අර්බුදග්‍රස්ත සතියක් හා එක්සත් ජනපද දේශපාලනය තුල දුෂ්කෘත්‍යයේ ගැඹුරු වීම

A week of crisis and deepening dysfunction in US politics

2018 සැප්තැම්බර් 10

ගෙවී ගිය සතියේ සෑම දිනයක් ම ට්‍රම්ප්ගේ ධවල මන්දිරය හා එක්සත් ජනපද රාජ්‍ය සංවිධාන තුල පෙර නො වූ විරූ අර්බුදයක නව ප්‍රකාශනයන් ගෙන ආවේය. ට්‍රම්ප් පාලනාධිකාරිය අභ්‍යන්තර බෙදීම් මගින් ඉරා දැමෙන්නේ, සංගත මාධ්‍ය හා මිලිටරි ඔත්තු සේවා ඒජන්සිවල කොටස් මෙන් ම ඩෙමොක්‍රටික් පක්ෂය පැටලෙන මාලිගා බල කොල්ල කුමන්ත්‍රන මධ්‍යයේ ය.

අඟහරුවාදා, බොබ් වුඞ්වර් විසින් පල කරන ලද අලුත් පොත ගැන ආරම්භක වාර්තා විදහා දැක්වූයේ ට්‍රම්ප්ගේ ඉහල පුද්ගලික සහායකයන් ඔහුගේ බුද්ධිය හා සිහි විපරම පවා සමච්චලයට ලක් කරමින්, ඔහුගේ ඉතාමත් ගිනිගන්නා සුලු ඉල්ලීම් (සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ ඝාතනය සඳහා ඉල්ලීමක් වැනි) පීලි පැන්නීමට හොර රහසේ වැඩ කරමින් සිටින බව යි. ට්‍රම්ප්ගේ පරිපාලන නිලධාරීහු ඔහුගේ අභිමතයන්ට අකීකරු වෙමින් හා තමන්ගේ ඒවා ක්‍රියාත්මක කරමින්, වුඞ්වර්ඞ් විස්තර කරන පරිදි, “පරිපාලනමය කුමන්ත්‍රනයක්” ක්‍රියාත්මක කරමින් සිටිති.

ඊ ලඟ දවසේ, නිව් යෝක් ටයිම්ස් තම බ්‍රහස්පතින්දා මුද්‍රන සංස්කරනය සඳහා ලියන ලද කතුවැකියට ඉදිරිපස පිටුවේ ලිපියක් ප්‍රසිද්ධ කල අතර, එය තුල නිර්නාමික “ජ්‍යෙෂ්ට පරිපාලන නිලධාරියෙකු” තමාව ඉදිරිපත් කර ගත්තේ “ට්‍රම්ප් පාලනය කර තැබීමට උත්සාහ කරන” ඉහල නිලධාරීන්ගේ කුමන්ත්‍රන කන්ඩායමක් සඳහා ප්‍රකාශකයෙකු ලෙස ය. “අපි තමයි නියම ප්‍රතිරෝධය” යැයි නිලධරයා ප්‍රකාශ කලේ, පරිපාලනයේ දක්ෂිනාංශික වැඩසටහනේ ප්‍රධාන අංග සඳහා තම සහාය පැහදිලි කරමිනි.

සිකුරාදා, බරක් ඔබාමා (තනතුරෙන් ඉවත්ව ගිය පසු පැවති පලමු මැතිවරනයෙන් පසු හිටපු ජනාධිපතිවරයෙකුට අසාමාන්‍ය ලෙස), උද්ඝෝෂන විලාශයේ කතාවක් කරමින් අදහස් දක්වූ අතර එහි දී ඔහු ට්‍රම්ප්ගේ පාලනාධිකාරය විස්තර කලේ “රැඩිකල්” සහ “සාමාන්‍ය නො වේ” යැයි කියා ය. වොෂින්ටනයේ “ප්‍රකෘති සිහිය යලි ස්ථාපිත කිරීමට” හා ඩෙමොක්‍රටිකයන් පාලනය කරන පාර්ලිමේන්තුවට ට්‍රම්ප් මත ආයතනමය පාලනයක් ඇති කිරීමට, නොවැම්බරයේ දී ඩෙමොක්‍රටික් අපේක්ෂකායා වෙනුවෙන් ඡන්දය දෙන මෙන් ඔහු රිපබ්ලිකානුවන්ගෙන්, කොන්සර්වටිව්වාදීන්ගෙන් හා ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ජනාධිපති ට්‍රම්ප් එලෙසින්ම ප්‍රතිචාර දැක්වී ය. සඳුදා ඔහු තමන්ගේ ම නීතිපතිවරයා වන ජෙෆ් සෙසන්ට තර්ජනය කලේ, කොටස් වෙලඳපොල තුල යටි මඩි ගැසීමක් හා හොරකමක් පිලිබඳ අපරාධ චෝදනා මත නඩු දැමුනු රිපබ්ලිකානු කොන්ග්‍රස් සභිකයන් දෙදෙනෙතු සම්බන්ධයෙන් අධිකරන දෙපාර්තමේන්තුවේ පරීක්ෂනය අවලංගු නො කිරීම වෙනුවෙනි. අඟහරුවාදා ඔහු වුඞ්වර්ඞ්ගේ පොත ප්‍රලාපයක් ලෙස හෙලා දුටුවේ. එමෙන් ම බදාදා ඔහු නිව් යෝක් ටයිම්ස් කතුවර ලිපිය රාජාපරාධයක් ලෙස නම් කලේ ය. බ්‍රහස්පතින්දා, තම දොෂාභියෝගය වැලක්වීමට ඔවුන් රිපබ්ලිකානුවන්ට ඡන්දය දිය යුතු ව ඇත යි මොන්ටානාහි උද්ඝෝෂන රැලියකට පැවසී ය. සිකුරාදා, ඔහු ට්වීටර් පනිවුඩයක් නිකුත් කලේ සෙසන්ස් විසින් අධිකරන දෙපාර්තමේන්තුවේ පරීක්ෂනයක් කර නිව් යෝක් ටයම්ස් නිර්නාමික ලේඛකයා හඳුනා ගත යුතු යැයි පවසමිනි.

මාන්ඩලික ප්‍රධානී ජෝන් කෙලී, ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්, මාධ්‍ය ලේකම් සේරා හකබී සෑන්ඩර්ස් හා ඔහුගේ බෑනනුවන් වන ජයාඞ් කුෂ්නර් යන ඉහල පෙලේ ට්‍රම්ප්ගේ සහායකයන් වාර්තා වන පරිදි බ්‍රහස්පතින්දා ට්‍රම්ප් මුනගැසුනේ තමන් කිසිවෙකුත් ඉහත කී ලිපියේ කතුවරුන් නොවන බව හා ඔහුට තවමත් තම අභ්‍යන්තර කවය ගැන විශ්වාසය තැබිය හැකි බව ඒත්තු ගැන්වීමේ උත්සාහයක් ලෙස ය. දුසිම් දෙකක් පමන ඉහල නිලධාරීහු තමන් නිර්නාමික ලේඛකයා නොවන බවට නිල ප්‍රතික්ෂේප කිරීම් නිකුත් කලෝ ය.

ධනේශ්වර රාජ්‍යය් ප්‍රධාන ආයතන තුල දේශපාලන ගැටුම හා දුෂ්කෘත්‍යයේ එවැනි මට්ටමක් පිලිබඳ නූතන ඇමරිකානු ඉතිහාසය තුල තනි එක ද පූර්වාදර්ශයක් හෝ නොමැත. මෙය පැහැදිලි කල යුත්තේ කෙසේ ද? අර්බුදය කුමන දිසාවක් ගන්නේ ද?

එවැනි පැහදිලි කිරීමක් ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පුද්ගලත්වය තුල මුල් බැස්සවීම මුලුමනින් ම නොබැරෑරුම් වන්නේ ය. ට්‍රම්ප් හේතුව නො ව, වඩා ප්‍රගාඪ ක්‍රියාදාමයන්ගේ, හුදෙක් පිටට පෙනෙන ලක්ෂනය පමනක් බව, ඔබාමා පවා තම ඉලිනොයිස් කතාවේ දී පිලිගත්තේ ය. නමුත් ඔබාමා, සැබවින් ම තමාගේ ම කාර්යභාරය වසන් කලේ, වසර අටක තම ජනාධිපති කාලය, 2008 මූල්‍ය කඩා වැටීම විසින් ඇති කෙරුනු හානි පිලිසකර කිරීමේ විරෝදාර උත්සාහයක් ලෙස විස්තර කරමිනි. කෙසේ නමුත්, එම වසර අට අවසානයේ දී, වෝල් වීදිය හා මූල්‍ය කතිපයාධිකාරිය වාර්තාගත ධනයක් භුක්ති විඳිමින් මුලුමනින් ම ප්‍රකෘති ස්වභාවයට පැමිනුනේ වැඩකරන ජනයා පෙරටත් වඩා දුප්පතුන් කරමිනි. පුලුල් වූ සමාජ පරතරය බිලියනපති රැවටිලිකාර ගෝසාබද්දයාට 2016 නොවැම්බරයේ මැතිවරනය ජය ගැනීමේ හැකියාව ඇති කලේ ය.

වොෂින්ටනයේ දේශපාලන කම්පන යටින් පවතින්නේ මෙම සමාජ අර්බුදය යි. සැබවින් ම පාලක පන්තිය තුල කුලල් කා ගනිමින් සිටින කන්ඩායම් දෙක අතර දේශපාලන වෙනස්කම් තිබේ. විශේෂයෙන් ම සිරියාව හා වඩා පුලුල් ලෙස මැද පෙරදිග එක්සත් ජනපද මැදිහත්වීමේ අසාර්ථකත්වය, හා ඇමරිකානු ධනවාදයේ ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීමේ අරගලයේ දී පලමුව ඉලක්ක කල යුත්තේ රුසියාව ද නැත්නම් චීනය ද යන්න මත, ඔවුහු විදේශ ප්‍රතිපත්තියේ දී දැඩි ලෙස බෙදී සිටිති. ඔබාමාගේ දේශනයේ ඉතාමත් කැපී පෙනෙන ඡේදය වූයේ පුටින් වෙත ට්‍රම්ප්ගේ උපකල්පිත “මෘදු බව” ඉවසමින් තම සීතල යුද්ධ, කොමියුනිස්ට් විරෝධී මූලයන්ගෙන් රිපබ්ලිකානු පක්ෂය පසු බැස සිටීම පිලිබඳ ඔහුගේ විවේචනය යි.

කෙසේ නමුදු, වඩා අතිමූලික වන්නේ, මෙම වසරේ ඇමරිකානු කම්කරු පන්තියේ ආරම්භක ඇලලීම් (එනම් ප්‍රාන්ත පරිමානයේ ගුරුවරුන්ගේ වැඩවර්ජන මාලාව, වෘත්තීය සමිති විසින් පැටවුනු ද්‍රෝහී කොන්ත්‍රාත්තුවලට එරෙහි කාර්මික කම්කරුවන්ගේ වැඩිවන්නා වූ විරෝධය, හා ඇමසන් හා වෝල්මාර්ට් වැනි යෝධ හාම්පුතුන්ගේ සුපිරි සූරාකෑම සම්බන්ධයෙන් ගොඩනැගෙන කෝපය) අනුගමනය කරමින් පතුලෙන් වැඩිවන්නා වූ සමාජ විරුද්ධත්වයේ තතු යටතේ අලුත් වීමට ඉඩ ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පාලක ප්‍රභූවේ සියලුම කන්ඩායම් අතර වැඩෙමින් තිබෙන උත්සුකයයි.

පන්ති අරගලයේ එලඹෙමින් තිබෙන පිපිරීමකට මුහුන දෙමින්, මහා සිදුවීම්වල පරීක්ෂනයට මුහුන දීමට ඇමරිකානු ආන්ඩුවේ ප්‍රධාන විධායක නිලධාරියාට හැකි දැ යි සංගත පාලන මන්ඩල, වෝල් වීදිය, හෝ පෙන්ටගනය හා සීඅයිඒ සංවිධානය තුල ඇත්තේ අවිශ්වාසයකි.

මහා ව්‍යාපාරයන්ගේ එක් ප්‍රමුඛ ආයතනයක් වන ජේපී මෝර්ගන් හා චේස්, 2008 කඩා වැටීමේ 10වැනි සංවත්සරය ආසන්නයේ දී අභ්‍යන්තර වාර්තාවක් නිකුත් කලේ ය, එය තවත් “මහා ද්‍රවශීලතා අර්බුදයක්” ඇති විය හැකි යැයි අනතුරු ඇඟවී ය. “දේපල හිමියන් හා කම්කරුවන් අතර අසමානතාව ඉදිරියට පවත්වා ගෙන යාමේ මහබැංකු පියවරයන්ගෙන් ඇති විය හැකි බලපෑම සැලකිල්ලට ගන්නා විට,” බුෂ් හා ඔබාමා විසින් ලබා දුන් පරිමානයේ ආන්ඩුවේ මූල්‍ය ඇපදීම් සමාජ අසහනය ඇති කරනු ඇත.

පෙරලිකාර දේශපාලන දෘෂ්ටීන් සඳහා ප්‍රචාරනයේ මාධ්‍යයක් මෙන් ම දේශපාලන ස්වයං-සංවිධානයේ මාධ්‍යයක් ලෙස අන්තර්ජාලයේ භූමිකාව විසින් පහසුකම් සැපයෙන, 1968 පරිමානයේ දේශපාලනික පිපිරීම් වර්ධනය විය හැකි යැයි වාර්තාව තව දුරටත් සඳහන් කර යි. “ඊලඟ අර්බුදය ද වසර 50ට පෙර 1968දී අත්දටු ඒවාට සමාන සමාජ ආතතීන් ඇති කරනු ඇත යි පෙනෙන්නට තිබේ”යැයි බැංකු වාර්තාව අනතුරු අඟවයි. “1968ට සමාන ලෙස, අද අන්තර්ජාලය (සමාජ මාධ්‍ය, කාන්දු වූ ලේඛන ආදිය) සහශ්‍රවාසිකයන්ට (මිලේනියල්ස්) තොරතුරු කරා බාධාරහිත ප්‍රෙව්ශයන් සපයයි... තොරතුරුවලට අමතරව, වඩා ස්වයං-දැනුමකින් යුතුව, ධ්‍රැවාන්තගත හා සංවිධානගත වීමට අන්තර්ජාලය විවිධ සමාජ කන්ඩායම්වලට වේදිකාවක් සපයයි.”

මෙම අනතුරට පාලක පන්තියේ ප්‍රතිචාරය වන්නේ මහා පරිමාන දේශීය මර්දනයකට සූදානම් වීම යි. ඒ අර්ථයෙන් ගත් විට, ඇමරිකානු කම්කරු පන්තියට එරෙහිව මුදා හැරෙනු ඇති මර්දනයේ බලවේග පාලනය කල යුත්තේ කුවුරුන් ද යන රුදුරු නො එකඟතාව හැරුනු කොට, ට්‍රම්ප් හා ඔහුගේ විරුද්ධවාදීන් අතර වෙනසක් නොමැත. ට්‍රම්ප්, සැබවින්ම, සංක්‍රමනිකයන් මත ෆැසිස්ට්වාදී ප්‍රහාරයන් සූදානම් කරන හා සමස්ත කම්කරු පන්තියට එරෙහිව යොදා ගැනෙනු ඇති උපකරන වැඩි දියුන කරන, මුලුමනින් ම ආධිපත්‍යවාදියෙකි.

එනමුදු, මාලිගා කුමන්ත්‍රන ක්‍රමවේද-කුමන්ත්‍රන, (තොරතුරු) කාන්දු කිරීම්, මාධ්‍ය මඩ ගැසීම්, විශේෂ අධිචෝදකයින් හා ප්‍රකෝප කිරීම්) උපයෝගි කරගන්නා ඔහුගේ විරුද්ධවාදීන් ට්‍රම්ප්ට වඩා ප්‍රජාතන්ත්‍රවාදී රූපකාරායන්ට බැඳී නැත. ඩෙමොක්‍රටික් පක්ෂය විසින් පෙරමුනු ගනු ලබන, අන්තර්ජාලය වාරනය කිරීමේ තල්ලුවේ හරය, ජේපී මෝර්ගන් වාර්තාව මගින් හෙලි කෙරේ: එය “සමාජ කන්ඩායම්,” විශේෂයෙන් ම කම්කරු පන්තිය සඳහා “වඩා ස්වයං දැනුම ලබා ගැනීමේ” වේදිකාවකි.

ට්‍රම්ප් පිලිබඳ ප්‍රමුඛ මාධ්‍ය විවේචිකාවක වන්නා වූ, වොෂින්ටන් පෝස්ට් තීරු ලිපි රචක, කොමියුනිස්ට් විරෝධයෙන් ගොජ දමන ඈන් ඇපල්බෝම් ඉරිදා මෙසේ සඳහන් කලා ය. “18වැනි සියවසේ දී සකස් කෙරුනු ව්‍යවස්ථාව, 21වැනි සියවසේ ඉල්ලීම්වලට අප්‍රමානවත් බව ඔප්පු කර ඇති මට්ටම ද අප විසින් අවතක්සේරු කර ඇතිවා විය හැක.”

ට්‍රම්ප්ගේ දේශපාලන විරුද්ධවාදීන් නොවැම්බර් මස මැතිවරන උද්ඝෝෂනය යොදා ගැනීමට උත්සාහ කරන්නේ මර්දනය සඳහා සූදානම් වීම් ඉදිරියට ගෙන යාමට හා ඒවා කම්කරු පන්තියෙන් වසන් කිරීමටත් ය. වසන් කිරීම සූදානම් කරනු ලබන්නේ නියෝජිත මන්ත්‍රී මන්ඩලය සඳහා අපේක්ෂකයින් වන තමන්වම වම ලෙස හඳුන්වාගන්නා වම්මුන් මෙන් ම “සමාජවාදීන්” අතලොස්සක් විසිනි. ඇලෙක්සැන්ඩි්‍රයා ඔකෑසියෝ කොර්ටෙස් හා අයානා පෙස්ලේ වැනි ඔවුන්ගෙන් බොහෝ දෙනා බර්නී සෑන්ඩර්ස් සමග පෙල ගැසෙති.

සාරය සපයනු ලබන්නේ ආසන්න වසයෙන් දුසිම් තුනක් වන මිලිටරි ඔත්තුසේවා සංවිධානවලින් ඍජුව ඇද ගැනුනු වඩා විශාල සංඛ්‍යාවක ඩෙමොක්‍රටික් අපේක්ෂකයින් විසිනි. ඩෙමොක්‍රටිකයන් නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ පාලනය ජය ගත හොත් ඔවුන් බලතුලනය දරනු ඇත. තමන් මැතිවරනය ජය ගත හොත් ඩෙමොක්‍රටිකයන් හඹායනු ඇති ප්‍රතිපත්තිය මේ වන විටත් ප්‍රදර්ශනය කෙරී ඇත්තේ, රුසියානු විරෝධී උද්ඝෝෂනය හා ඒ සමග අත්වැල් බැඳ ගැනුනු අන්තර්ජාල වාරනය සඳහා ඉල්ලීම් සමගිනි.

මැතිවරනයේ ප්‍රතිඵලය කුමක් වුවත්, එය පාලක පන්තිය, සමස්ත රාජ්‍ය සංවිධාන හා ධනේශ්වර පද්ධතිය සමග පුපුරනසුලු ගැටුමකට කම්කරු පන්තිය ගෙන එමින් තිබෙන්නා වූ වොෂින්ටනයේ අර්බුදය නො විසඳනු ඇති අතර දේශපාලනයේ මූලික ගමන් මග ද වෙනස් නො කරනු ඇත.

පැට්‍රික් මාටින්

Share this article: