බර්ලිනයේ 250,000 ක් මහජනතාවගේ පාගමනින් ඉක්බිත්තේ

ජර්මනියේ අන්ත දක්ශිනාංෂික තර්ජනයට එරෙහිව ඉදිරි මාවත

The way forward in the struggle against the far-right danger in Germany

2018 ඔක්තෝබර් 18

ජර්මනියේ මහා සභාග ආන්ඩුව විසින් උසිගැන්වෙන මිලිටරිවාදය, වර්ගවාදය සහ අන්ත දක්ෂිනාංශයට එරෙහිව ජර්මනියේ බර්ලින් අගනුවර පසුගිය සති අන්තයේ මිලියන කාර්තුවකට ආසන්න මහජනතාවක් පාගමනේ ගියහ. එහි සංවිධායකයින් විසින් “#ඉන්ඩිවිසිබල්” (“#indivisible”) යනුවෙන් පටබැඳුනු උද්ඝෝෂනය, 2003 ඉරාක යුද්ධයට එරෙහිව පැවතුනු පාගමන්වලින් පසු රටෙහි පැවැති විශාලතම විරෝධතාවය විය.

වැඩි වශයෙන් නිවෙස්වල නිර්මානය කෙරෙනු විරෝධතා සටන් පුවරුවලින් සමහරක කියැවුනේ “මුස්ලිම්වරුන් දඩයම් නොකරනු”, “නාසිවාදීන්ට තැනක් නැත”, සහ “වර්ගවාදය විකල්පය නොවේ” යනුවෙනි. “අන්ත දක්ෂිනාංශික, වර්ගවාදී, සහ යුදෙව් විරෝධී ප්‍රචන්ඩත්වයට ගොදුරු වූවන් සමග සහයෝගිත්වය” යනුවෙන් එක් බැනරයක ප්‍රකාශ කර පැවතින.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේවාර්තාකරුවන් සමග කල සාකච්ඡාවලදී, ජර්මානු රහස් ඔත්තු සේවාවන් අන්ත දක්ෂිනාංශික බල කොටුවක් ලෙස විස්තර කල උද්ඝෝෂකයෝ සංස්ථාපිතයේ පක්ෂ විසින් අන්ත දක්ෂිනාංශික ‘ජර්මනිය සඳහා විකල්පය’ (ඒඑෆ්ඩී) (පක්ෂය) වැලඳ ගනු ලැබීම හෙලාදැක්හ.

පසුදින පැවැති බැවේරියානු ප්‍රාන්ත මැතිවරනයේදීද කැපී පෙනුනේ දේශපාලන ප්‍රභූව සහ මහජනතාවගේ පුලුල් කොටසකගේ වාමාංශික මනෝගතීන් අතර පවතින ගැඹුරු ආගාධයයි. පසුගිය වසරේ පවැති සමූහාන්ඩු මැතිවරනයේදී ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය/ ක්‍රිස්තියානි සමාජ සංගමය (සීඩීයූ/සීඑස්යූ) සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් පසුගිය 70 වසර තුලදී, තම දැවැන්තම පරාජය අත්දුටූවායින් අනතුරුව, සියයට 21 ක් ඉක්මවා ඡන්ද අහිමි කර ගනිමින් බැවේරියාවේදී සීඑස්යූ සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එස්පීඩී) බිඳ වැටුනි. බැවේරියාවේ විරුද්ධ පක්ෂය වූ එස්පීඩීය පාලක සීඑස්යූට ද වඩා ඡන්ද අහිමි කර ගති. යන්තම් ඡන්ද සියයට 9.5 ක් ලබා ගනිමින්, එස්පීඩීය ප්‍රාන්ත මැතිවරනයකදී ලැබූ නරකම මැතිවරන ප්‍රතිඵල ලබා ගති.

අන්ත දක්ෂිනාංශික ඒඑෆ්ඩීයටද සැලකිය යුතු ඡන්ද ප්‍රමානයක් අහිමි විය. පසුගිය වසරේ බැවේරියාවේදී සමූහාන්ඩු මැතිවරනයේදී ඒඑෆ්ඩීය සියයට 12.4 ක් ඡන්ද ලබාගත් අතර, එය ඉරිදා සමූහාන්ඩු මැතිවරනයේදී යන්තම් සියයට 10.2 ක් ලබා ගති. වෙනත් වචනවලින් ගතහොත්: ජර්මානු පාලක ප්‍රභූව, සහ එහි ප්‍රමූඛ පෙලේ පක්ෂ සහ මාධ්‍යය හොරනෑවන් ක්‍රමානුකූලව ඒඑෆ්ඩීය උත්කර්ෂයට නංවමින්, අන්ත දක්ෂිනාංශික සංකල්ප සුජාතකරනය කලද, අන්ත දක්ෂිනාංශික පක්ෂය 231,000 ඡන්ද, නැතහොත්, එහි ඡන්දවලින් කාලක් අහිමි කර ගත්තේය.

මෙම වර්ධනයන් සොට්සියලිෂ ග්ලයිෂ්හයිට්ස් පාටයි (එස්ජීපී) (නැතහොත් ජර්මානු සමාජවාදී සමානතා පක්ෂය) ගත් කේන්ද්‍රීය ආස්ථානයන් දෙකක් තහවුරු කරයි.

පලමුව, ඒඑෆ්ඩීය විසින් මහජනතාවගේ පුලුල් අන්ත දක්ෂිනාංශික මනෝගතීන් පිලිබිඹු කෙරෙනු නොව, එය පාලක ප්‍රභූව විසින් දිරිමත් කරනු ලබන්නේ මහජන විරුද්ධත්වය හමුවේ තම සමාජ කප්පාදු සහ යුද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහාය. “නාසීන්ගේ අපරාධවලින් දුරස්ථ වීමේ සියලු කටයුතු තිබියදීත්, ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදය අතීතයේ පැවතියා මෙන්ම බිඳෙනසුලුයි,” යනුවෙන් උද්ඝෝෂනවලදී එස්ජීපී විසින් බෙදාහරින ලද ප්‍රකාශනවල සඳහන් කෙරින. පාලක ප්‍රභූව නව අධිරාජ්‍යයවාදී පටිපාටියක් භාවිතා කිරීමේදී ඔවුන්ට පහලින් විරෝධය දැනෙන වහාම, ඔවුහු තම ප්‍රමූඛත්වය අන්ත දක්ෂිනාංශයට පෙන්නුම් කරති.”

දෙවනුව, අන්ත දක්ෂිනාංශික තර්ජනයට එරෙහි අරගලය සඳහා සමාජවාදී ඉදිරිදර්ශනයක් අවශ්‍ය කෙරෙයි. දේශපාලන කෝපය සහ මහජන විරෝධතාවන් අවශ්‍ය වූවද, මේවා නොසෑහෙයි. ෆැසිස්ට්වාදී බලවේග දිරි ගැන්වීම මගින් පාලක පන්තිය නැවත වතාවක් තම ප්‍රතිගාමී න්‍යායපත්‍රය ගෙනයාම වැලැක්වීම සඳහා, ධනවාදයට එරෙහි අරගලය කිරීමට සමාජ අසමානතාවයටත්, අන්ත දක්ෂිනාංශය මතුවීමටත්, සහ යුද්ධයටත් ඇති විරෝධය ඒකාබද්ධ කිරීමට හැකි ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට අවශ්‍යය.

මෙම පසුගිය සති අන්තයේ සිද්ධීන්වලින් පසුව, අන්ත දක්ෂිනාංශයට විරෝධය පෑමට සමාජවාදී මූලෝපායක ප්‍රශ්නය නවතම හදිසිභාවයකින් මතුවිය. ඡන්ද පොලේත්, වීදිවලත් පුලුල් විරෝධයට සමස්ථ පාලක ප්‍රභූව වඩාත් දකුනට මාරුවෙමින් ප්‍රතිචාරය දක්වමින් සිටිති. පාලක ප්‍රභූව මහජනතාව එරෙහිව සබඳතා බිඳ දමමින්, සියලුම ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවන් පාගා දමමින්, දේශපාලන කුමන්ත්‍රනය උත්සන්න කරමින් සිටිති.

“වැඩිපුර පොලිස් භටයින්” බඳවා ගැනීමට සහ වීදිවල පීඩනයට යටත් නොවන ලෙසටත් හිටපු එස්පීඩී නායක සිග්මාර් ගාබ්‍රියෙල් සභාග ආන්ඩුවට බල කර සිටියේය. “ආන්ඩුව පෙරලා නව ආන්ඩු අර්බුදයක් උසි ගැන්වීම මගින් ජර්මනිය තව දුරටත් ස්ථාවර නොවනු ඇත”. ජර්මනිය “අප කෙරෙහි පමනක් අවධානය යොමු කිරීමට විශාල වැඩියි. තවද, අප යුරෝපය එක්සත් කර තබා ගන්නේ නම් පමනක් ලොවම අපට ඇහුම්කම් දෙනු ඇත.”

බදාදා තම රාජ්‍යතන්ත්‍ර ප්‍රකාශය තුලදී, චාන්ස්ලර්වරිය ඇන්ජෙලා මර්කල් එම ප්‍රතිගාමී රාවයම පල කලාය. “බාහිර දේශසීමා ආරක්ෂා කිරීමට” සහ “පිටුවහල් කිරීම්වලට” “ඒකාබද්ධ වර්ධනයන්” සඳහා කැඳවුම් කරමින් ඇය සරනාගතයින්ට එරෙහි තවදුරටත් කඩාපැනීමක් ඉල්ලා සිටියාය. තවත් කාරනාවක් වූයේ “අභ්‍යන්තර ආරක්ෂාව” දැඩි කරමින් සිටීමයි. යුරෝපීය මැතිවරන සඳහා ආන්ඩුව “තම උද්ඝෝෂනවලදී අසත්‍ය තොරතුරු ක්‍රියාශීලීව පතුරුවන පක්ෂ සඳහා උපදෙස් නිර්දේශ සෑදීම” සැලසුම් කරමින් සිටියි.

මෙහි ඇඟවුම් පැහැදිලිය. “අසත්‍ය තොරතුරු” වලට එරෙහිව සටන් කරන කඩතුරාව යටතේ, ගූගල් සමාගම ජර්මානු ආන්ඩුවේ සමීප සම්බන්ධීකරනය ඇතිව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඇතුලුව වාමාංශික සහ ප්‍රගතිශීලී ප්‍රවෘත්ති ද්වාරයන් වාරනය කරමින් ඇත. ස්වදේශික රහස් ඔත්තුසේවා ඒජන්සිය විසින් ඉදිරිපත් කරන ලද මහා සභාගයේ මෑතම වාර්තාවකට අනුව, ධනවාදයටත්, ජාතිකවාදයටත්, අධිරාජ්‍යයවාදයටත් සහ මිලිටරිවාදයටත් ඇති සියලුම විරෝධයන් “අන්ත වාමාංශික අන්තවාදී” සහ “ව්‍යවස්ථා විරෝධී” ලෙස සාපරාධීකරනය කෙරින. එස්ජීපීය “අන්ත වාමාංශික අන්තවාදී පක්ෂයක්” සහ “නිරීක්ෂනය සඳහා විෂයයක්” ලෙස ලේබල් ගැසින.

ආන්ඩුවට මෙතරම් ප්‍රකෝපකාරීව හැසිරීමට හැකිවී ඇත්තේ එයට රාජ්‍ය යාන්ත්‍රනය මගින්ද, “වාම” විරුද්ධ පක්ෂ මගින් සෘජුවම ද සහය ලැබෙන බැවිනි. දැවැන්ත විරෝධය හමුවේ, හරිත පක්ෂය විසින් සංවිධානය කරන ලද පශ්චාත් යුද සමයේ ජර්මනියේ ප්‍රථම හමුදා මැදිහත් වීමෙන් වසර විස්සකට පසුව, ඔවුහු දේශීය සහ සරනාගත ප්‍රතිපත්තිය පිලිබඳව තවතවත් දකුනට මාරුවී ඇත. ඔවූහු පාලක සභාගයන්වල කොටස්කරුවන් වී ඇති ඕනෑම තැනක (එනම් ඕනෑම ප්‍රාන්තයක), ඔවුහු ආරක්ෂක හමුදාවන් ශක්තිමත් කරමින්, සරනාගතයින් මෘග ලෙස පිටුවහල් කිරීම් සංවිධානය කර ඇත. බැවේරියාවේදී, ඔවුහු බෙම්නිට්ස්හි මෑත නව නාසිවාදී වියරුව නිශ්චිතවම ආරක්ෂා කල සීඑස්යූහි අභ්‍යන්තර ඇමති හොර්ස්ට් සේහෝෆර් සමග සභාගයක් සඳහා බලාපොරොත්තුවෙන් සිටියි.

“චාන්ස්ලර්වරියගේ තනතුරේ සිටින බංකොලොත් තැනැත්තියකු” ලෙස බදාදා තම ප්‍රකාශය තුල මර්කල්ට දොස් පැවරූ වාමාංශික පක්ෂ පාර්ලිමේන්තු කන්ඩායම් නායිකාව සාහ්රා වාගන්නෙෂ්ට් චෝදනා කලේ “ජර්මනියට වත්මනේ ක්‍රියාත්මක වීමට නොහැකි ආන්ඩුවක් ඇත” යනුවෙනි. පසුගිය සතියේ සිද්ධියකදී, ඇය බර්ලීනයේ පැවැති මහජන විරෝධතාවලින් තම පක්ෂය විවෘතව ඉවත් කරගත් අතර, “විවෘත දේශසීමා” පිලිබඳ අදහස “යථා නොවන සහ මුලුමනින්ම ප්‍රායෝගික නොවන” ලෙස විස්තර කලාය. අන්ත දක්ෂිනාංශය සමග වාගන්නෙෂ්ට් සබඳතාවක් ගොඩ නගා ගැනීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනි. වාගන්නෙෂ්ට් වනාහි “හේතුවේ එඩිතර හඬක්” ලෙසට ඒඑෆ්ඩී නායක අලෙක්සැන්ඩර් ගෝලාන්ඞ් උනන්දුවෙන් සඳහන් කලේය. ෆ්‍රන්ක්ෆුවර්ටර් අල්ගෙමයිනර් සයිතුන්ග් පුවත් පතට ගෝලාන්ඞ් ලිවූ මෑත ලිපියක් විශාල වශයෙන් 1933 දී හිට්ලර්ගේ කථාවක් මත පදනම් විය.

අන්ත දක්ෂිනාංශය වර්ධනය කිරීමේ දේශපාලන කුමන්ත්‍රනයේ කේන්ද්‍රීය ක්‍රියාකලාපයක මාධ්‍යය නිරත වෙමින් සිටියි. ඔවුහු ඒඑෆ්ඩීය ඉහලට ඔසවමින්ද, සෑම සරනාගත විරෝධී උද්ඝෝෂනයකටම හෘදයාංගම ආවරනයක් දෙමින්ද, නව නාසිවාදීන් “උනන්දුජනක පුරවැසියන්” ලෙස විස්තර කරන අතර, බර්ලීනයේ මහජන උද්ඝෝෂන පිලිබඳව කිසිදු වාර්තාවක් පල නොවූ තරම්ය. අටුවා කරුවෝ විවෘතවම උද්ඝෝෂනය හෙලාදැක්හ. ජර්මානු ධජය සහ ඒඑෆ්ඩී සාමාජිකයින් සංවිධායකයින් විසින් තහනම් කරනු ලැබීම නීති විරෝධී වාරනයක් ලෙස බර්ලීනය පදනම්වූ ටාගස්ෂ්පීල් පුවත්පත, ප්‍රකෝපකාරීව චෝදනා කලේය.

දේශපාලනයේද, මාධ්‍යයේද, ඔත්තු ඒජන්සිවලද සහ හමුදාවේද බලපෑම් ඇතිකල හැකි කව ඒඑෆ්ඩීට බර්ලීනයේ බලය තවත් වැඩි කර දීමට පවා තිරය පිටුපස සිට වැඩ කටයුතු සිදු කරමින් සිටිති. පාර්ලිමේන්තුවට ඒඑෆ්ඩීයේ ඇතුලුවීම “සමහර ධනාත්මක වෙනස්කම් නිර්මානය කර ඇත” යනුවෙන් බිල්ඞ් අම් සොන්ටාග් සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී පාර්ලිමේන්තු ජනාධිපති වොල්ෆ්ගන්ග් ෂොයිබ්ලේ ප්‍රකාශ කලේය. “මහා සභාගයේ බහුතරය” “පෙර පැවැති ව්‍යවස්ථාදායකයේ ආයු කාලය තුල පැවැති තරම් පැහැදිලි නැත” යනුවෙන්ද, “මෙය තවතවත් වාදවිවාද උද්දීපනය කරයි” යනුවෙන්ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

පාර්ලිමේන්තු භූමිය මත ඒඑෆ්ඩීයේ ෆැසිස්ට්වාදී සහ වර්ගවාදී පරිභවයන් ගැන සඳහන් කරමින් ෂොයිබ්ලේ ප්‍රකාශ කලේ එවැනි “දරදඬු” වාචාලත්වය “එතරම් නරක නොවන නිසා අප ගනන් ගත යුතු නැත.” යනුවෙනි.

මෙම කොන්දේසි යටතේ, එස්ජීපීය නව මැතිවරන සඳහා එහි කැඳවුම අලුත් කරමින් සිටියි. අන්ත දක්ෂිනාංශික ඒකාධිපතිත්වයක් ඇටවීමටත්, ජර්මනිය යලි සන්නද්ධ කිරීමටත්, ලේවැකි වන්දිය ගෙවීමට මහජනතාව පෙලඹීමටත් ජනවරමක් නැති දක්ෂිනාංශික කුමන්ත්‍රනකාරී කල්ලියකට ඉඩ දිය නොහැක. මැතිවරන උද්ඝෝෂනයකදී, පාලක ප්‍රභූවේ ප්‍රතිගාමී ප්‍රතිපත්ති හෙලිදරව් කිරීමටත්, ධනවාදයට, යුද්ධයට සහ ඒකාධිපතිවාදයට එරෙහිව සමාජවාදී විකල්පයක් ගොඩ නැගීමටත්, එස්ජීපීය තම සමස්ථ බලවේග සහ සම්පත් බලමුලු ගන්වනු ඇත.

අප පහත සඳහන් දෑ ඉල්ලා සිටිමු:

මහා සභාගයේත්, රාජ්‍ය තන්ත්‍රයේත් දක්ෂිනාංශික අන්තවාදීන්ගෙත් කුමන්ත්‍රනය නවතනු!

සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක පදනම මත අන්තවාදී දක්ෂිනාංශයට ඇති මහජන විරෝධය බලමුලු ගැන්විය යුතුය.

තවත් යුද්ධ එපා! මිලිටරිවාදී මහා බලවතෙකුගේ ප්‍රතිපත්තියක් වෙත ජර්මනියේ පුනරාගමනය නවතනු!

ඔත්තු සේවාවන් විසුරුවා හැරීමත් එස්ජීපීය සහ අනෙකුත් වාමාංශික සංවිධාන ගැන ඔත්තු බැලීම් වහාම නවතා දැමීමත් සඳහා!

සරනාගතයින්ගේ අයිතීන් ආරක්ෂා කරනු! රජය මිලිටරිකරනය සහ ඔත්තු බැලීම් නවතනු!

සමාජ සමානතාවය වෙනුවෙන් දුගීකම සහ සූරාකෑම අවසන් කරනු! බැංකු සහ සංගත සමග මූල්‍ය ප්‍රභූවේ සම්පත් අස්වාමික කරමින්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කල යුතුය.

උල්රිච් රිපර්ට් සහ යොහැන්නස් ෂ්ටෙර්න්

Share this article: