බ්‍රිතාන්‍ය: කෙන් ලිවින්ග්ස්ටන් ලේබර් පක්ෂයෙන් නෙරපා හැරේ

Ken Livingstone forced out of British Labour Party

2018 මැයි 23

හිටපු මන්ත්‍රීවරයෙකු ද ලන්ඩනයේ නගරාධිපතිවරයෙකු ද වූ කෙන් ලිවින්ග්ස්ටන් වසර 50ක සාමාජිකත්වය දැරීමෙන් පසු ලේබර් පක්ෂය හැර ගියේය.

ඔහුගේ ඉල්ලා අස්වීම, ලේබර් පක්ෂය තුල බ්ලෙයාර්වාදීන් මෙන් ම ලේබර් පක්ෂය ද සම්පූර්න “වම” ද යුදෙව් විරෝධයෙන් වෙලාගෙන ඇතැයි ප්‍රකාශ කරමින්, පසු ගිය වසර දෙක තිස්සේ, දඩයමක් දියත්කර ඇති විවිධ සියොන්වාදීන් නායකත්වය විසින් අරඹන ලද මඩ ගැසීමේ උද්ඝෝෂනයක අවසන් නිර්මිතය යි. ඔවුන්ගේ අරමුන දෙයාකාර ය:

* බෙන්ජමින් නෙතන්යාහුගේ ආන්ඩුව අතදිගහැර මුදල් සපයද්දී හා සහාය දෙද්දී ඔවුන් උත්සාහ ගන්නේ, අපහාසාත්මක ලෙස සියොන් විරෝධය සමග යුදෙව් විරෝධය සමාන කිරීම හරහා පලස්තීනුවන්ට එරෙහි ඊස්රායලයේ කුරිරු සැලකීම පිලිබඳ විවේචන යටගැසීමට යි. මේ අනුව බොහෝ වාමාංශික දේශපාලඥයින් වර්ගවාදීන් හා ප්‍රතිගාමීන් ලෙස හංවඩු ගැසේ.

* දඩයම්කරුවන් යුදෙව් විරෝධය පිලිබඳ චෝදනා යොදා ගනිමින් සිටින්නේ ලේබර් පක්ෂය තවත් දකුනට තල්ලු කිරීමට මෙන් ම ජෙරමි කෝබින් හා ඔහුගේ අනුගාමිකයන් නායකත්වයෙන් ඉවත් කිරීමට ත් ය.

ලිවින්ග්ස්ටන් හා ඔහුගේ ලේබර් පක්ෂ ගැති, ධනේශ්වර ගැති ප්‍රතිපත්ති සමග ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට අතිමූලික වෙනස්කම් ඇත. නමුත් යුදෙව් විරෝධය මත ඔහුට එරෙහිව චෝදනා කිරීම දුෂ්ට අපවාදයකි

දෘෂ්ටිවාදයක් ලෙස යුදෙව් විරෝධය ඓතිහාසිකව ඒකාබද්ධ වූයේ ෆැස්ට්වාදය හා අන්ත දක්ෂිනාංශය සමගිනි. එය යුදෙව්වන් පිලිබඳ වෛරය උත්සන්න කලේ කම්කරු පන්තිය හා සමාජවාදී ව්‍යාපාරයට එරෙහිව පරිහානිගත මධ්‍යම පන්තික කන්ඩායම් ඒකරාශී කිරීමට ය.

පසු ගිය වසර 30 තිස්සේ, මෙම යෙදුම අනුයෝජනය කර හා අවභාවිතා කෙරී ඇත්තේ, වර්ගය, ආගම හා ජනවර්ගය සමග කිසිදු සම්බන්ධයක් නැති සියොන්වාදය හා ඊස්රායල් රාජ්‍යයට වන දේශපාලන විරුද්ධත්වය නිශ්ශබ්ද කිරීමට ය. ඊට පටහැනිව, මුස්ලිම් ජනයා සමග ගැටුම හා අධිරාජ්‍ය ගැති ප්‍රතිපත්ති තුලින් ආකර්ෂනය කර ගැනුනු ඊස්රායලය ආරක්ෂා කරන දක්ෂිනාංශිකයින් අතර, බියගුලු යුදෙව් විරෝධීහු සැලකියුතු සංඛ්‍යාවක් සිටිති,

සියොන් විරෝධය නීතිවිරෝධී කිරීමේ උද්ඝෝෂනය සඳහා වූ දේශපාලන අවශ්‍යතාව මෘග ලෙස හෙලිදරව් වුනේ, මැයි 14වැනිදා ගාසා සීමාවේ දී පලස්තීනුවන් 62කු සංහාරය කිරීමත් සමගය. ගැඹුරු කුහකත්වය පැහැදිලි කෙරුනේ, අන්ත දක්ෂිනාංශික දේශපාලකයන් හා ජේසුගේ දෙවැනි ආගමනයේ පූර්වනිමිත්ත ලෙස යුදෙව් ජනයාගේ ලේවැකි අවසාන විනාසය අපේක්ෂා කරන ක්‍රිස්තියානි පූජකයන් සමග එදින ඊස්රායලයේ 70වැනි සංවත්සරය සමරමින් නෙතන්යාහු අවිවේකී ව සිටියේ ය යන කාරනයෙනි.

ගෞරවයට පාත්‍ර වූ, මැද පෙරදිග විශ්ලේෂක ජොනතන් කුක්, යුරෝපීය වම්මුන් අතරේ “නව යුදෙව් විරෝධයක්” පිලිබඳ ව්‍යාජ ප්‍රකාශයන්ගේ මූලයන් පිලිබඳ මෙම සතියේ ඇගයුමක් ප්‍රසිද්ධ කලේ ය. ඔහු මෙය මැද පෙරදිග මිලිටරිවාදයේ විදාරනය සමග ඍජුව සම්බන්ධ කරන්නේ, “ලෝකය පුරා පැතිරුනු යුදෙව් විරෝධයක්” පැවතුනු බවත් එය “අද වඩාත් ම ගැටුම්වලින් පීඩිත කලාපය මධ්‍යයේ පිහිටි ඊස්රායලය හා ලෝකයේ සර්වව්‍යාාපි බලවතා ලෙස එක්සත් ජනපදය මතත් නාභි ගත වීම නිර්දය ලෙස ජාත්‍යන්තරකරනය වීමක්” බවත් අවධාරනය කරමින්, 2003, ඉරාක යුද්ධයේ වසරේ දී, ෆෝර්වර්ඩ් නම් එක්සත් ජනපද යුදෙව් සතිපතා පත්‍රය සඳහා ඩැනියෙල් ගෝලඩ්හාගෙන් විසින් ලියන ලද ලිපියක් ගැන සඳහන් කරමිනි.

ගාර්ඩියන් පුවත්පතේ විධායක කර්තෘ ජොනතන් ෆ්‍රීඩ්ලන්ඩ් ඇතුලු, කලින් ගාර්ඩියන් පත්‍රයේ සිටි, දැනට ඩේලි මේල් පත්‍රයේ තීරු ලිපි රචක මෙලනී පිලිප්ස්, එවකට බ්‍රිතාන්‍යයේ ප්‍රධාන යුදෙව් පූජක ජොනතන් සැක්ස් ( ඔවුන් සියලු දෙනා යුදෙව් විරෝධය පිලිබඳ ව කෝබින්වාදී “වමට” චෝදනා කිරීමේ දී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත) යන බ්‍රිතාන්‍ය යුදෙව් බුද්ධිමතුන් විසින් ද A New Antisemitism? Debating Judeophobia in 21st Century Britain (නව යුදෙව් විරෝධයක්? 21වැනි සියවසේ බ්‍රිතාන්‍යය තුල යුදෙව් භීතිකාව පිලිබඳ විවාදය) නම් පොත තුල ද මෙම ප්‍රවාදය ඉහලට ඔසවන ලදී.

“නව යුදෙව්-විරෝධී නාටක පොත ඉක්මනින් ම යතාවත් කෙරුනේ කෝබින් ලේබර් නායකයා වූවාට පසු ය”යයි කුක් නිගමනය කරයි. “පලස්තීන මාතෘභූමිය ජනපදකරනයට ඊස්රායලයට ඇති අයිතියට ඉහලින් පලස්තීනුවන්ගේ ගැහට ප්‍රමුඛතාවට පත් කරන නූතන ප්‍රධාන යුරෝපීය පක්ෂයක පලමු නායකයා” තමා වූ නිසා බව ඔහු සඳහන් කරයි.

මෙම දක්ෂිනාංශික බලවේග සම්බන්ධයෙන් ගත් විට, ලිවින්ස්ටන්ගේ නෙරපීම සැලකෙන්නේ, ඔහුගේ මහජන ප්‍රසිද්ධිය හේතු කොට ගෙන ප්‍රධාන ජයග්‍රහනයක් ලෙස ය. ඒ නිසා ඔහුගේ ඉල්ලා අස්වීමේ බලපෑම පුලුල් ව දැනෙනු ඇත.

මෙම දඩයම හමුවේ ලිවින්ග්ස්ටන්ගේ තීරනය සමාව දිය නො හැකි පසුබැසීමකි. නමුත් ඔහුගේ ඉල්ලා අස්වීම පිටුපස ගාමක බලවේගය කෝබින් හා ඔහුගේ උපදේශකයින් වී යැයි පෙනෙන්ට තිබේ. ඔහුගේ තහනමට පෙර වසර දෙක තුල ලිවින්ග්ස්ටන්ගේ ආරක්ෂාවට කෝබින් එක් වරක් හෝ ඉදිරිපත් වූයේ නැති අතර, ලිබර්ටි (පක්ෂවාදී කන්ඩායමේ) හිටපු අධ්‍යක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාමී චක්‍රභාර්තී, සිවිල් හා මානව හිමිකම් පක්ෂවාදී කන්ඩායම ඇතුලුව කෝබින්ගේ මිතුරන්, ඔහු නෙරපීමට පිටුබලය දුන්නා විය හැක.

ඔහුගේ පක්ෂපාතිත්වය වෙනුවෙන් අභියාචනා කරන ලෙස ලිවින්ග්ස්ටන්ගෙන් ඉල්ලීම මගින් කෝබින් එවැනි ප්‍රතිඵලයක් වලක්වා ගෙන ඇති බව පෙනේ. ප්‍රකාශනයක ලිවින්ග්ස්ටන් මෙසේ සඳහන් කලේ ය, “බ්‍රිතාන්‍යය පරිවර්තනය කිරීමට අපට කෝබින් නායකත්වය දෙන ආන්ඩුවක් ඉතා දැඩි ලෙස අවශ්‍ය වන අතර, මෙම අරමුන වෙනුවෙන් මම දිගටම වැඩ කරන්නෙමි... ලේබර් පක්ෂයෙන් මා නෙරපා හැරීම වටා දිගහැරෙන කාරනා අපගේ කාලයේ ප්‍රධාන දේශපාලනික ප්‍රශ්නවලින් වෙනතකට යොමු වීමකි...”

“නිවරැදි දේ කිරීම” යැයි කෝබින් ලිවින්ග්ස්ටන්ගේ ඉල්ලා අස්වීම අනුමත කලේ ය. ඔහු මෙවැනි ප්‍රකාශයක් කරන්නේ කුමන පදනමක් මත ද?

“නිවරැදි දේ කිරීමේ” එකම නිර්නායකය වන්නේ, එය ලේබර් පක්ෂයේ එක්සත් කම පවත්වා ගෙන යනු ඇතැ යි යන සම්මුතියක බලාපොරොත්තුවකින් දක්ෂිනාංශය සතුටු කිරීම යි. තම දීර්ගකාලීන මිතුරාගේ දඩයමට ඔහු විරුද්ධත්වය දැක්වූයේ නම්, සියදහස් ගනනක් වන තම සාමාන්‍ය සාමාජිකයි අතර බලගතු ප්‍රතිචාරයක් ලබා ගන්නට ඉඩ තිබුනි. ඒ වෙනුවට, කෝබින් සමග එකඟත්වයෙන් ලිවින්ග්ස්ටන් නිහඬව පල්ලම් බැස ඇත.

මෙම මූලෝපායික අරමුන සම්බන්ධයෙන් කෝබින්ගේ අධිෂ්ඨාන සහගත හඹායෑම පිලිබඳ මෑත ම උදාහරනය ලිවින්ග්ස්ටන් වෘකයන්ට විසි කිරීම යි. මේ වෙනුවෙන් ඔහු ඕනෑ ම දේශපාලන ප්‍රතිපත්තියක් මෙන් ම ඔහුගේ ඉතාමත් පක්ෂපාතී මිතුරන් පවා පාවා දීමට සූදානම් ය. මාසයකටත් අඩු කාලයකට පෙර, කෝබින් එකඟතාව ඉල්ලමින්, යාවජීව ලේබර් සාමාජිකයෙකු මෙන් ම වර්ගවාද විරෝධී උද්ඝෝෂකයෙකු වූ මාර්ක් වර්ඩ්ස්වර්ත් පන්නා දැමුවේ, දක්ෂිනාංශික මාධ්‍ය ප්‍රහාරයක් සමඟ අත්වැල් බැඳ ගනිමින්, කුමන්ත්‍රනය කිරීම පිලිබඳව ප්‍රමුඛ සියොන්වාදී මන්ත්‍රීවරියක වන රූත් ස්මිත් එල්ල කල චෝදනා වලින් පසුව ය.

පක්ෂයේ ධනපති ගැති, අධිරාජ්‍යවාද ගැති නිලධරය තුල සැඟ වී සිය ජීවිත ගෙවා ඇති කෝබින් හා “වාම” පාර්ලිමේන්තුවාදී සෙස්සන් යටතේ ලේබර් දක්ෂිනාංශය මෙන් ම එහි සියොන්වාදී හා කොන්සර්වටිව්වාදී මිතුරන්ට එරෙහිව අවංක සටනක් ගෙන යා නො හැක.

දක්ෂිනාංශය දමනය කරනවා වෙනුවට, ලිවින්ග්ස්ටන් “බිල්ලට දීමේ” කෝබින්ගේ සූදානමේ දී ලිවින්ග්ස්ටන් තම දුබලකම පෙන්වා ඇත. දක්ෂිනාංශය පක්ෂයේ පාලනය මත තම ග්‍රහනය දැඩි කර ගන්නා අතර, ඔහුගේ ඉල්ලා අස්වීම, ඊස්රායලය විවේචනය කරනු ඇති වමේ ඕනෑ ම අයෙකු පැන්නීම වේගවක් කරන බවට සංඥාවක් වනු ඇත.

යුදෙව් විරෝධී උද්ඝෝෂනයේ ප්‍රමුඛ විචාරිකාවක් මෙන් ම ලේබර් මන්ත්‍රීවරියක වන ලුසියානා බර්ගර්, ඉල්ලා අස්වීම පිලිගත් නමුත් අනෙකුත් නායකයින් ද අකුලා ගන්නවා ඇතැ යි ඇය පැහැදිලි කලා ය. “පක්ෂය පිලියම් කල යුතුව ඇති, කැපී පෙනෙන ඉහල ආකෘතියක සිද්ධි ගනනාවක් තියෙනවා, අපි තවමත් ඒ සඳහා පොරොත්තුව සිටිනවා.”

තව ද, සියොන්වාද පක්ෂ දක්ෂිනාංශයට එවැනි ඉහල ජයග්‍රහනයක් ලැබීමේ ප්‍රතිඵල ජාත්‍යන්තර වසයෙන් දැනෙනු ඇත. ලේබර් පක්ෂය තුල දඩයම හා නෙරපීම්, ලෝකය පුරා දක්ෂිනාංශික බලවේග, විශේෂයෙන් ම ඊස්රායලය හා එක්සත් ජනපදය විසින් ඩැහැගනු ඇත්තේ, කියනු ලබන වමේ ඉවසුම් නැති යුදෙව් විරෝධයට එරෙහි ඔප්පු කිරීමක් ලෙස හා ක්‍රමානුකූල දේශපාලනික වාරනය හා වධ දීම යුක්තිසහගත කිරීමක් ලෙස ය.

තෝමස් ස්ක්‍රිප්ස් හා ක්‍රිස් මාර්ස්ඩන්

Share this article: