“පැරනි යුරෝපය” වොංෂිංටනයට පැමිනේ

“Old Europe” comes to Washington

2018 අප්‍රේල් 28

වසර 15 කට පෙර එක්සත් ජනපදය (එජ) සහ බි‍්‍රතාන්‍යය ඒකාබද්ධව ඉරාකය ආක‍්‍රමනය කිරීම අතර තුර එජ යුද ධාවනය පිටුපස පෙල ගැසීමට අසමත් වීම සම්බන්ධයෙන් ජර්මනිය සහ විශේෂයෙන්ම ප‍්‍රන්සය එජ මාධ්‍ය විසින් දරුනු ලෙස විවේචනය කරමින් සිටියේය. ආරක්ෂක ලේකම් ඩොනල්ඞ් රම්ස්ෆෙල්ඞ් “පැරනි යුරෝපය” හම ගැසුවේ ප‍්‍රන්සය බියගුල්ලෙකු සහ පසුපසින් පිහියෙන් අනින්නෙකු ලෙස වන අතර මාධ්‍ය පන්ඩිතයන් ෆ්‍රෙන්ච් ෆ‍්‍රයිස් (ප‍්‍රන්ස අල බැදුම) “ෆ‍්‍රීඩම් ෆ‍්‍රයිස්” (“නිදහසේ අල බැදුම”) බවට වෙනස් කිරීම සඳහා කැඳවුම් කලේය.

ඇමරිකාවට මුහුන දෙන්නේ කෙසේද? යුරෝපානු උභතෝකෝටිකය යන මැයෙන් පල කල ලිපියක ලෝක සමාජවාදී වෙබ් අඩවිය:

එක්සත් ජනපදය පසුපස පෙල ගැසීම යුරෝපය විසින් ප‍්‍රතික්ෂේප කිරීමේ ආනිසංශ කියා පෑමේදී බුෂ් පාලන තන්ත‍්‍රයේ නිලධාරීහු වඩ වඩාත් නිර්දය වෙමින් සිටිති. බ‍්‍රහස්පතින්දා එක් නිලධාරියෙකු නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ප‍්‍රකාශ කලේ “අපේ අරමුන වන්නේ ඔවුන්ගේ නාසය යථාර්තය මත අතුල්ලා අනතුරුව ඒ ගැන අප කුමක් කරන්නේදැයි සාකච්ඡා කිරීමය” යනුවෙනි.

මේ යථාර්තය කුමක්ද? යුද්ධයෙන් පසුව ඉරාකයේ තෙල් කර්මාන්තය කපා කොටා ගැනීමේ ව්‍යාපෘතියෙන් ප‍්‍රන්ස හා ජර්මානු සමාගම් ඉවත් කෙරෙනු ඇති බව බුෂ් පාලන තන්ත‍්‍රය ඇඟවුම් කර ඇත්තේ එතරම් සැඟවුනු ස්වරූපයකින් නොවේ. ඊටද වඩා බරපතල වන්නේ ඉරාකයේ වාඩිලා ගැනීමෙන් පසුව බටහිර යුරෝපයට තෙල් සැපයීම අතින් තීරනාත්මක වන ඉරානය මත බලපෑම් යෙදීමට එක්සත් ජනපදයෙන් මතු වී ඇති යෝජනාය.

ප‍්‍රන්සයේ හා ජර්මනියේ දෘශ්ටිකෝනයෙන් බැලූකල එක්සත් ජනපදයේ ක‍්‍රියාකලාපය මුලුමනින්ම ඉවබව නැති වූවකි. එයින් ලෝක ධනවාදයේ ක‍්‍රියාකාරකම් පරිපාලනය කල සමස්ථ නෛතික හා සංස්ථාපිත රාමුවෙහි ඉතිරිව ඇති සියල්ල සම්පූර්නයෙන් බිඳ හෙලීමේ අන්තරාය මතු කෙරෙයි. බටහිර යුරෝපීයයන් එක්සත් ජනපදයේ ආඥාවන්ට යටත් වීම යනු ප‍්‍රන්සයේ දිනපතා පුවත්පත වන ලේ ෆිගාරෝ ප‍්‍රකාශ කල පරිදි “ඇමරිකාවේ සරල ආරක්ෂිත කලාපයක්” බවට හෑල්ලු කරනු ලැබීමකි.

වසර 15 කට පසු ප‍්‍රන්ස ජනාධිපති ඉමානුවෙල් මැක්රන් වොංෂිටනය මැද පෙරදිග තුල අලුතින් ආරම්භ කරන ලද ප‍්‍රහාරයේ කනිෂ්ඨ කොටස්කරුවෙකු ලෙස තමාවම ඉදිරිපත් කර ගත්තේය. ප‍්‍රන්ස ජනාධිපතිට ට‍්‍රම්ප් පරිපාලනයේ රාත‍්‍රී රාජ්‍ය භෝජන සංග‍්‍රහයක් පලමු වරට ලැබුනු අතර ඔහුව ඇමරිකානු මාධ්‍ය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ශූරයෙකු ලෙස වග වර්නනා කලේය.

මැක්රන්ගේ රාජ්‍ය රාත‍්‍රී භෝජන සංග‍්‍රහය අප්‍රෙල් 14 වන දින සිරියාවට එල්ල කරන ලද ඒකාබද්ධ එජ-ප‍්‍රන්ස- බි‍්‍රතාන්‍ය ප‍්‍රහාරය සඳහා ජයග‍්‍රාහී වේදිකාවක් ලෙස සේවය කරයි. “පැරනි යුරෝපයේ” බලයන් සිය ෆැසිස්ට්වාදී මනෝගතිය අත්හැර ඇති බවත් ඔවුන් යලි ආයුධ සන්නද්ධවී මිලිටරීකරනය දෙසට හැල්මේ දුවමින් සිටින බවත් එය අවධාරනය කරයි. එමෙන්ම ඔවුන් මැද පෙර දිග නව අධිරාජ්‍යවාදී බෙදා ගැනීමේ සිය අයිතිය රඳවා ගැනීම පිනිස සිරියාව තුල එජ මැදිහත්වීම සඳහා සෘජුවම සහභාගී වෙමින් හෝ සහය දක්වමින් සිටී.

15 වසරකින් මෙපිට බොහෝ දේ වෙනස්වී ඇති බව පෙනෙනු ඇත. නමුත් බාහිර පෙනුම සහ කලහකාරී ඇමරිකානු ජනාධිපති මත ප‍්‍රන්ස ලාලිත්‍ය, ලෙස විස්තර කර ඇති මැක්රන්ගේ උත්සාහය නොතකා, ආරවුල පිටුපස, දින දෙකකට පෙර ට‍්‍රම්ප් සහ මර්කල් අතර වඩා විවෘතව පිලිබිඹු වූ ප‍්‍රකෝපකාරී හුවමාරුව පරිදි ඒ හා සමාන ආතතීන් ප‍්‍රන්සය සහ වොෂිංටනය අතර පැතිරී ගියේය.

මැක්රන්ට රතු මස්, එලු චීස් කේක් සහ සිපොලිනි සෝබිස් (ඉහල පෙලේ ඇමරිකානු ප‍්‍රනීත ආහාරයක්) සහිත විශ්මයජනක රාජ්‍ය රාත‍්‍රී භෝජනයකින් සැලකූ අතර මර්කල් කෙටි දිවා ආහාරයක් වැඩකරන අතරතුරම ලබා ගත්තේය. ඔවුන් පෙනෙන්නට පැමිනි පසු යමෙකු නායකයන්ගේ මුහුනෙහි ස්වභාවය නිරීක්ෂනය කලහොත් යමෙකු එය බෙරිවූ ටුනා මාලු සැන්ඩ්විච්වලින් සමන්විත වූ බව නිගමනය කරනු ඇත.

මර්කල් සහ මැක්රන් පිලිගැනීම අතර දැවැන්ත වෙනස එක්සත් ජනපදය සහ යුරෝපානු බලාධිකාරය වන ජර්මනිය අතර වඩා විස්තාරිත එදිරිවාදිකම සහ යුරෝපයට බලපෑම් කිරීමේ හැකියාවෙන් අතදරු ප‍්‍රන්සය ඉවත් කිරීමට වූ උත්සාහය ප‍්‍රකාශයට පත් කලේය.

නමුත් ට‍්‍රම්ප්ගේ බාධාකාරී තර්ජනයන් කෙරෙහි මැක්රන්ගේ සියලු දනනැවීම් සහ මර්කල්ගේ දැඩි නිහඬ බව වෙනුවෙන් වසර 15 කට පෙර ලඹ දුන් එම ප‍්‍රශ්නයම අද ද පවතී. ජර්මානු සහ ප‍්‍රන්ස වානේ සහ ඇලුමිනියම් අපනයනයන් මත තීරුබදු පැනවීම සඳහා වූ ට‍්‍රම්ප්ගේ ආසන්න ඉදිරි සැලසුමේ සිට යුරෝපීය බලවතුන්ගේ ආර්ථික අභිලාෂයන් කපා හෙලනු ඇති ඉරාන න්‍යෂ්ටික ගනුදෙනුව ඉරා දැමීමට වූ ඔහුගේ තර්ජනය දක්වා වෙලඳ සහ විදේශ පිලිවෙතේ සෑම අංගයක්ම පිලිබඳ යුරෝපානු බලවතුන් සහ එක්සත් ජනපදය අතර ප‍්‍රධාන බෙදීම් පවතී.

මැයි පලවනදා සිට වානේ සහ ඇලුමිනියම් මත නව වටයකින් පැනවීමට නියමිත තීරුබදු සමග වෙලඳ යුද පිලිවෙත්වල තර්ජනය ඉවත් කර ගැනීමට තබා ප‍්‍රමාද කිරීමට ඔහු සූදානම් නොමැති බව ජර්මානු චාන්සලර් සමග සිය හමුව අනුයමින් ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ට‍්‍රම්ප් පැහැදිලි කලේය. මර්කල් එජ සමග යුරෝපා සංගමයේ වෙලඳ අතිරික්තය “දැවැන්ත අසාධාරනයක්” බවට ට‍්‍රම්ප් කල ප‍්‍රකාශය හේතුවෙන් අප‍්‍රසාදය පල කල අතර තීරු බදු සමග දේවල් නැගී සිටිනුයේ කොහේද යන්න පිලිබඳ මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට ප‍්‍රතිචාර වශයෙන් ජර්මානු චාන්සලර් අප‍්‍රසාදයෙන් ප‍්‍රකාශ කලේ “ජනාධිපති තීරනය කරනු ඇත” යනුවෙනි.

ඉරානය සමග න්‍යෂ්ටික ගනුදෙනුව අත්හැර දැමීමට සිය තීරනය පිලිබඳ මාධ්‍ය සාකච්ඡාවේදී ට‍්‍රම්ප් කිසිදු හේතුවක් දුන්නේ නැත. ඒ වෙනුවට ඔහු ටෙහෙරානයට එරෙහිව තියුනු ලෙස දෝෂාරෝපනය කොට ඔවුන්ට එරෙහිව යුද්ධ කරන බට තර්ජනය කලේය.

යුරෝපානු බලවතුන් එක්සත් ජනපදයේ අනතුරු නොසලකන සුලු බව පිලිබඳ දැඩිවම බියෙන් පසුවන බවත්, එය වැලැක්වීමට තමාගේ හැකියාව පිලිබඳ ගැඹුරු සංශයකින් සිටින බවත් පිලිබඳ කිසිදු සැකයක් තිබිය නොහැකිය.

පසුගිය සතිය පුරා යුරෝපානු නිලධාරීන් ට‍්‍රම්ප් පරිපාලනයේ ජාතිකවාදී ආර්ථික පිලිවෙත් ගිනිය නොහැකි ප‍්‍රතිඵලද සහිතව ජාත්‍යන්තර සම්බන්ධතාවයන්හි කඩා වැටීමක් ඇතිකිරීමට තර්ජනය කරන බවට පුන පුනා අවධාරනය කලේය. න්‍යෂ්ටික වශයෙන් සන්නද්ධ රාජ්‍යයන් අතර ලෝකයේ විශාලතම ආර්ථිකයන් සහ මිලිටරි ගැටුම් අතර වානිජ කටයුතු අත්හිටුවන වෙලඳ යුද්ධයකට සැබෑ ශක්‍යතාවයක් පවතී. ප‍්‍රන්ස ආර්ථික අමාත්‍ය බ‍්‍රෘනෝ ලේ මයිරේ “එජ සහ චීනය අතර ඇතිවිය හැකි වෙලඳ යුද්ධයකින් යුරෝපයට විය හැකි සමාන්තර හානිය පිලිබඳ” අනතුරු ඇඟවීය.

ජර්මානු පාලක ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ සහ ජර්මානු හරිත පක්ෂයේ ඉහල නිලධාරීන් කන්ඩායමක් රුසියාව සමග යුද්ධයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීය. “බොහෝ බටහිර යුරෝපීයයන්ට යුද්ධයක අනතුරු අඟවා ඇති අතර ඔවුන්ට යුද්ධයක බියක් පවතී” ෆ‍්‍රැන්ක්ෆර්ටර් ඇල්ජිමෙයින් සෙයිතුන්ග් පුවත් පතේ ඔවුන් ලිවීය. “රුසියාව සහ බටහිර අතර ඉහල යන ගැටුමක දැවැන්ත උත්සුකය දෙස අපි බලා සිටිමු”.

නමුත් එබඳු උත්සුකයන් නොතකා එක් සාධකයක් අධිකාරය දරයි: වොෂිංටනයේ නව මැද පෙරදිග බෙදා ගැනීමෙන් සහ ලෝකයේ නව යටත්විජිතවාදී බෙදීමෙන් ලබා ගන්නා මංකොල්ලයේ සිය කොටස ප‍්‍රන්ස සහ ජර්මානු අධිරාජ්‍යවාදීන්ට අවශ්‍යය.

ඇලෙක්ස් ලැන්ටියර් සහ ඇන්ඩෘ ඩැමොන් විසිනි.

Share this article: