ලේමන් බ්‍රදර්ස් ආයෝජන බැංකුව බිඳවැටී දසවසරකට පසු

Ten years since the collapse of Lehman Brothers

2018 සැප්තැම්බර් 15

මීට දසවසරකට පෙර අද වැනි දිනෙක ගෝලීය ධනේශ්වර පර්යාය, 1930ස් ගනන් වල මහා අවපාතයට පසුව මුහුනදුන් අතිශයින්ම දුරදිගයන සහ විනාශකාරී අර්බුදයට මුහුන දුන්නේය. ඉන් දශකයකට පසුව ද මුල්‍ය අර්බුදයට හේතු කාරක වූ ප්‍රතිඝතිතා කිසිවක් හෝ ජයගන්නවා තබා ලිහිල් කිරීමක් හෝ සිදූවී නැත. එපමනක් නොව, මුල්‍ය පද්ධතියේ උනුවී යාමක් වලක්වා ගැනීම සඳහා එක්සත් ජනපද යේ ෆෙඩරල් රිසව් මහ බැංකුව හා අනෙකුත් මහ බැංකු විසින් ඩොලර් ට්‍රිලියන ගනනක් පොම්ප කර ක්‍රියාත්මක කරන ලද එම පිලිවෙත් ම මගින් සිදුව ඇත්තේ, වඩාත් විශාල ව්‍යසනයකට තත්වය නිර්මානය කිරීම පමනි.

අර්බුදයට කොකා ගැස්සු ආසන්න හේතුව නම්, වසර 158 පැරනි ලේමන් බ්‍රදර්ස් ආයෝජන බැංකුවට ඇප නො දී, එය බංකොලොත් වීමට ඉඩහැරීමට එක්සත් ජනපද මුල්‍ය අධිකාරීන් ගත් තීන්දුවයි. මෙම තීන්දුව ඇමරිකානු මහ බැංකුව විසින් හුදෙක් බැංකු රාශියක් පමනක් නොව සමස්ත මුල්‍ය පර්යායම යෝධ ඇපයක් මගින් ගලවාගත යුතුව පවතින බව දැනගෙන, එයට මග පාදාගැනීම උදෙසා සිතාමතා ගන්නා ලද තීන්දුවක් බව අඟවන සෑහෙන කරුනු පවතී.

එයට පෙර මාර්තු මාසයේ දී ජේපී මෝර්ගන් විසින් බේයර් ස්ටියරන්ස් බැංකුව අත්පත් කරගත් කල්හි, එය ගලවා ගැනීමට මහ බැංකුව ඩොලර් බිලියන30ක් යෙදවිය. බැංකුවේ තොරතුරු වාර්තාවන් ම පෙන්නුම් කරන පරිදි, බෙයර් ස්ටියරන් අර්බුදය වනාහි හුදෙක් යෝධ මුල්‍ය හිම කන්දක මුදුන් තුඩ පමනි. එය මෙසේ සඳහන් කොට තිබුනි “එකල මුල්‍ය වෙලඳපොලේ පැවති බිඳෙන සුලු තත්වයන් තුල” ද එහි කඩාවැටීම තුලින් වසංගතයක් බෝවෙනු ඇති බවක් අපේක්ෂා කරන ලද නිසා ද (බිඳවටෙන ආයතන) ඇපදී ගලවා ගැනීමක් සංවිධානය කිරීම අවශ්‍ය විය. “මහ බැංකුවේ සභාපති බෙන් බර්නන්කේ, හදිසි අසාර්ථකත්වයක් මුල්‍ය වෙලෙදපලවල” ව්‍යසනකාරී බිඳ වැටීමකට තුඩුදෙනු ඇතැයි පසුව තහවුරු කලේ ය. බේයර් ස්ටියරන්ස් ඇපදී ගොඩ ගැනීම විසඳුමක් නොව එන්නට තිබෙන දෙයට සුදානම්වීම සඳහා කල් බැලීමක් විය.

ලේමන්, බිඳවැටීමට මුලපිරූ යතුර වූ අතර, අතිශයින්ම අරුත්බර සිද්ධිය වුයේ , යාන්තම් දින දෙකකට පසුව ප්‍රකාශයට පත් කරන ලද, ඩොලර් ට්‍රිලියන ගනන් සංකීර්න මුල්‍ය නිෂ්පාදිතයන් පද්ධතියක කේන්ද්‍රයේ පැවතී ඒඅයිඒජි නම් ඇමරිකානු රක්ෂන සමාගමේ බංකොලොත් වීමයි.

ගෝලීය මුල්‍ය පර්යායේ අන්තර් සම්බන්ධතා නිසා, අර්බුදය වේගයෙන් ලෝකය පුරාම මුල්‍ය වෙලඳ පොලවල් කරා, අන් සියල්ලටත් වඩා, අත්ලාන්තික් සාගරය හරහා යුරෝපයට පැතිර ගොස්, අර්බුදයට ක්ෂනිකවම තුඩු දුන් එක්සත් ජනපද අවමුඛ නිවාස උකස් වෙලඳපොල වටා වැඩී අවුත් තිබුනු, පැටලිලි සහගත මුල්‍ය යාන්ත්‍රනයන්හි ප්‍රමුඛ ආයෝජකයින් ලෙස කටයුතු කල, එහි බැංකු අර්බුදයට ඇද දැමීය.

නිවැරදිවම කියා ඇති පරිදි, සෑම අර්බුදයකම වටිනාකම නම්, ඒ “සාමාන්‍ය අවධීන් තුල සැඟවී පවතින, යටින් දිවෙන, සමාජ ආර්ථික හා දේශපාලන සම්බන්ධතාවන් සැකයකින් තොරව නග්නව එලිදරව් කරන හෙයිනි. 2008 බිඳ වැටීම ද ඊට වෙනස් නොවීය.

අර්බුදයට පෙර එලඹී අවුරුදු 20 ක් හෝ ඊට වැඩි කාල වකවානුවක් තුල, විශේෂයෙන්ම සෝවියට් සංගමය විසුරුවාහල පසු ඉක්මවූ කාලපරිච්චේදයේ දී ධනේශ්වරය සහ එහි දෘෂ්ටිවාදීන් ප්‍රකාශයට පත් කලේ ධනේශ්වර “නිදහස් වෙලඳපලේ විශිෂ්ඨත්වය පමනක් නොවේ. එය වනාහි එකම ශක්‍ය ආර්ථික හා සාමාජික සංවිධාන අකෘතිය යයිද ඔවුහු කියා සිටියෝය. ස්ටලින්වාදී පාලන තන්ත්‍රය සමාජවාදය සමග අනන්‍ය කිරීම පදනම් කරගත් ඔවුහු, ස්ටැලින්වාදී තන්ත්‍රයේ විනාශය මාක්ස්වාදය සදහටම මියගොස් තිබීම සලකුනු කර ඇති යයි කියා සිටියෝය. ඔවුන්ට අනුව විශේෂයෙන්ම, ධනේශ්වර නිශ්පාදන මාධ්‍යයේ අතිමුලික ප්‍රතිඝතිතා පිලිබඳ මාක්ස්ගේ විශ්ලේෂනය සාවද්‍ය බව තහවුරු වී තිබේ. ඔවුන්ගේ විශ්ලේෂනයයි කියනලද දෙයෙහි කේන්ද්‍රීය පදනමවූ, ඊනියා “කාර්යක්ෂම වෙලඳපොල උපන්‍යාසය අනුව, දියුනු තාක්ෂනය තීන්දු ගැනීමේ ක්‍රියා වලිය තුලට ආබද්ධ කර ඇති අතර එමගින් මුල්‍ය කඩාවැටීමක් සිදුවිය නොහැකි වනු ඇත.

ධනේශ්වර දෘෂ්ටිවාදීන්ගේ ගොඩවෙදකම් මෙතරම් විචිත්‍රව එලිදරව් වුයේ නම් ඒ කාලතුරකිනි.

අර්බුදය පුපුරා ගොස් දින දෙකකට පසුව ජනාධිපති ජෝර්ජ් බුෂ් මෙසේ ප්‍රකශ කලෙය. “මේ තකතීරුවා යන්නෙම පල්ලමටයි”. වෙලඳපල තමාගේ “මොඩලය” සහ එහි උපකල්පනයන් අනුව හැසිරීමට අසමත්ව තිබෙන නිසා තමා මුලුමනින් ම ව්‍යාකුලත්වයට පත්ව සිටින බව එක්සත් ජනපද මහ බැංකුවේ එවක හිටපු ප්‍රධානියා වූ ඇලන් ග්‍රීන්ස්පෑන් , කොන්ග්‍රස් මන්ඩල ඉදිරියේ සාක්කි දෙමින් කියා සිටියේ ය.

අර්බුදය ධනේශ්වර පර්යායේ කෙන්ද්‍රීය මිත්‍යාවන්ගෙන් තවත් එකක් මුලුමන්ම හෙලිකලේ ය. එය නම් රාජ්‍යය වනාහි සමාජ හා ආර්ථික කටයුතු සමස්තයක් වශයෙන් සමාජයේ අවශ්‍යතාවන් උඩ සකස්කිරීමට කැප වූ අපක්ෂපාත හෝ ස්වාධීන සංවිධානයක්ය යන්නයි.

එය අවුරුදු 170කට පෙර ප්‍රතිපාදිත මාක්ස්වාදයේ කේන්ද්‍රීය නියාමයක් තහවුරු කලේ ය: එනම් “නුතන රාජ්‍යයේ විධායකය වනාහි හුදෙක් ධනේශ්වරයේ පොදු ප්‍රශ්න කලමනාකරනය කරන කමිටුවක් පමනකි යන්නයි.”

මුල්‍ය අධිදහනය කෙරේ දක්වන ලද නග්න පන්ති ප්‍රතිචාරය විසින් මෙය මුර්තිමත් විය. මහබැංකුව හා අනෙකුත් අධිකාරීන් විසින් දැනටම, සමපේක්ෂනය සහ බොහෝවිට මුලුමනින්ම සාපරාධිවූ කටයුතු මගින් අර්බුදය අවුලුවාලූ මුල්‍ය ප්‍රභුවේ පාඩු මකා දැමීමට වර්ධනය කලාවූ සැලසුම් ය අර්බුදය අවුලුවා ලුයේ.

නොවෙම්බර් 4 ජනාධිපතිවරනයට පෙරාතුව වෝල්වීදිය, ඔබමා පිටුපස සිය සහාය ගොනු කලේය. මාධ්‍ය ඔබාමා “ඔබට විශ්වාස කල හැකි වෙනසේ” සහ “අපේක්ෂාවේ” නියෝජිතයා ලෙස ඔහු මැකේන්ට විරුද්ධව හුවා දැක්විය. ඩොලර් බිලියන 700ක ටාප් වත්කම් මිලට ගැනීමේ වැඩ පිලිවෙල කොන්ග්‍රසයේ දී සම්මත කල ඩිමොක්‍රටිකයෝ ඇපදී ගැලවා ගැනීමේ වැඩපිලිවෙලට කැපවී ගත්තෝය.

එක්සත් ජනපදයේ ජාතික නයේ යෝධ ඉහල දැමීම සිදු කර ගනු ලැබුවේ සැබවින්ම මොනම හෝ විවාදයක් නොකර ය.

සත්තකින්ම, අලුත් දේශපාලන ප්‍රබන්ධයක් වහාම ඉදිරිපත් කැරින. ජනතාවට කියන ලද්දේ ඔවුන්ට ආධාර කිරීමට නම්, ප්‍රථමයෙන් වෝල් වීදිය බේරාගත යුතුව ඇති බවයි. කෙසේ වෙතත්. මේ පචය ඉක්මනින්ම එලි විය. අර්බුදය, කම්කරු පන්තිය ට එරෙහි මහා ප්‍රහාරයක ආරම්භක ලක්ෂය වුයේ ය. බැංකු කාරයන් ද මූල්‍ය සමපේක්ෂකයන් ද ඔවුන්ගේ පාරිතෝශිකයන් ලබාගැන්ම නොනැවතී කරගෙන ගිය අතර දසලක්ෂ ගනන් ඇමරිකානුවන්ට තම නිවාස අහිමි කෙරුනි. ලක්ෂ ගනනකට රැකියා අහිමි විය.

ඊලඟ වර්ෂයේ දී ඔබාමා පාලනාධිකාරය විසින් යුනයිටඩ් ඔටෝ වර්කර්ස් සමිතියේ සාම්පූර්න සාහයෝගය ඇතිව සංවිධානය කරනා ලද ක්‍රිස්ලර් සහ ජේනරල් මෝටර්ස් ගලවා ගැනීමේ මෙහෙයුම, අලුත් ජාතියක සුරාකෑම උග්‍ර කිරීමේ රූපාකාරයන් ජනනය කලේය. ප්‍රධානවශයෙන් ම ඒවාට තට්ටු දෙකේ වැටුප් ක්‍රමය ඇතුලත විය; එය ඇමසන් විසින් මුල පුරන ලද ඒවා වැනි වඩාත් මෘග සුරාකැම් ක්‍රමවලට මග පෑදුවේ ය.

මෙය වෝල්වීදිය ගලවා ගැනීමේ අනෙක් පැත්තය කලක් ඔබාමාගේ කාර්යමන්ඩල ප්‍රධානි රහීම් එමානුඑල් ගේ අවවාදය වුනේ, “කවර කලෙකවත් බරපතල අර්බුදයකට අපතේ යන්නට ඉඩ තබන්න එපා, මන්ද යත් එය කලින් ඔබට කරගත නොහැකියයි පෙනීගිය දෙය කරගන්නට ඉඩ ලැබෙන නිසාය”. යන්න අනුයමින් පන්ති සම්බන්ධතාවල යෝධ ප්‍රතිව්‍යුහ කරනයක් සිදු කරන ලදී.

එම පන්ති ප්‍රතිචාරයම වෙනත් තැනකද දක්නට ලැබින. අර්බුදයේ ආරම්භක විපාක ජයගත් පසු යුරෝපිය ධනපති පන්තිය, යොවුන් විරැකියාව වාර්තාගත මට්ටම් වලට ඉහල දමමින් කප්පාදු දැඩි කිරීමට පියවර ගත්තේය. බ්‍රිතාන්‍යයේ කම්කරුවෝ ශතවර්ෂයකින් මොබ නොදක්නා ලද තරම් මූර්ත වැටුප් පරිහානියකට මුහුන දුන්නෝය.

මෙම පන්ති තර්කනයේ උත්සන්න ප්‍රකාශනය, 1930 ගනන් වල මහා අවපාතයට මොබ දක්නට නොලැබුනු තරම් රුදුරු දරිද්‍රතා මට්ටම් පටවනු ලැබුනු ග්‍රීසියේදී දැකගත හැකි විය. එරට ක්‍රියාත්මක කල ඇප මෙහෙයුම් කිසිවිටෙකත් ග්‍රීක ආර්ථිකය හෝ, ග්‍රීක ජනතාව ගලවා ගැනීම ආරමුනු කරගත්තේ නැත. ඒවායේ අරමුන වුයේ ප්‍රමුඛ බැංකු සහ මුල්‍ය සංස්ථාවන්ගේ නය ගෙවා දැමීම පිනිස සම්පත් මිරිකා සූරාකෑම ය.

මෙම අර්බුදය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ නියම ස්වභාවය එලිදරව් කලේ ය . යුරෝ කලාපයද යුරෝපීය සංගමයද යුරෝපිය මුල්‍ය ඒකාධිපතිත්වයේ යාන්ත්‍රනයකට වැඩි දෙයක් බව හෙලිදරව් කැරිනි. එහි ආඥා ක්‍රියා කරවන ප්‍රධාන බලධාරියෙකු වූ හිටපු මුදල් ඇමති වොල්ෆ්ගන්ග් ශෝබල් මහජන විරෝධය ඉදිරියේ ප්‍රකාශ කලේ , “මැතිවරනවලට ආර්ථික පිලිවෙත් වෙනස් කිරීමට ඉඩ දිය යුතු නැත” යනුවෙනි.

සෑම රටකම කම්කරු පන්තිය සිය වැටුප් එකතැන පල්වෙන, පහත වැටෙන, ජීවන තත්වයන් පිරිහෙන, සුරක්ෂිත රැකියා කැපෙන, ස්මාජසේවා වලට පහර දෙන, සෞඛ්‍ය හා අනෙකුත් ගැටලු උග්‍ර වීමට මුහුනදී ඉන්නා තතු තුල, ධනය හා ආදායම පහල සිට ඉහලට උකහාගනු ලබන පර්යායක්, වාර්තා හා දත්ත මඟින් පෙන්නුම් කෙරේ.

අලුත්ම වෙල්ත්- වර්ල්ඩ් අල්ට්‍රා වෙල්ත් වාර්තා අනුව ඩොලර් මිලියන 30ක් හෝ ඊට වැඩි ධනයකට හිමිකම් කියන පුද්ගලයින් 255,810 ක් බිලියන 5.6ක ලෝක ජනතාවක්, එනම් ලෝක ජනගහනයෙන් සියයට 80ක් සතු ධනයට වැඩි ධනයක් හිමිකර ගනිති. ඔවුන්ගේ මුලු වත්කම ඩොලර් ට්‍රිලියන 31.5 කි. ඔවුන් සිය ධනය 2016-17 වසර තුල සියයට 16.3න් වැඩිකරගෙන ඇත. එය උතුරු ඇමරිකාවේ 13.1ක් ද යුරෝපයේ 13.5ක් ද ආසියාවේ සියයට 26.7ක් ද විය.

මුල්‍ය පර්යාය ඇපදී ගලවා ගැනීම් මාලාවේ ද ඉන් පසුව ඩොලර් ට්‍රිලියන ගනන් සහන සලසා ගැනීමේ පූර්න අර්ථභාරය පැහැදිලිය. සමාජයේ ඉහල ස්ථරයන් වෙත ධනය ගලායාමේ යාන්ත්‍රනයක් ලෙස , කොටස් වෙලඳ පොල කේන්ද්‍ර කොටගෙන මුල්‍ය පර්යාය සංස්ථාපනයවීමේ, ගත වූ දශක ගනනාව තුල වර්ධනය වෙමින් ආ සන්තතිය එය විසින් මුදුන්පත් කරනු ලැබ ඇත.

මූල්‍ය අර්බුදය විශ්ලේෂනය කල ලෝක සමාජවාදී වෙබ් අඩවිය මුල පටන්ම අවධාරනය කලේ, එය වනාහි , සුවවීමක් අපේක්ෂා කල හැකි, කලින් කලට ඇතිවන පහත වැටීමක් නොව, සමස්ත ධනේශ්වර නිෂ්පාදන විධියේම බිඳවැටීමක් බව ය.

මෙම විශ්ලේෂනය මුලුමනින් ම සනාථවී ඇත. පරි පුර්න මුල්‍ය උනුවී යාමක් ව ලක්වා ගනු ලැබූ අතර අර්බුදය පැන නැංවූ ලාභ සූරාකෑමේ ක්‍රමයේ රෝගයන් පරාජය වී නැත . ඒ වෙනුවට සිදුවී ඇත්තේ ඒවා ඔඩුදුවා අලුත් වඩාත් දුෂ්ඨ රූපයන් ගෙන ඇත,

එක්සත් ජනපද මහ බැංකුවද අනෙකුත් රටවල ප්‍රමුඛ මධ්‍යම බැංකු ද මුල්‍ය ක්‍රමය “ගලවා ගැනීම” සඳහා “එය තුලට ඩොලර් ට්‍රිලියන ගනන් පොම්ප කිරීම සහ එමගින් අර්බුදයට මග පාදා ලූ සමපේක්ෂන ක්‍රම දි ගින් දිබටම පවත්වා ගෙන යාම මගින් සිදුකර තිබෙන්නේ, එම මහ බැංකු සියල්ලම කෙලින්ම සම්බන්ධවූ අලුත් මහා විනාශය කට සාධක සම්පාදනය කිරීම වේ.

ධනේශ්වර විශ්ලේෂකයින් හා පන්ඩිතයින් විසින් මෙම සංවත්සරය පිලිබඳව කර තිබෙන ප්‍රකාශ තුල ආර්ථික සහ මුල්‍ය ජීවිතය පිලිබඳව මෙම කරුන දැකගත හැකි වේ. මුල්‍ය පද්ධතිය 2008න් මොබ “ශක්තිමත්” වී ඇතැයි පොදුවේ ප්‍රකාශ කරන අතර ඔවුහු මුලුමනින්ම නොවටිනා දෙයක් කියා සිටිති. හිටපු ඇමරිකානු භාන්ඬාගාර ලේකම් ලෝරන්ස් සමර්ස් වැනි අය කියන්නේ බිඳ වැටීමට පෙරාතුව එය ශක්තිමත්ව තිබූ බවත් කුමන හෝ අවදානමක් පිලිබඳ අනතුරු ඇඟවීමක් නොතැකිය හැකි තරම් බවය. යටින් පැවති ගැටලු කිසිවක් විසඳී නැති බව පැවසීමට කිසිවෙකුත් තැත් නොකරති.

Share this article: