ශ්‍රී ලංකාවට පැමිනි ඩේවිඩ් නෝර්ත් උනුසුම් ලෙස පිලි ගනී

David North warmly welcomed on his arrival in Sri Lanka

,2018 සැප්තැම්බර් 28

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත්, 27දා උදෑසන, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමැනි අවස්ථාවේ, ශ්‍රී ලාංකවේ සමාජවාදී සමානතා පක්ෂය විසින් උනුසුම් ලෙස පිලිගන්නා ලදී. නෝර්ත් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ, හතරවැනි ජාත්‍යන්තරයේ 80වැනි සංවත්සරය හා ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ 50වැනි සංවත්සරය සැමරීමට සසප විසින් සංවිධානය කෙරෙන ප්‍රසිද්ධ රැස්වීම් අමතනු පිනිස ය.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී, ලෝක සමාජවාදී වෙබ් අඩවි ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඬේවිඞ් නෝර්ත් ප්‍රසිද්ධියේ පිලිගන්නා ලද්දේ එහි ප්‍රධාන ලේකම් විජේ ඩයස්ගේ නායකත්වයෙන් යුත් ප්‍රබල සසප නියෝජිත පිරිසක් විසිනි. ඔවුහු “ලෝක සමාජවාදී වෙබ් අඩවි ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති, ඬේවිඞ් නොර්ත් සාදරයෙන් පිලිගනිමු” යි කියවෙන බැනරයක් ප්‍රදර්ශනය කලහ. විජේ ඩයස් නොර්ත්ට මල්මාලයක් පැලඳවී ය.

ජාතික රූපවාහිනිය හා පෞද්ගලික අංශයේ දෙරන නාලිකාව නෝර්ත් ගේ පැමිනීම ආවරනය කලහ. ඉදිරියේ එලඹෙන සසප ප්‍රසිද්ධ රැස්වීම්වල වැදගත්කම පිලිබඳව රූපවාහිනී මාධ්‍යවේදියෙක් නොර්ත් හා ඩයස් සමග සම්මුඛ සාකච්චාවක් පැවත් වී ය.

විජේ ඩයස් නොර්ත්ගේ ශ්‍රීලංකාවට පැමිනීම සාදරයෙන් පිලිගනී

නොර්ත් මෙසේ පැවසී ය: “මම ආවේ හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය ගැන දේශන කීපයයක් පැවැත්වීමට. මෙම වසර ලියොන් ට්‍රොට්ස්කි විසින් හතරවැනි ජාත්‍යන්තරය ආරම්භ කිරීමේ 80වැනි සංවත්සරය සලකුනු කරනවා. මෙය ජාත්‍යන්තරව මෙන් ම ශ්‍රී ලංකාවේ ද ඓතිහාසික වැදගත් ශ්‍රේෂ්ට සංවත්සරයක්.”

ඩේවිඩ් නෝර්ත් ශ්‍රීලංකාවේ මාධ්‍යවේදීන් අමතයි

“ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ දේශපාලන වර්ධනය තුල ට්‍රොට්ස්කි ඉමහත් කාර්යභාරයක් ඉටු කර ඇති බව බොහෝ අය දන්නා බව මගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට සමාජවාදය සඳහා අරගලය පිලිබඳ අභිමානවත් ඉතිහාසයක් තියෙනවා, ඒ නිසා මෙහිදී, කම්කරුවන්, ශිෂ්‍යයින් හා සමාජමය වසයෙන් කැපවුනු බුද්ධිමතුන් අමතන්න මම කැමතියි. මගේ දේශන හොඳින් පිලි ගනියි කියලා මම හිතනවා.”

ඔක්තෝබර් 3වැනිදා සවස 4.30ට, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කලාගාරයේ ද අනෙක ඔක්තෝබර් 7වැනිදා සවස 3.00ට, කොලඹ නව නගර ශාලාවේ ද ප්‍රසිද්ධ දේශන දෙකක් පැවත්වීමට ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය විසින් ඬේවිඞ් නොර්ත්ට ආරාධනය කරන ලද බව ඩයස් පැහදිලි කලේ ය.

“අපි ශ්‍රී ලංකාව තුල පමනක් නොව, කලාපයේ හා ලෝකය පුරා පන්ති අරගලයට සම්බන්ධ ඓතිහාසික ප්‍රශ්න සාකච්ඡා කරන එක ඉතාමත් වැදගත්” යැයි ඩයස් පැවසී ය.

“අපි ජීවත් වන්නේ බොහෝ උත්සන්න පන්ති ආතතීන් මැද. ලෝකය පුරා කම්කරුවන්ට හා තරුනයන්ට විප්ලවවාදී ඉදිරිදර්ශනයක් අවශ්‍යයි. ඒ නිසයි ශ්‍රී ලංකාවේ සසප මෙම ප්‍රසිද්ධ දේශන සංවිධානය කර, ජාත්‍යන්තර සහෝදරයෙකුට අවස්ථාව ලබා දුන්නෙ කතා කරන්න, ඔහු දශක හතරකට අධික කාලයක් ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය නියෝජනය කරල තියෙනවා. නොනවතින විප්ලව න්‍යාය මත පදනම් වන ලෝක විප්ලවවාදී ඉදිරිදර්ශනයක් සඳහා සටනේ නිපුනයෙක් වන ඔහුට අපි ආරාධනා කලේ ඒ නිසයි.”

නෝර්ත් “ලෝක ට්‍රොට්ස්කිවාදී ඉතිහාසය පිලිබඳ කීර්තිමත් ලේඛකයෙක් වගේ ම ජාත්‍යන්තර කම්කරු පන්තිය හා තරුනයන්ගේ නව පරම්පරාවට ඉතිහාසය පැහැදිලි කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් ම සුප්‍රසිද්ධ අයෙක්” බව ඩයස් මාධ්‍යයට පැවසී ය.

රූපවාහිනිය 27දා සවස ප්‍රවෘත්ති විකාශනයෙන් නොර්ත් ගේ පැමිනීම පිලිබඳ වීඩියෝ පටයක් විකාශනය කලේ ය.

රැස්වීම් පැවත්වෙන ස්ථාන, දින හා වේලාවන්

ඔක්තෝබර් 3, ප.ව. 4.30 - කලාගාරය, පේරාදෙනිය විශ්වවිද්‍යාලය

ඔක්තෝබර් 7, ප.ව. 3.00 - නව නගර ශාලාව, ග්‍රීන් පාත්, කොලඹ

Share this article: