වොෂිංටනය හා තෙල් අවිව් ඉරානය සමග යුද්ධයක් කරා ගමන් කරයි

Washington and Tel Aviv lurching toward a war with Iran

2018 මැයි 2

පසු ගිය සති කීපයේ සිද්ධීන් පැහැදිලි කර ඇත්තේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, මැද පෙරදිග තම ප‍්‍රධාන සහචරයා වන ඊස්රායලය සමග එක පෙලට වැඩ කරමින්, ඉරානය සමග සෘජු මිලිටරි ඝට්ටනයක මාවතකට පිවිස ඇති බව යි.

2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුමේ කොටක් ලෙස පසෙක තැබුනු, එක්සත් ජනපද ඒකපාර්ශ්වීය සම්බාධක අත්හැරීමේ ලියවිල්ල ඔහුගේ පාලනාධිකාරිය විසින් ඉවත් කෙරෙනවා ද නැද්ද යන්න නිවේදනය කිරීමට ජනාධිපති ට‍්‍රම්ප් සඳහා නියමිත කාලය මැයි 12දා අවසන් වීමට යන්තම් සති එක හමාරකට පෙරාතුව, ඊස්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු නාට්‍යමය ප‍්‍රදර්ශනයක් වේදිකා ගත කලේ, තම න්‍යෂ්ටික වැඩසටහන ගැන “ඉරානය බොරු කී” බවට “සාධක” ඇති බව ප‍්‍රකාශ කරමිනි. ට‍්‍රම්ප් නිවරැදි දේ, එනම් එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍ය, ප‍්‍රන්සය, ජර්මනිය හා රුසියාව සමග ඉරානය ඇති කර ගැනුනු, ක‍්‍රියා පිලිබඳ ඒකාබද්ධ විස්තීර්න ක‍්‍රියාත්මක සැලැස්ම (Joint Comprehensive Plan of Action -ජේසීපී ඕඒ) නම් න්‍යෂ්ටික ගිවිසුම නිෂ්ප‍්‍රභා කර දමනු ඇති බවට ඔහු විශ්වාසය පල කලේ ය.

නෙතන්යාහුගේ නාට්‍යමය ඉදිරිපත් කිරීමට ට‍්‍රම්ප් ප‍්‍රශංසා කලේ, න්‍යෂ්ටික ගිවිසුම “බියකරු ගනුදෙනුවක්” බවට තමන් කල චෝදනා ”සියයට සියයක් නිවරැදි” වූ බව තහවරු කිරීමක් ලෙස ය.

යතාර්ථයේ දී, ජාත්‍යන්තර න්‍යෂ්ටික විශේෂඥයෝ, යුරෝපීය නියෝජිතයෝ මෙන් ම හිටපු ඊස්රායල ඔත්තුසේවා නිලධාරීහු නෙතන්යාහුගේ රඟපෑම් කෝලමක් යැයි ඉවත දැමූහ. ඉරානයෙන් ලිපිගොනු සියදහස් ගනනක් සොරා ගෙන ඇති යි පවසන ඊස්රායල් ආන්ඩුව පසු ගිය 15ස් වසර මුලුල්ලේ ඉරානය මොන යම් හෝ ආකාරයක න්‍යෂ්ටික අවි වැඩසටහනක නියැලුනු බවට සාක්ෂි බිඳක් වත් ඉදිරිපත් කර නැත, එය ජේසීපී ඕඒ උල්ලංඝනය කර ඇති බවට කොහෙත් ම සාක්ෂි නැත. පෙබරවාරි මස තරම් මෑත ම එකක් ඇතුලුව, ජාත්‍යන්තර පරමානුක බලශක්ති ඒජන්සියේ පුනරාවර්ත වාර්තා තහවුරු කර ඇත්තේ යුරේනියම් ප‍්‍රගුනනය මත තදබල සීමාවන්ට හා ගිවිසුම යටතේ පැනවුනු පිරික්සුම් පාලනයට ද ටෙහෙරානය බැඳී සිටි බව යි.

ඊට මසකට පසු ඉරාකයට එරෙහි එක්සත් ජනපද ආක‍්‍රමනකාරී යුද්ධය යුක්තිසහගත කිරීමට පාවිච්චි කෙරුනු, ඉරාකයේ නොපැවති “ජනඝාතක අවි” පිලිබඳ “අඩමාන නොව, සාක්ෂි” යැයි විස්තර කෙරුනු කොලින් පවල්ගේ 2003 ගෙනහැර දැක්වීමට වැඩි දෙයක් නෙතන්යාහුගේ රඟපෑම් මතක් කලේ නැත. පවෙල් අඩු වසයෙන් බොරු කිව්වේ ඉරාක අයුතු ක‍්‍රියාව පිලිබඳ ඇමරිකානු ව්‍යාජ ප‍්‍රකාශය සනාත කිරීම අරමුනු කර ගෙන ය: නෙතන්යාහු කිසි දෙයක් ගෙන හැර දැක්වූයේ නැත.

ඉංග‍්‍රීසි බසින් කෙරුනු, ඊස්රායල් ඉදිරිපත් කිරීම සූදානම් කෙරුනේ ට‍්‍රම්ප්ගෙන් සෘජු උපදෙස් ගැනීමෙනි, ප‍්‍රචාරනයට මොහොතකට පෙර නෙතන්යාහු ඔහු සමග ද, ඊටපෙර දින දී, ටෙල් අවිව්වල දී අනෙකුත් නිලධාරීන් සමග ඔහු හමු වූ, එක්සත් ජනපද නව රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සමග ද කතා කලේ ය.

ට‍්‍රම්ප් පාලනාධිකාරියේ සියලු අවුල් හා සෝලි පිටුපස, වොෂිංටනයේ පැහදිලිව ම යුද කැබිනට්ටුවක් ඉස්මත්තට පැමින ඇත්තේ, ජෝන් බෝල්ටන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස ද, ඩෙමොක‍්‍රටිකයන්ගේ නැතිව ම බැරි සහාය ඇතිව, රාජ්‍ය ලේකම් ලෙස පොම්පියෝ තහවුරු කිරීමත් සමගිනි. දෙදෙනාම ඉරානයට එරෙහි යුද්ධය පිලිබඳ උද්‍යෝගිමත් උපදේශකයෝ ය.

බෝල්ටන් 2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුම “දැවන්ත මූලෝපායික වරදක්” ලෙස විස්තර කර ඇත්තේ “40වැනි සංවත්සරයට පෙරතුව, (එනම් ඊ ලඟ පෙබරවාරියට පෙර) 1979 ඉරාන ඉස්ලාමීය විප්ලවය අවසානයට ගෙන එන” එකක් විය යුතු බව අවධාරනය කරමිනි. නව ජාතික ආරක්ෂ උපදේශකට අනුව, ටෙහෙරානයේ තන්ත‍්‍ර වෙනස, පෙලඹවිය යුත්තේ සෘජු මිලිටරි මැදිහත්වීම් මගිනි. “ඉරානයේ බෝම්බ නතර කිරීමට, ඉරානයට බෝම්බ දමනු” යන්න, ජේසීපී ඕඒ මත ගිවිසුම ඇති කර ගැනීමට පෙර නිව් යෝක් ටයිම්ස් පත‍්‍රයට ඔහු ලියූ උපදේශාත්මක ලිපියේ ශීර්ෂපාඨය විය.

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊස්රායල් යුද්ධය මේ වන විටත් ඇරඹී ඇත. එක්සත් ජනපදය විසින් සපයන ලද, ඊස්රායල් එෆ්15 සටන් ජෙට්යානා ඉරිදා රාත‍්‍රියේ සිරියානු මිලිටරි කඳවුරුමත එල්ල කරන ලද ප‍්‍රහාරයෙන් ඉරාන ජාතිකයන් දුසිම් දෙකක් තරම් ඝාතනය කෙරුනි. එය සලකුනු කලේ සැප්තැම්බරයේ සිට සිරියාව මත එල්ල කෙරුනු පස්වැනි ඊස්රායල් ප‍්‍රහාරය යි. ඒවා සියල්ල ඉලක්ක කෙරී ඇත්තේ ඉරාන වත්කම් මත ය. රුසියාව සමග ටෙහෙරානය, තන්ත‍්‍ර වෙනස සඳහා වොෂින්ටනය හා එහි සහචරයන් විසින් ගෙන යනු ලබන හත්අවුරදු යුද්ධයේ දී පෙරලා දැමීමට උත්සාහ කර ඇති අසාද් ආන්ඩුවේ ප‍්‍රමුඛ මිතුරා ය.

ඊස්රායලයේ වාර්තා ද සිරියාව හා ලෙබනනය සමග රටේ උතුරු දේශසීමාවේ ප‍්‍රධාන වසයෙන් යුද ටැංකි, හමුදා හා සන්නද්ධ භට කන්ඩායම් ප‍්‍රවාහක වාහන රැඳවීමක් අඟවා ඇත.

“ලෝකය වටා වඩාත් විය හැකි සජීවී සතුරුකම සඳහා වන ලැයිස්තුවේ, සිරියාව තුල ඊස්රායලයේ හා ඉරානයේ සටන මේ වන විට ලැයිස්තුවේ මුදුනේ තිබේ” යැයි එක්සත් ජනපද නිලධාරියෙක් අඟහරුවාදා එන්බීසී ප‍්‍රවෘත්ති සේවයට පැවසී ය.

එවැනි යුද්ධයක් සූදානම් කිරීමේ දී වොෂිංටනය හා ටෙල් අවිව් අතර ඉතා කුලqපග සහයෝගිත්වය පැහැදිලි කෙරී ඇත්තේ රටවල් දෙකේ ම අගනුවර වලින් ඇතුලට හා පිටතට ගුවනින් යන එන නිලධාරීන්ගේ රැස්වීම්වල අත්‍යාසමාන කලබලය විසිනි. මෙය ඌනපූරනය කෙරී ඇත්තේ ඔහු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අඩිය තැබීමටත් පෙර පොම්පියෝ මැද පෙරදිගට පිටත් කර යැවීම මගිනි, එහි දී ඔහු නෙතන්යාහු හා අනෙකුත් නිලධාරීන්ට උපදෙස් දුන්නා පමනක් නො ව, එක්සත් ජනපද යුද තල්ලූව පිටුපස ප‍්‍රතිගාමී අරාබි රාජාන්ඩු තන්ත‍්‍රයන්ගේ කාන්ඩයක් ශක්තිමත් කිරීමේ උත්සාහයක දී සෞදි හා ජොර්දානියානු නිලධාරීන් ද මුන ගැසුනේ ය.

යුද්ධයට වන ගමන පිටුපස ඉරානයේ න්‍යෂ්ටික තර්ජනයක් පිලිබඳ උපකල්පිත උත්සාහයන් පවතින්නේ නැත, ටෙහෙරානයට බෝම්බ නැති අතර එවැන්නක් නිෂ්පාදනය කිරීමට කිසිදා උත්සාහ ගෙන නැති අතර, ගනන් බලා ඇති පරිදි ඊස්රායලට න්‍යෂ්ටික මිසයිල 200 සිට 400 දක්වා ඇතුලත් තමන්ගේ ම අවි ගබඩාවක් ඇත. ඊට වෙනස් ව, තරඟයේ ඇත්තේ නිරුවත් අධිරාජ්‍යවාදී උත්සුකයන් ය.

කලාපීය බලවතෙකු ලෙස ඉරානය නැගී සිටින්නේ තෙලින් පොහොසත් හා මූලෝපායිකව වැදගත් මැද පෙරදිග එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තම ආධිපත්‍ය සහතික කර ගැනීමට වන ගමනේ බාධකයක් ලෙස ය.

යුරෝපීය ආන්ඩු වඩ වඩා වොෂිංටනයට හරස් ව සිටී. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ඉරා නො දමන ලෙස ට‍්‍රම්ප් පාලනාධිකාරියට එත්තු ගැන්වීමට, ප‍්‍රන්සයේ මැක්‍රොන් හා ජර්මනියේ මර්කෙල්ගේ සංචාර පැහදිලි ව අසාර්ථක වූ පසුව, ඔවුන් හා බි‍්‍රතාන්‍ය අගමැතිනී මේ අතර සති අන්තයේ සාකච්ඡා පැහදිලිව ම කේන්ද්‍රගත වූයේ එක්සත් ජනපදය නොමැතිව ගිවිසුම බේරා ගැනීමේ මොනයම් හෝ බලාපොරෙත්තුවක් තිබේ ද නැද්ද යන්න මත ය. ප‍්‍රචන්ඩත්වය, දේශපාලන අර්බුද හා අලූත්වුනු සරනාගත ගලනය යුරෝපය පුරා පැතිරෙන්නාක් මන් ම, නිශ්චිතව ම ලාභ උත්සුකයන් පරදුවට තැබෙන යුද්ධයක් පිලිබඳ බිය පවතී.

ඉදිරියට ඇදෙන නිර්න්‍යෂ්ටික-සම්බන්ධ ආර්ථික සම්බාධක විසින් එක්සත් ජනපද බැංකු හා සංගත විශාල වසයෙන් ඉරාන වෙලඳපොලින් පිටමං කෙරී තිබීමත් සමග, ප‍්‍රන්ස තෙල් සංගතයක් වන ටෝටල්, ඇතුලුව යුරෝපීය උත්සුකයෝ ආකර්ෂනීය ගිවිසුම් අත්සන් කර ඇත. මේ දක්වා ඒවා බොහොමයක් නිෂ්පාදන ආරම්භ කර නැත්තේ එක්සත් ජනපදය න්‍යෂ්ටික ගිවිසුම කනපිට පෙරලා, ඉරානයේ ව්‍යාපාර ගෙන යන විදේශ සමාගම් මත සම්බාධක පටවනු ඇත යි යන බිය නිසා ය.

මෙම හිදස පුරවමින්, චීනය ඉරානය සමග සැලකියයුතු ආර්ථික බැදීම් ශක්තිමත් කර ගෙන ඇත, මේවාට බලශක්ති පහසුකම්, වේලි හා ප‍්‍රවාහන මධ්‍යස්ථාන ඇතුලු පොදුකාර්ය ව්‍යාපෘති දියත් කිරීමට බීජීන ආන්ඩුවෙන් චීන සමාගම්වලට ඩොලර් බිලියන 10ක මෑත නය යෝජනා ක‍්‍රමයක් ද ඇතුලත් ය. චීනය යුරෝපයට සම්බන්ධ කරන, තම “තීරු හා මාර්ග” මෙගා ව්‍යාපෘතියේ ප‍්‍රධාන කොටසක් ලෙස බීජීනය ඉරානය දකින අතර, වොෂිංටනය සමග සන්ධනාගත, සෞදි අරාබිය වැනි කලාපීය නිෂ්පාදකයින්ගෙන් තම තෙල් ආනයනයෙන් වැඩිවන පංගුවක් පිරිමසා ගැනීමට උත්සුක ය. 2016දී, චීන ජනාධිපති සි ජින්ග්පින්ග් හා ඉරාන ජනාධිපති හසාන් රූහානී එලඹෙන දශකයේ දී ඩොලර් බිලියන 600ට වඩා ද්විපාක්ෂකි වෙලඳාම වැඩි කිරීමේ සැලැසුම් නිවේදන කලහ.

වෙන තැනක මෙන් ම, ඉරානය තුල, එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් උත්සාහ කරන්නේ මිලිටරි ආක‍්‍රමනයන්ට හැරීම මගින් තම ආර්ථික පරිහානිය පිටුදැකීමට ය. විශේෂයෙන් ම අපේ‍්‍රල් 14 මිසයිල පහර දීමට එක්සත් රාජධානිය හා ප‍්‍රන්සය සහභාගී වීම සමග, යුරෝපීය ධනේශ්වර බලවතුන් එක්සත් ජනපද මිලිටරි ක‍්‍රියාව සමග එක් ව ඇති අතර, ඇමරිකානු බල්ලාගේ වලිගය මෙන් වහල්කම් කරමින් අධිරාජ්‍යවාදී මැදිහත්වීමෙන් කොල්ල කා ගත් වස්තුවෙන් කොටසක් රැස් කර ගැනීමේ ඔවුන්ගේ බලාපොරොත්තු කවර දා වත් සැබෑවක් කර ගත නො හැක. අනිවාර්යයෙන් ම, ලෝකය යලි බෙදා ගැනීම සඳහා එකෙක් සියල්ලන්ට ම එරෙහි අරගලයක් සඳහා ඔවුන් තෙමේ ම යලි සන්නද්ධ වීමට හැරිය යුතු ය. මෙම ක‍්‍රියාදාමය මේ වන විටත් ගමන් ආරම්භ කොට ඇත.

වෙලඳ යුද්ධ තීරු බදු ක‍්‍රියාත්මක කිරීම කල් දැමීම සමග වොෂිංටනය යුරෝපය සැනසීමට උත්සාහ ගෙන ඇති තාක් දුරට, එය තාවකාලිකව කොරියානු අර්ධද්වීපය මත ආතතීන් අඩු කර ඇත්තේ, මැද පෙරදිග යුද සූදානම වඩා හොඳින් ඒකාග‍්‍ර කිරීමට ය.

සිරියාව තුල මුල පුරමින්, ඊස්රායලය හා ඉරානය අතර යුද්ධයක් වෙතට තල්ලුවීම, එම රට තුල ඉදිරියට යන එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීම සමග එක පෙලට දිග හැරෙමින් තිබේ, මෙය වර්ධනය වෙමින් තිබෙන්නේ ඉරානය හා රුසියාව අනුබල දෙන්නා වූ ආන්ඩුවට පක්ෂ හමුදා සමග ගැටුමකට ය.

ආරක්ෂක ලේකම් ජනරාල් ජේම්ස් මැටිස් සඳුදා ඇඟ වූයේ වර්තමානයේ සිරියාව තුල රඳවා ඇති 2,000ට වැඩි එක්සත් ජනපද හමුදා භටයින් ඉක්මනින් ඉවත් නොකරන බවයි. “රාජ්‍යතාන්ත‍්‍රිකයන් සාමය දිනා ගැනීමට පලමු ව අපට ඉවත්ව යාමට අවශ්‍ය නැත” යි ඔහු පැවසී ය. “ඔබ සටන දිනිය යුතුයි, ඊට පසු ඔබ සැබෑ සාමය දිනනවා ඇති.”

යතාර්තය නම් සිරියානු කුර්දි වයිපීජී මිලීෂියා හමුදා මත පදනම් ගොඩබිම් හමුදා විසින් ආවර්ධිත එක්සත් ජනපද මිලිටරි හමුදා එම ස්ථානයේ රැඳී සිටින්නේ තුර්කිය හා ඉරානය සමග එහි උතුරු දේශසීමාවේ ආසන්න වසයෙන් තුනෙන් එකක භූමියකින් සමන්විත ඇමරිකානු බලපෑම් කලාපයක් රැක ගනු පිනිස ය. මෙම ප‍්‍රදේශය එරට තෙල් හා ගෑස් මූලාශ‍්‍රවලින් ද සමන්විත ය. අයිඑස්අයිඑස් ට එරෙහිව සටන් කිරීමේ ඔවුන්ගේ උපකල්පිත මෙහෙවරින්, රුසියාව හා ඉරානය පිටුබලය දෙන සිරියානු ආන්ඩුවේ මුනගැටීමේ උත්සාහයන්ට, මෙම හමුදා දැන් හැරෙමින් සිටින්නේ, මෙම භූමිභාගයේ හා එහි සම්පත්වල පාලනය යලි අත්පත් කර ගැනීමට ය.

සිරියාවට දියුනු ගුවන් ආරක්ෂක පද්ධතියක් සැපයීම ගැන දමස්කසය සමග රුසියාව ද සාකච්ඡාවල නියැලීමත් සමග, රුසියානු හමුදා සහ එක්සත් ජනපද/ඊස්රායල් හමුදා අතර ගැටුමක් නො නැවත වර්ධනය වෙමින් තිබේ.

සිරියාව තුල වර්ධනයන් ද ඉරානය සමග ගැටුමක තර්ජනය ද සමන්විත වන්නේ එක්සත් ජනපදය තුල මෙන් ම ලෝකය පුරා කම්කරුවන්ට බරපතල අනතුරු ඇඟවීමකිනි. තම පද්ධතියේ අර්බුදය විසින් තල්ලු කෙරෙන ලෝක ධනේශ්වරය, ඇමරිකානු පාලක පන්තිය හා එහි මිලිටරිය පෙරමුනේ සිටිමින් සූදානම් කරමින් සිටින්නේ න්‍යෂ්ටික අවිවලින් සටන් කරනු ඇති යුද්ධයක් සඳහා සූදානම්වීම යි.

බිල් වෑන් ඕකන්

Share this article: