සිලිකන් වැලියේ (එක්සත් ජනපදය තුල) දූෂිත බන්ධන: යුද්ධය, වාරනය හා අසමානතාව

Silicon Valley’s corrupt nexus: War, censorship and inequality

2018 සැප්තැම්බර් 17

බදාදා, ලෝකයේ පොහොසත් ම මිනිසා වන ජෙෆ් බෙසෝස්, එක්සත් ජනපද ගුවන් හමුදා සංවිධානයේ වාර්ෂික සමුලුවේ දී ප්‍රධාන දේශනය පවත්වනු ඇත. බෙසෝස් සාකච්ඡා කරනු ඇත්තේ එක්ත් ජනපද මිලිටරිය සමග “කර්මාන්තවලට වඩා හොඳ හවුල්කරුවෙකු විය හැක්කේ කෙසේ ද යන්න යි.”

බෙසෝස්ගේ කතාව පැවත්වෙන්නේ ඩොලර් බිලියන 10ක් වටිනා පෙන්ටගනයේ කොන්ත්‍රාත්ත්‍රවක් දිනා ගැනීමට තම සියටල් පාදක සමාගම පෙලඹවීම් කරමින් සිටීම මධ්‍යයේය. මිලිටරියේ ඉහල නිලධාරීන්ගෙන් ඔහුට ලකුනු එකතුවන පියවරක් ලෙස, බෙසෝස් මෑත දී වර්ජීනියා පාදක දේශපාලන ක්‍රියාකාරී කමිටුවට ඩොලර් මිලියන 10ක් ප්‍රදානය කලේ ප්‍රවීනයන් තනතුරුවලට පත් කර ගැනීමට හා “අඩු ධ්‍රැවාන්තගත ආන්ඩුවක්” නිර්මානය කිරීම ය.

ඇමසන් ප්‍රධාන විධායක නිලධාරී පෙනී සිටිනු ඇත්තේ වෙලඳපොල ප්‍රාග්ධන සම්පාදනයේ ලොව දෙවැනි විශාල ම සමාගමේ නියෝජිතයා ද, එක්සත් ජනපදයේ දෙවැනි විශාලතම හාම්පුතා ද, වලාකුලු පරිගනික සේවාවේ ලෝකයේ විශාලම සපයන්නා මෙන් ම, ඊ ලඟ තරඟකරුවන් නව දෙනාගේ විකුනම් මෙන් දෙගුනයක් වන, ඇමරිකාවේ විශාලම ඊ- කොමර්ස් සිල්ලර වෙලන්දා ද වසයෙනි.

වොෂින්ටන් පෝස්ට් හිමි, බෙසෝස් ඇමරිකාවේ ඉතා බලගතු කතිපයාධිකාරීන් අතර සිටී. ගුවන් හමුදා සංවිධානයට ඔහු කරන කතාව මූර්තිමත් කරන්නේ මිලිටරිය, මූල්‍ය කතිපයාධිකාරිය, මාධ්‍ය හා ඉහල තාක්ෂනික සමාගම් අතර දූෂිත බැඳීම් ය, ඒ සියල්ල වාමාංශික, යුද විරෝධී හා සමාජවාදී දෘෂ්ටීන් ඉලක්ක කරමින් වාරන තන්ත්‍රයක් නිර්මානය කිරීමට වැඩ කරමින් සිටිති.

භාවිතයේ දී, මෙම හවුල්කාරිත්වය ප්‍රකාශ කරන්නේ, පෙන්ටගනයේ අලුත් ම ජාතික ආරක්ෂක මූලෝපාය තුල පැතිරුනු දැක්ම යි. එය ඉල්ලා සිටින්නේ ජාතික බලයේ බොහෝ මූලිකාංග, එනම් “රාජ්‍ය තාන්ත්‍රික කටයුතු, තොරතුරු, ආර්ථිකය, මූල්‍ය, ඔත්තුසේවා, නීතිය සවිබල ගැන්වීම හා මිලිටරියේ අඛන්ඩ ඒකාබද්ධතාව යි”.

එය ඇමරිකානු මූල්‍ය කතිපයාධිකාරියේ ධනය හා බලය ආරක්ෂා කිරීමට හා ව්‍යාප්ත කිරීමට සමාජ පාලනයේ සියලු යාන්ත්‍රනයන් ඒකාබද්ධ කරන සමාජයක් සඳහා සූත්‍රයකි. මෙම ආධිපත්‍යධාරී අරමුන සඳහා බෙසෝස් හා සමාගම එක් තීරනාත්මක යාන්ත්‍රනයක්, එනම් මාධ්‍ය බලමුලු ගන්වමින් සිටිති.

බෙසෝස්ගේ වොෂින්ටන් පෝස්ට් පත්‍රය තම අයිතිකරු ගුවන් හමුදා ඉසව්වේ පෙනී සිටීම සූදානම් කර ඇත්තේ පෙන්ටගනය හා සිලිකන් වැලි අතර කිට්ටු හවුල්කාරිත්වය සඳහා කතුවැකි පිටුව ඉදිරිපිට පිටුවේ ලිපි හා කතුවැකි මාලාවක් පලකිරීම සමගිනි. වෙනත් කිසිම ප්‍රධාන එක්සත් ජනපද පුවත්පතකට වඩා, පෝස්ට් පත්‍රය ඇමරිකාවේ ඉහල-තාක්ෂනික අංශය එහි මිලිටරිය සමග හා කිරීම සඳහා තර්ක කර ඇත්තේ, පෙන්ටගනයේ ඊනියා “තුන්වැනි පාඩුව පිරිමැසීමේ (third offset)” මූලෝපාය සමග එක පෙලට ය. මෙම මූලෝපාය ඇමරිකානු “මිලිටරි සුපිරි භාවය” යලි අත්පත් කර ගැනීමට අරුමුනු කරන්නේ, ඉකොනොමිස්ට් සඟරාවේ වචනවලට අනුව, “රොබෝවිද්‍යාව, ස්වතන්ත්‍ර පද්ධති හා සුවිසල් දත්ත තාක්ෂනය සම්බන්ධ කරමිනි.”

තාක්ෂනික සමාගම් වැඩි දුරටත් මිලිටරිය සමග ඒකාබද්ධ කිරීම සඳහා වන පෝස්ට් පත්‍ර උද්ඝෝෂනය ඒකාබද්ධ කෙරී ඇත්තේ, එක්සත් ජනපද යුද යාන්ත්‍රනය සමග වැඩ කරන සමාගම්වල සන්ධානයට විරුද්ධත්වය දක්වන ඒවායේ වැඩ කරන තාක්ෂනික කම්කරුවන් මත ප්‍රහාරයන් සමගිනි.

ගෙවී ගිය දශක දෙක තිස්සේ, ඇමරිකාවේ දීප්තිමත් ම බුද්ධිමතුන් උතුරු කැලිෆොර්නියාවේ සිලිකැන් වැලි හා සියටල් හි එහි ශාඛාවකට ගොස් ඇත්තේ, ඇපල් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීගේ වචනවලට අනුව, “ලාලසාවකින් යුත් පුද්ගලයන්ට වැඩි යහපත සඳහා ලෝකය වෙනස් කල හැක”යි යන පොරොන්දුවලින් ආකර්ෂනය කෙරී ය. ගූගල් මෙහෙවර ප්‍රකාශයේ වචනවලට අනුව, ඔවුහු “ලෝකයේ තොරතුරු සංවිධානය කිරීමට හා එය සමස්ත වසයෙන් සුලභ කිරීමට හා වැඩදායක කිරීමට” උදව් වනු ඇත යි යන බලාපොරොත්තුවලින් ආකර්ෂනය කෙරුනි.

නමුත් සෑම වසරක දී ම, වඩ වඩා තාක්ෂනික නිලධාරීන් නිගමනය කර ඇත්තේ ගූගල්, ඇමසන් හා මයික්‍රොසොෆ්ට් සමාගම්වල කම්කරුවන් පොලඹවමින්, ජනඝාතන, වාරනය හා දේශපාලන මර්දනය ගෙන යාමට තමන් ම ද සම්බන්ධ වී ඇති බව යි.

ජූනි මාසයේ දී, පොලිස් හමුදාවන් සඳහා සමාගමේ මුහුනු හඳුනා ගැනීමේ තාක්ෂනයේ විධිවිධාන මෙන් ම සංක්‍රමනිකයන් මත ට්‍රම්ප්ගේ ගෙස්ටාපෝ වර්ගයේ ප්‍රහාරයන් ක්‍රියාත්මක කරන ඒජන්සි සමග වලාකුලු පරිගනක කොන්ත්‍රාත්වලට විරුද්ධ වෙමින් ඇමසන් කම්කරුවෝ විවෘත ලිපියක් යැවූහ.

එම මාසයේ දී ම, ගූගල් සමාගම “යුද අවි” ඉදිකිරීමෙන් ඉවත් විය යුතු යැයි ඉල්ලමින් ගූගල් කම්කරුවන් දහස් ගනනකට වඩා ලිපියක් අත්සන් කිරීමෙන් පසු මිලිටරි ඩ්‍රෝන් යානා සඳහා කෘතිම බුද්ධිමය හැකියාවන් ශක්තිමත් කිරීමේ පෙන්ටගන් වැඩසටහන අවසන් කරන බව ගූගල් සමාගම නිවේදනය කලේ ය.

වොෂින්ටන් පෝස්ට් පත්‍රය මෙම විරෝධතාවන්ට විරුද්ධ වී ඇත. අගෝස්තු 8වැනිදා කතුවැකි පිටුවට ඉදිරි පිටුවේ ලිපියක, පෙන්ටගනයට වර්චුවල් රියැලිටි පද්ධතීන් විකිනීමට උත්සාහ කරමින් සිටින මිලිටරි ආරක්ෂක කොන්ත්‍රාත්කරුවෙකු වන ඇන්ඩූරියල් කර්මාන්තයේ විධායක නිලධාරීහු දෙදෙනෙක් විරෝධතා දක්වන කම්කරුවන් හෙලා දුටුවෝ ය. “තාක්ෂන නිලධාරීන්ට අවශ්‍ය උදව් කිරීමට මිස හානි කිරීමට නොවන බව අපි දනිමු” යයි විධායකයෝ ලිවූහ. “අපිද එලෙස සිතමු. නමුත්, එක්සත් ජනපද මිලිටරිය කොන් කිරීමෙන් විරෝධතාකරුවන් බලාපොරොත්තු වනවාට වඩා විරුද්ධ බලපෑමක් ඇති විය හැක: තාක්ෂන සමාගම්වලට සාමය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය නම්, ඔවුන් එක්සත් ජනපද අරක්ෂක ප්‍රජාව සමග නැගී සිටිනවා මිස, එරෙහි විය යුතු නොවේ.”

කතුවරු මෙසේ ද පැවසූහ: “ශක්තිමත් එක්සත් ජනපද නායකත්වයක් සමග ලෝකය වඩා ආරක්ෂාකාරී ද වඩා සාමකාමී ද වන්නේ ය. එක්සත් ජනපද ආන්ඩුව කෘතිම බුද්ධිය වැනි තීරනාත්මක තාක්ෂනයන්ගේ වාසිය පවත්වා ගෙන යාම එයට අවශ්‍ය ය. නමුත් වොෂින්ටනය සමග වැඩ කිරීම සම්බන්ධයෙන් සිලිකන් වැලියේ වර්ධනය වෙමින් තිබෙන විරුද්ධත්වය ඉදිරියට යන්නේ නම් එසේ කිරීම අපහසු වනු ඇත.”

පෝස්ට් පත්‍රය පසු ගිය සතියේ “සිලිකන් වැලිය ඒඅයි සම්බන්ධයෙන් මිලිටරිය සමග වැඩ කල යුතු ය” යන ශීර්ෂපාඨයකින් යුතු කතුවැකියක මෙය අවධාරනය කලේ ය. තාක්ෂන සමාගම් පෙන්ටගනය සමග හවුල්කරුවන් විය යුත්තේ ජන ඝාතන වලට සම්බන්ධ නොවන්නාවූ යෙදුම් සහිත තාක්ෂනයන්ද තිබිය හැකි බැවින් යැයි බෙසෝස්ගේ පත්‍රය නරුම තර්කයක් සෑදී ය. “ඩාර්පා (ආරක්ෂක උසස් පර්යේෂන ව්‍යාපෘති ඒජන්සිය) කොන්ත්‍රාත්කරුවන් පෙනෙන හැටියට මාරාන්තික නොවන මෙහෙයුම් නිෂ්පාදන වර්ධනය කරනු ඇත” යි පෝස්ට් ප්‍රකාශ කරයි.

පෙන්ටගනය සමග සිලිකන් වැලියේ සහයෝගිත්වයේ විවෘත රහස වන්නේ කෘතිම බුද්ධියේ සහාය ඇතිව කල යුතු යුද්ධවලට ඇතුලත් වනු ඇත්තේ ඇමරිකානු දේශසීමාවෙන් ඔබ්බේ යුද්ධ පමනක් නො ව, එයට පන්ති හා සිවිල් යුද්ධ ද ඇතුලත් වනු ඇති බව යි.

2008 මූල්‍ය බිඳ වැටීමෙන් පසු තම ධනය දෙගුනයක් වී ඇති ඇමරිකානු මූල්‍ය කතිපයාධිකාරිය, වඩ වඩා අවිනීත හා කුපිත කම්කරු පන්තිය විසින් තම ධනයට එල්ල කෙරෙන අන්තරායන් ගැන අනතුරු ඇඟවීම් නිවේදනය කරමින් සිටිති. පසු ගිය සතියේ පල කෙරුනු වාර්තාවක ජේපීමෝගන් චේස් දේශපාලන විරුද්ධත්වය ඇවිල වීමේ දී නව මූල්‍ය අර්බුදයේ ඇති විය හැකි බලපෑම ගැන අනතුරු ඇඟවී ය.

එක්සත් ජනපදයේ විශාල ම බැංකුවක ශේෂපත්‍රය මෙසේ ප්‍රකාශ කලේ ය: “ඊ ලඟ අර්බුදය ද වසර 50ට පෙර 1968දී අත්දටු ඒවාට සමාන සමාජ ආතතීන් ඇති කරනු ඇත යි පෙනෙන්නට තිබේ.” එම වර්ෂය එක්සත් ජනපදය තුල වියට්නාම් යුද්ධයට එරෙහි නාගරික කැරලි ද මහ විරෝධතා මෙන් ම, ප්‍රන්සයේ මැයි-ජූනි අරගල හා කම්කරු පන්තියේ ගෝලීය පෙරලිකාරිත්වය ද දැක ගත්තේ ය.

“1968දී, රූපවාහිනී හා විමර්ශනාත්මක මාධ්‍යවේදය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු උපන් පරම්පරාවකට වියටනාම් හා අනෙකුත් ගැත්තර කන්ඩායම්වල යුද්ධ, සිවිල් අයිතිවාසිකම් ව්‍යාපර, ආදායම් අසමානතා අදී සමාජ වර්ධනයන් පිලිබඳ ෆිල්ටරීකරනය නොකල තොරතුරුවලට ප්‍රවේශය සැපයී ය. 1968ට සමාන ලෙස, අද අන්තර්ජාලය (සමාජ මාධ්‍ය, කාන්දු වූ ලේඛන ආදිය) සහශ්‍රවාසිකයන්ට තොරතුරුවලට බාධාරහිත ප්‍රවේශයන් සපයයි. තොරතුරුවලට අමතරව, අන්තර්ජාලය වඩා ස්වයං-සවිඥානක, ධ්‍රැවාන්තගත හා සංවිධානගත වීමට විවිධ සමාජ කන්ඩායම්වලට වේදිකාවක් ද සපයයි.”

එවැනි කන්ඩායම් “ආදායම/ධනයේ වෙනස්කම් මත පාදක විවිධ සමාජ පරිමානයන්ට පැතිරෙතැ” යි බැංකුව අනතුරු ඇඟවී ය. වෙනත් වචනවලින් පවසතොත්, ලඹ දෙමින් ඇති මූල්‍ය අර්බුදය සමාජ අසමානතාවට එරෙහිව කම්කරු පන්තියේ දැවන්ත ව්‍යාපාරයක් අවුලුවනු ඇති බව පෙනේ.

කම්කරුවන් හා තරුනයන් අතර සමාජවාදය සඳහා විශාල ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් මතු වන තතු තුල, පවතින්නා වූ සමාජ පර්යායට එරෙහිව විරුද්ධත්වය බලමුලු ගැන්වීමට අන්තර්ජාලයේ අතිමහත් බලය හඳුනා ගනිමින්, ඇමරිකාවේ ප්‍රමුඛ තාක්ෂනික සමාගම්, ආන්ඩුව සමග වැඩ කරමින්, දේශපාලනික වාරනයක් පැටවීමට පොර බදමින් සිටිති.

පසු ගිය සතියේ කොංග්‍රස් මන්ඩල විමර්ශනයේ දී, ෆෙස්බුක් ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ෂෙරිල් සෑන්ඞ්බර්ග්, පරිහරනය කරන්නන්ගේ ප්‍රවෘත්ති සැපයීම්වල “පහත් කතා”, “විකල්ප කාරනා” මඟින් වෙනස් කිරීමට පොරොන්දු වූවා ය. තම සමාගම අන්තර්ගතයන් වාරනය කිරීමට දැන් පුද්ගලයන් 20,000ක් පමන සේවයේ යොදවන බවට ඇය යිවාරු ගැසුවා ය.

ගූගල් තම පාර්ශ්වයෙන්, වාමාංශික, යුද විරෝධී හා සමාජවාදී වෙබ් අඩවි සම්බන්ධ තම වාරනය ඉදිරියට ගෙන ගොස් තීව්‍ර කර ඇත. ගූගල් ඇල්ගොරිතමයේ වෙනස්කම් වාමාංශික වෙබ් අඩවි 13ක පාඨක සංඛ්‍යාවකගේ තියුනු වැටීමකට මග පාදා ඇති බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය පසු ගිය වසරේදී වාර්තා කල තැන් පටන්, මෙම වෙබ් අඩවිවල ගවේෂන හුවමාරුව ඊටත් වඩා කිඳා බැස ඇත්තේ, සියයට 50ක ඒකාබද්ධ ඇදවැටීමකට ලඟා වෙමිනි.

සිලිකන් වැලි, සීඅයිඒ හා පෙන්ටගනය අතර ප්‍රතිගාමී සම්බන්ධයට විරුද්ධ විය යුතු අතර එසේ වනු ඇත. එක්සත් ජනපදය තුල ගුරුවරුන්, ඇමසන්, එක්සත් පාර්සල් සේවාව හා තැපැල් කම්කරුවන්ගේ සිට යුරෝපයේ ගුවන් නියමුවන් හා ගුවන් සේවකයන්, තුර්කියේ ඉදිකිරීම් කම්කරුවන් දක්වා, ලෝකය පුරා කම්කරුවෝ අරගලයට පිවිසෙමින් සිටිති. වාරනයේ ඉලක්ක තමන් බව කම්කරුවන් අවබෝධ කර ගත යුතු අතර, ඔවුන් සමාජවාදී හා වාමාංශික විරුද්ධපාක්ෂික දෘෂ්ටීන් නිශ්ශබ්ද කිරීමට වන ගමනට එරෙහිව සටන් කිරීමට ඒකරාශී විය යුතු ය.

ආන්ද්‍රේ ඩැමොන්

Share this article: