මැද පෙරදිග අධිරාජ්‍යවාදී යලි බෙදීමට විරුද්ධ ව කම්කරු පන්තියේ මූලෝපායක් සඳහා!

For a working-class strategy against the imperialist repartition of the Middle East!

2018 මැයි 11

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය එහි කනිෂ්ඨ සහකරුවා වන ඊස්රායලය සමග හවුලේ ඉරානයට විරුද්ධ ව පුලුල් පරිමාන මිලිටරි, රාජ්‍යතාන්ත‍්‍රික හා ආර්ථික ප‍්‍රහාරයක් දියත් කර ඇත.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් බලාත්මක කල ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් එක්සත් ජනපදය ඉවත් වන බව හා “ඉරානයට එරෙහි ව ඉහල ම මට්ටමේ ගෝලීය ආර්ථික සම්බාධක පනවන” බව මැයි 8දා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් නිවේදනය කලේ ය. එසේ කිරීම මගින් ට‍්‍රම්ප් කලේ, වොෂින්ටනයේ සාම්ප‍්‍රදායික යුරෝපා සහකරුවන් ව නො තකා හරිමින් ඔහු මැද පෙරදිග පුරා මිලිටරි ගිනිජාලයක විලායකයක් අවුලුවාලමින් සිටින බවට ඔවුන් කරන අනතුරු ඇඟවීම් එකපැහැර ඉවතලෑම යි.

බෂාර් අල්-අසාද් හා ඔහුගේ බාත්වාදී තන්ත‍්‍රයට එරෙහි ව එක්සත් ජනපද අනුග‍්‍රහය සහිත අටඅවුරුදු කැරැල්ලට විරෝධය පෑමේ දී, රුසියානු හමුදා ද සමගින් කේන්ද්‍රීය ක‍්‍රියාකලාපයක් ඉටු කර ඇති සිරියාව තුල පිහිටි ඉරාන ඉස්ලාමී විප්ලවවාදී ආරක්ෂක බලඇනියේ කඳවුරුවලට ඊස්රායල ගුවන්යානා මෙන් ම ඊස්රායලයේ පෘථිවි පෘෂ්ඨය මත යොදාගන්නා මිසයිල යොදාගෙන මැයි 9දා රාත‍්‍රීයේ ප‍්‍රහාර එල්ල කලේ ය.

ඊස්රායල ආරක්ෂක හමුදා (අයිඞීඑෆ්) “සිරියාව තුල පිහිටි සියලු ම ඉරාන යටිතල පහසුකම්වලට ම පාහේ” ප‍්‍රහාර එල්ල කර තිබුනු බව එහි ආරක්ෂක ඇමති ඇවිඩ්ගෝර් ලිබර්මාන් මැයි 10දා උදම් ඇනී ය. එකිනෙකට පරස්පර වාර්තා පල වී තිබුනත් සිරියානු මානව හිමිකම් නිරීක්ෂකය කියන පරිදි ඊස්රායල ප‍්‍රහාරයෙන් අඩු ම තරමින් 24ක් මැරුනු අතර ඉන් බොහෝ දෙනා “විදේශීය සටන්කරුවන්” ය.

වොෂින්ටනයේ ඉරානයට එරෙහි නව ප‍්‍රහාරයේ ඉලක්කය වන්නේ, තෙහෙරානයේ තන්ත‍්‍ර-මාරුවක් සිදුකිරීම හා ඉරාන ජනතාව නව විජිතවාදී යටත්වීමකට නතුකර ගැනීම යි. ට‍්‍රම්ප් මත් මෙය ඉස්මතු කර ඇත. මෑත සති කිහිපය තුල ඔහු, ඔහුගේ පරිපාලනයේ ඉහල පුද්ගලයන් මාරු කර ඇත්තේ මූලික තනතුරුවලට ඉරානයට එරෙහි යුද්ධයක් සඳහා දීර්ඝ කාලීන ව පෙනී සිට ඇති ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් වැනි පුද්ගලයන් පත්කිරීමට යි. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම හෙලා දකිමින් මැයි 8දා කල කතාවේ දී, එක්සත් ජනපද පිටුබලය ලබමින් ඉරාන ජනයා කෲර ලෙස මර්දනය කල සහ මැද පෙරදිග හා යුරේසියාව පුරා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කඩ ඇනයක් ලෙස සේවය කල ෂාගේ රාජාන්ඩු ආඥාදායකත්වයේ කාලය වන 1979ට පෙර ඉරානය, ට‍්‍රම්ප් විසින් යලි වතාවක් උත්කර්ෂයට නැංවී ය.

සමස්ත මැද පෙරදිග පුරා විසිපස් වසරක් තිස්සේ යුද්ධයේ නිරත වීමෙන් පසු, ලෝකයේ වඩාත් ම වැදගත් තෙල් නිෂ්පාදනය කරන කලාපය මත බිය වැද්දීම, ප‍්‍රචන්ඩත්වය හා පූර්න පරිමාන යුද්ධය හරහා නිර්බාධිත ආධිපත්‍යය ස්ථාපනය කිරීමේ ධාවනය එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් දෙගුන කරමින් සිටී.

බ්‍රිතාන්‍යය, ප‍්‍රන්සය හා ජර්මනිය යන ප‍්‍රධාන යුරෝපීය බලවත්තු ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අවලංගු කිරීම ගැන වොෂින්ටනයට දොස් පවරා ඇත. එහෙත්, ඉරානයට එරෙහි ඊස්රායල මිලිටරි ප‍්‍රහාරය “ස්වයං-ආරක්ෂාව” පිනිස කල දෙයක් ලෙස මුද්‍රාව තැබීමට යුහුසුලු වී ඇති ඔවුන්, තත්ත්වය “තීව‍්‍ර වීම” වැලැක්වීමට තෙහෙරානය කිසිවක් නො කරන බව; එනම්, එය එහි හමුදා සංහාරයට ලක් කිරීම නිෂ්ක‍්‍රීය ව පිලිගත යුතු බව; අවධාරනය කරමින් සිටී. විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශයක් මගින් “සියලු මිලිටරි ප‍්‍රකෝපකාරීත්වයන්ගෙන් වලකින ලෙස ඉරානයට ඇනවූ” ප‍්‍රන්සය, “කලාපීය ආධිපත්‍යය සඳහා ඉරානයට පවතින සියලු ආසක්තයන්ට එරෙහි ව අනතුරු ඇඟවී ය.”

ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ට‍්‍රම්ප්ගේ ඉවත් වීම යුරෝපීය අධිරාජ්‍යවාදී බලයන් විසින් හෙලා දකින්නේ, එමගින් ඉරානය ආර්ථික ව සූරාකෑමට ඔවුන්ට පවතින සැලසුම් කපා හැරීම හා එක්සත් ජනපදය ඉරානයට එරෙහි ව කරන යුද්ධයකින් ඔවුන් ව ආර්ථික ව හා දේශපාලනික ව කොන්වේ යයි පවත්නා භීතිය නිසා ය. ඔවුන්ගේ ඉහල ම භීතිය හා ඉච්ඡාභංගය වන්නේ, මැද පෙරදිග තුල මිලිටරිමය ලෙස කරන ඕනෑ ම මිලිටරි බෙදාගැනීමක ඉදිරි අසුනේ එක්සත් ජනපදය සිටීම මගින් බර්ලිනය, ලන්ඩනය හා පැරීසියට කේවලයේ දී සොච්චමක් පමනක් ලැබේය යන්න යි. ට‍්‍රම්ප් විසින් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ඉරා දැමීමට ප‍්‍රතිචාර දක්වන්නේ කෙලෙස ද යන්න අරබයා වන යුරෝපීය විවාදය, ස්වාධීන යුරෝපා මිලිටරි ආක‍්‍රමනික හමුදාවක් වර්ධනය කිරීම හා යලි සන්නද්ධ වීම වේගවත් කල යුතු යයි වන ඉල්ලීම් මගින් කුලු ගන්වනු ලබන්නේ ඒ නිසා ය.

මේ සතියේ සිද්ධීන් විසින් ඉරානයේ මුල්ලාවරුන් නායකත්වය දෙන ධනේශ්වර ජාතිකවාදී තන්ත‍්‍රය හිරිවට්ටවා සොලවාලනු ලැබ ඇත.

ඊස්රායල ආක‍්‍රමනකාරීත්වයේ ඉලක්කය වී ඇත්තේ ඉරාන ආන්ඩුව බව එය විසින් ප‍්‍රසිද්ධියේ පිලිගැනීමක් වත් කර නැත. ප්‍රෙස් ටීවී, ෆාස් ප‍්‍රවෘත්ති ඒජන්සිය හා ඉරාන තන්ත‍්‍රයට සම්බන්ධ අනෙකුත් වෙබ් අඩවි ඊස්රායල ප‍්‍රහාරය සරල ව ම පෙන්නුම් කරන්නේ සිරියාවට එල්ල කල අසාර්ථක ප‍්‍රහාරයක් ලෙස ය.

ට‍්‍රම්ප්ගේ තේරී පත්වීමෙන් පසු න්‍යෂ්ටික ගිවිසුමේ ආරක්ෂාව පතා තෙහෙරානය යුරෝපීය බලයන් මත වාරු විය. එහෙත් සිරියාව හා යේමනය තුල බාධාකාරී ක‍්‍රියාකාරකම් යයි කියන දේවල් අවසන් කිරීම ඇතුලු තෙහෙරානයෙන් තවත් කැපකිරීම් ඉල්ලා සිටි ට‍්‍රම්ප්ගේ ඇනවීම් පිටුපස පෙලගැසුනු බ්‍රිතාන්‍යය, ප‍්‍රන්සය හා ජර්මනිය, වත්මන් ගිවිසුමේ ඉරනමට ක්ෂනික ව නොබැඳුනු වෙන ම “සාකච්ඡාවකට” එම ක‍්‍රියාකාරකම් විෂයය විය යුතු යයි යෝජනා කල හ.

මැයි 9 ප‍්‍රහාරයට රුසියාව දුන් සහයෝගය තෙහෙරානයට විපිලිසර වීමට තවත් හේතුවක් වන අතර, මොස්කව් වෙතින් එවැනි පැහැදිලි කොල එලියක් ලැබුනේ, ප‍්‍රහාරයට පූර්වයෙන් එදින ම ඊස්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවති පැය දහයක හමුවේ දී ය.

ඒ අනුව දැන්, හුදෙක් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම බිඳ වැටීමට පමනක් නො ව, ලෙබනනයේ හෙස්බුල්ලාවරුන්, හමාස් සහ අනෙකුත් පලස්තීන කන්ඩායම් සමග තමන්ගේ සබඳතා නඩත්තු කරගෙන යාමට තීරනාත්මක වන එය සිරියාවෙන් වෙන් කර සැලකීම පිලිබඳ ව මහ බලවතුන් අතර “අවබෝධයක්” අටවා ගැනීමේ අවශ්‍යතාවකට ද ඉරානය මුහුන දී සිටී.

අවසන් වසයෙන් කීව ද වැදගත් කමින් අඩු නො වන තවත් දෙයක් වන්නේ ඉරානය තුල වර්ධනය වන සමාජ අර්බුදය යි. පසුගිය වසර පුරා ද වඩාත් නාටකාකාර ව 2018 ආරම්භයේ ද පැවතුනු මහජන වීදි විරෝධතා පෙන්නුම් කරන්නේ, ඊනියා දැඩි මතධාරීන් ද ඇතුලු ඉරාන ප‍්‍රභූවේ සෑම කොටසක් ම අනුයන කෲර කප්පාදු පිලිවෙත්වලට අභියෝග කිරීම සඳහා, දීර්ඝ කාලීන මර්දනයකට යටත් ව සිටින ඉරාන කම්කරු පන්තිය පෙරට පැමින ඇති බව යි.

තමන් ව කොන් වී ඇතැයි දැකගන්නා ඉරාන ආගමික ධනේශ්වර ප‍්‍රභූව මිලිටරිමය පිලිතුරු දීම තෝරාගත හැකි ය.

මැයි 9 ඊස්රායල ප‍්‍රහාරය පිලිගැනීමට අසමත් වීම මගින් ද අවධාරනය කරන පරිදි සෑම දෙයක් ම පෙන්නුම් කරන්නේ, අධිරාජ්‍යවාදය සමග සබඳතා ප‍්‍රතිස්ථාපනය කරගැනීමේ තම උත්සාහයන් ඉරාන ධනේශ්වරය විසින් තීව‍්‍ර කරනු ඇති බව හා එසේ කිරීම පිනිස, කම්කරු පන්ති-විරෝධී, ආයෝජන ගැති පිලිවෙත් ඇතුලු වැඩිදුර සහනයන් අධිරාජ්‍යවාදය වෙත පුදමින් දනින් වැටෙනු ඇති බව යි.

පසුගිය දශක හතරෙන් බොහෝ කාලයක් ඉස්ලාමීය ජනරජයේ පාලකයන් මැතිරූ “ඇමරිකාවට මරනය” යන ස්තෝත‍්‍රය පසෙක තිබිය දී ඔවුන් ක‍්‍රියාකාරී ව කර ඇත්තේ, වොෂින්ටනය සමග අනුග‍්‍රහශීලී වීමේ පිලිවෙතකි. 1991 ගල්ෆ් යුද්ධයට තෙහෙරානය වක‍්‍ර ව සහයෝගය දුන්නේ ද 2001 දී ඇෆ්ගනිස්තානය හා 2003 දී ඉරාකය ආක‍්‍රමනය කිරීමේ දී සංවිධානාත්මක හා දේශපාලන සහයෝගය සම්පාදනය කලේ ද ඒ නිසා ය.

වොෂින්ටනය මෙය හොඳින් දනී. ඇත්ත වසයෙන් ම ට‍්‍රම්ප් හා ඔහුගේ උපදේශකයෝ ඒ මත විශ්වාසය තබා සිටිති. පහලින් නැගී එන සමාජ විරෝධයෙන් භීතියට පත් ව සිටින ඉරාන ධනේශ්වරය මත මිලිටරි හා ආර්ථික පීඩනය තීව‍්‍ර කිරීම මගින් වොෂින්ටනය ගනන් බලන්නේ, මැද පෙරදිග මත එක්සත් ජනපද ආධිපත්‍යයට කිසිදු අභියෝගයක් කිරීම අත්හැර දමන ලෙස හා ඉරාන ආර්ථිකය වෝල් වීදියේ කෑදර සූරාකෑමට විවෘත කරන ලෙස එක්සත් ජනපදය කරන අනකිරීම්වලට ඉරාන ධනේශ්වරය යටත් කරගැනීම යි.

චියැං කායි-ෂෙක්ගේ ධනේශ්වර ක්වෝමිංටෑනයට චීන කොමියුනිස්ට් පක්ෂය යටත් කිරීම සාධාරනීකරනය කිරීම සඳහා ස්ටැලින් ඉදිරියට දැමූ කියාපෑම්වලට පිලිතුරු දෙමින් වසර 90කට පෙර ලියොන් ට්‍රොට්ස්කි විස්තර කල පරිදි:

අධිරාජ්‍යවාදය විසින් චීනය තුල සිටින සියලු පන්ති පිටස්තර ව යාන්ත‍්‍රික ලෙස එක්කර වාත්තු කරතැයි සිතීම බරපතල අත්වැරැද්දකි...අධිරාජ්‍යවාදයට එරෙහි විප්ලවවාදී අරගලය පන්තීන් අතර දේශපාලන විභේදනය දුර්වල කරනවා වෙනුවට ශක්තිමත් කරයි... පීඩිත හා සූරාකැවෙන ජනයා අරගලය වෙත තල්ලු කරන සෑම දෙයක් ම ජාතික ධනේශ්වරය නො වැලැක්විය හැකි ලෙස අධිරාජ්‍යවාදීන් සමග විවෘත සන්ධානයකට තල්ලු කරයි. අධිරාජ්‍යවාදී පීඩනය විසින් ධනේශ්වරයත් කම්කරු හා ගොවි ජනතාවනුත් අතර පන්ති අරගලය සෑම බරපතල ගැටුමක දී ම ලේවැකි සිවිල් යුද්ධයක මට්ටමට ශක්තිමත් කරනවා විනා දුර්වල කිරීමක් නො කරයි.” [චීනය ගැන ලියොන් ට්‍රොට්ස්කි, (නිව් යෝක්: මොනාඩ්, 1976), 161 පිටුව].

ලෝකයේ අන්තැන්වල මෙන් මැද පෙරදිග තුල ද අධිරාජ්‍යවාදී ආක‍්‍රමනයට හා යුද්ධයට එරෙහි අරගලය පදනම් කල යුත්තේ, කම්කරු පන්තිය දේශපාලනික ව ස්වාධීන ලෙස බලමුලුගැන්වීම හා නො නවතින විප්ලවයේ ඉදිරිදර්ශනය මත යි.

ගෝලීය ව ද මැද පෙරදිග හා උතුරු අප‍්‍රිකාවේ ද 2018 සලකුනු කෙරී තිබෙන්නේ කම්කරු පන්ති අරගලවල පුනර්ජීවනයක් මගිනි. ඉරානයේ මහජන විරෝධතාවන්ට අමතර ව ටියුනීසියාව, ඊස්රායලය හා තුර්කිය තුල මෙන් ම එක්සත් ජනපදය තුල හා යුරෝපයේ ද ප‍්‍රධාන වැඩ වර්ජන පැවතී තිබේ.

මෙම බලවේගයට, එනම් ජාත්‍යන්තර කම්කරු පන්තියට, යුද්ධයට සහ වොෂින්ටනයේ හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන්ගේ කොල්ලකාරීත්වයට එරෙහි ව ඉරාන, අරාබි, තුර්කි, කුර්දි හා ඊස්රායල මහජනයා වාර්ගික හා ආගමික-ජනවාර්ගික රේඛා කපාගෙන කලාපීය ව බලමුලුගැන්වීමේ සමාජීය ශක්තිය ඇත.

කෲර ආර්ථික සම්බාධක, යුද තර්ජන, මිලිටරි ප‍්‍රහාරවල රූපයෙන් වේවා පූර්න පරිමාන යුද්ධයේ රූපයෙන් වේවා ඉරානයට එරෙහි අධිරාජ්‍යවාදී ධාවනයට ලොව පුරා කම්කරුවන් විරුද්ධ විය යුතු ය. ඉරාන ජනයා මෙල්ල කරගැනීම සඳහා වන ධාවනයට නායකත්වය දෙමින් සිටින බලයන් ම උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ වැඩකරන ජනයාගේ සමාජ හා ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් මත ප‍්‍රහාරයට නායකත්වය දෙයි.

ඉරානයට එරෙහි අධිරාජ්‍යවාදී ප‍්‍රහාරයට විරුද්ධ වීමෙහි අර්ථය වන්නේ, කප්පාදුවට හා සමාජ අසමානතාවට විරුද්ධ ව ඉරාන කම්කරු පන්තියෙන් වර්ධනය වන පන්ති ව්‍යාපාරය දිරිමත් කිරීම හා එයට සහයෝගය දීමත්, ඉරාන ධනේශ්වරයට එරෙහි අරගලය, ඉරානය තුල කම්කරු බලය සඳහා වන ජාත්‍යන්තර සමාජවාදී ක‍්‍රියාමාර්ගයකින් සන්නද්ධ කිරීම හා අධිරාජ්‍යවාදයට එරෙහි ව මැද පෙරදිග සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා අරගලය තුලට මැද පෙරදිග මහජනයා බලමුලුගැන්වීමත් ය.

කීත් ජෝන්ස්

Share this article: