ග්‍රෙන්ෆෙල් ගින්නෙන් වසරකට පසු

One year since the Grenfell inferno

2018 ජූනි 14

වසරකට පෙරාතුව, ග්‍රෙන්ෆෙල් කුලුනේ සිදුවූ බි්‍රතාන්‍ය ඉතිහාසයේ දරුනුතම මහල් ගොඩනැගිල්ලක ගින්න පුද්ගලයින් 72 ගේ ජීවිත බිලි ගත්තේය.

2017 ජූනි 14 වනදා මුල් පැය ගනනාව තුල සිදුවූ සිද්ධිය සමාජ ඝාතනයකි. මෙම පද මුලින් ම පට බඳින ලද්දේ, එංගලන්තයේ කම්කරු පන්තියේ තත්වය යන තම ප්‍රසිද්ධ අධ්‍යයනය තුල, එංගල්ස් විසින්ය. කාර්මික ධනවාදයේ ආරම්භයේ, 1845 දී ලියමින් ඔහු පැහැදිලි කලේ: “වඩාත් කලින් සහ අස්වාභාවික මරනයක් අනිවාර්යයෙන් ඔවුන්ට අත්පත්වන තත්වයකට සිය ගනන් නිර්ධනීන්ව සමාජය පත් කරන්නේ නම් ....” සහ “තවමත් මෙම තත්වයන් පැවතීමට ඉඩහරින්නේ නම් එහි ක්‍රියාව තනි පුද්ගලයකුගේ ක්‍රියාව මෙන්ම ස්ථීරවම ඝාතනයක් වේ.”

සමස්ථ සමාජ ක්‍රමයකට - ධනවාදයට - එරෙහි එංගල්ස්ගේ චෝදනාව වසර 150 ක් ඉක්ම වීමෙන් පසුවද දෝංකාරය දෙයි.

මක්නිසාදයත්, එය ලොව පුරා කම්කරු පන්තියේ පොදු අත්දැකීමට කථා කරන බැවිනි. මිචිගන්හි ෆ්ලින්ට් නමැති ඇමරිකානු නගරයේ ජල දූෂනයේත්, බොහෝ පිරිසක් මරනවලට ගොදුරු කල කොලඹ සහ සියරා ලියොන් හි කසල කඳු නාය යැම් හා මඩ ගලායෑම් හි සිට- ලෝකයේ පොහොසත්ම නගරවලින් එකක් වූ - ලන්ඩන් හි මුලුමනින්ම වලක්වාගත හැකිව තිබූ මහල් නිවාස ගින්න දක්වා, කම්කරු ජනතාවගේ ජීවිත බිලි වූවාට කම් නැති බව තමන්ගේ ධනවත් වීම සඳහා සමාජ සහ ආර්ථික ජීවිතයේ සෑම අංගයක්ම යට කරන පරපුටු මූල්‍ය කතිපයාධිකාරය සලකති.

ග්‍රෙන්ෆෙල් වනාහි ලේබර් සහ කොන්සර්වේටිව් විසින් මෙහෙයවන ලද අනුක්‍රමික ආන්ඩු විසින් කරගෙන යන ලද රෙගුලාසි ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිවල රිජු ප්‍රතිඵලය වෙයි.

“සමාජය කියා දෙයක් නැත” කියූ මාගරට් තැචර් ගේ සිට, “මිනිසුන් කැත පොහොසතුන් වීම ගැන තදින්ම සන්සුන්” වෙතැයි අවධාරනයෙන් කියා සිටි ටෝනි බ්ලෙයාර් ආන්ඩුව හරහා,“බි්‍රතාන්‍ය ව්‍යාපාරයන්ගේ ගෙල වටා තිබෙන පමන ඉක්මවූ සෞඛ්‍ය සහ ආරක්ෂන උරචක්‍රමාලා සිඳදමන්නේය” යන ඬේවිඞ් කැමරන් ගේ දිවුරා පැවසීම දක්වා සිදුවූයේ කම්කරුවන්ගේ ජීවන තත්වයන් හා ජීවන කොන්දේසි, මහ සංගත සහ සුපිරි ඉසුරුමතුන්ගේ බැංකු ගිනුම් පිරවීම සඳහා හෝදාපාලු කර දැමීමය .

ලන්ඩනයේ පොහොසත්ම ජන ප්‍රදේශය වන කෙන්සිංටන් සහ චෙල්සී රෝයල් බරෝව (ආර්බීකේසී) තූල කම්කරු පන්තියට කල මෙම ප්‍රහාරය රුදුරු අයුරින් ප්‍රකාශයට පත්විය.

ගරා වැටුන නාගරික නිවහන් පෙදෙස් අලංකරන ක්‍රියාවලියේදී මුදල් ඉතිරි කිරීම උදෙසා, ග්‍රෙන්ෆෙල් කුලුන වටා ගිනි ඇවිලෙන සුලු “පරිවාරක” ද්‍රව්‍ය හා ආවරනක යෙදීමෙන් කුලුන මර උගුලක් බවට පත්විය. ගොඩනැගිල්ල ඇතුලතද ආරක්ෂාවක් නොවීය, මධ්‍යම ගිනි අනතුරු ඇඟවීම් පද්ධතියක්, ජල ඉසිනයන් නොවූ අතර හදිසියකදී පිටවීමට තිබුනේ තනි පටු පඩි පෙලක් පමනි. ඒ අනුව හතරවන තට්ටුවේ එක් ගෙයක ඇතිවූ කුඩා ගින්න විනාඩි හතරක් ඇතුලත තට්ටු 24ක මුලු ගොඩනැගිල්ලම වෙලා ගත්තේය. ගිනි නිවන භටයන්ට ගින්න පාලනය කිරීමට මෙම සීමාවන් සමග සටන් කරන්නට සිදු විය.

දිවි ගලවාගත් ග්‍රෙන්ෆෙල් කුලුනේ සහ එහි අවට නිවැසියන් බලධාරීන් විසින් නොතකා හරිනු ලදුව, ඉන් බොහෝ දෙනෙකුට කෑමබීමත්, නිදා ගැනීමට සහ ඇදුම් ද ලැබුනේ අසල්වාසී ජනතාවගේ පරාර්ථකාමී වෑයමට පිහිට වෙන්නටය. පවුල් 69 තාවකාලික වාසස්ථානවල දිවි ගෙවන බවට ආන්ඩුව පිලිගන්නා අතර වාර්තාවන අන්දමට ආර්බීකේසී ය පවුල් 74 කට තර්ජනය කර ඇත්තේ ඔවුන් හැර දමා ගිය ගේ දොර වලට නැවත දැන් පැමිනිය යුතු බවත් එසේ නොමැති නම් නිවාස නැතිකමට සහ කවුන්සිල කුලීකරුවන් ලෙස තම අයිතීන් අහිමි වීමට මුහුන දෙන ලෙසටත් ය.

ගින්නෙන් අනතුරුව, ජීවත්ව සිටින නිවැසියන්, ඥාතීන් සහ අනෙකුත් අය වගකිවයුතු දේශපාලකයින් සහ සංගත නීතියේ රැහැනට හසු කලයුතු බවට බල කලහ. මෙනිසා, “මෙම ඛේදවාචකය මුලුමනින්ම විමර්ශනය කරන බවට සහතික කරන” “පූර්න, ස්වාධීන මහජන විමර්ශනයක්” පැවැත්වීමටත්, “ උපරිම ලෙස මෙම ග්‍රීෂ්ම සෘතුව අවසන් වනවිට අතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමටත්”, නිවේදනය කිරීමට අගමැතිනි තෙරේසා මේට බල කෙරින.

එකල සසප ය අනතුරු ඇඟවූ පරිදි “එවැනි දෙයක් කෙදිනකවත් සිදු නොවනු ඇත. පාලක ප්‍රභූවේ සෑම මහජන විමර්ශනයක් මෙන්ම, මෙයද සුදු හුනු ගෑමකින් අවසන් වනු ඇත.”

වසරක් ඇවෑමෙන් පසුව, -සංස්ථාපිතයේ කනුවක් වූ- සර් මාටින් මුවර්-බික් මෙහයවූ මහජන විමර්ශනය කිසිවක්ම නිපදවා නැත. එහි එල්ලය සත්‍ය හෙලි කිරීම නොව සැඟවීමයි; වැරදි කරුවන් වග වීමට සැලැස්වීම නොව, මධ්‍යම ආන්ඩුවේ, පලාත් ආන්ඩුවේ සහ ග්‍රෙන්ෆෙල් “ප්‍රතිසංස්කරනයේ” නිමාවට සටහන් තැබූ සංගතයන් ආරක්ෂා කිරීමයි.

“විමර්ශන මන්ඩලයක් පවත්නේ තීන්දු දීමටවත්, කිසිදු පුද්ගලයකුගේ සිවිල් හෝ අපරාධ පිලිබඳ වගකීම නිර්නය කිරීමට බලය ඇතුව වත් නොවේ” යනුවෙන් සඳහන් 2005 විමර්ශන පනතෙන් මෙය පැහැදිලි වෙයි. මේ ගේ එකඟතාවය ඇතිව මෝ(ර්)-බික් විසින්ම “සමාජමය, ආර්ථික සහ දේශපාලන ස්වභාවයේ” කාරනා වෙත යොමු නොවිය යුතු බව රෙකමදාරු කර තිබේ.

සමාජ ඝාතනය සමග පන්ති අයුක්තිය එකට ගමන් කරයි.

ග්‍රෙන්ෆෙල් ගින්න පිලිබඳව සාවද්‍ය ඉල්ලීම් ඉදිරිපත් කල අතලොස්සක් පුද්ගලයන්ට එරෙහිව නඩු දැමීම සඳහා කාලය බිඳක්වත් අපතේ නොයැවූ ගින්න පිලිබඳ නාගරික පොලිස් විමර්ශනය, 72 දෙනකුට මරු කැඳවීම ගැන, චෝදනා ඉදිරිපත් කිරීම පසෙක තබා, එකදු පුද්ගලයකු හෝ අත්අඩංගුවට ගැනීමක්වත් සිදුකර නොමැත.

තුවාලයට ලුනු දමන්නාසේ විමර්ශනය ආරම්භයේදීම නිවේදනය කෙරුනේ පදිංචි කරුවන්ට “රැඳී සිටීමේ” උපදේශය දුන් ලංඩන් ගිනි නිවන හමුදාවට සාපරාධී චෝදනා එල්ල කිරීම ට නාගරික පොලීසිය පියවර ගන්නා බවය. මෙම උපදෙස් එතරම්ම විනාශ කාරී බවට පත්වීමට හේතු වූ, ගිනි නිවන හමුදා නීතිඥ වරයා පැවසූ “බහුගුන” ආරක්ෂක අඩුපාඩු, ගිනි භටයන් “කරකියාගත නොහැකි” තත්වයකට පත්කරමින්, ගොඩනැගිල්ල “අතිෂය ගිනිගන්නාසුලු මර උගුලක්” වීම ගැන වචනයක් වත් නැත.

එමෙන්ම, ග්‍රෙන්ෆෙල් අපරාධයට වගකිය යුතු නියම අපරාධකරුවන් පසුපස හඹායාම පාලක ප්‍රභූව විසින් ප්‍රතික්ෂේප කිරීම, එම සිද්ධීන් හි සත්‍යය තහවුරු කිරීමට සටන් කරන ඕනෑම අයෙකු නිහඬ කිරීමට ඔවුන්ගේ ඇති අධිෂ්ඨානයටද සහමුලින්ම ප්‍රති විරද්ධව සිටී.

ආර්බීකේසී ය සහ එහි කුලී නිවැසියන් කලමනාකරන සංවිධානයේ ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස “විනාශකාරී” ගින්නක භයානකකම ගැන අනතුරු ඇඟවූ ග්‍රෙන්ෆෙල් කියාකාරි කන්ඩායමේ දෙදෙනකු වන ජෝ ඩෙලනි සහ එඞ්වර්ඞ් ඩැෆාර්න්ට එරෙහිව දක්ශිනාංෂික මාධ්‍ය විසින් උමතු දඩයම් ආරම්භ කර ඇත. ග්‍රෙන්ෆෙල් කුලුන අසල ජීවත් වන ඩෙලනි වසර ගනනාවක් පුරා ශිෂ්ට සම්පන්න, ආරක්ෂිත ජීවිතයක් සඳහා ප්‍රදේශයේ නිවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කර ඇත. ඩැෆාර්න් ග්‍රෙන්ෆෙල් හි 16 වන මහලේ නිවසේ සිට දිවි ගලවාගත් අයෙකි.

හෙලාදක්නා ලද අනෙක් අය වූයේ Failed by the State (රාජ්‍යය විසින් පාවාදීම), යන මැයෙන් ග්‍රෙන්ෆෙල් පිලිබඳ සත්‍යය වූ චිත්‍රපටයක් නිපදවීමේ අපරාධය සිදුකල සිනමාවේදී ඩැනියෙල් රෙන්වික් සහ ප්‍රදේශවාසියකු වන ඉෂ්මයෙල් ය.

කිසිවක් අහම්භයන් නොවේ. සත්‍යය මැඩලීමේ මෙම උද්ඝෝෂනයේ උච්චතම ලක්ෂය වන්නේ ජූලියන් අසාන්ජ් නිහඬ කිරීමට සිදුකරගෙන යන කුරිරු වෑයමයි. විකිලීක්ස් නිර්මාතෘ සහ කතෘ වසර හයක් පුරා කොටු කරනු ලැබ ඇති ඉක්වදෝර තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ ග්‍රෙන්ෆෙල් සිට සැතපුම් හතරකට අඩු දුරකිනි. ඔහු වොෂින්ටනයේ සහ ලන්ඩන් හි යුද අපරාධ එලිදරව් කිරීමේ වරද සඳහා, ඔත්තු බැලීම පිලිබඳව නඩු විභාගයට මුහුන දීම සඳහා අත්අඩංගුවට ගෙන එක්සත් ජනපදයට පිටුවහල් කරනු ලැබීමට මුහුන දෙමින් සිටියි.

මේ අතරවාරයේ පොහොසතුන් තව තවත් පොහොසත් වෙමින් සහ සෑම සතයක් සඳහාම කම්කරුවන් මිරිකමින් දේවල් වෙනදා ලෙසින්ම සිදුවේ. මෝ(ර්) බික් විමර්ශනය ඇරඹෙද්දී හැරී කුමරු සහ මෙගන් මාර්කල් ග්රෙන්ෆල් සිට සැතපුම් කීපයක් මෙපිට කෙන්සිංටන් මාලිග භූමියේ ඔවුන්ගේ “කොටේජයට” සැපත් වෙමින් සිටියහ. මනාලියගේ ඇඳුම ට පමනක් පවුම් 300,000 තරම වියදම් වුනායයි වාර්තා කෙරුන අතර ග්‍රෙන්ෆෙල් වල බාල ගිනි ඇවිලෙන සුලු ආවරන ද්‍රව්‍ය යොදා ඉතිරිකර ගත් මහජන බදු මුදල් පවුම් මිලියන 30ක් පමන ඔවුන්ගේ මංගල්ලයට නාස්ති කෙරුනි.

සෑම රටකම සිටින මුදලට පිස්සු වැටුන සහ සමාජ විරෝධී පාලක පන්ති, සුපිරි පොහොසතුන්ට තවදුරටත් ධනය ගලා යැවීම සහ මනුෂ්‍යත්වය විනාශ මුඛයට ඇද හෙලීමේ තර්ජනය ගෙන එන යුද්ධ ඇවිලීම හැර අන් කිසිවක් ගෙනදීමට අපොහොසත්ය.

වැඩකරන ජනතාවගේ අවශ්‍යතාවන් ලබා ගැනීම සඳහා සමාජ සම්පත් නිදහස් කර ගැනීමට මූල්‍ය වංශාධිපතිත්වයේ හා එහි දේශපාලන නියෝජිතයන් ගෙන් කැඩී ගැනීමත්, සමාජවාදී අත්තිවාරම් මත සමාජය යලි සංවිධානය කිරීමත් අවශ්‍ය වෙයි. සමාජවාදී සමානතා පක්ෂයේ ඉදිරි දර්ශනය එයයි.

සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් රාජධානිය) ප්‍රකාශයකි

Share this article: