්‍රිකානු-ඇමෙරිකානු ය.

නැන්සි සොඩර්බුර්ග් වනාහි ක්ලින්ටන් පාලනාධිකාරය තෙක් ම දිවෙන දිගුකාලින එක්සත් ජනපද විදෙස් පිලිවෙත් තැනත්තියකි. පලමුවෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ ද, ඉක්බිති ජනාධිපතිගේ ජාතික ආරක්ෂාව පිලිබඳ නියෝජ්‍ය සහකාර ලෙස ද, ඉනික්බිති ව, තානාපති තත්ත්වයක් දරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය තුල එක්සත් ජනපදයේ විකල්ප නියෝජිතයා ලෙස කටයුතු කර ඇත. ඉනික්බිති ඇය ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෘප් වැනි පුද්ගලික සංගතවල එතෙර ව්‍යාපෘති වල මුල්තැන් ගනිමින් ඇගේ කාලයෙන් වැඩි කලක් ගත කර තිබෙන්නේ, ඩිමොක්‍රටික පක්ෂ ෆ්ලොරිඩා ශාඛාවේ ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරමින් සිටින අතරතුර ය. ඇය ෆ්ලොරීඩාවේ ඉන්නේ 6වන කොන්ග්‍රස් මන්ඩල දිස්ත්‍රික්කයේ ලා ඬේටෝනා බීච් හි ඩිමොක්‍රටික නාමයෝජනාව සඳහා සැබවින් ම අනභියෝගී තත්වයක ය.

එඞ්වඞ් මේයර් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ උපදේශකයෙකු ලෙස සිටියේ ය. ඔහුගේ චන්ද වෙබ් අඩවියට අනුව, ඔහු “ඉරාකය තුල මිලිටරි පාලනයේ සිට සිවිල් පානය කරා මාරුවීම සම්බන්ධීකරනය සඳහා වග කිව යුතු වූයේ, ඇමරිකානු හමුදාව ඉවත්කර ගත්තායින් පසුව අපගේ රාජ්‍යතාන්ත්‍රිකයන් සහ වැඩ කරන්නන් ගේ ආරක්ෂා ව සහතික කරමිනි.” ඔහු මෙම භුමිකාවේ දී එක්සත් ජනපද මිලිටරිය සහ ඉරාක ආන්ඩුව සමග ඉතා සමීපයෙන් වැඩ කරමින් නිල ගමන් ගනනාවක්ම ඉරාකයට ගොස් ඇත. හිලරි ක්ලින්ටන්ගේ ජනාධිපතිවරන මෙහෙයුම් පිලිවෙත් වපසරිය පිලිබඳ අධ්‍යක්ෂ වීම දක්වා ඔහු ගියේ ය. දැන් ඉන්නා රිපබ්ලිකානු පිට් සෙෂන්ට එරෙහි ඩිමොක්‍රටික නාමයෝජනා ලබා ගැනීමේ ටෙක්සාස් හි 32වන දිස්ත්‍රික්කයේ අඟහරුවාදා පැවති තරඟයේ දී ඩිමොක්‍රටිකයන් අතරෙන් 4 වෙනියාගේ තැනට මේයර් වැටී සිටි; මෙය වනාහි මුදල් වැපුරු ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව ක්ලින්ටන් විසින් දිනා ගනු ලැබුනු ප්‍රදේශයකි.

සේරා ජේකබ්ස් වනාහි ක්ලින්ටන්ගේ ඡන්ද ව්‍යාපාරයේ සහකාරිනියක බවට පත් තවත් රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරිනියකි. ඇයගේ වෙබ් අඩවියට අනුව, ඇය “නැගෙනහිර හා බටහිර අප්‍රිකාවේ ඝට්ටන කලාපවල”, විශේෂයෙන්ම නයිජීරියාවේ බොකෝ හරම් ව්‍යාපාරයට එරෙහිව වැඩ කරමින් හා “අපගේ ප්‍රතිත්‍රස්තවාදී හවුල්කරුවන්ගේ ආරක්ෂා ක්ෂේත්‍රය ඇතුලත ජනාධිපති ඔබාමාගේ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට උදව් කරමින්” වැඩ කර ඇත. ඇය ක්ලින්ටන් පාලනයේ විදේශ පිලිවෙත් උපදේශිකාවක වූ අතර දැන් කැලිෆෝර්නියාවේ 49 වන දිස්ත්‍රික්කයෙන් ඩිමොක්‍රටික නාම යෝජනා ඉල්ලා සිටින්නීය.

මෙම තරඟයේ වැඩියෙන්ම මුදල් එක්රැස්කරගෙන ඉන්නා ඩිමොක්‍රටිකයා මැය ය. ඇය ඇමරිකානු බහු ජාතික සමාගමක් වන කෝල්කොම් නිර්මාතෘ අර්වින් ජේකබ්ස්ගේ මිනිපිරිය යි. ඒ නමුත්, තවමත් 29 වියේ පසුවන ඇය තේරී පත්වුවහොත් කවර කලෙකවත් තේරී පත් වූ ලාබාලම සභිකයා වනු ඇති හෙයින්, අත්දැකීම් සහිත පිලිමලුන් විසින් පරයනු ලබා ඇත. ඇගේ එක් තරඟකාරයෙකු වන්නේ ඩග්ලස් ඇපල්ගේට් ය. වෘත්තියෙන් මැරයින් භටකායේ අධිකරන නීති උපදේශක වන මොහු ඵලුජා, බැග්ඩෑඞ් සහ රමාදි වල සටන් බලකායන් හි රාජකාරි කොට ඇත. 2016 තරඟයේ දී මොහු (ඩැරල්) ඉසාට යන්තමින් පැරදුනේ ය.

ක්ලින්ටන්ගේ ඡන්ද සහායිකාවක බවට හැරුනු, තවත් රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරිනියක වනටැලී සාජන්ට් නමැත්තිය චාල්ස්ටන් නගරය ද ඇතුලත් බටහිර වර්ජිනියාවේ 21 වන කොන්ග්‍රස් ආසනයට තරඟ වැද සිටින්නේ දෙවැනි වරටත් තනතුරු දරන රිපබ්ලිකානුවකු වන ඇලෙක්ස් මූනිට එරෙහිව ය. සෙනෙට් මන්ත්‍රී ජේ. රොකෆෙලර් ගේ හිටපු සහායිකාවක වන සාජන්ට්, ඊට පෙර රාජ්‍ය දෙපාර්තමේන්තූව තුල වහල් බව සහ ලිංගික ජාවාරම පිලිබඳ නිලධාරිනියක ලෙස කටයුතු කලා ය. ඒ කොකා- කෝලා සමාගමේ විධායක නිලධාරියාගේ මහජන සම්බන්ධතා නිලධාරිනිය බවට පත් වීමට කලිනි.

ඩිමොක්‍රටික නාම යෝජනා ලබා ගැනීමට ඉදිරිපත්ව සිටින එක්සත් ජනපද මිලිටරි ඇකඩමියේ (වෙස්ට් පොයින්ට්) උපාධිධාරියෙකු හා ඉරාක යුද්ධයේ කෘතහස්තයෙකු වන ආරොන් ස්ෂේන්බර්ග් ප්‍රථමයෙන්ම යුද අත්දැකීම් ලබුවේ හතරවන පාබල හමුදා ඒකකයේ සේනාංක නායකයෙකු ලෙස ය. දැන් ස්ෂේන්බර්ග් කරන්නේ “මිෂන් කන්ටිනුඑස් (සටන නො නැවතෙයි) යන, ලාභ නො තකන සංවිධානයක අධ්‍යක්ෂ හැටියට හිටපු යුද්ධ නිලධාරීන්ට රක්ෂා සැපයීමේ සංවිධානයක් පවත්වා ගෙන යාම යි. එහි අධ්‍යක්ෂ මන්ඩලයට, ඔබාමා යටතේ පෙන්ටගනය බාර උපලේකම් ව සිටි මෙඝාන් ඔ’සලිවන්, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යටතේ ජාතික ආරක්ෂක මන්ඩලයේ ඉරාකය සඳහා අධ්‍යක්ෂ වූ විශ්‍රාමික ජනරාල් රේ ඔඩිඅර්නෝ ද අතුලත්ව සිටිති.

ජෙසිකා මෝර්ස් “ජාතික ආරක්ෂක මූලෝපායිකාවක ලෙස දශකයකට වැඩි කාලයක් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉරාක සම්බන්ධීකාරක වූවා ය. දීර්ගකාලීන සීඅයිඒ පෙරමුනක් වන, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා එක්සත් ජනපද ඒජන්සිය වෙනුවෙන් ද, ඊට පසු එක්සත් ජනපද ශාන්තිකර සාගර ආඥාපතිත්වයේ උපදේශක ලෙස ද වැඩ කලා ය. එහි දී ඇය “එක්සත් ජනපද සම්බන්ධතා ශක්තිමත් කල අතර...දකුනු ආසියාවේ ත්‍රස්තවාදී තර්ජනයන්ට එරෙහිව වැඩ කලා ය.” කැලිෆෝර්නියාවේ සිවුවන දිස්ත්‍රික්කයේ ඉන්නා මන්ත්‍රී ටොම් මැක්ලින්ටොක්ට එරෙහිව ඩිමොක්‍රටික නාමයෝජනා සඳහා ඇය හා තරග වදින රේගිනා බෙට්සන් ගුආතමාලව සඳහා උප කොන්සල් වරයාව සිට, “ත්‍රස්තවාදී චරනය සහ දේශ සීමා ආරක්ෂාව පිලිබඳ අධ්‍යයනයක්” කල තැනැත්තියකි.

හොර අපේක්ෂකයෙක් හා ඇතැම් කැපී පෙනෙන අය

ඇමරිකානු සංගත මාධ්‍ය ඩිමොක්‍රටික් පක්ෂයේ 2018 කොන්ග්‍රස් මන්ඩල ඡන්ද මෙහෙයුම් වලට අත්‍යසාමාන්‍ය සංඛ්‍යාවක් යුද - බුද්ධි ඔත්තු නිලධාරින් කා වැද්දීම පිලිබඳව අදහස් පලකිරීම සිදු කර තිබෙන්නේ ඉතා සෙමෙනි. මාධ්‍ය කැමති වන්නේ ඡන්ද මෙහෙයුම්වල ද්විතීයික ගති ලක්ෂන සලකා බැලීමට ය.

මෙයට ව්‍යතිරේකයක් වූයේ, පෙබරවාරි 8වන දා රෝල් කෝල් නම් කැපිටල් හිල් ප්‍රකාශනය, “ක්‍රියාත්මක -රාජකාරීවල නියුතු අපේක්ෂකයන්ට තරඟ කල හැකිය ―එහෙත් ඡන්ද මෙහෙයුම් වල නිරත විය හැකි ද ?” යන මාතෘකා පාඨය යටතේ ලියු ලිපියකි. එම ලිපිය ටෙනෙසි නගරයේ ඩිමොක්‍රටික අපේක්ෂක මැට් රීල් පිලිබඳ පැතිකඩක් ඉදිරිපත් කලේ ය. ලිපියට අනුව “ඔහු රාජකාරියට යොදා තිබෙන්නේ කොතන දැ යි කියා මැට් රීල් ගේ කාර්ය මන්ඩලය පවා පවා දන්නේ නැත.”

මැට් රීල්

දැනට සිටින බොබ් කොකර් විශ්‍රාම යන හෙයින් ටෙනෙසි සෙනෙට් ආසනය සඳහා තරඟ වැදීමට, දැනට තමා ඉන්න 7වන දිස්ත්‍රික්කයේ ආසනය අත හැර දමන වග රිපබ්ලිකානු මන්ත්‍රීනි මාෂා බ්ලැක්බර්න් දැනුම් දී ඇත. මෙම දැනුම් දීම කල් ගත වී කිරීම නිසා, ඩිමොක්‍රටික කොන්ග්‍රස් මෙහෙයුම තවමත් එම දිස්ත්‍රික්කය ඉලක්ක කර ගෙන නැති හෙයින්, මෙම ලිපියේ කරන ලද සැඳහුම්වලට රීල් ගේ නම ඇතුලත් කොට නැත.

රීල් ගේ තත්වයේ අසාමාන්‍ය බව කොතරම් ද යතහොත්, පෙන්ටගනයේ නීති අනුව ක්‍රියාත්මක රාජාකාරියේ යෙදී සිටින තාක් ඔහුට තමාගේ ම උද්ඝෝෂනය මෙහෙය විය නො හැකි ය. ඔහුගේ සහායකයන් සහ ආධාරකරුවන්ට ඔහු වෙනුවෙන් උද්ඝෝෂනය කල හැකි නමුත්, ඔහු ඔවුන් සමග මොනයම් හෝ සාකච්ඡාවකටවත් සම්බන්ධ වීමෙන් වලකනු ලැබ ඇත. රීල් යොදවා ඇති මිලිටරි මෙහෙයුම රහසිගත වන හෙයින් ඔහුට සිය සහයකයින්ට තමා දැන් ඉන්න තැන පවා දැන්වීම තහනම් ය. මේ සැබවින්ම “කාල තුරඟ” අපේක්ෂකයා වානිජ වාර්තා වලින් සහ වෙනත් වීඩියෝ මාර්ගයෙන් කල මෙහෙයුමෙන් ඉක්බිති ආපසු එලි බසින්නේ අගෝස්තු 4වැනිදා ප්‍රාථමික චන්ද විමසීමට මසක් කල් තියා පමනි.

රීල් වනාහි මිලිටරියේ “බ්ලැක් ඔප්ස්” (කළු වැඩ) අංසයෙන් ඉදිරිපත්ව සිටින ඩිමොක්‍රටික අපේක්ෂකයන් පිලිබඳ තවත් උදාහරනයකි. ඔහුගේ කාරනයේ දී දෙක වෙන් කල නො හැක: ඔහු පාසල හැර ගිය තැන් පටන් ඩිමොක්‍රටික පක්ෂ නිලධාරියෙක් ද, කොල කැප් කාරයෙක් ද වේ. ඇලබාමා ප්‍රාන්ත නියෝජිත ට්රාවිස් සේවෙල්ගේ හිටපු මාන්ඩලික ප්‍රධානියෙකු වන ඔහුගේ වඩාත් අලුත් ම තනතුර වූයේ මන්ත්‍රී මන්ඩල කෘතහස්තයන්ගේ කමිටුවේ ඩිමොක්‍රටිකයන්ගේ නියෝජ්‍ය කාර්ය මන්ඩල අධ්‍යක්ෂ පදවිය යි.

රීල් තරඟ වැද සිටින්නේ 2006 දී රිපබ්ලිකානුවන් 3-1 පරතරයකින් අත්පත් කර ගත් ආසනයක නිසා රීල් ට අපේක්ෂයෙකු වීමට ඇති ඉඩකඩ ඉතා දුරස්ත යයි සැලකෙන අතර, ඩිමොක්‍රටික මෙහෙයුම් කමිටුව වෘත්තියෙන් මිලිටරි අපේක්ෂකයන් සංඛ්‍යාවක්, විශේෂයෙන්ම ස්ත්‍රීන්, 2018 දී වඩාත් තරඟකාරී දිස්ත්‍රික්කවල කැපී පෙනෙන අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කිරීමට බරපතල ලෙස තීන්දු කර ඇත. සාමාන්‍ය ප්‍රථම -අවස්ථා අපේක්ෂකයන්ට වඩා, මෙම අපේක්ෂකයන්ට, දැවන්ත පෞද්ගලික සම්පත්වලට අත ගසා ගත හැකිව තිබේ.

ටෙක්සාස්හි 31වැනි දිස්ත්‍රික්කයට ඉදිරිපත්ව සිටින, හෙලිකොප්ටර් පදවන්නියක වන, මේරි ජේන් හෙගර් ප්‍රසිද්ධියට පත් වුයේ ගැහැනුන් යුද සටන්වලින් වලකාලීමේ පෙන්ටගන් පිලිවෙත්වලට එරෙහිව නඩුවක් පවරා එය දිනීමෙනි.

දැනට ඉන්නා රිපබ්ලිකානු ජෝන් කාර්ටර්ට මුහුන දීම සඳහා වන ඇගේ නාමයෝජනාවට විරුද්ධව ඉදිරිපත් වන්නේ කෙන්ට් ලෙස්ටර් ය. එක්සත් ජනපද මිලිටරි ඇකඩමියේ (වෙස්ට් ෆොයින්ට්) උපාධිධරියෙකු හා වෘත්තීය මිලිටරි නිලධාරියෙකු ද වන මොහු ලුතිනන් කර්නල් වරයෙකු ලෙස විශ්‍රාම ගත්තේ අනෙකුත් ස්ථාන අතර, පැනමාව හා බොස්නියාවේ යුද කටයුතුවලින් පසු ය.

Shoot Like A Girl

එහි නාවික කඳවුරු හා නැව් තටාක සංකීර්න සමග නෝර්ෆොල්ක්-හැම්ප්ටන් මාර්ග වට කෙරෙන වර්ජීනියාවේ 2වැනි දිස්ත්‍රික්කයේ ඩීසීසීසීය ඉහල නංවා ඇත්තේ එලේන් ලූරියා ය, ඇය න්‍යෂ්ටික -බල-නෞකාවක පලමු නාවික නිලධාරිනියකි. ලූරියා “න්‍යෂ්ටික පුහුනුව ලද ගොඩබිම් යුදකටයුතු නිලධාරිනියක ලෙස මැද පෙරදිග හා බටහිර ශාන්තිකර සාගරයේ හය වතාවක් සේවයේ යොදවා ඇත.” ඇය මෙහෙයුම් සහිත මිසයිල යුද නැවක දෙවන අනදෙන්නා වූ අතර, මැරීන් භටයන් රැඳවීමකට සහාය දුන් ප්‍රහාරක යාත්‍රාවකට ද අන දුන්නා ය.

මැතිවරනයට වසරකට පෙර, 2017 ඡන්ද අරමුදල් ලෙස මේ වන විටත් ඩොලර් මිලියනයකට වඩා රැස් කර ගෙන තිබෙන අනෙකුත් මිලිටරි අපේක්ෂකයන්ට, ඔවුන්ගේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය මාධ්‍ය තුල පුලුල් ලෙස ප්‍රසිද්ධ කෙරී ඇති මේ අය ඇතුලත් ය:

මිකී ෂෙරිල්, යුරෝපය හා මැද පෙරදිග වසර දහයක ක්‍රියාන්විත සේවා අත්දැකීම් සහිත, දැනට සමූහාන්ඩු අභියෝජකයෙකු වන ඇය වෘත්තීය නාවික කපිතාන්වරියෙකි. නිව් ජර්සි 11වැනි කොංග්‍රස් දිස්ත්‍රික්කයේ නාම යෝජනා සඳහා ඇගේ උද්ඝෝෂනයට, 2017 දෙසැම්බර් වන විට ඩොලර් 1,230,000ක් රැස් කරගත් බව ඇය වාර්තා කලා ය.

හිටපු ගුවන් හමුදා කපිතාන්වරියක වන ක්‍රිසී හෝලහන්, දැනට සිටින රිපබ්ලිකානු රයන් කොස්ටෙලෝට එරෙහිව, පෙනිසිල්වේනියාවේ 6වැනි දිස්ත්‍රික්කයේ ඇගේ උද්ඝෝෂනය සඳහා ඩොලර් 1,228,000 රැස් කර ගෙන ඇත.

ඇමී මැක්ග්‍රාත්, ඉරාකය හා ඇෆ්ඝනිස්තානයේ මෙහෙවර 89කට සහභාගී වී ඇති වෘත්තීය මැරීන් සටන්කාරියක වන ඇය, දැනට සිටින රිපබ්ලිකානුවාට එරෙහිව කෙන්ටකී ප්‍රාන්තයේ 6වැනි කොංග්‍රස් මන්ඩල දිස්ත්‍රික්කයේ ඇගේ උද්ඝෝෂනය සඳහා ඩොලර් 1,133,000 රැස් කර ගෙන ඇත.

දේශපාලනික නිගමන කිහිපයක්

ට්‍රම්ප් පාලනය කෙරේ වැඩෙන මහජන විරෝධයක් පවතී. එහෙත් එය පවතින්නේ ද්විපක්ෂ ක්‍රමයේ දේශපාලන දඬුඅඬුවට හිර වී ය. 2016 නොවැම්බරයේ දී පාලක පන්තියේ එක හා සමාන පිලිකුල දනවන ඇත්තන්, එනම් හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් යන චරිත දෙකකින් එකක්, තෝරා ගැනීමට සිදු ව පැවති තත්වයක් තුල -ජනයාගෙන් මිලියන ගනනක් ඡන්දය දීම ප්‍රතික්ෂේප කලෝ ය. පොදු ජනයා ගෙන් ලද ඡන්ද සංඛ්‍යාව අනුව පරාජයට පත්වූ ට්‍රම්ප්ට ජනාධිපති ධුරය තෝරන නියෝජිත මන්ඩලය තුල වැඩි ඡන්දයක් ලබා ජයග්‍රහනය කර ගත හැකි වුයේ ඔබාමා පාලනාධිකාරයේ බංකොලොත් දක්ෂිනාංශික පිලිවෙත් විසින් විස්කොන්සින්, මිචිගන් , ඔහියෝ, පෙනිසිල්වේනියා සහ බටහිර වර්ජිනියාවේ වැඩකරන ජනයා සෑහෙන ප්‍රමානයක් ට්‍රම්ප්ට චන්දය දෙන තැනට තල්ලු කරන ලද හෙයිනි.

2018 ජනපතිවරනය තුල මීට සමාන, එහෙත් මෙය කනපිට හරවන සන්තතියක් ඇති වීමට හොඳටම ඉඩ තිබේ. ට්‍රම්ප් පාලනය විසින් ධනවතුන් හා මහා ජාවාරම් කරුවන්ගේ බදු කපන ගමන් ම මෙඩිකේඞ් (සෞඛ්‍ය ආධාර) සහ ආහාර මුද්දර කපා දැමීම ද, ආගමනික කම්කරුවන්ට ද වඩා පුලුල් ප්‍රජා අයිතීන්ට ද පහර දෙමින් පොදු යුද්ධමය ප්‍රචන්ඩත්වයට අමතරව න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනය එල්ල කරන තතු තුල, මිලියන ගනන් වැඩ කරන ජනයා කොතරම් අකමැත්තෙන් වුව ද තම චන්දය නිල “විපක්ෂයට”, එනම් ඩිමොක්‍රටික් පක්ෂයට ලබා දීමට කටයුතු කරනු ඇත.

නොවැම්බර් 6 දා ට නියමිත අන්තර්වාර ඡන්දයේ දී ඩිමොක්‍රටිකයන් නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ බලය දිනා ගනු ඇත යි කිසිසේත් ම සහතික නැත. එසේ වුවද මෙම වාර්තාවේ ඉදිරිපත් කර තිබෙන විස්තර පෙන්නුම් කරන්නේ ඩිමොක්‍රටික ජයග්‍රහනයක් කිසිසේත් ම ධනේශ්වර දේශපාලනයේ වමට නැඹුරු වීමක් පෙන්නුම් නො කරන බව යි.

එය එක්සත් ජනපද අර්ථයකින් ගත් කල්හි, යුද්ධ-බුද්ධි අපේක්ෂකයින් ගනනාවක් ම තරඟකාරී දිස්ත්‍රික්කවලට ඉදිරිපත් කිරීම මගින් පෙන්නුම් කෙරෙන්නේ පාලක ප්‍රභූව සඳහා රක්ෂන සහතිකයකි. ඩිමොක්‍රටිකයන්ගේ පැත්තට බලගතු හැරීමක් සිදු වුව හොත් නියෝජිත මන්ත්‍රී මන්ඩලය මූලික වශයෙන් ම ජාතික ආරක්ෂක තන්ත්‍රයෙන් තෝරා ගත්තවුන් ගෙන් පිරී යනු ඇත.

මෙය සැලකිල්ලට ගත යුත්තක් නම්, ඩිමොක්‍රටික් පාක්ෂික මහා රැල්ලක් ඇති වුව හොත් බර්නි සෑන්ඩර්ස් හෝ ඊට සමාන වෙනත් කිසියම් “වමෙන්” කතා කරන අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් වෙතින් සහාය ගලා ඒමක්, අපේක්ෂා කල නො හැකිය. මෙම අධ්‍යයනයේ සමාලෝචිත අපේක්ෂකයන් 221 දෙනාගෙන් 5ස් දෙනෙකු පමනකි සෑන්ඩර්ස් සමග සබන්ධතාවක් ඇති කොට ගෙන තිබෙන්නේ, නැත හොත් තමන් “ප්‍රගතිශීලි” යයි ප්‍රකාශ කොට ඇත්තේ. කිසිවෙකුත් ප්‍රාථමික චන්දයවත් දිනා ගනු නැත, මහමැතිවරනය ගැන කියනුම කවරේ ද?

2018 නොවැම්බර් 8වැනි දින ඇවිස්සෙන දූලි වලා ඉවත්ව ගිය පසු, පෙනී යනු ඇත්තේ නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ඩිමොක්‍රටික කාන්ඩය තුල හිටපු සෑන්ඩර්ස් අනුගාමිකයන්ට වඩා වැඩි සංඛ්‍යාවක් හිටපු මිලිටරි, සීඅයිඒ ක්‍රියාකාරීන් ඉන්නා බව ය. ඩිමොක්‍රටික් පක්ෂයේ කොඳු නාරටිය සමන්විත වන්නේ සෑන්ඩර්ස් ගේ “අපගේ විප්ලවය” කන්ඩායමෙන් නො ව, යුද්ධ බුද්ධි නිලධාරින්ගෙනි. මෙය වනාහි, නානාප්‍රකාර ව්‍යාජවාම කන්ඩායම් වල සහාය ලත්, වර්මන්ට් හි සෙනෙට් සභිකයා පවසන, ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රතිසංස්කරනය කිරීම මෙන්ම වමට තල්ලු කල හැකි යැ යන ප්‍රකාශ මුලුමනින්ම බිඳ දමන තීන්දුවකි.

ඩිමොක්‍රටික ප්‍රාථමික චන්ද විමසීම්වල දී ජාතික ආරක්ෂක ආයතනවල නිලධාරින් බහුල වීම ඔබාමා පාලනාධිකාරය පිලිබඳ තවත් එලිදරව්වකි. සිදු වී ඇත්තේ ඔබාමා මුලින්ම පත් කර ගනිද් දී, ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් ඕගනයිසේෂන් වැනි ඩිමොක්‍රටික් පක්ෂයේ ක්ෂමා යාචකයන් කියා පෑ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් ඉහල නැගීම නොව ඩිමොක්‍රටික් පක්ෂය තුල යුද්ධ-ඔත්තු අංශයේ තව දුරටත් කාවැදීම වේ.

මෙය ඔහුගේ ප්‍රධාන සහායකයන්ගේ ඊ ලඟ භූමිකාව මගින් එලිදරව් විය. නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ආසන සඳහා ඉදිරිපත්ව සිටින ඔබාමා පාලනාධිකාරියේ හිටපු සිවිල් කාර්යමන්ඩලිකයන් අතර 16 දෙනෙක් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ද, පෙන්ටගනයේ ද, දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව හෝ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ද සේවයේ නියුක්තව සිටි අය වෙති. සිවිල් අංශවල සේවය කල අය ඉන්නේ පස් දෙනෙකු පමනි. ඉන් එක අයෙක්, එනම් හලේ ස්ටීවන්ස් ඔබාමාගේ මෝටර් කර්මාන්ත කාර්ය සාධක බලකායේ නියුක්තව සිටිය දී, අලුතින් බඳවා ගැනුනු කම්කරුවන්ගේ වැටුප් සියයට 50කින් කපාදැමීය. මේ පස්දෙනාගෙන් ප්‍රාථමිකයේ දී ජය ගන්නට ඉඩ තිබින්නේ ස්ටීවන්ස්ට පමනක් යැයි සැලකෙ යි.

ඩිමොක්‍රටික පක්ෂය සැමවිටම ඇමරිකානු ධනවාදයේ පක්ෂයව පැවතුනි. එහි තේරුම නම්, 20වැනි සියවසේ ආරම්භයත් සමග එය අධිරාජ්‍යවාදයේ ද, අධිරාජ්‍යවාදී යුද්ධයේ ද පක්ෂය වී පවතින බවයි. කුමන අවස්ථාවක දී වුව එහි අපේක්ෂකයින් විසින් ඉඳහිට “සාම” ශබ්ද නගන ලද්දේ ඇමරිකානු ජනයා අතර පවතින පුලුල් යුද්ධ විරෝධය නොමඟ යැවීමේ අරමුනිනි.

ශතවර්ෂාධික කාලයක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ මාක්ස්වාදී ව්‍යාපාරයේ එක් කර්තව්‍යයක් වුයේ, විශේෂයෙන් ම සාපේක්ෂකව කෙටි ප්‍රතිසංස්කරනවාදී කාලපරිච්ඡේදයන් විසින්, එනම් 1930 ගනන් වලදී ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට් යටතේ ද, පසු කලෙක 1960 ගනන් වලදී කෙනඩි -ජොන්සන් යටතේ ද ඩිමොක්‍රටික් පක්ෂය පිලිබඳ ව ඇති කෙරුනු මිත්‍යා මතවලට එරෙහිව සටන් කිරීම යි. ඩිමොක්‍රටික් පක්ෂයට එරෙහි අරගලය, රිපබ්ලිකානුවන්ට එරෙහි අරගලය සේ ම කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය ස්ථාපිත කිරීමේ උත්සාහයේ ප්‍රධාන අවධානය ලෙස පවතී.

එහෙත් 2018 මැතිවරන ව්‍යාපාරය නියෝජනය කරන්නේ මීට මුලුමනින් ම ගුනාත්මක ව වෙනස් දෙයකි. පක්ෂ දෙකම වැදගත් සමාජ ප්‍රතිසංස්කරන පිලිබඳ විශ්වාසය දනවන වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරන්නේ නැත. දෙගොල්ලම ඉදිරිපත් කරන්නේ යුදවාදයෙන් පලිප්පු දැමුනු දක්ෂිනාංශික වට්ටෝරු ය.

මෙම මෙහෙයුම කෙරෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂය අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ රුසියන්-විරෝධී මෙහෙයුමක යෙදී සිටින තතු තුල ය. ඔවුන්ගේ එම කතිකාව කියා සිටින්නේ ජනාධිපතිවරනයේ දී ට්‍රම්ප් ලද ජයග්‍රහනය වනාහි රුසියානු අතපෙවීමක ප්‍රතිඵලයක් යයි ද අවසාන විග්‍රහයේ දී ට්‍රම්ප් වනාහි, සියලු ප්‍රායෝගික අර්ථයෙන් ම ගත හොත් ධවල මන්දිරයට රිංගා ගෙන ඉන්න රුසියානු පන්දමෙකු යයි ද කියා පාන කතන්දරයක් යොදා ගෙනය. ට්‍රම්ප්ගේ මැතිවරන මෙහෙයුම රුසියානු අත පෙවීමක් නැත්නම් රුසියාව සමග වංචනික හවුල් වීමක් යයි පෙන්වීමට සාක්ෂි මාත්‍රයක් හෝ සපයා නැත. චන්ද විම්සීම් ද ගනන් කිරීම් තුල දී ද සැලකියයුතු වංචනික ක්‍රියාවක් හෝ සිදු වී යැයි කෙරෙන ඇඟවීමක් හෝ නැත.

එහෙත් ඩිමොක්‍රටික් පක්ෂය අතිශයින්ම දක්ෂිනාංශික හා මැකාර්තිවාදී හැඟීම් අවුස්සාලීමට වැඩ කර ඇත, එය ට්‍රම්ප් ව හෙලා දකින්නේ ඔහුගේ දක්ෂිනාංශික පිලිවෙත් මත නොවේ. ආගමනිකයන් දඩයම් කරන, ෆැසිස්ට්වාදීන් හා ධවලෝත්තමවාදීන් භජනය කරන, ධනවතුන්ට මහා වාසි සැලසෙන පරිදි බදු කපා දමා ලාභ පුදන, ඔහුගේ පිලිවෙත් මත නොවේ.

ඒ වෙනුවට ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප් ව හෙලා දකින්නේ, ට්‍රම්ප් මැද පෙර දිග දී රුසියාව යුද්ධමය වශයෙන් මෙල්ල කිරීමට දරුනු අන්දමින් කැප වී මධ්‍යම ආසියාව, යුක්‍රේනය, නැගෙනහිර යුරෝපය හා බෝල්ටික් ප්‍රදේශයේ දී කල වැඩ මදි ය කියා ය. 2016 දී හිලරි ක්ලින්ටන් තරඟ වැදුනේ යුද්ධ-බුද්ධි තන්ත්‍රයේ කැමැත්ත ලද අපේක්ෂිකා ව ලෙස විශ්‍රාමික ජනරාල්ලා, අද්මිරාල්ලා හා ඔත්තු නායකයන් ගෙන් සහතික සියගනන් ලබා ගනිමිනි.

2018 දී මෙම දේශපාලන හැඩ ගැස්ම වැඩී අවුත් ගැඹුරු වී තිබේ. ඩිමොක්‍රටික් පක්ෂය කොංග්‍රස් මන්ඩල මැතිවරනයේ තරඟ වැද සිටින්නේ රුසියාව කෙරේ වඩා දැඩි පිලිවෙතක් අනුගමනය කරන පක්ෂය හැටියට පමනක් නො වේ; ඇමරිකානු අධිරාජ්‍යවාදය උදෙසා කෙරෙන යුද්ධය රහසිගත සහ විවෘත යන දෙයාකාරයෙන් ම කර ගෙන යාම උදෙසා කෙලින්ම වගකියයුතු පුද්ගලයන් තම අපේක්ෂකයන් සහ නියෝජිතයන් ලෙස ඉදිරිපත් කර සිටින පක්ෂය ලෙස ය. ඩිමොක්‍රටික් පක්ෂය යත්න දරන්නේ පෙන්ටගනයට පක්ෂපාත පක්ෂය හැටියට විතරක් නො ව, පෙන්ටගනයේ සහ සීඅයිඒ සංවිධානයේ ම පක්ෂය බවට පත් වීමට ය.

මෙය හුදෙක් ඩිමොක්‍රටික් පක්ෂයේ චර්යාවෙහි හෝ දේශපාලනික මනෝවිද්‍යාවේ ප්‍රතිවිපාකයක් හෝ නොවේ. එය සමාජමය සහ පන්තිමය ස්වභාවයක් දරයි. ඩිමොක්‍රටික් පක්ෂය සමස්තයක් වශයෙන් වැඩ කරන ජනතාවගේ අවශ්‍යතාවය උදෙසා සමාජ ප්‍රතිසංකරන ලබා දීමට පොරොන්දු වන පක්ෂයක් ලෙස රඟ පෑ සීමිත භූමිකාව පවා බොහෝ කාලයකට පෙර අතහැර දමා ඇත. ඒ වෙනුවට එය අනන්‍යතා දේශපාලනය උඩ ඉහල මධ්‍යම පන්තියේ කොටස්වල වරප්‍රසාද පුම්බාලන පක්ෂයක් බවට පරිවර්තනය වී තිබේ.

ඩිමොක්‍රටික් පක්ෂය ජනගහනයේ වඩාත් වරප්‍රසාදිත ස්ථරය අතර ම ධනය සහ බලය බෙදාහැරීමේ එක්තරා වෙනස් කමක් ඇති කිරීමට යෝජනා කරන්නේ මූලික සමාජ ව්‍යූහය වෙනස් නො කර ය. මුදුනේ සුපිරි ධනවතුන් රැඳෙනු ඇත. වරප්‍රසාදිත මධ්‍යම පන්තියක්, සමහරවිට සියයට 10ක් විතර හෝ ඊටත් අඩු සංඛ්‍යාවක් අතර සමාජයේ වරප්‍රසාද බෙදෙනු ඇත. ඊට යටින් ඉන්නේ අති මහත් වැඩකරන ජනතාව යි.

ඩිමොක්‍රටික් පක්ෂයේ පදනම සපයන ඉහල-මධ්‍යම පන්තියේ ස්ථරය ගත වූ දශක හතර තුල තියුනු ලෙස දකුනට ගමන් කොට තිබේ. එය කොටස් වෙලඳපොලේ උත්පාතයෙන් පොහොසත් වී, කම්කරු පන්තියට දනුවත්ව ම සතුරුව, අවසාන විග්‍රහයේ දී තමන්ගේ ම සමාජ තත්වය විදේශීය සහ දේශීය තර්ජනයන්ගෙන් ආරක්ෂා කර දෙන මිලිටරි බුද්ධි අංශවල උද්‍යෝගිමත් ආධාරකාරයෙකි. ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වයට යුද්ධ-බුද්ධි “කන්ඩායමේ” නැගීම පෙන්නුම් කරන්නේ දැන් ධනේශ්වර දේශපාලනයේ මතුපිට ප්‍රකාශනයක් අත්පත් කර ගන්නා මේ සමාජ විකාශනය යි.

Share this article: