රුසියානු විප්ලවයේ මේ සතිය

1917 රුසියානු විප්ලවය ලෝක ඉතිහාසයේ දැවැන්තම සිදුවීමයි. රුසියාව, සාර් පෙරලා දමා, අතර මැද පැවති ධනේශ්වර පාලනයේ කෙටි අවධිය පසුකර, බොල්ෂෙවික් පක්ෂය විසින් බලය අල්ලා ගෙන ප්‍රථම කම්කරු රාජ්‍යය පිහිටුවනු ලැබීම දක්වා ගමන් කලේය. ශත සංවත්සරය සැමරීමේදී ලෝසවෙඅ, 1917 වසරේ ලෝක ඉතිහාසයෙහි යුග නිර්මානාත්මක ගෝලීය සිදුවීම් හා විප්ලවය පිලිබඳ බහු ප්‍රතිබිම්බනයන් (kaleidoscope) සහිත දැක්මක් සම්පාදනය කරනු ඇති සතිපතා සටහනක් ප්‍රකාශයට පත් කරයි.

මැයි 1-7: මැයි 1-7: පෙට්‍රෝග්‍රෑඩය තුල අප්‍රේල් අර්බුදය පැනනැගේ

2017 මැයි 1

සාර්ගේ රහස් ගිවිසුම් වලට අනුකූලව, “තීරනාත්මක ජයග්රහනයක් ලබන තුරු ලෝක යුද්ධයෙන් ඉවත් නොවන බවට පොරොන්දු වෙමින්,” තාවකාලික ආන්ඩුවේ විදේශ ඇමතිගේ විදුලි පනිවිඩයක් පෙට්රොග්රෑඩයේ පුවත්පත්වල පලවීමත් සමග කම්කරුවන් හා සෙබලුන් ඊට ප්රතිචාර වශයෙන්, දැවැන්ත ආන්ඩු විරෝධී පෙලපාලි පවත්වයි.

අප්‍රේල් 24-30: ට්‍රොට්ස්කි කැනඩාවේ බ්‍රිතාන්ය සිර කඳවුරෙන් නිදහස් කරයි

2017 අප්රේල් 24

කැනඩාවේ සිරකඳවුරකින් ට්රොට්ස්කි නිදහස් කරන විට, ලෙනින්ගේ අප්රේල් ප්රවාද මගින් ඇති කල කම්පනයෙන් බොල්ශෙවික් පක්ෂය පෙට්රොග්රෑඩය තුල අර්බුදයට ගොස් තිබුනි.

අප්‍රේල් 17-23: ලෙනින් අප්‍රේල් ප්‍රවාද එලිදක්වයි

2017 අප්‍රේල් 17

වසර සීයකට පෙර මේ සතියේ, පෙර නොවූ විරූ ව්‍යසනයක් හා යුරෝපය පුරා කම්කරු පන්තියේ යන කැලඹීමක සලකුනු මධ්‍යයේ ලෙනින්, පෙට්‍රොග්‍රෑඩය කරා යලි පැමිනෙමින්, තවමත් සෝවියට් සභා තුල සුලුතරයක්ව සිටි තමන්ගේම නායකත්වයේ කොටසකට එරෙහිව අනපේක්ෂිත අයුරින් යුද ප්‍රකාශ කලේය.

අප්‍රේල් 10-16: ලෙනින් ෆින්ලන්ත දුම්රියපලට ලඟාවෙයි

2017 අප්‍රේල් 10

ලෙනින් 100 වසරකට පෙරාතුව 1917 අප්‍රේල් මාසයේ මේ සතියේ පෙට්‍රොග්‍රෑඩයේ ෆින්ලන්ත දුම්රියපලට පැමිනීම, ලෝක ඉතිහාසයේ අතිශයින් නාටකාකාර සිදුවීමකි. මේ දක්වා ඇතිකර තිබෙන පෙර නොවූ විරූ විනාශය හා දුක්පීඩාවන්හි පසුබිමක ලෙනින් පෙට්‍රොග්‍රෑඩයට ලඟා වූයේ, බොල්ශෙවික් පක්ෂය ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය මත පිහිටුවා ගැනීමේ නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුවය. මෙම අස්ථානය, අන් සියලු දේශපාලන ප්‍රවනතාවන්හි පමනක් නොව ඔහුගේම පක්ෂය තුල නායකත්වයේ කොටසකගේ ආස්ථානයන්ට ද වෙනස්ය.

අප්‍රේල් 3-9: ඇමරිකාව ජර්මනියට විරුද්ධව යුද ප්‍රකාශ කරයි

2017 අප්‍රේල් 3

ලොව වටා කම්කරු ව්‍යාපාරය යුරෝපය තුල අධිරාජ්‍යවාදී මනුෂ්‍ය සංහාරය අවසන් කරන ලෙස ඉල්ලද්දී ධනපති පාලක පන්තිය තව තවත් ලේ ඉල්ලා බෙරිහන් දෙයි. ඇමරිකාව ජර්මනියට විරුද්ධව යුද ප්‍රකාශ කරමින් වෙඩි උන්ඩ ලෙස යොදා ගැනීමට ලක්ෂ ගනන් තරුනයින් බලමුලු ගන්වයි.

මාර්තු 27-අප්‍රේල් 2: ට්‍රොට්ස්කි පෙට්‍රොග්‍රෑඩය බලා ගමන් අරඹයි

2017 මාර්තු 27

තාවකාලික ආන්ඩුව පෙරලා දමා, යුද්ධය අවසන් කරන බවට පොරොන්දු වෙමින් ට්‍රොට්ස්කි, නෝර්වීජියන් නැවක නැඟී ඔස්ලෝ හරහා, රුසියාව බලා ගමන් ගත් අතර ලෙනින්, ස්විට්සර්ලන්තයේ කොටුවී සිටියේය. එහි සිට ඔහු පෙට්‍රොග්‍රෑඩයේ බොල්ශෙවිකයන්ගේ ප්‍රතිපත්තිය හැඩගැස්වීමට වෙහෙස නොබලා වැඩ කලේය.

මාර්තු 20-26: රුසියාව තුල ද්වන්ධ බලය

2017 මාර්තු 20

"ලේ තැවරුනු හා පිලිකුල් සහගත රොමානොව් රාජාන්ඩුවේ" හදිසි හා නින්දිත බිඳවැටීම මඟින් ඉතිරිකල රික්තය තුල, ලෙනින්ගේ වචන වලින් පැවසුවහොත් පෙට්‍රොග්‍රෑඩය තුල මතුව ආවේ, "ද්වන්ධ බලයේ" අඩමාන ආකෘතියකි.

මාර්තු 13-19: සාර් නිකොලස් රජකම අත්හැර යයි

2017 මාර්තු 13

1613 වසරේ පටන් රුසියාව පාලනය කල රොමානොව් රාජාන්ඩුව,පෙට්‍රොග්‍රෑඩයේ තුලින් ආරම්භවූ විප්ලවය මඟින් පසෙකට අතුගා දමන ලදී. එය ඩූමා සභාව හා සෝවියට් සභා අතර "ද්වන්ධ බලයේ" අවධියකට මුල පිරීය.

මාර්තු 6-12: පෙට්‍රොග්‍රෑඩයේදී පෙබරවාරි විප්ලවය පුපුරා යයි

2017 මාර්තු 6

පෙට්‍රොග්‍රෑඩයේ හටගත් පෙබරවාරි විප්ලවය, පිටුවහලේ සිට රුසියානු සිදුවීම් සමීපව නිරීක්ෂනය කරමින්, ආපසු යාමේ අවස්ථාව එලඹෙනතෙක් ඉමහත් උනන්දුවෙන් පසුවූ, ව්ලැඩිමීර් ලෙනින් හා ලියොන් ට්‍රොට්ස්කි යන රුසියානු මාක්ස්වාදයේ ශ්‍රේෂ්ඨම චරිත දෙක, ඉස්මතු කලේය. බොල්ශෙවික් පක්ෂයේ නායක ලෙනින්, 1900 පටන් රුසියාවෙන් පිටුවහල්ව සිටියේ ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරය. 1905 විප්ලවයේ ප්‍රමුඛ චරිතය වූ ට්‍රොට්ස්කි, ඒ සම්බන්දයෙන් සිරගතකොට පසුව පිටුවහල් කරන ලදුව, පසුව ප්‍රන්සයෙන් ද ස්පාඤ්ඤයෙන් ද නෙරපා හැරීමෙන් අනතුරුව, ඒ වන විට නිව් යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් හි වාසය කලේය. එහිදී ඔහු නිව් යෝර්ක්හි වාසය කල රුසියානු සංක්‍රමනිකයන්ගේ නොවි මිර් පුවත්පතට ලිවීය. විශාල සංඛ්‍යාවක් තවත් දේශපාලන පිටුවහලුන් ද සමඟ ලෙනින් හා ට්‍රොට්ස්කි යන දෙදෙනා, රුසියානු සිදුවීම් සමීපව නිරීක්ෂනය කරමින් සිටි අතර, ආපසු යාමේ අවස්ථාව එලඹෙනතෙක් ඉමහත් උනන්දුවෙන් පසුවූහ.

පෙබරවාරි 27-මාර්තු 5: ඇමරිකානු අධිරාජ්‍යවාදය ලෝක යුද්ධයට සූදානම්වේ

2017 පෙබරවාරි 27

සාර්ගේ රුසියානු අධිරාජ්‍යය පලමුවන ලෝක යුද්ධයේ බරින් කොර ගසද්දී ඇමරිකානු ආන්ඩුව, සටනට අවතීර්න වීමට සූදානම්වේ. මහා බ්‍රිතාන්ය, ප්‍රන්සය හා රුසියාව එක් පසෙකිනුත්, ජර්මනිය හා ඔස්ට්රියා-හංගේරියාව අනෙක් පසිනුත් 1914දී පැටලුනු යුද්ධයේදී ඇමරිකාව, නිල වශයෙන් මධ්‍යස්ථ ආස්ථානයක් ගෙන සිටියේය. ඇමරිකානු කම්කරුවන් හා ගොවීන් අතර පැවති යුද විරෝධී මහජන මතය පාර්ශවීය වශයෙන් ඊට බලපෑවේය. යුද්ධය කෙරීගෙන යද්දී මධ්‍යස්ථ භාවය වඩ වඩාත් ව්‍යාජයක් බවට පත් විය. ට්‍රොට්ස්කිගේ වචන වලින් ඒ, විල්සන්ගේ රාජ්‍යතාන්ත්රික "තක්කඩිකමේ හා ප්‍රජාතාන්ත්රික ධර්මිෂ්ඨකමේ සම්මිශ්රනයක්" තුලය. ඇමරිකානු කර්මාන්තය, මිත්‍ර පාර්ශවයේ හමදාව සන්නද්ධ කිරීම ද බැංකු ඔවුන්ගේ යුද්ධයට අරමුදල් සම්පාදනය කිරීම ද හමුවේ, නොවූ විරූ විවෘත භාවයකින් යුක්තව වොෂින්ටනය, බ්‍රිතාන්යයට හා ප්‍රන්සයට ආධාර කලේය. 1917 වන විට ප්‍රශ්නය වූයේ එසේ වේ ද යන්න නොව ඒ කවදා ද යන්නයි.

පෙබරවාරි 20-26: යුද්ධය සාර් තන්ත්‍රයේ අර්බුදය ගැඹුරු කරයි

2017 පෙබරවාරි 20

1916-17 ශීත සෘතුවේදී, නැගෙනහිර පෙරමුනේ ඇවිලෙන ලෝක යුද්ධය, දෙවන සාර් නිකොලස්ගේ හමුදා බිඳ වැටීමේ අද්දරටම ඇද දැමීය. රුසියානු අධිරාජ්‍යයේ යුද හානි, මිලියන හයක් දෙනා මරුමුවට පත්කර, තුවාල කර, අතුරුදහන් කර හෝ යටත්කර ගනු ලැබීම ලෙස සටහන් විය. හමුදාවට කෙරෙන සැපයුම් බෙහෙවින්ම අසතුටුදායක විය. මුලුමනින්ම පාහේ ගොවි හමුදාවක්වූ එය ලත් හානි පිලිබඳව දැක්වූ නොසැලකිල්ල, අදක්ෂ බල ලත් හමුදා නිලධාරීන්ට එරෙහි කැරලි පැනනැංවීය. සමාජ නොසංසුන්තා පැන නංවමින් රුසියාවේ, ජර්මනියේ හා ඇමරිකාවේ පවා ආහාර මිල වේගයෙන් ඉහල නැංගේය.