ඕස්ට්‍රේලියාවේ සසප ජාතික ලේකම්, ජුලියන් අසාන්ජ් නිදහස් කරගැනීමට කටයුතු කරන ලෙස එරට ආන්ඩුව ට බලකරයි

SEP Australia national secretary demands Australian government act to free Julian Assange

ජේම්ස් කොගන් විසිනි, 2018 ජුනි 14

ජුනි 13 දා සිඩ්නි නුවර පැවත්වුනු පුවත් පත් සාකච්ඡාවට ඕස්ට්‍රේලියාවේ සසප ජාතික ලේකම් ජේම්ස් කොගන් විසින් කරන ලද ප්‍රකාශය .

සමාජවාදී සමානතා පක්ෂය ජුනි 17 ඉරිදා පස්වරු 1ට සිඩ්නි නුවර නගර ශාලා චාතුරශ්‍රයේ දී විකිලික්ස් කර්තෘ ජුලියන් අසාන්ජ් ගේ ආරක්ෂාව සඳහා දේශපාලන පෙලපාලියක් සංවිධානය කර තිබේ.

එම ඉරුදිනයේ දී අප, මාධ්‍යවේදී ජෝන් පිල්ජර් සමග එක්ව එක් කේන්ද්‍රීය ඉල්ලීමක් ඉදිරිපත් කරමු:

අසාන්ජ් ගැන ජේම්ස් කොගන් විසින් කරන ලද ප්‍රකාශය

ඕස්ට්‍රේලියානු ආන්ඩුව එය සතුව නැතයි කිව නොහැකි රාජ්‍යතාන්ත්‍රික බලය ද නැතැයි කිව නොහැකි නීතිමය විකල්පයන් ද යොදාගෙන ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු ද මාධ්‍යවේදියෙකු ද වන ජුලියන් අසාන්ජ් වෙනුවෙන් වහාම ඉදිරිපත් විය යුතු ය.

අසාන්ජ් ලන්ඩන් නුවර ඉක්වදොරියානු තානාපති කාර්යාලය තුල බලයෙන් සිරකරගෙන සිටීම අවසන් කොට, වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කර ගැනීමට ඕස්ට්‍රේලියානු ආන්ඩුව වැඩ කල යුතු වේ.

තානාපති කාර්යාලයෙන් පිටවී යාමට ජුලියන් අසාන්ජ්ට නිදහස ලැබිය යුතු වේ. කැමති නම් එක්සත් රාජධානියෙන් පිටව ඔස්ට්‍රේලියාවට පෙරලා පැමිනීමේ අයිතිය ඔහුට තිබිය යුතු ය.

ඇමරිකානු අධිකාරීන් ඔහු එක්සත් ජනපදය ට උදර්පනය කරවා ගැනීමට කරන කුමන ඉල්ලිමක් හෝ ඔස්ට්‍රේලියාව විසින් ප්‍රතික්ෂේප කරන බවට අගමැති මැල්කම් ටර්න්බුල් හා ලේබර් පක්ෂ නායක බිල් ශෝටන් යන දෙදෙනාම සහතික යුතුය.

ඕස්ට්‍රේලියානු ආන්ඩුව අල් ජසිරාවේ ප්‍රවෘත්ති වේදියෙකු වන, සාවද්‍ය කරුනු මත ඊජිප්තුවේ සිරකර සිටි ඕස්ට්‍රේලියානු පුරවැසි පීටර් ග්‍රෙස්ටි මුදා ගැනීමට සෑහෙන සම්පත් ප්‍රමානයක් යෙද විය.

ජුලියන් අසාන්ජ් ට්‍රම්ප් පාලනාධිකාරයේ නිය පඳුරට හසුවීම වැලැක්වීමට ඕස්ට්‍රේලියානු ආන්ඩුව එසේම නැතිනම් ඊටත් වැඩි සම්පත් යෙදිය යුතු වේ.

අසාන්ජ් අත්අඩංගුවට ගැනීම “ප්‍රමුඛ කටයුත්තක්” ලෙස ට තමන් සලකන බව ට්‍රම්ප්ගේ නීතිපති ජෙෆ් සෙශන්ස් කියා තිබේ. ත්‍යාගලාභී මාධ්‍ය සංවිධානයක් වන විකිලීක්ස්, “රාජ්‍ය නොවන ඔත්තු ආයතනයක්” යයි හිටපු සීඅයිඒ අධ්‍යක්ෂක, දැන් ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ගිය අවුරුද්දේ හංවඩු ගැසීය.

එක්සත් ජනපද ආන්ඩුව ට උවමනා වී ඇත්තේ, එක්සත් ජනපදයේ යුද අපරාධ, රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රන හා නොයෙකුත් ව්‍යාපාරික අපයෝජන පිලිබඳ තොරතුරු ලෝකයට එලිදරව් කිරීමේ කඩාකප්පල්කාරී චෝදනා මත, ජුලියන් අසාන්ජ්ට විරුද්ධව නඩු පැවරීමය.

ඔහුට එරෙහි පලිගැනීමේ කුමන්ත්‍රනය ට්‍රම්ප් බලයට පත් වූ පසුව බෙහෙවින් උත්සන්න වී ඇත. විකිලීක්ස් විසින් 2017 මාර්තු මාසයේදී පටන්, දුරකථන, පරිගනක, සර්වර් යන්ත්‍ර, ස්මාට් රූපවාහිනී සහ වාහනවල පරිගනක පද්ධතීන්ට පවා හොරෙන් ඇහුම්කන් දී එමගින් ඇමරිකාවේ ද ලෝකය පුරා ද කෝටි සංඛ්‍යාත ජනතාවගේ පනිවුඩ හුවමාරු පිලිබඳ ඔත්තු බැලීමට සීඅයිඒ සංවිධානයට. ඉඩ සලසන පරිදි, “වෝල්ට් 7 ලීක්ස් [කාන්දු] කිරීමෙන්, එහි මහා පරිමාන කුමන්ත්‍රනය හෙලි කිරීමට මුල පිරුවේ ය.

වෝල්ට් 7 කාන්දුව ආරම්භ කිරීමත් සමග එක්සත් ජනපද රාජ්‍ය යන්ත්‍රය, විකිලීක්ස්හි කටවසා අසාන්ජ් නිහඬ කිරීම ට දරන උත්සාහය දැඩි කර ඇත.

ඕස්ට්‍රේලියානු පමනක් නොව ඇමරිකානු නීතිය අනුව වුව ජුලියන් අසාන්ජ් කිසිදු අපරාධයක් සිදු කොට නැත.

2016 නොවැම්බරයේදී, ඔහු කලා යයි කිවූ ලිංගික අපචාර පිලිබඳව අසාන්ජ්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව, ස්වීඩනයේ නඩු පැවරුම් නිලධාරීන් ඔහුට එරෙහි චෝදනා ඉවත් කරගත් පසුව, 2017 මැයි මාසයේදී ඔහුට මඩගැසීමේ ප්‍රයත්නය බිඳ වැටුනි.

ජුලියන් අසාන්ජ් විසින් කරන ලද එකම වැරැද්ද, එයට වැරද්දක් යයි කිව හැකි නම්, ඇප නියෝග පැහැරහැරීමය. ඔහුට එසේ කිරීමට සිදු වුනේ, තමාගෙන් “ප්‍රශ්නවලට” පිලිතුරු ලබා ගැනීමට යයි පවසා ඇමරිකා එක්සත් ජනපදයට උදර්පනය කිරීමට පුලුවන් රටක් තුලට තමාව ගෙනයාමේ කුමන්ත්‍රනයකට නොඅඩු දෙයක් පවතින බවට ඔහු මතු කල සාධාරන සැකය බ්‍රිතාන්‍ය අධිකරනය විසින් යලි යලිත් නෙසලකා හැරීමෙන් පසුව, ඔහුට ඉක්වදෝර් තානාපති කාර්යාලය තුල සරන සෙවීමට සිදුවීමෙනි.

මම අවසාන වශයෙන් කරුනු දෙකක් අවධාරනය කරමි.

ප්‍රථමයෙන් ම ජුලියන් අසාන්ජ්ට මුහුන දීමට සිදුවී තිබෙන්නේ අතිශයින්ම භයානක තත්වයකට ය. අවුරුදු 6ක් තිස්සේ ඔහු මුහුන දී සිටින්නේ, අහේතුක සිරගත කිරීම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරක කන්ඩායම විසින් 2015 දෙසැම්බර් තරම් ඈතදී එය ‘නිදහස අහිමිකිරීම’ මානව අයිතිය ”උල්ලංඝනය කිරීම” ලෙස හෙලාදකිනු ලැබ තිබුනි.

අත්‍යවශ්‍ය වෛද්‍ය පහසුකම් පමනක් නොව සූර්යාලෝකය පවා බ්‍රිතාන්‍ය ආන්ඩුව විසින් ඔහුට නැති කර තිබුනි.

මාර්තු 28 වන දායින් පසුව ඔහු මුහුන දී සිටින්නේ බාහිර ලෝකය සමග කුමන හෝ කතිකාවක් කිරීමේ ඉඩකඩ අහුරාලීම නිසා ඇතිව තිබෙන මානසික ආතතියකටය. ඉක්වදෝර් ආන්ඩුවේ නියෝග පරිදි, නීති උපදේශකයින්ට හැර, ඔස්ට්‍රේලියාවේ ඉන්නා සිය පවුල ද ඇතුලු කිසිදු පෞද්ගලික අමුත්තෙක් පිලිගැනීමේ ඉඩකඩ ඔහුට අහිමිකර ඇත.

ට්‍රම්ප් පාලනාධිකාරය ද බ්‍රිතාන්‍ය ආන්ඩුවද දැන් ඉක්වදෝර් ආන්ඩුවද සිතා මතා ම දරන ප්‍රයත්නයේ ඉලක්කය, හැකි නම් ජුලියන් අසාන්ජ් දනගස්වා, තානාපති කාර්යාලයෙන් එලියට ගෙන, කවරකලකවත් තමා නොකරන ලද අපරාධ වලට අගකිව යතු යයි පිලිගැන්වීමට ඔහුට බලකිරීමය.

භාෂනයේ නිදහස ටද නිදහස් නිර්භීත මාධ්‍යකටද එරෙහිව එල්ල කෙරෙන හැම පහරක් ම, මහා සංගත විසින් කැරෙන සූරා කැම, ආන්ඩුවල කප්පාදුව ද පුලුල් වන සමාජ අසමානත්වය හා මහා බලවතුන් අතර නිරන්තරව උග්‍රවන යුද අන්තරායට ද එරෙහි කම්කරු පන්තිය ට කිරීමට සිදු වී තිබෙන වඩාත් පුලුල් අරගලයට එරෙහි පහරකි.

ඕස්ට්‍රේලියාවේ ද ජාත්‍යන්තරව ද හැම වැඩපලකම කම්කරුවන්ගෙන් මා ඉල්ලා සිටින්නේ රැස්වීම් කැඳවා ජුලියන් අසාන්ජ් සහ විකිලීක්ස් ආරක්ෂා කරන යෝජනා සම්මත කරන ලෙස ය. ලබන ඉරිදා සිඩ්නි නුවර පැවැත්වෙන පෙලපාලියට ද ඔබ ජිවත්වන රට තුල 19 දා පැවැත්වීමට නියමිත පෙලපාලි වලට ද සහභාගී වනලෙස ය.

Share this article: