බටහිර වර්ජිනියාවේ ගුරුවරු ආස්ථානයක් ගනිති

West Virginia teachers take a stand

2018 පෙබරවාරි 24

බටහිර වර්ජිනියාවේ 20,000 කට අධික ගුරුවරුන් සහ රජයේ පාසල් සේවකයින් තමන්ගේමත් සමස්ත කම්කරු පන්තියේමත් අභිලාෂයන් ආරක්ෂා කිරීම පිනිස ධෛර්යමත් ආස්ථානයක් ගනිමින් සිටී. සිකුරාදා ගුරුවරුන් ප‍්‍රාන්තයට අයත් ප‍්‍රදේශ 55හේම පාසල් වසා දැමූ වැඩවර්ජනයක දෙවන දිනය සම්පූර්න කලේය. ගුරුවරුන් ඕනෑම වැඩවර්ජන ක‍්‍රියාමාර්ගයක් නීතියට පටහැනි බව ප‍්‍රකාශ කොට ඇති රජයේ නිලධාරීන්ගෙන් එල්ල වන තහනම් නියෝග, දඩ ගැසීම් සහ සිරගතකිරීම් වල පවා තර්ජනයන්ට අභියෝග කොට ඇත.

බටහිර වර්ජිනියා ගුරුවරුවරුන්ගේ ඇමරිකානු සන්ධානය (ඒඑෆ්ටීඩබ්ලිව්යූ) සහ බටහිර වර්ජිනියා අධ්‍යාපන සංගමය (ඩබ්ලිව්වීඊඒ) නියම වශයෙන් දෙදින වැඩ වර්ජනයක් ලෙස නිවේදනය කල වර්ජනය අඩු ගනනේ එක් දිනකින් එනම් සඳුදා දක්වා විස්තාරනය කරනු ඇති බව සිකුරාදා නිවේදනය කලේය.

රට පුරා ගුරුවරුන්ගේ විරුද්ධත්වය සමග සම්බන්ධවී ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ දෙකටම එරෙහි දේශපාලන ව්‍යාපාරයක් දක්වා වර්ධනය වෙමින් සිය පාලනයෙන් එහා ගොස් ගුරුවරුන්ගේ කෝපය පැනනැගීමේ හැකියාව පිලිබඳ ඔවුන්ගේ භීතිය වැඩවර්ජනය අඛන්ඩව කරගෙන යාමට වූ සංගම් වල තීරනය මගින් පිලිබිඹු කරයි. පසුගිය සති අන්තයේ චාර්ල්ස්ටන් වල දැවැන්ත මහජන විරෝධතාවයක් තුල කූටප‍්‍රාප්ත වෙමින් දක්ෂින ගල් අඟුරු පතල් සහිත ප‍්‍රදේශයන් කේන්ද්‍ර කොට ගත් ප‍්‍රාදේශීය වැඩ වර්ජන සමග වැඩවර්ජන විශාල වශයෙන් ස්වයං සිද්ධව ආරම්භ විය. ඔවුන් නීති සම්පාදකයින් සමග අඛන්ඩව සාකච්ඡා කරන අතරම එකී වැඩවර්ජන දුමාරය පිටකර හැරීමේ මාර්ගයක් ලෙස දින දෙකක වැඩවර්ජනයක් සංගම් විසින් නිවේදනය කරනු ලැබුවේ ඉන් අනතුරුවයි

එබඳු සාකච්ඡාවන් මගින් මතුවන කිසිවක් ඉහල වැටුප් සහ සෞඛ්‍ය ප‍්‍රතිලාභ සඳහා ගුරුවරුන්ගේ ඉල්ලීම් සාක්ෂාත් නොකරනු ඇත. බටහිර වර්ජිනියාව අධ්‍යාපනඥයන් සඳහා ගෙවීම් අතින් රටෙහි 48 වන ස්ථානයේ ඇති අතර ඩිමොක‍්‍රටික් පක්ෂයේ සැලකිය යුතු කොටස් වල සහයෝගය සහිතව රජයේ නීති සම්පාදකයින් (මන්ත්‍රීන්) වසර තුනක් පුරා සියයට හතරක හාස්‍යජනක වැටුප් වැඩිවීමක් සම්මත කලේය. ගුරුවරුන්ගේ සහ අනෙකුත් රාජ්‍ය සේවකයන්ගේ සැබෑ ආදායමේ ස්ථාවර පහල යෑමකට තුඩු දුන් රාජ්‍ය සේවකයන්ගේ රක්ෂන ආයතනයට මූල්‍ය ප‍්‍රතිපාදන ලබා නොදීම හේතුවෙන් ඉහල ගිය සෞඛ්‍යරක්ෂන වියදමවත් මෙයින් පියවෙනුයේ නැත.

බටහිර වර්ජිනියා ගුරුවරුන්ගේ අරගලය තුල දැවැන්ත දේශපාලන අර්ථභාරයක් පවතී. එය, වරප‍්‍රසාදිත සහ ප‍්‍රතිගාමී ලෙස ඇපලාචියා හි සුදු කම්කරු පන්තිය දැකගන්නා අනන්‍යතා දේශපාලනයේ ඉහල මධ්‍යමපන්තික ඕපාදූප සහ ඩිමොක‍්‍රටික් පක්ෂයේ වාගාලාප පුපුරුවා හරියි. එය රක්ත (රිපබ්ලිකානු) ප‍්‍රාන්තයන් ගතානුගතික සහ නීල ප‍්‍රාන්තයන් (ඩිමොක‍්‍රටික්) “ප‍්‍රගතිශීලී” වන්නේ යැයි හඳුනා ගනිමින් රක්ත ප‍්‍රාන්තයන් සහ නීල ප‍්‍රාන්තයන් වශයෙන් එජ දේශපාලනයේ මෝඩ වර්ගීකරනය හෙලිදරව් කරයි. සියලු භූදේශපාලනික බෙදීම් ඉක්මවා යමින් ඇමරිකානු සමාජය පන්ති වශයෙන් බෙදී ඇත.

බටහිර වර්ජිනියාවේ කම්කරු පන්තියට ලේ වැකි මින්ගෝ, බ්ලෙයාර් කන්දේ සටන, සහ මේට්වන් සමූල ඝාතනය බඳු ඒවායින් උකහා ගත් සන්නද්ධ පන්ති අරගලයේ දීර්ඝ සහ සාඩම්බර ඉතිහාසයක් පවතී. දශක කිහිපයක් තිස්සේ මර්දනය කරන ලද සහ උදාසීනව පවත්නා මෙකී සම්ප‍්‍රදායන් සමාජ නැගිටීමේ නවමු කොන්දේසි යටතේ යලි මතුවෙමින් තිබේ.

කෙසේ වුවද වැඩවර්ජනයේ අර්ථභාරය බටහිර වර්ජිනියාවෙන් එහා බොහෝදුර විස්තාරනය වේ. එය පන්ති අරගලයේ ජාතික සහ ජාත්‍යන්තර නැගිටීමක එක් ප‍්‍රකාශනයකි. පසුගිය වසරේ ජුනි 13 පලවු මාලිගා බල කොල්ලය ද පන්ති අරගලය ද: වොෂිංටනයේ දේශපාලන අර්බුදය සහ කම්කරු පන්තියේ මූලෝපාය යන මැයෙන් පලවූ සිය ඉදිරි දර්ශන ලිපියේ ලෝසවෙඅ මෙලෙස ලිවීය.

“වෘත්තීය සමිති නිලධරය, ඩිමොක‍්‍රටික් පක්ෂය, සහ විවිධාකාර අනන්‍යතා දේශපාලනයේ ධනවත් අනුග‍්‍රාහකයන් විසින් දශක ගනනාවක් තිස්සේ පන්ති අරගලය යටපත් කරනු ලැබීම අවසානයකට ලංවෙමින් පවතී. පාලක ප‍්‍රභූන්ගේ සමාජ ප‍්‍රතිවිප්ලවය දැන් ඇමරිකනු කම්කරු පන්තියේ මහා නැගිටීමකට මුහුන දීමට ආසන්නව ඇත. වැඩපලවල, ජනප‍්‍රජාවන්තුල සහ සමස්ත නගරවල සමාජ විරෝධයේ විවිධාකාර ස්වරූප, නිශ්චිත කම්කරු පන්තික අනන්‍යතාවක්, ධනපති විරෝධී යොමුවක් හා සමාජවාදී ගතිලක්ෂන එන්න එන්නම අත්පත් කර ගනු ඇත. තනි තනි වැඩපලවල සහ ජනප‍්‍රජාවන්ගේ අරගල කම්කරු පන්තියේ පුලුල් ස්තරයන්ගේ ඒකාබද්ධ අරගලය තුලට ආකර්ෂනය කර ගනු ඇත.”

මෙම පෙර දැක්ම සනාථ වෙමින් තිබේ. ගුරුවරුන් අතර ඩිමොක‍්‍රටිකයන් සහ රිපබ්ලිකානුවන් යන දෙපිරිසම යටතේ මහජන අධ්‍යාපනයට දශක ගනනාවක සිට එල්ල කරන ලද ප‍්‍රහාරය කෙරෙහි වූ වෛරය එක් ස්ථානයකට ලඟා වෙමින් ඇත. මේ මස මුලදී පෙනිසිල්වේනියාවේ පිට්ස්බර්ග් හි ගුරුවරුන්ගෙන් සියයට 94 ක් වැඩ වර්ජන ක‍්‍රියාමාර්ගයකට බලය දීම පිනිස ඡන්දය දුන්නේය. සිකුරාදා වන විට ඔක්ලහෝමා වල ගුරුවරුන් ආසන්න වශයෙන් 7000 ක් පමන ඩොලර් 10000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටීමට වර්ජනයක් කැඳවමින් පෙත්සමක් අත්සන් කොට තිබුනි. නිව්ජර්සි වල සහ මිනේසෝටා වල ගුරුවරුන්ද වැඩ වර්ජන ක‍්‍රියාදාමයකට යන බවට අනතුරු අඟවමින් සිටී.

වැටුප් පහල යෑම, සෞඛ්‍යාවරන වියදම ඉහල යාම, අසමානතාවයේ ඓතිහාසික මට්ටම මහජන සහ සමාජ යටිතල පහසුකම් විනාශ කිරීම ඇතුලුව කම්කරු පන්තියේ සෑම කොටසකටම ගුරුවරුන් මුහුනපාන කොන්දේසි පොදුය. මෙයට, 2016 එජ තුල 64,000 කට අධික මිනිසුන් ප‍්‍රමානයක් මරා දැමූ ඔපිඔයිඩ් මත්ද්‍රව්‍ය වසංගතයේ සිට එජ පාසල් තුල සිදුවූ නිමක් නැති මහජන වෙඩි තැබීම් මාලාව දක්වා එක්සත් ජනපදයේ සමාජ අර්බුදයේ බොහෝ මාරක ප‍්‍රතිපලයන් එකතු කල යුතුය. පෙබරවාරි 14 වන දින ෆ්ලොරිඩාවේ පාර්ක්ලන්ඩ් වල සිදුවූ නවතම පාසල් වෙඩි තැබීම රටපුරාම ශිෂ්‍යයන්ගේ විරෝධතාවයන් සහ අරගලයන් අවුලුවා ඇත.

බටහිර වර්ජිනියාවේ ගුරුවරුන් වඩවඩාත් පලල්ව දැනෙන හැඟීම් ප‍්‍රකාශ කරමින් සිටී. එක් විශ‍්‍රාමික ගුරුවරයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසීය. “මා සිතන්නේ දැන් රටපුරා මහා වැඩ වර්ජනයකට හෝ විරෝධතාවයකට යාමට කාලය බවයි. මහජනයාට අයත් සියල්ල කොල්ල කෑමට කල හැකි සෑම දෙයම ඔවුන් කරමින් සිටී.”

සියල්ලටමත් වඩා පන්ති අරගලයේ යලි නැගිටීම ජාත්‍යන්තර ව්‍යාපාරයක් ලෙස වර්ධනය වෙමින් පවතී. ඉරානයේ සහ ටියුනීසියාවේ දැවැන්ත මහජන විරෝධතාවයන් සහ ජර්මනියේ, බ්‍රිතාන්‍ය යේ සහ ග‍්‍රීසියේ වැඩවර්ජනයන්ද ඇතුලුව 2018 පලමු මාස දෙක තුල යුරෝපය සහ මැද පෙරදිග පුරා විරෝධතා මාලාවක් දැකගත හැකිව තිබුනි. සිය විශ‍්‍රාම වැටුපට එරෙහි ප‍්‍රහාරයට විරුද්ධව එක්සත් රාජධානියේ කථිකාචාර්යවරුන් 40,000 කට ආසන්න පිරිසක් මේ වන විටත් වැඩවර්ජනයක සිටී. දඩ ගැසීමේ තර්ජනය ප‍්‍රතික්ෂේප කරමින් නෝවා ස්කෝටියා වල කැනේඩියානු පලාතේ රජයේ පාසල් ගුරුවරුන් 10,000 ක් අඟහරුවාදා සියයට 82.5 ඡන්දයකින් වැඩවර්ජනයකට කැමති බවට ඡන්දය දුන්නේය.

දශක ගනනාවක් තිස්සේ මුලින් සිතා ගත නොහැකි වූ තරමින් ධනයේ මට්ටම් ගොඩගසා ගැනීමට සහ යුුද්ධයක් දියත් කිරීමට, මහජන යටිතල පහසුකම් විනාශ කිරීමට සහ සමස්ථ කර්මාන්තයන්ම කොටස් වලට ගලවා දැමීමට වෘත්තීය සමිති විසින් පාලක පන්තියට නිදහස් තෝන් ලනුවක් ලබා දී ඇත. පන්ති අරගලයේ කෘතීම මර්දනය ඇමරිකානු සමාජයේ රෝගී ගති ස්වාභාවයේ ප‍්‍රධාන සාධකයකි.

එක්සත් ජනපදයේ සියලු අශික්ෂිත බාවයන් සහ ධනපති දේශපාලනයන්ගේ ප‍්‍රතිගාමීත්වයන් කම්කරු පන්තියට එරෙහිව සමස්ථ යුද්ධයක් දිගේලි කරමින් සිටින ට‍්‍රම්ප් පරිපාලනය තුල කූටප‍්‍රාප්තියට පත්ව ඇත. ඩිමොක‍්‍රටික් පක්ෂය වෙනස් ආකාරයකින් එම රෝගයම පෙන්වයි. ට‍්‍රම්ප්ගේ දිව්රුම් දීමේ සිට වූ සමාජ අසහනයේ සියලු ආකාර පිලිබිඹු වීම් විදේශ සතුරෙකුගේ ක‍්‍රියාවන්ට ආරෝපනය කිරීම ඉලක්ක කොට ගත් නව මැකාතිවාදී ව්‍යාපාරයක වර්ධනය කෙරෙහි එය සිය ශක්තීන් නාභිගත කොට ඇත.

සමාජ සහ දේශපාලන ජීවිතයකට කම්කරු පන්තිය බලගතු ලෙස ප‍්‍රවේශ වීම ධනේශ්වර පාලක පන්තියේ සියලු ගනන් බැලීම් අහවර කරනු ඇත. එය ඉතිහාසයේ අවසානය යන යන හාස්‍යජනක න්‍යාය ද විප්ලවවාදී බලවේගයක් ලෙස සහ කම්කරු පන්තිය අවසන්ව ඇති බවට ව්‍යාජ වම්මුන්ගේ ප‍්‍රති මාක්ස්වාදීන් විසින් උත්සුකයට නංවන ලද ප‍්‍රකාශයන්ද එලිදරව් කරනු ඇත. කම්කරු පන්තියේ යලි මතුවීම නව සමාජ සහ දේශපාලන විභවයක් එනම් ධනේශ්වර පද්ධතිය මගින් මනුෂ්‍යත්වය උරුම කොට දී ඇති මරනීය අන්තයෙන් බිඳී යාමට ඉදිරි මගක් නිර්මානය කරනු ඇත.

පන්ති අරගලයන්ගේ වර්ධනය කම්කරු පන්තියේ වෛෂයික සමාජ පැවැත්මට සම්බන්ධිත මූලික දේශපාලන ප‍්‍රශ්න අනවරතයෙන්ම මතු කරනු ඇත. සිය වඩාත්ම මූලික අයිතීන් ආරක්ෂා කර ගැනීමට කම්කරුවන් විසින් ගෙන යන සටන සමස්ථයක් ලෙස ධනේශ්වර පන්තිය සහ රජය නම් වූ එහි දේශපාලන උපකරනය සමග සෘජු ගැටුමක් තුල ඔවුන්ව ස්ථානගත කරයි. කම්කරු පන්තියේ වෙනස් වෙනස් කොටස් වල අරගලයන් සම්බන්ධ කිරීමට සහ බලගතු ඒකීය සහ ගෝලීය ව්‍යාපාරයක් ලෙස ඉදිරියට යාමට ධනේශවර හිතවාදී වෘත්තීය සමිතිවල පාලනයෙන් පරිබාහිරව ස්වාධීන කම්කරු පන්ති සංවිධාන ගොඩනැගීමේ ක‍්‍රමය සෑම වෙන් වෙන් අරගලයන් විසින්ම පැන නංවයි.

සමාජවාදීන් සඳහා තීරනාත්මක ප‍්‍රශ්නය වනුයේ කම්කරු පන්තිය වෙතට වෙන කවරදාකටත් වඩා බලගතු ලෙස හැරී ගැනීමයි. කම්කරු පන්තියට එරෙහි සියලු ප‍්‍රකාශනයන්ට ආක‍්‍රමනශීලී ලෙස මැදිහත් වීමට, කම්කරුවන්ගේ සවිඥානාකත්වය පුලුල් කිරීම හා වර්ධනය කිරීමත්, සිය අරගලයන්ගේ වෛෂයික තර්කනය එනම්, තමන් සටන් කරමින් සිටින්නේ කුමකට එරෙහිවද සහ කුමක් සඳහා ද යන්න පැහැදිලි කිරීමත් අත්‍යාවශ්‍ය වේ. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකත්වය විස්තාරනය කිරීම සහ සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීම හරහා කම්කරු පන්තියේ සෑම කොටසක් තුලම ක‍්‍රමානුකූලව විප්ලවවාදී නායකත්වය වර්ධනය කල යුතුය.

ජෝසෆ් කිෂෝර්

Share this article: