ව්‍යාජ වම්මු ජුලියන් අසාන්ජ්ට පිටිපස්සෙන් පිහියෙන් අනිති

The pseudo-left stabs Assange in the back

ආන්ද්‍රේ ඩැමොන් විසිනි , 2018 ජුනි 11

එක්සත් ජනපද ආන්ඩුවේ යුද අපරාධ, සීඅයිඒ කුමන්ත්‍රන සහ පැතිර ගිය දේශපාලන දූෂන එලිදරව් කල මාධ්‍යවේදී ජුලියන් අසාන්ජ් බාහිර ලෝකය සමග ගෙනගිය සකල සම්බන්ධතා වලින් දැන් සති දහයක් තිස්සේ වෙන්කර හුදෙකලා කරනු ලැබ සිටි.

මේ වනවිට අවුරුදු හයක් පුරා ම ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලය තුල ඔහු සිර කරනු ලෑබ සිටින්නේ ද, ගොතපු ස්ත්‍රී දූෂන චෝදනා වලින් පලා යාමට ඔහුට සිදුවී තිබෙන්නේ ද, පසුව එම චෝදනා හලා දමන ලද නමුත්, ඊට අමතරව, එතරම්ම බොරු ඔත්තු බැලීමේ චෝදනා මත ඇමරිකාවට උදර්පනය කොට ඔහුට එරෙහිව නඩු ඇසීමට එක්සත් ජනපද ආන්ඩුව කරන තර්ජන ඉදිරියේ ය.

අමුත්තන් හමුවීමෙන් ද උචිත සෞඛ්‍ය සේවා වලින් ද වලක්වනු ලැබීමට අමතරව ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලය ඔහුගේ අන්තර් ජාල සම්බන්ධතාවන් කපාදමා, ඔහුගේ විද්‍යුත් පනිවුඩ බිඳදමමින් ඔහු බාහිර ලෝකයෙන් මුලුමනින්ම හුදෙකලා කොට ඇත.

ලෝකයේ අතිශයින්ම ප්‍රසිද්ධ දේශපාලන සිරකරුවෙකු මෙවන් ඉසිලිය නොහැකි තත්වයන්ට පාත්‍ර කරනු ලැබ, මෙතරම් උග්‍ර ලෙස අනතුරට ගොදුරුව සිටින තතු තූල, කෙනෙකු ට අපේක්ෂා කලහැකි කාරනයක් නම් වාමාංශික යයි කියා ගන්නා සංවිධාන ඔහුගේ ආරක්ෂාවට වහාම ඉදිරිපත් වනු ඇතිය යන්නයි.

එහෙත්, මුලදී එක්සත් ජනපද අධිකාරීන් විසින් අසාන්ජ් දඩයම් කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කර සිටි මධ්‍යම පන්තික “වමේ” සියල්ලෝම දැන් එක්කෝ ඔහු දඩයම් කිරීම නොතකා හැර ඇත; නැතහොත් අඩුතක්සේරුවට භාජනය කොට ඇත, එසේත් නැතහොත් ඊට සහාය දී ඇත.

මෙම ව්‍යාජ-වාම කන්ඩායම් අනුගමනය කර තිබෙන්නේ ගාඩියන් පුවත් පත ය. එම පුවත් පත 2010 මුලදී ස්නෝඩන් එන්එස්ඒ ඤජාතික ආරක්ෂක ආයතනය% පිලිබඳ කල හෙලිදරව් වලට ආධාරකොට ඉක්බිතිව 2010දී විකිලීක්ස් කරන ලද ආරම්භක හෙලිදරව්වන් ප්‍රසිද්ධ කල නමුත් දැන් ජුලියන් අසාන්ජ් ඉක්වදෝර් තානාපති කාර්යාලයෙන් එලියට දමියයුතු යයි කියා සිටීමේ මුල්තැනක් ගෙන සිටි.

2010 අගෝස්තු මාසයේ දී ගාර්ඩියන් පුවත්පත, දූෂනයට එරෙහි ස්ත්‍රීහු නම් සංවිධානයේ කැතරින් ඇක්සල්සන් සහ ලීසා ලෝන්ග්ස්ටෆ් විසින් ලියන ලද අසාන්ජ් ආරක්ෂා කරන ලිපියක් පල කලේ ය: ජුලියන් අසාන්ජ් ඇමරිකාවට උදර්පනය කිරීම දුෂනයට එරෙහි ව ස්ත්‍රීන් ශක්තිමත් කරනු ඇති යයි විශ්වාස කල හැකි කාට ද ? අසාන්ජ් ස්වීඩනයට උදර්පනය කොට ඉක්බිති අප පාලනය කරන උදවිය පිලිබඳව අප විසින් දැනගත යුතු දේ මහජනයාට පෙන්වාදීමේ වරද උඩ ඔහු එතනින් ඇමරිකාවට උදර්පනයකොට වධයට භාජන කිරීම ගැන එයට සහාය දෙන අය සිත් කරදර කර ගන්නවා ද?”

කෙසේ වෙතත් ගත වූ අවුරුදු අට තුල කරනමක් ගසා සිටින ගාර්ඩියන් පුවත් පත, අසාන්ජ් ඉක්වදෝරියානු තානාපති කාර්යාලයෙන් එලියට බස්සවා ගැනීමට, උසි ගැන්වුනු දඩ බල්ලකු ලෙස වැඩට බැසගෙන සිටියි.

මැයි මාසයේ දී, ගාඩියන් පුවත්පත, අසාන්ජ් තානාපති කාර්යාලයේ සන්නිවේදන පද්ධතිය බිඳ රහසිගත රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු “කියවාගත් බවක්” පෙනෙන්නේය යි ඔප්පු නොකරනලද චෝදනාවක් පලකලේ ය. විකි ලීක්ස් එය “නිර්නාමික අපහාස කිරීමක්” යයි හෙලා දුටු වේ ය.

ඉන්ටර්නැශනල් විව් පොඉන්ට්

පසු ගිය අටවසර තුල පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයේ අන්තර්ජාල ප්‍රකාශනය වන ඉන්ටර්නැශනල් විව් පොඉන්ට්අසාන්ජ්ට යම් හෝ වාසි සහගත ප්‍රකාශයක් නිකුත් කර තිබෙන්නේ 2013 සැප්තැම්බර් මාසයේ දී පලවූ තනි ඡේදයක් තුල ය; එය ඇත්තේ එගේන්ස්ට් ද කරන්ට් නමැති ප්‍රකාශයකින් උපුටාගත් එඞ්වඞ් ස්නොඩන් කෙරේ යොමු වූ ප්‍රකාශයක එක තනි වාසගමක් තුල ය. එම කොටස අසාන්ජ් “ස්වීඩනයේ දී කලේ යයි කියනුලබන ලිංගික ප්‍රහාරයක් පිලිබඳව ප්‍රශ්න කිරීමට මුහුන දිය යුතු”යි කෙරෙන ප්‍රකාශවල යුක්ති සහගත භාවය පිලිගෙන කරන ලද්දකි. එහෙත් “ස්වීඩනයට ගියහොත් ඔහු පිටිකර හයා බැඳ එක්සත් ජනපදයට යැවීම ට හොඳටම ඉඩ තිබෙන නිසා එවැනි ඉල්ලීමක් “ඉටුකල නොහැක්කකි” යි පිලිගති. ඉන් පසුව එම වෙබ් ඩවිය අසාන්ජ් පිලිබඳ ඉඳහිට ප්‍රකාශ කර ඇති නමුත්, ඔහු අත්අඩංගුවේ තබා ගැනීම ගැන කතා නැත, ඔහුගේ කට වැසීමට ඉක්වදෝරය දරන උත්සාහය ගැන සඳහන් ඊටත් අඩු ය.

සෝෂලිස්ට් ඔල්ටර්නේටිව් [එක්සත්ජනපදය]

එසේම සෝෂලිස්ට් ඔල්ටර්නේටිව් [එක්සත්ජනපදය] ද අසාන්ජ් පිලිබඳ ආරක්ෂා කතනයක් පලකිරීමේ අස්ථානයක සිට ඔහු සිරකිරීම පිලිබඳ මුනිවත රකින තැනකට පසුබැස්සේ ය. 2010 දෙසැම්බරයේ දී සංවිධානය මෙසේ කියා සිටියේ ය. “ස්වීඩනයේ දී ඔහු කලේයැයි කියන ලිංගික අපරාධ කුමක් වුවත්, එක්සත් ජනපද ආන්ඩුව මෙම චෝදනා, තොරතුරු සම්පාදනයේ නිදහසට එරෙහිව යොදාගැනීම ලජ්ජාවට කරුනකි.”

2012 අගෝස්තු වනවිට, මෙම පුවත්පත ලියමින් සිටියේ අසාන්ජ් ට විරුද්ධ “ස්ත්‍රී දුෂනය පිලිබඳ බරපතල චෝදනා ගැන පරීක්ෂනයක් කලයුතුය” කියා ය. එය මෙසේ ද කීවේ ය, “එක්සත් ජනපදය විසින් අසාන්ජ් දඩයමට ලක්කරනු ලැබීමෙන් අදහස් වන්නේ ස්වීඩනයේ ස්ත්‍රීන් දෙදෙනෙකු විසින් ඔහු ට එරෙහිව එල්ල කරනු ලැබ ඇති දූෂන චොදනා අසත්‍යය යන්න නොවේ.”

සෝෂලිස්ට් ඕල්ටනේටිව් සංවිධානය 2014න් ඉක්බිතිව, අසාන්ජ්ගේ නිදහස ගැන කෙසේ වෙතත්, අසන්ජ් ගැන එක් වරක් වත් සඳහන් කර නැත.

ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් ඔර්ගනයිසේෂන් (එජ)

මුලදී ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් ඔර්ගනයිසේෂන් [අයි.එස්.ඕ] අසාන්ජ්ට එරෙහි එක්සත් ජනපදයේ මෙහෙයුමේ අත්‍යවශ්‍ය අංගයක් වූ ස්ත්‍රී දුෂන පිලිබඳ ගොතාපු-චෝදනා වලට එරෙහිව අසාන්ජ් ආරක්ෂා කල නමුත්, 2012 සිට මෙම කන්ඩායම චෝදනා පිලිගත්තේ ය. එසේ කලපසු 2013 පටන් ඒ පිලිබඳව මුනිවත රකියි.

2010දී අයිඑස්ඕ සංවිධානයේ සොෂලිස්ට් වර්කර් පත්‍රය: “අවශ්‍යම අවස්ථාවලදී ගැහැනුන්ගේ අයිතිවාසිකම් කිසිසේත්ම නොතකන ජාත්‍යන්තර නායකයෝ අසාන්ජ් විකිලීක්ස් තුලින් කල වැඩ නිසා ඔහු මර්දනයට ලක්කිරීමට කඩතුරාවක් ලෙස දුෂනය සහ ලිංගික ප්‍රහාර පිලිබඳ ඉතා බරපතල චෝදනා යොදා ගනිති” යනුවෙන් අසාන්ජ් ආරක්ෂා කරන ප්‍රකාශයක් පල කලේය.

අයි එස් ඕ සංවිධානය මෙසේ නිගමනය කලේ ය, “එක්සත් ජනපදය සිදුකල අපරාධ එලිදරව් කිරීමට ජුලියන් අසන්ජ්, බ්‍රැඞ්ලි මැනින් සහ විකිලීක්ස් සංවිධානයට පවත්නා අයිතිය ආරක්ෂා කිරීමට අපි නැගී සිටිය යුත්තෙමු.” එය මෙසේ ද කියා සිටි යේ ය, “.. අසන්ජ් මර්දනයට ලක්කිරීම විරුද්ධ අදහස් දරන්නන්ට එරෙහි රාජ්‍ය දඩයමේ කොටසකි .”

2011 දී අයි එස් ඕ සංවිධානය ස්ත්‍රී දුෂනය පිලිබඳ චෝදනා වලින් අසාන්ජ් ආරක්ෂා කලේ මෙසේය, “අසන්ජ්ට එරෙහි චෝදනා කියන පරිද්දෙන්ම පිලිගත හැකි නොවේ.”

එහෙත් 2012 අගෝස්තු වනවිට අයි එස් ඕ සංවිධානය තාලය වෙනස් කොට තිබුනි. එය මෙසේ ප්‍රකාශ කලේ ය, “බැලු බැල්මට දුෂ්කරතාවය තිබෙන්නේ, ඇවිදින ගමන් චුවින්ග් ගම් හැපීම එක විටම කල හැකි වීමේ ය. අසන්ජ්ට එරෙහි මේ චෝදනා බරපතල ලෙස ගන්න ගමන් ම, ස්ත්‍රී දුෂනය වාර්තා කරන සුපුරුදු පිතෘවාදී ස්ත්‍රී පරිහානියට සහභාගී වෙන්නේ නැතිව අසන්ජ්ට එරෙහි එම තර්ජනයට එරෙහිව ඔහු දරන ප්‍රයතනයට සහය දීම සැබවින්ම කලහැකි දෙයක් වන හෙයිනි.”

මාධ්‍යවේදියාට ඔවුන්ගේ එරෙහි අසත්‍ය චෝදනා, ඔවුන් අසාන්ජ්ගේ ආරක්ෂාව මුලුමනින්ම අතහැර දමන බවට පෙර නිමිත්තක් මිස අන් කිසිවක් නොවේ. එමෙන්ම ඔවුහු දැනට ඔහු අත්අඬංඟුවට ගැනීමේ, නඬු පැවරීමේ හා සිරගත කිරීමේ ඇමරිකානු රජයේ උත්සාහය සමඟ පෙලගැසීමෙන් සිටිති. ඇත්තටම සිද්ධවුයේ අයි එස් ඔ සංවිධානයට “.. ඇවිදින ගමන් චුවින්ග් ගම් හැපීම” එක විටම කරගත නොහැකි වීමයි.

මධ්‍යම පන්තික “වම” විසින් අසාන්ජ් අතහැර දැමීම වැදගත් දේශපාලන වෙනසක් සමග සම්පාත වේ.

2011 මුලදී බරක් ඔබාමා ලිබියාවේ හා සිරියාවේ පාලන තන්ත්‍ර මාරු කිරීමට ඇරඹු යුද්ධයත් සමග මේ කන්ඩායම් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මුලුමනින්ම බදා ගත්තෝය.

ඒ අවුරුද්දේ “වාම” ශාත්‍රාලික ජුවාන් කෝල්, නැටෝ සංවිධානය “ගඩාෆිගේ මිනීමරු පාලනය” ඉවත්කර දැමීම සඳහා “ජීවිත සහ වස්තුව කැපකිරීම වටනේ ය” යි නිවේදනය කලේ ය, “නැටෝ වට මා උවමනා නම් මම එතනය.” ඕස්ටේ්‍රලියාවේ සෝෂලිස්ට් ඔල්ටර්නටිව් සංවිධානය ප්‍රසිද්ධියේම ප්‍රතීක අධිරාජ්‍ය විරෝධය හෙලා දුටුවේ ය.

එතැන් පටන්, අයි එස් ඕ සංවිධානය සහ එහි දේශපාලන සහචරයෝ, සිරියාවේ එක්සත් ජනපද තන්ත්‍ර මාරු මෙහෙයුමේ ප්‍රධානතම හොරනෑ බවට පත්ව සිටි ති. ඔවුහු එරට එක්සත් ජනපදය විසින් මෙහෙයවෙන කැරැල්ල “පොදුජන විප්ලවයක්” හා සම කර දක්වති. සී අයි ඒ සහය ලත් වයිට් හෙල්මට් වරුන්ගේ කැරැල්ල “මානව හිතවාදී රාජ්‍ය නොවන සංවිධානයක” ක්‍රියාවක් යයි නම් කරති.

2011දී ඇමරිකානු ආන්ඩුව, අනන්‍යතා හා ජීවන මෝස්තරය පිලිබඳ ප්‍රශ්න විදෙස් පිලිවෙතේ මෙවලම් ලෙස යොදාගත්තේය. එය කුලුගැන්වුනේ, ලිංගිකත්වය හා අනන්‍යතා දේශපාලනය 2016 හිලරි ක්ලින්ටන්ගේ මැතිවරන ව්‍යාපාරයෙහි මධ්‍ය ලක්ෂය කරගැනීමෙනි.

අයි එස් ඕ, ජැකොබින් සහ වෙනත් එවැනි අය, ලිංගික ප්‍රහාර වලට එරෙහිවීමේ නාමයෙන් , යුක්ති යුක්ත පටිපාටිය මුලුමනින්ම බිඳ හෙලීමට ක්‍රියාකරන මී ටූ ව්‍යාපාරය වැලඳගෙනන සිටි ති.. මෙම දක්ෂිනාංශික ව්‍යාපාරය බොහෝ ආකාරයෙන් අසාන්ජ්ට එරෙහි සාක්කි නැති ප්‍රහාරය තුලින් උපත ලැබීය. ඩිමොක්‍රටික් පක්ෂයේ ද සමස්තයක් වශයෙන් පාලක පන්තියේ ද පිලිවෙත් වල ආධාරයට ලිංගික ප්‍රහාර පිලිබඳ සාක්කි විරහිත චෝදනා යොදාගත හැක්කේ කෙසේදැයි තහවුරු කිරීම සඳහා අසාන්ජ් ට එරෙහි චෝදනා යොදාගන්න ලදී.

මෙම කන්ඩායම් විසින් අසන්ජ් අතහැර දැමීම අති මූලිකව ගතහොත් ඔවුන්ගේ පන්ති පදනමේ පිලිබිඹුවකි.

මොවුන් වනාහි ඉහල මධ්‍යම පන්තියේ සංවිධානයෝ ය. ඔවුන්ගේ සමාජවාදී කයිවරු මොනවා වුවත් ඔවුහු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සහ ධනේශ්වර පර්යායේ සහකරුවෝ ය. ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරහි සැබෑ විරෝධය මීටවඩා වෙනස් පන්ති බලවේගයක් තුල මුල් බැස්සිය යුතු වේ. අසාන්ජ්ගේ නිදහස සඳහා අරගලය අසමානතාවට හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි මහජන සමාජවාදී ව්‍යාපාරයක් තුල මුල් බැස්වියයුතු වේ.

<

Share this article: