ට්‍රම්ප් චීනයට එරෙහි වෙලඳ යුද්ධයේ පලමු වෙඩි මුරය පත්තු කරයි

Trump fires opening shot in trade war against China

නික් බීම්ස් විසිනි , 2018 ජූලි 6

1974 ඇමරිකානු වෙලඳ පනතේ 301 වන වගන්තිය යටතේ, බිලියන 34ක් වන චීන භාන්ඩ වලට මධ්‍යම රාත්‍රියේ සිට පනවා ඇති බදු ඉදිරියේදී තවත් බිලියන 16න් පුලුල් කරන බවට ට්‍රම්ප් ආන්ඩුව තර්ජනය කර ඇත.

මෙම ක්‍රියාව චීනයට එරෙහි වෙලඳ යුද්ධයේ පලමු වෙඩි මුරයයි. ට්‍රම්ප් 5දා මාධ්‍යවේදීන්ට පැවසුවේ, තවත් දේ ඉදිරියේදී එන බවයි. නොවැලැක්විය හැකි ගැටුම පැතිරයාම කෙරෙහි අවධානය යොමු කල ඔබාමා ආන්ඩුවේ හිටපු නියෝජ්‍ය වෙලඳ නියෝජිත රොබට් හොලිමන් මෙසේ පැවසීය: “තීරුබදු පැනවීමේ තර්ජනය ක්‍රියාත්මක වීමෙන් පෙන්නුම් කරන්නේ, ගැටුම සැබෑ එකක් බවයි. අප පිටවීමේ මඟක් සොයා නොගතහොත් මෙය, හිම බෝලයක් පහලට පෙරලීමේ දී සිදුවන ලෙසින් වේගවත් වනු ඇත.”

චීනය වහාම ප්‍රතිචාර දනවනු ඇතැයි පැවසීය. “එකම ප්‍රමානයෙන්, එකම වේගයකින්” සෝයා බෝංචි හා ක්‍රීඩා පහසුකම් සැලසීමේ වාහන (SUVs) වැනි දේ ඉලක්ක කෙරෙනු ඇත.

දෙපැත්තම ප්‍රසිද්ධියට පත්කර තිබෙන ලැයිස්තු වලට අනුව, ඇමරිකානු තීරුබදු චීනයේ භාන්ඩ 818 ක පරාසයකට විහිදෙන අතර චීනය ඇමරිකානු භාන්ඩ 545ක පරාසයක් ඉලක්ක කරයි.

ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ, චීන ප්‍රතික්‍රියාවන්ට ඇමරිකාව කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත් ද යන්නයි. අද ක්‍රියාත්මකවන දෑ වලට තුඩුදුන් වචන හරඹය තුල ට්‍රම්ප්, බීජිනය ඇමරිකාවට ප්‍රතිප්‍රහාර එල්ල කලහොත්, තවත් බිලියන 400ක් වටිනා චීන භාන්ඩ වලට අමතර තීරු බදු පනවන බවට තර්ජනය කර තිබුනි.

විශාලතම ආර්ථිකයන් දෙකේ අන්තර් සම්බන්ධතාවන්ගේ අර්ථය, පැතිර යන වෙලඳ යුද්ධයට ලොව පුරාම සමාගම් සම්බන්ධවනු ඇති බවයි. ප්‍රතිවිපාක ගැන අනතුරු අඟවමින් ඇමරිකානු කෘෂිකර්මයට සම්බන්ධ යෝධ සමාගමක් වන කාගිල්හි ජ්‍යෙෂ්ඨ විධායක බෘස් බ්ලැක්මන් මෙසේ පවසයි: “වෙලඳ ගැටුමේ බලපෑම ලෝක වර්ධනයටත් රැකියා නිර්මානයටත් බරපතල ප්‍රතිවිපාක දනවනු ඇත. එයින් වඩාත්ම පීඩාවට පත්වනු ඇත්තේ, ගෝලීයව පැතිර ඇති වඩාත්ම දුර්වල තැන්ය.”

චීනය ඉලක්ක කර ඇති ඇමරිකානු පියවර අනෙක් අතට ඇමරිකාවේම හා එහි ක්‍රියාත්මක වන අනෙකුත් විදේශික සමාගම් වලට ද බලපායි. දැවැන්ත සමාගම්වල ක්‍රියාකාරිත්වය එකට වෙලී තිබීමේ තත්වය එවැනිය. 5දා බීජිනයේ පැවති මාධ්‍ය හමුවකදී චීන වෙලඳ අමාත්‍යාංශයේ ප්‍රකාශක ගාඕ ෆෙන් මෙසේ පැවසීය: “එක්සත් ජනපදය ලෝකයට වෙඩි තියන්නේ තමන්ට ද වදින පරිදිය.”

ගාඕ පෙන්වාදෙන පරිදි, ට්‍රම්ප් ආන්ඩුව විසින් ඉලක්ක කර ඇති බිලියන 20ක් වටිනා චීනයේ නිෂ්පාදනය කරන භාන්ඩ සාදන්නේ ඇමරිකාව ද ඇතුලු විදේශ සමාගම්ය. ඇමරිකාව තුල ක්‍රියාත්මක වන විදේශික සමාගම්වල චීන අපනයන ගැටුම තුලට ඇද දමනු ලැබේ. ඇමරිකාව තුල නිමවා චීනයට නිර්යාත කරන බීඑම්ඩබ්ලිව් හා ඩෙම්ලර් යන ජර්මානු සමාගම්වල සුව් මොටර් රථ, දැන් සියයට 40ක් තීරු බදු පැනවීමකට මුහුනපාන අතර එම නිසා ටොයොටා වැනි එම බද්දට හසු නොවන එහි එදිරිවාදීන් ට එරෙහිව නරක තත්වයකට මුහුන දේ.

එසේම ජර්මානු හා අනෙකුත් මෝටර් රථ සමාගම්වල ආනයන, ඇමරිකාවේ “ජාතික ආරක්ෂාවට” තර්ජනයක් දැයි පරීක්ෂා කිරීමෙන් පසුව ට්‍රම්ප් ආන්ඩුව ඒවාට, සියයට 25ක තරම් ඉහල තීරු බදු පැනවීමේ විභවාත්මක තර්ජනයකට ද මුහුන පායි. ට්‍රම්ප් පවසන පරිදි ඔහුට, 1962 වෙලඳාම පුලුල් කිරීමේ පනතෙහි 232න වගන්තිය යටතේ කෙරෙන පරීක්ෂනයෙහි ප්‍රතිපල ඉදිරි සති තුන හෝ හතර තුල දැනගත හැකි වනු ඇත.

ඇමරිකාවේ චේම්බර් ඔෆ් කොමර්ස් (වානිජ මන්ඩලය) යන විශාලතම ව්‍යාපාරික බලපෑම් කිරීමේ කන්ඩායම ට්‍රම්ප් ගෝලීය වෙලඳ යුද්ධයක අවදානම මතු කරන බව පවසයි. ඇමරිකාව “ඒ සා පරිශ්‍රමයකින් සාක්ෂාත් කරගෙන තිබෙන ආර්ථික ප්‍රගතියට ට්‍රම්ප් පාලනය තර්ජනය කරයි,” යනුවෙන් එහි සභාපති ටොම් ඩොනහිව් රොයිටර් වෙත පවසා තිබේ. “අප උත්සාහ කල යුත්තේ නිදහස් හා සාධාරන වෙලඳාමක් සඳහා ය, එහෙත් එය අත්කර ගැනීමේ මග මෙය නොවේ.”

වටිනාකම් දාමය සිය “2025දී චීනයේ නිපදවන ලදී” සැලස්ම යටතට ගැනීමට බීජිනය දරන ව්‍යායාමයට පහර ගැසීමේ ට්‍රම්ප් ආන්ඩුවේ උත්සාහයට අනුකූලව ඇමරිකානු පියවර එල්ලවී ඇත්තේ, චීනයේ අධි තාක්ෂනික කර්මාන්තයටය.

ප්‍රමුඛ චීන විරෝධියෙකු වන ධවල මන්ඳිරයේ ආර්ථික උපදේශක පීටර් නවාරෝ මෙසේ පැවසීය. “චීනය ඉලක්ක කරන්නේ ඇමරිකානු කර්මාන්තයේ අනාගතයයි. මෙම නැඟී එන කර්මාන්ත චීනය විසින් සාර්ථක ලෙස අත්පත් කර ගතහොත් ඇමරිකාවට ආර්ථික අනාගතයක් නැතැයි යන්න අන් කවරෙකුටත් වඩා හොඳින් වටහාගෙන ඇත්තේ” ට්‍රම්ප්ය.

ආන්ඩුවේ සිටින නවාරෝ හා අනෙක් අය අවධාරනය කර ඇත්තේ, ආර්ථික සුරක්ෂිතකම අනිවාර්යයෙන්ම ජාතික ආරක්ෂාවට බැඳී ඇති බවත්, අධි තාක්ෂනික ක්ෂේත්‍රයේ චීනයේ නැඟීම, සුපිරි ඇමරිකානු මිලිටරි අධිකාරයට වලකැපීමට තර්ජනය කරන බවත්ය.

මෙම දැක්ම ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රමුඛ සාමාජිකයින් ද දරා සිටියි. සෙනේට් සභාවේ සුලුතරයේ කන්ඩායම් නායක චාල්ස් ෂූමර් පසුගිය සතියේ, චීනය කෙරෙහි දැඩි ආකල්පයක් නොගැනීම මත ට්‍රම්ප් ආන්ඩුව විවේචනය කලේය. “පරම්පරා ගනනක් යන තෙක්” ඇමරිකානු ආර්ථිකයට හානිදායක වන සිය හැසිරීම වෙනස්කර ගැනීමට බීජිනය අසමත්වී ඇතැයි ඔහු පැවසීය.

එහෙත් අවසන් නිමැවුම සඳහා වන ක්‍රියාවලියේදී උපාංඟ දේශසීමා හරහා හුවමාරු වන අධි තාක්ෂනික ක්ෂේත්‍රයේ වර්ධනයෙහි එකාග්‍ර ස්වභාවයේ අර්ථය, වෙලඳ යුද්ධයේ පියවරයන්ගෙන් ඇමරිකානු සමාගම් වලට ද පහර වදිනු ඇතැයි යන්නයි.

ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තාවකට අනුව, තීරුබදු පැනවීමේ අර්ථය ඇමරිකානු මෘදුකාංග නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම නම්, එය අසාර්ථකවී තිබේ. “වොෂින්ටනයේ අර්ධ සන්නායක කර්මාන්ත සංගමයට අනුව, අර්ධ සන්නායක සැපයුම් දාමයේ සංකීර්නත්වයෙහි අර්ථය, තීරු බදු මඟින් එක්සත් ජනපද සමාගම් එහි දී සිය එදිරිවාදීන්ට වඩා බැට කන බවයි.”

ඇමරිකානු කර්මාන්තයේ ප්‍රමුඛ කොටස් හා දේශපාලන සංස්ථාපිතය අවධාරනය කරන්නේ, අධි තාක්ෂනික මෙවලම් සංවර්ධනය කිරීමේ චීන උත්සාහයට එරෙහිව කටයුතු කරද්දී, කැනඩාව, ජපානය හා යුරෝපීය සංගමය වැනි එහි විභවාත්මක මිතුරන්ට එරෙහිව ද තීරු බදු පැනවීමෙන් එහි තත්වය පිරිහෙලන බවයි.

මෙම දැක්ම ඔහියෝහි රිපබ්ලිකානු ආන්ඩුකාර ජෝන් කැසික් විසින් ලියන ලදෆිනෑන්ෂල් ටයිම්ස් තීරුවකින් 5දා සාරාංශගත කර තිබේ. ඔහු මෙසේ ලිවීය. “නිදහස සඳහා කල ඇමරිකාවේ පලමු යුද්ධය පටන් ගැනීමේදී, ‘වෙඩිල්ල ලොව පුරාවට ඇසුනි’, කනගාටුවට කාරනය නම්, එක්සත් ජනපද ආර්ථිකයේ නිදහස ආරක්ෂා කිරීමට යයි කියනු ලබන වෙලඳ යුද්ධයක අලුත්ම අදියර පටන්ගන්නේ (තම) කකුලට වෙඩිතබා ගැනීමෙන් වීමය.”

කැසික් විසින් කියනු ලබන “බුද්ධිමය දෙපොල අයිතීන්ට චීනය ගරු නොකිරීමේත්,” අනෙකුත් ජාතීන් “තෝරාගත් කර්මාන්ත අසමාන ලෙස ආරක්ෂා කිරීමේත්” පිලිවෙතින් හානියට පත් වාතාවරනය අවසන් කල යුතුව ඇත. “අසාධාරන වෙලඳ ගනුදෙනු” වලින් නිදහස් වන පරිදි ලෝක වෙලඳ සංවිධානයේ කටයුතු නවීකරනය කල යුතුය.

කැසී තවදුරටත් පවසන්නේ, “ලෝක වෙලඳාම් පද්ධතිය නවීකරනය කිරීමට නම් නවීකරනය සඳහා දෙයක් ඉතිරිව තිබිය යුතු අතර, ගොඩනැඟීමට එක්සත් ජනපදය උදව් කල නීති රීති මත පදනම්ව කටයුතු කරන පද්ධතිය කෙරෙහි ආන්ඩුවේ නොතැකීම හා වෙලඳ සහකරුවන්ට මෙන්ම එදිරිවාදීන්ට ද එකසේ පහර දීමේ ක්‍රියාවලිය, අවසානයට ලේ හලන්නා දිනන්නේය යන පිහි සටනට සමානය. එය අත්‍යවශ්‍ය යටිතල ව්‍යුහය අවදානමේ හෙලයි” යනුවෙනි.

“ශල්‍ය කර්මය සැමවිටම පලමුව ලෙඩා මරන ලෙස ඉල්ලා සිටී” යන ධවල මන්ඳිරයේ මනෝගතියට අනුව, රුසියාව හා චීනය වැනි අයට එරෙහිව “ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යම නිදහස රැකගැනීමට” ඇමරිකාවට ඉතුරු වන්නේ සහකරුවන් ස්වල්ප දෙනෙක් පමනි.

මෙම දැක්මට අනුව, ඇමරිකානු ආර්ථික හා මිලිටරි අධිකාරයේ විභව තර්ජන සටන් කර ජයගත යුතුය, එහෙත් ට්‍රම්ප් ආන්ඩුව ඒ සඳහා ගමන් කරන්නේ වැරදි පාරේය.

ෆිනෑන්ෂල් ටයිම්ස්හි ආර්ථික විශ්ලේෂක මාටින් වුල්ෆ්, ඇමරිකාවේ ජාතික ආරක්ෂාව හුවාදැක්වීමේ නාමයෙන් ගෙන යන “ලිබරල් පර්යායට එරෙහි ට්‍රම්ප්ගේ යුද්ධය” නම් සිරස්තලය යටතේ 4දා තීරුවක් ලිවීය. වෙලඳ අර්බුද “සැලකිය යුතු තරම් ගැටුම පැතිර යාමේ අවදානම මතු කරමින්, වෙලඳාම හා ජාතික ආරක්ෂාව අතර බෙදුම්කඩනය බිඳ දමනු” ඇත යන පීටර්සන් ජාත්‍යන්තර ආර්ථික ආයතනයේ ඇඩම් පොසෙන් විසින් කරන ලද අනතුරු ඇඟවීමක් ඔහු ගෙනහැර දක්වයි.

වෙනත් වචන වලින් කිවහොත්, ජාතික ආරක්ෂාව, ආර්ථික සම්බන්ධතාවන් සමඟ කවලම් කිරීමෙන් මිලිටරි ගැටුමක අවදානම වැඩි කරන බවයි.

“මුග්ධත්වය හා කෝපය මඟින් දුවවන ට්‍රම්ප්ගේ පටු අන්තර්ක්‍රියාකාරී ප්‍රවිෂ්ටය, විනාශයේ අවදානම මතු කරයි. පශ්චාත් යුද්ධ ආර්ථික හා ආරක්ෂක පර්යායේ පදනම්.... දැන් සැක සහිතය” යනුවෙන් වුල්ෆ් ලිවීය.

එහෙත් “ව්‍යසනයේ” තර්ජනය, වර්තමානයේ ධවල මන්ඳිරය අරක්ගෙන සිටින පුද්ගලයාගේ මනෝ භාවයෙන් ගලාඑන්නක් නොවේ. එය ගලා එන්නේ, ගෝලීයකරනයවූ නිෂ්පාදනයේ -ලොව පුරා කම්කරුවන්ගේ ශ්‍රමයෙහි සංකීර්න ඒකාග්‍රතාවේ- ධනවාදී පර්යාය හා ලෝකය ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් ලෙස බෙදී තිබීම සමඟ ගැටුමෙනි. එහිදී මහ බලවතුන් තම තමන්ගේ තත්වය නැංවීමට උත්සාහ කරන්නේ, සිය “මූලෝපායික තරඟකරුවන්ට” එරෙහිවය.

මෙම ප්‍රතිඝතිතා සිය ප්‍රකාශනය අත්කර ගන්නේ, අද දවසේ චීනයට මෙන්ම අනෙකුත් ඇමරිකානු ප්‍රතිවාදීන්ට එරෙහිව, අනෙකුන් ද ඒ මගම අනුයනු ඇති, ට්‍රම්ප් විසින් ආරම්භ කර තිබෙන වෙලඳ යුද්ධ පියවර තුලය.

Share this article: