ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය සිය පනස් වන සංවත්සර දේශන මාලාව දියත් කරයි

2018 ජූලි 01

කොලඹ මහජන පුස්තකාල ශාලාවේදී ජූනි 22දින පැවැත්වූ සාර්ථක ප්‍රසිද්ධ රැස්වීමෙන් සිය 50වන සංවත්සර දේශන මාලාව දියත් කල සමාජවාදී සමානතා පක්ෂය(සසප) කොලඹ, ගාල්ල, මහනුවර ඇතුලු අනෙකුත් නගර වලත් පැවැත්වෙන සංවත්සර දේශන සඳහා සහභාගී වෙන ලෙස කම්කරුවන්ගෙන්, සිසුන්ගෙන්, වෘත්තිකයින්ගෙන්, තරුනයින්ගෙන් හා ගොවීන් ඇතුලු අනෙකුත් වැඩ කරන ජනයාගෙන් ඉල්ලා සිටියි.

සසප පෙර ගමන් කරු වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) 1968 ජූනියේදී පැවති දෙදින ආරම්භක සම්මේලනයෙන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශාඛාවක් ලෙස පිහිටවනු ලැබූ අතර 1996දී එය හජාජාකවේ අනෙකුත් ශාඛාවන්ද සමඟ සමාජවාදී සමානතා පක්ෂය පිහිටවූවේය.

ලොව පුරාත් ලංකාවේත් ගිනියම් වෙමින් ඇති කම්කරු අරගල මෙන්ම සිසු හා තරුන අරගල සමඟ මෙම සංවත්සරය අන්තර්ඡේදනය වනවා පමනක් නොව එම අරගල වලට නායකත්වය දීම සඳහා කෙරෙන සසප අරගලය තුල විකොස/සසප අඩ සියවසක ඉතිහාසයේ පාඩම් අතිශය තීරනාත්මක වනවා ඇත.

පශ්චාත් දෙවන ලෝක යුද්ධය අවධියේ කම්කරු දුගී ජනතාව මැඩීම සඳහා ක්‍රියා කල දකුනු ආසියානු ධනේශ්වරයට හා ලෝක අධිරාජ්‍යවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදීන් ඉන්දු උප මහාද්වීපය පුරා ගෙන ගිය අරගලය පාවා දෙමින් ලංකා සම සමාජ පක්ෂය ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ 1964දී සභාග ආන්ඩුවට ඇතුලුවීමෙන් ට්‍රොට්ස්කිවාදී ධජය කෙරෙහි එල්ල කල ප්‍රහාරය පරාජය කිරීම සඳහා විකොස පිහිටුවනු ලැබිනි.

එදා මෙදා තුර ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයේ පදනම මත, කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලන බලමුලු ගැන්වීමට ගෙන ගිය දිග්ගැස්සුන, ස්ථිරසාර, දිරිමත් හා සම්මුති විරහිත අරගලයකින් පසුගිය අඩ සියවසක විකොස / සසප ඉතිහාසය සමන්විතය.

ලෝක ධනවාදයට, ධනපති ජාතිකවාදයට හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම ලෝක සමාජවාදී ව්‍යාපාරය තුල පැන නැගුනු ස්ටැලින්වාදය, මාඕවාදය හා පැබ්ලෝවාදය ඇතුලු සියලු ප්‍රතිගාමී ව්‍යාපාරයන්ට හා ව්‍යාජ වමට එරෙහි මෙම අරගලයේ දේශපාලන පාඩම් එලඹෙමින් ඇති විප්ලවවාදී අරගලයන් සඳහා කම්කරු පන්තිය ප්‍රමුඛ වැඩ කරන ජනයා සූදානම් කිරීමෙහිලා තීරනාත්මකය.

දේශන මාලාවේ මාතෘකා: සහ පවත්වන ස්ථාන

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පිහිටුවීම

ජූලි 12 සවස 4.00- ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රය, කොටා පාර -බොරැල්ල

ජූලි 20 සවස 4.00-මහනුවර ජනමැඳුර ශාලාව, ගුඞ්ස් ෂෙඞ් බස්නැවතුම අසල

අගෝස්තු 5 සවස 3.00-ගාල්ල නගර සභා ක්‍රීඩා මන්ඩපය

වර්ගවාදී යුද්ධයට හා බෙදුම්වාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය

අගෝස්තු 2 සවස 4.00-ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රය, කොටා පාර -බොරැල්ල

අගෝස්තු 15 සවස 4.00-මහනුවර ජනමැඳුර ශාලාව, ගුඞ්ස් ෂෙඞ් බස්නැවතුම අසල

අගෝස්තු 26 සවස 3.00-ගාල්ල නගර සභා ක්‍රීඩා මන්ඩපය

ධනපති ආන්ඩු වලට විරුද්ධව සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන

අගෝස්තු 16 සවස 4.00-ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රය, කොටා පාර -බොරැල්ල

සැප්තැම්බර් 04 සවස 4.00-මහනුවර ජනමැඳුර ශාලාව ගුඞ්ස් ෂෙඞ් බස්නැවතුම අසල

සැප්තැම්බර් 09 සවස 3.00-ගාල්ල නගර සභා ක්‍රීඩා මන්ඩපය

සුලු ධනපති ජාතිකවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය

අගෝස්තු 30 සවස 4.00- ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රය, කොටා පාර -බොරැල්ල

සැප්තැම්බර් 27 සවස 4.00-මහනුවර ජනමැඳුර ශාලාව, ගුඞ්ස් ෂෙඞ් බස්නැවතුම අසල

සැප්තැම්බර් 23 සවස 3.00-ගාල්ල නගර සභා ක්‍රීඩා මන්ඩපය

Share this article: