සරනාගතයින් යුරෝපීය දැලට හසුකෙරේ

Refugees ensnared in European dragnet

2018 ජූලි 9

ඇන්ජෙලා මර්කෙල්ගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය (සීඩීයූ) හා එහි සහෝදර පක්ෂය වන ක්‍රිස්තියානි සමාජ සංගමය(සීඑස්යූ) විසින් කතිකා කර ගැනුනු සරනාගතයන් මත විශාල කඩාපැනීමකට සහාය දීමට ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එස්පීඩී) සිකුරාදා එකඟ විය.

එම ගිවිසුම සලකුනු කරන්නේ එස්පීඩී හා සීඩීයූ/සීඑස්යූ පක්ෂවල “මහා සභාග” ආන්ඩුව විසින් නියෝජනය කෙරෙන ජර්මානු දේශපාලන සංස්ථාපිතයේ පක්ෂ ෆැසිස්ට්වාදී ජර්මනිය සඳහා විකල්ප පක්ෂයේ (ඒඑෆ්ඩී) වර්ගවාදී හා අපරාධකාරී සංක්‍රමනික ප්‍රතිපත්ති අනුමත කරන ලද බව යි.

සංක්‍රමනිකයන් තම උගුලට හසු කරවනු පිනිස, ජර්මානු ආන්ඩුව ජර්මනිය තුල හා යුරෝපය පුරා සරනාගතයන් සඳහා රැඳවීමේ කඳවුරු ස්ථාපිත කිරීමට එකඟ වී ඇත.

රට පුරා ස්ථානගත කෙරෙන, ඊනියා “සත්කාරක මධ්‍යස්ථාන්‍,” වල කටුකම්බි පිටුපස පොලිස් ආරක්ෂාව යටතේ, මාස 18ක් හෝ ඊට වැඩි කාලයක්, සිය දහස් ගනනක් රඳවා තබනු ඇත.

මූලික නීතිමය රාමුවලට පිටින් කඳවුරු පවතිනු ඇත්තේ, ඒවා තුල රැඳවීමට තරම් අවාසනාවන්තු වූ පිරිමි, ගැහැනු හා ලමුන්ගේ සෑම මූලික අයිතියක් ම උල්ලංඝනය කරමිනි. තම රැකවරන අයිතිය පැතීම වෙනුවෙන් රැඳවියන්ට අපරාධකරුවන් ලෙස සලකනු ඇති අතර බොහෝ නොහොබිනා හා අමානුෂික පිලියම්වලට යටත් කරනු ඇත.

සමූහ රැඳවීම් සමග ජර්මනියේ ඊට පෙර අත්දැකීම්වල ඓතිහාසික සමානකම්වලින් ජර්මානු ආන්ඩුව තෙමේ ම දුරස්ථ වීමට උත්සාහ කර ඇත්තේ, තම කැමත්තට පිටින් රැඳවියන් ගාල් කරනු ඇති, නව රැඳවුම් මධ්‍යස්ථාන “වැසුනු කඳවුරු” නොවනු ඇත යි ප්‍රකාශ කරමිනි.

එය නිලධාරිවාදී වාක්‍ය ඛන්ඩ පිටුපස තම අපරාධ සඟවමින් සිටී. ඉතා මෑත ම යුරෝපා සංගම් සමුලුවේ යෝජනා ගැන ආන්ඩුවේ පත්‍රිකාවක මෙසේ ප්‍රකාශ කෙරුනි, “මහා වැටලීම් පාලනයන් හා අනෙකුත් ඔත්තුසේවා දේශසීමා පොලිස් උපායන් වැඩියෙන් යොදා ගැනීම මගින් යුරෝපීය ඇඟිලි සලකුනු දත්ත ගබඩාව (යුරෝඩැක්) අසල දේශසීමාවේදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි කල හැකි අතර, විශේෂ පිලිගැනීම් ස්ථාන වල දී ඔවුන්ට වහා පරීක්ෂා කිරීම් ලබා ගත හැකි වනු ඇත.”

ජර්මානු ආන්ඩුවේ සැලැසුම්වලට අනුව, වක්‍රෝක්තික වදනින් “උනුසුම්තැන්” ලෙස හඳුන්වන, ග්‍රීසියේ හා ඉතාලියේ සරනාගත කඳවුරු, දැන් මුලු යුරෝපයට ම ව්‍යාප්ත කෙරෙමින් තිබේ. ජර්මානු අභ්‍යන්තර ඇමති හොර්ස්ට් සීහෝෆර්ගේ “ප්‍රධාන සංක්‍රමනික සැලැස්මේ” සටහනක් සඳහන් කරන්නේ “ඉතාලියේ හා ග්‍රීසියේ පිලිගැනීම් මධ්‍යස්ථානවලට සාමාජික රටවල ප්‍රමානවත් කාර්යමන්ඩල මගින් සහාය දැක් විය යුතු අතර ව්‍යාප්ත කල යුතු” බව යි.

“උනුසුම්තැන්”, “මහාජාල”, “ප්‍රධාන සැලසුම්.” අහිංසක මිනිසුන්ගේ සමූහ රැඳවීම් සඳහා වන මෙම පිලිකුල් දනවන වක්‍රෝක්තික වදන් ඔවුන්ගේ රැඳවියන් සඳහා සකස් කෙරෙමින් තිබෙන භීතීන් පිලිබඳ හුදු එක් ඉඟියක් පමනකි.

“මීටර් හතරක්, පහක් දක්වා ඉහලට හතරැස් යකඩ කම්බි ගෙතූ,” ග්‍රීක ලෙස්බෝස් දූපතේ යුරෝපා සංගම් “උනුසුම්තැන” නම් මොරියා කඳවුරු ගැන ෆ්‍රැන්ක්ෆර්ටර් අල්ජෙමේන් සොන්ටාසේයිතුංග් නම් ඉරිදා පත්‍රය මෙසේ සඳහන් කලේ ය. “ආරක්ෂක වැටට පිටින් කටුකම්බි ඇතුරා ඇත. කඳුවරේ සියලුම බිහිදොරවල තුවක්කු මානා ගත් ආරක්ෂකයන්ගෙන් යුත් විමසුම් කුලුනු වේ.” විශාල ලෙස තදබද වූ, පුද්ගලයන් 7,500කින් යුත්, කඳවුරේ අභ්‍යන්තරය සිහිගන්වන්නේ සැබෑ “අපායකි,” මෙය තුල ජිනීවා සම්මුතිය ද මූලික අයිතීන් ද ඉවත දමා ඇත.

සීහෝෆර් එවැනි භීෂනයන් “ප්‍රධාන සැලැස්මක්” හා “සත්කාරක මධ්‍යස්ථාන” ලෙස විස්තර කරන්නේ නම්, එය එසේ වන්නේ හිට්ලර් දැනටමත් “අවසන් විසඳුම” හා “ සමූහ කඳවුරු” යන වාක්‍ය ඛන්ඩ යොදා ගෙන තිබූ නිසා ය.

මහා සභාගයේ නව සරනාගත සැලැස්ම නීතිමය හිදසක පවතින හිරකඳවුරු ඇති කිරීම සඳහා ප්‍රායෝගික පදනමක් සපය යි. සැලැසුම් කෙරුනු “සංක්‍රාන්ති ක්‍රියාදාමය” අතරතුර දී පුද්ගලයන් “නීත්‍යානුකූලව ජර්මනියට ඇතුලු වෙමින් නො සිටින” බව සභාග ලියවිල්ල සඳහන් කර යි. ගුවන්තනෝමෝ බොක්කේ ඇමරිකානු කඳවුරට සමාන, මෙම ප්‍රතිගාමී නීතිමය සැකසීම් සමග, රාජ්‍ය භූමිභාගයක් ලෙස නීතිමය වසයෙන් සුදුසුකම් නො ලබන්නා වූ ද එය තුල පොලීසියට නිදහස් පාලනයක් ලබා දෙන්නා වූ ද සැබවින් ම නීතිය ශුන්‍ය කලාපයක් නිර්මානය කෙරෙනු ඇත.

මානව අභිමානය පිලිබඳ අන්ත නොතැකීම, අතිශයින්ම නිර්ලජ්ජිත මානව අයිතීන් උල්ලංඝනය, බියකරු නිලධාරිවාදී භාෂාව මගින් ඊටත්වඩා බියකරු අපරාධ වැසීම යන මේ සියල්ලට 1930ස් ගනන්වල මහත් දුර්ගන්ධය ඇත. යුරෝපයේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය කැඩී බිඳී යමින්, වඩ වඩා ඒකාධිපති පාලන රූපාකරයන් ගෙන් වෙනස් කෙරෙමින් තිබේ.

ඇන්ජෙලා මර්කෙල් “අම්මන්ඩිය” විසින් නායකත්වය දරන, තම උපකල්පිත “ආකර්ෂනීය සංස්කෘතිය” සහිත ජර්මනිය පිලිබඳ සත්‍ය වන්නේ කුමක් ද, එය සමස්ත ලෝකයේ ම සත්‍ය වන්නේ ය. ඉතාලිය තුල, මටේයෝ සල්විනීගේ නව ෆැසිස්ට්වාදී ආන්ඩුව, ඔවුන්ගේ සමූහ වැටලීම සඳහා රොමා ජනයාගේ සංගනනයක් පවත්වමින් සිටී. එක්සත් ජනපදයේ දී, සංක්‍රමනික ලමයි ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් වෙන් කර කූඩුවල හිර කෙරෙති. ග්‍රීසිය තුල, “රැඩිකල් වාම” සිරිසා ආන්ඩුව යටතේ, යුරෝපය පුරා සංක්‍රමනිකයන් සමූහ රැඳවුම් කඳවුරු වලට ගාල් කෙරති.

ලෝකය පුරා, එකම කැලිකසල හා කුනුවීම, අපරාධකාරිත්වයේ එකම දුර්ගන්ධය, සෑම ධනේශ්වර ජාතික රාජ්‍ය විවරයකින් ම විගලනය වෙමින් තිබේ. ඊස්රායලය නිරායුධ පලස්තීනුවන් සිය ගනනක් මරා දැමීම විවෘතව ආරක්ෂා කෙරේ, එක්සත් ජනපදය විසින් අනුග්‍රහ දැක්වෙන, සෞදි අරාබිය විසින් සිය දහස් ගනනක් යේමන සිවිල් වැසියන් ඝාතනය කිරීම, නිකම්ම නොතකා හැරේ.

1930ස් ගනන්වල ලියොන් ට්‍රොට්ස්කිගේ වචන අනුව, පාලක පන්තීහු ලෝකය “අපිරිසුදු හිර ගෙදරකට” පරිවර්තනය කරමින් සිටිති.

ධනේශ්වර පක්ෂවල මෙම අපරාධකාරී ප්‍රතිපත්ති ලෝකය පුරා කම්කරුවන් හා තරුනයන්ගේ මානව මනෝගතීන්ට මුලුමනින් ම වෙනස් ව තිබේ. මහා සභාගය ෆැසිස්ට් සරනාගත ප්‍රතිපත්තිය වැලඳගැනීම ඉරිදා ජර්මනිය පුරා දසදහස් ගනනකගේ විරෝධතාවට මුහන දුන් අතර, සරනාගතයන් සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනාධිකාරියේ ම්ලේච්ඡ සැලකීමට එරෙහිව එක්සත් ජනපදය තුල සියදහස් ගනනක් පෙලපාලිවලට සහභගී වූහ.

දැන් කර්තව්‍යය වනුයේ ලෝකය පුරා කම්කරුවන්ගේ මානව හා ප්‍රජාතන්ත්‍රවාදී මනෝගතීන් ඔවුන්ගේ සමාජ උත්සුකයන් ප්‍රකාශ කරන දේශපාලන ක්‍රියාමාර්ගය සමග සම්බන්ධ කිරීම යි. ලෝකය පුරා සංක්‍රමනිකයන් හා සරනාගතයන් ආරක්ෂා කිරීම යුද්ධය, සමාජ අසමානතාව, පිරිහෙන වැටුප් හා සමාජ ශුභසාදන වැඩසටහන් මත ප්‍රහාරයට වන්නා වූ විරුද්ධත්වය සමග සම්බන්ධ කල යුතු ය.

වසර හතරකට පෙර, “හිට්ලර් කුරිරු නො වූ” බව ප්‍රකාශ කල, ජෝර්ග් බබරොව්ස්කි වැනි ශාස්ත්‍රාලිකයෙකු නිල වසයෙන් ප්‍රචාරය කිරීම ඔස්සේ නව නාසි දේශපාලනය වැලඳ ගන්නා සංස්ථාපිත පක්ෂ ගැන පලමුව අනතුරු ඇඟ වූයේ, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජර්මානු ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය යි.

1930ස් ගනන්වල ෆැසිස්ට් පල්දෝරුවට මනුෂ්‍ය වර්ගයා නැවතත් ඇදගෙන යමින් සිටින ධනේශ්වර පද්ධතිය පෙරලා දැමීමේ සමාජවාදී ක්‍රියාමාර්ගයේ කේන්ද්‍රීය කොටසක් ලෙස සරනාගතයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ සටනේ දී, සමස්ත මධ්‍යම පන්තික “වම” විසින් සහාය දෙනු ලබන, මහා සභාගයට වන විරුද්ධත්වය සංවිධානය කිරීමට දැන් සටන් කරමින් සිටින්නේ සසප පමනි.

ජොහනස් ස්ටර්න් හා අන්ද්‍රේ ඩෙමොන්

Share this article: