ශ්‍රී ලංකාවේ සසප, 50 වන සංවත්සරය නිමිත්තෙන් බලගතු රැස්වීමක් පවත්වයි

SEP in Sri Lanka holds powerful 50th anniversary meeting

අපගේ වාර්තාකරුවන් විසිනි, 2018 ජූනි 27

සමාජවාදී සමානතා පක්ෂය ජූනි 22දින කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී සිය 50 වන සංවත්සරය සැමරීමේ සාර්ථක ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්විය. එම අවස්ථාවට පක්ෂ සාමාජිකයින්, ආදාරකරුවන් කම්කරුවන් හා තරුනයින් 150ක් පමන සහභාගී වූහ.

ෆේස්බුක් ඔස්සේ සජීවී ලෙස විකාශනය කල රැස්වීම ලොව පුරා ප්‍රේක්ෂකයින් 500ක් පමන අන්තර්ජාලය ඔස්සේ නැරඹීය. මෙම රැස්වීම වනාහි එලඹෙන දෙමස තුල රටේ විවිධ නගරවල පැවැත්වෙන රැස්වීම් හා දේශන මාලාවේ පලමුවැන්නයි.

කේ. රත්නායක

සසප දේශපාලන කමිටුවේ කේ. රත්නායක රැස්වීමේ මුලසුන දරමින් පැමින සිටි අය පිලිගත්තේය. 1968 ජූනි 16-17 දෙදින තුල කොලඹදී පැවැත්වූ ආරම්භක සමුලුවේදී සසප පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) පිහිටුවාගත් බව ඔහු පැහැදිලි කලේය. එය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව ලෙස ස්ථාපිත කරන ලදී.

මූලාසනය විසින්, 1987 දෙසැම්බරයේ අකල් මරනයකට ගොදුරුවන තෙක් පක්ෂයට නායකත්වය දුන් හා විකොස ආරම්භක ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරියට ද පක්ෂය පිහිටුවීමේදී හා එහි මුල් කාලීන වර්ධනයේදී ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටු කල විල්ප්‍රඩ් පෙරෙයිරා (ස්පයික්) ට ද පක්ෂය ගොඩනැඟීමට සිය ජීවිත කැපකල සියල්ලන්ට ද ප්‍රනාමය පුදකරන ලදී.

විකොස පිහිටුවන ලද්දේ ලෝක සමාජවාදී විප්ලවය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ද දකුනු ආසියානු කලාපයේ ද කම්කරු පන්තියට විප්ලවවාදී නායකත්වය සම්පාදනය කිරීම සඳහා බව රත්නායක පැවසීය. විකොස ගොඩනැගූ අයට අවශ්‍ය දේශපාලන හා න්‍යායික මඟපෙන්වීම සම්පාදනය කිරීමේදී හජාජාක ඉටුකල තීරනාත්මක භූමිකාව ඔහු විමර්ශනය කලේය. එසේම ඔහු, බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) සමඟ 1985-86 ඇතිවූ භේදය ද 1995-96 හජාජාක ශාඛා ලීගයන්ගේ සිට පක්ෂ බවට පරිවර්තනය වීම ද යන වැදගත් සන්ධිස්ථාන ගැන ද විමසුමක් කලේය.

කවිප සමඟ හජාජාක භේදය, අව්‍යාජ ට්‍රොට්ස්කිවාදීන් විසින් පැබ්ලෝවාදී අවස්ථාවාදය තීරනාත්මක ලෙස පරාජය කිරීම නියෝජනය කලේය. දෙවන සන්ධිස්ථානය සලකුනු කලේ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය සඳහා සෘජු වගකීම හජාජාක විසින් බාරගනු ලැබීමයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවි ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් එවන ලද ශුභ පැතුම්, සසප සහකාර ලේකම් දීපාල් ජයසේකර විසින් රැස්වීමට ඉදිරිපත් කරන ලද අතර එය වෙනම පල කෙරේ.

විලානි පීරිස්

සසප දේශපාලන කමිටුවේ විලානි පීරිස් පෙන්වා දුන්නේ, විකොස/සසප 50 වන සංවත්සරය පවත්වන්නේ ලෝක ධනවාදයේ උග්‍ර අර්බුදයක් මධ්‍යයේ බවයි. “ආරම්භයේ පටන්ම විකොස සිය වැඩ කටයුතු පදනම් කලේ ස්ථිරසාර ජාත්‍යන්තර පදනමක” බව ඇය පැවසුවාය.

ලෝසවෙඅ ජූනි 17දා පල කල සසප ප්‍රකාශයෙන් උපුටා දක්වමින් පීරිස්, ට්‍රොට්ස්කිවාදය සඳහා සටන් වැදීමට අවශ්‍යවූ තරුනයින් කන්ඩායමක් විකොස පිහිටු වීමට මූලිකත්වය ගත් බව පැවසුවාය.

සමුලුවේදී සම්මත කරගත් යෝජනා අතර, ස්ටැලින්වාදීන් විසින් 1968 ප්‍රන්ස මහා වැඩවර්ජනය පාවාදීම හෙලාදැකීමේ ද ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව වියට්නාම් කම්කරුවන් හා ගොවි ජනතාව ගෙනගිය අරගලයට සහාය දැක්වීමේ යෝජනා ද විය.

කපිල ප්‍රනාන්දු

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරයේ කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු ද කලාපය තුල නොනවතින විප්ලවයේ ක්‍රියාමාර්ගය මත පදනම්ව විකොස හා කලාපය තුල පක්ෂ ගොඩනැඟීම සඳහා ගෙනගිය අරගලයේදී තරුනයින් ඉටුකල තීරනාත්මක භූමිකාව කෙරෙහි සැලකිල්ල යොමු කලේය.

“විකොස පිහිටුවන අවධියේ කම්කරු පන්තිය, තරුනයින් හා පීඩිත ජනතාව මත දේශපාලන අධිකාරය දරන ලද ලංකා සමසමාජ පක්ෂය (ලසසප) ද ධනේශ්වර ජාතිකවාදී හා ජවිපෙ වැනි සුලු ධනපති ව්‍යාපාර ද දේශපාලනිකව බංකොලොත් බව සනාථ කෙරී ඇත.

“50 වසරක ඇවෑමෙන් මේ සියලු කොටස් අධිරාජ්‍යවාදයේ හෙංචයියන් බවට පත්ව ඇත.”

සසප ප්‍රධාන ලේකම් හා ලොසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සාමාජික විජේ ඩයස් ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කරමින්, ට්‍රොට්ස්කි 1921 තුන්වන ජාත්‍යන්තරය අමතා කල කථාවෙන් කොටසක් උපුටා දැක්වීය: “යුරෝපයේ ද ලෝකය පුරා ද කම්කරු පන්තියේ කර්තව්‍ය සමන්විත වන්නේ, ධනේශ්වරය හොඳින් හිතාමතා ගෙනයනු ලබන ප්‍රතිවිප්ලවවාදී මූලෝපායට එරෙහිව, අවසානය දක්වාම හොඳින් හිතාමතා තමන්ගේම විප්ලවවාදී මූලෝපාය මත පිහිටා සිටීමයි.”

ට්‍රොට්ස්කිගේ කථාව, “1968දී විකොස පිහිටුවා ගැනීමේ දී අපි මඟපෙන්වීම ලෙස ගත්තෙමු. පක්ෂයේ ආරම්භක නියමුවන් එවක් පටන් කිසිවිටෙකත් නොසැලී සිටගත් පදනම වූයේ එයයි.”

“මුලින් කථාවලින් පෙන්වාදුන් පරිදි, එවක අප මුහුනපෑ කටුක දේශපාලන අත්දැකීම වූයේ, සිරිමා බන්ඩාරනායකගේ බිඳ වැටෙමින් තිබුනු ධනපති ආන්ඩුවට මුක්කු ගැසීමට ඉදිරිපත් වෙමින්, ලසසපය 1964දී කල පාවාදීමයි. ආන්ඩුවට අභියෝගයක් ලෙස ගොඩනැගෙමින් තිබුන කම්කරු පන්තියේ ඉල්ලීම් 21 ව්‍යාපාරය විසුරුවා හැරීම මෙම පාවාදීමේ වඩාත්ම නින්දිත ප්‍රතිපලය වූ බව පොදුවේ පිලිගනු ලබයි. එහෙත් එය පාවාදීමේ ක්ෂනික ප්‍රතිපලය පමනි.

ඉමහත් ව්‍යසනය වූයේ, පශ්චාත් දෙවන ලෝක යුද්ධය අවධියේ දකුනු ආසියානු ධනේශ්වරය වෙත ව්‍යාජ නිදහස ප්‍රධානය කිරීමෙන් ඉක්බිත්තෙහි පැවතියාවූ දිග්ගැස්සුන සමාජ ප්‍රශ්න විසඳිය හැක්කේ, ශ්‍රී ලංකාවේ ද දකුනු ආසියාව පුරා ද කම්කරුවන් හා මිලියන සංඛ්‍යාත පීඩිතයින්ගේ ද අරගලය තුලින් පමනක් බවට ට්‍රොට්ස්කිවාදීන් ගෙනගිය සටන තුලින් ගොඩනඟනු ලැබූ විශ්වාසය භංඟ වීමය.

ලසසප පාවාදීමේ ප්‍රතිපලය ලෙස මතුව ආ මාධ්‍යමික හා සුලු ධනපති දේශපාලන සංවිධාන අතර වූයේ, විකොස පිහිටුවීමට මුල්වූ කන්ඩායමට ගමන් කිරීමට සිදුවූ ශක්ති හා පසුකාලීනව විරෝධය නමින් හැඳින්වූ සංවිධාන පමනක් නොවේ.

ලසසප පාවාදීමෙන් පසුව දිවයිනේ ද ඉන්දියානු උප මහාද්වීපයේ වෙනත් තැන්වල ද දුසිමක් තරම් තරුන කන්ඩායම් මතු විය. එවැනි විවිධ සුලු ධනපති රැඩිකල් කන්ඩායම් අතර වඩාත් කැපී පෙනුනේ, ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුනත් ඉන්දියාවේ නැක්සලයිට් ව්‍යාපාරයත්ය.” ඩයස් පැවසීය.

රැස්වීමට සහභාගී වූ අයගෙන් කොටසක්

මොස්කව් ස්ටැලින්වාදී නිලධරය හා ඔවුන්ගේ දේශීය සහචරයින් තරයේම අපකීර්තියට පත්ව සිටි තතු තුල මෙම නව තරුන කන්ඩායම් බොහොමයක් බීජිනයේ ස්ටැලින්වාදීන් වෙත හෝ කියුබාවේ කැස්ට්‍රෝවාදීන් වෙත හැරුනු බව කතිකයා පැහැදිලිකලේය.

විකොස මූලාරම්භයන් විස්තර කරමින් ඩයස්, “අපගේ දිශානුගතවීම මුලුමනින්ම වෙනස් වූවකි. අනුභූතිකව කටයුතු නොකල අපට අවශ්‍ය වුනේ, ලසසපයට සිදුවුනේ කුමක්දැයි සොයාගැනීමටයි. හජාජාක මඟපෙන්වීමෙන් තොරව අපට මෙය වටහාගත නොහැකි වනු ඇත.

හජාජාක හා බි්‍රතාන්‍යයේ සමාජවාදී කම්කරු සංගමය (එස්එල්එල්) ඉටු කරන ලද භූමිකාව ඔහු පැහැදිලි කලේය. “1964 ජූනි මාසයේ පැවති ලසසප සමුලුව අවධියේ එස්එල්එල් ප්‍රධාන ලේකම් ජෙරී හීලිගේ මැදිහත්වීමෙන් පසුව අපට, හජාජාක නියෝජිතයින් ලෙස සහෝදරයින් වූ මයික් හා ටෝනි බන්ඩා කල සංචාරයන්හි වාසිය ද ලැබුනි.

ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ විශේෂයෙන්ම, ලසසප පාවාදීමේ සැලසුම්කරුවන් වූ පැබ්ලෝවාදී සංශෝධනවාදීන් සමඟ යලි එකමුතුවීම සඳහා හජාජාක අතහැර ගිය ඇමරිකාවේ සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී) සමග 1961-63 ඇතිවූ භේදය පිලිබඳ ලියවිලි පාදක කර ගනිමින්, අපි ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය හැදෑරීම කරා යොමුවුනෙමු. ඒවා අපගේ ඉදිරි ගමන් මාවත ආලෝකමත් කල දේශපාලන මානික්‍යයන් සම්පාදනය කලේය.”

1963 හජාජාක ඉදිරිදර්ශන හා නොනවතින විප්ලව න්‍යායේ මූලික උපකල්පනයන් ඇතුලත් නව ප්‍රකාශයේ ලියවිලි කෙරේ ඩයස් අවධානය යොමු කලේය.

මෙම ලියවිල්ල “ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලී විභවයන් පිලිබඳව ලසසපය මැතිරූ සුරංඟනා කථාවල ප්‍රතිගාමිත්වය මෙන්ම සියලු රැඩිකල් කන්ඩායම්වල සුලු ධනපති ‘සමාජවාදී ඉදිරිදර්ශනයන්‘ ද කීතු කර දැමීය. ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ කම්කරු පන්තිය තුල විකොස ගොඩනැඟීම පිනිස අප ගෙනගිය සටන ශක්තිමත් කරනු ලැබුවේ මෙම න්‍යායික පදනම් මඟිනි.

1987දී අකල් මරනයකට පාත්‍රවන තෙක්ම විකොසට නායකත්වය දුන් කීර්ති බාලසූරිය, ලසසපයේ ද්‍රෝහීත්වය මෙන්ම 1970 ධනපති හවුල් ආන්ඩුවේ සහචරයින් බවට පත්වූ ස්ටැලින්වාදීන් ද ජවිපෙ හා ඉන්දියාවේ නැක්සලයිට් ක්‍රියාමාර්ගයන්හි බංකොලොත් කම ද තියුනු ලෙස හෙලිදරව් කලේය.

“විකොස ආයාමය පක්ෂයේ පලමු දශකයක කාලය තුල වේගයෙන් ඉහල නැඟුනි. එය සිදුවුනේ, 1968-1975 අවධියේ දියුනු රටවල කම්කරු පන්තියේ මෙන්ම අර්ධ යටත් විජිත රටවල ජනතාවගේ විප්ලවවාදී අරගල මාලාවක් මධ්‍යයේය.”

විජේ ඩයස්

විකොස/සසප 50 වසරක සමස්ත ඉතිහාසය විවරනය කිරීමට රැස්වීමේ කාලය ප්‍රමානවත් නොවන නමුත් 1985-86 බි්‍රතාන්‍ය කවිපයේ භ්‍රෂ්ඨයින්ගෙන් බිඳීමෙන් පසුව හජාජාක දේශපාලන වැඩකටයුතුවල වර්ධනය කෙටියෙන් සලකා බැලිය හැකි බව ඩයස් රැස්වීමට පැවසීය.

“ශ්‍රී ලංකාව පිලිබඳ 1987 නොවැම්බර් හජාජාක ප්‍රකාශනය හා ඉන්පසුව, එල්ටීටීඊය පරාජය කර කොලඹ ආන්ඩුව ස්ථාවර කිරීම සඳහා රට තුල ඉන්දියානු ආන්ඩුවේ මිලිටරි මැදිහත්වීම පිලිබඳව කල විශ්ලේෂන ඔහු ගෙනහැර දැක්වීය. කීර්තිගේ ද සහභාගිත්වයෙන්, හජාජාක එවක වර්ධනය කල ඉදිරිදර්ශනය, ඉන්දීය උප මහාද්වීපයේ කම්කරු පන්ති අරගල ඒකාබද්ධ කිරීම තුලින් ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන පැහැදිලි ක්‍රියාමාර්ගයකි.

1996දී විකොස සසප බවට පත්කිරීමත්, 1998දී ලොසවෙඅ දියත් කිරීමත්, ශ්‍රී ලංකාවේ සසප ද ඇතුලු, හජාජාක සෑම ශාඛාවකම දේශපාලනික, න්‍යායික හා ප්‍රායෝගික වැඩකටයුතුවල ඉහල අදියරක් සලකුනු කලේය.

මේ සියල්ල, සමානවූ විප්ලවවාදී සමාජවාදී මූලෝපායක් කම්කරු පන්තියට ඉදිරිපත් කරන ලෝක පක්ෂය, දැනුවත්ව සූදානම් කිරීමයි. මෙය, ලෝක ආර්ථික පර්යායේ දිග්ගැස්සුන කඩාවැටීමත් ලෝකය පුරා පන්ති අරගලයන්ගේ වර්ධනයෙහි නව රැල්ලක් සමඟ සම්පාත වේ.”

ඩයස් සිය කථාව අවසන් කලේ, අන්තර්ජාල වාරනයට එරෙහිවත් විකිලීක්ස් කතෘ ජුලියන් අසාන්ජ් නිදහස් කරන ලෙස බල කරමිනුත් හජාජාක හා ලෝසවෙඅ විසින් ගෙනයනු ලබන ජාත්‍යන්තර ඒකාබද්ධ ව්‍යාපාරය ගැන සඳහන් කරමිනි. “කම්කරු පන්තියේ දේශපාලන නායකත්වය ලෙස ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අනාගත ජයග්‍රහනයන් පිලිබඳව මේවා පොරොන්දුය.”

සංක්‍රමනිකයින්ට එරෙහි ට්‍රම්ප් ආන්ඩුවේ ප්‍රහාරයන්ට විරුද්ධ හජාජාක උද්ඝෝෂන ව්‍යාපාරයට සහාය පලකරමින් ඉදිරිපත් කල යෝජනාව රැස්වීමේදී ඒකමතිකව අනුමත විය.

Share this article: