ගූගල් සමග මිලිටරියේ සම්බන්ධතාවය: ඇමරිකාවේ සමාජ කැලඹීමට පාලක පන්තිය ප‍්‍රතිචාර දක්වයි

Google’s alliance with the military: The ruling class responds to social unrest in America

2018 මාර්තු 10

මැද පෙර දිග සහ ඉන් එහා සිය ඩ්‍රෝන් යුද්ධයේ සහ ඝාතක වැඩසටහනේ කොටසක් ලෙස දත්ත විශ්ලේශනය කිරීමේ එක්සත් ජනපද මිලිටරි සහ බුද්ධි අංශ වලට සහය වීම පිනිස බුද්ධි තොරතුරු සෙවීමේ කෘතීම බුද්ධිමය (Artificial intelligence - AI) මෘදුකාංගයක් තමා සපයා ඇති බව පසුගිය සතියේ ගූගල් සනාථ කලේය.

ගූගල් භාවිතා කරන මිලිටරි වැඩසටහන මාවන් ව්‍යාපෘතිය ලෙස හඳුන්වනු ලබන බව එකී පුවත ප‍්‍රථමයෙන්ම එලියට දමන ලද ගිස්මෝඩෝ වෙබ් අඩවිය වාර්තා කලේය. ව්‍යාපෘතිය පිලිබඳ නිවේදනය කරමින් හමුදා වාර්තාවක් එය “එය චලනය වන හෝ නොවන රූපවලින් අවශ්‍ය දෑ වෙන් වෙන්ව උකහා ගන්නා පරිඝනක දැක්මෙහි අංගයක්, එනම් යාන්ත‍්‍රිකව ඉගෙන ගන්නා (machine learning) සහ ගැඹුරින් ඉගෙන ගන්නාවූ (deep learning), පරිගනක දැක්ම මත නාභිගත කරන බව ප‍්‍රකාශ කලේය.”

එවිටම “බුද්ධි අංශ ඔත්තු බැලීම් සහ පිරික්සුම් මෙහෙයුම් යුධාධීක්ෂන ඇල්ගොරිතම් [ගනනය කිරීමේ දී අනුගමනය කල යුතු රීති මාලාවක් හෝ ක‍්‍රියාදාමයක්] යුද හරස් ක‍්‍රියාකාරී කන්ඩායමේ ප‍්‍රධානී” ලෙස හඳුනාගෙන ඇති නාවික ඒකකයේ කර්නල් ඩ්‍රිව් කුකර් එජ ය යුධායුධ තරගයක යෙදී සිටින බව ප‍්‍රකාශ කල අතර ගූගල්හි මව් සමාගම වන ඇල්ෆබට් හි විධායක සභාපති එරික් ෂිමිට් ගූගල් කෘත‍්‍රිම බුද්ධිමය (AI) සමාගමක් ලෙස නම්කරන බවද සටහන් කලේය.

එකී අනාවරනයන් ලෝකය පුරා එක්සත් ජනපදයේ සාපරාධී ක‍්‍රියාකාරකම් වලට ගූගල් සම්බන්ධ බව සෘජුවම පෙන්වයි. යෝධ අන්තර්ජාල සහ ජන සන්නිවේදන සමාගම් සහ රාජ්‍ය මර්දන යාන්ත‍්‍රන අතර සමීප සම්බන්ධතාවය එය තවදුරටත් අනාවරනය කරයි.

තාක්ෂනික ඒකාධිකාරීන්ගේ ශ‍්‍රම බලකාය සහ මිලිටරි හා බුද්ධි ආයතන අතර පහසු සම්බන්ධතාවක් ස්ථාපිත කොට ඇත. ජනවාරියේදී ප‍්‍රකාශයට පත්වූ ලෙස ෆේස් බුක් වෙනුවෙන් පෙනී සිටිමින් ප‍්‍රකාශකයෙක් පුරසාරමක් ලෙස සඳහන් කලේ මේ වසර අවසානයේ 20,000 ක් දක්වා දෙගුනයකින් ඉහල දමන්නාවූ එහි කප්පාදු හමුදාවට “ප‍්‍රතිත‍්‍රස්තවාදයේ ප‍්‍රදේශය තුල පෙරදී වැඩ කොට තිබුනු” “හිටපු බුද්ධි සහ නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන්” බඳවා ගැනීමට මූලිකත්වය දෙමින් සිටින බවයි.

ෂිමිට්මත් පෙන්ටගනයට සහ එහි ආරක්ෂක නවීකරන උපදේශක මන්ඩලයේ අසුනටඋපදේශකයෙකු ලෙස පත්ව තිබේ. ආරක්ෂක නව සොයාගැනීම් පර්යේෂන ඒකකය ලෙස හඳුන්වන පුද්ගලික/හමුදා ඒකාබද්ධ හවුලක් ගූගල්හි ප‍්‍රධාන මූලස්ථානයේ සිට විනාඩි කිහිපයක දුරින් ස්ථාපනය කොට ඇත.

මෙකී වර්ධනයන්ට එක්සත් ජනපදය ඇතුලත ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සඳහා බොහෝ දුරදිග යන සහ තර්ජනාත්මක ඇඟවුම් පවතී. අධිරාජ්‍යවාදී යුද්ධය සහ රට තුලම සිදුකරනු ලබන මර්දනය එකම පාලක පන්ති පිලිවෙතේ පැති දෙකකි.

පසුගිය දෙවසර පුරා ආන්ඩුව සමග සමීප සම්බන්ධතාවයකින් සිටින ගූගල්, ෆේස්බුක්, ට්විටර් සහ අනෙකුත් තාක්ෂනික සමාගම් සෙවුම් ප‍්‍රතිපල සහ පුවත් උපක‍්‍රමික ලෙස මෙහෙයවීම හරහා අන්තර්ගතයන් එවෙලේම වාරනය කිරීමට අතිශය වේගයෙන් ගමන් කොට ඇත. “ව්‍යාජ පුවත්” සහ “රුසියානු අතපෙවීම්” පිලිබඳ සීඅයිඒ-ඩිමොක‍්‍රටික් පක්ෂයේ ව්‍යාපාරය ඇතුලත රැගෙන ගිය මේ ක‍්‍රියාවන්ගේ අරමුන වනුයේ රටතුල වන විරෝධතාවය නිහඬ කිරීම, මර්දනය කිරීම සහ සාපරාධීකරනය කිරීමයි.

පලමු වතාවට පසුගිය අප්‍රේල් මාසයේ අනාවරනය වූ ලෙස සිය අල්ගෝරිදම් සෙවුම් වලට යොදා ඇති ගූගල්හි වාරනය හා අනතුරුව ඒ මගම ගත් ෆේස්බුක් වල පුවත් වල විකෘති කිරීම් මගින් ”විකල්ප දෘෂ්ටියක්” වර්ධනය කරන ස්වාධීන පුවත් සංවිධාන අභිබවමින් නිව්යෝර්ක් ටයිම්ස් බඳු “ඊනියා විශ්වාසනීය” ප‍්‍රවෘත්ති ආයතන ප‍්‍රවර්ධනය කිරීම සිදු වේ. වඩාත් ප‍්‍රචන්ඩ ක‍්‍රියාකාරකම් සැලසුම් කරමින් හා ක‍්‍රියාවේ යොදවමින් පවතී.

වාමාංශික, යුද විරෝධී සහ ප‍්‍රගතිශීලී වෙබ් අඩවීන් ගනනාවකට බලපා ඇති ව්‍යාපාරයේ මූලික ඉලක්කයක් බවට ලෝක සමාජවාදී වෙබ් අඩවිය පත්ව ඇත.

සංගත සහ මූල්‍ය ප‍්‍රභූව ලෝකය පාලනය කිරීම සඳහා වූ සිය ධාවනයට සහ රුසියාව සහ චීනය ඇතුලු මහ බලයන් සමග ගෝලීය ගැටුමක් සඳහා වූ සිය සූදානමට දැවැන්තම තර්ජනය මතුකරන කම්කරු පන්ති අරගලයේ වර්ධනයෙන් භීතියට පත්වේ.

වෘත්තීය සමිති ඇතුලු ධනේශ්වර රාජ්‍යයේ ආයතනයන්ගෙන් නිදහසේ කැඩී යාමට පටන් ගනිමින් තිබෙන එක්සත් ජනපදයේ සමාජ නොසන්සුන්තාවයේ පැතිරෙමින් පවතින රැල්ල මගින් මරනීය තර්ජනයක් එල්ල කර ඇත. වෘත්තීය සමිති වලට එරෙහි ප‍්‍රාථමික ආරම්භක කැරැල්ලක ආකෘතිය ගත් බටහිර වර්ජීනියාවේ ගුරුවරුන් විසින් ගෙන ගිය වැඩ වර්ජනය අනුයමින් රට පුරා ගුරුවරුන්ගේ සහ අනෙකුත් කම්කරු පන්තික කොටස් වල වැඩවර්ජන ක‍්‍රියාමාර්ගයන් සඳහා වූ ඉල්ලීම ඉදිරිපත්ව ඇත.

සමාජ මාධ්‍ය එක්සත් ජනපදය ඇතුලතත් එහි සීමාවන්ගෙන් පිටතත් එකිනෙකා සමග සන්නිවේදනය කිරීමට කම්කරුවන්ට ඉඩහසර ලබා දෙමින් තීරනාත්මක භූමිකාවක් රඟදෙමින් සිටී. මෙය සංගත මාධ්‍ය සැලකිල්ලට ගනිමින් සිටී. “සම්ප‍්‍රදායික වෘත්තීය සමිතීන්ගේ සාමාන්‍ය පරාමිතීන්ගෙන් පරිභාහිරව සංවිධානය වීමට සහ කටයුතු කිරීමට බටහිර වර්ජීනියා ගුරුවරුන් මාර්ගය සොයා ගත්තේය. සුවිසල් ෆේස්බුක් කන්ඩායමකින් සිය කලකිරීම ප‍්‍රාන්තය හරහා ගුරුවරු හා සේවා කම්කරුවන් විදහා පෑවේය.” යනුවෙන් මේ සතියේ මුල නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත තැති ගැන්මෙන් යුතුව විස්තර කලේය.

බටහිර වර්ජීනියාවේ සිට ඔක්ලහෝමා දක්වා රට පුරා ගුරුවරු සිය අරගල සම්බන්ධීකරනය කිරීමට ෆේස්බුක් භාවිතා කරමින් සිටින්නේය යන කරුන පෙන්වා දෙමින් “කම්කරුවන්ගේ නොසන්සුන්තාවය මත සමාජ මාධ්‍යයන්ගේ බලපෑම” පිලිබඳව ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත අනතුරු ඇඟවීය.

සියල්ලටමත් වඩා පාලක පන්තිය භීතියට පත්වන දෙය වනුයේ ද්වී පක්ෂ පද්ධතියට සහ එය නියෝජනය කරන මූල්‍ය කතිපයාධිකාරයට අභියෝග කරනු ඇති විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයක මතුවීමටයි. පන්ති අරගලයේ වර්ධනය සමග පාඨකත්වයේ ක්ෂනික වර්ධනයක් අත්දකිමින් සිටින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කාර්යභාරය පිලිබඳව එය හොඳින්ම සවිඥානිකය. සමාජ මාධ්‍යයන් වල ලෝසවෙඅ ලිපි කියවන සහ හුවමාරු කරගන්නා කම්කරුවන් දස දහස් ගනනක් සමග වාහන කම්කරු සමිතියට (යූඒඩබ්ලිව්) එරෙහිව 2015දී වාහන කම්කරුවන්ගේ කැරැල්ලක අත්දැකීම පාලක පන්තියට දැනටම ඇත.

සමාජ බෝම්බයක් මත හිටගනිමින් පාලක පන්තිය තොරතුරු වල පාලනය සියතට ගැනීමට සාහසිකව උත්සුක වෙමින් සිටී. විදේශයන්හි භාවිතා කිරීමට මිලිටරිය වර්ධනය කරන කුමන උපකරනයක් වුවද සිය රටෙහිම පොලිස් සහ බුද්ධි ආයතනයන්ගේ “සමස්ථ හමුදාවට” විස්තාරනය කරනු ඇත. එමෙන්ම ලෝකය පුරා ධනපති පාලක පන්ති ඊට සමාන ක‍්‍රියාමාර්ගයන්ම ගනිමින් සිටී

.

අනතුරු ඇඟවීමේ නලාව තදින් හැඬවිය යුතුය. වාරනයට එරෙහි විරෝධතාවය අසමානතාවයට සහ සූරාකෑමට එරෙහිව එක්සත් ජනපදය තුලත්, ජාත්‍යන්තරවත් කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව සටන් කිරීමට සම්බන්ධ කල යුතුය. භාෂනයේ නිදහසට සහ අන්තර් ජාලයේ නිදහසට එරෙහි ප‍්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීම ඒ හා සමගම ධනේශවර පද්ධතිය පරාජය කිරීම සඳහා වූ සටනක්, මහජනයාට අයත් සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයුරින් පාලනය කරන උපකරනයන් බවට යෝධ සන්නිවේදන සමාගම් සහ අනෙකුත් ප‍්‍රධාන සංගත පරිවර්තන කිරීම සහ මිලිටරි බුද්ධි ආයතන විනාශ කර දැමීම සමගම එක පෙලට සිටී.

වාරනය වෙතට වූ වැඩෙන ධාවනය අනාවරනය කිරීමට සහ ඒ සඳහා විරෝධතාවය සංවිධානය කිරීමට ලෝක සමාජවාදී වෙබ් අඩවිය, සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය, සහ සමාජවාදී සමානතා පක්ෂය “අන්තර්ජාල වාරනයට එරෙහි විරෝධය සංවිධානය කිරීම” යන මැයෙන් එජ පුරා රැස්වීම් මාලාවක් පවත්වමින් සිටී. මෙම රැස්වීම් වලට සහභාගී වන ලෙස, හැකි තරම් පලල් අයුරින් ඒවා ප‍්‍රචාරය කරන ලෙස සහ යුද්ධය, අසමානාතාවය සහ අන්තර්ජාල වාරනයට එරෙහිව වූ සටනේ කොටස් කරුවෙකු වීමට “ලෝක සමාජවාදී වෙබ් අඩවිය” සමග සම්බන්ධ වන ලෙස අපේ සියලූ පාඨකයන්ගෙන් අවධාරනයෙන් ඉල්ලා සිටිමු.

ආන්ද්‍රේ ඩැ‍මොන්

Share this article: